Katha Ahura

නිල් කවය ? | අවසානය | නවකතා

5/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

අවසන් කොටස
____________________________________________________________________________________________

මං ගල් ගැහිලා වගේ පොකට් පිහිය හංග ගනිද්දීම මට ඇහුනේ හුරුපුරුදු කෙඳිරියක්…

දෙයියනේ ෆැනී…!! හේශ් දොර ඇරපු ගමන් ෆැනීව උස්සලා විසි කරා බිමට වැටෙන්නම.. අහිංසක ෆැනී විලාප තියාගෙන බිමට වැටුණා.. වැදිච්ච පාරේ සැරට ෆැනී එහෙමම බිම ගුලි වෙලා ..

දැං නම් මට කොහොම හරි දිනන්න වෙනවා.. නැත්නම් මගේ ඇස් ඉස්සරහ මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් මැරෙනවා බලන්න වේවි..

හේශ් මූණ වියරු හිනාවකින් පිරිලා යද්දි හේශ්ගේ පස්සෙන් කාමරේට ආවේ යෙනී.. එයා හොඳටම සුදුමැලි වෙලා.. යෙනී කකුලක් අද්ද අද්ද කාමරේට ආවා..

යෙනීගේ මූණ හිස් කඩදාසියක් තරම් හැඟීම් වලින් තොර වෙලා..

මේක නම් පොඩ්ඩක්වත් හොඳ නෑ රුකී.. මං මටම කියා ගත්තා..

“යෙනී..”

“අන්තිම පාශාණයත් මට බලය දෙන්න සූදානම්.. උඹලට බෑ මාව නවත්තන්න.. දැං ඉතින් අපාය බලා ගනිල්ලා..”

හේශ් හිතන් ඉන්නේ යෙනීගෙන් ජීව ශක්තිය අරන් නිල් කවය සම්පුර්ණ කරගන්න අපි ඉඩ දෙයි කියලා වෙන්න ඇති.. නෑ.. ඒක වෙන්න දෙන්න බෑ..

යෙනී ගිහින් නිල් කවය ඉස්සරහ වාඩි වුණා.. මං ෆැනී දිහා බැලුවා. එයත් බය වෙලා මං දිහා බලන් ඉන්නවා..

ඊයේ වගේම ටික ටික නිල් කවය ආලෝකමත් වෙන්න පටන් ගත්තා.. මේක තමයි වෙලාව.. යෙනීගේ ජීව ශක්තිය නිල් පාශාණය උරා ගන්නවා.. හේශ් නිල් පාශාණය හරහා ජීව ශක්තිය ලබා ගන්නවා.. ඒ කියන්නේ මේ මොහොතේ එයා දුර්වලයි..

ඒත් එක්කම යෙනී ඇස් පියාගෙන බිම වැතිරුණා.. තප්පරෙන් තප්පරේ එයා කෙඳිරි ගාන වේගය වැඩි වෙනවා..

නිල් කවයට සම්පුර්ණ වෙන්න දෙන්න බෑ.. අපිට උදව් කරන මේ ගෙදර කවුරු වුණත් කමක් නෑ.. අනේ ප්ලිස්ස් අපිට එක අවස්ථාවක් දෙන්න.. ප්ලීස්ස්ස් දෙයියනේ..!!

ඊළඟ තප්පරේ මුළු කාමරය අඳුරේ ගිලුනේ අපිට උදව් කරන කෙනා කවුරු වුණත් අපිට අවසන් අවස්ථාව දෙන්න..

එක මොහොතක් වත් අපතේ නොයවා මං අඟුල ගලවන් එළියට පැන්නා..

“ෆැනී… යෙනීව අරන් දුවන්න..”

මං හයියෙන් ෆැනීට කෑ ගැහුවා.. ඒත් එක්කමයි ෆැනී මගේ හඬ ආපු පැත්තට පොඩි මල්ලක් විසි කරේ.. ඒක මගේ උරහිසේ වැදිලා බිමට වැටුණා.. හරියට හරි.. සුදු ලුණු.. මොනවා වුණත් ෆැනීට සුපිරියටම මොළේ තියෙනවා..

“උඹලට බෑ මේක නවත්වන්න. මං උඹලව කෑලි කරනවා..”

හේශ් හයියෙන් කෑ ගහන් මගේ පැත්තට කඩන් පනින කොටම මං පස්සට පැන්නා.. ෆැනී කෙඳිරි ගාන යෙනීව ඇඳගෙන දොර දක්වාම ගිහින්.. මං හිතන්නේ හේශ්ගේ මායා බලය දුර්වල වුණාට එයාට අපිව දැනෙනවා..

හේශ්ගේ අඩි හඬ එක්ක හේශ් ගියේ යෙනීලගේ පස්සෙන් කියලා මට හිතුණා.. මේක තමයි මගේ වෙලාව.. තාමත් අඳුරේ දිලිසෙන නිල් කවය වෙනස් කරන්න කාලය හරි..

ෆැනි සුදු ලුණු මහා ගොඩක් ගෙනත්.. මං ඉඩ ලැබුණු ඇසිල්ලෙන් මල්ලෙන් සුදු ලුණු අහුරක් අතේ ගුලි කරන් වැඩ පටන් ගත්තා..

අවංකත්වයේ කොටුව..නිල් කවය උඩ අදින්න ඕන.. එහෙම තමයි තිබුණේ.. මං හුස්ම ගන්න එක පවා නතර කරලා එක හුස්මට කවය වට කරලා කොටුවක් ඇන්දා..

මං හරි ඇති සීයේ.. ඒත් මට කරන්න පුළුවන් මෙච්චරයි..

ඉක්මන් කරපන් රුකී.. මගේ හදවත් මහ හයියෙන් කෑ ගහනවා.. කොටුව සම්පුර්ණ කරන අවසන් ඉර අදිද්දිම කාමරේ එළිය වුණා.. හේශ් ආපහු ආවේ යෙනීව දෝතින් උස්සන්..

