Katha Ahura

කටු අනෝදා | ➡️ 10 ගෙඩිය ⬇️ | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 10 ගෙඩිය ⬇️

ලෙයින් පිරිලා ගිය ඒ ඔරලෝසුව වෙන කාගෙවත් නෙමේ. නෙතුශිකාගේ. ඒක නෙතුශිකාට දුන්නෙත් මලින්දි අතේ යවල මම නෙතුශිකාගේ 21 වන උපන්දිනයට. ඒ ඔරලෝසුව දකිද්දී මගෙ හිත කිව්වේ අනිවාර්යයෙන් නෙතුශිකා ට මොකක්ම හරි කරදරයක් කියල.

” ඔරලෝසුවක්”

ජයේ ගුරුන්නාන්සේ ඒක දැකල කියද්දි මගේ ෆෝන් එක හඩ ආවේ ඇමතුමක් ආවා පවසමින්. ෆෝන් තිරයේ සටහන් වෙලා තිබ්බේ නෙතුශිකාගේ නම.

” හෙ…හෙ…නෙතූ නංගී….”

මම කතා කර්ද්දී ෆෝන් එක ඇතුලෙන් ආවෙ වියරු හිනා හඩක්

” හහ් හහ් හා… මම උබේ නෙතු නංගිනම් නෙමේ…. අදුරගන්න පුලුවන්ද මාව”

” උ…. උබ…..”

මට ඒ හඩ අදුරගන්න අමාරුවුනේ නෑ. ඒ ආර හොල්මන් ආත්මේ හඩ.

” ඔව් මමතාම ,එහෙනම් උබ අදුරගත්තා….උබේ නෙතූ නංගීව මම මේ වෙලාවේ ඉන්නේ කොටුකරන්, උබ් මම කිව්ව දේ කෙරුවෙ නැත්නම් ,මෙතනම ඉවරයක් කරනවා…..,ආ මේ ඉන්නේ ,කතා කරපන් …..”

ෆෝන් එකෙන් කතා කරපු හඩ මොහොතකින් නිහඩවෙලා ඊට පස්සේ ඇහුනේ නෙතුශිකා ගේ හඩ.

” අනේ ගීත් අයියේ ,මාව බේරගන්ඩ ගීත් අයියේ ,ඒ යක්ශනී මාව මරන්න යනවා ,ගෙදර කවුරුවත් නෑ…….”

නෙතුශිකා ඉන්නේ හොදටම බයෙන්බව මට අදුරගන්න අමාරුවුනේ නෑ.

” ඇහුනනේ…..එහෙනම් මම කියන විදිහට කරපන්… දැන් උබ ඔය ගුරා එක්ක දේවාලෙට යන්ඩනේ හැදුවේ.. උබෙ නෙතූ නංගිව මරාගන්ඩ ඕනනම් යමං…. මේ ගැන එක වචනයක් උබ ඔය ලග ඉන්න ගුරාටවත් වෙන කාටහරිවත් කියනවාවා කියල දැනුනොත් ,ඉතිරි ටික කියන්ඩ ඕනේ නෑනේ උබට හහ හහ් හා….”

හඩ නිහඩවෙද්දී මම මොහොතක් ෆෝන් එක දිහා බලන් උන්නේ කම්පනයට පත්වෙල.

” මොකද කොල්ලෝ… ”

ජයේ ගුරුන්නාන්සේ මම දිහා බලාන ඇහුවා.

” න්නෑ… ගුරුන්නාන්සේ ,මට දැන් ගුරුන්නාන්සේ එක්ක දේවාලෙට එන්න විදිහක් නෑ….”

” ඒ ඒ… මොකද කොල්ලෝ ඒ ,උබ දන්නේ නැතිවුනාට උබ වැටිලා ඉන්නේ එසේ මෙසේ අනතුරක නෙමේ…. උබව….”

