Katha Ahura

උමතු | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

*උමතු* *( කෙටි කතාව )*
*‎01 කොටස*

සිරි සිරි ගාලා ඇදහැලෙන වැස්සෙ වීදියක් වීදියක් ගානෙ ඉන්න මිනිස්සු කුඩ ඉහලගෙන අඩිය ඉක්මන් කරලා ඇවිදන් ගියේ හුලගත් එක්ක එන වැහිපොදෙන් බේරෙන්න ඕන නිසා වගේ.ඒ අස්සෙ පාරවල්වල හිටපු බල්ලො පූසො අමාරුවෙන් හෙවනක් හොයාගෙන නොතෙමී ඉන්න සෑහෙන්න මහන්සි වුනේ තරමක් තෙමිලා වෙව්ලන එයාලගෙ ඇගවල් අමාරුවෙන් අකුලවාගෙන..

වැස්ස නිසාම වීදුරුවෙ බැදිලා තිබුනු සුදු පාට දුමාරය මම අතින් පිහදාලා ආයෙත් පාර දිහාවට ඇස් යැව්වා.මගේ එහාපැත්තෙ ශීට් එකේ තිබුනු මගේ ඇදුම් පුරවපු ලොකු බෑග් ටික කාර් එක ගැස්සෙනකොට බිමට වැටෙන්න හැදුවත් මම ඒ ටික අතින් ආයෙත් ශීට් එකේ කොනකටම ඇද්දා.

” තව දුරයිද අංකල් ? ”

පාර දිහාම බලාගෙන ගොඩක් සීරුවට කාර් එක ඩ්‍රයිවින් කරගෙන යන ඩ්‍රයිවර් දිහා බලලා මම එහෙම අහද්දි එයා කන්නාඩියෙන් මං දිහා බැලුවා.

” නෑ ඩොක්ටර්…දැන් ගොඩක් ලගයි ”

එයා එහෙම කියලා ආයෙත් ඉස්සරහ බලාගනිද්දි මම ආයෙත් වැහි බිංදු පිරිලා තිබුනු වීදුරුවෙන් එලිය බැලුවා..

වෛද්‍යවරියක් විදිහට සේවයට එක්වෙලා ටිකකාලෙකට පස්සෙ මට මාරුවීමක් ලැබුනෙ වෙනස්ම රෝහලකට.මේ වෙනකන්ම මම සේවය කරපු කාසල් එකෙන් මම පිටත්වුනේ තරමක් දුකින්.මොකද මම ගොඩක් ආසවුනේ නිතරම පුංචි දරුවන් එක්ක කාලය ගත කරන්න.එයාලට මේ ලෝකෙට එන්න උදව්කරන එක තමයි මගේ රාජකාරිය වුනේ.ඒත් වෛද්‍යවරියක් විදිහට මට තෝරා බේරගෙන සේවය දෙන්න බැරිනිසා මම මේ රෝහලේ ඉන්න අසරණ මිනිස්සුන්ටත් මට පුලුවන් උපරිමයෙන් උදව් කරනවා කියලා මම හිතාගත්තා.

ටැක්සියක නැගලා මේ ගමන මට එන්න සිද්ධවුනේ මගේ කාර් එකේ තිබුනු දෝෂයක් නිසා.කාර් එක ගරාජ් එකකට දාලා මම ටැක්සියකින් මගේ ගමන එන්න පිටත්වුනේ මහ වැස්සෙමයි..

” ඔන්න ඩොක්ටර් අපි තැනට ආවා..”

ඩ්‍රයිවර් එහෙම කියද්දි මම ආයෙත් වීදුරුව අතින් පිහදාලා බලද්දි දැක්කෙ එලියෙ ගහලා තිබුනු ලොකු බෝඩ් එක.වැස්සෙ වුනත් මට ඒක කියවගන්න අමාරුවුනේ නෑ..

*අංගොඩ මානසික රෝහල*

ඔව්..මට මාරුවීම ලැබුනේ මෙන්ටල් හොස්පිට්ල් එකට.තරමක් වෙනස් අත්දැකීමක් වුනත් ඒ අත්දැකීම විදගන්න බලාගෙන මම කාර් එකෙන් බහින්න යද්දිම නර්ස් කෙනෙක් කාර් එක ලගට දුවගෙන ආවෙ කුඩයකුත් ඉහලගෙන.මම කාර් එකෙන් බහිද්දි එයා මාව නොතෙමෙන්න කුඩය ඉහලගෙන මාව හොස්පිට්ල් එක ඇතුලට එක්කගෙන ආවා.

