Katha Ahura

ආධ්‍යා|තෙවන කොටස|නවකතා|කතා අහුර රචක

4.6/5 - (7 votes)

උදේ දහය වෙලත් ආධ්‍යා තාම නැගිට්ටේ නැති නිසා අරුෂ් හිටියේ ටිකක් කලබල වෙලා..බලාගෙන ඉන්න බැරිම තැන කෙල්ලගේ මූණට දෙතුන් පාරක්ම තට්ටු කලත් කෙල්ල ඇහැරුනේ නෑ..

ආධ්‍යාට මොනව හරි වෙලාද කියන බය නිසාම අරුෂ් ඉක්මනට ආධ්‍යා ඇදන් හිටිය ඇදුම අන්දලා වාහනේට දා ගත්තේ ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න..විනාඩි දහයකින් විතර අරුෂ්ට පුලුවන් වුණා කෙල්ලව ඩොක්ටර් ලගට අරන් එන්න..

“සර් පොඩ්ඩ්ක් එලියෙන් ඉන්න..අපි චෙක් කරලා බලලා කියන්නම්..”

නර්ස් කෙනෙක් අරුෂ්ට එහෙම කියලා ඩොක්ටර් එක්කම රූම් එකක් ඇතුලට ගියා..

“ශික්..මේකිට මොනව උනාද මන්දා..මාත් රෑ ටිකක් හොයලා බැලුවේ නෑනේ..සුවිසයිඩ් කර ගත්තවත්ද මන්දා..”

ටිකකින් ඩොක්ටර් එලියට එනවා අරුෂ් දැක්කා…

“ඩොක්ටර් මං එක්ක ආපු ගර්ල්ට මොකද..”

“එයා මොනව හරි දේකට ශොක් වෙලා වගේ..ඒ වගේමයි එයා ටිකක් වීක්..ඒ නිසා පරිස්සමින් බලා ගන්න වෙයි..දැනට අපි සේලයින් එකක් දුන්නා..පොඩි කලන්තයක් ඇවිල්ලා තියෙන්නේ..ලොකුවට බය වෙන්න දෙයක් නෑ..”

“හරි..ඩොක්ටර් තෑන්ක්ස්..”

අරුෂ් කල්පනා කරන්න ගත්තේ දැන් කෙල්ලට මොකද කරන්නේ කියලා..තනියම මුකුත් හිතා ගන්න බැරි නිසා හොදම යාලුවා ශෙනාල්ට කෝල් කලා..කෝල් කරන පරක්කුවට ශෙනාල් හොස්පිටල් එකේ..

“මොනවද යකෝ උඹ ඒකිට කලේ..ගොඩක් අමාරුද..”

“නෑ..නෑ..බං..කලන්තේ හැදිලා..ඒක නෙවෙයි බං..මේකිට දැන් මොකද කරන්නේ..ආයේ ගෙදර අරන් යන්නත් බෑ..අද තාත්තිලා ගෙදර එනවා..”

“හොස්පිටල් එකේ දාලා යන්නත් බෑනේ බං..මං කියන්නද මේකිගේ ගෙදරට කොල් කරමුද..”

“පිස්සුද යකෝ උඹට..මොනවා කියන්නද කෝල් කරලා..”

“පාරේ වැටිලා හිටිය අපි හොස්පිටල් ඇඩ්මිඩ් කලා කියමු..ආයේ උන්ට අපිව හොයාගන්න බෑනේ බං..”

“හ්ම්ම්..එහෙමවත් කරමු..”

ආධ්‍යාගේ බයික් එක එක්කම බෑග් එක තිබුන නිසා ගෙදර නම්බර් එක හොයා ගන්න එක අරුෂ්ට අමාරු වුණේ නෑ…

—————————————————————————–

“අනේ..බලන්නකෝ…ශීලා..මගේ කෙල්ලට මොනව වුණාද දන්නේ නෑ..”

“බය නැතුව ඉන්නකෝ දේවිකා..තව ටිකක් බලමු..පොලිසියෙන් හොයනවනේ..”

