Katha Ahura

ආධ්‍යා|පළමු කොටස|නවකතා|කතා අහුර රචක

4.6/5 - (8 votes)

“හරියට මිනිස්සුන්ට සර්විස් එක දෙන්න බැරි නම් මේව වහල දානවා හලෝ..”

“අනේ් එහෙම නෑ සර් වැරැද්දක් වුනා නම් සමාවෙන්න..”

බයික් එකේ් එතනට ආපු හර්ෂි ආධ්‍යා එක්ක බැලුවේ මොකද වෙන්නේ කියලා…

“අනේ් හර්ෂි මැඩම්..”

කැෆේ එකේ කොල්ලා හොදටම බය වෙලා..

“ආහ්හ්..ඔයා වෙන්න ඕන මෙතන අයිතිකාරයා…අපි ආවම මෙහෙමද ඔයාලගේ සර්විස් එක..”

කස්ටමර් හර්ෂිටත් කෑ ගහන්නේ ගත්තේ ඔය අතරේ…

“මොකෝ විනුවෝ…තමුසේ මූට වැරදි කෑමක්වත් දුන්නද..”

ආධ්‍යා විනූගෙන් ඇහුවේ අතින් කටත් වහන් හිනාවෙන ගමන්..

“මොනාද මේ කෑම..ලුණුත් නෑ..මිරිසුත් නෑ..ශික්..ජරාව..”

මිනිහා දිගටම කෑ ගහනවා..ඇවිල්ලා ඉන්න අනිත් කස්ටමර්ස්ලත් හැරි හැරි බලනවා..ලැජ්ජාවේ සන්තෝසේ බෑ..

“කෑම එක දුන්නම ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා..දැන් ඒක රස්නේ නෑ කියලා කෑ ගහනව..”

විනුවා හර්ෂි දිහා හොරෙන් බල බල කියවනවා..ඌ කොහොමත් හර්ෂිට බයයිනේ..

“අපි මෙහේ පිනට කන්න ආවේ නෑ…හරිද..”

ඔන්න දැන් නං මේ ආධ්‍යාගේ සීමාව පනිනවා..හොදින් විසද ගන්න දෙන්නෙම නෑනේ මූ..

“මේ හලෝ..තමුසෙලට කොහොමත් මෙතන පිනට දෙන්නේ නෑ..”

“..හේයී..කස්ටමර්ලට කතා කරන්නේ ඔහොමද ආහ්හ්..ඔහොම කොහොමද හලෝ තමුසෙලා මේවා කරන්නේ..”

“මං කතා කරන එක ගැන තමුන් වද වෙන්න එපා..”

හර්ෂි බය වෙලා බලන් ඉන්නේ ආධ්‍යාගේ හැටි දන්න නිසා..ඒ මිනිහගෙත් වැරැද්දනේ..ආව නං කාලා යන්න එපැයි..මගුල් කරනවනේ මෙතන..හර්ෂි හිතින් බනිනව..

“කෑම පිගානම කෑවට පස්සෙද උණහපුලුවෝ රහ නැති උනේ..මට තරහ ගියොත් දෙන්නේ කාපුවා එලියට එන්න..”

“ඇයි ඔහොම කතා කරන්නේ ආහ්හ්..මට පුලුවන් මේ ගැන කම්ප්ලේන් කරන්න..”

ඒකට නං ටිකක් හර්ෂි ගැස්සුනා..අහක යන ලෙඩ දා ගන්නේ මොකටද..

“ඕ..සොරි සර්..එහෙම කරන්න ඕනේ වෙන්නේ නෑ..ප්ලීස් සර්..”

“අනේ..මේ හර්ෂි කට වහගන්න..”

අයියෝ..මේකී වැඩේ වණ කරයි වගේ..විනූ හිතින් බැන බැන බලන් ඉන්නව..

“ගිහින් දා ගහන්නවා..මහලොකු කම්ප්ලේන්..ආ..මේ..ඒ එක්කම තව එකක් දානව..කෙල්ලෙක් තමුසෙගේ ඔලුව පැලුවා කියල”

“ඕහ්හ්..ශිට්..තමුසෙලගේ ජරා කැෆේ එක..කස්ටමර් කෙනෙක්ට සලකන්න දන්නේ නෑ..”

“ආයේ මේ පැත්තේ එහෙම එනවා නෙවෙයි…මං තමුසෙගේ ඔලුව පලනවා..”

ඈත යන මිනිහා දිහා බල බල මේකී කෑ ගහනවා..ආධ්‍යට කොහොමත් අසාධාරණේ පෙන්නන්න බෑ..

“හර්ෂි..මේ අහනවකෝ..”

“අපෝ..ඇති..මෙන්න වැන්දා..කටවහන් හිටපන්..”

හර්ෂි ආදයට වැද වැද ඇතුලට ගියා..

