Katha Ahura

?ඒන්ජල්? | 41 කොටස | නවකතාව

5/5 - (1 vote)

69 කොටස

” හුරේ…! අද අයියා අපිත් එක්ක ඉන්නවෝ…! ”

” ඔච්චර සතුටුයිද මෝඩියේ මම නවතිනවට ? ”

” ඔව්…ගොඩා….ක්..! ”

මම එයාගෙ වටේ කැරකි කැරකි කියද්දි අම්මයි මංගලා ආන්ටියි හිනාවුනා.ඊටපස්සෙ මංගලා ආන්ටි මගේ ලගට ඇවිත් මගේ කම්මුල්වලට එයාගෙ අත් තිබ්බා.

” ආශියෝ…අයියව නවත්තගන්න මගෙන් අහන්න ඕන නෑනෙ පුතා..අර ඉන්නෙ ඔයාගෙ අයියා.”

” නෑ ආන්ටි..ඒ ඉන්නෙ ඔයාගෙ පුතා.ඔයයි එයාගෙ අම්මා.ඉතින් …මම අම්මගෙන් අහන්නෙ නැතුව වෙන කාගෙන් අහන්නද ? ”

මම එහෙම කිව්වම මංගලා ආන්ටි ඉක්මන්ට ඇස් දෙක පිහදාගෙන දොර ලගට ගියා.

” මම ඉක්මන්ට ආශුගේ බෙහෙත් ටික අරගෙන එන්නම්..”

” මතක ඇතුව ඇදුමුත් ගේන්න ආන්ටී..මෙයාට මගේ ඇදුම් අදින්න බෑනෙ..හැබැයි බැරිම නෑ..”

මම අතින් කටවහගෙන කියද්දි අයියා ඇවිත් මගේ කනෙන් ඇද්දා.හැබැයි ඒ මට රිදෙන්නනම් නෙවේ..ඒත් මාත් රිදුනා වගේ ඇක්ට් කලා..

” ආව්ව්ව්ව්…අනේ අම්මා..මේ බලන්නකෝ…”

මම අම්මගෙ ලගට දිව්වෙ කෑගහගෙන.

” අවිරු ආවමත් මෙහෙම තමයි ආශු..ඔයාගෙ නංගිගෙයි එයාගෙයි රන්ඩු බේරනවා ඇරෙන්න මට වෙන වැඩ නෑ ”

අම්මා එහෙම කියද්දි මම එයාගෙ තුරුලෙ ඉදන්ම හොරෙන් රබර් ඇහැ දැම්මෙ අයියා දිහාවට.එයත් කට්ට කපටි කෛරාටික බැල්මක් දැම්මනෙ මට.මෙන්න ඊටපස්සෙ එයා කෑගහන්න ගත්තා..

” අම්මා දන්නෙ නෑනෙ මෙයා….”

” හෝව්…හෝව්…මම මෙයාව වොශ්රූම් එකට දාලා එන්නම් අම්මා..මෙයා ලග පට්ට ගදයි.උදේ ඉදන්මද කොහෙද මේක ඇදන් ඉන්නේ..මෙයාව කොමඩ් එකට දාලා ෆ්ලෂ් කලත් ගද යන එකක් නෑ..”

මම අයියගෙ කටට අත තියලා ඒ කට වහලම එයාව ඇදගෙන ගියා.නැත්නම් මට එතන චකබ්ලාස්ට් වෙන්න තමයි වෙන්නෙ.මගෙ බූරු අයියා පැටියා අවිරු ගැන අම්මට කිව්වොත් එහෙම..මගේ කුලුදුල් ප්‍රේමයට තිත තියන්න වෙනවනේ..

ඊටපස්සෙ මම එයාව වොශ්රූම් එකට තල්ලු කරලා දොර වැහුවා.

” ඒයි මෝඩි..මම කියන්නෙ නෑ ඒක අම්මට..බය නැතුව ඉන්නවා..! ”

” ඒ වුනාට අවධානමක් ගන්න බෑනෙ අයියා බබෝ..”

