Katha Ahura

රන් තරු |13 කොටස|නවකතාව

5/5 - (2 votes)

13 කොටස

මාත් රෝස මල පපුවට අරගෙනම ඇඳෙන් හාන්සි වුණා .සැරින් සැරේ නින්ද කැඩුණු නිසාම පුදුම තරම් නිදිමතෙන් මම හිටියේ .

මම හාන්සි උනාටත් පස්සේ තමයි රනූ ඇස් දෙක පියා ගත්තේ .

” අයියේ ….”

අපොයි මේ කෙල්ල ඇස් පියාගෙන වත් මට සැනසීමෙන් නිදා ගන්න දෙන්නේ නැති හැටියක්.ඇස් දෙක පියාගෙනත් මේකි තාම නිදි නෑ .

” එපාර මොකද …අද නිදා ගන්න ඌමනාවක් නැද්ද …”

” ඌමනාවක් තියෙනවා…ඒක නෙමෙයි මං සාස්තරයක් කියන්නද අයියේ ….”

” සාස්තර කියන්නත් දන්නවාද…”

” එහෙම සාස්තරයක් නෙමෙයි අනේ…”

” එහෙනම් කොහොම එකක්ද…”

” හිත් කියවන සාස්තරයක්….”

” හා එහෙනම් දැන් කියන්න …හැබැයි ඒක කියලා මට තවත් වද නොදී නිදියන්න ඕන හොඳේ ….”

” ඔයා දැන් පොඩ්ඩකට කලින් මට බැන්නා නේද ඇස් දෙක පියාගෙන වත් ඔයාට සැනසීමෙ ඉන්න දෙන්නේ නෑ කියලා මං….”

” රනූ….”

මට පුදුම හිතුණා .මේ කෙල්ල කොහොමද දන්නේ මං හිතින් හිතපු දේ.

” ඇත්ත නේද අයියේ මං කිව්වේ …”

මං ඇත්තම කිව්වා .බොරුවක් කියලා වැඩකුත් නෑනේ .

” ම්ම් ඔව්…මං එහෙම හිතුවා…බොරු නෙමෙයිනේ ඉතින් …..”

” හරි හරි ඉතින් ….මම බොරුයි කිව්වේ නෑනේ ….ඔයා හිතපු දේ හරිනේ…

ඇත්තටම ඉතින් මං වද දෙනවනේ ඔයාට නේද …”

” හරි හරි ළමයෝ…දැන්වත් නිදා ගන්නකෝ…

මීට වඩා හොඳයි ඔයාව හොස්පිට්ල් එකේ තව දවසක් දෙකක් තියලා ආවනම්….”

” ඇයි ඒ…”

” නෑ ඉතින් හොස්පිට්ල් එකේදි මෙහෙම පණ්ඩිත ආච්චි වගේ කියෙව්වේ නෑනේ ….

අහිංසක කමට පාඩුවේ හිටියනේ…අපේ තාත්තා නිසා තමයි ඔයාගේ මේ තරම් කටට පණ ආවේ …”

” තරුවෝ…”

” මොකක් …..”

” අයියේ කියන්න කම්මැලි වගේ…ඒකයි එහෙම කිව්වේ ….”

” මොංගල් ද….”

” ටිකක් විතර…”

” ටිකක් නෙමෙයි හොඳටම මට පේන විදියට නම්…මොකද වැරදි බෙහෙත් වත් බිව්වද ….”

වද දිදී හරි මේ කෙල්ල මාත් එක්ක කතා කරන එකත් වෙලාවකට මට සතුටක් කියලා හිතුණේ.

ඩියානා නිසා කැඩිලා තිබුණු මගේ හිත මගේ පුංචි රෝස මල නිසා සුවපත් වුණා වගේම ඒ ඉතිරි වුණ කැලැල් රනූ ටිකෙන් ටික මකලා දානවා කියලයි මට හිතුණේ .

” අයියේ ….”

” ම්ම්ම්…ඇයි…”

” ඔයා හැමෝගෙන්ම හංගන්න හදන ඇත්තක් මම අද කියන්නද….”

