Katha Ahura

බඹර ඉසව්ව | 69 කොටස | නවකතාව

5/5 - (1 vote)

මන් දෝතට ගත්ත විභූගේ කම්මුල් ලාවට සිප ගත්තේ විභූට නොරිදෙන්න .. .
ඒය මගේ හිස දිහා බලාගෙන හිස අතගන්න ගත්තේ .. මගේ දෑස් දිහා බලන් ඉන්න බැරුව කියලා මට හිතුනා ..

❤️
දින සති මාස ගෙවුනේ .. මන් වගේම අපේ දරු පැටියාගේ සුව ලැබිලා .. . විභූට මාසයක් යන තැනදී සුවයක් ලැබුන නිසා ..
විභූ මන් ලගම රැදුනා ..

” අදින් පස්සේ නම් අඩන්න ඔට්ටු නෑ හොදේ …”

විභූ කාමරේ ට ඇවිත් .. කිව්වේ මෙච්චර දවසක් හොස්පිටල් ඉදලා මට එපා වෙලාම මගෙන් විභූට කරදර නිසා වෙන්නැතී …
මන් හිනා වෙලා ඇදේ විට්ටමට හෙත්තු උනා …

“කෝ මගේ සන්කොටේ …”

උනුහුමට ලැමට තුරුල් වෙලා ඉන්න පුතාට විභූ කතාකලේ ..
කොල්ලට හොදටම නින්ද ගිහින්…
මන් විභූ දිහා බලාගෙන හිටියේ .
තාත්තා කෙනෙක් උනයින් පස්සේ විභූ හොදටම වෙනස් වෙලා කියලා හිතුනා …

“විභු”

මෙච්චර වෙලා පුතා ගේ මූන අල්ල අල්ල දගලන විභූව මට මගේ ඇස් ඉස්සරහදී අල්ලගන්න ඕන උනා ..

“ම්හ්හ්…”

“අප්පච්චීගේ සන්කෝටේ …. ”

“විභූ අහන්නකෝ. ”

මාව එතරම් ගනන් නොගත්ත නිසා මන් ආයෙම විභූට කතාකලා . ..

“ඇයී දේදූ”

විභූ මගේ මුන දිහා බැලුවේ .. මෙච්චර දවසක් මන් නොකියා අහන දෙයක් තියෙනවා කියලා විභූ දන්න නිසා …
ඒත් ඒ හැම සැරේදිම විභූ මගෑරියේ හිතලාමයී. ….

“ප්ල්ස් ….

මට ඇත්ත කියන්න …”

“දේදු මන් කිව්වා නේද … දැන් එව් දේවල් ඕනේ නෑ කියලා … ”
ආය ඔයාටවත් මටවත් ..අපේ දරුවටවත් අපේ කාටවත් කරදරයක් වෙන්නේ නෑ ….
ඒ ඇතී දේදුනු ආය මගෙන් අහන්න එප”

“බෑ මට කියන්න ”

“දේදූ ප්ල්ස් මෙ හොස්පිට්ල් එක ,අද ඔයාගේ ටිකට් කපනවා. යන්න කලින් බැනුම් අහගෙන යන්න ඕනේ නෑ නේද … ”

“කමක් නෑ විභූ ..මන් ඔයාගේ කෙනෙක් නෙමෙ නම් ..මාව ඔයාට අයිති නැත්නම් ඔහොම කරන්න මට…”

“ශිට් කියන එකක් තේරුම් ගන්න බැරිද …. ”

“බෑ … ”

“මොකද්ද කිව්වේ . කවුද උබව ඔහොම හිතුවක්කාර කලේ … ”

“මම ”

විභූ මගෙ කනෙන් අල්ලන්න යද්දීම දොර ලග ඉදන් කතාකරන සද්දෙට මයී විභුයී දෙන්නම හැරිලා බැලුවා ….

“නාරා උබ… ”

“හ්ම්ම් මම … ”

නාරා අයියා දොර ලග ඉදන්ම සිනා මුසුමූනෙන් ආවේ ..