මම දොරට කන තියාගෙන කිව්වා.

” මම නාලා ඉවරවුනාම මමී ගෙනාපු ඇදුම් ටික ගන්නෙ කොහොමද ? ”

” ඕකෙ ටවල් එකක් ඇති.අන්න ඒක ඇදගෙන එන්නෝ..ඉක්මන්ට එන්නෝ..බෙහෙත් බොන්න ඕනනේ..මම ගියෝ ”

මම එහෙම කියලා දකුණු කකුල පෙරට තියලා කුස්සියට සම්ප්‍රාප්ත වුනේ රෑ කෑමට අම්මා මොනාද හදන්නෙ කියලා හොට දාන්න..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

මම කුස්සියට යද්දිත් අම්මා ගජරාමෙට වැඩ පටන්ගෙන.එක ලිපක මොනාදෝ බැදුම් සුවදක් එනවා.තව පැත්තකින් තව සුවදක් එනවා..මම ඒ සුවද එන පැත්තට ඉව අල්ලගෙන අල්ලගෙන ආවා.

” මොනාද අම්මා හදන්නේ..? සුවදේ බෑ..”

” මංගලා ආශුට හදල දෙන්නෙ ඇමරිකන් කෑමනෙ.අද මම එයාට ගමේ කෑම හදල දෙනවා.”

” ෂාහ්..ෂෝක්නේ..මාත් උදව් කරන්නද ? ”
” නෑ නෑ …ඔයා අයියා එක්ක ඉන්න..එයා නාලත් ඇති දැන්.මම කෑම හදන්නම් ”

” හොද නෑ අම්මා.ඔයා හදන්නෙ තනියම ක්‍රෙඩිට් එක ගන්නනෙ..හරි හරි.කමක් නෑ..”

මම බොරුවට අනිත්පැත්ත හැරිල කිව්වම අම්මා ඇවිත් මගේ කම්මුල් හයියෙන් මිරිකුවා.

” අනේ අනේ මේකි දැන් …මම ඔයාට වගේම එයාටත් මහ ගොඩක් ආදරෙයි..ඒ ආදරේ අද මම කෑමවලට මික්ස් කරනවා මැජික් එකකින්.ඉතින් ඒක මමමයි කරන්න ඕනේ…”

” හාකො හාකො…මං යනෝ ”

එහෙම කියලා මම යන්න හැරෙද්දිම අම්මා ටින්කිරි අයිඩියා එකක් මට දුන්නා.

” ආශියෝ…අන්න ෆ්‍රිජ් එකේ ගස්ලබු ගෙඩියක් ඇති..එතකොට …ඇන්කර් පිටිත් ඇති…”

හම්බෝ…මගේ ඔලුවෙ එක මලක් නෙවේ මල් දාහකට වඩා පිපුනා වගේ වුනා ඒ නිව්ස් එක ඇහුවම.ගස්ලබු එක්ක පිටි..වෙන මොනාද ඕනෙ ඉතින්..

මම අම්මගෙ මූන බදාගෙන තදකරලා හයියෙන් කිස් එකක් දීලා දිව්වෙ අම්මගෙන් හැදිපාරක් කන්න වෙන නිසා.

ෆ්‍රිජ් එකෙන් ගස්ලබු ගෙඩිය අරගෙන මම ඒක කපලා ලෙලි ටික විසික්කරලා ඊටපස්සෙ ගස්ලබු පොඩි කෑලි වෙන්න කපලා එයින් ටිකක් මග් එකකට දාගත්තා.ඊටපස්සෙ ඒකටම ඇන්කර් පිටිත් ටිකක් වැඩියෙන් දාගෙන ඒක චප්ප චොරොප්පම් වෙන්නම පොඩිකලා.ලා තැඹිලි පාටට තිබුනු මගේ කෑම එක දැකලා මටම කෙලත් ගිලුනා.