මුලු රෑ පුරාම ආධ්‍යාව හෙව්වත් හොයා ගන්න බැරි වුණ නිසා හර්ෂිගේ තාත්තා පොලිසියේ කම්ප්ලේන් එකක් දැම්මා..

රෑ ඉදලම හැමෝම බලන් ඉන්නේ මොකක්ම හරි තොරතුරක් ලැබෙනකං..ඒ එක්කම තමයි ගෙදර ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් ආවේ..

“දූ..ඔයා බලන්න පුතේ..පොලිසියෙන්ද දන්නේ නෑ.. ”

ෆෝන් එක ආන්සර් කලේ හර්ෂි..

“හෙලෝ..මේ අපි ඊයේ ගර්ල් කෙනෙක්ව හොස්පිටල් ඇඩ්මිඩ් කලා..එයාගේ ෆෝන් එකෙන් තමයි මේ නම්බර් එක ගත්තේ..ඊයේ එයාගේ නම්බර් එක්ක හොයා ගන්න බැරි වුණා…ඒකයි කියන්න පරක්කු වුණේ..

“අනේ..ආධ්‍යාට කොහොමද කෙල්ලට මොකද වෙලා තියෙන්නේ කොහෙද හොස්පිටල් එක..”

හොස්පිටල් එකේ නම අහගත්ත ගමන්ම හැමෝම කලබලෙන් වාහනෙත් අරන් කෙල්ල බලන්න ගියා..

“අනේ..මගේ පුතේ..මොකද වුණේ..”

ඒ වෙනකොට ආධ්‍යාට සිහිය ඇවිල්ලා තිබුණා.හැබැයි තමන් මෙතනට කොහොම ආවද කියල නං ආධ්‍යාට මතක නැහැ..

“දන්නේ නෑ අම්මා..බයික් එකේ එද්දී කලන්තයක් වගේ ආවා..බයික් එක නතර කරනව විතරයි මතක..”

අවුරුදු විසි තුනක් තිස්සේ තමන්ව ඇතිදැඩි කල අම්මට පලවෙනි පාරට ආධ්‍යා බොරුවක් කිව්වා..අම්මට කොහොම කියන්නද දන්නෙවත් නැති කොල්ලෙක් අතින් ඊයේ රෑ අනාත වුණා කියලා..කෙල්ල හිතුවේ එහෙමයි..

—————————————————————————–

දවස් තුනක් හොස්පිටල් ඉදලා ආධ්‍යාට ගෙදර එන්න පුලුවන් වුනා..හර්ෂිගේ ගෙදර අය උදව්වට ඉන්න නිසා දේවිකාට මේ වෙලාවේ ලොකු පහසුවක් වුණා..

ආධ්‍යාව හොස්පිටල් එකේ දාලා ආවට අරුෂ් දවස ගානේ කෙල්ල ගැන හොයලා බැලුවා..වෙලාවකට ආධ්‍යා පව් කියල හිතුනත් කැෆේ එකේ සිද්දිය මතක් වෙද්දී ආයෙත් අරුෂ්ට තරහක් දැනුණා..

ඇගට අමාරු ගතිය තරමක් දුරට සුව වුණත් අරුෂ්ගේ සැපුම් පාරවල් ඇගපුරාම දකිද්දී ආධ්‍යාට තමන් ගැනම අනුකම්පාවක් දැනුණා..ලස්සනට මනමාලියක් වෙලා තමන් ආදරේ කරන කෙනෙක්ගේ වෙන්න හිටපු තමන්ව අදුරන්නෙවත් නැති කොල්ලෙක්ගේ වුණා කියලා දැනෙද්දී ආධ්‍යා හැමෝටම හොරෙන් අඩපු අවස්ථා එමටයි..
️️️️️️️️️️️️️️️️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආධ්‍යා ගතින් සම්පූර්ණ සුවය ලබා සිටියද සිතින් කඩා වැටී ඇති බව හර්ෂිට නිකමට මෙන් සිතුනේ වෙනදා නිදහසේ ඔහේ කියනව කෙල්ල දැන් කිසිම කතාවක් නැතුව ඉන්න නිසයි..කොහොම උනත් අධ්‍යාට වුණ සිදුවීමෙන් පස්සේ ස්කූටර් එක පදින එක නම් තහනම් වුණා..දිනපතාම හර්ෂි ආධ්‍යාව ගන්න ගෙදරට එන නිසා දේවිකාටත් එය එක්තරා අන්දමක හිතට සහනයක්..

