Katha Ahura

නිල් කවය ? | අවසානය 01| නවකතා

5/5 - (6 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

අවසන් දිනය (පළවෙනි කොටස..)
____________________________________________________________________________________________

ඒත් එක්කමයි කාමරේ දොර ඇරුනේ…

මං බයටම බිත්තියට හේත්තු වෙද්දි කාමරයම අඳුරේ ගිලුණා.. හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනින්.. මගේ නළලින් දාඩිය බිංදු වෑස්සෙනවා…

මට මගේ අත් දෙකවත් නොපෙනෙන තරම් අන්ධකාරයේ අර්ධ යක්ශයෙක් එක්ක කාමරේක තනි වෙන එක.. දෙයියනේ මගේ පපුව කියා ගන්න බැරි තරම් වේගයෙන් ගැහෙනවා..

අඩි හඬක්.. හෙමින් හෙමින් ළඟට එනවා.. ඒ හේශ් තමයි.. ඊට පස්සේ ඇහුනේ හිනා හඬක්.. මගේ දෛවය මට හිනා වෙනවද.. නැත්නම් මේ යක්ශයා මට හිනා වෙනවද..??

“රුකී…”

“මං දැන ගත්තා උඹට නිකම් ඉන්න බැරි බව.. ඒත් උඹ මෙහෙටම එයි කියලා හිතුවේ නෑ..”

ඒ කටහඬ වෙනදා ඇහෙන තරම් මුදු නෑ. හරිම ගොරෝසුයි.. අපැහැදිලියි..

“හැබැයි උඹ ආයේ මෙහෙන් යන්නේ නෑ..”

ආයේමත් හේශ්ගේ මහ අප්‍රසන්න හිනාව..

ඒත් එකපාරටම කාමරය එළිය වුණා..

මගේ ඇස් වලට සෙන්ටි මීටරයක දුරින් තිබුනු ඒ පාට දෙකේ ඇස් දෙක දැකපු මං හයියෙන් කෑ ගැහුවා.. මට කෑ ගැහුණා.. විනාඩියක් නැත්නම් දෙකයි..

අන්තිමේ මං සංසුන් වෙලා ලොකූ හුස්මක් ගත්තා..

“උඹ දන්නවනේ මං කවුද කියලා.. උඹ වගේ පොඩි කෙල්ලෙක් හැදුවේ මාව නවත්වන්නද..?? හ්හ්.. හ්හ්.. ”

හේශ් මගේ අතේ තිබ්බ පොත අරන් හයියෙන් බිත්තියේ වදින්න විසි කරා..

“හේ…ශ්.. උඹට බෑ මාව මරන්න..”

ඒක තමයි මට තියෙන අන්තිම බලාපොරොත්තුව..

“ඔව්.. උඹ විශේශයි.. උඹේ වටේ හිටපු හැම එකාම මට වශී වෙද්දී උඹ මාව හැමදාම සැක කරා.. උඹේ සුවඳ… ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මං දන්නවා.. තවත් පරණ මායා පරම්පරාවක්.. මායාව උඹලව අතහැර දාලා.. උඹ හිතන්නේ උඹට මගෙන් ගැලවෙන්න පුලුවන් කියලද..??”

“#නිල්_කවයේ සම්පුර්ණ බලය ලැබුනම උඹව මරන එක සුළු දෙයක්…”

ඔව්.. එහෙනම් ඒක හරි.. නිල් කවයේ සම්පුර්ණ බලය ලැබෙනකම් හේශ් අසම්පූර්ණයි.. දුර්වලයි.. මටත් නොදැනිම මගේ හුස්ම ගැනීමේ වේගය උපරිම ඉහළ ගිහින්..

” මෙහේ වරෙන්.. උඹට පුලුවන් නිල් කවය සම්පුර්ණ වෙනවා දකින පළවෙනි කෙනා වෙන්න.. ”

හේශ් මගේ කොණ්ඩෙන් ඇදගෙන කාමරේ අඳුරුම කොණකට ගියා.. එතන තිබ්බේ යකඩ කූඩුවක්.. ඒක ඇරලා හේශ් මාව කූඩුව ඇතුළට විසි කරා.. හරියට මැරුණු කුණක් විසි කරනවා වගේ..

බිම තිබ්බ මොකකට හරි මගේ ඩෙනිමත් ඉරාගෙන කකුල තුවාල වුණා.. මං හිතන්නේ ලේ ගලනවා..