” මොකක්ද රනූ….”

මේ කෙල්ල කියන සාස්තර වල හැටියට මං බය වුණේ මේ වෙලාවේ මෙයා මොනවා කියයිද දන්නේ නැති නිසා .

” ඔයා නපුරු වෙන්න හැදුවට ඔයාට නපුරු වෙන්න බෑ අයියේ …..

ඔයා නපුරුයි වගේ ඉන්න හැදුවත් සමහර වෙලාවට ඔයා වත් දන්නේ නැතුව ඔයා පරණ තරූගෙම තත්ත්වෙට එනවා…

ඒ නිසා ඉස්සර හිටියා වගේම අහිංසක තරූ වෙලාම ඉන්න …ඒ විදිය හොඳයි අයියේ ….”

” රනූ දැන් ඇති…නිදාගන්න ඔය කච කචෙ නතර කරලා….”

” එක කෙල්ලෙක් බොරුවක් කරා කියලා හැම කෙල්ලම ඒ වගේ කියලා හිතන්න එපා අයියේ ….”

රනූ කියන දේවල් ඇත්ත වුණත් මට දැන් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.මේ කෙල්ල මාව අවුල් කරනවා සැරින් සැරේටම .

ආදරය කියන දේ මං අමතක කරලා හිටියේ  ඩියානා මාව දාලා ගියපු දවසේ ඉඳන්.එදා ඉඳන් කිසිම කෙල්ලෙක්ට මේ හිතේ ඉඩක් වෙන් වුණේ නෑ .

ඉඩක් හදා ගත්තා නම් ඒ මගේ චූටි සුරංගනාවි වෙනුවෙන් විතරමයි .එත් රනූ මේ එක දවසට මගේ හිත පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරනවා හරි අපූරුවට .

බැනලා තවත් හිත රිදවන්න හිතුණේ නෑ මට රනූගේ .ඇය කියන දේවල් වල වරදක් නැහැ .

” රනූ…නිදාගන්න නංගි …”

” මාත් එක්ක තරහද අයියේ ….”

” නැහැ …නැහැ …ඔයත් එක්ක තරහින් නෙමෙයි ….මට නිදිමතයි නංගා ….”

” හා එහෙනම් ….”

මට නිදිමතයි කිව්වම තමයි රනූ එයාගේ කට වහ ගත්තේ .තුවාලෙ ගැනවත් හිතන්නේ නෑ මේ කෙල්ල .

නින්ද යාගෙන ආපු මට ආපහු ඇහැරුණේ මගේ පපුවට දැනුණු ස්පර්ශයක් නිසා.මං හිතුවේ මගේ රෝස මල නැගිටලා කියලා .

ඒත් බලද්දී චූටි දෝණි සනීපෙට නිදි.රනූගේ අත තිබුණේ මගේ පපුව උඩ.එයා මට නින්ද ගියාම පැටියගෙ අතකින් අල්ලාගෙන .

දෝණිගේ චූටි ඇඟිලි ටික රනු අතින් අල්ලාගෙන හොඳට නිදි.හිනාත් යනවා මේ කෙල්ල කරන වැඩ වලට.

මට නින්ද යනකම් ඉන්න ඇත්තේ මං බනින බව දන්න නිසාම වෙන්න ඇති.රනූ මගෙ පැටියට ගොඩක් ආදරෙයි කියලා මට දැනෙනවා .

රනූ පව් කියලා හිතුණා .තාත්තත් නැතුව ගෙදරට වෙලා දුක් විඳලා දැන් තමයි කෙල්ල සතුටින් ඉන්නේ .

සමහර වෙලාවට එයා ගොඩක් සංවේදී වෙනවා.තවත් වෙලාවකට දඟ මල්ලක්. කොහොම වුණත් හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් ඇය සතුව තියෙනවා .

ඇයගේ කතා පෙට්ටිය නතර වුණ නිසා මාත් නිදා ගත්තා .පැය හතරක විතර සැප නින්දකට පස්සේ මට ඇහැරුණා .