“ආධ්‍යා…මට ඇත්ත කියපන්..උඹ මොකක් හරි අවුලකද..”

කැෆේ එකට වෙලා ඉන්න අතර වාරයේ හර්ෂි ඇහුවේ ආධ්‍යාගේ වෙනස නිසාමයි..

“එහෙම දෙයක් නෑ බං..”

“කාට බොරු කලත් උඹට මට බොරු කරන්න බෑ කෙල්ලේ..කියපන් මොකක්ද ප්‍රශ්නේ..”

සිදුවූ සියල්ල කාට හෝ පවසා හිත නිදහස් කර ගත යුතු වුවත් යම් සියුම් බයක්ද ඇගේ සිතේ තිබුණා..

“මට..මං එදා ඇක්සිඩන්ට් වුණේ නෑ ..”

“මොකද්ද කියන්නේ..එහෙනං උඹ හොස්පිටල් හිටියේ ඇයි..”

කිසිවක් සිතා ගත නොහැකි වූ හර්ෂි එහෙම ඇහුවේ පුදුමෙන්..

“උඹට මතකද දවසක් කොල්ලෙක්ට මං ජූස් එකකින් ගැහුවා..”

“මට විනූ ඔය කේස් එක කිව්වා..ඉතින්..”

“ඌ එදා රෑ මාව අරන් ගියා..”

“අරන්..ගියා…ඒ..ත් කොහෙද..”

“කොහෙද කියන්න දන්නේ නෑ බං..ඒත්..ඒත්..ඒක ගෙයක්…ලොකු ගෙයක්..එදා රෑ ඌ මාව බලෙන්ම..”

තවත් මුකුත් කියා ගන්න බැරි වුණේ ආධ්‍යා හර්ෂි දිහා බැලුවේ අසරණව..කදුලු පුරවන් ඉන්න කෙල්ල දිහා බලන් හර්ෂි ලොකු හුස්මක් පිට කලේ වෙච්ච කිසි දෙයක් හිතා ගන්න බැරුව..

“එ..තකොට උඹව එදා හොස්පිටල් අරන් ගියෙත් ඌ ද..”

“කවුරු අරන් ගියාද දන්නේ නෑ…ඒ වුණ කිසිම දෙයක් මට මතක නෑ..”

මේ සම්බන්ධව මොන ක්‍රියාමාර්ගයක් ගන්නද කියල හිතා ගන්න බැරුව හර්ෂි තමන්ගේ යාලුවගේ හිත හදන්න ලොකු වෙහෙසක් දැරුවත් ආධ්‍යාට ඒ කිසිම දෙයක් හීනයක් වගේ අමතක කරලා දාන්න පුලුවන්කමක් තිබුනේ නෑ..

————————————————————————–

දවස් ගෙවිලා ගියේ ආධ්‍යාව ආයෙත් සුපුරුදු ජීවිතයට හැඩ ගස්වමින්..සියල්ල අමතක කර අනාගතයට මුහුණ දෙන්නට ඇය තරමක් දුරට හිත හදාගෙන ඉවරයි..

දවල් කාලයට කැෆේ එකේ වැඩි පිරිසක් නැති නිසා ආධ්‍යා ගේම් එකක් ප්ලේ කරන්න ලෑස්ති වුණා..ඒත් එක්කම කැෆේ එක ලග නතර කරපු කාර් එකේ ඉදන් අරුෂ් ආධ්‍යා දිහා බලන් හිටියේ කෙල්ල මොනවද කරන්නේ කියලා..

