Katha Ahura

ආධ්‍යා|හයවන කොටස|නවකතා|කතා අහුර රචක

4.7/5 - (3 votes)

මුලු රැයම එක විනාඩියක්වත් ඇස් පියා ගන්න ආධ්‍යාට ඉඩක් නොලැබුනේ අරුෂ් කිව්ව කතාව හිතේ හොල්මන් කරන නිසා..අරුෂ් නම් ඇදේ කොනකට වෙලා සැපට නිදි..සුව නින්දකට පස්සේ අරුෂ් ඇහැරුනේ උදේ දහයත් පහුවෙලා..ආධ්‍යා ඇදේ එහා කොනෙන් වාඩි වෙලා අරුෂ්ට රවනවා..

“මොකද තමුසෙට වෙලා තියෙන්නේ උදේ පාන්දර..”

“හොදට නිදාගත්තා නේ…මොකට බැද ගත්තද මන්දා මං මෙහෙම මිනිහෙක්..”

“ඉතින් මං අල්ලන් හිටියද හලෝ..නිදා ගන්න තිබ්බනේ..”

“තමුසෙගේ අර ජරා හොල්මන ආව නං අද මගේ අවසන් කටයුතු කරන්න වෙන්නේ..”

අරුෂ් තනියම හිනාවෙවී වොශ් රූම් එකට ගියේ කෙල්ලට වුණ වැඩේට හිනා වෙන ගමන්..

———————————————————————————-

සතියක් හොටෙල් එකේ නතර වෙන්න ප්ලෑන් කරලා තිබුනත් ආධ්‍යා බය වෙලා ඉන්නවා වගේම කෙල්ලට නින්දකුත් නැති නිසා දවස් දෙකකින් දෙන්නටම ගෙදර එන්න වුණා..අරුෂ්ගේ අම්මයි තාත්තයි දෙන්නම ආධ්‍යාට ගොඩක් ආදරේ වුණේ කෙල්ලට තාම වැඩි වයසක් නෑ වගේම ගිරවි වගේ නිතරම කියවන නිසා..

දිනෙන් දින ආධ්‍යා ගැන අරුෂ්ගේ හිතේ ආදරයක් මෝදු උනත් ඒක දැම්ම පෙන්නන්න අරුෂ් කැමති වුණේ නෑ..දින ගණන් ගෙවිලා ගියේ සුලු සුලු රණ්ඩු සරුවල් වලින් අඩුවක් නැතුව..

“ආදය..පුතේ අද අපේ ලොකු අක්කලා එනවා..දුව අද කැෆේ එක පැත්තේ යන්නේ නැතුව ඉන්නවද..”

කෙල්ල කසාද බැන්දා කියලා කැෆේ එක නං අමතක කලේ නෑ…දවස ගානෙම හර්ෂි එක්ක කැෆේ එකට වෙලා ඉන්න ආධ්‍යා කොහොමත් කැමති..

“කමක් නෑ අම්මා..මං ඉන්නං…”

“අනේ ඔව් පුතේ..ඔයාලගේ වෙඩින් එකටත් අක්කලට එන්න බැරි වුණානේ..දුවව බලන්න ආසයි කියලත් කිව්වා..”

උදේ ඉදන්ම මහන්සි වෙලා ආධ්‍යා අම්මයි එන කට්ටියට දෙන්න කෑම ජාති ගොඩක් හැදුවා..අරුෂ්ගේ අම්මාට කොහොමත් හොදට රසට උයන්න පුලුවන්..

———————————————————————————
“අනේ ලොකු අක්කේ…කොච්චර කාලෙකින්ද…එන්න..එන්න…ඉතින් ගෙට..”

අරුෂ්ගේ ලොකු අම්මා නම් කරුණාවන්තයි වගේ..ඒත් එක්කම ගෙට ආපු කෙල්ල ගැන ආධ්‍යාගේ හිතේ පැහැදීමක් ඇති වුණේ නැහැ..කොටම කොට කලු පාට හීනී උර පටි තියන ගවුමකින් සැරසිලා හිටිය කෙල්ල දිහා ආධ්‍යා වගේම අම්මත් ටිකක් වෙලා බලන් හිටියා..

“චූටි පුංචා..ඔයා තවත් ලස්සනයි වෙලානේ ඩාලිං”

“මට අදුරගන්නත් බැරි වුණානේ පුතේ..අවුරුදු කීයකින්ද මේ..”

ඒ ආවේ ලොකු අම්මාගේ දූ..වින්ඩි…සෙල්ලක්කාර චරිතයක් වුණ වින්ඩි පොඩි කාලේ ඉදන්ම අරුෂ් එක්ක ගොඩක් එකතුයි..අරුෂ් මැරි කලා කිව්වමත් කෙල්ල ගොඩක් දුක් වුණා..හැබැයි කාටවත් ඒ ගැන පෙන්නන්න ගියේ නෑ..

