Katha Ahura

?ඒන්ජල්? | 47 කොටස | නවකතාව

5/5 - (2 votes)

75 කොටස

” ඇ..ඇයි මගේ ෂර්ට් එක මොකද ? ”

” හයියෝ…ඔයා ඕක ඇදන් ආවෙ හවායි යන්න බලාගෙනද අයියා ? ඔය මල් මල් එකක්…! ”

” ඉතින් මේක අදින්න කියලනෙ ඔයා ඊයෙ රෑ කිව්වෙ ”

හුටා..මම ඊයෙ රෑ කලුවරේ කිව්වෙ මේ මල් මල් ෂර්ට් එක අදින්න කියලද ? ඒකතමයි එහෙනම් මම ඒ ෂර්ට් එක පෙන්නපු වෙලාවෙ අයියගෙ මූන ටින්කිරි වුනේ..

” ආශී..කටවහගන්නවා..දැන් හිනාවුනා ඇති.ඔයා මොකද අයියට හිනාවෙන්නෙ ඔහොම ? ඔයා නිසානෙ අයියා ඕක ඇන්දෙ . දැන් හිනාවෙනවද ? ”

” න්..නෑ අ..අම්මා..මං හි..හිනාවෙන්නෙ නෑ ආයෙ ”

මම අත් දෙකෙන් කටවහගෙන කිව්වා.

” ආශු ඔහොම ඉන්න..ඔයා…මෙන්න මේක අදින්න..”

අම්මා එයාගෙ පැක් කරපු බෑග් එකක් ඇරලා ඒකෙන් බෑග් එකකට දාපු අලුත්ම ෂර්ට් එකක් දෙන ගමන් කිව්වා.

” අම්මා..? මේ අලුත් ෂර්ට් එකක් ? ”

” ඔව් ආශු..මේක මම ගත්තෙ ඔයාට දෙන්න.බලන්න ලස්සනයිද කියලා ”

අම්මා එහෙම කිව්වම අයියා ෂර්ට් එකේ කවර් එක ගලවලා ෂර්ට් එක සම්පූර්ණයෙන්ම දිග ඇරියා.ඒක කලුයි සුදුයි පොඩි කොටු කොටු ෂර්ට් එකක්.අයියා ඇදන් හිටපු වයිට් ඩෙනිමට ඒක හොදට මැචින්.

” අයියා ඕක ඉක්මන්ට ඇදගෙන එන්නකො.ඕක ඔයාට ලස්සනට තියෙයි…”

මම එහෙම කිව්වම අයියා වොශ්රූම් එකට ගියේ ෂර්ට් එක ඇදගන්න.

” ආ..අන්න වෑන් එකත් ආවා.

අරවින්ද අංකල් කිව්වෙ ජනේලෙන් එලිය බලන ගමන්.

” එහෙනම් කට්ටිය ගිහින් බෑග් ටික වෑන් එකට දාන්න ”

මංගලා ආන්ටි එහෙම කිව්වම අපි හැමෝම බෑග් ටික අරගෙන එලියට ගියා.අවිරුගෙ තඩි බෑග් එක වැදිලා මම තව පොඩ්ඩෙන් කානුවකට පතබෑවෙනවා.ඒත් වෙලාවට එයා පැනලා මාව අල්ලගත්තෙ.කපල් ඩාන්ස් එකක් දාලා වගේ අපි දෙන්නා අල්ලගෙන මූනට මූන බලාගෙන ඉන්නකොට එකපාරටම කාගෙදෝ කැස්සක් නිසා අවිරු මාව ආයෙ බිමින් තිබ්බා.අපි පිටිපස්ස බලද්දි එතන හිටියෙ අයියා.එයා බොරුවට කැස්සක් අරන් හිනාවෙවී වෑන් එක පැත්තට ගියා.මම අවිරුටත් රවලා මගේ බෑග් එක වෑන් එකට දැම්මා.

” ඩෙවිල්…මෙහෙ එන්න.”

මම ලීෂ් එක අරගෙන එයාව ශීට් එකක් උඩින් තිබ්බා.

” අම්මා දොරවල් ටික ලොක් කලාද ? ”

” ඔව් ආශි..ඉන්න මම ගේට් එකත් ලොක් කරන්නම් ”

” හැමෝම දැන් ශීට් වලට යන්න..”