දෙයියනේ මට උදව් කරන්න.. මේ යක්ශයා නවත්තලා දාන්න..!!!

“මීට අවුරුදු ගාණකට කලිනුත් එකෙක් මාව නවත්වන්න මෙහෙට ආවා.. ඌත් ඔය කූඩුවේමයි හිටියේ.. ඒත් ඌ උගේ යාළුවෝ මැරෙනවා දැකලා බයේම පැනලා ගියා.. හැබැයි උඹට තියා උඹේ මිනියටවත් මෙතනින් යන්න ලැබෙන්නේ නෑ..”

ඇඟ කිලිපොළා යන මහ ජරා හිනාව.. හේශ් උඹ නම් තිරිසනෙක්..

“හේශ්.. උඹ දන්නවා අඳුරු මායාවේ තියෙන භයානක කම.. මේක නවත්තපන් හේශ්.. මොකටද ඔච්චර බලයක්..?? මිනිහෙක් වගේ ජීවත් වෙයන් හේශ්..”

මං කූඩුවේ යකඩ කූරූ වල එල්ලිලා හයියෙන් කෑ ගැහුවා.. එච්චරයි මට කරන්න පුලුවන්..

“මිනිහෙක් නෙවෙයි යකෝ මම.. උඹ දන්නවද කවුද මුල්ම නිල් කවයට වාඩි වෙලා මට ජීව ශක්තිය දුන්නේ කියලා..?? මගේ අම්මයි, තාත්තයි, අයියලා තුන්දෙනයි, මහා බලගතු මායාකාරිය මිසෙල්ලා ට්‍රිවින්සන්.. ඒ කියන්නේ මගේ ආච්චි.. උන් ඔක්කෝම මරලා තමයි මං බලවත් වුණේ.. එදාමයි මං යක්ශයෙක් වුණේ.. ”

හේශ් අන්තිම වචන දෙක තුන කිව්වේ මගේ මූණට පහත් වෙලා..

“මේ ලෝකේ අපායක් කරාම මොකටද මිනිස්සු.. අපායේ දොරටුව හෙට මගේ බලයෙන් අරිනවා.. එතකොට මිනිස්සු කියලා ජාතියක් ලෝකේ නැති වෙනවා.. මුළු ලෝකයම මගේ”

හේශ් සීතල ඇඟිලි මගේ ගෙල වටේ ගාවලා එකපාරටම තද කරා.. මගේ හුස්ම හිර වෙන තරමටම..

“මුලින්ම මැරෙන්න උඹ..”

හේශ්ගේ දරදඩු අත් වලින් මාව කූඩුවේ මැදට විසි කරා.. මගේ හුස්ම හිර වෙන තරම්..

“හේශ්.. උඹ මහ ජරා යකෙක්. උඹට කවදාවත් දෙවියන්ගෙන් සමාවක් නෑ.. ”

මං පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා කියද්දි හේශ් යන්න ගියා.. අන්තිමේ අඳුරු කාමරයක මං තනි වුණා..

අද නැටලි මැරෙයි.. සමහර විට මේ වෙද්දිත් නැටලි මැරිලා ඇති.. එතකොට හෙට අන්තිම දවස.. යෙනී මැරුණම නිල් කවයේ සම්පුර්ණ බලය හේශ්ට ලැබෙයි. එහෙම වුණොත්… දෙයියනේ… මේ ලෝකෙම අපායක් වෙයි..

ඕඕඕඕඕඕඕ ශිට්ට්ට්ට්ට්ට්ට්.. ඔයාගේ සීයා ඔයාට කියපු ඔයාගේ දෛවය මේක නෙවෙයි රුකී.. ඔයා හේශ්ව නවත්වන්න ඕනි.. නවත්වන්නම ඕනි..

මං අත් දෙකෙන් කන් දෙක වහගෙන ඇස් පියා ගත්තා.. පුලුවන් තරම් හිත එකඟ කරගන්න.. මගේ සීයා මං පුංචි කාලේ මේ කතාව කිව්වා.. මාව දකින හැමදාම, හැමවෙලේම කිව්වේ මේ කතාව.. තාත්තා සීයව අරන් ගිහින් මානසික රෝහලට දානකම්ම..