“මචන් තේජා …. උබට ..කියන්න ඕනේ නෑනේ ..
දැන් මේ දේවල් නන්ගී දැනගත්තට කමක් නෑ . ප්‍රශ්න ඔක්කොම ඉවරනේ … ”

“ඉතින් දැන් මොකටද ඒවා … ”

“දන්නවානේ උබ මන් ගැන …. මේ ඉන්නේ මගේ නන්ගී …. ”

“මොකද්ද් ..උබව එතන යැව්වේ මම …. ”

“අහ් ඒ උනාට මේ මගේ නන්ගී දැන් …
මගේ නන්ගී කියන එක තමයී මන් අහන්නේ .. ”

“අහ් එහෙමත් එකක් ..ද …
හා හා කරගනින්කෝ දෙන්නා එහෙනම් ”
මට විභූ එහෙම කිව්වම හිනා ගියා.

“ඔන්න දැනගත්තනේ නන්ගී මාව එව්වෙ ඔයාගෙ හස්බන්.. හොදේ … ”

විභූ මන් වෙනුවෙන් දහසක් දේවල් කරලා නොකලා වගේ ඉන්නේ මොන හිතකින් ද කියලා හිතුනා …

“අයියා මට කියන්න .. විභූට කියන්න කියලා…”

මට හැඩුම් ආවා ….

“හ්ම් මන් කියන්නම්කෝ…”

“අඩන්න එපා බබා …”

විභූ … මන් අඩද්දී .. මන් ලගට ඇවිත් එහෙම කිව්වේ පුතාගේ අතකුත් සියුමැලිව අල්ලන ගමන් …

“විභූ හැමදේම කලේ ඔයා වෙනුවෙන් නන්ගී … විභූ ඒ කිසි දෙයක් ඔයාට කියන එකක් නෑ … ඒත් ..හැමදේම එයා කලේ ඔයා නිසා …. ”

නාරා අයියා විභූ නිශ්ශබ්දව හිටපු නිසා … එකපාරම එහම කිව්වම ..විභූ දිහා මන් බලන් ඉද්දී විභූ හිටියේ හිටපු ඉරියව්වෙන් මයී …

“ඔෆිස් එකේ ඉදන් සීසි ටීවී වලින්. ඔයා කරන කියන හැමදේම බලන් හිටියා…
ඔයාට කරදරයක් වෙයී කියලා හැමදේම බලන් හිටියා … ”

“නාරා ඇති ඕක …”

“අයියේ .. නවත්තන්න එපා කියන්න ”

මන් විභූ එහෙම කියද්දී නාරා අයියා දිහා නොබලාම එහෙම කිව්වා …
ඇත්තටම මගේ ඇස්වල කදුලු නවත්තගන්න බැරිඋනා …

නාරා අයියා ආයෙම කතාව පටන් ගත්තේ අපි අතර කිසි කතාවක් නොතිබ්බ නිසා …

” සේනක ට ඕන කලේ .. ඔයාව
.. එයා ෆැක්ට්‍රී එකේ හිටපු අනිත් කෙල්ලන්ට කරපු දේම ඔයාටත් කරන්නයී එයා හැදුවෙ…

එහෙම කිව්වම මට දැනුනේ පිලිකුලක් …

නාරා අයියා කියනවා වගේ සේනක මාව අල්ලන්න හදපු වාර අනන්තයී …
ඒත් ඒ හැමදේම විභූ බලන් හිටියා වගේ මාව තේරුම් ගත්ත අවස්තා තිබ්බා. මට ඒ ගැන තිබ්බේ පුදුමයක්. .

සේනක .. ඔයා එක්ක හිටියේ තරහින් ,එයා හිතුවේ.. ඔයා හැමදේම විභූට කියනවා කියලා නංගී ….

ඒත් විභූ ඒ වෙද්දීත් .. ඔෆිස් එකේ හැම තැනම සි සී ටීවී දාලා තිබ්බේ . .