” ඩොක්ටර් එනවා කියලා අද අපිට ලොකු මැඩම් කිව්වා..”

ලස්සන හිනාවකින් මාව පිලිගන්න ගමන් ඒ නර්ස් කියද්දි මම අතේ තිබුනු වතුර බිංදු පිහදාලා එයත් එක්ක හිනාවුනා.

” ඩොක්ටර්ගෙ බෑග් ටික අපි ක්වාටස් එකට යවන්නම්.ලොකු මැඩම් ඩොක්ටර් එනකන් බලන් ඉන්නවා..”

” ආ..පොඩ්ඩක් ඉන්න..මම ඩ්‍රයිවර්ට සල්ලි දීලා එන්නම්..”

මම එහෙම කියලා එලියට යද්දි කාර් එකෙන් බැහැලා ඩ්‍රයිවර් වැස්සෙම මං ලගට ආවා.

” එහෙනම් මං යන්නම් ඩොක්ටර්…”

” ඉන්න අංකල්…”

මම පර්ස් එකෙන් දාහෙ කොළයක් අරගනිද්දි ඩ්‍රයිවර් ඉක්මන්ටම කතා කලා.

” එපා ඩොක්ටර්…මට සල්ලි දීලයි තියෙන්නෙ..”

” සල්ලි දුන්නා ? කවුද ? ”

” සස්රු ඩොක්ටර් මට සල්ලි දීලා කිව්වා නෝනව පරිස්සමට ඇරලවන්න කියලා..”

” ආ…එයා ගැන මං බලාගන්නම්කො…ඒත් කමක් නෑ අංකල් මේක ගන්න..වැස්සෙ වුනත් මාව පරිස්සමට එක්කන් ආවනෙ..”

” අනේ එපා ඩොක්ටර්..”

” නෑ නෑ අංකල්..මේක ගන්න..”

මම දාහෙ කොල දෙකක් අරගෙන ඩ්‍රයිවර්ට දීලා එයා යන දිහා බලාගෙන හිටියා.එතකොටයි මට මතක්වුනේ මැඩම් මං එනකන් බලන් ඉන්නවා නේද කියලා.තවමත් මං එනකන් බලාගෙන ඉන්න නර්ස් දිහාවට මම ඉක්මන්ටම ඇවිදන් ගියා.

” අපි යමු..”

******************************************

” එහෙනම් ඩොක්ටර් ඇතුලට යන්න..මට දැන් වෝඩ් එකකට යන්න තියෙනවා..”

මාව මැඩම්ගෙ රූම් එක ඉස්සරහට එක්කගෙන ආපු නර්ස් එහෙම කියද්දි මම එයා එක්ක හිනාවුනා.

” තැන්ක් යූ සෝ මච්..ඔයාගෙ නම..? ”

” ආ ඩොක්ටර්..මම දිලුනි…”

” දිලුනි මිසී…තැන්ක් යූ අ’ගේන්…”

ඒ නර්ස් ගියාට පස්සෙ මම ටිකක් අවුල්වෙලා තිබුනු මගෙ කොන්ඩෙත් අතින් හදාගෙන ලොකු හුස්මක් අරගෙන දොරට තට්ටු කලා..

ඒත් එක්කම ඇරුනු දොරෙන් එලියට ආවෙ තවත් නර්ස් කෙනෙක්.මට ඇතුලට එන්න කියන්න වගේ එයා ලස්සන හිනාවක් මූනෙ තියාගෙන මට ඉඩදීලා දොර ලගින් එහාටවෙද්දි මම එයා එක්කත් හිනාවෙලා ඇතුලට ගියා.

” ආ..ඩොක්ටර් අවේනා…වෙල්කම් ටු අවර් හොස්පිට්ල්…”

” තැන්ක් යූ මැඩම්…”

” ප්ලීස්…සිට්…”

ටේබල් එකේ ඉස්සරහින් වාඩිවෙලා දාගෙන හිටපු කන්නාඩිය උඩින් මං දිහා බලන ගමන් කියපු මැඩම් දොර ලග හිටපු නර්ස්ගෙ පැත්තට හැරුනා.