“කෝ පුංචා අයියා…ඔෆිස් ගිහිල්ලද..”

“ඔව් පුතේ..අද නොයාම බෑ කිව්වා..නැත්තං ඉතින් ගෙදර ඉන්නවා ඔයාලා එනවා කිව්වම..”

වින්ඩි හිනාවෙලා කතා බහ කලාට ආධ්‍යාගේ මූණවත් බැලුවේ නෑ..

“අපේ අලුත් මනමාලි ලස්සනයි නේ..සොරි පුතේ අපිට එන්න බැරි වුණානේ වෙඩින් එකට..”

“අනේ..කමක් නෑ ආන්ටි..අද ආවනේ ඉතින්..”

කට්ටිය කතා කර කරම කෑම මේසෙට ආවේ දවල් වෙලා තිබුණ නිසා..කෑම මේසේදී ආධ්‍යාව හොදින් බලාගන්න වින්ඩිට පුලුවන් වුණා..

හිතේ කොනක ආධ්‍යා වෙනුවෙන් උපදින ඉරිසියාව පාලනය කර ගනන් වින්ඩි ගොඩක් උත්සහ කලේ අරුෂ් ගැන කාලෙක ඉදන්ම කෙල්ක බලාපොරොත්තු තියාගෙන හිටිය හින්දා..තමන්ට අයිති වෙන්න තිබුණු දෙයක් වෙන කෙනෙක්ට අයිති වුණා වගේ හැගීමක් වින්ඩිට දැනෙන්න ගත්තා..

හවස් වෙලා අරුෂ් ඇවිල්ලා වාහනෙන් බහින්නත් කලින්ම වින්ඩි දුවලා ගියේ අරුෂ්ව දැක ගන්න.. දැක්ක ගමන් අරුෂ් කෙල්ලව බදා ගත්තේ කාලෙකට පස්සේ මුණ ගැහුන නිසා..සාලෙට වෙලා මේක බලාගෙන හිටිය ආධ්‍යාගේ නම් හිත් ටිකක් විතර රිදෙන්න ගත්තා..

“බැදපු ගෑනිව තමයි පේන්න බැරි..පිට ගෑනුන්ව හුරතල් කරන්න හොදට දන්නවා..ශික් මෙහෙම පිරිමි..”

අරුෂ්ට හිතින් බැන බැන ආධ්‍යා ගියේ කාමරේට..

“ආධ්‍යා මේ..තේ එකක්වත් හදලා දෙනවකෝ..නමට හරි මං තමුසෙගේ මිනිහනේ..”

“ඒක තමයි මාත් කල්පනා කලේ මොන කරුමෙකට එහෙම වුණාද කියලා..”

අරුෂ් තවත් මුකුත්ම කියන්න කලින් කෙල්ල කුස්සියට දිව්වේ වාද කරන්න තරම් මානසිකත්වයක කෙල්ල හිටියේ නැති නිසා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

වින්ඩි කන්න ගියත්,කොහේ හරි යන්න ගියත් අරුෂ්ගේ ඇගේ එල්ලිලාම ඉන්න එකට ආධ්‍යා  කොහොමටවත් කැමති වුණේ නැහැ..දෙන්නා අතරේ බැදීමක් නැති වුණත් නමට හරි ඒ තමන්ගේ සැමියා කියන එක ආධ්‍යාට ගොඩක් තදින් දැනිලා තිබුණා..

“අරුෂ්…”

“ම්ම්ම්ම්..”

“අරුෂ්……”

“මොකද ඕයී..මගේ නම පාඩම් කරනවද තමුසේ..”

“මට ටිකක් කතා කරන්න ඕනේ..”

“ම්ම්ම්..කියනවකෝ..”

කාමරේ ස්ටූල් එකක වාඩි වෙලා හිටිය අරුෂ් ආධ්‍යාගේ පැත්තට හැරුනේ කතාව අහන්න..

“කියනවා ඉතින්..සද්ද නැතුව ඉන්නේ නැතුව..”

“ම…ට..ඩිවෝස් වෙන්න ඕනේ..”

“මො..කක්..”

“ඔව්..මට ඩිවෝස් එක ඕනේ..”

“මේ තමුසෙගේ ඔලුව වැදුනද කොහෙ හරි..”

අරුෂ් එහෙම ඇහුවේ වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා ආධ්‍යා වටේ කැරකෙන ගමන්..

“නෑ..මං හොද සිහියෙන් ඉන්නේ..මට මෙහෙම ඉන්න බෑ..මට ගෙදර යන්න ඕනේ..අම්මලා එක්ක ඉන්න ඕනේ..”

“ඉතින් ගෙදර යන්න ඕනේ නං ගිහින් ඉදලා එමු ටික දවසක්…ඕකට ඩිවෝස් එක ඕනේද..”