“විශේශයෙන්ම .. සේනකගේ .. ඔෆිස් රූම් එකේ .. ”

දෙවියනේ මට මතක් උනෙ ..
සේනක මට කෝල් කරලා එන්න කිව්ව වෙලේ .. මගේ ඉනෙන් සේනක අල්ලපු හැටී .. ඇත්තටම මට පිලිකුල් හිතුනා …
ඒක එතකොට විභූ දැනගත්තේ එහෙමද ..
ඔව් එදා තමයී .. විභු එක්ක මන් තනි උනේ ..
එදා තමයී මගේ ජීව්තේ වෙනස් කලේ …

මට මේ කිසි දෙයක් නොවුනා වගේ බලන් ඉන්න විභූ ගැන ආවේ දුකක් වගේම කේන්තියක් …

“ඇයී විභු ඇයී එච්චර දේවල් කලේ …
මන් කවුද ඔයාගේ …
මන් කවුද ඔයාගේ .. නිකන්ම නිකන් අනාත කෙල්ලේක් …”

“දේදුනු කට වහගන්නවා…

තමුසේ කවුද කියලා තීරනය කරන්නෙ මම .. මට ඕනනම් මන් තමුසෙට මරනවා නැත්නම් තියාගන්නවා…”

ආයෙම මන් ඉස්සරහට ආවේ ක්‍රිමිනල් ඉන්වෙස්ට්ගේට් ඔෆිසර් තේජ් ….
ඇත්තටම මට බය හිතුනා….

“මචන් තේජ් බී කන්ට්‍රෝල්”

නාරා අයියා. . විභූව කන්ට්‍රෝල් කලා ..
මට දැනුනේ දුකක් … ඊටත් වඩා විභූ ගැන ආදරයක් ….

මන් උබවෙනුවෙන් දේදූ මේ හැමදෙම කලේ .. අනිත් හැමදේම බල්ලට ගියාවේ … මට ඕන කලේ උබව … ”

“තේජ් …. තේජ් …තේජ් බී කූල් මචන්….”

“එහාට පලයන් නාරා . .
පලයන් එහාට . ”

විභූට හොදටම කේන්ති ගිහින් … මන් අත් දෙකෙන්ම මූන වහගත්තේ මට විභූගේ කේන්තිය ඉස්සරහා මට කදුලු. නවත්තගන්න බැරි නිසා …..

“මන් මේ හැමදේම කලේ .. මේ ලෝකේ පලවෙනියටම හිත ගිය කෙල්ල උබ හින්දා දේදූනූ …
උබ මට අනාතද නැද්ද කාගේ කවුද වැඩක් නෑ .. .මට ඕන කරනදේ මන් ගන්නවා .. ඒක කොහොමද කියලා මට වැදගත් නෑ. මේක මගේ විදිය. ”

විභූ හයියෙන්ම ගුගුරලා එහෙම කිව්වම .. මගේ තුරුලේ හිටපු පුන්චි පුතා හයියෙන් අඩන්න ගත්තා . .

ඊලග කොටසට

පියුමි සේනාධි ❤️

17 thoughts on “බඹර ඉසව්ව | 69 කොටස | නවකතාව”

  1. Ikmnin hamadema tika tika visadenva neda akkiyo ane dn nm baldi peralanna epa vibuge napuru kamata nm mn asaii anee godak napuru unama adareth gdaak tiynva katawa nm supiri elakiri lassaai patta tawa kiynna wachana mn danna e taram maru katawa ?????????
    Budusaranai parissamin inna akkiyoo ?????

  2. ..Sandashen..

    අම්මේ මේ විභූගේ තියෙන නපුරු කමක් …..තව පොපොඩ්ඩෙන් මාවත් පිච්චිලා යනවා ??????????????? කතව ගොඩක් ලස්සනයි අක්කියො ……??????????