ඇහැරුණා නෙමෙයි මගෙ රෝස මල මාව නැගිට්ටුවා.චූටි වුණාට මගේ කෙල්ල කෝලම් කරලා මාව හිනස්සන්න නම් හොඳට දන්නවා .

” චූටි දෝණි …”

මම කතා කරද්දී ඇය ඇස් කරකවලා බලනවා හිනා වෙවී…

” සුදූ….දෝණි ….”

කෙල්ලට ඒක විහිළුවක් වෙලා.මං කතා කරන වෙලාවට ඇය මූණ පපුවට තද කරගෙන හිනා වෙනවා.

සැප නින්දක් නිදාගෙන ඇහැරිලා මගේ පපුවේ ඔළුව ගහගෙන චූටි අත් දෙකෙන් පපුව පුරාම පහුරු ගානවා වගේ ඇඟිලි එහේ මෙහා යවනවා.

මගේ කෙල්ලගේ කෝලම් දැන් මට හොඳටම පුරුදුයි .කිරි බණ්ඩිය බැහැලා නිසයි මේ දඟලන්නේ .

වෙන පුංචි උන් කිරි බඩගිනි උනාම අම්මගෙන් කිරි උරන්න හොය හොයා අඬද්දි මගේ කෙල්ල කවදාවත් ඒ විදියට අඬලා මාව අසරණ කරේ නෑ .

ඇගේ අම්මා ළඟ නෑ කියලා ඇයට දැනෙනවද කියලත් මට හිතෙනවා .චූටි කම්මුල් රතු වෙනකම් හිනා වුණත් මගේ පැටියා ඇඬුවේ ගොඩක් අඩුවෙන් .

රනූ නම් තාමත් සනීපෙට නිදි.ගිරවි වගේ කියව කියව ඉඳලා හිනාවකින්ම ඒ ඇස් පියවිලා .

මගේ රෝස මල පපුව උඩ කෝලම් කරන අතරෙම මං බලාගෙන හිටියේ රනූගේ මූණ දිහා .ඇත්තටම ඇය සොඳුරු යුවතියක් .

කොයි තරම් සමාජ දැනුමක් තිබුණත් ඇය තාමත් තැලිලා පොඩි වෙලා නෑ .ෆැකල්ටි එකේදී ඒ දේවල් ඇය ඉගෙන ගනීවි ටික ටික.

” චූටි මැණික ….”

මගේ පැටියා මොනවද කියනවා තනියම .ඇය කියන ඒවා මට තේරෙන්නේ නෑ ඉතින් .

” සුදු දූ…කුක්කු බඩගිනි ද මගෙ පැටියට….”

ඇය හිනා වෙවී මූණ හංගනවා.

කෙල්ලෙක් විදියට රනූගේ අනාගත බලාපොරොත්තුව ඇත්තටම හරි වෙනස්.

ඩොක්ටර්ස් ලා වෙන ගොඩක් අය පෞද්ගලික සායන මධ්‍යස්ථාන දාගෙන සල්ලි පස්සේ දුවද්දී  මේ කෙල්ල හීන දකින්නේ රණවිරුවන් වෙනුවෙන් තමන්ගේ සේවය ඉටු කරන්න .

ඇගේ තාත්තා ගෙන් ලැබුණු මග පෙන්වීම ඇයට ශක්තියක් වෙන්න ඇති මේ වගේ ගෞරවනීය තීරණයක් ගන්න තරම් .

රෝස මල මගෙ පපුව උඩින් තව ටිකක් උඩට අරගෙන රැවුල් කොට වැවුණු මගේ මූණ මම ඇගේ කම්මුල් වල ගාවද්දි කෙල්ල ඇඹරි ඇඹරි හිනා වුණේ කිති කැවිලා .

” සුදු බෝලේ…කිතිද……”

තාමත් මගේ කෙල්ල හිනා වෙවී ඉන්නවා හොඳට.මගේම ලේ වලින් මෙලොව එළිය දුටුවේ නැත් උනත් ඒ ලේ බැඳීමකටත් වඩා එහා ගිය ආත්මීය බැඳීමක් මගෙ රෝස මල නිසා මට හිමි වෙලා.