බීච් එක අයිනට වෙන්න වගේ හදලා තියෙන මේ කැෆේ එක හර්ෂිට අයිති එකක්…ලී පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ..වටේටම තියලා තියෙන ලස්සන ලස්සන මල් පැළ වර්ගත් එක්ක කැෆේ එකේ තිබ්බේ අමුතුම සුන්දරත්වයක්…

කැෆේ එකේ වැඩට ඉන්නේ විනුද් විතරයි..ටැමිල් උනාට විනූට හොදට සිංහල කතා කරන්න පුලුවන්..ඒ වගේම තමයි අවංකව වැඩ කරනවා..කස්ටමර්ස්ල ටිකක් වැඩි වුණොත් තමයි හර්ෂි කැෆේ එකට එන්නේ..නැත්තං ඒක බලා ගන්නේ විනූ..

ආධ්‍යා…හර්ෂිගේ හොදම යාලුවා…නිතරම නැති වුණත් ආධ්‍යාත් කැෆේ එකේ ඉන්න වෙලාවල් තියෙනවා..කෑම හදන්න..පිලිගන්වන්න ඒ හැමදේම මේ තුන් දෙනාටම හොදට පුලුවන්..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කෙල්ල.. අපිට කැෆේ එකේ මීට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි..”

හර්ෂි ආධ්‍යා දිහා බලල කිව්වේ කෙල්ලගෙනුත් අයිඩියා එකක් ගන්න වගේ..

“මේක ඉතින් ඔයාගෙනේ ස්වීටී..ඔයාට කරන්න ඕනේ මොනවද අපි ඒක කරමු..”

“අපෝ බං..මං ඇහුවේ උඹෙන් අයිඩියා එකක්..”

“මෙහෙමයි…අපි දැන් මෙතන දෙන්නේ මේන් ෆුඩ් අයිටම් ටිකක් විතරයිනේ..අපිට බැරිද මෙතනට පොඩි පොඩි කෑමත් එකතු කරන්න..එතකොට කස්ටමර් බේස් එකත් වැඩි කර ගන්න පුලුවන්..”

“ඒ කිව්වේ…මොනවා දාමු කියලද කියන්නේ..”

“ම්ම්ම්..මං හිතන්නේ ශෝටීස් වගේ දේවල්…අමතරව කේක් වර්ග එහෙම…මොකද දැනට අපි ඒවා දාන්නේ නෑනේ..”

“අපොයි මේ..ඔන්න හර්ෂි මැඩම් මං නං දන්නේ නෑ ඕවා හදන්න..”

කොහේදෝ ඉදන් ආපු විනුද් මූණත් ඇඹුල් කර කර එහෙම කියන්නේ තවත් වැඩ වැඩි වෙනව නේද කියල හිතන ගමන්..

“අනේ මේ විනුවෝ..උඹ හදන අර වේලිච්ච සැන්ඩ්විච් එක හරි රහයි කියලද හිතන් ඉන්නේ..”

ආධ්‍යා හිනාවෙවී එහෙම කියන්නේ විනුද්ව අවුස්සන්න..

“හර්ෂි මැඩම් නැත්තං මං කියනවා උඹට..”

දෙමළෙන් මොනවදෝ කිය කිය විනූ ගියේ කිචන් එකට..විනූට තරහ වැඩි උනාම සිංහල අමතක වෙනවා..ඒකයි දෙමලෙන් බනින්නේ

“උඹ කිව්ව අදහසට නං මං කැමති..හැබැයි කොල්ලා කියන්න වගේ මහන්සි වෙන්න නං වෙයි ආධ්‍යා..”

“මහන්සි නොවී මේව කරන්න බෑ බං..අපි තව කෙනෙක් වැඩට ගමු එහෙම උනොත්..”

“හ්ම්ම්ම්..බලමුකෝ..”

එහෙම කියලා හර්ෂිත් බේකරි එකට ගියා..කැෆේ එක පිටිපස්සට වෙන්න හදලා තියෙන බේකරි එකේ තමයි ඔක්කොම කෑම හැදෙන්නේ..ඉතින් කස්ටමර්ලට ෆ්‍රෙශ් කෑම ගන්න පුලුවන් මෙතනින්..බේකරි එකේ වැඩ කරන්න නම් තව හතර දෙනෙක් ඉන්නවා..

කැෂියර් එක ලග ඉන්න ආධ්‍යා පුටුවට බර උනේ ෆෝන් එකත් අතට අරගෙනමයි..

“එක්ස්කියුස් මී..”

“යස් සර්…මොනවද ඕනේ..”

“අපිට මොනව හරි ජූස් හතරක් දෙනවද..”

“ආහ්හ්..ඕකේ සර්..මෙනු එක බලලා ඕඩර් එක දෙන්නකෝ..”

