Katha Ahura

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

කතාව කොහොමද?

මහමොළකරු
අවසානය

පියවි සිහියට පැමිණි ශලනිට දැනුනේ තම අතපය සෙලවීමටවත් නොහැකි බවයි. ඇය කෙතරම් උත්සහ කලද ඵලක් නොවීය. ඇයගේ මුව රෙදි කඩකින් ගැටගසා තිබුනි.එපමණ වේලා පැවති ඝන අඳුර මකාගෙන කුඩා විදුලි ආලෝකයක් සමඟ පැමිණියේ මුහුණ ආවරණය කර ගත් පුද්ගලයෙකි. ශලනිගේ මුළු ගතම දහදියෙන් තෙත් වී ගියේය.

” ශලනි රාජපක්ෂ , මගේ ෆයිනල් ටාගට් එක. ⁣උඹ ලොකු වැරැද්දක් කරා . චන්දිමාගේ කතාවට රැවටිලා උඹ මගෙ සහෝදරය මරපු එවුන්ව බේරාගත්තා. අපරාදේ උඹේ බෝයි ෆ්‍රෙන්ඩ් ඒ.එස්.පී මහේෂ් උඹව පිස්සු බල්ලෙක් වගේ හොයනවා ඇති. මැරෙන්න කලින් උඹ මේ ටික දැනගන්න ඕන.උඹේ නංගි හරිම මෝඩයි , උඹව මැරුවට පස්සෙ හැමෝම දැනගන්නවා මම කවුද කියලා. උඹේ නංගිව ⁣බය කරලා මම ඒ ෆයිල් ටික සේරම ගත්තා .හහ්…හහ්..හහ්..
හැබැයි උඹේ නංගිගේ පෙම්වතා කළණ ඌ ටිකක් අමාරුකාරයා . මල්ලිට මල්ලිගෙ ආදරේ හම්බෙනකොට අයියට ඒකට පින නෑ. උඹේ කතාව ඉවර කරන්න වෙලාව හරි . දැන් බලාගනින් උඹලගෙ මාරයා කවුද කියලා”

ඔහු තම පැළඳ සිටි මුහුණු ආවරණය ඉවත් කලේය. ඒ කිසිවෙකු නොව ශලනිගේ පාසලට නාට්‍ය හා රංගකලාවට පැමිණි ගුරුවරයා වූ රුක්ෂාන් පළිහවඩනයි. ඔහු වියරුවෙන් සිනාසී ඉනේ සඟවාගෙන සිටි කිනිස්ස අතට ගෙන ශලනිට ලං විය. ඇය දෑස් පියාගත්තේ සියල්ල අමතක කර දමමිනි.
” සුභ ගමන් ශලනි , ”
රුක්ෂාන්ගේ කිනිස්ස රැදි අත ඉහලට ඔසවත්ම වේගයෙන් ආ යකඩ පොලු පහර ඔහුගේ හිස හරහා ගියේ ඔහුව එක්තැනම සිහිසුන් කරමිනි.
දෑස් පියා සිටි ශලනි සෙමෙන් තම දෑස් විවර කලේය. ඇය දුටුවේ තමා ඉදිරියේ සිටින කළණවයි. ඔහු ඇයව ගැටගසා තිබූ බැමි ඉවත් කලේය.
” මල්ලී”
ශලනි පුටුවෙන් නැගිටි විගස කළණව බදාගත්තේය. තවමත් ඇයගේ දෑස් කදුලින් පිරී ඇත.
” හැමදේම හරි අක්කෙ. අපි යමු , චානා මූව අරන් වරෙන්”
කළණ තමා සමඟ පැමිණි පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙකුට පැවසුවේය.
කළණ තම යතුරුපැදියෙන් ශලනි සමඟ පොලිස් මූලස්ථානයට ගමන් කල අතර ඊට පිටුපසින් උෂාන්ගේ සහචරයින් රුක්ෂාන්ව රැගෙන පැමිණියේය.
…………………………………………………..