“උඹලට බෑ මාව නවත්වන්න..”

නිල් කවය ඉස්සරහ හේශ් යෙනීව බිමට අත ඇරියා..

“යෙනී..”

“මං උඹට ජීවත් වෙන්න දීපු කාලය හුඟක් වැඩියි..”

හේශ් මං දිහාවට අතක් දික් කරලා මොකක්ද මන්ත්‍රයක් කිව්වා.. මාව ඉබේම විසි වෙලා ගිහින් බිත්තියේ රැදුනේ මං හිතන්නත් කලින්.. මගේ ඇඟිලි වලට වඩා මගේ හදවත ගැහෙනවා.. හෙලවෙන්නවත් බැරි විදියට හේශ් මාව අඬුවකට හිර කරලා..

ඒත් මට අන්තිම ඉර සම්පුර්ණ ලැබුනේ නෑ. දෙයියනේ එක තප්පර කාලක් දෙනවා නම්..

හේශ් යෙනී දිහාවට හැරිලා ආයේ නිල් පාශාණයෙන් බලය උරා ගන්නයි හැදුවේ..

“හේශ්.. ”

“පුලුවන් නම් මාව මරපන්.. උඹට කවදාවත් මාව මරන්න බෑ හේශ්.. උඹට බෑ.. උඹ දුර්වලයි.. මාව මරපන්..”

ඊළඟ තප්පරේ ඌ හිර කරේ මගේ බෙල්ල.. ඉහින් කනින් දාඩිය දාද්දි මගේ උගුරු දණ්ඩ ජීවත් වෙන්න සටන් කරනවා..

“මෙච්චරද උඹට පුළුවන්.. උඹ යක්ශයෙක් නෙවෙයි. තිරිසනෙක්..”

ඒ මගේ අන්තිම තුරුම්පුව.. හේශ් මාව අත ඇරියා..අඩි තුන හතරන් බිමට මාව ඇදගෙන වැටුණා..

“උඹව මරන්නේ මං නිකම් නෙවෙයි.. හොඳටම වද දීලා..”

මං අකැමැතිම හේශ්ගේ මූසල හිනාව.. මුළු කාමරේ පුරාම දෝංකාර දෙනවා..

රුකී.. ඉවසපන්.. දරා ගනින්.. මේක ඉවර කරපන්.. සුපිරි වීරයෙක් වගේ මං හිතුවේ එච්චරයි..

අහ්හ්හ්හ්හ්හ්හ්…

හේශ් අත් උස්සලා මාව බිත්තියේ වැද්දුවා.. මං ඊළඟ හුස්ම ගන්නත් කලින් හේශ් ආයේ මාව උස්සලා කාමරේ මැදට වීසි කරා..

මං වැටුනේ මට සම්පුර්ණ කරන්න තිබුනු ඉර පේන මානයේ.. මං දන්නවා දෙවියෝ තාමත් ඉන්නේ යක්ශයාගේ පැත්තේ නෙවෙයි..

මං අත දික් කරද්දීම හේශ් මාව ඇදලා ගත්තා.. ඒත් යක්ශයා පරාද වැඩී.. මං කොටුව සම්පූර්ණ කරා..

හේශ් මාව අත ඇරලා හයියෙන් කෑ ගහගෙන ඔළුව බදා ගත්තා..

මං අමාරුවෙන් අත ගහලා දෙපයට වාරු වෙලා හිට ගත්තා..

“උඹ කොහොමද එහෙම කරේ..??”

හේශ් කෑ ගැහුවේ මුලු ගෙදරම දෙදරන තරම් හයියෙන්.. ඒත් මළමිණී එක්ක රැයක් හිටපු රුකීට තව බය වෙන්න හේතුවක් නෑ..

මං කෙලින් වෙලා ලොකූ හුස්මක් ගත්තා.. හේශ්ගේ මූණ තරමක් විරූපි වෙලා.. පාට දෙකේ ආකර්ශනීය ඇස් තද රතු පාටට හැරිලා.. ඇස් කෙවෙනි පුරා ලේ බේරෙනවා..

“හේශ්.. ඒකට කියන්නේ අවංකත්වයේ කොටුව.. තමුන් දන්නවද.. මගේ සීයා කියනවා අපි අවංක වෙන්න ඕන හතරදෙනාටලු. තමන්ගේ පවුල, මිතුරන්, ගුරුවරුන්ට, ඒ වගේම තමන්ගේ හතුරන්ට.. තමුන් යක්ශයෙක් වුණේ කාටවත්ම අවංක නොවුණ හින්දා..”

මං කෑ ගහලා කිව්වේ හේශ්ගේ සද්දෙන්ම.. මං දන්නවා හේශ් ඉන්නේ වියරු වැටිලා.. එකපාරටම හේශ් එයාගේ ඇදුමත් ඉරාගෙන මං දිහාවට පැන්නා..

“මං උඹව මරනවා..”

ඒත් ඊට කලින් අපි හිටපු පොළව දෙදරලා පොළව දෙපැත්තට වෙන් වුණා.. ඔව්.. මේ ගෙදර අපිට උදව් කරනවා. මේ යක්ශයා විනාශ කරන්න..

“උඹට බෑ මාව නවත්තන්න.. මං අවුරුදු දෙසීයක් ජීවත් වුණා.. අවුරුදු දෙසීයක් බලන් හිටියා මේ දවස එනකම්.. උඹට බෑ..”

“නෑ හේශ් මට පුළුවන්.. තමුන් එදා කිව්ව.. මීට අවුරුදු හතළියකට කලින් බයේ පැනලා ගියේ මගේ සීයා.. එයා තමයි මගේ දෛවය ලිව්වේ.. එයා අවස්ථාවක් ගත්තා තමුසෙගේ යක්ශ ආත්මය අපායටම යවන්න.. දැං තමුසේ ඉවරයි..”

