Admin Chandima

Owner and founder of Katha Ahura

මනෝමයා – කෙටි කතාව

බැන්දම හිරේ වැටෙනවලු. නොබැන්දහම දෙලොවම නැති නිකමෙක්‌ වෙනවලු. මොන කතාද මන්දා…. මං නම් තනිකඩයා. විවාහ වෙන්ඩ ආසයි. ඒත් අතමිට සරු නැති හින්දා බයයි. බඳින්ඩ දැන්ම අදහසක්‌ නෑ. තනියම ජීවත් වෙන්ඩ බැරි යුගයක බිරිඳක්‌ නඩත්තු කරන්නේ කොහොමද? වැඩ කරන්නේ නම් මහා භාණ්‌ඩාරේ. ඒත් හදිසියකට රුපියල් සීයක්‌ ඉල්ලගන්ඩ නෑ. ඇයි අම්මලටයි, සහෝදරයන්ටයි, නෑදැයන්ටයි කරන්ඩ ගියහම සල්ලි ඉතිරි …

මනෝමයා – කෙටි කතාව Read More »

සාමෙල් ගේ ලියුම – කෙටි කතාව

භෞතික පරිසර සාධක තරමටම අන්තර් පුද්ගල සබඳතා නිසා ඇතිවන යහපත් මානසිකත්වය නිෂ්පාදන ඵලදායිතාව වැඩිදියුණු කරන බව විශ්වවිද්‍යාලයේදී ඉගන ගත් අයුරු සුමේධගේ මතකයට නැඟුණි. උපරිම වේගයෙන් තම හිසට ඉහළින් කරකැවෙන විදුලි පංකාව දෙස නෙත් හෙලූ ඔහු සිය කමිසයේ දෙවැනි බොත්තමද ගලවා දැමුවේ ගත දහය නිවෙන්නට තරම් සිසිලක්‌ පංකාවෙන් නොලැබෙන බැවිනි. “මේක මහා පුදුම වද කරදරයක්‌නෙ.. සුජීවා …

සාමෙල් ගේ ලියුම – කෙටි කතාව Read More »

පිස්සුව – කෙටි කතාව

කුඹුරු යායට නැගෙනහිර දෙසින් පිහිටියා වූ සුවිශාල වැවෙහි කඳුළු දියවර, රුධිරය බවට පත්වී, ඇළ වේලි දිගේ ගලාවිත් නිල්වන් ගොයමේ දී කිරිබවට හැරී, ගොයම් කිරිවැද මෙහි වසන අසරණයන්ගේ මෙන්ම මුළු රටේම ජනතාවගේ කුසගිනි නිවාලන්නේ යයි, රෑ ගහ උඩ පැලේ අධික හුදකලාව තුළ සිටින පිස්‌සු වන්නියා නමැති හැත්තෑ හැවිරිදි මහල්ලාට හැඟෙයි. රෑ ගහ උඩ පැලේ, පුංචි ගිනිමැලය …

පිස්සුව – කෙටි කතාව Read More »

ක්ලාක් – කෙටි කතාව

“ක්‌ලාර්ක්‌” යනු බල්ලාගේ නමයි. ඌ ලියන මහතාගේ ගෙදර බල්ලා වූයේ අහම්බයෙනි. සෑම අහම්බයක්‌ම ක්‍ෂණිකය. ගැටලු සහිතය. ඒ නිසාම විවාදාත්මකය. එහෙත් සමහර අහම්බයන් ඊයම් බරු මෙන් ජීවිතයේ පතුළටම කිඳා බැස හදවතම ස්‌පර්ශ කරයි. එවැනි අහම්බයන් සඳහා මතකයේ ස්‌මාරකයන් පවා ඉදිවනු ඇත. එක්‌තරා උදැසනක ලියන මහතාගේ බිරිඳ ස්‌තෝප්පුවේ පාපිස්‌ස මත නිදා සිටින බලු පැටවා දුටුවා. කටුවන් කෑමෙන් …