දැන් මොකෝ කරන්නෙ..මං විතරක් කන එකත් හරි නෑනෙ.අයියටත් හදන්න ඕනෙ..

මම ඊටපස්සෙ ඒ වගේම මග් එකක් පුරවලා ගස්ලබු හැදුවා එයාටත්.ඊටපස්සෙ හැදි දෙකකුත් මග් වලට දාලා වොශ්රූම් එක පැත්තට ආවෙ මෙයාගෙන තාම සද්දයක් නැති නිසා…

ලිස්සලා බිමට පතබෑවිලාවත්ද දන්නෑ..ම්ම්..බලමු කෝකටත් දොරට ගහලා..

” අයියා පන…අයියා පන…වැඩේ ඉවරදෝ..හොදින් ඉන්නවදෝ..”

” ආ…ඔව්..නාලා ඉවරයි ආශි…මං එන්නම් දැන් ..”

” මතක ඇතුව ටවල් එක ඇදන් එන්න හොදේ…”

මම එහෙම කියලා එයා එනකන් දොර ඉස්සරහට වෙලා බලාගෙන හිටියා.විනාඩි දහයක් විතර මට ගස්ලබු එක අතේ තියාගෙන දුක් විදින්න වුනා..හප්පෝ..මෙයා මට වඩා අන්තයිනෙ නාන්න ගියාම…මම හොදයි තව…මම හිතින් බැන බැන ඉන්නකොට එකපාරටම දොරත් ඇරගෙන ටවල් එකක් ඇදගත්තු හල්ක් වගේ මගේ ආදරණීය අයියා මතුවුනා..

” ආ..මම පරක්කු නෑනෙ..? ”

” පරක්කු…? අනේ නෑ …මං ඒත් බැලුවා ඔයා ඇයි මෙච්චර කලින් කියලා..”

මම විරිත්තගෙන එයාට කියද්දි එයා ඇස් ලොකුකරගෙන බලාගෙන හිටියෙ මගේ අත් දෙකේ තිබ්බ මග් දෙක දිහා.

” මේ මොනාද මේ..? ”

” කාලම බලන්නකෝ…”

” ඊ….ඩෙවිල් වමනෙවත් දැම්මද ? ”

” ඈක්කා අනේ..මේ මගේ ආසම කෑමට ඔහොම කියන්න එපා..ආ..මේක කාලම බලනවකෝ…”

මම මගේ මග් එක එහායින් තිබ්බ පුටුවෙන් තියලා එයාගෙ මග් එකෙන් හැන්දක් අරන් කැව්වා.

” ම්ම්ම්ම්…රසයිනේ..මොනාද මේ..? ”

” ඇමරිකන්කාරයො ඉතින් මේ වගේ කෑම ගැන දන්නෙ නෑ ”

මම ආඩම්බරෙන් කියද්දි අයියා මට ටොක්කක් ඇන්නා.

” කියනවකෝ ගුරු මුෂ්ටිය තියාගන්නැතුව ”

” ගුරු යෂ්ටිය..? මොකක්..? ඒ මොකක්ද ? ”
” ගුරු යෂ්ටිය නෙවේ මෝඩියේ..ගුරු මුෂ්ටිය ”

” ඈහ්..ඒ මොකක්ද ? ”

” මම ඒකෙ තේරුම පස්සෙ කියන්නම්.ඊටකලින් කියන්න කෝ මගේ ඇදුම් කියලා.”

” ඔයාගෙ මමී ගෙනත් තිබ්බා.අන්න පහල.ඊටකලින් බෙහෙත් ටික බීලා ඉන්න..ඔතන ඉන්න මම ඇදුම් ටික අරගෙන එන්නම්.කියන්න බෑනෙ ඩෙවිල් ඔය ටවල් එකේවත් එල්ලුනොත් එහෙම…”

මම හිනාවෙවී පහලට දුවලා ගිහින් අයියගෙ ඇදුම් ටික ගෙනාවා.එයා ආයෙත් වොශ්රූම් එකට ගිහින් ඇදුම් ටික ඇදගන්නකන් මම ගිහින් එයාගෙ බෙහෙත් ටික ලෑස්තිකලා.එතකොට මගේ ෆෝන් එක මහ හයියෙන් බෙරිහන් දෙන්න පටන්ගත්තා .