“මේ..තමුසෙට පුලුවන්ද බැරිද..මේ අන්තිම පාරට අහන්නේ..”

ආධ්‍යාගේ ඉවසීමේ සීමාව පැන්නේ අරුෂ් ආධ්‍යාව විහිලුවට අරන් කියලා කෙල්ලට තේරුන නිසා.

“මේ..ආධ්‍යා..කසාදයක් කියන්නේ තමුසෙට හිතෙන හිතෙන වෙලාවට අයින් වෙලා යන්න පුලුවන් දෙයක් කියලද හිතන් ඉන්නේ..ආහ්හ්..අනික මේ හදිස්සියේ මොකද්ද තමුසේ මේ නටන්න හදන නාඩගම..යකා අවුස්ස ගන්න එපා මගේ..”

“හරි..එහෙම බැරි නම් අද මාත් එක්ක එන්න ඕනේ අපේ ගෙදර යන්න..”

“මේ හදිස්සියේ..අනික ලොකු අම්මලත් ඇවිල්ලනේ ඉන්නේ..එයාලා මොකද හිතන්නේ එහෙම වුණාම..”

“මං යනවා එහෙනං..තමුසේ ඉන්නවා මෙහෙට වෙලා..”

ගස්සගෙන යන කෙල්ල දිහා බලන් හිටිය අරුෂ් කල්පනාවට වැටුණේ ආධ්‍යා  කවදාවත් මෙහෙම හැසිරිලා නැති නිසා..තමන් කොච්චර වෙනස්කම් කලත් කෙල්ල මේ ගෙදරින් නොගියේ අරුෂ්ගේ අම්මා තාත්තා නිසා බව කොල්ලා දන්නවා..

දවල් වෙනකොට ආධ්‍යා තරමක් ලොකු රෙදි බෑග් එකක් අරන් සාලෙට ආවේ ගෙදර යන්න ලෑස්ති වෙලා..තවත් මේ දේවල් බලන්න ආයෙත් මේ ගෙදරට එන්නේ නෑ කියලා හිතන ගමන් තමයි එලියට බැස්සේ..

“මුරණ්ඩුකම නං තියනවා ඉහටත් උඩින්..මගුල..තමුසේ මහ වාතයක් ඕයී..”

ආධ්‍යා යන්න ගිය ගමන නවත්තලා බලන් හිටියේ අරුෂ් කියවන දිහා..

“මේ..අරුෂ්..මං ආයේ වාතයක් වෙන්න මෙහේ එන්නේ නෑ..ඒ නිසා සැනසීමේ ඉන්න පුලුවන් වෙයි..”

ඇස් වලට උනපු කදුලු හංගගෙන ආධ්‍යා එහෙම කිව්වේ මේ ගෙදර ඉන්න අන්තිම තත්පර කීපය නේද මේ ගෙවිලා යන්නේ කියලා දැනෙද්දී..

“අනේ මේ..මහ ලොකු සැනසීම..නගිනවා කාර් එකට..මාත් එනව යන්න..”

“ඇයි තමුසෙගේ නෑදෑ පරපුර මොනවා හරි හිතයිනේ..ඒ නිසා ඉන්නවා ගෙදරට වෙලා..”

“ආධ්‍යා මේ..මෙතන මිනීමරා ගන්න ලෑස්ති වෙන්න එපා..”

එහෙම කිව්ව අරුෂ් ආධ්‍යාවත් අතින් ඇදන් ඇවිත් කාර් එකට නැග්ගුවේ ලොකු අම්මා නිකමටවත් දැක්ක නම් යන්න වෙන්නේ නැති නිසා..

බොහෝ දුරක් එනකම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නං නැහැ…අරුෂ් මග දිගටම කල්පනා කලේ හොදට හිටිය කෙල්ලට එකපාර මොකද වුණේ කියලා..කොහොමින් හරි ආධ්‍යාගේ ගෙදරට එද්දී ටිකක් හවස් වෙලා තිබුණා..

“අනේ පුතේ..එනවා කියලා කිව්වෙවත් නෑනේ..”

“මේ ආධ්‍යාට හදිස්සියේ එන්න ඕනේ කිව්වනේ අම්මා..ඒකයි ආවේ..”

ආධ්‍යා..මොකද පුතේ..කියලවත් ආවේ නැත්තේ..”

“මට අම්මා ලග ඉන්න ඕනේ ටික දවසක්..”

දේවිකාට තුරුලු වෙන ගමන් ආධ්‍යා හොරෙන් අරුෂ් දිහාත් බැලුවා..අම්මගෙයි දුවගෙයි කෝලම් බල බල අරුෂ් හිනා වෙනවා..

“ම්ම්..යමුකෝ ඉතින් ගෙට..පුතාට මහන්සිත් ඇති ඩ්‍රයිව් කරලා..”