ගුරුන්නාන්සේ කියන දේවල් මට තවත් අහන්න ඕන වුනේ නෑ… මට ඕනා වුනේ ඉක්මනට නෙතුශිකාලාගේ ගෙදර යන්නයි…මම මගේ බයික් එක ලගට දුවගෙන ගියේ ගුරුන්නාන්සේ හා සරා පුදුමෙන් බලන් ඉද්දී. ඒ වෙද්දී මුලු වත්තේම කටු අනෝදා ගස් බැකෝ එක ඉදිරියේ අවසන් ගමන් ගිහින් උන්නා
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

නෙතුශිකා ලාගෙ ගෙදර කවුරුවත් නෑ කිව්ව නිසාම මම එහෙ ගියේ මලින්දි නංගිත් එක්ක. දොරවල් ජනෙල් ඇරල තිබ්බට ඒත් ගෙදර කවුරුවත් පේන්න උන්නේ නෑ…..

මමයි මලින්දියි කලබලවෙලා ගේ සෝදිසි කරද්ඩියි දැක්කෙ නෙතුශිකා කාමරයක වැටිලා ඉන්න හැටි.

” නෙතූ…. නැගිටින්න නෙතූ….”

මලින්දි අඩල අගේ කෑගැහුවත් නෙතුශිකා හෙලවුනේ වත් නෑ.

” ගීත් අයියේ මට පෙන්නේ නෙතූට සිහිනැතිවෙලා වගේ…..”

ඒක ඇහුවට පස්සේ මම ඉක්මනට කුස්සියට ගිහිල්ල වතුර වීදුරුවක් අරන් ඇවිල්ලා නෙතුශිකා ගේ මූනට ඉස්සා. මොහොතකින් ඇය අමාරුවෙන් ඇස් ඇරියා. සෑහෙන්න වෙලාවක් ගියාට පස්සෙයි ඇය කතා කලේ…..

” අනේ ගීත් අයියේ මාව බේරගන්ඩ,ඒ යක්ශනී ගෙන් බේරගන්ඩ.. මේ ඔක්කොම වුනේ මම අර කටු අනෝදෙ කෑවට පස්සේ.. ඊයේ ඉදල ඒ යක්ශනී මාව පස්සෙ පන්නනවා…. ඒ යක්ශනී කියනව ගීත් අයියට බැරිනම් මට හරි අර පාලු හෙට ගිහිල්ලා අර යක්ශයාව හිරෙන් නිදහස් කරන්න කියලා…..”

” මොනවද ගීත් අයියේ මේ නෙතූ කියන්නේ.. මොන පාලු ගෙයක්ද යක්ශයෙක්…”

මලින්දි කිව්වේ නලල රැලි ගන්නල.

” මලින්දි නංගී නෙතු මොකක් හරි දෙයකට බය වෙලා ,අපි මෙයාව පන්සලකටවත් එක්ක ගෙන ගිහින් ආරක්ශාවට පිරිත් නූලක්වත් බංදවමූ…”

මම මලින්දිට වෙන දේවල් ගැන කිව්වේ නැත්තේ හොල්මන් ආත්මය මේ ගැන වෙන කාටවත් කියන්න එපා කියල අනතුරු අගවපු නිසා..

” එපා මට පිරිත් නූල් බදින්ඩ එපා…. ඒවා කරන්න එපා කියල ඒ යක්ශනී කිව්වා… එහෙම කරන්න ගියොත් මාව ඊට කලින් මරනව කියල කිව්වා…මට බෑ යන්ඩ කොහෙවත්, ඒ යක්ශනී දැනුත් කොහෙහරි ඉදන් අපි කතාවෙන් දේවල් අහගෙන ඉන්නව ඇතී…”

කියපු නෙතුශිකා මුලු කාමරේ වටාම දෑස් යැවුවේ ,ඒ හොල්මන් ආත්මය කොහෙහරි ඉන්නවද කියල බලන්න වගේ. ඒත් එහෙන දසුනක් පේන්න තිබ්බේ නෑ….
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

නෙතුශිකා ව එයාගේ ගෙදර තනියම දාල යන්න බැරි නිසා මමය් මලින්දියි එයාව මලින්දිගේ ගෙදරට එක්කගෙන ආවා. නෙතුශිකා ගේ බය ඇරෙන්න කියල අඩුම ගානේ වෙදෙක් ගෙනල්ලා නූලක්වත් දැම්මෙව්වේ නෑ…..

හදිසියේම ආයෙම පාරක මගේ ෆෝන් එකට ඇමතුමක් ආවේ එහෙ ඉද්දියි. චතුරගේ නම ෆෝන් එකේ තිබ්බා.