රාත්‍රී දහය පසුව තිබුනි. පොලිස්පති කමල් දේශබන්දු මහතා හා නියෝජ්‍ය පොලිස්පති නිහාල් ප්‍රනාන්දු මහතා යන සියල්ලම ආරංචිය ලද විගස පොලිස් මූලස්ථානයට පැමිණියේය. ඔවුන් සියල්ල කළණව දුටුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු ලෙසයි.
” මහේෂ් මම ගොඩක් ආඩම්බර වෙනවා ඔයාගෙ මල්ලි⁣ ගැන. ඔයා පටන්ගත්ත මිෂන් එක ඔයාගෙ මල්ලි ඉවර කලා”
පොලිස්පතිවරයා සතුටින් පැවසුවේය.
” සර් , මං හිතන්නෙ ඉතුරු ටිකත් එයාම කරයි, එහෙම නේද මල්ලි”
මහේෂ් තම සොහොයුරා දෙස බලා සිනාසී ඇසුවේය. එම අවස්ථාවේ කළණගේ පියාට හා මවට මෙන්ම දෙනෙත්මිටද ඔහු ගැන ආඩම්බරයක් ඇති විය.
” සර් , අර ඇතුලෙ ඉන්න රුක්ෂාන්ව ගේනවද?”
ඔහු සිරබාරයේ සිටි රුක්ෂාන් පෙන්වා කොස්තාපල්වරයෙකු හට පැවසුවේය.
” ඇත්තටම මම මේ කේස් එකේ හවුල් කාරයෙක් වුනෙ දෙනෙත්මි නිසා. දවසක් එයා රුක්ෂාන් එක්ක රංග ශාලාවේ එකට ඉන්නවා දැකලා මට යාළුවෙක් කිව්වා. අපි මෙයාට විහිළු කරා කියලා රුක්ෂාන් මගෙ යාළුවට ගැහුවා. ඒ කෙන්තියට මම දෙනෙත්මිට ගැහුවා විතරක් නෙවෙයි ස්කූල් එකෙන් පිටදි මම රුක්ෂාන්ට තර්ජනය කලා. ඒත් ටික දවසකට පස්සෙ දෙනෙත්මි එයාට සිද්ධ වෙච්ච හැම දෙයක්ම මට කිව්වා……. මම එදා රෑ කල්පනා කලා රුක්ෂාන්ට මොකටද ඒ ෆයිල් එක කියලා. මම ලක්ෂ්මන් සූරියආරච්චි ගැන හැම විස්තරයක්ම හෙව්වා. හැම දෙයකම ඇත්ත දැනගනිද්දි අපරාධකාරයන්ට නියම දඩුවම ලැබුනා. ලක්ෂ්මන් සූරියආරච්චිගෙ ඝාතනයට සම්බන්ධ හැමෝගෙම තොරතුරු මම හොයාගත්තා. මෙයාගේ අන්තිම පුරුක වුනේ ශලනි අක්කා හැබැයි මෙයා පොලිසිය නොමඟ යවන්න ඕන නිසා දාම ඝාතනයක් හැදුවා එයා දෙනෙත්මිව එයාගෙ ටාගට් එක විදිහට පෙන්නුවා නමුත් එයාගෙ ගොදුර වුනෙ ශලනි අක්කා. මෙයා විල්සන්ව කොන්සට් එකට එවලා ඒ මවාපෑම සම්පූර්ණ කලා මෙයා ⁣විල්සන් ඉදිරියේ බොරු රඟපෑමක් කලා ෆාදර් ජෝසප් විදිහට . හැමදේම හොදට සැලසුම් කරපු රුක්ෂාන්ට එයාගේ අන්තිම බිල්ල ගන්න බැරි වුනා. තමුසෙ හරිම දක්ෂයි රුක්ෂාන් පළිහවඩන නොහොත් ප්‍රවීන් සූරියආරච්චි ”
කළණ රුක්ෂාන් දෙස බලමින් පැවසුවේය. රුක්ෂාන් නොව සියලු පොලිස් නිළධාරීන් පුදුමයට පත් විය
” මම තමුසෙගෙ හැම ඇත්තක්ම දැනගත්තා. ශලනිගෙ ෆෝන් එක වීසි කරලා ගියාට තමුසෙට එක දෙයක් අමතක වුනා ප්‍රවීන්.”
කළණ ශලනිගේ ගෙලේ තිබූ මාලය ගලවා අතට ගත්තේය.
” ම්‍ෙ පෙන්ඩන්ට් එක ඇතුලෙ තියෙන්නෙ G.P. S TRACKING CHIP එකක් . ප්‍රවීන් , තමුසෙ ක්වීන්ව කපන්න හැදුවෙ කින්ග්ට ඇටෑක් කරලා නේද ? තමුසෙට නිකමට හිතුවෙ නෑ නේද ක්නයිට් ගැන. ගේම් ඕවර් .. තමුසෙ අයියත් එක්ක පටන්ගත්ත ගේම් එක මම ඉවර කරා මාස්ටර්මයින්ඩ්.. සොරි අයියෙ . මම පී.සී චමිලගෙන් තමයි මේ කේස් එකේ හැම ඩීටේල් එකක්ම දැනගත්තෙ”
කළණ තම සොහොයුරා වෙත හැරී පැවසුවේය.

