Katha Ahura

ඇවිදින මරණය | 1 කොටස | හොල්මන් කතා

4.5/5 - (15 votes)

..ඇවිදින මරණය…

———————————————————————————————————————-

“කාටද බං උඹ රව රව බනින්නේ…??”

ඒ ඩුමා… මගේ කැමරා සහයක.. වයස විසි නවයයි.. දරුවෝ තුනයි.. මගේ බෙස්ට් ෆිට් එක..

“රවන්න නෙවෙයි.. බෙල්ල මිරිකන්න හිතෙන්නේ අරූගේ… ඇයි යකෝ මං තමයි ලංකාවේ ඉන්න බෙස්ට්ම පත්තර වාර්තාකාරිය.. ඒත් බලපන් මේ අඬන දොඩන වැළපෙන නිවුස් වලට මාව යවන හැටි…”

ඇත්ත.. මං හිටියේ හොඳටම කේන්තියෙන්.. අනේ අම්මපා.. පාතාලේ මැර වැඩ ගැන පත්තරවල පිටු පුරවපු මං අද යනවා ගාලු.. උණක් හැදිලා නැති වුණු දරුවෙක්ගේ දෙමාපියන්ගෙන් ඉන්ටර්විව් එකක් ගන්න..

මං රුකී.. මුරණ්ඩු, හිතුවක්කාර කෙල්ලෙක්.. පෙරළිකාර නිවුස් ලියන්නමයි කැමති.. ඒ නිසාමයි මං ප්‍රසිද්ද..

ඒත් අද මං මේ ගාල්ලේ යන්නේ එඩිටර් තුමාගේ අහක දාන්න බැරි ඉල්ලීමකට..

කොහොමහරි ගාල්ලෙන් බහිද්දි දවල් එක පහු වෙලා.. ස්ටේශන් එක ළඟම ස්ටෑන්ඩ් එක තියෙන නිසා ගමන ටිකක් පහසුයි..

නෙලුව බස් එකේ වාඩි වෙලත් මං කල්පනා කරේ අවුරුදු දහයකට පස්සේ ගාල්ල නගරය වෙනස් වෙලා තියෙන විදිය ගැන..

ඩුමා නම් ඉයර් ෆෝන් එක කනේ ගහන් සිංදුවක් අහනවා..

මඟ දිගටම මං කරේ වටපිට බල බල ආපු එක..

නෙලුවට එද්දි හොඳටම හවා වෙලා.. ලංකාවම කම්පා කරපු මරණයක් නිසා අපිට මළ ගෙදර හොයා ගන්න එක එතරම් අපහසු වුණේ නෑ..

සුදු කොඩි දාලා ගොක් කොළ වලින් සරසලා මුළු ගමම එකම මළ ගෙයක් වගේ..

නැති වුණ දරුවට අවුරුදු පහයිලු.. තවමත් හඳුනා නොගත් රෝගයකින් තමයි දරුවා නැති වෙලා තියෙන්නේ…

ඒ නිසයි මේ නිවුස් එක ගොඩාක් වැදගත්..

අපි ගේ ළඟට ළං වෙද්දිම අපිට ඇහුනේ ඇඟ හීතල කරන තරම් ලතෝනියක්..

මමයි, ඩූමයි මූණට මූණ බලා ගත්තා..

අහළ පහළ අයගෙන් ටිකක් විස්තර අහගත්තා.. මළ ගෙදරින් බීම එකකුත් බීලමයි අපි ඇතුළට ගියේ..

බලන් ඉන්න බැරි තරම් වේදනාවකින් ඒ අම්මා අඬනවා.. වැළපෙනවා.. තාත්තත් නැති දරුවා අම්මා හදාගෙන තියෙන්නේ දහ දුක විඳලා..

ගන්න ඕන විස්තර ටිකත් අරන් අපි එන්නයි හැදුවේ.. ඒත් අපිට රෑ වුණ නිසා ගමේ අපිත් එක්ක හිතවත් වුණු ඇන්ටි කෙනෙක් එහේ අපිට නවතින්න කියලා කිව්වා..

කොහොමත් දැං කොළඹ යන්න වෙලාවක් නැති නිසා අපි එහේම නවතින්න තීරණය කරා..

යන්තම් ඇහැපිය වේගෙන එද්දිත් මට ඇහුනේ අර අම්මගේ විලාපය..

පත්තර වාර්තාකාරියක් වෙච්ච මට මෙහෙම අත්දැකීම් ගොඩක් තිබ්බට මේ විලාපය ඇහෙන මොහොතක් මොහොතක් ගාණේ හිත සසල වෙනවා..

යන්තමින් ඇහැ පිය වේගෙන එද්දි ඇහුනේ මහා ගෝශාවක්..

මං ඩුමාවත් ඇඳන් ගෙදරින් එළියට බහිද්දි ගමේ මිනිස්සු අර මළ ගෙදර දිහාවට යනවා..

මත් තාමත් නිදි කිරම ඩුමාවත් ඇඳම් ගම්මු පස්සෙන්ම ගියා..