“ඔව්..අම්මා..වොශ් එකක් දා ගන්නත් ඕනේ..”

“තේ ටිකක් බීලම ඉමු දරුවෝ..”

දේවිකා තේ හදන්න කුස්සියට යනකං බලන් හිටිය ආධ්‍යා අඩියට දෙකට අරුෂ් ලගට ආවේ තරහෙන්..

“මේ..තමුසේ ඒ පාර මෙහේ නතර වෙන්නද හදන්නේ..”

“මොකද්ද කියන්නේ..දැන් තමුසෙම නේද මාව මෙහේ ඇදන් ආවේ උදේ ඉදන් අඩලා අඩලා..ආවම එලවනවද..”

“එලවන්න නෙවෙයි..තමුසේ කරන ඒවාට මට මරාගෙන මැරෙන්න පුලුවන්..”

ආධ්‍යා තරහෙන් පුපුරමින් ගියේ පුංචි කාලේ ඉදලාම කෙල්ල පාවිච්චි කල කාමරේට..අරුෂ් ආධ්‍යාගේ පස්සෙන් දුවන් ආවේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න..

“ආධ්‍යා මේ අහන්න..”

කෙල්ලව ලගට අරන් අරුෂ් ඒ මූණට බර වුණේ කෙල්ල ඉන්නේ තරහ වගේම දුකෙන් කියලත් දැණුන නිසා..

“කියන්නකෝ මට..ඇයි මේ..අපේ අම්මා මොනව හරි කිව්වද..”

“නෑ…”

“අපි දෙන්නා නං කොහොමත් රණ්ඩු වෙනවනේ..කියවෙන්න ඕනේ නැති දෙයක් මගේ කටින් කියවුණාද..”

“නෑ..”

“එහෙනං..කියන්නකෝ..ඇයි මේ..”

“මුකුත් නෑ..ගෙදර මතක් වුණා ඒකයි..”

ඒත් එක්කම අරුෂ්ගේ ෆෝන් එක රිංග් වෙන්න ගත්තේ මහ හයියෙන්..ස්ක්‍රීන් එකේ වින්ඩි කියලා නම පෙන්නනකොට ආධ්‍යාට තවත් තරහ ගියා..අරුෂ් ෆෝන් එක සයිලන්ට් කරලා සාක්කුවට දා ගත්තේ ටිකක් ආධ්‍යා  එක්ක නිදහසේ කතා කරන්න ඕනේ නිසා..

“ඇයි ඒක ආන්සර් කලේ නැත්තේ..මං ඉන්න නිසාද..”

“අපි ගෙදර නැති නිසා කෝල් කරනවා ඇත්තේ..පස්සේ ගමු කෝල් එකක්..”

“ඔව්..ඔව්..පාලු ඇති එයාට..තමුන් නැතුව..”

“මො..කක්..”

“කොයි වෙලාවත් ඇගේ එල්ලිලාමනේ ඉන්නේ..දැන් නෑනේ..ඒ නිසා හොයනවා ඇති..මල සමයං..”

“ඕහ්හ්..ඕහෝ..ඒකයි එහෙනං මේ..මගේ වයිෆ්ට තද වෙලා තියෙන්නේ..ආහ්හ්..”

“අනේ..මට තද වෙන්නේ මොකටද..මං කවුද ..”

“ආධ්‍යා මේ අහනවා..”

“මට ඔය මගුල් අහන්න ඕනේ නෑ..මං මෙහේ ඉන්නං..තමුසේ යනවා..ගිහින් ඒ සක්කරවට්ටම හුරතල් කරනවා..”

39 thoughts on “ආධ්‍යා|හයවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. හප්පේ ඉතිම් මෙයාට සුබ පතලම කට රිදෙනව.සුබ පැතුම් කිව්ව ඕං මගේ චූටි නංගෝ ?

        1. Chuuti manike

          අම්මෙ අක්කියෝ අක්කිගෙ කමෙන්ට් එක දැක්ක ගමන් මට බකස් ගාලා හිනාව පැන්න..?????

          1. අනේ සින්ඩියො,තවත් සැජ්ජකරන්න එපා අලේ ඕම.????

  1. අක්කලා,අයියලා ,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤

    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?

    තෙරුවන් සරණයි??