චූටි දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට දුව ටිකෙන් ටික ලොකු වෙද්දී වගකීම් ටිකෙන් ටික වැඩි වෙනවා.මගේ පැටියගෙත් හැම වගකීමක්ම මම ඉෂ්ඨ කරන්න ඕන .

ඒත් කවද හරි දවසක ඇය අම්මා ගැන ඇහුවොත් එදාට මම මගෙ දෝණි ඉස්සරහ අසරණ වේවි .මගෙ මැණිකට පණ වගේ ආදරය කරන අම්මා කෙනෙක් කොහොමද මම හොයන්නේ .

” රෝස මල….යමු මේ චූටි කුක්කු  බංඩිය පුරවන් එන්න …”

රනූ තාම නිදි නිසා මම පැටියවත් අරගෙන කාමරෙන් එළියට ආවා .තාත්තා දවල්ට උයනවා .තාත්තත් පව්.උයන පිහන වැඩ උනත් එයයි කරන්නේ .

ඒ අතරෙ මගෙ දෝණි පැටියගේ වැඩ බලන්නෙත් එයා.මම කිව්වත් එයා කැමති නැහැ මෙහෙකාරියක් අරගන්න .

” තාත්තේ……”

” ආ…නැගිට්ටද මේ පුංචි කුමාරිත්….සීයව ඕන නෑනේ ඉතින් තාත්තා ආවම….”

තාත්තගේ කට දිහා බලාගෙන මගේ කෙල්ල කම්මුල් රතු කරගෙන හිනා වෙනවා.

” ලොකු පුතා….මම කෙල්ලගේ කිරි එක හදලා නිවෙන්නෙ තියලා ඇත්තේ…අරගෙන පොවන්න….

දැන් මේ චූටි බණ්ඩිය බැහැලා ඇත්තේ…..”

” තාත්තා උයලා ඉවරද ….”

” ඉවරයි පුතේ…..ගඟේ මාලු ටිකක් අහු වෙලා ගෙනාවා ….චූටි දූගේ තුවාලෙ ලේ යන එකටත් හොඳයි නේ…..”

” ඔව් තාත්තේ…..මං අන්න ආයෙත් තුවාලෙ බැන්ඩේජ් කරා….බාත්රූම් ගිය වෙලාවේ පාරගෙන….”

” කෙල්ලට සැර කරන්න එපා ලොකු පුතේ….ඒකි ඉස්සර මල්ලි වගේම මගේ ඔඩොක්කුවේ හැදුණු කෙල්ල ….

ඒ ගැන කලින් කියලා වත් තිබුණේ නැත්තේ මාරෙගෙ මරණින් පස්සේ මට මේ කෙල්ලව ආගිය අතක් හොයා ගන්න බැරි වුණානේ……

කෙල්ල පුතාට ආදරෙයි ..පව් කෙල්ල ….”

” තාත්තා කියන්නේ මේ මාව දැකලා වත් නැතුව මේ කෙල්ල මට ආදරය කරා කියලද……..”

” ඔව් ලොකූ…..ඉස්සර මට කෙල්ලගෙන් බේරෙන්න බෑ ඔයාව ඉල්ලලා….මම එහෙ යන හැම දවසකම ඔයාවම ඉල්ලනවා…

මම හිතන්නේ නෑ වෙන කොල්ලෙක් ගැන හිතන්නවත් ඇති කියලා ……

අම්මා හිටියා නම් ඔයාව බලෙන් හරි බන්දලා දෙයි මේ කෙල්ලට …..”

” ෆැකල්ටි එකේදි කොල්ලෙක් සෙට් වුණාම ඕක හිතින් අමතක වෙයි තාත්තේ….”

මම එහෙම කිව්වේ හිතට එකඟව නම් නෙමෙයි .මගේම තාත්තගෙන් මාවම ඉල්ල ඉල්ල හිටපු කෙල්ල .ඒත් මේ හැම දෙයක්ම මම දන්නේ දැන්.

සමහර විට තාත්තලා මේ දේවල් කලින් කියලා තිබුණා නම් ඩියානා මගේ ජීවිතේට ළන් නොවෙන්නත් තිබුණා .