“ඔයා කැමති එකක් අරන් එන්න..අපිට අවුලක් නෑ ”

මුන්ට ජූස් නෙවෙයි පොවන්න ඕනේ පුන්නක්කු ටිකක්..කෙල්ලෙක් දැක්කම කසනවද කොහෙද කොහේ හරි..

ආධ්‍යා හිතින් බැන බැන ගියේ ජූස් හදන්න..

“මේ..විනුවෝ..මෙන්න මේ හතර ඉස්සරහ ටේබල් එකේ ඉන්න ගෝතයොන්ට ගිහින් දෙනවකෝ..

“අපෝ…මේක බීල උන්ට බඩ යයිද දන්නේ නෑ..”

“මගෙන් මුකුත් අහ ගන්නේ නැතුව පලයන් යන්න..බූරුවා..”

විනුද් හිනා වෙවීම ගියේ කෙල්ලට මල පැනලා කියල දන්න නිසාමයි..

“සර්..මේ ඕඩර් එක..”

“කවුද අයිසේ තමුසෙගෙන් ඉල්ලුවේ..කෝ අර කෙල්ල..”

“සර් එ..එයා වෙන වැඩක් සර්..ඒ..කයි..”

“ගිහින් එන්න කියනව..ඒකිගෙන්නේ මං ඉල්ලුවේ..”

විනුද් හිතින් බනින ගමන් ගියේ ආධ්‍යව හොයාගෙන..

“අන්න අර හෝතම්බුවට උඹවම ඕනෙලු..”

“කවුද?? ”

“අර ජූස් අරන් ගියේ..”

“ඌ…ට මම…”

ආධ්‍යාට තරහ ගියේ කොහොම උනත් උන්ගේ හැසිරීම එච්චරටම හොද නිසා..

“මේ හලෝ..ඕඩර් එක ආවනේ..ඒක ගේන්නේ කවුද කියන එක අදාල නෑනේ මෙතනට..නේද ”

“ඇයි අදාල නැත්තේ මැණික..ඔයාගෙන්නේ මං ඉල්ලුවේ ඕක..”

“මේ..තමුන් වගේ අසහනකාරයොන්ට හොද තැනක නෙවෙයි මෙතන..ඒ නිසා එහෙම තැනකට යනවා ඕක හොද කර ගන්න..”

“තමුසෙගෙ කට වැඩියි..”

කොල්ලා එහෙම කියලා ආධ්‍යාගේ අතක් තද කරලා අල්ල ගත්තා..ආධ්‍යාත් ඉතින් සෙකන්ඩ් වෙන්නෙ කැමති කෙල්ලෙක් නෙවෙයිනේ..නිදහස් වෙලා තිබුනු අනිත් අතින් ටේබල් එක උඩ තිබ්බ ඔරෙන්ජ් ජූස් එකෙන් කොල්ලගේ මූණටම දමලා ගැහුවා..

“ඕහ්හ්..ශිට්..මචං..උඹගේ ශර්ට් එකම ඉවරයි..මේකී…උඹව ඉතුරු කරන්නේ නෑ..”

“නෑ..අපි යමන්..”

කෙල්ලට අතක් උස්සන් ඉස්සරහට පැනපු යාලුවත් ඇදන් කොල්ලා ආවේ කාර් එක ලගට..කාර් එකෙන් වාඩි වෙලත් ආයේ කෙල්ලා දිහා බැලුවේ උඹ අහුවෙයිනේ වගේ බැල්මකින්..

“මොනව ද යකෝ ඒ කලේ..”

“මේ විනූ උඹ බය ඇති උන්ට..හැබැයි මං එහෙම නෑ..”

ආධ්‍යා ගස්සගෙන යන දිහා විනූ බලන් හිටියේ තවත් මොනව හරි කියන්න ගියොත් බැනුම් අහන්න වෙන නිසා..

25 thoughts on “ආධ්‍යා|පළමු කොටස|නවකතා|කතා අහුර රචක”

  1. Chuuti manike

    තෙජ් අක්කිගෙ අලුත් කතාවක් කියවලා එන්නම්කො….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2
    1. .සුබපැතුම් කිව්ව ඕනි බතලි …..මොකක්ද ඕනි තෑග්ග ආ…………………
      ???❤????????

      1
  2. Chuuti manike

    අක්කියෝ ලස්සනයි මේකත් .
    කතාව…අක්කි එකපිට එක කතාදෙනො….