ක්ලාක් – කෙටි කතාව Read More »

“අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්‌සනයි… ” – කෙටි කතාව

මා එවකට සේවය කරමින් සිටියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ දොම්පේ මැතිවරණ කොට්‌ඨාසයේ පාසලකය. විදුහලේ “හිස” ලෙසය. ගම්බද ගුරුවරුන් වැඩි දෙනකුගෙන් පිරී තිබුණු ගුරු මණ්‌ඩලයේ එක්‌ වැඩිහිටි ගුරුවරියක්‌, දින ගණනාවක්‌ මා වෙත පැමිණිල්ලක්‌ ගෙන ආවාය. “සර්…. මගෙ පංතියෙ ඉන්න දක්‌ෂම කෙල්ල… ඉස්‌කෝලෙ එන්න හොරයි සර්… අපි ටිකක්‌ හොයලා බලමුද… දිගටම ආවොත් කවදහරි දක්‌ෂ ළමයෙක්‌ වෙනව සර්.” මම …

“අපි හැමෝගෙම ගෑනුන්ට වඩා උඹේ රමණි ලස්‌සනයි… ” – කෙටි කතාව Read More »

යාපනේදී – කෙටි කතාව

“හප්පා පුදුම රස්‌නයක්‌ නේ… මේ කොට්‌ටම්බා ගස්‌ ටිකත් නැති වුණා නම් මේ හරියේ ඉන්න හම්බ වෙන්නේ නෑ” ලලිත් කමිසය ඇඟිලි තුඩින් මෑත් කරමින් පපුවට කටින් පිඹින ගමන් පවසයි. මමද “ඒක තමයි” කියන ගමන්ම අසල පුටුවේ ඉඳගතිමි. අප ආ දා සිටම එනම් මසකට ආසන්න කාලයක්‌ මේ කටුක බව විඳ ඇත. කළපුවට ඉහළින් හිරු බැසයන අහස දෙස …

යාපනේදී – කෙටි කතාව Read More »

මිනිබිරිය – කෙටි කතාව

ජිනදාස මහත්තයා දැන් සීයා කෙනෙක්‌. ආණ්‌ඩුවේ සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා දැනට වයස අවුරුදු හැට තුනක්‌ වෙන නිසා කොහොමටත් සීයා කෙනෙක්‌ තමයි. ඒත් ලොකු දියණියට දුවෙක්‌ ලැබුණු නිසා ‘සීයා’ වීම හොඳටම අර්ථවත් වුණා. “මයි කොන්ග්‍රැජ්‍යqලේෂන්, සීයා කෙනෙක්‌ වුණාය කියලා ආරංචියි” කියලා මේ ආරංචිය අහපු මිතුරෙක්‌ සුබ පැතුවා. “ඔව්. ඔව්. බොහොම ස්‌තූතියි” කියමින් ජිනදාස ස්‌තූතිය පළ කළේ මහත් …

මිනිබිරිය – කෙටි කතාව Read More »

මල් – කෙටි කතාව

මේකතාවෙහි වැදගත්කමක්‌ නැතැයි සමහරවිට අයෙක්‌ කියන්නට පුළුවන. එහෙත් මම එසේ නොසිතමි. ආදරය තරම් ලොවේ උතුම් හැඟීමක්‌ තවත් නැත. ඊට කළ නොහැක්‌කේ කුමක්‌ද? බිරිඳකගේ මනදොළ පිනවීම සඳහා අඹ ගෙඩි සොයා සැතපුම් දහස්‌ ගණනක්‌ ඈත ගිය මිනිසකු පිළිබඳ කතාන්දරයක්‌ මීට වසර තිහකටත් පමණ පෙර අරාබි නිසොල්ලාසයෙන් මම කියවා ඇත්තෙමි. අඹයක්‌ රැගෙන ඒ එන අතරමග දී බොරුකාර, කාමයෙන් …

මල් – කෙටි කතාව Read More »