    1
  2. .mata මතකයි කවුරු හරි කිව්ව නිදිමත යි නිදාගන්න යනවා කියලා???
    ඔව් ඉතිං රෑ, පාන්දර වෙලා නිදා ගනිද්දී වේලාසනින් නිදාගන්න බෑ… ??
    මටත් ඉස්සර ඔහොන්මමයි…

    .
    .
    ඕකේ ඕකේ පිස්සි තාමා නිදිදො…ගුඩ් මොර්නින්ග්….උම්ම්ම්ම්ම්මා
    ඔයාලට අනිද්දා ඉදන් ඉස්කොලේ නෙ… හෙට පෝයන්‍ර් …
    ඊයෙ වැස්ස නිසා class තිබ්බ්‍ර් නෑනේ… ඉතින් අද 2-4 clas…
    තව ඉතිං මගේ පුටාරෙ ෂීට් එක ගැලවිලා එක හාදාගන්න යනො…
    ඒ මගුලෙ එකක් හදද්දී එකක් කැඩෙනව…????
    එෆා වෙලා තියෙන්නෙ…
    ???
    තාම උඹ නිදිද බං …
    ඈ .බොල පිස්සි …නිදිකුම්බරි

    1. Chuuti manike

      අම්මෙ බන් ඇදෙන් වැටුනා කියහන්කො.?නැත්නම් තව නිදා ගන්න්නවා????ගුඩ් මොර්නින්ග් පීස්සූ මැට්ටො ?❤️ බලන්න ඕන්‍ර් අනෙ…දැන් ඉස්කෝලේ නැති කතාවක් කියනවාඅෆ්ෆා…තිබ්බොත් හිදා ගෙදරට වෙලා ඉන්න් ගියම එපා වෙනො…?
      හරි මෙ මන් කාලා එන්න්ම්ම්
      Gb….තුදූ ❤️???

  3. .ඕකේපිස්සි කලා එන්නකො මන් බයිසිකලේ ෂීට් එක හදන්න යනො…
    හොඳ වැඩේ ඇඳෙන් වැටිල මදි හුම්ම්ම්ම්ම්ම්…
    gb matti උම්ම්ම්ම්ම්ම්මාඅ

  4. අම්මෝඅක්කි කර්හාවනම් මාරම ලස්සනයි මං ඊයෙ ඇහැරගෙන හිටිය ඔයාගෙ කතාව කියවන්න ඕනි නිසාම කොහෙද මංංදන්නෙර්හ් නැතුව මට නින්ද ගිහින්නෙ අප්පා❤️ කමන් නෑ දැන් කියෙව්වනේ මාර ලස්සනයි අක්කි කතාව නම් ඔයාට තව මේ වගේ කර්හා ලියන්න පුලුවන් වේවා?
    ආදරෙයි පැලෙන්න හොදේ?❤

  5. .ඒ සිරාවටම උඹ නාන්න ගියාද පිස්සුන්‍ර් …
    බලාගෙන බොගෙ කොන්ඩෙ යයි….ඔහොම දවස ගානේ හැම කෙල්ල්‍ර්ක්ම නානවද ..දන්නෙ නැති හිංද අහුවෙ…??
    ඔයැයිටත් තියෙන්නෙ…අර තැන්ගර්ල් එකෙ කෙල්ලට තියනව වග්‍ර් දිග කොන්ඩයක්ද හැමදාම නන්නෙ….
    .
    ඒ සිරාවටම ඇඳෙන් වැටුනද බං…

    ඛුටි මැණික ආයෙ අපි දෙන්නට කවදාවත් වැඩිය කතා කරන්න වෙන්නෙ නෑ.. මේ දැං මැසෙජ් එකක් ආව අෆිටත් ඉස්කොල්‍ර් තියෙන්නෙ සතියක් අර සතියක්
    මේ සතියේ නැමෙයි අනිත් සතියේ තමයි අෆිට යන්න වෙන්නෙ…??????
    එතකොට ඔයා ඉස්කොලේ දවසට මං ගෙදර මං ඉස්කොල්‍ර් දවසට ඔයා ගෙදර..හවසට තමයි.හම්බු වැන්න වෙන්නෙ…..උම්ම්ම්ම්ම්මා
    මට දුකයි…???
    මගේ යාලුවොත්.එක්ක කතා කරන්න වෙන්නෙත් නෑ… ඔයත් එක්ක වැඩිය කතා කරන්න වෙන්නෙත් නෑ… ශික් මමත් අන්තිම 24 ර ඇතුලත හිටියන්ම් මැරෙනවද..????
    ….
    හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්??????