” කෙල්ලට එහෙම කොල්ලෙක් එක්ක යාළු වෙන්න ඕන උනා නම් ලොකු පුතේ ඒකට කෙල්ලට ඕන තරම් ඉඩකඩ තිබුණා …..

මොකද මාරෙ නිවාඩු එන්නෙත් කොල්ලො පස් හය දෙනෙක්ම ගෙදර එක්කගෙනම….

ඒත් කෙල්ල ඒ හැමෝටම සැලකුවේ සහෝදරයන්ට වගේ…..”
————————————-
කතාවක් ගැන හොද නරක විවේචන කරන්න හැමෝටම පුළුවන්. ඒක කතා ලියන හැම කතුවරයෙක්ම දන්නවා. ඒ නිසා කමෙන්ට් එකක් දැම්මාට පස්සේ ඒකට. කතාව ලියපු කෙනා හා කමෙන්ට් එකෙ අයිතිකරු හැර වෙන කෙනෙක් සම්බන්ධ වෙන්න එපා. වෙන කෙනෙක්ට තමන්ගේ අදහස කියන්න අවශ්‍ය නම් වෙනම තව කමෙන්ට් එකක් දාන්න. නැතුව තව කෙනෙක්ගේ කමෙන්ට් එකක් ඇතුලේ කමෙන්ට් දාන්න එපා.
-ඇඩ්මින් කතා අහුර-

25 thoughts on “රන් තරු |13 කොටස|නවකතාව”

  1. Priyadarshani

    කතාව ලස්සනයි..හැමදාම නම් කියවන්න වෙන්නෑ පහුගිය කොටස් ඔක්කොම දැන් තමයි කියෙව්වෙ මං …සොරි හැමදාම කමෙන්ට් කරන්න බැරි වුනාට …අපි වෙනුවෙන් දුක් විදින හමුදාවෙ අය ගැන අපි නොහිත ගොඩක් පැති ඔයා මේ කතාවෙන් කියල දෙනව ඒකට නම් ගොඩක් පින්..????

  2. කමෙන්ට් කරන්න බැරැ උනා හුඟ දවසකින්.කතාව නියමයි අයියෙ.අනික වැදගත්ම දේ මේ වගේ කතාවක් දාන එක දැං ඉන්න උංට ආමි එකේ අයව මතක නැ.මතක් උනේ ආපහු බෝම්බ ගහද්දි.අයියා ඔයාට පුලුවන්නම් මේ කතාව fb එකෙත් දාන්න.ඒක වටිනවා.හැබැයි ඒක මගෙ අදහසක් විතරයි හොඳද..මාත් ආමි නේවි එයාර් ෆෝස්..තුනටම ආදරෙයි ගොඩක් පොඩි කාලේ ඉදන්ම.ඔයාගෙ කතාව කියවද්දි ඇත්තටම මාර විදිහට දැනුනා..ඇස් වලට කඳුලු එන තරමටම…ගොඩක් අයට අතීතෙ අමතක උනාට මතක අය ඉන්නවා..ඒ ගැන සතුටුයි..fb එකේ නිකං ආමි කොල්ලෙක්ට කමෙන්ට් කරාට පෝස්ට් දැම්මට එයාලගෙ හිතේ ඇත්තටම රණවිරැවො ගැන හැගිමක් නැ..නිකං පේන්න කරන දේවල් විතරයි ඒවා… කොහොම උනත් ඔයාට හදවතින්ම සුබ පතනවා..ඒ වගේම මං ගොඩක්ම ආදරේ කරන ආමි එකේ කොල්ලො කෙල්ලො ටිකට තෙරුවන් සරණයි….

    1. Thank you so much nangiya mama Nam fb na nangiya Meka Sithmi nangiya ge watinakam eyage hakiyawa penawanan mama eyage Katha danne eya wenun mama oyatala comment karanwa thank you so much budusaranyi oyage comment ekata mama ekagayi

  3. Hemadama wage godaaak lassani aiyee kathawa..
    Ane ikmanata iwara karannepa kiyanna aiyage sithmi nangiyata hodada….
    Godaaaak asawen balan inne kathawa danakam..
    Best of luck aiya &nangi???????️?️?️?️?️????????