“අර මැරිච්ච ළමයට පණ ඇවිත්ලු.. ”

“අනේ මංදා ඇසිලියෝ.. කවදා දැකපුවද..?”

“ඕන් සුභා නගායි නැන්දයි දරුවා අරන් සුමන මල්ලිගේ ත්‍රීවිල් එකේ කරාපිටි ගියා…”

“මං ඇස් දෙකටම දැක්කා අක්කේ කොළුවා ඇඟිලි හොල්ලනවා.. ඇස් දෙක නම් කොළම පාටයි..”

“අනේ කාලේ වනේ වාසේ… කවදා වෙච්ච දේවල්ද මේ…??”

ගමේ ගෑණුන්ගේ කතන්දර අපිටත් කනින් කොණින් ඇහුණා..

මැරිලා පෝස්මෝඩම් එකත් කරලා ගෙදර ගෙනාපු දරුවා ඇඟිලි හොල්ලලා ඇස් ඇරියේ කොහොමද..?? පෝස්මෝඩම් එක කරේ මුණ දිහා බලලද..??

මට ඇති වුණේ ප්‍රශ්න පත්‍රයක්…

ඊට පස්සේ නිදා ගන්න ගියත් මට නම් නින්ද අහළකටවත් ආවේ නෑ.. මට විතරක් නෙවේ.. ගමේ කාටවත් නින්දක් නැතුව ඇතී..

පාන්දරම ඩුමයි, මමයි ඇන්ටිටත් කියලා පාරට ආවේ අද යන්න කලින් කරාපිටියටත් යන්න ඕන නිසා..

බස් එක වලහන්දූව පාස් කරන්න ලැබුනේ නෑ ට්‍රෆික් එක..

අපිත් බස් එකෙන් බැහැලා මොකක්ද සිද්දිය කියලා බලන්න ඉස්සරහට ගියා..

ඇක්සිඩන්ට් එකක් නම් ඒකත් පත්තරේට ලියත හැකිනේ..

වීල් එකක් ඇක්සිඩන්ට් වෙලා වගේ..

පොලීසියෙන් වට වෙලා.. සීමාවකුත් දාලා..

අපි පත්තරෙන් කිව්වම අපිට ටිකක් ළඟට යන්න චාන්ස් එක ලැබුනා..

ඒත් දැක්ක දසුන නම් ඇඟ කිලිපොලා යනවා..

වීල් එකේ ඩ්‍ර්යිවින් ශීට් එකේ හිටිය මනුස්සයගේ බෙල්ලේ පැත්තක් නෑ.. හිස කඩන් වැටිලා..

තව ගෑණු දෙන්නෙක් පිටි පස්සේ හිටියා ලේ විලක් මැද…

මං තව අඩියක් ඉස්සරහට තිබ්බා..

“කවුද ඔයාලා.. ?? යනවා යන්න මෙතනින්..”

සැර පාට පොලිස් නිළදාරියෙක්..

“සර් අපි පත්තරෙන්..”

අපි දෙන්නම අපේ අයිඩෙන්ටි පෙන්නුවා..

“මෙච්චර ඉක්මනට නිවුස් එක පත්තරේටත් ගියාද..?”

අපිට අමුතු හිනාවක් දා ගෙන ඒ පොලිස් නිළධාරියා සිද්දිය වෙච්ච තැනටම ගියා..

මටත් ඉතින් හිටන් ඉන්න පුළුවන්ය.. මාත් ගියා..

හොඳටම ළං වෙලා බලද්ද්යි දැක්කේ… මේ ඉන්නේ අර නැති වුණ දරුවගේ අම්මා..

අතේ තිබ්බ නෝට් බුල් එක බිම වැටෙද්දි මං ඇස් පිහිදාලත් බැලුවා..

“දෙයියනේ…!!!”

මගේ කටහඬ උස්ව ඇහෙන්න ඇති.. පොලිස් නිළදාරියාත් හැරිලා බැලුවා..

“තමුන් මේ අයව දන්නවද..??”

“ඔඔඔව්… මේ මේ අර අම්මා.. දරුවා නැති වුණ…”

මට වචනත් ගොත ගැහෙනවා.. එහෙම වුණේ කොහොමද…???

“මොන අම්මද..??”

“සර්.. අර හඳුනා නොගත්ත රෝගයකින් දරුවෙක් මැරුනේ.. ඒ දරුවගේ අම්මා…”

“ඊයේ රෑ දරුවා ඇඟිලී හොලවනවා කියලා කරාපිටි ගියා කිව්වා..,ඒත් මේ…”

මාව ගල් වෙලා වගේ..

ඒ නිළධාරියටත් මගේ කතාව විශ්වාස නෑ වගේ අමුතු බැල්මක් මං දිහා බැලුවේ..

ඩුමා හිටියේ අපිට පිටිපස්සෙන්.. මගේ වෙනස පෙනිලද කොහෙද මට ළං වුණා..

“ඇයි රුකී…??””