දෙමස්සිනෝ – කෙටි කතාව

හවස කරුවල වැටීගෙන එද්දී ඉඳහිට වැටෙන පොද වැස්‌ස ගැනවත් තැකීමක්‌ නොකළ ගුණදාස ගෙදර ආවේ, කෙටි වන සේ කඩා දැමූ කඳෙන්, වෙන් නොකළ මයියොක්‌කා අල හත අටක්‌ ද අතක එල්ලාගෙනය. මයියොක්‌කා අල කීපය ඉදිරි පස පඩිය මතට අතහැර දැමූ ඔහු දෙකට නවා කෙටිවන සේ ඇඳගෙන සිටි සරම දෑතින් අල්ලා කලවා දෙක අතරේ සිර කරගෙන දෙකට නැමී, …

දෙමස්සිනෝ – කෙටි කතාව Read More »

ලයිට්‌ බිල – කෙටි කතාව

උපනන්දගේ ඉවසීමේ සීමාව ඉක්‌ම ගියේ රුපියල් හාරදාහ ඉක්‌මවා ගිය විදුලි බිල ගෙවීමට විදුලිබල මණ්‌ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ගිය අවස්‌ථාවේදී ය. ඔහු රුපියල් පන්සීයේ කොළ අටක්‌ සමඟ විදුලි බිල්පත ගෙවීමේ කවුළුවෙන් ඇතුළට යවන විට ඔහුට හීන් දාඩිය දමා තිබිණි. ඒ මුදල් ගැන බැලූ ලිපිකාරිණිය විද්යුත් යන්ත්‍රයකින් නිකුත්කළ ගෙවීම් රිස්‌ට්‌පත උපනන්ද අතට දී සිනාසුනාය. “මේ සැරේ පේමන්ට්‌ එක …

ලයිට්‌ බිල – කෙටි කතාව Read More »

මහ රෑ හමුවූ රූමතිය ඇත්තෙන්ම හොල්මනක්‌ද? – සත්‍ය කතාවක්

මැදියම් රැයේ යක්‌කල ප්‍රදේශයේ වාරණ පුරාණ රාජ මහා විහාරයට ප්‍රවිශ්ඨ වන නෙල්ලිගහමුල, ගොරකදෙණිය, පිලංකඩ, බෝණෑගල ගම් අතර සැරිසරන රූමතියක්‌ පිළිබඳව මේ දිනවල විවිධ වූ කටකතා පැතිර යමින් පවතී. අදාල ප්‍රදේශයට අයත් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේද අවධානය මෙකී අද්භූතජනක සිදුවීම් පිළිබඳව අවධානය යොමුවෙමින් පවතින විට අදාල පොලිස්‌ ස්‌ථානය විසින් එකී තරුණියගේ දර්ශනය මිනිසුන් අතර …

මහ රෑ හමුවූ රූමතිය ඇත්තෙන්ම හොල්මනක්‌ද? – සත්‍ය කතාවක් Read More »

උලමා දෙවරක්‌ම හැඬිය – සත්‍ය කතාවක්

මෙම සත්‍ය සිදුවීමෙන් පසු මේ වනවිට දශක කීපයක්‌ම ගතවී ඇත. එවකට අප පදිංචි සිටියේ වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දෙවන ප්‍රධාන නගරයට ආසන්න ප්‍රත්‍යන්ත ගමකය. මෙම කුඩා ගමට පාසලක්‌ නොතිබූ නිසා ගමේ දරුවන් අකුරු කිරීමට ගියේ යාබද ගමේ පාසල වෙතටය. එම පාසල පිහිටියේ අපේ ගම්මණ්‌ඩියේ සිට සැතපුම් දෙකකට මඳක්‌ වැඩි දුරකිනි. එම යුගයේදී එය මහලොකු කාරියක්‌ …

උලමා දෙවරක්‌ම හැඬිය – සත්‍ය කතාවක් Read More »

