Katha Ahura

?ඒන්ජල්? | 44 කොටස | නවකතාව

4/5 - (3 votes)

72 කොටස

අපි තුන්දෙනාම ගල්වෙලා වගේ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැකපු එයා පුදුමෙන් වගේ අපි හැමෝම දිහා මාරුවෙන් මාරුවට වගේ බැලුවා..

” ඇ..ඇයි ආන්ටි ඔ..ඔහොම…හච්චීන්…මගේ දිහා බලන් ඉන්නෙ ? ”

ඒත් එක්කම එතන හිටපු හැමෝම අය උඩයවලා මටත් මහ හයියෙන් හචින් එකක් ගියාට පස්සේ අවිරුත් ගල්වෙලා මගේ දිහා බලාගෙන හිටියා.මමත් හොරෙන් බැලුවෙ එයාගෙ දිහා..

” අන්න ඒ නිසයි අපි පුදුමෙන් වගේ බලාගෙන හිටියෙ..අවිරු..කොහොමද ඔයාටයි නංගිටයි එකපාරම ඔහොම හෙම්බිරිස්සාවක් හැදුනෙ ? ”

දැන් දීපල්ලකො උත්තර..
අවිරු දෙන උත්තරේ මොකක්ද කියල බලාගන්න මම හොරෙන් එයා දිහා බලාගෙන හිටියා.

” නෑ අයියා…මේ…ඊයෙ රෑ ….”

හුටා..මෙයා ඒ සැරේ ඇත්ත කියන්නද හදන්නෙ..අනේ එහෙමනම් කියන්න එපා..
කාටවත් නොපෙනෙන්න මම අවිරුගෙ කකුල ගානට පෑගුවා.

” ආව්…”

” මොකද අවිරු ? ”

” නෑ අයියා මේ..ඊයෙ රෑ මට රස්නෙ දැනුනු නිසා මම නෑවා..ඒක නිසා වෙන්න ඇති මේක හැදුනේ..හච්චීන් ..”

” අනේ අනේ දරුවො..මේ සීතලේ රෑට නාන සිරිතක් තියෙනවද..ඉන්නකො මම ඔයාටත් ස්ටීම් කරන්න දෙන්නම්..මම මේ ආශිටත් ස්ටීම් කරන්න දෙන්න හැදුවෙ..”

අම්මා එහෙම කියලා උනු වෙච්ච වතුර ටික ලොකූ බේසම් දෙකකට දාලා මටයි අවිරුටයි දුන්නා.ඊටපස්සෙ අපි ලොකු ශීට් දෙකක් අරගෙන ඇවිත් හොදට ස්ටීම් කලා..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

එදා උදේ වරුවෙම අපේ ගෙදරින් ඇහුනෙ තරගෙට හච්චින් යවන සද්ද තමයි.ඒ අතරෙ තමයි මාරම වැඩේ වුනේ..
අපි ඔක්කොමලා සාලෙට වෙලා ටීවී බල බල ඉන්නකොට එකපාරම අම්මා කෑගහන්න ගත්තේ අවිරුගෙ අත දිහා බලාගෙන..

” දෙවියනේ…! ඔය අතට මොකක්ද වුනේ අවිරු ? කෝ බලන්න..මොකෙක්ද මේ හපලා තියෙන්නෙ ? ”

” ආ..මේ ඩෙවිල්නෙ හැපුවෙ ආන්ටි ”

අවිරු මගේ දිහා බලාගෙන කිව්වා.

” මේ අපේ ඩෙවිල් ? ඇයි එයා එහෙම කරන්නෙ ? අනික ඔයා අදුරන්නෙ නැති කෙනෙක් නෙවේනෙ..”

” මං හිතන්නෙ එයාට තරහ ගිහින් තිබ්බෙ ඒ වෙලාවෙ..ඒකයි හැපුවෙ..බයවෙන්න දෙයක් නෑ ආන්ටි.ඩෙවිල්ට බෙහෙත් විදලනෙ තියෙන්නෙ.මටත් මේ ළගදි බෙහෙත් විද්දා පාරෙ හිටපු බල්ලෙක් හපලා..”

අවිරු එහෙම කියද්දියි අම්මා ටිකක් සන්සුන් වුනේ.