” මේ ගේම් එක තාම ඉවර නෑ කළණ. තාම නෑ”
රුක්ෂාන් එය පවසා මේසය මත තිබූ සහකාර පොලිස් අධිකාරිවරයාගේ රිවෝල්වරය අතට ගෙන ශලනි දෙසට ඉලක්ක කලද ඊට පෙර ක්‍රියාත්මක වූ කළණ පොලිස් පරීක්ෂක ඉන්දිකගේ ඉන රැඳි රිවෝල්වරය ගෙන ඔහුගේ හිස ඉලක්ක කරමින් කොකා ගැස්සුවේය. ⁣වෙඩි හඬිත් සමඟ රුක්ෂාන් පොලිස් මූලස්ථානය තුලම අවසන් හුස්ම හෙලුවේය.
…………………………………………………

සියල්ල සිදුවී මාසයකට පසු මහේෂ්ගේ හා ශලනිගේ විවාහය උත්කර්ෂවත් ලෙස සිදු වූයේය.
” ශලනි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා”
යහන මත තමාව තුරුල් කරගෙන සිටින ශලනිගේ හිස පිරිමදින් පැවසුවේය.
” කියන්න , ඔයා කියන ඕනම දෙයක් මං අහනවා දැන්”
” මට ඔයාට මේ රස්සාව නවත්තන්න කියන්න බෑ. ඔයා ගොඩක් මහන්සිවෙලා මේ තත්වෙට ආවේ. හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕන මීට පස්සෙ මේ වගේ කේස් බාර ගන්නෙ නෑ කියලා”
” මේ වගේ කේස් නෙවෙයි ඉස්සරහට එන හැම එකක්ම බාර ගන්නෙ මම ඔයාගෙ ඇඩ්වයිස් එක අරන්. මම ප්‍රොමිස් වෙනවා”
ශලනි මහේෂ්ට හාදුවක් දෙමින් පැවසුවේය…
…………………………..

☄️A.R.W PRODUCTION ☄️

{ ආදරය , කුතුහලය , ක්‍රියාදාම වලින් පිරුණු ලස්සනම කතාවක් අරගෙන ළඟදිම එන්නම්}

26 thoughts on “MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා”

    1. සෙසඳි

      මං විතරනෙ ඉන්නෙ ඉතිං… කෝ.. කවුරුවත් නෑනේ… රශ් …. ඔයාවත් එන්නකෝ…. ???

        1. සෙසඳි

          තැන්කූ හිම බෝලේ ⛄ ⛄ ⛄ ⛄ අනිත් අය කොරෝනට බයේ හැංගිලා… ?????

          1. සෙව්මි

            Congratulations සදී අක්කි .. ❤️❤️❤️❤️❤️

  1. සෙසඳි

    කතාව නම් කියලා වැඩක් නෑ අනේ සුපිරි … රුක්ෂාන් මාර සර් කෙනෙක්නේ අනේ… හීන් නූලෙන් ගේම් 1 දීලා තියෙන්නෙ … බොරුකාරයා … බොරු නමක් දීලා බොරු දාමයක් පෙන්නලා.. ??????

    කලන නම් නියමයි… එයා නිසා තමයි ඉතිං ශලනි බේරුනේ.. කොහොමත් අපේ පොලිසියෙ අය රැවටෙනවා ගොඩක් අයට… ??????
    හැබැයි ඔයා දෙනෙත්මිගෙයි කලනගෙයි ලව් එක ගැන කිව්වෙ නෑනේ අද… කමක් නෑ.. කොහොම හරි රුක්ෂාන් මැරුනනේ…

    පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? රශ්.. පුලුවන්නම් ඉක්මණටම තව කතාවක් අරන් එන්නකො මේ වගෙම.. සුභ පතනවා ඔයාට… ????????

    2
  2. wow… කතාව නම් ලස්සනයි. අනේ ඉවර වුනානේ හැබැයි සතුටුයි ලස්සන අවසානයක් නිසා ටිකක් දුකයි කලණයි දෙනෙත්මී ගැන කිව්වේ නැති එකට ඒඋනාට කලණ නම් මරැවට විසදුවා පොලීසියට වඩා සාර්ථකව ඉක්මනට අලුත් කතාවක් අරන් ඉක්මනට ආයෙත් එන්න බුදු සරණයි ⚘⚘⚘⚘⚘⚘⚘

    2
  3. නියමයි රශ්….පට්ට ??..ි කලනයි දෙනෙත්මි ගැනත් කියන්න තිබුනෙ ….ඔයාගෙ කතා කොහොමත් කුතුහලය පිරැනු සුපිරිම කතා තමයි ???.තවත් මේ වගේ කතාවක් අරන් එනකම් අපි බලන් ඉන්නවා…
    GOOD LUCK & ALL THE BEST RUSH ????????????????????????????