මං නිල් කවය මැද්දට අඩිය තිබ්බා.. ඒත් එක්කම මහ හුළඟක් එළියේ හමන්න ගත්තා.. ගස් කොළං හෙලවෙන හඬ වගේම බල්ලෝ උඩුබුරන හඬ ළං ළංව ඇහෙන්න පටන් ගත්තා..

“මගේ අනුගාමිකයෝ ලඟම එනවා.. උඹට නිල් කවයේ බලය නවත්තන්න මායාවක් නෑ..”

“නෑ හේශ්.. මායාව අපේ පවුල අත ඇරියේ නෑ. අපියි මායාව අතඇරියේ.. මායාව තියෙන්නේ ලේ වල.. ඒ බලය නවත්තන්න කාටවත් බෑ..”

එකපාරටම ඇහුනේ ගෙදර වහළේ උළු බිඳෙන හඬ.. මේක අවසන් වෙන්න ඕන හොඳම වෙලාව තමයි මේ..

“අපි මේක ඉවර කරමු.. මට උදව් කරන්න. මං දන්නවා ඔයාටත් ඕනී නිල් කවය නිදහස් කරන්න.. ඉතින් මට උදව් කරන්න..”

මං වටපිට බලලා හයියෙන් කිව්වේ මට මේ වෙලාවේ උදව් ඕනම නිසා.. හේශ්ගේ අප්‍රසන්න හිනා හඬ ආයේම ඇහෙද්දි කාමරේ අඳුරු කොණකින් මතු වුණේ සුදු පාට දුමාරයක්..

ඒක චායාවක් වගේ මං ලඟට ඇවිත් එක තප්පරෙන් ඒ ආත්මය මගේ ඇඟ ඇතුළට ඇතුල් වුණා…

තවදුරටත් මං මගේ පාලනයෙන් ගිලිහෙද්දි මං නොදන්නා භාශාවක් මගේ හිතේ ඇදුණා.. හරියටම මං වෙන කෙනෙක් වගේ..

ඊළඟ තප්පරේ කාමරේ ජනෙල් බිඳගෙන තද හුළඟක් කාමරේ තුළට ඇතුළු වෙලා නිල් කවය වටා වේගයෙන් හැමුවා.. හේශ්ගේ බලය උපරිමයෙන් අපිව නතර කරන්න හදනවා..

හෙමින් හෙමින් මගේ මුවින් වචන කිහිපයක් ගිලිහුණා. මං මන්ත්‍ර කියනවා.. දෙයියනේ.. මේක නම් පුදුම හැඟීමක්… හේශ් විලාප දීලා කෑ ගහනවා..

සුළඟටත් වඩා වේගයෙන් මං මන්ත්‍රය මුමුණලා ඉවර කරා.. ඒත් එක්කමයි මුළු පරිසරයම නිහඬ වුණේ.. කවය මැද තිබුණු නිල් පාට ලොකු පාශාණය අඩි ගණනක් උඩට ඇවිත් මගේ ඉස්සරහම කෑලි කෑලි වලට කුඩු වෙලා අතුරුදහන් වුණා..

මං බැලුවේ හේශ් දිහා.. හේශ් ඔළුව බදා ගෙන වේගයෙන් ගැහෙනවා.. මුළු කාමරේම එක මොහොතකට ආලෝකමත් වුණා..

නිල් කවය වට කරලා තිබුණු නිල් ලුණු කුඩු ගින්නෙන් දැවිලා මං වටේ ගිනි කවයක් නිර්මාණය වුණා.. සියල්ල අවසානයි.. මගේ හිතට දැනුනේ ලොකූ සතුටක්.. හරියට අවුරුදු දෙසීය ගණනකින් දැනෙන සතුටක් වගේ..

අහ්හ්හ්හ්හ්හ්හ්… නොහිතපු මොහොතක මගේ පපුව හිර වුණා.. ඉහළට ගත්තු හුස්මෙන් මගේ ඇස් සුදු පාට ආලෝකයක නතර වෙද්දී මාව එහෙමම බිමට වැටුණා..

අන්තිමට මං චායාවක් වගේ දැක්කේ හේශ් ගිනි ගන්නවා.. ඒ දසුන මොහොතකට හරි මට සැනසුමක් ගෙනාවා. ඒත් මගේ සිහිය හරි ඉක්මනටම මගෙන් ඈත් වුණා..

“රුකී.. රුකී.. නැඟිටපන්.. රුකී..”

කවුරු හරි මගේ කම්බුල් වලට ගගහා කතා කරද්දී මං අමාරුවෙන් ඇස් ඇරියා.. මං ඉස්සරහ හිටියේ ෆැනී.. අහිංසක ෆැනී. මං හිනාවකින් හුස්මක් ගත්තා..

“ඔයා හොඳින් නේද රුකී..??”

ඊළඟට මගේ මූණට එබුනේ යෙනී. මගේ කෙල්ල.

මං ඔළුව වනද්දි යෙනී පැනලා මාව බදා ගත්තා.. එහෙනම් හැමදේම ඉවර වෙලා.. තවත් විනාඩි ගාණකට පස්සේ මං ඔළුව උස්සලා බැලුවා.

අපි හිටියේ පාරේ.. එතකොට අර ගෙදර.. හොඳටම ගිනි ගන්නවා.. එතකොට හේශ්..??

“හේශ්..??”

“රුකී මං කාමරේට එද්දිත් හේශ් ගිනි ගන්නවා..”

“ෆැනී තමයි මාවත් ඇහැරව ගත්තේ..”