  4. කතාව ගොඩාක් ලස්සනයි අයියේ.
    හැමදාම කතාව ආසාවෙන් කියවනවා.
    දැන්නම් තරූ ටික ටික රනූට ආදරේ කරනවා වගේ.❤️❤️❤️
    All the best ?????

  5. Hashini Navanjana.

    ඔන්න දැන් තමයි අයියේ වෙලාවක් ලැබුනේ කතාව කියවන්න.. ????
    කොහෙද මේ මගේ දග මල්ල දැන් අනිත් පැත්තට හැරෙනවනේ… විනාඩියක් වත් එක පැත්තට ඉන්නේ නෑ දැන්.. ☺️☺️☺️☺️
    හැරෙනවා විතරක් නම් මදැයි. මේ කෙල්ල ඇද අයිනටම එනවනේ මූනත් මෙට්ටේ ඇන ගන්නවා. හරිම කෝලම් තමයි කරන්නේ දැන්.. ???? ඒත් අඩන්නේ නම් නෑ .. ???? ඒ උනාට ලගටම වෙලා ඉන්න ඕනි දැන්. නැත්නම් මූන ඇන ගන්නවනේ.. එතකොට හුස්ම ගන්න අමාරුයිනේ… දැන් චූටික්කි දොයිය ? ?? ගත්ත නිසා මේ පැත්තට ආවේ… ???
    වෙනදා වගේම ගොඩාක් ලස්සනයී අයියේ… ?????
    තරූගේ හිත ඉක්මනින්ම වෙනස් කරයි රනූ… ????
    එතකොට තරූ කලින් වගේ අහිංසක ආදරනීය ❤ තරූම වෙයී….. ????
    ඔයාගේ නංගියා නම් ගොඩාක් ටැලන්ටඩ් අයියේ… කියලා වැඩක් නෑ… ඔයා වගේම ටැලන්ට් එකක් එයාටත් අඩු නැතිවම තියනවා…
    ????
    නංගියට කියන්න හොඳද අපිට එයාගෙන් කතා දිගටම ඕනි කියලා… ????
    ඒ වගේම ඔයාගෙනුත් ඕනි…. ??? හෙටත් ලස්සනම ලස්සන දිගගග කොටසක් ඕනීනීනී…. ????
    බුදු සරණයි ඔයාලා දෙන්නට…
    ?????
    ??????

    1. Me kathawata Mata Nam lakunu denna epa nangiya Meka Sithmi nangigema hakiyawak eyata thamyi denna one aniwarenma mama eyage hangila thiyena de mama eliyata ganne eyage awasare athuwa .. ane ehemada ehenam shok ekata athi neda rose mala eyata budusaranyi Meka eyata ?? thank you so much nangiya adaraniya comment walata budusaranyi

  6. App eke comments Dana okoma yaluwane yeheliyene Mata heta hidala oyalage comments walata reply Danna wenne na hadisi wada wagayak thiyena nisa eka nisa Sithmi nangi weneun mama samawa illanawa ekata Apu dawasaka mama aniwa comments walata reply karannam oyala siyaluma denata godak thanks hamdekatama. Budusaranyi sathututin parisemn Inna

  7. මං හැමදාම comments නොදැම්මට කතාවෙ සමාජයට කතා කරන්න පුළුවන් point එකක් ආවම අනිවාර්යෙන්ම දිග comments දානවා.මොකද කතාවෙ අවසානයටත් වඩා මං කැමති කතාවෙන් ගන්න පුළුවන් දෙවල්වලට.ඔයාලගෙ කතාවෙ සමහර දෙබස් වලට කට්ටිය අකමැති වුනත්, මං නම් හිතන්නේ නෑ කතාව ලස්සන කරන්න ඒවාගේ තැන් යොදා ගත්තට කතාවෙ හරයට ඉන් බලපෑම් වෙයි කියලා.මං නම් කතාව ගොඩක් ආශාවෙන් කියවනවා හරිම ලස්සන ආදරණීය කතාවක්.. අයියා ට යි නංගිවයි දෙන්නටම සුබ පතනවා.බුදු සරණයි.