    ඕකේ අද මං ගියානෙ බයිසිකල් කඩේ…ඉතිං දහයයි දහයට වගෙ ගියෙ…ගිහිං මං ඉතිං මග්‍ර් ඛුට්ටි බයිසිකලේ අවුල්.ටික පෙන්නුව …කොහොම හරි එයාලා කිව්ව එයාල ගාව ෂීට් නෑ.. ඔහොම ඉන්න එයා තව ටිකකින් ඇයි කියල…ඉටිහ් එයාට call කරා එයා කිව්ව ඉන්නෙ එලුවිල විනාඩි 10ක් 20ක් අතුලට එන්නම් කියල..අද ගියෙ මං වෙනදා තැනට නැමෙයි ගියෙ දන් ඒ තැනේ බයිසිකල් හදන්නෙ නැලු .මොටෝ බයික් විතරලු හදන්නෙ…
    ඉටපස්සෙ තමයි ම්‍ර් තැනට ආවෙ…කොහොම හරි ඉතිං මං බලන් ඉන්නව ඉන්නවා…පාරෙ එක එක වාහන යනව ..ඇත් මූ නැමෙයි ආවෙ…කොහොම හරි ඒ ඉන්න වෙලාවෙ…එතන ඒ අනිකල්ලා දෙන්න එකෙක්ට දෙනව බීම එකක් සුදු පාට එය මොනාද කියල ඇහුවාම මම ඉන්න නිසාද දන්නෙ නෑ ..කිව්ව පැණි බිම.එකක් කියලා…
    ඉටපස්සෙ ඒ අංකල් එක අරං සුවද බලලා කිව්ව… රා නෙදා කියලා..???
    හම්බො ඉතිං…කොහොම හරි එක බිව්වෙ නැද්ද කොහෙද…
    එතනින් අමුතු ගදකුත් එනව රා ගදද මන්ද. ..
    ඉයා අෆ්ෆ එ ගද මට උහුලන්න බෑ.. මේ මිනිස්සු කොහොම ඕව බොනවද මන්දා..
    සැබැයි හරියටම දන්නෙ නෑ ..ඒ රා ගදමද ආවෙ.කියාලා…
    කොහොම හරි.ෆූට් බයිසි කලයක් ආව පයකට විතර පස්සෙ බලද්දී අර ෂීට් ගෙනව කිව්ව අංකල්…
    මං හිටුවෙ විල් එකක ලොරියක මොකක හාරි එනව කියල බලද්දී මු එලුවිල ඉදම්ම ඇවිල්ල තිය්‍ර්න්නෙ ෆූට් බයිසිකලේ…
    ඉටපස්සෙ.මගෙන ඇහුව මොන වගෙ ෂීට් එකක්ද ඕනි කියල මම කිව්ව කැමති පාටකින් ගෙන්න කියලා ඉට්පස්සෙ කියනවා එහෙම හරියන්නේ නෑනෙ පටක් කියන්න කියල මං නිල් එකක් ගෙන්න කිව්ව…තව ඉතිං බ්රේක් සෙට් එකකුත් ගත්තා..
    එය කිව්ව මේ ලඟ තියෙනෙ විනාඩි 10ක් දෙන්න ගිහිං ගෙන්නම් කියල ඉටපස්සෙ මගේ බයිසිකලෙ ගැලෙව්ව මලකඩ කලා කියන්නෙ. එක ගලවා ගන්න පට්ටා ට්‍රයි එකක දුන්නා..කොහොම හරි..අරුත් විනාඩි 20කින් විතර ආව…ඔක්කොම වඩ ටික ඉවර කරා බඩුවලට 860යි මං ගාව තිබ්බෙ 1000ක් ඉතිං ඉතුරු දෙනකම් බලන් හිටියා ම්‍ර්න්න මුං තව 100ක් ඉල්ලනවා වඩ කුලී තව සල්ලිත් නෑ මං ගාව මං හෙට ගෙන්නම්.කියල ආවා..දං ඉතුරු 100යි තව බයිසිකලේ ඛ්‍ර්න් එක ටිකක් හදාගන්න තියනව එකට හවසට යනව..
    ආ කියන්න බැරි වුණා අර බයිසිකලේ හදද්දී මග්‍ර් එක අනයක් ගලවගන්න බැරිව හයියෙන් තද කරඩ්දි ඉස්කුරුප්පු නියන පැනලා අතේ අනිලා අත් හිල් වුණා ..හම්බො…
    එ යනො 2 ට class. ඉතින් දවල්ට කාල නෑ කන්න යනො උම්ම්ම්ම්මා

    1. Chuuti manike

      අම්මො බන් මෙකෙ දිග…කොච්චර වෙලා ගියාද…ඈ…..අන්‍ර් මෙ මගෙන් මුකුත් අහගන්න එපා….මන් දන්නෙ කෝ මද අනිත් කෙල්ලො ගැන…මට එකපාරටම හිතුනොත් නානව..
      හරිද….ඔව්.ඔව්.මගෙ කොන්ඩෙ ඉන්දියාව වටම දිගයි…??
      අඩෙ .ඒමද ඉතින් දැන් ඉතින් මේක ගොඩක් පාලුවට යාවි නෙ කවුරුත් දැන් එච්චර නෑ නෙ….?
      දුකයි අෆ්ෆා…………..
      අඩ් ඒක නෙමෙ රා ද මම් මම් අපෙ පුන්චි ලාගෙ..පැත්තෙ ඔය ට්ජියෙනෙ….නිකන් පල් සුවදක් වගෙ…අම්මෙ එහෙනම්.මරුඉට්ජින්…?
      අහ් ..ඒකන්මෙ කාගෙ අතද හිල් උනෙ…මෙ ???
      දැන් ඉතින් ක්ලාස් නෙ….
      Gb…
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ?❤️