එහෙනම් නිල් කවය ගිනි ගත්තා.. මේ ලෝකයම අපායක් කරන්න හීන දැකපු හේශ් කියන යක්ශයා එක්කම..

ෆැනී මාව පැත්තකින් වත්තම් කර ගනිද්දි යෙනී මාව අනිත් පැත්තෙන් වත්තම් කර ගත්තා.

“ෆැනී.. ඔයා හොඳ යාලුවෙක්.. අපිට අඳුර ගන්න පරක්කු වුණාට..”

මං ෆැනීට කිව්වේ හදවතින්මයි.. ඔව්.. එයා නොහිටියා නම් නිල් කවය මේ ලෝකය අපායක් කරාවී..

“මං කරේ ඔයා කියපු දේවල් රුකී.. ඔයාට උදව් කරපු එක..”

“රුකී.. එතකොට ඔයා කොහොමද අර මන්ත්‍ර කිව්වේ..?? එතකොට මං හිටියේ දොර ගාව..”

ම්ම්ම්ම්ම්ම්.. ඇත්ත ඒක හිතන්න ඕන ප්‍රශ්නයක්.. ඒත් මං උත්තරේ දන්නවා..

“ඔයා අහලා තියෙද ෆැනී අර මිසෙල්ලා ට්‍රිවින්සන්ගේ කතාව. ”

“අර පුංචි කාලේ නිදා ගන්න කොට කියන මායාකාරිනේ.. එයාගේ කතා ගොඩක් තියෙනවනේ. ”

යෙනී තමයි මැදින් පැනලා උත්තර දුන්නේ..

“එයා තමයි..”

“ඈ…”

යෙනියි, ෆැනියි මූණට මූණ බලා ගනිද්දි මං දුර ඈත චායාවක් දිහා බලලා හිනා වුණා.. මුල ඉදන්ම මිසෙල්ලට හේශ්ව නවත්තන්න ඕන වෙන්න ඇති.. අවස්ථාවක් එනකම් අවුරුදු දෙසීයක් බලන් ඉන්න ඇති..

අවසානයේ හැමදේම නිමා වුණා..

සීයේ.. ඔයා තමයි මේ හැමදේටම මාව සූදානම් කරේ.. තාත්තා හිතුවේ ඔයාට පිස්සු කියලා.. ඒත් ඔයා හරි.. පවුලට, යාළුවොන්ට, ගුරුවරුන්ට වගේම හතුරන්ටත් අවංක වෙන්න ඕන..ඒක තමයි අවංකත්වයේ කොටුව..

මට තාත්තාට කවදාවත් ඔප්පු කරන්න බැරි වෙයි ඔයා වීරයෙක් කියලා.. ඒත් මං මගේ දරුවන්ට කියනවා.. ඔයා වීරයෙක්..!!

හැම කෙනෙක් තුළම මායාව තියෙනවා.. අඳුරු මායාව අපිව අඳුරට ඇඳලා ගන්න නිසා අපි මායාව අත ඇරියා.. ඒක තමයි ඇත්ත..

හැබැයි ආයේ කිසිම කෙනෙක් #නිල්_කවයෙන් බලය ගන්න උත්සාහ කරන එකක් නෑ .

මං ලොකූ හුස්මක් අරන් ෆැනියි ,යෙනියි එක්ක පාළු පාර දිගේ හෙමින් ඇවිදගෙන ඉස්සරහට ගියා.

නිමි..
______________________________________________

ලස්සන නිල් පාට කතාවක් ඔන්න කොටුවකින් අවසන් වුණා.. අත්භූත කතා වල ඉන්නේ මං වෙන්න ආස මං.. ?

කෙනෙක් පෞද්ගලිකවම කතා කරලා කිව්වා මගේ මේ නිල් කවයෙන් හොඳ ඉංග්ලිශ් ෆිල්ම් එකක් කරන්න පුළුවන් කියලා. එහෙම කියද්දි මගේ ඇතුලේ ඉන්න ත්‍රාසජනක අත්භූත ලේඛිකාව හයියෙන් අත්පුඩි ගහලා නැටුවා..

සතුට තියෙන්නේ ඔයාලගේ ප්‍රතිචාර මත.. ඔයාලගේ හැඟීම් අපිට මවන සිතුවිලි ඔයාලා දන්නේ නෑ ළමයි.. ඒක පුදුම හැඟීමක්..

ඉතින් අද ඔයා මේ නිල් කවය කියවපු කෙනෙක් නම්.. අනිවාර්යයෙන්ම මට ඔයාලගේ හැඟීම කියලා යන්න අමතක කරන්න එපා. පැය ගණනක මහන්සියට ඔයාලා නිකම් ස්ටිකර් එකක් දානවට. දන්නවනේ කොහොමත් මං මැර මාධවීනේ.. ?

අවුරුදු දෙකහාමාරක් මං ලියලා.. අනේ මන්දා.. දැනුනෙත් නෑ.. මං මුලින්ම ඇලී අක්කට.. ඔයාලගේ ආදරණීය ඇලනා අක්කට කතාවක් ලියන්න ආසයි කියපු දවස අද ඊයේ වගේ. එදා අක්කගෙන් ලැබුණු මෝටිවේශන් එක මාව අද මේ තරම් දුර ගෙනාවා. ඇලී අක්කා.. බොහොම ස්තූතියි.. ආදරෙයි ❤

ඒ වගේම හැමදාමත් මාත් එක්ක ඉන්න මගේ පාඨකයෝ සෙට් එකට.. පැලෙනකම් ආදරෙයි ❤❤❤❤❤.. ඔන්න ඔක්කොටම..

මගේ පොතක් වුණු නවකතාව “රොබොසෝසියා” කියවන්න.. ?? හොල්මන් නෑ ඉතින්.. කවුරු හරි තනි යහන වගේ දිග හොල්මන් ලව් කතාවක් ඉල්ලුවා වගේ මට ලාවට වගේ මතකෙට එනෝ. බලමු බලමු..