මේත් මනුෂ්‍යයෙක්‌ද?… – කෙටි කතාව

අජිත් ප්‍රදේශයේ සුප්‍රකට ඉංග්‍රීසි ගුරුවරයෙකි. ධර්මසේන එම ප්‍රදේශයේ සුප්‍රකට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක්‌ හොබවන අයෙකි. දෙදෙනා බාල වියේ සිටම ගජ මිතුරන් වූහ. ධර්මසේන බාල වියේදී පැවැදිව සිට සිය අධ්‍යාපන කටයුතු සාර්ථක නිමවා පසුව උපැවිදිව විවාහයක්‌ ද කර ගෙන දරු මල්ලන් ද ලැබ සිටින්නෙකි. “මචං අජිත් මම ළඟදීම පී. එච්. ඩී. එකට ඕස්‌ටේ්‍රලියාවෙ යනවා. උඹ දන්නවනෙ …

මේත් මනුෂ්‍යයෙක්‌ද?… – කෙටි කතාව Read More »

මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්වතෙක්‌ – කෙටි කතාව

සමාධි අද ශ්‍රී ලංකාවෙන් බැහැර යුරෝපීය රටක පුද්ගලික රෝහලක සේවය කරන දක්‍ෂ ප්‍රියමනාප කාර්යශූර වෛද්‍යවරියකි. මා මේ විස්‌තර කරන සිද්ධිය වන කාලයේ ඕ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය ශිෂ්‍යාවක වූවාය. ඕ වෛද්‍ය විද්‍යාලයේදීම දැන හඳුනගත් මාධව සමඟ ප්‍රේමසම්බන්ධයක්‌ ඇතිකර ගත්තේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පළමු වසරේදී මය. එවකට මාධව දෙවන වසර ජ්‍යෙෂ්ඨ සිසුවෙක්‌ ලෙස …

මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්වතෙක්‌ – කෙටි කතාව Read More »

එකෙනෙහිම නින්ජා පැමිණියේය – කෙටි කතාව

අධික වේගයකින් ත්‍රීවීලරයෙන් පැමිණි ඔහු පාසැල් ගේට්‌ටුව ඉදිරියේ බොරළු පාරේ “ක්‌රාස්‌” හඬ නගමින් ගැසූ බ්රේක්‌ පහරින්, පළාතම දෙදරුම්කා ත්‍රීවීලරය පිටුපස රතු දුඹුරු දූවිලි වළාවකින් වැසී ගියේය. මෙතෙක්‌ වේලා නින්ජා පාසලින් පිටත ළඟපාතක අදෘශ්‍යමානව, එහෙ මෙහෙ ගැවසෙමින් සිටින්නට ඇත. ඒ හදිසි ආපදා තත්ත්වයකදී වහා ක්‍රියාත්මක වීම සඳහා විය යුතුය. මෙවේලෙහි බැරිම තැන, ඔහු පැමිණෙන්නට ඇත්තේ “බාවන්නා” …

එකෙනෙහිම නින්ජා පැමිණියේය – කෙටි කතාව Read More »

පෞරුෂ වර්ධනය – කෙටි කතාව

උපන්දා සිටම නුවර පළාතේ බොක්‌කාවල හද්ද පිටිසර ගමේ අප්‍රමාණ දුක්‌ කන්දරාවක්‌ තරණය කරමින් ආණ්‌ඩුවේ විධායක නිලධාරියකු වූ සුමනරත්න පළමු පත්වීම භාරගෙන යාංතං මාස හයක්‌වත් ඉක්‌මවීමටත් පෙර බිරිඳ වූ සුද්දිගේ අඬවැඩියාව පටන් ගත්තේය. ඇයගේ එකම ඉල්ලීම වූයේ පුත්‍රයාත් රැගෙන කුලියට හෝ කොළඹ පදිංචියට යා යුතු බවය. “ඔයා විතරක්‌ ගිහිං හරියන්නෑ… මේ ළමයටත් අනාගතයක්‌ කියල එකක්‌ තියෙන්ට …

පෞරුෂ වර්ධනය – කෙටි කතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.