” අම්මා…අපි මෙයාලට බෙහෙත් අරන් දෙමු..නැත්නම් අපිටත් බෝවෙයි..”

” බෙහෙත් ගන්න ඕනෙ නෑ…”

ඒ සද්දෙට අපි හැමෝම බැලුවෙ දොර දිහා.ඒ ඇවිත් හිටියෙ මංගලා ආන්ටියි අරවින්ද අංකලුයි..

” මමී..? ඔයාලා..? ”

” එන්න මංගලා ඉදගන්න..”

” බලන්න මමී..ආශිටයි අවිරුටයි හෙම්බිරිස්සාවක් හැදිලා.”

” අවිරු ? ම්ම්ම්..මෙයාද අවිරු කියන්නේ ? මට ආශු ඔයා ගැන කියල තියෙනවා.ඉතින් කොහොමද අවිරු ? ”

” වරදක්…හච්චීන්…නෑ ආන්ටි…”

” ඔයාලා ඔහොම ඉන්න.අපි ලග බෙහෙත් වගයක් ඇති.ඒවට ඉක්මන්ට සනීපවෙයි.ඉන්න මම අරගෙන එන්නම් ”
අරවින්ද අංකල් එහෙම කියලා ගියාට පස්සේ මංගලා ආන්ටි බැලුවෙ අපි හැමෝගෙම දිහා..

” අපේ වැකේෂන් එක තව දවස් කීපෙකින් ඉවර වෙනවා.අපි ආයෙ ඉක්මන්ට USA යන්න ඕනෙ..”

” අනේ ආන්ටි…අයියව මෙච්චර ඉක්මන්ට අරගෙන යනවද ? ”

” මමී..ඇයි මෙච්චර ඉක්මන්ට යන්නෙ ? ”
” අපි ආයෙ වැඩට යන්න ඕනනෙ ආශු.අනික ඔයාගෙ ඩිග්‍රි එකත් කම්ප්ලීට් කරන්න ඕනනෙ..”

” ඒත් මමී දැන්ම ? මට අම්මලත් එක්ක ඉන්න වුනේ තාම පොඩි දවසයිනේ..”

” මම දන්නවා ආශු..”

” ආශූ..ඔයාට ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා ආයෙ එන්න පුලුවන්නෙ පුතා.මංගලා එක්ක යන්න..”

” අනේ ඒත් අම්මා…ආශී…ඔහොම ඉන්න…”

මම එතනින් නැගිටලා එද්දි අයියා කෑගැහුවා..

මම දුවගෙන ආවෙ බැල්කනි එකට.එතන ඉදගෙන පහල බලාගෙන ඉන්නකොට මගේ උරහිසින් කවුරුහරි අතක් තියනවා දැනුනු නිසා මම ආයෙ හැරුනා..

” ආශි..මගෙ නංගියෝ…මේ බලන්න..ඔයාගෙ අයියා හැමදාටම ඉන්න නෙවේනෙ යන්නෙ..මං ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා ඉක්මන්ටම ආපහු එනවා..ප්‍රොමිස් පැටියෝ..”

” ඕන නෑ ..ඔයා යන්න..”

” මම දන්නවා ඔයාට ගොඩාක් දුකයි කියලා..ඒත් ඩිග්‍රි එක මේ ටිකට කම්ප්ලීට් කලේ නැත්නම් ආයෙ මට ඒක කරන්න බෑනෙ ආශි..”

” හ්ම්ම් ”

” මාස දෙක තුනක් වගේනෙ යන්නෙ ආශි.අනික මම නැතත් ඔයාව බලාගන්න අවිරු ඉන්නවනෙ ”