මට සවියක් වෙන ඔයාට මුළු හදවතින්ම ස්තූතියි.. ? හැමදාම මාත් එක්කම ඉන්න..

ඉතින් තවත් අඳුරු කතාවකින් හමුවෙමු
බුදු සරණයි..

112 thoughts on “නිල් කවය ? | අවසානය | නවකතා”

  1. මාධි අක්කියෝ මන් කතාව කියවලාම කමෙන්ට් එකක් දන්නම් හොදද ??? ත්ලා වෙන්න එපා…..???

      1. Chuuti manike

        සුබ පැතුම් අක්කියෝ ඈ ???? ????????????????????????????????????????????????????????????????????️?️????????????????????????????????????????????????කන්න ඈ ඔක්කොම ?

      2. Sandali 2004

        අනේ හරිම ශෝක් මේ කතාව.මන් ෆට්ට ආසාවෙන් කියෙව්වේ.සුබ පතනවා අක්කීයෝ……

        1
        1. Chuuti manike

          සදලි අක්කියෝ කෝමද අවුරුදු වලින් පස්සෙ දැක්කෙත් න්හ් ??

    1. Sandu (kandy girl)

      සුබපැතුම් සිත්තෝ ..???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      මේවා ෆ්‍රෙශ්…?

  2. Chuuti manike

    සුදූලා.ම්න කාලා එන්නම්.ඈ දවල් කෑවෙ න්හ්නෙ එහම්ම්මම ක්ලාස් ගියා දැන් ෆට්ට්ට බඩගිනි…??????

  3. අක්කි..නිල් කවය ගොඩක් ලස්සනයි ❤ ❤️? මං ගොඩක් ආසාවෙන් ,මුල ඉදන්ම කියවපු කතාවක්.තවත් මේ වගේ ලස්සන ,අද්භූත කතා? ලියන්න අක්කිට පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .??❤️

    4
          1. මට නම් 16 දැන් .මේ අවුරුද්ද ට 17 .ඔයාට කීයද චූටි මැනික

  4. .මගේ දැක්කමට හිතෙනව චූටි කෙල්ල තාමත් කමෙන්ට් එක කොටනව කියල??????????❤??

  5. .එහෙනම් තව විනාඩි දහයකින් විතර එන්නම් ඔකෙ .හෙටනම් ඉතිං ඉස්කොලේ නැතො…?❤?????

  6. .ඔය යට තියෙන්නෙ මේ සතියේ හොදම කතා කියලා එකට ගිහිං කියවලා බලනවා..අලුත් කතා දෙකක්මම තියෙනො

    1. ඔයා කමෙන්ට් එක්ක් දාලා තියෙනවා දැක්කා ඩෑෂ් බෝඩ් එකේ …..මන් ඒකට ගිහිල්ලා ඒක කියෙව්වා…..???

    1. කාගෙද බන් මේක කෝල් කරලා දත් නැතුව බත් කන්න වෙයිද දන්නේ නෑ …..???
      කවුද දන්නේ ෆෝන් එකෙන් අත දාලා හොම්බ රිවට් කරොත් එහෙම ?????

  7. ???sithu බොක්ක ආතල් නෙ… සුබපැතුම් කිව්ව මචො..ආදරෙයි බොක්ක උන්ඩුකපුච්චේන්ම….එලම
    ????????????????????????????ආ මේක ගනින් බං ? බ්‍රෑන්ඩ් නිව් හොඳේ….????????????

    1. තැන්කූ බන් ????මාත් ආදරෙයි බන් උබලා ඔක්කොටම ???? ෆෝන් එකටත් තැන්කූ හොදේ ???

          1. Chuuti manike

            අහ් මන්.අන්තිම ටික ඇහුවෙ ශාහි අක්කිගෙන් ?????

    1. Chuuti manike

      අන්‍ර් මැනිකෙ ජයයි මන් හිතන්නෙ අක්කෙක් වෙන්නැති කියන්න්කො වයස එහෙම ??

  8. මං හිතන්නේ මේකේ ඉන්න ගොඩක් අය චූටි නංගිලා මල්ලිලා වෙන්නැති…මං 1999… මට වයස 22…මං ඇල්පිටියෙන්…තව කිව්වොත් කැම්පස් යන්න බලාගෙන ඉන්න අක්කියෙක්…

    1. Chuuti manike

      අම්මෙ නො අවී අක්කිට මචියෙක් නෙ…ආ…මන් නම් අක්කියෝ 14 සූටි කෙල්ලෙක් ..ගිඩක් අය පොඩි තමා…???
      නෑ නෑ ලොකු කට්ටියත් ඉන්නො ??

      1. ආ…. මං ඔයා ගැන නම් දන්නව..ඔයා මට අවුරුදු දවසේ ඔයා ගැන විස්තර කිව්වනෙ…

        1. Chuuti manike

          එහෙමත් එක්ක්ද මතක න්හ්නෙ අක්කියෝ මෙ පොඩ්ඩක් ඉන්න මන් ගිහින් බලලා එන්න්ම්.ඈ..??
          ඈ මන් එහෙම කීවාද ????

          1. Chuuti manike

            ආ …ආ දැක්කා අක්කියෝ සොලි වෙන්න ඕනෙ.ඉතින් එදා අවුරුදු හින්දා මෙලො දෙයක් මතක තිබ්බෙ න්හ් ????❤️❤️❤️

    1. Chuuti manike

      ආ කිවා ඉතින් මෙ මන් ඉම්මෙ කැලනියෙ…කට්ටියම කියනවා..මට පිස්සු ලු..ඇත්ත ද දන්නෙ න්හ්..?..