” ඔයා යන්න අරුනි මිස්…”

වියපත් වෙන ලකුනු මූන පුරා තිබුනු මැඩම්ව මම දැක්කෙ ගොඩාක් කරුණාවන්ත කෙනෙක් විදිහට.මේ වගේ තනතුරක් දරන්න තරම් එයා ලග තිබුනු දක්ෂතා ගැන මම අහලා තිබුනෙ වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට ඉන්න කාලෙදිමයි.ගොඩක් අය කියපු විදිහටම එයාගෙ මූනෙන් මම දැක්කෙ එයාගෙ මේ සේවා කාලයටම ලබපු අත්දැකීම් සාරාංශ වෙලා තියෙනවා වගේ..

” ඉතින්..අවේනා…මම එහෙම කිව්වට කමක් නෑ නේද ? ”

මැඩම්ගෙ කටහඩින් මම ආයෙත් පියවි සිහියට ඇවිත් වැටෙන්න ඔන්න මෙන්න තිබුනු මගේ ෆෝන් එක ආයෙත් අතේ හිරකරගෙන මැඩම්ගෙ දිහා බැලුවා.

” කමක් නෑ මැඩම්…”

” ඔයා අවේනා වුනාට හැමෝම ඔයාට කතා කරන්නෙ වීනු කියලලු නේද ? ”

” ඒ..ඒක මැඩම් දන්නෙ කොහොමද ? ”

මම පුදුමෙන් වගේ එහෙම අහද්දි මැඩම් කන්නාඩිය ගලවලා මේසෙ උඩින් තියලා හිනාවෙන්න පටන්ගත්තා.

” ෆැකල්ටි එකේ ඉන්න කාලෙ ඔයා ගොඩාක් දක්ෂතා පෙන්නලා තියෙනවා.ඒ වගේම ස්පෝර්ට්ස් වලිනුත් ඔයා ගොඩාක් මෙඩ්ල්ස් දිනාගෙන තියෙනවා.ඔයාට මුල්ම පත්වීම ලැබුනෙ කාසල් එකට.ඩොක්ටර්ස්ලා අතරෙ නර්ස්ලා අතරෙ වගේම මුලු හොස්පිට්ල් එක පුරාම ඔයා ගොඩාක් ප්‍රසිද්ධයි.ඒ ඔයාගෙ කරුණාවන්තකම වගේම ලස්සන නිසා.ඒවගෙන් අනිත් ලේඩි ඩොක්ටර්ස්ලාගෙන් ඔයාව කැපිලා පේනවා.කාසල් එකේ ඩිරෙක්ටර්ගෙ ඉදලා මෝචරි එකේ වැඩකරන කෙනා දක්වා ඔයාව අදුනන්නෙ නැති කෙනෙක් නෑ..එහෙම එකේ මට තියෙන්නෙ ප්‍රශ්න දෙකයි..”

ගොඩක් කාලෙක ඉදලා මාව හොදට දන්න කෙනෙක් වගේ මැඩම් මං ගැන කියාගෙන කියාගෙන යද්දි මම එයා දිහා බලාගෙන හිටියෙ ලොකු පුදුමෙකින්.ඒත් එක්කම මගේ අතේ හිරවෙලා තිබුනු ෆෝන් එක දඩාස් ගාලා බිමට වැටෙද්දි මම බිමට නැමිලා ඉක්මන්ට ඒක අහුලගත්තා.

” ඔයා දන්නවද වීනු ඒ ප්‍රශ්න දෙක මොකක්ද කියලා…? ”

” නෑ මැඩම්..”

” එක…මෙච්චර ටැලන්ට් තියෙන ඔයා ඇයි ස්පෙෂලිස්ට් කෙනෙක් වුනේ නැත්තෙ ? දෙක…මෙච්චර කරුණාවන්ත , ලස්සන ඔයා ඇයි තවම මැරි කරල නැත්තෙ ? ”

” ඇයි කියන්න දන්නෑ මැඩම්..ඒත් මම ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න කැමතිවුනේ නෑ..අනිත් එක මට මැරි කරන්න හිතුනු කෙනෙක් තවම හම්බවුනේ නෑ…ඒත් මැඩම් මට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා මැඩම් දන්නවද ? ”

” නෑ වීනු..මොකක්ද ? ”

” මැඩම් කොහොමද මං ගැන මෙච්චර හොදට දන්නෙ ? ”

මම එහෙම ඇහුවම එයා ආයෙත් හිනාවෙවී මං දිහා බැලුවා.