ඒත් අරුෂ් මෙතන ඉන්නව කියල ආධ්‍යා දන්නේ නෑ..විනූ දවල්ට කෑම කන්න ගිය නිසා හර්ෂි බේකරි එක පැත්තට ගිය…ඒ නිසා කැෆේ එකේ හිටියේ කෙල්ල විතරයි..කවුරුවත් ලගපාත නැති බව දැක්ක අරුෂ් හෙමින් හෙමින් කැෆේ එකට ඇවිල්ලා ආධ්‍යා හිටිය ටේබල් එකෙන්ම වාඩි වුණා..

“ත..තමුසේ..”

හිතට ආපු තරහත් එක්කම ආධ්‍යා අරුෂ් දිහා බැලුවේ මරන් කන්න වගේ..

“මේ හලෝ..මෙතන මගුලක් කරන්න ආවේ නෑ මං..තමුසෙට දෙයක් කියල යන්න ආවේ..”

“තවත් මොනවද තමුසෙට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ..පලි ගන්න ඕනේ හැම විදියකින්ම ඒ දේ කලානේ..තවත් මොනවද..”

“මේ බොරුවට කෑ ගහන්න එපා..”

අරුෂ් එහෙම කිව්වේ ආධ්‍යාගේ අතකුත් තද කරලා අල්ල ගන්න ගමන්..

“මං මේ කියන දේ අද ඒ විදියටම වෙන්න ඕනේ..නැත්තං එදා වෙච්ච හැමදේකම වීඩියෝ එකක් මං තමුසෙගේ අම්මට යවනවා..”

“ම්..මො..මොන වීඩියෝද..”

එහෙම කතාවක් ඇහුවම නං ආධ්‍යා ටිකක් බය වුණා..

“එදා මාත් එක්ක කරපු හැමදේම මං වීඩියෝ කලා..ඒ දේවල් අම්මගේ අතට ලැබෙනවට කැමතිද …ආහ්හ්..”

“න්..නෑ…ප්ලීස්..එපා..මං කියන ඕනෙම දෙයක් කරන්නම්..”

“ම්ම්ම්..එහෙනං රෑ හත වෙද්දී ආසිරි හොස්පිටල් එක ලග බස් හෝල්ට් එකේ ඉන්නව..මං ගන්නම් එතනින්..”

එහෙම කියල යන අරුෂ් දිහා ආධ්‍යා බලන් හිටියේ අසරණව..මේ වෙලාවේ කිසිම කෙනෙක්ට තමන්ට උදව් කරන්න බෑ කියල කෙල්ලට තේරුණා..එහෙම වුණොත් වෙන්නේ මෙච්චර කල් හංගපු හැමදේම එලිවෙන එක විතරයි..

හර්ෂිට මොකක් හරි බොරුවක් කියල කොහොම හරි හත වෙද්දී යන්න ආධ්‍යා ප්ලෑන් කලා..යන්න නං පුලුවන්..ඒත් මොනවට මේ බූතයා එන්න කියනවද කියල කෙල්ලට තාම හිතා ගන්න බෑ..

️️️️️️️️️️️️️️️️

40 thoughts on “ආධ්‍යා|තෙවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. Sandu (kandy girl)

      චූටි මැණික සුබපැතුම් … කෙල්ල හැමදම එක වෙන නිසා ඔයාටම මගේ සල්ලි කබඩ් එක ඉවර වෙලා.. අද නම් තෑගි ගන්න සොච්චමයි ඉතුරු..????

      ????????????????????????????????????????????????????????????????????????

      අඩුවට තිබුනෙ ඔච්චරමයි සුදූ..???