  3. Love you vibu……❤❤❤❤?? අනේ…. කතාව හරීම ලස්සනයි අක්කියෝ ………. බුදු සරණයි…. පරිස්සමින් සතුටින් ඉන්න ……..

  4. සෙසඳි

    මේක නම් හරියන වැඩක් නෙමේ අනේ… මට නම් මාර දුකයි… මං උදේ වැඩ කරන අස්සෙ ඇවිත් කමෙන්ට් 1 දාලා ගියේ… උදේ 10 ඉඳලා මේ වනකනුත් කමෙන්ට් 11 කමෙන්ට් බොක්ස් එකේ තියෙන්නේ… මේවා දැක්කම තමයි ඇප් එකට එන්නත් එපා වෙන්නෙ…අලුත් පරණ කියලා කිසි බේදයක් නෑනේ… හැමෝම ඉන්නවනේ ඇප් එකේ… එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමේ… ගානක් මතක නැති තරම් අය ඉන්නවනේ ඇප් එකේ… ඒ උනාට මුලු ඇප් එකම පාලුයි… සමාවෙන්න මෙහෙම කියනවට මේ වෙලාවට තමයි අපේ පරණ දඟ සෙට් එකේ වටිනාකම වැඩියෙන් දැනෙන්නෙ.. ඒ ගොඩක් අයට ඇප් එකට එන්න බැරුව ලොග් වෙන්න බැරුව ඉන්නවා… ඒත් එන්න පුලුවන් අයවත් එන්නෙ නෑ… මේ වෙලාව්ට තමයි මට නම් හිතෙන්නෙ ඇඳිරි නීතිය කාලේ කරන්න වැඩක් තිබ්බෙ නැති කමට ඇප් එකට ආපු සෙට් එකක්දෝ මෙච්චර කල් හිටියෙ කියලා… ඇඳිරි නීතිය අයින් වෙද්දි එයාලගේ රාජකාරි කරද්දි එයාලට ඇප් එකට ඇවිත් කමෙන්ට් 1 කොටන්න කාලෙ නැතුව ඇති… මං මේ කිව්වෙ ඇප් එකට ඇවිත් කමෙන්ට් දාන් අයට නෙමේ… ආවෙම නැති අයට… මං දන්නෙ නෑ චන්දිම අයියට මේ වෙනස පේනවද කියලා… ඒ උනාට චන්දිම අයියෙ මාත් එක්ක කේන්ති නම් ගන්න එපා මං මේ කියන්නෙ මගෙ හිතේ අදහස…
    හැමෝම මතක් කරලා බලන්න අවුරුදු උත්සවෙ දවස් වල කී දෙනෙක් හිටිය්ද කියලා… දැන් ඉන්නෙ කී දෙනාද කියලා… අපේ පරණ දඟ සෙට් එකේ අයත් දැන් වැඩිය එන්නෙ නෑ.. ඒකට හේතු මං දන්නෙත් නෑ… ඒත් මට වෙලාවකට හිතෙනවා මහී අක්කි නිරෝ අක්කි හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලා.. ලොකූ හිටියත් දැන් එයත් වැඩිය ඇප් එකට එන්නෙ නෑ… අනේ මංදා කස්ටියට මොනා වෙලාද කියලා.. මම නම් ඉතිං එනවා හැමදාම වැඩ නම් හරි අසනීපෙන් හරි නම් විතරයි කමෙන්ට් 1 හරි පොඩිය්ට කමෙන්ට් 1 දාල යන්නෙ…. මට නම් ඇත්තටම දුකයි… අයේශා මචී දිල් දුල් ලොකූ නෙතූ නෙහංසා මහී අක්කි නිරෝ අක්කි නිශා ඒන්ජල් වීණාවී හිතෙශි කවී මාධි ඔශානියා සෙව් හිම බෝලේ හිමාෂි මැණික නම් කී නොකී එකී මෙකී ඔක්කොම එක්ක හොඳට හිනාවෙලා ඉන්න තියෙන එක දැන් නැති වෙලා… කවදා මේ පාලුව නැති වෙයිද මංදා…. දුකයි ගොඩක්…
    කට්ටිය මට බැන්නත් එකඟ උනත් මං කිව්වෙ මගෙ හිතෙ තිබුනු දේ… මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ… සමාවෙන්න මට හැමෝම…

    1. ..Sandashen..

      එකනේ අක්කියො මේ ඇප් එකේ කලින් හිටපු අය ගොඩක් දැන් එන්නේ නැහැ අපිව අමතක වේලාද කොහෙද ….සමහර විට මේ කරදර නිසා එයලට එන්න අමරු ඇති ..ඒත් ඔයලා නැතුව ඇප් එක පාලුයි …..???????????

    2. අනේ අක්කේ අපි ඉන්නෝ හැමදාම .මං මුලින්ම මේ ඇප් එකට ආව දවසේ ගොඩක් අය හිටියා තමා.මේ කරදර නිසා හැමෝම එන්න බැරිවත් ඇතිනේ.වැඩ තිබ්බත් කට්ටියම එවී ඉක්මනට ඉස්සර වගේ සෙසඳි අක්කෙ.?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.