    2. මන් නම් ඉතින් ඉන්නේ අ’පුර මට 15 යි තාම 16 ලැබුවේ නෑ …….?????
      ම්ම්ම්ම්…තව ටිකක් විතර මොංගල් ගතියක් තියෙනවා …ඒත් දගයයි චූචූටියයි තරම් නම් නෑ ???????

        1. Chuuti manike

          ආ ම්‍ර් ඒක් නෙමෙ දැන් කතා දෙකේම 1000සම්පූරන කරන්න ඔනෙ නෙ ??

          1. Chuuti manike

            තෙජ් අක්කිගෙ කතාවත් ඉවරයිනෙ ??

          2. කතා දෙකක් නෙවේ චූටියෝ කතා හතරක් තියේ…ඔක්කොම කරන්න ඕඔනේ……මාත් පුළුවන් හැම වෙලාවෙම එන්නම් …..අනිද්දා ඉද්ලා හවස ආෆ්ටර් ස්කූල් තියේ එතකොට හවස න්ම එන්න බැරී වෙයු…..ඒත් රෑට එන්න බලන්නම්……

          3. ඇයි නිශු අක්කිගේ ඉමා අක්කිගේ ඔය දෙන්නගේ කතාත් තියේ ….තාම ඒව ඉවරත් නෑ ………

          4. Chuuti manike

            ඇයි අක්කියෝ 5 ක් නෙතු අක්කි ගෙ කතාවත් තියෙ දැන් කට්ටිය වැඩිය නෑත් එක්කනෙ ????

  9. බට්ටලා බට්ටිලා පැංචලා පැංචිලා දගයලා දගීලා කස්ටිය මං ගිහින් එන්නම් හොදද …….
    දැන් ඉතින් ආපහු පාඩම් කරන්න එපැයි ????

  10. .ඔන්න ආවො…සෙට් එකටම කමෙන්ට් මෙතන දීගෙන යන්නම් ඕකේ
    චූටි මැණික විසින් dagaya හට මෝඩයා කියා තිබුණේය.ඇයි දන්නෙ නෑ… ඒ…
    ඉටපස්සෙ ආවෙ ඔය බැට් මෑන්, සුපර් මෑන් වගෙ ගොබ්බ වීරයෝ නැමෙයි …ඔන්ලි වන් දගයා…..
    ආයෙ ඉතිං සුම්ම විරයෙක්…හුම්ම්ම්
    එතකොට කවුද බොල choko මෑන් කියල ඉන්නෙ….
    ඉටපස්සෙ..අෆ්‍ර් චූටියාගෙ කමෙන්ට් එක නැති වෙලා හොඳ වැඩේ…. ???? ඒ වුණාට ඔය වෙලාවට එන කුජිත හැඟීම මං දන්නවා….හම්මෙ ඉතිං ?????????
    ආ…තව එ මොට්ට චූටි චූට්ටක් මේ සතිය්‍ර් හොදම කතා කියන තැනින් යටට ටික ටික ගිහිං බලන්න…හුම්ම්ම්
    ඊටත් පස්සෙ අර මං දැම්ම නම්බරෙ තියෙන්නෙ එක 0781 කියන්නෙ හජ් එකේ නම්බර් පටන් ගන්න විදිහ 119 කියන්නෙ මොකක්ද කියල ඔයාලා දන්නවනෙ..ඊටපස්සෙ 232 කියන්නෙ හජ් එකෙ ශේෂය බලාගන්න ගහන්න ඕනි නම්බරෙ….
    ඊට පස්සෙ සිතු බොක්ක අඩෙ මේ ෆෝන් එකට තන්කුයි කියන්න එපා බං එක බ්‍රෑන්ඩ් නිව් තමයි ඒත් එක දුන්නෙ ගෙවන්න ගන්න ..නත්තම් කොහෙ තියෙන සල්ලිද???

    ඊටත් පස්සෙ ශසි නම.හරිද දන්නෙ ණ…මොන අවුරුදු ද අෆ්ෆ…කිසි ගැම්මක් නෑ…
    තව මං ගැන කියනවනම් චූටියායි මමයි එක වයසෙ අෆි දෙන්න කිඹුල්ලු නොවන නිවුන්නු…මූන කටනම් එක වගෙ නෙමෙයි ඒත් නිවුන්නු..එයට කලින් මං ඉපඩුනාට එය තමයි මගේ අක්කා දැං ඕව හිතන්න යන්න එෆ අක්කි නත්තම් අක්කිට මානසික රෝහලක තමයි නවතින්න වෙන්නෙ?????????

    .
    තව සිතු අක්කි…
    එහෙනම් පරිස්සමිං ඉන්න ආදරෙයි බොක්කෙන්ම macho…
    මැරිලත් පස්සෙන් එනො…?❤???උම්ම්ම්ම්ම්ම්මා

    1. Chuuti manike

      ඇයි දන්නොද…මගෙ කමෙන්ට් එක නැති උනාට එක් එක් ඒවා කීව හින්දා හරකො ??
      ආ ඒ තියෙන්නෙ පරන කතානෙ මෝඩයො ???
      අඩෙ මෙ ඇත්ත ටම අන්තිම එක හච් එකෙ ශෙශ ය බලනඑක්ද අහ් හොදයි හොදයි ???

      ඒ මොකක් ද බන් කිබුල්ලු නොවන නිවුන්නො ???

    2. ඒ චොකො මෑන්ව දන් නැත්තන් වැඩ්ක් නැ බ්න……කෙල්ලෙක් වත් සෙට් කරගන්න කොට දැනගන්න ඕනෙම එකක් ????

      මං හිතුවේ මට අරන් දුන්නා කියලා …..වැඩ්ක් නෑ වැඩ්ක් නෑ …….??????? මට ඕක හීන වන ශේශ ක්‍රමේටද ගෙවන්න දුන්නේ නැත්තන් සුලු පොලියටද වැල් පොලියටද ……..????
      මොකක් උනත් කම්ක් නෑ ….ඔන්න මන් නම් ගෙවන්නෙ නෑ ..අරන් දුන්නනම් ගෙවන් එකයි ඇත්තේ….?????