” හෙලෝ..”

” හෙලෝ ඒන්ජල්..”

” ආ…ඔයාද මැට්ටෝ…මොකද කරන්නෙ ඉතින් ? ”

” මම මේ වැඩ වගයකට එලියට ආවා ”

” මේ රෑ ? ”

” ඔව්..මේ පොඩි වැඩ වගයක්..”

” ඒකනෙවේ අවිරු ..අද අයියා අපි එක්ක මෙහේ ඉන්නවා.ඔයත් අද හිටියනම් තමයි..”

” මගෙ මස්සිනාව හම්බෙන්නත් ඕන තමයි..”

” අනේ එන්නකෝ…අද සුමනම්මත් නෑනෙ.ඔයාට කොහොමත් කඩෙන් කන්න වෙන්නෙ.අම්මා අද රසට කෑම හදනවා..අනේ එනවා නේද ? ”

” ම්ම්ම්…”

” මොනාද අනේ තව කල්පනා කරන්නෙ..එන්නකෝ..”

” ඔයා ඔච්චරම කියනවනම්…”

” ඒ කියන්නෙ එනවා නේද…? ”

” ඔව් ඔව්..එනවා..”

” අම්මෝ ඇති යන්තම්..මේ ඇදුමුත් අරන් එන්න හොදේ..”

” ඇදුම් ප්‍රශ්නයක් නෑ ..ගේන්නම්..ඒත් නිදියන්නෙ කොහෙද ? ”

” අයියා එක්ක නිදියන්න..”

” ශික්..ඔයා හිතුවද මම…”

” මම කිව්වෙ එහෙම දෙයක් නෙවේ මැට්ටෝ..”

” බෑ මට ඕනෙ ඔයාගෙ ඇදේ දොයියම් වෙන්න..”

” මගේ ඇදේ…? ”

” ඔව්..”

” ම්ම්ම්…හා…”

” ඇත්තටම..? ”

” ඔව්…ඔයා මගේ ඇදේ අයියා එක්ක දොයියන්න..මම අනිත් කාමරේ දොයියන්න ”

” මම කිව්වෙ ඔයත් එක්ක දොයියම් වෙන්න ඕනි කියලා ”

” ඒවා බැන්දම පුලුවන්..කීයටද එන්නේ ? ”
” තව පැය බාගෙකින් විතර එන්නම් ”

” උම්මා..තූටියා..ඔයා හලි තෝයි..”

” පිස්සු වාතයක්..එහෙනම් මං තියනවා..”

මම කෝල් එක කට් කරද්දි මට ඇහුනෙ කාමරේ දොර ලගින් කවුද උගුර පාදන සද්දයක් .මම ඉක්මන්ට හැරිලා බැලුවෙ ඒ කවුද කියලා.වෙන කවුරුවත් නෙවේ ඉතින් එතන හිටියෙ මගේ සදාදරණීය අයියා පන..

” ඕහෝ…ඒ කියන්නෙ මගේ මස්සිනා පොඩ්ඩ අද මෙහේ එනවා..? ”

” ආ…මේ…ඔව්…අයියා…”

” ඒකනම් හොදයි..මට එයත් එක්ක කතා කරන්න දේවල් තියෙනවා..මම ඒත් බැලුවා මගේ බෙහෙත් ටික ගේන්න ගියපු එක්කෙනා ඇයි තාමත් නැත්තෙ කියලා.බලද්දි එයා මල් කඩනවා මෙතන පැනි හල හල..”

” මම පැනි හැලුවෙ නෑ..ආ..මේ ටික බොන්න..”