” ඔයා දන්නවනෙ අයියා.ඔයා මගේ අයියා කියල මම දැනගත්තෙත් මේ ලගදි.ඔයා මගේ ලග හරියට හිටියෙත් මේ දවස් දෙක තුන විතරයි .අඩුම අපිට වෙලාව තිබුනද අපේ පොඩිකාලෙ ගැන කතා කරන්න..මේ වෙනකන් ඔයාට වුනු දේවල් ගැන කතා කරන්න..මට වුනු දේවල් ගැන ඔයාට කියන්න..අඩුම අපි දෙන්නටම අපෙ අම්මගෙ උකුලෙන් ඔලුව තියන් ඉන්න..එයා ලග නිදියන්නවත්..ඔයාට ඒ හැමදේටම වඩා ඩිග්‍රියක් ලොකු වුනාද..ඔයාට ඕනෙ නැද්ද අයියා අපි ලග ඉන්න..අපි ගැන දැනගත්ත දවසෙ ඉදන් ඔයාට ඕනවුනා නේද අපි ලගට එන්න..එහෙම නේද..දැන් ඒ ඉක්මන්ටම යන්න හදනවද..උත්තර දෙන්න අයියා…”

” ඔහොම කතා කරන්න එපා ආශි..මාව තේරුම් ගන්න..ඔයාට ඔයාගෙ අයියව තේරුම්ගන්න පුලුවන් නේද..? ”

එයාට මුකුත් නොකියා මම ආයෙත් පාර දිහා බලාගෙන හිටියා.

ඔව්..මට තේරෙනවා ඉගෙනගන්න ඕන කියලා..ඒත් ගොඩක් කාලෙකට පස්සෙ ලංවෙලා මේ ඉක්මන්ට ආයෙත් එයාට අපිව දාලා යන්න වෙන එකට මං කොහොමද කැමතිවෙන්නෙ..අම්මත් මුකුත් නොකියා හිටියට මං දන්නවා එයාටත් මේක දරාගන්න ටිකක් අමාරුයි කියලා..කමක් නෑ…

” ඔයා යන්න අයියා..කමක් නෑ ..මට බලාගෙන ඉන්න වෙන්නෙ මාස කීපයයිනේ..මං ඉන්නම්..”

” පොරොන්දු වෙනවා ඉක්මන්ට ඔයා ලගට ආයෙත් එනවා කියලා..ඊටපස්සෙ අපිට පුලුවන් මෙච්චරකල් කතාකරන්න බැරිවුනු හැමදේම කතා කරන්න..”

අයියා එහෙම කියලා මාව හයියෙන් බදාගත්තා.මාත් එයාගෙ තුරුලටවුනේ ඇස්වලට කදුලු එන්න එපා කියල මගේ හිතෙන්ම ඉල්ලන ගමන්…

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

අයියගෙ තුරුලෙ සෑහෙන්න වෙලාවක් ඉදලා එයාගෙ බලකිරීමටම මම ආයෙත් එයා එක්ක පහලට ආවා.අපි එද්දි අරවින්ද අංකල් ඇවිත් අවිරුට බෙහෙත් දෙනවා.අයියත් මාව ඇදගෙන ගිහින් එතනින් වාඩිවුනා.

” මේ බෙහෙත් ටික වෙලාවට බොන්න දුව.එතකොට හරියයි ”

” තෑන්ක්ස් අංකල්..”

මම ඒ බෙහෙත් ටික මොනාද කියලා බලද්දි මංගලා ආන්ටි කතාකලා.

” අනූ..අපි යන්න කලින් පොඩි දෙයක් ප්ලෑන් කලා..”

” ඒ මොකක්ද මංගලා ? ”

” කොහොමද අපි කට්ටියම එකතුවෙලා ට්‍රිප් එකක් ගියොත්..”

” ඒකනම් හොද අදහසක්..ආශි තමයි කැමති ට්‍රිප් යන්න..නේද ආශි ? ”

අම්මා එහෙම අහද්දි හැමෝම බැලුවේ මං දිහා.

” මම එන්නෙ නෑ අම්මා..”

මම එහෙම කියද්දි හැමෝම පුදුමෙන් මගේ දිහා බැලුවා.අයියා මගේ අතත් හයියෙන් අල්ලගත්තා .

” ඇයි දුව එහෙම කියන්නෙ ? ”

” ඔයාලා හැමෝම අපිව දාලා යන්න කලින් ගොඩක් සතුටු කරලා යන්න හදන්න එපා..ඔයාලා ගියාට පස්සෙ අපිට ඔයාලව ගොඩක් මතක්වෙයි..”