      1. ඔව් අෆ්ෆ 12:30ට ගේදර ඇවිල්ල 1ට විතර කොටන්න ගත්තෙ….
        ඉටපස්සෙත් තව කොටනව කොහෙද අම්ම බත් කන්න කතා කරා….
        අනේ මංද මමනම් රා සුවද බලල නෑ…
        කොයි වගෙ සුවදක් අතිද?..
        අනේ බං කෙල්ලොනෙ දන්නෙ කෙල්ලො ගැන ..
        ඔන්න මම දන්නව කොල්ලො ගැන…හුම්ම්ම්ම්…
        .එ මේ අෆෙ ඔයාගෙ කොන්ඩෙ ඉන්දියාව පැත්තට නැමෙයි අෆෙ.පැත්තට එවනවකො…එතකොට මට පුළුන්නෙ ඔයග්‍ර් කොන්ඩෙන් අදින්න…
        එක කුහක ආසාවක්….
        ..
        ??????

        අත හිල් වුන්‍ර් බයිසිකලේ හැදුව මමා කෙනෙක්ගෙ…තව චුට්ටකින් ආයෙ යනො…නෑ එක්කො ඩැන්මම යනො..gb..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මැට්ටි…
        එහෙන්ම් බතලි ම්ණ් යනවො…රෑට හම්බුවෙමුකො….
        ??❤මැරිලත් ප්ස්සෙන් එනො….

        1. Chuuti manike

          මෙමෙ මේක මාර වැඩක්නෙ…මන් කෙල්ලෙක් උනා කියලා කෙල්ලො ගැන දැනගන්න ඕනෙද…..හාකො…..
          අප්පෙ ඉතින් ඔයා කොල්ලො ගැන දන්නෙනැත්නම් ඉර අනිත්පැත්තෙන් පායායි….අඩෙ මන් නම්.දැකලා සුවද බලලා තියෙ…බීලා.විතරයි නැත්තෙ ??
          අනෙ හාකො.මම්.එවම්මම් කො මහෙ කොම්ඩෙ….කීමකම් හිටියෙ නෙ.එවන්න..?
          මාත් යන්නම් වැඩ ටිකක් තියෙ හෙට ක්ලාස් නෙ…?
          Gb matto..
          Ummmmmma ❤️
          මන් මැරිලා හොහොල්මනිම් එනො..?

    2. Chuuti manike

      සිරාවටම ඇදෙන් වැටුනා බන් අම්මෙ ම්න හිතුවෙ කොන්ද කැඩුනා කියලා ??