” මම හදිසියෙම කතා කෙරුවේ උබ අර පාලු ගෙට ගිහිල්ලා මොනවද කරගත්තේ කියල දැනගන්ඩ”

චතුරගේ හඩ ෆෝන් එකෙන් ඇහුනා.

” මොනව කරගන්නද තවත් අමාරුවේ වැටුන විතරයි වුනේ….”

” ඒ කිව්වෙ ගීත් මොනවද වුනේ…”

” ඒක කියන්න විදිහක් නෑ බං ,ඒ ප්‍රශ්නවල විසදුව හැංගිලා තියෙන්නෙත් ඒ ගේ ඇතුලේ හැංගිලාම තමා…”

” අනේ මන්දා බං කටු අනෝදා හෙඩියක් කඩලා මෙහෙම දෙයක් උබට වුනා කියනඑකත් අදහගන්නත් අමාරුයි,මම හෙට හවස ආයෙම එනවා.. ඒ ආපුහාම මේ ගැන කතා කරමු බං ,පරිස්සමට හිටපං..”

චතුරගේ හඩ ෆෝන් එකෙන් නෑසී ගියා.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

එදා රෑත් ඊයේ රෑ වගේම වැස්ස. ඒ මදිවට ඊයෙම වගේ කරන්ට් එක තිබ්බෙත් නෑ. මම අද රෑත් අර හොල්මන් ආත්මය මාව හොයාගෙන එයි කියල බලාපොරොත්තු වෙන්මයි උන්නේ.

“ටොක් ටොක් ටොක්…….”

ඇදේ වැතිරිලා ,ඒත් ඇහරිලා හිටිය මට එකපාරම ඇහුනේ කලින් රෑ වගේම අල්මාරියේ විදුරුවට කවුරුහරි තට්ටුකරන හඩ.

හොල්මන් ආත්මය බලාපොරොත්තු වෙන්ම ගිය මම අල්මාරියේ කන්නාඩියෙන් දැක්කෙත් ඒ රුවමයි.

” ඔන්න මම අදත් ආවා.. උබට ඊයේ කරන්න ඕනා වැඩේ මට ඔක්කොම කියන්න බැරිවුනා…. එහෙම කලානම් මේ වැඩේ මෙච්චරම අමාරුවෙන්නෙත් නෑ.. උබ ඒක අමාරුකරගත්තා…”

” මොකක්ද ,මම කෙරුවේ……”

මම කණ්නාඩිය ඇතුලෙන් පේන හොල්මන් රුව දිහා බලන් ඇහුවා.

” කෙරුව එක තමා ,අද උදේම උබ අර පාලු ගෙට ගියපු එක…. එකෙන් උන් ඔක්කොම දැනගත්තා…. මෙච්චර කල් මම හංගගෙන හිටපු කටු අනෝදා රහස උන් දැනගත්තා…”

හොල්මන් ආත්මය කතා කෙරුවේ උපරිම කෝපයෙන්.

” කටු අනෝදා රහස……”

“ඔව් කටු අනෝදා රහස ,ඒ ගහක ගෙඩියක් කඩපු හාම තමා මට උදව් ගන්න කෙනෙක් නිර්මානය වෙන්නේ. මීට කලින් මම එහෙම අට දෙනෙකුගෙන් උදව් ගන්න හැදුවා.. උන් එකෙකුටවත් කියන්ඩ කිව්වේ නෑ සරාට අහුවුනොත් මෙහෙම උන් ඒ හෙට ආවේ කටු අනෝදා කඩපු නිසා කියල… උන්ව බය කරපු හින්දා උන් එකෙක්වත් ඒ රහස සරාට කිව්වේ නෑ.. ඒත් මට ඊයේ උබට මම කරන්න කියපු දේව්ල් ඔක්කොම කියන්න බැරිවුනා.