මම ටේබල් එකේ තිබ්බ වතුර බෝතලෙයි බෙහෙත් ටිකයි අයියට දුන්නා.එයා බෙහෙත් බීලා ඉවරවෙද්දි මම එයාගෙ එහාපැත්තෙන් වාඩිවුනා.එයා දුන්නු වතුර බෝතලේ ආයෙත් ටේබල් එකෙන් තියලා මම එයාගෙ පැත්තට හැරුනා.

” මේ…අයියා…”

” ඇයි ආශියෝ..? ”

” ඔයාට….ඔයාට…මං කිව්වෙ…”

” මට…? අහන්න..”

” මං අහන්න ගියේ..මට තවම නෑනෙක් නැද්ද කියලා..”

” ආ..ඔයා අහන්නෙ මට ගර්ල් කෙනෙක් ඉන්නවද කියලා නේද ? ”

” නැතිවෙන්නනම් බෑ..මොකද මගේ අයියා ගොඩාක් හැන්ඩියනේ.ඔයාට කෙල්ලෙක් කැමති නොවී ඉන්න හේතුවක් නෑ..එහෙම නේද ? ”

” මං දන්නෑ ආශි මම මෙහෙම කිව්වොත් ඔයා ඒක පිලිගනීවිද කියන්න .ඒත් ඇත්තම කිව්වොත් මට ගර්ල් කෙනෙක් නෑ ”

” මොකක්..! ”

” මෙහෙමයි ආශී..මගේ යුනි එකේනම් ගොඩාක් ගර්ල්ස්ලා මගේ පස්සෙන් ආවා..ඒත් කවුද ආශි මං වගේ ලෙඩෙක්ට කැමති වෙන්නෙ ? කවුද කැමති වෙන්නෙ ජීවිත කාලෙටම ලෙඩෙක් එක්ක ඉන්න…”

” එහෙම කියන්න එපා අයියා..ඔයාට ගැලපෙන කෙනා කවදහරි ඔයාට හම්බෙයි..එතකන් ඉවසන්නකො..”

” නෑ ආශි..ගොඩක් අය මට ලංවුනා.ඒ මගේ රූපෙට විතරයි .මගේ ලෙඩේ ගැන දැනගත්තම එයාලා හැමෝම මගෙන් ඈත්වුනා.මම ඒ කාටවත් හැංගුවෙ නෑ මගේ ලෙඩේ ගැන..”

” අයියෝ…ඕක හිතන්න එපා අයියා.උන්ට පින නෑ මගේ අයියගෙ ආදරේ ලබන්න.මමනෙ දන්නෙ එයා ගැන..”

මම එහෙම කියලා එයාව හයියෙන් බදාගත්තා.

” වෙන කෙල්ලො මට ඕන නෑ ආශී..මම මගේ නංගියා ලග ඉන්නවා..”

එයා එහෙම කියලා මාවත් හයියෙන් බදාගත්තම තමයි අම්මා පහල ඉදන් කෑගහනවා ඇහුනේ..

” ළමා..යි.. කෑම ලෑස්තියි…! ”

” ඔයා දන්නවද අයියා..අන්න අරක තමයි මම ජීවිතේට අහන්න කැමතිම වාක්‍යය..”

5 thoughts on “?ඒන්ජල්? | 41 කොටස | නවකතාව”

  1. Kathawanam niyameta liyala thiyenawa.
    Hebei poddaine dala thiyenne eka thama aula.. e unata hemadamath hodata katha liyanna puluwan weewa kiyala parthana karanawa..
    Budusaranai!!!!!!!!!!!

  2. Nirosha Lakmali

    ගොඩක් දවසකට පස්සෙ කමෙන්ට් එකක් දාන්නේ. හැමදාම කතාව කියවනවා Excellent Rate එක දානවා. කමෙන්ට් කරන්න වෙලාවක් නැ. කතාව හරිම ලස්සනයි. ආශුටත්හ හොද ගැණු ළමෙක් හොයලා දෙන්න. අවුලක් නම් දාන්න එපා ඔන්න. හදවතින්ම සුබ පතනවා. ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.