      ආඅ….තව …මැරිලවත් නිදහසේ ඉන්න දෙන්නේ නැද්ද බන්…..
      මැරුනහමවත් පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙනවකෝ……???

  11. .මං කිව්වෙ කියවපිය කතාවට දැම්ම කමෙන්ට් එක නැමෙයි මේක ඔයාලට දැම්ම කම්‍රෙන්ට් එක..
    අඩෙ ඇල ඇල සුම්ම ඒ කියන්නෙ chutiyage කතාවකුත් ළඟදිම කියවන්න පුලුවන් ඕකේ ..මමාත් එහෙන්ම් කතාවක් ලියන්න යනො කරන්න දෙයක් නෑනෙ මං ලිය ලිය හිටිය එක ඉතුරු ටික ලියනව..ඇලම්

  12. Chuuti manike

    හෑ මොකක් කතාවක් ලියනෝද ලියන්න ඉතින් එලනෙ…මගෙ එකට කලින් ඔයැයිගෙ එක ඒවි ??❤️

  13. අනේ මධවී අක්කි කියල වැඩන් නෑ කතාව නම් ඇත්තමයි කියන්නෙ මට අන්තිමට ඇඩුන.ඔයා නම් මාරම වැඩ්ඩියෙක්.❤ඇත්තටම මේක ෆිල්ම් එකකට කියාපු කතාව මේ කතාව දාල ෆිල්ම් එකක් හැදුවොත් අපිට කියන්න පුලුවන් ඔය කතාවෙ ලේකිකාව අපි හොදට අදුරන මාධි අක්කි කියල අනෙ කොහොම හරි ෆිල්ම් එකක් හදමු.ආයිත් කියන්නම් අක්කි ඔයා මාරම වැඩ්ඩියෙක්
    අහ් අක්කි අර ඔයා කියපු නව කතාව පොතක් විදියට ලියල කඩවල් වල තියෙනවද නැත්තම් ඔයා විහිලුවට කියපු එකක්ද නැත්තම් ඔයා කතා අහුර මේ app එකට ලියපු කතාවක්ද

    අන්තිමට කියන්නම් වැඩි කල් බලාන ඉන්න බෑ ඉක්මන්ට මාධි අක්කිග්‍ර් කතාවක් ඕනි.ආදරෙයි පැලෙන්න හැමදාම පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????????????????????????????????????

  14. ගුඩ් මෝනින් හැමෝටම ලොකු අයියටත් එක්කම…..
    මං ස්කූල් ගිහිල්ලා එන්න්ම්ම් හොදද ???

  15. ලමයි ….මං ලෑස්ති වෙන ගමන් මේ ගැන කල්පනා කරනකොට මට පොඩි අයිඩියා එකක් පහල උන…??

    අපි තේජා අක්කිගේ ඉමා අක්කිගේ නිශු අක්කිගේ මාදි අක්කිගේ නෙතූ අක්කිගේ මේ කස්ටියගෙන් කතාවල් අවසාන් කොටසට දැනට වැඩිම කමෙන්ට් ගානක් තියෙන කතාවෙන් වැඩේ පටන් ගමු….එතකොට ලේසියි…..වැඩේ ඉවර කරන්න දවස් ගානක් යයි…ඒත් කොහොමහරි කරමු…

    අද ඔයාලා මේකේ කමෙන්ට් කරන්නේ නැතුව දැනට වැඩිම කමෙන්ට් ගානක් තියෙන කතාවට ගිහිල්ලා ඒක අද ඉවර කරන්න බලමු…

    මං මේ කියපු එක හොදයි කියලා හිත්‍ර්නවන්ම් කරමු නේද …..

    මට ස්කූල් ගියහමත් වෙලාවකට මතක් වෙන්නේ මේවා…එක්කෝ ඔයාලත් එක්ක කරන පිස්සු වැඩ.???? ඒ වෙලාවට යාලුවෝ එක්ක කිව්වහම උන් කියනවා උබට දැන්මම අංගොඩ රූම් එකක් ලෑස්ති කරලා තිබ්බනම් හරි කියලා ……..?????

    3
  16. ආ සිතු අක්කි අවුලක් නෑ..අෆි එහෙම කරමු මමත් කැමති එ දේට ..ඒත්.. මට කතා වල නම් මතක නන්‍ර් මං කතා ඩ්‍ර්කක්ම sarch කරල බැලුව දෙකේම කමෙන්ට් 1000 සම්පූර්ණයි
    ඉතිං මට කතාවකැ නමක් කියන්න කෝ

  17. .හරි මතක් වුණා අෆි ඉමා අක්කිගෙ කතාවට යමු මතක හැටියට තව එ කතවට කමෙන්ට් 150 වගෙ තමයි ඕනි… අහම්බයකි නුබනම් කතාවෙ නම ඒත් මට දැනට යන්න වෙනවා 10.30 න් පස්සෙ එන්න වෙන්නෙ ගොඩක් දුරට සොරි
    ..
    එහෙනම් මං එකට එන්නම් ඕකේ…චූටි අවුලක් නෑනෙද…
    එ මොට්ට කෙල්ල තුදු බතලි …
    තරහා නෑනෙ මං 10.30 න් පස්සෙ එන්නම්.හොඳේ…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

  18. .කො බොල අෆ්‍ර් චූටියා…හෙලො… ඔයා ඉන්නවද …
    ෂුවර් එකටම මෙකි තාම නිදි ඇති… නැගිටපිය කො…කො….
    .තවත් විදිහකට හිතෙනවා කතාව ට්‍යිප් කරණවාද කියලා…
    ඕකේ එහෙනම් මං යනො…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