” මම කැමතිම වීනුගෙ ඔන්න ඔය ගතියට තමයි.ඔයා හරිම ඕපන් කෙනෙක්.ඒ වගේම සෝෂල්..වෙන අය ඩොක්ටර් කෙනෙක් වුනාම ගොඩක් ආඩම්බරයි.ස්පෙෂලී ගර්ල්ස්ලා..ඒත් මම ඔයාගෙන් එහෙම දෙයක් මේ වෙනකන්ම දැක්කෙ නෑ.දන්නවද වීනු…මටයි ඔයාව මෙහෙට ගෙන්නගන්න ඕන වුනේ..”

” ඒත්…ඇයි මැඩම් ? ”

” ඔයා වගේ කරුණාවන්ත කෙනෙක් ගැලපෙන්නෙ , ගොඩක්ම ඕන කරන්නෙ මේ වගේ තැනකට වීනු..අනිත් හොස්පිට්ල්වලට වඩා මෙහේ ඉන්නෙ ගොඩක් අසරණ අය.ඔයාට තේරෙනවනෙ..එයාලා මෙන්ටලි වැටිලයි ඉන්නෙ..ඔයාට , ඔයාගෙ කරුණාවන්තකමට පුලුවන් වේවි එයාලට ටිකවෙලාවකට හරි සැනසීමක් , ආදරයක් ගන්න..ඔයා මාව මීටකලින් දැකලා තියෙනවද වීනු ? ”

” ම්ම්…මැඩම් එකපාරක් අපේ ෆැකල්ටි එකට ආවනෙ ලෙක්චර් එකකට.අන්න එදා දැක්කට පස්සෙ අදයි මම මැඩම්ව ලගටම දැක්කෙ..”

” ආ..එදානම් මම වීනුව දැක්කෙ නෑ ..හැබැයි මම දවසක් ඔයාව දැක්කා කාසල් එකේදි..ඒත් ඔයානම් ඒ වෙලාවෙ ගොඩක් බිසී වෙලයි හිටියෙ.මාව දකින්න නැතුව ඇති.එදා මට වීනු ගැන ගොඩක් දේවල් අහන්න ලැබුනා.මම එදා ඩිරෙක්ටර් එක්ක කතා කලා.ඔයාව මෙහෙට ගන්න ඕනෙ කියලා.අන්තිමට මම දිනුවා..ඔන්න ඔයා මෙහෙට ඇවිත්…අපි මොනාහරි බීලා ඉම්මු..”

මැඩම් එහෙම කියලා එයාගෙ ෆෝන් එක අතට ගත්තා.

” ඔව් පියදාස..වීනු…කොෆී හොදයිද ?…හරි…ඔව්..අරගෙන එන්න…”

කෝල් එක කට් කරලා මැඩම් ෆෝන් එක ටේබල් එකෙන් තිබ්බම අපිට ඇහුනෙ කවුරුහරි දොරට තට්ටු කරන සද්දයක්..

” ය’ස්…කම් ඉන්…”

කාමරේ ඇතුලට ආවෙ මගේ වයසෙම වගේ කියන්න පුලුවන් ගෑනු කෙනෙක්.අතේ තියාගෙන ඉදපු වෙද නලාව නිසා එයත් ඩොක්ටර් කෙනෙක් බව මට තේරුනා.ඒත් එයාගෙ මූනෙනම් තිබුනෙ තරහක්..

” ඕහ්…අමාශා…වාඩිවෙන්න…”

” මට මේක කරන්න බෑ මැඩම්..ප්ලීස් මට මගේ ට්‍රාන්සර් එක හදල දෙන්න…”

අතේ තිබුනු නලාව හයියෙන් ටේබල් එකෙන් තියන ගමන් එයා පුටුවක් ඇදගෙන වාඩිවුනා.