ඒත් මට අවසානය මතක නෑ.. අවංකත්වයේ කොටුව.. ඔයා මට කට පාඩම් කෙරෙව්වා සීයේ.. ශිට්ට්ට් මං වගේ ගොං නෑම්බියක්..

නෑ හේශ්ට දිනන්න දෙන්න බෑ.. එහෙම වුණොත් පරදින්නේ මිනිස්සුන්ගේ ජීවිත.. ෆැනී.. එයා ඇත්තේ යෙනී ගාව.. සමහර විට හේශ්ට යෙනීගේ බලය ලබා ගන්න නොදුන්නොත් අපිට අවස්ථාවක් තියෙයි..

ඒත්.. ඒත්.. කොහොමද..??

එකපාරටම මං හිටිය කූඩුව උඩට මොකක් හරි වැටුණා.. මං ගැස්සිලා ඔළුව ඉස්සුවා.. එතකොටයි මං දැක්කේ කාමරේ පුරාවට යන්තම් ආලෝකයක් විහිදිලා..

මං කූඩුව පාමුලට ගියා.. අර පොත.. !! කොහොමද ඒක මෙතනට ආවේ.. කවුරු හරි මට උදව් කරනවා.. සමහර විට මේ ගෙදර මට උදව් කරනවා වෙන්න ඇති.. මොකක් හරි අමුතු බලයක් මේ ගෙදර තියෙනවා වගේ..

මං ගැහෙන ඇඟිලි තුඩු වලින් පොත අතට ගත්තා.. ඒකේ එක පිටුවක කොණක් නවලා තිබ්බා.. පිටුවේ එක කොටසක් පෑනකින් රවුම් කරලා තිබ්බා.. ඒක මන්ත්‍රයක්.. නොදන්නා භාශාවක..

එතන පෑනකින් ලියලා තිබ්බා “මායා ලේ ඇත්තෙක් සියල්ල අවසානයේ මෙය මතුරන විට කවයෙන් ආරම්භ වූ සියල්ල අවසන් වනු ඇත..”

මොකක්..?? එතකොට ඒක තමයි තියෙන එකම ක්‍රමය..

ඒත් දෙයියනේ..!! නොදන්න භාශාවක් කොහොමද කියන්නේ..??

මං යකඩ කූරු වලට හේත්තු වෙලා ඒ මන්ත්‍රය කියවන්න උත්සාහ කරා.. ඒත් මං දැක්කේ කූඩුවේ බිත්තිය පැත්තට වෙන්න තිබ්බ ඇටකටු ටික.. ඕඕඕ දෙයියනේ.. ඊයේ පෙරේදා ගෙනත් දාපු අත් කකුල් නැති ඇඟ කොටස විතරක් තියෙන මිනියකුත් තිබ්බා.. ඊට එහා තිබ්බේ තාමත් ලේ ගලන ගැහැණු පපුවක්..

මං කූඩුවේ මුල්ලටම ගුලි වුණා.. කපලා දාපු අතකින් තද කළු පාට මීයෙක් මස් කඩන් කනවා..

දෙයියනේ මේක නම් අපායක්.. මගේ බඩ කැලතිලා උගුරට එද්දී මං එහෙමම අනිත් පැත්ත හැරුණා.. කොහොමත් යක්ශයෙක්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ..

මං යකඩ කූඩුවේ එල්ලිලාම පොත පපුවට තද කර ගත්තා.. මගේ ඇස් නැවතුනේ නිල් කවය ගාව..

නිල් කවයකට මේ තරම් දෙයක් කරන්න පුලුවන්ද.. ?? ලෝකයම අපායක් වෙයි..

තවත් පැයකින් විතර ඇහුනේ විලාපයක්.. හේශ් විලාප තියෙනවා.. විලාපයේ හඬ එන්න එන්න වැඩි වෙද්දි නිල් කවයේ නිල් පාට එන්න එන්නම වැඩි වුණා.. නිල් කවයේ මැද තිබ්බ නිල් පාට ලොකූ පාෂානය පොළවෙන් අඩි තුනක් විතර උඩට ඇවිත් නිල් පාට ආලෝකයක් මුලු කාමරේම පුරාම පැතිරුණා..

එදා මං මෙහෙට ආපු මුල්ම දවසෙත් මං දැක්කේ මේ වගේම නිල් පාට ආලෝකයක්..

විනාඩි ගාණක් ඇතුළත සියල්ල අවසන් වෙලා නිල් පාට ආලෝකය නිවී ගියා.. හරියට ඉර බැස ගියා වගේ..