  1. Aa chuti manike subapathum kiwwa hode …තෑගි නතො අෆි දුප්පත් …ඔහෙට තව තෑගි දුන්නොත් අෆි හිගන්නො වෙල තමයි නවතින්නෙ….????
    අනික දෙන්න තෑග්ගකුත් නෑ බාන්

    1
  2. හි අෆි මේ බප්පලාගෙ ගෙදර යන ගමන් ඉන්නෙ…
    මේ ඛුටියො ඔයට සෙනසුරාදාට class කියක් විතර තියෙනොඩ ආ

  3. .ආ තුදු බතලි කොහොමද ..
    දැන් පානදුරේ ඉන්නෙ අෆ්ෆ ගෙදර යද්දි තව පැය බාගයක්වත් යයි..
    එ බං එතකොට ඔයාට අදත් class තියෙනොද..

    ඔයාට සෙනසුරාද class තියෙන්නෙ කොහොමද ..
    මටනම් තියෙන්නෙ සෙනසුරාදා 7:30 ට උදේ දෙමල clas ඉටපස්සෙ 9:30 ක්ලස්ස් ඇරිල 10:30ට කලින් ගෙදර යනො ඉටපස්සෙ ආයෙ 5-7 ක්ලස් ඉතිං එක ඉවර වෙල ආතල් එක යලුවයි මමයි පයින් යනො…
    ඈතකොට ගෙදර යද්දි 8 විතර වෙනො….දවල් වරුව මන් ගෙදර ඉන්නෙ…

    1
    1. Chuuti manike

      හොදයි තුදු…කොහොම ද ඉතින් ඔයාට…සෙනසුරා දා 10.12.00තියෙනවා..ඊටපස්සෙ ආයෙ හවස වෙලාව කිව්වෙ න්හ් තාම වෙනස් කරලානෙ ?

    1. .හරි තුදු මගේ අනුමානෙට අනුව ඔයා6 වෙද්දි ගෙදර..
      ඕකේ චූටි කෙම්ලෙ…පරිස්සමින් බුදුසරණයි …
      පරිස්සමින් ගිහිං එන්න.. නංගි වගෙ ඔහෙ පාරෙ යන්න එෆා පරිස්සමිං යනව මෝඩි…නන්ගි වගෙ පාරෙ පිස්සු නටල.තිබ්බොත් දෙන්නෙ හොඳ ටොක්කක්…හුම්ම්ම්ම්ම්
      එහෙනම් gb…
      උම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
      මමත් එහෙනම් රෑට එන්නම්….
      ඔයා කාත් එක්කද යන්නෙ …තනියෙන්ද අම්ම එක්කද…
      නැත්තං වෙන කවුරු හරි එක්කද..oke bs…

      2
      1. Chuuti manike

        අම්ම්බ්බබො දැනුයි ආවෙ 7 එන්නම්කො විස්තර කියන්ට ??????❤️

        1. Chuuti manike

          අම්මෙ ඔන්න දැනුයි වොශ් ඩාලා ආවෙ ?6 වෙනකොට එනො නන්ගා නන්ගා ගෙ වැඩකට අම්මි එක්ක ගියනෙ මොන්ඩිසොරි එකෙ ට ඕන ෆොටො කොෆි ගහන්න…ඒ ගමනම ආච්චි ලාගෙ පැත්තෙ ගියා ආච්චි ගෙ යාලුවෙක් කිරි අම්මා දානයක් දෙනවාලු
          ඒ පැත්තෙ හොම්බ දාලා.ආවා….?
          අම්මෙ මම්.නම්.නන්ගා වගෙ යන්නෙ නෑ..ඔහෙ යනො……අම්මෙ තනියෙන් යවන්නනෙ නම් නෑ….කෝමත්ම…අපෙ අම්මා මාව ගෙ ලග කඩෙටවත් යවන්නෙ නෑ…..??
          ම්..ගොඩාක් වෙලාවට මාමා එක්ක තමා..නැත්නම් සියා එක්ක බයික් එකෙ..නැත්නම් අම්මා එක්ක පයින්.,අද නම් මගෙ යාලුවා හම්බුන නෙ..අපෙ ගෙවල් එක ලග හින්දා අපි කයියක් දාගෙන ගියා …..එනකොට ඉතින් පොඩ්ඩ දුරක් එයාලා එක්ක ආවා ආච්චි දිහා යන්න එපෑ…???
          මන් නම්.ඉතින් බරට බරෙ කයියක් දාගෙන ආවාඅ ..අ…තව පොඩ්ඩෙන් මගෙ මොට්ට යාලුවා කන්ටේන එක්කට යටවෙනවා සුවර්…..ඒකි කයියෙ යනවා…මම් හොද වෙලාවට දැකලා ඇදලා ගත්තා…නැත්නම් ඒකි එක්ක.මාත් යනවා …….?