  19. .අඩො නො ඔයි උඹව මරලත් මදින මෙච්චර වෙලා බුදිය ගත්තද ආ….
    මොකක්ද බං මෙච්චර වෙලා නිදා ගත්තද….
    අනේ මන්ද
    කෙල්ලෙක් ගෙදරට සිරියාවලු ඒ මේක වෙන්න ඇති…. ?????????
    මෝඩි පිස්සු බතල ක්‍ර්ල්ල..
    ආ මේ අහම්බයකි නුඹ නම් අන්තිම වට එනවද ආ .
    ඔයගෙ කමත්තක් ඔයා කැමතිනම් මේකෙ chat කැරමු නත්තම් එක චැට් කරමු ඔයාගෙ කැමැත්තක්…

  20. ඒ මට තම ෂුවර් කරන්න අම්මරුයි ඔයා මෙච්චර වෙලා බුදිය ගත්තා කිව්වම නිදි කුම්බරි…
    ?????????????????????????????????

    1. Chuuti manike

      ඉතින් බන් උබ හිතුවද මන් ඊයෙ රෑ 8 ට නිදාගත්ට්ත්තතා කියලා 2 පහුවෙලා නිදාගත්ත්‍ර් බන් ඉස්කෝලේ වැඩ ටිකක් කරලා පොඩ්ඩක් යූටියුබ් පැත්තෙ ගිහින් එහෙම නිදාගත්ත ..???

  21. .අනේ සොරි හොඳේ … අද ඉස්සෙල්ල බැටරි බැස්ස ඉටපස්සෙ…ඩැන් දර්ශී ඇන්ටිලගෙ ගෙදර ගියා..
    එකයි තව ඉස්කොලේ වැඩ ගොඩක් තියෙනො ඒත් අනිව මං රෑට එනව ඔයත් එන්න පුළුවන්නම්..අදත් ඔලුව කැක්කුමක් අල්ලන් එනො දැං panadol දෙකක් ගහන්න.. ඕනි .අද ඉතිං හවස් වරුවම අවිඩ්ඩනෙ….
    ඕකේ.සොරි හොඳේ ඇන්නා බරිවුනාට මන් ඉතිං 8ට වගෙ එන්න බලන්නම් සොරි හොඳේ එහෙනම් බතලි gb උම්ම්ම්ම්ම්මා

  22. .අනේ ඉතින් අද මට මගේ බතලිත් එක්ක හරියට කතා කරන්නත් බැරි වුනාන්‍ර් සොරි හොදෙ…හෙට ඉතිං ඉස්කොලේ…එකෙ වෑඩ වගයක් තිබ්බා…ෆෝන් එක බැටරි බැස්ස අද හරියට ෆෝන් එක සම්පුර්ණයෙන් ටජ් කරන්න බරිවුනා..
    අනේ සොරි හොඳේ ඩැන් මෙහෙ වහිනො එහෙනම් මං යනව හොඳේ පිස්සු කෙල්ල ..
    එහෙනම් රශ් අෆි කපුනා…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා …..
    ????????? මං මේ කෙල්ලෙක් හොයනවා අෆ්ෆ ඔයා දන්නවද දන්නෙ නෑ… රශ්මි යොහානි අනුරාධා කියල කෙනෙක් මහ පිස්සු කෙල්ලෙක් අෆ්ෆා…
    ඒ මේ එයව දන්නවනම් කියන්න හොඳේ….
    එහෙනම් මං යනව හොඳේ බුදු සරනයි .
    .
    .
    .
    dagaya ඩෙයියන්ගෙ පිහිටයි….
    හුම්ම්ම්ම්ම්ම්ම්

    .
    ම්‍ර්හෙ වහිනො….gb

    1. Chuuti manike

      අනෙ කමක් නෑ සුදූ…මාත් ඉතින් කවුරුත් නැති හින්දා වැඩ කලා දැන් ටීකට කලින් ඉවර කලෙ…දො මතයි වගෙ ?අනෙ මන් එහම.කෙල්ලෙක් දන්න්නනෙ න්හ් අෆ්ෆා දන්නවානම්.ඔයාට නොකියා ඉන්නවාද ???
      දැනගත්ට්ත්තතොත් කියන්නම්කො හරිද….ඒ මෙ මෙහෙට ත් වැස්සා අෆ්ෆා..මරු වැස්ස ඉතින් ???❤️
      මෙ.කාගෙ පිහිටයි ද මන් එහෙම දෙවියෙක් අහලා නෑනෙ අලුත් කෙනෙක්ද ??
      අහ් හෙට ඉතින් ඉස්කෝලේ නෙ..මට තමා ඉතින් පාලු කවුරුත් නෑනෙ ????
      බුදු සරනයි ..gb ummmmmmmmmaaaaa ❤️❤️❤️

      1. Chuuti manike

        ඒක නෙමෙ.ඔයා ඒ කෙල්ල.හොයම්නෙ මොකටද හම්බුන ත් කියන්නකො …???

  23. මාධි අක්කි❤,අද තමයි ඔන්න කතාව කියවල ඉවර කළේ.

    නිල් කවය,කතාව ගොඩක්ම ගොඩක් ලස්සනයි❤.
    කුතුහලයක් එක්ක කතාව කියෙව්වෙ.හැබැයි ඔන්න මං මුලින් කිව්ව හරි හොඳේ.මං කිව්වෙ අර හේශ් මේ වෙන දේවල් වලට සම්බන්ධයි කියල.

    අපි වෙනුවෙන් කතාවක් අරන් ආවට ගොඩක්ම ගොඩක් ස්තුතියි අක්කියො ❤ .

    ආයෙමත් ලස්සනම ලස්සන කතාවක් අරන් එන්න.
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.