මං හිතනවා හරි නම්.. ඒ නිල් කවයට එකතු වුණේ නැටලිගේ ජීව ශක්තිය.. එයත් අපෙන් සමු අරන් වෙන්න ඇති..

එතකොට හෙට.. යෙනී.. මගේ ඇස් වලින් කදුලු බිංදු වැටෙන්න අරන්.. ඒල්, සිද්, වින්ඩි, මෙරට්, නැටලි.. අර හිතුවක්කරි යෙනි… ඔක්කොමලා මතක් වෙද්දී පපුව පැලෙන්න තරම් වේදනයි..

හේශ් අපේ ජීවිත වලට නොආව නම් මේ මොහොතෙත් යෙනී ඉන්නේ මාත් එක්ක.. එහෙනම් එහා කාමරේ ඉදන් අරුන් දෙන්නා කෑ ගහන හඬ ඇහෙනවා..ශිට්ට්ට්ට්ට්ට්ට්..

ආයේ කවදාවත් එහෙම දවසක් එන එකක් නෑ..

මං දන්නේ නෑ මගේ ඇස් පිය වුණේ කොයි වෙලේද කියලා. හැබැයි මං ඇහැරෙද්දි මුළු කාමරේම එළිය වෙලා.. ඒත් අපි ඉන්න මේ හරිය අඳුරුයි..

“කවුද ඉන්නේ..?? ඇයි අපිට උදව් කරන්නේ..?? මගේ ඉස්සරහට එනවා.. මෙතනින් මං පැනලා නොගියොත් හේශ්ව නවත්තන්න බෑ.. උදව් කරනවා..”

මං යකඩ කූරුවල එල්ලිලා වටපිට බලබල හයියෙන් කෑගැහුවා. එක පාරක්, දෙපාරක් නෙවෙයි.. කිහිප පාරක්ම.. ඒත් මං ඇරෙන්න වෙන හුලඟක් වත් නෑ..

ටික ටික හවස් වෙනවා.. මේ විනාශය නවත්තන්න ඕනි.. ඒත් කොහොමද දෙයියනේ..

නහයට දැනෙන මේ මිනී කුණු ගඳ දැං නම් මට හුරු වෙලා.. කලින් තරම් අප්‍රසන්න බවක් දැං දැනුනේ නෑ.. මං මිනීගොඩ දිහා සැලකිල්ලෙන් බැලුවේ මගේ කකුල තුවාල වුණේ මොකටද කියලා බලන්න..

ආයුධ වලින් හේශ් නවත්තන්න බැරි වුණත් මේ කූඩුවේ අඟුල පන්න ගන්න පුලුවන් දෙයක් හම්බුණොත් ඇති..

මං ඇඟිල්ලෙක් කුණු වෙච්ච අත පය එහාට මෙහාට කරා.. ඒ අස්සේ තියලා මට අහු වුණේ පොඩි පොකට් පිහියක්.. දෙයියනේ මේ ඇති..

මං කූඩුවේ දොර ගාවට ගිහින් අඟුල අල්ල ගෙන පොකට් පිහියෙන් අඟුල අරින්න උත්සාහ කරා. දෙපාරක් තුන් පාරක්.. ඊටත් වඩා.. මගේ ඇඟිලිත් තුවාල වෙලා ලේ ගලද්දි අවසානයේ අඟුල ඇරුණා..

මං අඟුල පන්න ගන්න හද්දිම දොර ගාවින් අඩි හඬක් ඇහුණා.. එක්කෙනෙක් නෙවෙයි.. තුන් හතරදෙනෙක්ගෙම..

මං ගල් ගැහිලා වගේ පොකට් පිහිය හංග ගනිද්දීම මට ඇහුනේ..

______________________________________________

ඔව් මේ අවසනයේ පළවෙනි කොටස.. හරියටම අද රෑ අටට නිල් කවය අවසන් වේවී..

අද මට කිසිම ස්ටිකර් කමෙන්ට් එකක් එපා.. බොහොම ආදරයෙන් ඉල්ලන්නේ.. අත්බූත ගණයේ කතා බොහොමයක් මං ලියලා තියෙනවා උඹ ඉවරයි, ඇවිදින මරණයේ ඉදලම.. ඒ හැම කතාවක්ම ඔයාලට නැවුම් අත්දැකීම් දුන්නු එකිනෙකාට වෙනස් කතා..