    2
    1. සෙසඳි

      ඇවිත් ඉතිං බොලුවට 1 කොමෙන්ට් 1 කොටලා හැංඟෙනවා… ඇත්තටම ඇයි ඒ? ඔයා ලොකු වැඩක්ද? ???????

      1. සෙව්මි

        ඔව් අනේ … රශ්මික අයියේ පොඩ්ඩක් දිග කමෙන්ට් එකක් දාලා යන්නකෝ අනේ .. අපි ඔයාව අල්ලගෙන කන්නෙ නෑ අයියෝ ????

  4. සෙව්මි

    රශ්මික අයියේ ඔන්න මං ඔයාගෙ අන්තිම කොටසට කමෙන්ට් එකක් දාන්න හොලෙන්ම ආවා… කතාව නම් නියමයි අයියේ .. ලස්සනට ඉවර කලා කතාව .. කලනයි දෙනෙත්මි ගැනත් කියන්න එපැයි ..
    තවත් මේ වගේ ලස්සනම ලස්සන කතාවක් අරන් එන්න හොදද… අපි බලන් ඉන්නවා..
    (මේ පොඩ්ඩක් දිග කමෙන්ට් එකක් දාලා යන්නකෝ රශ්මික අයියේ අපි ඔයාව අල්ලගෙන කන්නේ නෑ අනේ )

    සතුටින් පරිස්සමෙන් ඉන්න..
    තෙරුවන් සරනයි ?????

    1
    1. Sewmi , sesandi…අනිත් ඔක්කොම කතාව කියවලා comment දාපු නොදාපු? හැමෝම අයට thank you so much..
      ඇත්තම කිව්වොත් මගෙ target එකට යන්න නම් මේ vote ගාන මදී ? ඒත් බලමු ඊළඟ එකෙන්

      1. සෙව්මි

        ගොඩක් අය දැන් ඇප් එකට එනවා අඩුයි අයියේ … ඒකයි මේ… ඔයාගෙ ඊලග කතාව කියවන්න අපි බලන් ඉන්නවා.. මේ හොල්මන් කතාවක් දෙන්නකෝ අනේ ????

      2. සෙසඳි

        දුක් වෙන්න එපා රශ් කොහොම හරි අපි කට්ටිය එකතු කරගන්නම්… ටාගට් 1 කම්ප්ලීට් කරමු…

  5. ❤️Madhavi Nehansa❤️

    රශ් කතාව සුපිරි… ඒත් ඉවර වුන එකට නම් දුකයි…????

    මේක නියම කතාව… ආදරය, ත්‍රාසය ,භීතිය , කුතුහලය හිතට දැනෙන විදියටම ලස්සනට ලියලා තිබුනා.???????????
    දෙනෙත්මිටයි කළනටයි මොකෝ වුනේ… එයාලා හොදින්නෙ … එහෙනම් ඇති ??

    ආයෙත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඉක්මනටම එන්න .
    සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ????
    බුදු සරනයි !☸️☸️☸️

    1
  6. අයියෝ කතාව ඉවරද.
    කලන නම් දක්ෂයෙක් තමයි.මහේශ් & ශලනි ගැන කියලා අවසාන කරලනේ. දෙනෙත්මි කලන ගැනයි කියලා නෑ.
    මොනවා උනත් පට්ට කතාව. අභිරහස් කතාවක් අරන් එන්න ආයෙමත් .
    all the best rush.

    1
  7. වාව්. මාරම ලස්සනයි කතාව. හිතුවෙවත් නෑ රුක්ෂාන් මේවා කලේ කියලා. නිකන් පිස්සු වගේ. කළණ නියමයිනේ. තවත් මේ වගේ ලස්සනම ලස්සන කතාවක් අරන් එන්න ඉක්මනටම.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    Wish your all the very best

    1
  8. කතාව ගොඩක් ලස්සනයි මල්ලියෝ…ඉවර වුණ එක ගැන නම් හරි දුකයි …අළුත් කතාවක් අරන් ඉක්මනින්ම එන්න ….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න බුදු සරණයි

    1
  9. කතා නම් මෙන්න කට්ගා.. හම්මෝ මල්ලි එක හුස්මට කියෙව්වෙ.. අනේ……. මේ වගේ තව කතාවක් ඉක්මනටම ඕනි මල්ලියෝ… ඔයානම් මාරම ටැලන්ටඩ්…

    I wish your all the best
    Good luck

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.