ඊට කලින් උබේ අම්මා ආවා.. ඒ හින්දා අර කටු අනෝදා රහස ගැන උබට කියන්ඩ බැරිවුනා. උබත් ඒ රහස සරාට කිව්ව හින්දා ඌ ඒක දැනගත්තා. දැනගත්තා විතරක් නෙමේ උන් වත්තේ තිබ්බ කටු අනෝදා ගස් ඔක්කොම විනාශ කරල දැම්මා. දැන් ආයේ ඒ වත්තේ කාටවත් කඩන්ඩ කටු අනෝදා හැදෙන්නෙ නෑ.

ඒ කියන්නේ මගේ අවසාන තුරුම්ම්පුව උබම විතරයි. ඒ හින්දා උබ මේ දේ කරන්නම ඕනා…”

” මම මොනවද කරන්න ඕනා…..”

” මම උබට යතුරක් දෙනවා.. උබ ඒ යතුරත් අරන් හෙට රෑ හත වෙද්දී අර පාලු ගේ ලගට යන්ඩ ඕනා…අර සීනුව නාදවෙලා සරා ඊයෙම වගේ එතනට එන්ඩ කලින් උබ ඉක්මන් කරල වැඩේ කරන්න ඕනා. සරාට අහුවෙනවා කියන්නේ අර ජයේ ගුරාත් දැන ගන්න එක. උන් දැනගත්තොත් මේ වැඩේ අමාරු කරනවා ,උන් හදයි උබ කරන දේ වලක්වන්ඩ, ඒ හින්දා ඉකමනට උබ ඒව කරන්න ඕනා .

උබ ඉක්මනට අර දොර ඇරලා ,ඒ කාමරේ තියෙන අල්මාරියක් වගේ එකේ දොරත් ඇරල ඒක යට තියෙන උමග දිගේ උබ ඇතුලට යන්ඩ ඕනා.

එහෙම අඩි දෙසීයක් විතර යද්දී උබට පෙනෙයි උමගෙ වම් පැත්තේ සත්ව රූප වගයක්. එතන තියෙනවා ,අශ්ව රූපයක්, නයෙක්ගේ රූපයක්, රාජාලියෙගෙ රූපයක් ,බකමූනෙක්ගේ රූපයක් වගේ සත්ව රූප ගොඩක්. උබ එතනින් වම් අත අශ්ව රූපේ උඩත් දකුනු අත බකමූනාහේ රූපේ උඩත් තියන්ඩ ඕනා.

එහෙම අත් තියන් ඉන්නකොට එතනින් දොරක් පෑදිලා කාමරයක් වගේ එකක් උබට පෙනෙයි ,ඒක ඇතුලේ තියෙනවා පෙට්ටියක් ,පෙට්ටිය ඇරෙන්නත් අර යතුරෙන්මයි ,ඔක්කොම දොරවල් ඒ යතුරෙන් අරින්ඩ පුලුවන්. උබ ඒ පෙට්ටියත් අර යතුරෙන් අරින්න ඕනා. එච්චරම යි තියෙන්නේ…”

” ඒත් ඒ පෙට්ටියේ තියෙන්නේ මොනවද……”

මම ඇහුවේ කුතුහලෙන්..

” ඒකේ තියෙන දේ උබට වැඩක් නෑ… උබ මම කරපු දේ කරපං ,කෙරුවේ නැත්නම් වෙන දේ උබට කියන්ඩ ඕනේ නෑනේ…. ඒ දොරවල් ඇරෙන යතුර මම උබ නිදියන කොට්ටේ උඩ තියල ඇති… ගිහින් ඒක ගනින්…”

හොල්මන් ආත්මය කියද්දී මම ඉක්මනට ගිහිල්ලා කොට්ටය ඉස්සුවා. ඔව් ඒක යට පරන තාලෙට අයත් යතුරක් තිබ්බා.

” හරිනේ එහෙමනම් හෙට මේක උබ කරන්ඩම ඕනා……..කෙරුවෙ නැත්නම් වෙන දේ දන්නවනේ… හහ් හහ් හා…..”

හොල්මන් ආත්මය එහෙම කියල මොහොතකින් ඊයේ වගේම නොපෙනී ගියා.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

පහුවදා හවස මම කාටත් නොකියාම අර වැඩේ කරන්න අර පාලු ගෙට යන්න පිටත් වුනා…. සෑහෙන්න දුරක් යද්දී මගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක නදදුන්න. චතුරගෙන් ඇමතුමක් ඇවිත් තිබ්බා.