    1. Aniwarenma akke kathawa Dana mama wagema kathawa liuwa Sithmi nangith me hamdeyakama bara ganne godak adaren onema deyak kiyanna ahithiya kathawa balana ayata thiye ithin API a dewal aragena thawath deyak karanna uothsha karanna one wardi nathiwa thank you so much akke budusaranyi

  8. Ane adanm comment ekak danna puluwan iye sahenna aul giya aiye comment ain karla hinda. Pala athi rukatane aiye gal gahnne ithin api sathutu wenna one aiye e gal gahnne pala thiyna hinda kiyla mtanm me unlike dapu eka ganm hari amuthui aiye eyal kathawat akamathinm wenama comment ekak danna one meka ehema ekak newei kiyl hithenawa aiye eyala karnne oyta comment dana ayawa adiryamath karla comment dana eka nawaththanna kiyl mt hithenawa aiye anika meka sanwidanathmakawa karapu deyak kiyl hithenawa aiye mn dn na aiye mn harid kiyl mn kiuwe mt hithuna de mona karath oyage rasikayo adu wen na aiye eka gannm baya wenna deyak na oyta. Kathawa lassanai aiye adath adare pudumai neda aiye apita uruma nathi kenekta adare karla hitha bindunama uruma kenekta unath aya e hithin adare karnna amarui neda aiye tharutath wela thiyenne eka neda aiye kohoma hari mn hithnne tharu lagadima hitha hadagena ranudit adare karai. Oyala novel liyn nadda aiye nangit liynn kiynnko aiye eya lassanat kathawa liyagena ynawane novel ekakatath hoda prathichara labewi eka shuwer aiye. Ehenm mn digatm kathawath ekka innawa aiye denntm mn suba pathnawa aiye badaka madden nosali idiriytm ynna bs aiye, nangi ???

    1. Ithin thawa monwada me wage comments dakiddi ane na nangiya admin aiyya patta kenk eya mewa balaganivi eka nisa API mukuth kiyanna yanna hoda na api hamdeyaka adaren bara gamu ow nangiya nangi waddiyek Eth eya eka lokayata penawanne na mama thamyi Aran danne me wage thank you so much nangiya budusaranyi

  9. Kthawak lyddi ekta ellawena prathichara hama ekkma vindagnna pluwan wenna oni.oyata e talant eka thiynwa.gdaak sthutui.me dwswla athiuna prashnedi admin ayya sry admin sir gaththu theernth mn agaya krnwa.hamoma katha kywla bad rate danne nathuwa comment ekkin hitha ridenne nathiwenna adupadu pennla denna.mkda ktha lyna aya wehesenne api wenuwenne.oonna mn nm oyge wrdk thibunoth adren pennla denwa hnde.math ekk kauruth thlhaa wenna nm epa.kthawa nm ptta.aththma kynwnm tharuuta maara iwseemk thiynwa.wna kolleknm kellek ekka ekta ndagddi eyawa thmnge shodriyk kyla hithnne nane.ape rnviruwnta thiyna iwaseema gna mn sthutu wnwa.budu srnai ktha ahre patto okkootma.thuthima thuthi like ekk adalyen dala sthutin inna hnde

  10. Chathu indeewaree

    මුලින්ම සමාව ඉල්ලනවා අයියේ දවස් දෙකක්ම කමෙන්ට් කරන්න බැරි වුණාට. ස්කූල් පටන් ගත්ත නිසා ගොඩාක් කාර්‍යබහුලයි අයියේ මම..ඊටත් මේ දවස් වල මට ටිකක් සනීප මදි.. ඒත් ඊයේ රෑ වෙලා කතාව කතා කියවලා කමෙන්ට් කරන්න බලද්දි ඇඩ්මින් අයියා කමෙන්ට් සෙක්ෂන් එක ක්ලෝස් කරලා. මම නැති සුට්ටට මොනා වුණාද කියලානම් දන්නෑ.. ඒත් ඇඩ්මින් අයියා කියලා තිබුණ දෙයින් හිතුණේනම් කට්ටිය දාපු කමෙන්ට් වල අවුලක් කියලයි. ඒ නිසා ඒ ගැන මම මොනාත්ම කියන්නෑ නෑමයි….හාද..