අරවින්ද අංකල් එහෙම කිව්වම අවිරු වෑන් එකේ දොර ඇරියෙ අනිත් අයට නගින්න.අරවින්ද අංකල් ඩ්‍රයිවර්ගෙ එහාපැත්තෙන් වාඩිවෙද්දි ඊලග ශීට් එකේ මංගලා ආන්ටි එක්ක අම්මා වාඩිවුනා.ඊලග එකේ සුමනම්මා වාඩිවුනා.ඊලඟ එකේ මම වාඩිවෙලා සෙනූට ඉඩ තියාගනිද්දි පිටිපස්සෙම ශීට් එකේ අයියයි අවිරුයි වාඩිවුනා.මම ඩෙවිල්ව මගේ උකුලට ගත්තා.

” හරි නේද හැමෝම ? ”

අරවින්ද අංකල් එහෙම අහද්දි මම පොඩ්ඩක් ඉස්සිලා එයාට කතා කලා.

” අංකල්..සෙනූව මගින් ගන්න ඕනෙ.අම්මා කියයි එයාගෙ ගෙවල් හරිය ලංවෙද්දි ”

” හරි ආශී..එහෙනම් යමු රුවන්. ”

අරවින්ද අංකල් ඩ්‍රයිවර්ට එහෙම කිව්වම එයා වෑන් එක ස්ටාර්ට් කරලා අපේ ගමන පටන්ගත්තා .

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

ටිකවෙලාවක් යනකන් ඩෙවිල් මගෙ උකුලටවෙලා නිදාගත්තා.ඉතින් මම ෆෝන් එක අරගෙන ගේම් එකක් ගහන්න පටන්ගත්තා.එතකොට අවිරු මගේ ශීට් එකට ඔලුව දාලා ෆෝන් එකට එබුනා.

” මොකෝ ? ”

” ආපෝ කැන්ඩි ක්‍රෂ් ද ගහන්නෙ ? ”

” ඇයි ඔයාට මේක පේන්නෙ වෙන මොකක්හරි ගේම් එකක් වගේ ද ? ”

” හා හා දැන් දෙන්නම නවත්තගන්න.”

අයියා එහෙම කියලා අවිරුව පිටිපස්සට ඇදල ගත්තා.ඒ වෙද්දි සෙනූලගෙ ගෙදරට ලංවෙලයි තිබුනෙ.ඉතින් මම පාර දිගටම බලන් හිටියෙ එයා ඉන්නවද කියලා.

” අරවින්ද..ඔය ඉස්සරහ ඉන්න ගෑනු ළමයා ගාවින් නවත්තන්න.එයා තමයි සෙනූ ”

” හරි අනූ..රුවන් ඔය ඉස්සරහින් නවත්තන්න ”

අම්මා වෑන් එකේ දොර අරිද්දි ලොකු බෑග් එකකුත් අරන් සෙනූ වෑන් එකට නැග්ගා.

” කෝ බලන්න මේ කියන සෙනූ ”

අයියා පිටිපස්සෙ ශීට් එකේ ඉදගෙන බාගෙට ඉස්සිලා එබුනා.

” සෙනූ..ඔය බෑග් එක සුමනම්මා ලග ශීට් එකෙන් තියන්න.”

මම එහෙම කිව්වම එයා බෑග් එක එතනින් තියලා මගේ එහාපැත්තෙන් ඇවිත් වාඩිවුනා.

” හලෝ..ගුඩ් මෝනිං නංගි..”

අයියා එහෙම කියද්දි සෙනූ පිටිපස්ස හැරිලා අහිංසක විදිහට හිනාවෙලා මගේ පැත්තට හැරුනා.

” අක්කා..මම හිතුවෙ සර් ඔයා ලග කියලා ”

එයා මගේ කනට කරලා රහසින් වගේ අහද්දි අවිරු ඔලුව දාලා ,

” ඒකනෙ සෙනූ..මෙයා මට ලගට එන්න දුන්නෙ නෑනෙ ”

ආපෝ..මෙයාට ඒකත් ඇහිලා.පුදුම කන් දෙකක්නෙ තියෙන්නෙ.

අවිරු එහෙම කියද්දි සෙනූ අනිත්පැත්ත බලාගත්තා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

අපි එහෙම ටික දුරක් එද්දි මම වෑන් එක පුරාම ඇස් යැව්වෙ කාගෙන්වත් සද්දයක් නැති නිසා.හැමෝම ශීට්වලට ඔලුව තියාගෙන නිදි.ඩෙවිල් මගේ උකුල උඩ නිදි.සෙනූ මගේ උරහිසට ඔලුව තියන් නිදි.මම පිටිපස්සට හැරුනේ අයියලා මොකද කරන්නෙ බලන්න.අයියා ශීට් එකේ පැත්තකට ඇලවෙලා නිදි.ඒත් අවිරුනම් වීදුරුවෙන් එහාපැත්ත බලාගෙන හිටියා.මම එයා දිහා බැලුවම එයත් මං දිහා බැලුවා.