      3
  6. .අම්බො අද හවස ගියනෙ ඒයාලගෙ ඉතුරු සල්ලි රුපියල් 100 දෙන්න ඉටපස්සෙ චෙන් එකට තෙල් ටිකක් දාගත්තා..
    ඉටපස්සෙ ආසාවක් ආව බයිසිකලෙ වටයක් යන්න .මං ගෙදරටත් කියලා ආවෙ..වටයක් දාලා තමයි එන්නෙ කියලා..ඉතින් එහෙන්මම මණ්ඩාවල පාරෙන් දාලා පාර ලොකුවට මතක නති නිසා මිනිස්සුන්ගෙන් පාර අහා අහා ගියෙ.. ඉටා පස්සෙ ගෙට්ටු හන්දියට වැටෙනවා…එතන තුම්මන් හන්දියක් තියෙන්නෙ හරිනම් මං යන්න ඕනි එතනින් දකුණු අත පැත්තට ගෙදරට යන්න..ඒත් වම් අත පැත්තට ගියා එහෙම යද්දි වදුරාමුල්ල පාර කියල පාරක් තියෙන්නෙ එතනින් දළා යන්න පුලුවන් ඒත් ඉතිං තවත් ටිකක් ආතල් එක වැඩිවෙන්න ඊටත් ටිකක් උඩහට ගියාම තියෙනවා සොහොන පාර එකෙන් දාල ගියා ඉටපස්සෙ එහෙන්මම ගියා අෆෙ ගෙවල් පාර පැත්තට ගිය ඒත් යද්දි පාරක් පහුවුනා ඒ පාරෙන් ගියා ඉටපස්සෙ කොහොම හරි මම අෆෙ ගෙවල් පාර ගාවට ගිය හිත කිව්ව ඔන්න ඔහ්‍ර් තව ටිකක් වටයක් ගහපන් කියලා… ඉටපස්සෙ ගෙවල් පාරත් පහුකරගෙන ගියා එහෙන්මම පාරකින් දාලා ඇන්නා හිටියෙ..එහෙම යඩ්ඩි ජීවිතේට ගිහින් නැති පරක් දැක්ක.. ආතල් එක්ස්ටවත් එ පාරෙ ගිහිං නෑ… කොටින්ම ඒ පාර කොහෙටඩ වැටෙන්නෙ කියලවත් දන්නෙ නෑ… ඒත් ගිය ටික දුරක් යද්දි.අංකල් කෙනෙක්ව හම්බුවුනා එයාගෙන් ඇහුව මේ පාර කොහෙටැද වටෙන්නෙ කියලා එයා අහනවා පුතා කොහෙටඩ යන්න ඕනි කියල මම දන්නව ඩයි පාරක් කියන්න එයා අහනවා තන්තිරිමුල්ලටඩ එහෙම එහෙම ඇහුව ම්ණ් කිව්ව ඉතිං දන්නේ නෑ… මේ යලුවෙක්ගෙ ගේදර යනව කියල වෙන මොනව කරන්නද…?
    කොහොම හරි එ අන්කල්ට ඉස්තුති කරල යද්දි මට ඇහුණා කුරුප්පු මුල්ලටඩ් කියල අහනවා ..මං කුරුප්පු මුල්ලනම් දන්නව…අෆෙ ගෙවල් ලග ඉදන් ටිකක් ඩුරයි…ඇත් පර දන්නව..කොහොම හරි කට්ටියග්‍ර්න් අහල ආව ඒ එද්දී හිරන පාරත් අහුවුණා කියහන්කො…
    හිරන පාරයි අෆ්‍ර් ගෙවල් පත්තයි කියන්නෙ පැති දෙකක් මං පට්ට දුරක් ගිහිං කොහොම හරි.කට්ටියගෙන් කුරුප්පු මුල්ලට යන්නෙ කොහොමද කොහොමද කියලා අහලා ගියා..ඉටපස්සෙ මං දන්න පාරක් ගාවට වැටුණ හම්බො එතකොටයි.සහනයක් දැනුන්‍ර්…
    ඉටපස්සෙ එහෙන්මම හරි පාරෙන් නැමෙයි වෙන ටිකක් දුර (ඇත් ඉතිං එ හැටි ඩුරකුත් නෑ.. පරවල් දෙකෙන් මොන පාරෙ ගියත් එකම දුර තමයි…ඇත් අර පාරෙන් ගියා එහෙන්මම ගෙදර ?????
    ගෙදර ගියා ඉටපස්සෙ විස්තරෙ කිව්ව?
    කොහොම හරි අයිය කෙක්කෙන් තැබිලි පොල් කැඩුවා මට අම්ම කියනව මට ලෙලි ගහන්නලු…අඛ්ඛර කට්ටක් කලා ආව මට ලෙලි ගහන්නලු????
    ඇයි ඊයෙ ලෙලි ගහන්න කිව්වම මං කිව්වනේ හෙට කරන්නම් කියලා…
    අම්ම කිව්ව එකක් ලෙලි ගහල දෙන්න හවසට උයන්න පොල් නෑ කියල .ඉටපස්සෙ එක ලෙලි ගහද්දි බාගයක් විතර යද්දි අම්ම කියනව මහන්සිනෙ එක්කො ඔනි නෑ නවත්තන්න කියලා. ඇත් ඉතිං ඔන්න ඔහෙ ගැහුවා….
    එ විඩිහට පිස්සු වඩ වගයක් උණා ඉටාපස්සෙ ගියා නාන්න.
    විනාඩි 10ට නලා ආව…
    ඉටපස්සෙ පහන තියලා ගතා කියල..ඩැන් මේ නුඩ්ලුස් කන්න ඉන්නෙ උඩහ ගෙදර පටියක් එහෙන් ඉදිආප්පයි අලහොඩියි මස් බැඩලයි තියෙනො…ඉදිආප්ප and නුඩ්ලුස් දෙකම කනො…මන් යනව බුඩුසරනයි මේක මං කොටන්නෙ 7 ඉදන් ටික.ටික කොටන්න වුණෙ එකයි පරක්කු වුණෙ … බුදු සරණයි බතලි උම්ම්ම්ම්ම්මා..
    කාල එන්නම් hode… ඩැන් ඉතිං කේල ගිලින්න එෆා හුම්ම්ම්ම්…
    ???????
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

    1. Chuuti manike

      අම්මෙ දගයො මාර පාරවල් වල නෙ අෆ්ෆා ගිහින් තියෙන්නෙ…එලම් ඉතින් …..අම්මෙ මාත් පොල් ලොලිගහන්න ගිහින් අම්මෙ .පොලු ත් එපා උනා ල්….ආපො …..හලි එනම්.මෙ මෙ මට බතලි කියන්න එප…?
      Gn…බුදු සරනයි
      මැට්ටො ?❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.