ඉතින් මං ආසයි නිල් කවය ගැන ඔයාලට හිතෙන දේ දැන ගන්න.. අද නොකියන ඔබේ හැඟීම මං හැමදාම නොදන්න දෙයක් වෙයි..

ඉතින් පැය ගණන්, අකුරු දහස් ගණන් ලියන මං වෙනුවෙන් කී බෝඩ් එකේ ඔයාලා ටයිප් කරන්නේ මදි කියන වචනය විතරක් නම්, නැත්නම් ස්ටිකර් එකක් නම්, නැත්නම් තනි වචනයක් නම්.. ඒක කතුවරයට ලිවීමෙන් ලැබෙන, ඔබට රස විඳීමට හරවත් නිර්මාණයක් තිළිණ කිරීමෙන් ලැබෙන සතුට බාල කරනවා.. ඉතින් ඔබ එහෙම නොකරාවි යන බලාපොරොත්තුව අවසානය ලියන්න මට ලොකු ශක්තියක් වෙයි..

ආදරෙයි පැලෙන්න ?❤❤️❤? හැමෝටම

හැමදාම මාත් එක්කම ඉන්නකෝ

අවසන් දිනෙන් හමුවෙමු
බුදු සරණයි..!!

28 thoughts on “නිල් කවය ? | අවසානය 01| නවකතා”

          1. කතාවනන් ඇත්තටම බය හිතෙනවා…ඒත් කියවන්න ආසයි එන්න එන්නම…ඒ ආවේ කවුරු වෙන්න ඇත්ද…?අපි හෙට බලමුකෝ…ඔයාට සුබපැතුම් අක්කියෝ….???

          2. Chuuti manike

            අම්මෙ දොනියො…දැක්ක කල්…කොහෙද් බොලා..හිටියෙ…ඉස්කෝලේ නැද්ද අද ඉතින් ????❤️

            ආ හන්සි අක්කියෝ කෝ මද් ??❤️❤️❤️

  1. Malki Sewmini

    අක්කි කතාවනම් මාරම interesting.කියවන්න කියවන්න ඉදිරියට මොකද වෙන්නේ කියලා දැනගන්න තියන කුතුහලය වැඩි වෙනවා.All the best අක්කි ?

    1
        1. Chuuti manike

          ඒක්න්නනෙ අක්කෙ මාත් බැලුවෙ ඒක නෙමෙ මෙ ඔයා ආවෙ මාධි අක්කිගෙ වෙඩි වරුශා කතාවෙ අන්තිම හරියෙදිනෙ…මන් කීවෙ ඇප් එකට ????

          1
          1. Chuuti manike

            අක්කි ඉමා අක්කිගෙ වයසෙ නෙ ?❤️???

          2. Malki Sewmini

            මම ඊට කලින් හිටියා.comment කරේ ඒකට තමා ඉස්සරලම.ඔව් නංගා මමත් 2003

          3. Chuuti manike

            ඒක්නි මන් දැක්කා අක්කිව ඒ කතාව කියෙව්වානෙ කමෙන්ට් බලද්දි දැක්කො ??මන් නම් 2007 ඕම්ම ???

  2. .hi guys .
    ආ..මේ තව අක්කියෙකුත් අවිත් ඉන්නෙ..
    අනේ සොරි chutiyo මං දැන් යනව හොඳේ…
    තව ටික වෙලාවක් ඉන්නව ඇත් අද ඔලුව රිදෙනව අනේ … ඉත්8න් වෙලාසනින් නිදාගන්න යනවා….අනේ සොරි හොඳේ ඉන්න බැරි වුණාට…
    මං හෙට උදේට මසෙජ් එකක් දාල යන්නම්කො…ඕකේ…
    හවසට සෙට් වෙමුකො…එලම…ඕකේ..
    එහෙනම් චූටි යනො ගුඩ් නයිට් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..
    පුලුවන් වුණොත් ආයෙ රෑට එන්නම් බතලි දැන්නම් ටිකක් අඩුයි පනඩොල් දෙකකුත් බිව්වනෙ…හුම්ම්ම්ම්.පරිස්සමින්…හෙට ඉතිං කම්මලියි නෙ ඔයාට හුම්ම්ම්ම්….