” ආදරෙයි ”

එයා සද්දයක් නැතුව කටින් කියපු දේ මට තේරුනා.මම එයාට හිනාවෙවීම දිව ඇද්දම එයා එයාගෙ එක කම්මුලක් ඇගිල්ලෙන් පෙන්නුවා.

” පස්සෙ ”

මම හෙමින් කියලා ඉස්සරහ බලාගත්තා.අවිරු හිටියේ හරියටම මගේ පිටිපස්සෙන්.මම මගේ දකුණු අත වීදුරුව පැත්තෙන් තියාගනිද්දි එයා ශීට් එකයි වීදුරුවයි අතරින් එයාගෙ අත යවලා මගේ අත අල්ලගත්තා.මම බයවෙලා වගේ බැලුවේ කවුරුවත් ඇහැරිලාද කියල බලන්න.ඒත් හැමෝම නිදාගෙනයි හිටියෙ.

මගේ ඉස්සරහ ශීට් එකෙයි පිටිපස්සෙනුයි හිටියෙ අවිරුයි මායි ගැන දන්න නිසා ඉතින් කමක් නෑ .ඒත් දැක්කොත් ඉතින් හරි නෑ වගේනෙ.මම හෙමින් පිටිපස්ස හැරුනම අවිරු ශීට් එකෙන් ඉස්සරහට ඇවිත් මගේ අතට එයාගෙ තොල් තදකරලා සෑහෙන වෙලාවක් තියන් හිටියා.

” කවුරුහරි දකීවි අනේ..”

මම හෙමින් කියද්දි එයා තොල් අරගෙන මගේ අත අල්ලගෙනම හිටියා.ශීට් එකයි වීදුරුවයි අතරෙ ඔලුව දාන්න තරම් ඉඩක් තිබ්බනම් මෙයා අනිවාර්යයෙන් මගේ කම්මුලට නිකන් ඉන්න දෙන්නෙත් නෑ කියල මම දැනන් හිටියා.වෙලාවට එච්චර ඉඩක් ඒ අතරෙ තිබ්බෙ නෑ .

අපි දෙන්නම උඩගියේ අරවින්ද අංකල්ගෙ සද්දෙ ඇහුනම.අවිරු ඉක්මන්ට මගේ අත අතෑරලා පිටිපස්සට වුනා.

” හැමෝම නැගිටින්න…! ”

එයා එහෙම කිව්වම නිදාගෙන හිටපු හැමෝම නැගිට්ටා.සෙනූත් වටපිට බලබල මගේ උරහිසින් එයාගෙ ඔලුව ගත්තා.

” ඉස්සරහින් තියෙනවා පොඩි දොලක් වගේ තැනක්.එතන ඉදන් අපිට උදේ කෑම ගන්න පුලුවන්.රුවන් ඔන්න ඔතනින් නවත්තන්න..”

අරවින්ද අංකල් එහෙම කිව්වම ඩ්‍රයිවර් වෑන් එක අයිනකට කරලා නැවැත්තුවා.මම වීදුරුව ඇරලා එලියට ඔලුව දැම්මේ වටපිටාව මොනවගේද බලන්න..

එලිය නම් හරිම ලස්සනයි.දොලේ වතුර ගලන හෝ හෝ ගාන සද්දෙයි කුරුල්ලො කෑගහන සද්දෙත් එක්ක මට තේරුනා අපි ටවුන් එකෙන් සෑහෙන්න තරම් දුරක් එහාට ඇවිත් කියලා.

අරවින්ද අංකල් බැහැලා ඇවිත් වෑන් එකේ දොර ඇරියම හැමෝම එලියට බැස්සා.අම්මයි මංගලා ආන්ටියි සුමනම්මයි එලියට බැස්සෙ කෑම ගොඩාක් දාපු බාස්කට් අරගෙන.එතනින් පොඩ්ඩක් දුර පයින් ඇවිත් අපි කට්ටිය දොල ගාවට ටිකක් මෙහායින් තිබුනු ගල් තලාව උඩ ලොකු රෙද්දක් එලලා එතනින් වාඩිවුනා.

ගෙනාපු කෑම බාස්කට්වලින් කෑම ටික එලියට ගත්තු අම්මා ඒවා වෙන වෙනම අරන් තිබ්බා.