” කාම් ඩවුන් අමාශා…කියන්න මට මොකද වුනේ කියලා ? ”

” අර වෝඩ් නයින් එකේ ඉන්න කවුරුහරි පිස්සෙක් මගේ බෑග් එකට කටුස්සෙක් දාලා මැඩම්..මම හොදටම බය වුනා..ප්ලීස් මැඩම්..මට මගේ ට්‍රාන්සර් එක හදල දෙන්න…”

ආපු හිනාව මම අමාරුවෙන් අතින් තදකරගෙන කැස්සක් බවට පරිවර්තනය කරගනිද්දි තමයි එයා තරහින් වගේ මගේ පැත්තට හැරුනේ..

” අමාශා..මේ ඉන්නෙ වීනු..ඒ කිව්වෙ අවේනා..අපේ අලුත් ඩොක්ටර්..වීනු මේ ඉන්නෙ ඩොක්ටර් අමාශා..වෝඩ් නයින් බාරව ඉන්නෙ මෙයා..”

මැඩම් එහෙම කියලා මාව එයාට අදුන්වලා දෙද්දි මම හිනාවෙලා එයා දිහා බැලුවා.ඒත් එයා මං දිහා බැලුවෙ නොරිස්සුම් විදිහට වගේ.ඊටපස්සෙ එයා ආයෙත් මැඩම්ගෙ පැත්තට හැරුනා..

” දැන් අලුත් ඩොක්ටර් කෙනෙක් ආපු එකේ මට යන්න පුලුවන්නෙ මැඩම්..”

” ලිස්න් ටු මී අමාශා..ඔයා තවම ඇවිත් මාසයක්වත් නෑ නේද..ඉතින් එහෙම එකේ..මම කොහොමද මෙච්චර ඉක්මන්ට ට්‍රාන්සර් එක හදල දෙන්නෙ ? ටිකක් තේරුම් ගන්න..”

මැඩම් එහෙම කිව්වට පස්සෙ එයා තරහින් වගේ පුටුවෙන් නැගිටලා දොර ගාවට ඇවිදන් ගියා.

” මටත් පිස්සු හැදිලයි නවතින්නෙ…”

හෙමින් වුනත් එයා කිව්ව දේ මට ඇහුනා.ඊටපස්සෙ වේගෙන් දොරත් ඇරගෙන එයා යන්න ගියේ කෝපි අරගෙන ආපු අංකල්ගෙත් ඇගේ හැප්පිලා.

” පේනවනෙ වීනු..මෙහේ ඉන්න එකනම් ලේසි නෑ..හැබැයි පුරුදු වුනොත් ගානක් නෑ..දැන් ඒවා ගැන හිතන්න එපා..මේක බොන්න…”

කෝපි පුරවපු පොට් එකෙන් කෝපි කෝප්පයක් අරගෙන මට දෙන ගමන් මැඩම් කියද්දි මම බලන් හිටියෙ තවමත් දුම් දදා තියෙන උනු කෝපි එක දිහා…

******************************************

” හරි හරි…මම දැන් තමයි ක්වාටස් එකට ආවෙ..කෝල් කරන්න තරම් වෙලාවක් තිබ්බෙ නෑ සස්රු..බෑග් ටික අස්කලා…”

” නෑ…මාත් එක්ක කතා කරන්න එපා වීනු..මම කොච්චර බයෙන්ද හිටියෙ..”

” හරි හරි…සොරි…”

” දැන් සොරි කිව්වට වැඩක් නෑ..මට එපාවෙලා ඉන්නෙ..මට නෙවේ අනිත් අයටත්..”

” ඒ ඇයි…? ”

” මුලු හොස්පිට්ල් එකම පාලු වෙලා ගිහින්..”

” ආ…ඒ ඇයි…? මේ ටිකේ ඩිලිවරි එකට අම්මලා ආවෙ නැද්ද ? ”

” එහෙම දෙයක් නෙවේ මෝඩියේ..”

” එහෙනම්…”

” ඔයා නැතුවයි පාලු…”

” අහ්…මං නැතුව ? මොන පිස්සුද සස්රු…වෝඩ් එකේ අයයි ඩොක්ටර්ස්ලයි දැන් නිදහසේ ඉන්නවා ඇති…දැන් මං නෑනෙ..එයාලගෙ කන් ටික ගොඩ වෙලා වගේ තිබුනු එක දැන් හරියන්න ඇති..”