          1
  4. Chuuti manike

    ඒ..ඒ ඒපාර අර අරුශ් මොකාටද එන්නෙ හොදකටනම් නෙමෙ වගෙ….ම්….අද බලන්න ඕනෙ…පව් ආධ්‍ය .???????❤️
    ම්..ඒකට වෙලාවකට පව් කියලා හිතෙනවා අනෙ..උගෙ….???
    ම්…බලන්න කියපු පට්ට පල් බොරු ව..ඒ උනාට ඉතින් ඒයා ඉතින් ආධ්‍ය ට ලව් වෙයු…බලමුකො ❤️❤️❤️❤️❤️❤️??????????

    ලස්සනයි අක්කියෝ කතාව ❤️
    ආදරෙ යි ගොඩාක් ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ??????????????????????? බුදු සරනයි ???? දෙවිපිහිටයි ??????

  5. .බොරු කියන්න ඕනි නෑ.. ඔයාගෙ මොට්ට යාලුව වගෙම තමයි මගේ එවුනුත් ඔය විඩිහටම වාහන වලට යට වෙන්න යනව…වාහන එනව දැක දකම පාර පනිනවා……උන් තනිකර සයිකො කාරයෝ..
    වෙලාවකට ඔයාගෙ මොට්ට යාළුවා වගෙ තමයි මම..ඔහෙ පාරෙ යනව … පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් කෑලි හොයාගන්නවත් නැති වෙයි…..
    ???…
    මගේ යලුවන්ටත් පිස්සු මටත් පිස්සු….

    1. Chuuti manike

      හ්ම්ම්.ඇයි ඊයෙ මන් ඉතින් කල්පනා කර කර ගියා ද්න්නෙත් න්හ් ආච්චි ලා පාර පැනලා …පස්සෙ කහ ඉර පනින්ම ගිහිනුත් කල්පනාව..වහ්නත් එනො ??

      1
  6. මේ සදුදා ඉදන් චූටියා ඉස්කොල්‍ර් න්‍ර් මට්ත් පාලුවෙන් අෆ්ෆා ඉන්න වෙන්නෙ ඉහි ඉහි ඉහි…
    ඩුකායි…..

    1. Chuuti manike

      හ්ම්ම් අපිට දවස් 5 ම ඉස්කෝලේ නෙ පුලුවන් වෙක් එන්නම්කොම්.මාත් හිටිය එකෙ ඔයාතත් ඉන්න පුලුවන් නෙ ?

      1
  7. .එකනි..එකෙක් මට කියන්නෙ විසෙකාර දගය කියල මොකද මං whats app එකෙ යුසර් නෙම්.එකට ඒ නමින්නෙ ඉන්නෙ

    1. Chuuti manike

      අනෙ දගයො ඉතින් …ඒ වුනාට අම්මෙ මාර වැඩ තමා ඔයා කරන්නෙ ?

      1
  8. අක්කලා,අයියලා ,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  9. දැනුයි මේ කොටස කියෙව්වෙත්.
    ආධ්‍යා කෙල්ල පව්?.
    අර අරුෂ් නම් ?.ඇයි දන්නෙ නෑ තවත් ආධ්‍යා ගැන හොයන්නෙ.
    ඒ කෙල්ලට කරන්න පුළුවන් හැම වැරැද්දම කරල,තව පව් කියලත් හිතෙනවලු?,පව් කියල හිතන්න තිබුනෙ ඔයිට කලින් ?.

    කතාව ලස්සනයි තේජ අක්කියො❤

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.