” මේකෙ තියෙනවා චිකන් සැන්ඩ්විච් ගොඩක්.මේවා අපිට කොහොමත් හවස් වෙනකන් තියාගන්න බෑනෙ.මේවා දැන් කමු ඒ නිසා.හැමෝම ගන්න..ආශී…ඔතනින් වැටෙයි ළමයො..බහින්නයි කිව්වෙ මං ඔතෙන්ට එන්න කලින් ”

අම්මා කෑගහලා එහෙම කියද්දි මම හිටියෙ එයාලා හිටපු තැනට පොඩ්ඩක් එහාටවෙන්න තිබුනු ලොකු ගලක් උඩ.මම එතෙන්ට වෙලා ඉන්නකොට අවිරු ඉක්මන්ට ආවෙ මං ලගට.

” මෙන්න මෙහෙ එනවා..ඔතනින් වැටුනොත් එහෙම..”

” වැටුනොත් ඉතින් බිමටනෙ…”

” මගෙන් කුණුහර්ප අහගන්නෙ නැතුව බහින්නයි කිව්වෙ..ඇවිත් කෑම කන්න.තාම උදේට මුකුත් කාලත් නෑ නේද.ගෑස් හැදුනොත් ඉතින් මට තමයි ඒකත් වදේ.බහිනවා බිමට..”

” කොහෙද ඔයත් එක්ක මේ පරිසරයේ සුන්දරත්වයවත් විදින්න බෑනෙ.බලන්න අර තුරුලිය දිහා…”

” ඇති ඇති..ඔය රසාස්වාදය පස්සෙ කරගන්න.දැන් එන්න කන්න යමු..මටත් බඩගිනියි ”

” හරි හරි මේ බහිනවා..”

ගලින් ගලට පැන ලැගුම් සොයා කියල ආ..වැරදුනානෙ..ගිරෙන් ගිරට පැන ලැගුම් සොයානෙ..ප්‍රින්ටින් මිස්ටේක්…

ගලෙන් බිමට බැහැලා මම අවිරු එක්ක ඇවිත් අම්මලා ලගින් වාඩිවුනා.අරවින්ද අංකල් කෑම ටිකක් අරගෙන ගිහින් වෑන් එකේ ඉදපු අපේ ඩ්‍රයිවර්ටත් දීලා ආවා.අම්මා හදපු සැන්ඩ්විච් කාලා ඉවරවෙලා මංගලා ආන්ටි හදාගෙන ආපු චිකන් ඩ්‍රම්ස්ටික්ස් ටික හැමෝම කන්න පටන්ගත්තා.ඊටපස්සෙ සුමනම්මා හදාගෙන ආපු පලතුරු යුෂ ටික හැමෝම බිව්වා.මම ඩෙවිල්ටත් ඩ්‍රම්ස්ටික් එකක් දීලා එයාව මගේ ලගින් තියන් හිටියා.

හැමෝම කාලා ඉවරවුනාට පස්සෙ මමයි සෙනූයි ඇරෙන්න අනිත් අය ටිකක් පහලට බැස්සෙ දොල ගාවට යන්න ඕනෙ කියලා.මටත් යන්න ඕනවුනත් මම ඩෙවිල්ව එතෙන්ට අරන් යන්න බයවුනා.ඉතින් මම ඩෙවිල්ට තව බිස්කට් ටිකක් දීලා සෙනූ එක්ක කතාකර කර හිටියා.අයියයි අවිරුයි එයාලගෙ කලිසම් දනහිස ලගට නවාගෙන දොලේ බැහැලා ෆොටෝ ගත්තා.

අම්මයි මංගලා ආන්ටියි ගලක් උඩට වෙලා කතාකර කර ඉන්නකොට මෙච්චරවෙලා එයාලා ලග හිටපු සුමනම්මා අපේ පැත්තට ඇවිදන් ආවා.

” ඇයි සුමනම්මා ? ”

6 thoughts on “?ඒන්ජල්? | 47 කොටස | නවකතාව”

  1. හරිම ලස්සනයි නංගියේ අද කොටසත්.ගෙදරට හොරෙන් ආදරය කරන කාලයේ දී ඉතිං ලැබෙන චුටි හරි අවස්ථාවේ උපරිම පල නෙලා ගන්නනෙ හැමොම බලාපොරොත්තු වෙන්නේ නෙද.ඒ පුංචි පුංචි දේවල් ගැන හරි ලස්සනට අකුරු කරනවා good work.well done.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.