මම හිනාවෙවී කියද්දි සස්රුට තරහ ගියා.

” අනේ මේ..නවත්තගන්න වීනු..ඔයා ගිය එකෙන් දැන් මෙහේ වැඩත් නිකන් කෙරෙන්නෙ බාගෙට වගේ..කිසිකෙනෙක් ඕනකමින් වැඩක් කරන්නෙ නෑ ”

” අනේ සස්රු…අර මම ගිය සතියෙ ගත්තු බබාව ටිකක් බලන්න..බෝයි කෙනෙක්..අර මම එයාව වීදුරු පෙට්ටියට දැම්මෙ..අනේ එයා ගැන ටිකක් බලන්න..එයා තවම රිස්ක් එකේ ඉන්නෙ..අනේ ප්ලීස්…”

” හරි හරි ළමයො..බයවෙන්න එපා..මම බලන්නම්..දැන් ඔයා ඒවා හිතන්න එපා..මහන්සි ඇතිනෙ..නිදියගන්න..හෙටනෙ ඉස්සෙල්ලම වැඩ කරන්න යන්නෙ..”

” ඔයා හරියට කියන්නෙ නිකන් මම මීටකලින් වැඩ කරලා නෑ වගේනෙ..”

” නෑ තමයි..ඔයා මෙහේදි අයිස් ගහ ගහනෙ හිටියෙ…”

සස්රු කියපු ඒ දේට මගේ ඇස්වලට කදුලු පිරුනෙ නිරායාසයෙන්මයි.කාසල් එකේ මම වැඩකරපු මුල්ම දවසෙ ඉදලා අන්තිම දවස වෙනකන්ම මම නිවාඩු ගත්තෙ ගොඩක් කලාතුරකින්.මම එහෙම කලෙත් මගේ සේවයට හරි වටිනාකමක් එකතු කරන්න ඕන නිසාමයි..

බබෙක්ව එලියට ගත්තු හැම මොහොතකම ඒ බබාගෙ අම්මා වගේම මමත් සතුටුවුනේ ඒ දේට මගේ පොඩිම හරි කැපකිරීමක් කරන්න පුලුවන් වුනු එකට.වේදනාවෙන් කෑගහන අම්මලාව මම සනසවන්න අමාරුවෙන් හරි උත්සාහ කලේ තව ටිකවෙලාවකින් ඒ කෙනාට ලැබෙන්න යන උතුම්ම පදවිය නිසා.මේ ලෝකෙට ආපු පුංචි පැටියෙක් වැරදිලාවත් අඩන්නෙ නැතුව හුස්ම හිරවෙලා හිටියොත් එතන ඉන්න හැමෝටම වඩා මම බයවෙන්නෙ මම හරියට ඒ පැටියගෙ අම්මා වගේ..

වෛද්‍යවරියක් වෙන්න තිබුනු හීනය හැබෑවෙද්දි මට හිතුනෙ දෙවියො මාව තෝරගත්තෙ මිනිස්සුන්ට උදව්කරන්න මට තිබුනු කැමැත්ත නිසාමයි කියලා.එහෙම කැපවීමකින් සේවය දීපු මං ගැන සස්රු එහෙම කියද්දි මට ඇඩුනේ නොදැනුවත්වමයි..

” වීනු…හෙලෝ…කතා කරන්නකො ළමයො…මොකද වුනේ…හෙලෝ…”

” ම..මට එහෙ..ම කිය..න්න එපා සස්..රු…ම්..මට දු..කයි…”

” වීනු…ඔයා අඩනවද ? අනේ…වීනු…මං ඒක කිව්වෙ විහිලුවට ළමයො…අයෑම් රියලි සොරි…”

” ක්..කමක් නෑ…”

” කදුලු පිහදගන්න වීනු…මම දන්නවනෙ වීනු ඔයා තරම් අපේ හොස්පිට්ල් එකේ කැපවෙලා කවුරුවත් වැඩ කලේ නෑ කියලා.කොටින්ම මමවත්..එහෙම එකේ මම කවදාවත් කියන්නෙ නෑ ඔයා අයිස් ගැහුවා කියලා..මම ජෝක් එකක් කලේ ළමයො..”