මං අත දික් කරලා වීල් එක ඇතුළේ මැරිලා ඉන්න දරුවගේ අම්ම පෙන්නුවා..

ඩුමාගේ අතේ තිබ්බ බෑග් එක ඩෝං ගාලා බිමට වැටුණා…

අපිට තිබ්බ එක ප්‍රශ්නයයි.. මේක වුණේ කොහොමද..?

මං තව අඩියක් වීල් එක ළඟටම ළං වුණා..

අමුතු බයක් හිතේ වෙලෙද්දි මං ආපහු හැරුණා…

ලේ වලින් නෑවිලා තිබ්බ ඒ දසුන ඇඟේ මයිල් පවා ඇවිස්සෙනවා..

“ඩුමා…”

“දරුවගේ මිනිය නෑ…..”

ඇත්තටම දරුවගේ මිනිය තිබ්බේ නෑ… නෙලුවෙන් පිටත් වුණ තුන් දෙනා මහ පාරේ මරලා දාලා.. මැරිලා ඇඟිලි සොලවලා පණ ආපු දරුවා අතුරුදහන්…

“සර්… ළමයෙක්ගේ වගේ පොඩි අඩි සළකුණු තියෙනවා…”

මගේ සියොළඟම හිරි වැටෙන්නට ඇත..

මොනවාද මේ ඇහෙන්නේ..???

මැරුණ දරුවෙක්ට පණ ඇවිත්…

හොඳට හිටිය තුන් දෙනෙක්ව අමානුශිකව මරලා දාලා…

මමයි, ඩුමයි, පොලිස් නිළධාරියයි වෙච්ච දේ ප්‍රේහේලිකාවක් වෙද්දි මූණට මූණ බලා ගත්තේ කිසිම දෙයක් විශ්වාස කර ගන්න බැරුව…

——————————————————————————————————————

ඔන්න ඉතින් කට්ටිය මාව වැරදියට වටහා ගන්න එපා.. ගාල්ල නගරය පසුබිම් කර ගත්තට.. මං හොඳින්ම දන්නේ මගේ නගරය ගැන.. ඉතින් ආදරෙයි ලංකාවටම..

ආදරෙයි පැලෙන්න…

ඉන්න මාත් එක්කම..

ඊළඟ මරණයත් අරන් මං එන්නම්..
බුදු සරණයි..!!
Madhawi Jayasinghe

දවසක් ඇර දවසක් ඔයාට කතාව කියවන්න පුළුවන්…

12 thoughts on “ඇවිදින මරණය | 1 කොටස | හොල්මන් කතා”

  1. Ai ane apiva asarana karanne kathava davasak ara davasak dala.
    Maruna daruvata pana ava kiuvama aththatama mamath baya una.???
    Oyage kathave arambayama mava pudumayata vagema baya kala.ithin mama hithanava e vagema balaporoththu venava oya me kathava avasana venakanma e baya,kuthuhalaya apita danenna salasvai kiyala??☺️☺️
    Oyage siyalu katayuthu athi sarthaka venna kiyala mama hadavathinma prarthana karanava????
    Good luck…………

  2. අයියෝ දවසක් ඇර දවසක් ඒ මොකද යාලු. හැමදාම කතාව දාන්නකෝ කතාව ලස්සනයි අනේ ඒත් බය හිතුනා තනියෙන් කියවන්නෙ කලුවරේ ඇදට වෙලා. මැරුනු ලමයට පන ආවා කිව්වම බය උනා අප්පා…අපිව බය කරලා ඔයා සතුටින් දොයියන්නකෝ යාලූ.. බුදු සරනයි..

  3. ඉතින් මාධවි නංගියේ ඔයාගෙ කතා ගොඩක් මං කියවලා තියෙනවා.මෙකත් ඒ හැම එකක්ම වගේ සුපිරියටම ඇති කියලා හිතනවා.all the best nangiyo.??????????????

    1
  4. අම්මෝ අක්කි… මං ඔයාගෙ කතා ගොඩක් කියෝලා තියෙනවා… ඒවනම් මාරම ලස්සනයි… ඉතිං මේකත් සුපිරියටම ඇති… පලවෙනි කොටසම ලස්සනට තිබ්බා…
    අයියෝ… හැමදාම දෙන්න බෑද අප්පා..

    1
  5. Hashini Navanjana.

    අනේ…. හරිම ලස්සනයී… ???ආරම්භයෙන්ම භය හිතෙන කුතුහලය තියෙන කතාවක්… මං නම් මීට කලින් ඔයාගේ කතා කියවලා නෑ මං හිතන්නේ… ගොඩක් ලස්සන කතාවක් වෙයි අනිවාර්යයෙන්ම… මාත් ගාල්ලේ. ඉතිම් තමන් ඉපදුන ගම මේ වගේ ලස්සන කතවකට පසුබිම් කර ගන්න එක කොච්චර හොඳද…. ????
    දිගටම ලියන්න යාලූ. .. ????
    Best of luck… ?❤?❤?❤?

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.