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ම්…ආධ්‍ය හරිම.ලස්සනයි කෙල්ලන්ම හරි චන්ඩී වගෙ නෙ….ම්…මට කෙල්ලට ආස හිතුනා ????කෙලින් කථව මරු …….බය නම්.ගෑවිලාවත් නෑ වගෙ….
    එතකොට හර්ශි යාලුවා..එයාගෙනෙ ශොප්.එක .එයත් හොදයි වගෙ නෙ…එතකොට විනූ..ටැමිල් එක්කෙනෙක්..එයානම් ටිකක් බයගුල්ලෙක්…??වගෙනෙ…කොහොම හරු ලස්සනයි

    එතකොට අර ආපු උන් 4 දෙනා උන් ට අපරාදෙ ජූස් 2 විතර හලන්න තිබ්බෙ..ඌට..ඌන් ඉස්සරහට ඉන්න පුලුවන් බලමුකො ❤️❤️❤️❤️❤️❤️??????????

    වෙනස් කතවක් වගෙ මෙක ????❤️

    1
  3. Chuuti manike

    යකුනෙ මිකෙක්වත් න්හ් දන්නවානම් පැයක් විතර 1st comment එක කොටනවා ????????

  4. .hi guys ඔන්න ඔයාලගෙ තුදු බොලෙ දඟ බබා අවො උම්ම්ම්ම්ම්ම්ම්ම්මා….ආ චූටි ඩැන් class නෙඩ් ඔකෙ මං හයයි තිහෙන් ෆස්සෙ එන්නම් අද ඉතිං ෆට්ට කම්මලි කමෙන් වැන්න අති ඉන්න අත්තේ…
    ඕකේ මං කන ගමන් ඉන්නෙ කල්කාලා එන්නම්.
    ආ තව අලුත් කෙනෙක් අවිත් ඉන්නව දක්කා…කියන් ගියානම් විස්තර ටිකක්

  5. .මෙන්න තවත් අලුත් කෙනෙක් ඇවිල්ලා. හි කොහොමද …
    මන් ඉතිං දගයා …
    වයස 14 යි ඉන්නෙ පානදුර්‍ර්….
    මේ app එකෙ ඉන්න මොට්ටම කොල්ල..වගෙම චූටිම කොල්ලා…
    දැනට.. ඔයා ගැනත් ටිකක් කිව්වනම්….parachrtha ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක් ද අයියා කෙනෙක්ද අක්ක කෙනෙක්ද….

  6. .සුබපැතුම් කිව්ව ඕනි බතලි …..මොකක්ද ඕනි තෑග්ග ආ…………………
    ???❤????????

    1. Chuuti manike

      ඕනෙ එකා දෙනවා මෙ පාර අවුරුදු තෑග්ගක්වත් දුන්නෙ න්හ්නෙ ???ටැන්කු ඈ ??❤️❤️

  7. අනේ කතා දෙකම ඉවරවෙලා,අලුත් කතාවකුත් දාල නේද.මං තාම කලින් කතා දෙකවත් හරියට කියවල නෑ.?,මේ ටිකේ
    වැඩවගේකට හිරවෙලා ඉන්නෙ.
    ඇප් එකටත් වැඩිය එන්න බැරි වුනා?
    පුලුවන් වුනොත් අද එක කතාවක් හරි කියවල ඉවර කරන්න ඕන

  8. තේජ අක්කි❤,ඔන්න අද තමා අක්කිගෙ අලුත් කතාව ආධ්‍යා,කියවන්න ගත්තෙ.කතාව නම් ගොඩක් ලස්සන වෙයි කියල හිතෙනව.

    ආධ්‍යා,වෙනස් ලස්සන නමක්❤
    කතාවත් වෙනස්ම විදිහෙ කතාවක් වෙයි කියල හිතනව.

    ආධ්‍යා කෙල්ල නම් ටිකක් චන්ඩි කෙල්ලෙක් වගේ නේද?.අර ජූස් එකෙන් නාගත්ත කෙනා නම් කතාවෙ ඉස්සරහට ඉදීවි.
    කතාවෙ ආරම්භය ගොඩක් ලස්සනයි අක්කියො.❤
    අර කැෆේ එක තියෙන තැන,තියෙන විදිහ කියද්දි නිකන් මැවිල පෙනුන වගේ.

    අනේ මට සමාවෙන්න අක්කියො.අක්කිගෙ කලින් කතාව පිපුණු මල,තාම සම්පූර්ණයෙන් කියවන්න බැරිවුනා,කමෙන්ට් කරන්නත් බැරි වුනා.මේ ටිකේ වැඩ ගොඩක ඉන්නෙ ඒකයි.ඉක්මණින් කතාව කියවල කමෙන්ට් එකක් දාන්නම් හොඳේ.❤

    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

  9. අනේ සොරි වෙන්ඩ ඕනි මේ දවස් වල වැඩ වැඩි ඉස මෙර් පැත්තෙ එන්න බැලි උනා ?අක්කි කතාව මාරම ලස්සනයි අක්කි ආදරෙයි පැලෙන්න බුදු සරණයි .පස්සෙ දිග කමෙන්ටෙකක් දානම් බුදු සරණයි ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.