” හරි සස්රු…”

කදුලු පිහදගෙන මම හිනාවෙන්න උත්සාහ කලා.ඒ වගේ දේකට රිදෙන්න තරම් මගේ හිත බොලදයි තමයි.මං හිතන්නෙ මගේ තියෙන එකම දුර්වලකම තමයි ඕනවට වඩා සංවේදී වීම.ගොඩක් අය මට එහෙම කියලත් තියෙනවා..

” සොරි වීනු…”

සස්රුගෙ කටහඩට මම ආයෙත් මේ ලෝකෙට ආවා.

” කමක් නෑ සස්රු…ඒක අමතක කරන්න..ඒකනෙවේ..සහේලි හොදින් ඉන්නවද ? ”

” ඔව්..ඔය අදත් ආවෙ වෝඩ් එකට නලව නලව..”

” ඇයි අනේ ඔහොම කතා කරන්නෙ ? එයා හොද කෙනෙක්නෙ..”

” මොන හොදක්ද වීනු..නිකන් ඔලුව උදුම්මගෙන ඉන්නෙ ඩොක්ටර් කෙනෙක් කියලා..”

” සස්රූ…එයා ඔයාට කැමතියි…පව් සහේලි..අපි කැම්පස් යන කාලෙ ඉදලමයි එයා ඔයා ගැන හිතන්නෙ…ඉතින් ටිකක් හිතන්න එයා ගැනත්..”

” මම වෙන කවුරුවත් ගැන හිතන්නෙ නෑ වීනු..අනික මට එයා ගැන හිතෙන්නෙ නැත්නම් මං මොනව කරන්නද ? ”

” එහෙම කියල බෑනෙ සස්රු…බලන්න…නර්ස්ලා එහෙම ඔයාට පිස්සු වැටිල ඉන්නෙ..අනික අනිත් ලේඩි ඩොක්ටර්ස්ලා එහෙම ඔයා ගැන කතා කරන්නෙ කොහොමද..ඉතින් මෙච්චර හැන්ඩ්සම් ඩොක්ටර් කෙනෙක් තවමත් සිංගල් වෙලා ඉන්න එකනම් ඒ හැමෝටම ප්‍රශ්නයක්..ඇත්තටම ඔයාට මැරි කරන්න අදහසක් නැද්ද සස්රු ? ”

” ඇයි මං විතරද ? ඔයා මැරි කරන්නෙ නැද්ද ? ”

” මට තවම මේ වෙනකන්ම එහෙම කිසිම කෙනෙක් ගැනවත් හිතිල නෑනෙ සස්රු..ඒක ඔයා දන්නවා..”

” කිසිම කෙනෙක් ගැනවත්…? ”

” නෑ ..”

” හ්ම්ම්…හරි වීනු…හැමදාම කතාව නවතින්නෙ මෙතනින්නෙ ඉතින්…”

” සස්රු…මොකක්ද ඒකෙ තේරුම ? ”

” ආ…නෑ මං මේ කිව්වෙ ඔයා දැන් මේ කතාව නවත්තලා නිදියන්න ඕන කියලා…”

” ආ..ඒකද…හරි….එහෙනම් ගුඩ් නයිට් සස්රු…”

” හ්ම්ම්…ගුඩ් නයිට් වීනු…”

කෝල් එක කට් කරලා මම ඇදෙන් හාන්සිවුනේ කොට්ටයක් තුරුල් කරගෙන.කැම්පස් ඉන්න කාලෙ ඉදලම මගේ හොදම යාලුවා වුනේ සස්රු.අපි කපල් එකක් කියලා කැම්පස් එක පුරාම විතරක් නෙවෙයි අපි පත්වීම අරගෙන කාසල් එකට ගියාට පස්සෙ එහේ අයත් කතාවුනා.ඒත් ඇත්තටම අපි හොදම යාලුවො විතරයි කියලා දැනගෙන හිටියෙ අපි දෙන්නා විතරයි.

ඒත් සස්රුගෙ හිතේ මං ගැන යාලුවෙක් විදිහට ඇරුනම වෙනස් අදහසක් තියෙනවදෝ කියලා සැකයකුත් මගේ හිතට සමහර වෙලාවට ඇවිත් තිබුනා.ඒත් මට සස්රු ගැන එහෙම හැගීමක් කවදාවත් ඇවිත් තිබුනෙ නෑ..