    1. Chuuti manike

      හලි කමක් නෑ අනෙ ඔලුව රිදෙනව නම්..නිදාගන්න ෆොන් එකෙ ඉන්ම එපා එතකොට තවත් ඔලුව රිදෙනව ….හෙට මෙසෙජ් එක්ක් දාලා යන්නකො…ම්…හවසටනම් බැරිවෙයි 6.30පස්සෙ එන්න්ම්..හෙට ක්ලාස්..3.30 කලින් පුලුවන් ???❤️❤️❤️❤️❤️???
      Gb
      Ummmmmmmmmaaaaa ❤️❤️❤️

  3. අනේ මං 1st වෙන්න හිර්හාන් උන්නෙ කොහෙද අපේ චූටි මැනික 1st නෙ
    කමන් නෑ අන්‍රෙ මාදවී ම්ණිකආරම ලස්සනයි සුදූ කතාවඅං කියෙව්වෙ පිස්සුවෙන් වගේ කියවන්න කියවන්න ආසයි.❤️❤️?
    ඇත්තම කියන්නම් තාම කියෙව්ව්‍ර් නෑ හෙටම කියවනව කියවල දිග…..comment එකක් දෙන්නම් ආදරෙයි මැනිකා හැමදාම ❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????????????❤❤???❤️

  4. Chuuti manike

    ගුඩ් නයිට් මගෙ සුදූලා ඔක්කොටම ???????
    ආදරෙ යි ගොඩාක් ❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????? බුදු සරනයි ???? උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ???????????????????????

  5. Nithu ?❤️

    මගේ මාධි අක්කි ❤️

    කතාව මුල ඉඳන්ම කියෙව්වා අක්කි… ඇත්තටම කුතුහලය පිරුන හරිම ලස්සන කතාවක්… කතාවෙ පළවෙනි කොටසෙ ඉඳන්ම ඉස්සරහට මොකද වෙන්නෙ කියල දැනගන්න තියෙන ආසාව ආවා… අක්කිගෙ කතා කොහොමත් ලස්සනයි… මං ලියලා තියෙන නවකතා ඔක්කොම කියෙව්වා… ඒත් හොල්මන් කතා ලියලා තියෙනවද කියන්න නම් දන්නෙ නෑ… මොකද මං හොල්මන් කතා කියවන්නෙ නෑ ?

    ඉතින් අක්කි මං අක්කිට කතාවෙ අන්තිම කොටසට ලොකු Comment එකක් දෙන්නම්… ?

    අක්කිගෙ ඉදිරි වැවැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා… ඒ වගේම තව තවත් ලස්සන කතා ලියන්න අදහස් එන්නත් ඕනි… පරිස්සමින් ඉන්න මගේ අක්කි… බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️????

    2
  6. අනේ අක්කි මැනික මං දැන් තමා කතාව කියෙව්වෙ සොලි වෙන්ඩ ඕනි ස්ටිකර් එකක් දැම්මට කමක් නෑ ඒ කත් ඔයා තියා ගන්නකෝ මං ඇවිදින මරනය කතාවත් කියෙව්ව අක්කි මාරම ලස්සනයි මැනික මං ආසම ම්‍ර්ර් වග්‍රෙ කතා කියවන්න තමා

    මං හිතන හැටියට නම් අර පොත එයාට උදව් කරනව.ඒක මායා පොතක් එතකොට අක්කි රුකී දන්නවද එයා මායා කාරියක් කියල .හ්‍ර්ර්ශ් කිව්ව පලියට එයා එහෙම හිතයිද කමක් නෑ අක්කි කතාව ගැන කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි අක්කිට තව මේ වගේ කතා ලියන්න පුලුවන් වෙන්න ඕනි එතකොට අපිට තවඒ වගේ කතා කියවන්න පුලුවන් ??ආදරෙයි මගේ මාධි මැණික හැමදාම හොදේ❤️❤️❤❤??❤?❤?❤️❤️❤️

  7. ලස්සනම වෙනස් කතාවක් ❤️❤️❤️❤️❤️❤️ ඉවර වෙන්න ලගයි නෙහ්… ?

  8. අද තමයි කතාවෙ මේ කොටස,කියෙව්වෙ.මාධි අක්කි,කතාව නම් ගොඩක් ලස්සනයි❤ .
    මං කියවපු අමුතු විදිහෙ කතාවක්.
    අන්තිම කොටසට කමෙන්ට් එකක් දාන්නම් ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.