” ගීත් උබ් කොහෙද ඉන්නේ.. මම උබේ ගෙදර ඉන්නේ…”

චතුරගේ හඩ ෆෝන් එකෙන් ඇහුනා.

” මම ගමනක් ගියා බං ,එද්දී රෑවෙයි….”

” කොහෙද බං ගියේ……..”

” මේ පොඩි ගමනක්..”

” ඇත්ත කියපං උබ ඔය ගියේ අර පාලු ගෙට නේද”

” නෑ බං එහෙට නෙමේ… මම ඉක්මනට එන්නම්….”

” ගීත් ගීත්…. කියපන්…”

චතුර නොසන්සුන් වෙලා ඇහුවත් මම පිලිතුරක් දුන්නේ නෑ. මම ඇමතුම කට් කෙරුවා. ආයේ චතුරගෙන වෙන්න ඇති කෝල් ආවත් මම අන්ස කලේ නෑ….
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

අර පාලු ගේ ලගට එද්දී රෑ හත පහුවෙලා තිබ්බ ,හොල්මන් ආත්මය කිව්වේ රෑ හත පහුවෙලා අර වැඩේ කරන්න කියලනේ… ඉතින් මම ඉක්මනට ටෝච් එක ගහන් ඒ පාලු වත්ත මැදින් පාලු ගේ පැත්තට දුවගෙන වගේ ගියා.

ඒත් මට පාලු ගේ දෙසින් ඇසුනු පෙනුන දේවල් විශ්වාස කරන්නත් බෑ… පාලු ගෙයි ඉස්සරහ ඇතුලුවෙන දොර සම්පූර්ණයෙන් වගේ ඇරල තිබ්බා. ඒ විතරක් නෙමේ ” ටිලි ටිලින් ටිලි ටිලින් ,හඩින් ඒ ගේ ඇතුලෙන් අර සීනුද නාදවෙන්න අරන් තිබ්බෙ කවුරුහරි කෙනෙක් ඇවිල්ල පවසමින්.

ඒ කවුද කියල දැනගන්න මම ඉක්මනට හොරෙන් හොරෙන් ඒ පාලු ගේ ඇතුලට එබිලා බැලුවා.

දෙයියනේ මම විශ්වාස කරන්නේ කොහොමද ? අර අරින්න එපා කියල කිව්ව දොර ලග යතුරකුත් අරන් ඒ දොර අරින්න හද හද හිටියේ………….➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️අවසාන කටු අනෝදා ගෙඩියට

මම පසිංගල් Raaz

9 thoughts on “කටු අනෝදා | ➡️ 10 ගෙඩිය ⬇️ | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අම්මෝ රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ඔයා කටු පිටින්ම අනෝදා ගිල්ලවන්න හදන්නේ ඔයා.. මොනා වුණත් සසම සසයි හොඳේ… හෙට අන්තිම ගෙඩිය නිසා මීට වඩා ලොකු , මීට වඩා කටු ගොඩාආආආආආආඅලියක් තියෙන ගෙඩියක් දෙන්න හොඳේ.. කටු අනෝදා ගහේ පලදාව නම් හරිම අඩුයි.. ඇයි අප්පා හෙට ගෙඩියත් එක්ක ගෙඩි එකොළහයිනේ අප්පා ගහටම තියෙන්නේ.. මදි මදි හොඳටෝම මදි….
    කමක්නෑ ඉටිම් අන්තිම ගෙඩියත් අපිත් එක්ක බෙදාගෙන කන්න එන්නකෝ එහෙනම්.. හොඳේ…????

  2. Ranmali subasinghe

    ඒ ඉන්නේ ගුරුන්නාන්සේ හරි සරා හරි නේද ??

    දැන්නම් කතාව මරු…

  3. යතුරත් තියෙන එකේ හොල්මනටම බැරියැ ඒක ඇරගන්න. ???කොට්ටේ උඩින් තියන්න පුළුවන් නම් ඇයි දොර අරින්න බැරි . ??අනික අර ඔරලෝසුවේ තිබ්බ ලේ කාගේද? අර කෙල්ලට තුවාල වෙලා කියලා කිව්වෙ නෑනේ .???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.