මම කාමරේ ලයිට් එක ඕෆ් කරලා ආයෙත් ඇදට ඇවිත් ශීට් එක යට ගුලිවුනේ හෙට පටන්ගන්න තියෙන රාජකාරි ටික ගැන මතක්වෙලා…

******************************************

” වීනු…මේ මිසී එක්ක යන්න..ටිකක් වෝඩ් එකේ ඇවිදලා බලන්න..”

උදේ මැඩම් දිලුනිව එක්කගෙන ඇවිත් මට එහෙම කියලා ගියාම දිලුනි ඊයෙ වගේම සුපුරුදු හිනාව මූනට අරගෙන මගේ ලගට ආවා.

” ගුඩ් මෝනිං ඩොක්ටර් ”

” ගුඩ් මෝනිං දිලුනි…”

” ආ..ඩොක්ටර්ට මාව මතකයි නේද ? ”

” අමතක නොවී කොහොමද දිලුනි…ඔයානෙ ඉස්සෙල්ලම මාව මේ හොස්පිට්ල් එකට පිලිගත්තෙ..අපි යමුද වෝඩ් එකට ? ”

” යමු ඩොක්ටර්…මේකත් තියාගන්න…”

දිලුනි එහෙම කියලා මගේ අතට වේවැලක් දෙද්දි මම පුදුමෙන් එයා දිහා බැලුවා.

” ඇයි…මේ…වේවැලක් ? ”

15 thoughts on “උමතු | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020”

    1. සෙව්මි

      මට සුභ පතපු හැමෝටම ගොඩාක් ස්තුති … ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. සෙව්මි

        චොකෝ අක්කි ගොඩ කාලෙකින් .. කතාව නම් ලස්සන ඇති.. හෙටම කියවලා කමෙන්ට් එකක් දාන්නම් අක්කි . මොනවා උනත් හොල්මන්නෙ.. ????

          1. සෙව්මි

            අයියෝ කෝ අනේ මං හිතුවා හොල්මන් කියලා.. මට ආපු නෝටිස් එකේ තිබුනේ හොල්මන් කතාවක් කියලානේ.. අපරාදේ මගේ හොල්මන් මූඩ් එක.. මගේ පෝන් එකත් අංගොඩ යවන්න තමයි වෙන්නේ.
            මොනාඋනත් අක්කි කතාව නම් ලස්සනයි .. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා .. ඇත්තටම වේවැලක් දුන්නේ ඇයි දනේ නෑ .. බලමුකෝ ???

    2. ..Sandashen..

      මේ සෙව්මි බබා මේකෙමද කොහෙද ඉන්නෙ …..1st කොමන්ට් දන්නෙ එකනේ…සුභ පැතුම් පෙට්ටෝ ….???????????????????

  1. Attatama katawa lassanai akkiyo kiywanna godaak asa hithnva katwa hetat ennako katwa aran akki budu saranai parissamin inna good night akki ❤❤❤❤
    Adarei palenna katwa nm patta pata pata palweni kotasinma hitha giya ??????????

  2. සෙසඳි

    ?????? දැනුයි අනේ කතාව දැක්කෙ… ඊයේ වේලාසනින්ම කුරියා ගහලනෙ අනේ මං… ?? කාලෙකින් චොකෝ ඔයාව දැක්කෙ…. කොහොමද ඉතිං ? තවත් ලස්සන කතා අරගෙන එන්න… පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

  3. nayomi nadeera

    ගොඩක් ලස්සනයි … මං ආශාවෙන් බලාගෙන හිටියේ choco fairyගේ කතාව දානකල්… ගොඩක් ලස්සනයි ❤️❤️

  4. ..Sandashen..

    ලස්සනයි කතව ගොඩක් ලස්සනයි ටිකක් වෙනස් කතවක් වගේ ……???????????????????????

  5. නයෝ මධූ

    හරිම ලස්සන කතාවක් නංගියෝ. අනිත් කොටසත් දානකල් ආසාවෙන් බලන් ඉන්නවා හොඳේ…

  6. හරිම ලස්සන වෙනස් කතාවක් …..ඔයාගෙ කතා කොහොමත් ලස්සනයි චොකෝ ?????…..වේවැල දුන්නෙ ලෙඩ්ඩුන්ව බය කරන්නද ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.