    මොනා වුණත් පෙරේදා ,ඊයේ වගේම අදත් කතාව ගොඩාක්ම ලස්සනයි… හෙටත් ඒවගේම ලස්සන වේවි කියලා හිතනවා මම.. රනූට තරූ කැමැති වෙයි..තරූ දැනටම සෝස මලට ආදරණීය තාත්තා කෙනෙක් වෙලානේ ඉන්නේ.. ඉතින් රනූත් ඒ සෝස මලට ආදරණීය අම්මා කෙනෙක් වෙලා ආදරණීය පවුලක් විදියට හැමදාමත් ඉඳී…අයියගේ නංගිට හදවතින්ම සුබ පතනවා මේ තරම් ලස්සනට කතා ලියනවට වගේම ඉදිරියේදීත් මේ වගේ ලස්සන කතා අපි වෙනුවෙන් ලියන්න ලැබෙන්න කියලා…. ඔයාටත් නංගිටත් බුදු සරණයි !!!

    ………………………………………………………….

    දුක සතුට සමව පිරි
    කඳුළ මෙන්ම සිනහවද
    හොරෙන් සිතට එබිකම් කරන
    ජීවිතය නමැති මංතලාවේ
    බලාපොරොත්තු ඉටුකර ගැනීම යනු
    කාන්තාරයේ සිසිලසක් සොයන්නාක් මෙනි..
    බලාපොරොත්තුව කුමක් වුවත්
    අපට නොලැබෙන දේ අපමණ වුවත්
    නොලැබෙන දෙයට වඩා
    ලැබෙන දෙය ඉතා අගනේය..
    මෙදියත දහම එය බැවින්
    දුක සතුට සමව විඳ දරා
    තමා සතු දෙය ගැන
    සතුටට පත්වීම
    නුවණැති පුද්ගලයාගේ ලක්ෂණයයි….

    (? චතූර්‍යා? )

    1. Apo AI me sorry kiyala oyala wadath ekka me mewa balanna enne math ehamyi eka nisa sorry kiyanan EPA thank you so much nangiya hamdma lassana comments ekak dala sakathiyak wenawata budusaranyi

  11. අද නම් එන්න පරක්කු උනා…ඒත් ඉතිං පරක්කුවෙලා හරි ආවා…ඉතිං කියන්න තියෙන්නේ හැමදාම වගේ කතාව ගොඩාක් ලස්සනයි….

    රනූ තරූගෙ හිත වෙනස් කරයි…. රනුත් අර චූටි පැටියට ගොඩක් ආදරෙයිනෙ…. ඉතිං තරූ ඒ පැටියට තාත්තා කෙනෙක් වෙද්දි රනූ අම්මා කෙනෙක් වෙයි ඒ පැටියට…

    හෙටත් දිග කොටසක් අරන් එන්න අපි වෙනුවෙන්..
    බුදු සරණයි!!

  12. Nirosha Lakmali

    ඊයේ කතාව නම් කියෙව්වා. Comment දාන්න නම් වේලාවක් නැති වුනා. අද හරි ආවේ අපි වෙනුවෙන් කාලය කැප කරලා කතා ලියන ඔයාලට comment එකක් දාලා යන්න. හරිම ෂෝයී කතාව. ඉක්මනින් ඉවර කරන්න එපා. අපිට පාළුයිනෙ කතා නැතුව. තව දිගට දාන්නකෝ. කොච්චර කියෙව්වත් මදි වගේ. පුදුම හැකියාවක් ඔය දෙන්නට තියෙන්නේ. හරිම ආදරෙයි ඔයාලගේ කතා වලට. කතා ලියන ඔයාලටත් හරිම ආදරෙයි. තව තව කතා ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. All the best…… ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ?????????????????????????????????????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.