” අනේ දුව…අපි ආයෙත් එනවනේ…”

මංගලා ආන්ටි මගේ එහාපැත්තෙන් වාඩිවෙලා මගේ වටේට එයාගෙ අත් යවලා කිව්වා.

” ඔයා එනවා නේද දුව..? ඇත්තම කිව්වොත් ඔයා නැතුව මේ ට්‍රිප් එකෙන් කිසිම වැඩක් නෑ..”

” ඔව් නංගි..ප්ලීස්….! ”

මම බැලුවෙ එතන හිටපු හැමෝගෙම මූනු දිහා.බාගෙට රොස්වෙලා වගේ තිබුනු මූනු ඇයි තවත් මං රොස් කරන්නෙ..

” හරි..මං එන්නම්කො..”

මම එහෙම කිව්වම හැමෝගෙම තිබුනු අර රොස් මූනු ටික අතුරුදහන් වෙලා කට කපලා හිනා මතුවුනා.

” මට එන්න වෙන්නෙ නෑ ආන්ටි..”

ඒ සැරේ කවුද එන්න බෑ කියන්නෙ..
මම හැරුනෙ එහෙම කිව්වෙ කවුද කියල බලන්න..
වෙන කවුද ඉතින් ..ඒ අවිරු මිසක්..

” බෑ බෑ පුතා එන්නම ඕනෙ..නේද අනූ ? ”

” ඔව් අවිරු ..අනිවා එන්න ඕනෙ..”

” ඒත් ආන්ටි මං කොහොමද ෂොප් එකේ වැඩත් එක්ක..”

” අනේ මේ..ඔයා කටවහගන්න..එයා එනවා අම්මා..ආවෙ නැතොත් මං බලාගන්නම්කො ”

මම එහෙම කියලා අත් දෙක දිගෑරලා හිරි යවන්න ගත්තම එතන හිටපු හැමෝටම හිනාගියා.

” ඔන්න යුද්ධෙ පටන්ගත්තා ”

අම්මා හිනාවෙවී කිව්වා.

” ඔයාට වෙන දවස්වලට නම් සෙනූට යතුරු දීලා එන්න පුලුවන් .මේකට තමයි බැරි..”

මම රවාගෙන කියද්දි අයියා අවිරුගෙ දිහා බැලුවා.

” මොකක්ද බන්..එනවකො..ඔය ෂොප් එක දවසක් දෙකක් වැහුවා කියලා මුකුත් වෙන්නෙ නෑනෙ බන්..”

” හරි අයියා..මං එන්නම්..”

අවිරු එහෙම කිව්වත් මං එයාට තවත් රැව්වා.

” හරි..එහෙනම් අනිද්දා උදේම යමු..”

” කොහෙද අපි දැන් යන්නෙ අංකල් ? ”

” දුව කැමති කොහේ යන්නද ? ”

” ම්ම්ම්..මං කැමති ඉතින් නුවරඑළියට තමයි ”

” ඕකේ..එහෙනම් අපි එහේ යමු..මම වෑන් එකකට එන්න කියන්නම්.එහෙ තියෙන තැන් ඔක්කොම බලන්නනම් දවස් දෙක තුනක්වත් එහේ නතර වෙන්න වෙයි..”

” අනූ..ඔයාට මතකද අපිට ඉස්සර ඒ පැත්තෙ යාලුවෙක් හිටියා..ම්ම්ම්..මොකක්ද නම…ආ..අනූෂා..මතකද අපි ඔය දෙන්නටම කිව්වෙ අනූ කියලා.එයා ලොකු අනූ ඔයා පොඩි අනූ..එයාලට තිබුනු ලොකූ ගෙදර මතකද..වලව්වක් මං හිතන්නෙ.ඒක තවම තියෙනවනම් අපිට ඒක ඉල්ලගන්න පුලුවන්නෙ..”

” ඔව් මංගලා..මතකද අපි ඉස්සර එහේ ගියා..හරිම ලස්සන ලොකු ගෙයක්.මං හිතන්නෙ තාමත් ඒක ඇති.එයාගෙ කලින් දීපු නම්බර් එකක් මං ලග ඇති.ඒක වැඩ කලොත්නම් හරි..මම කෝකටත් අදම කතා කරල බලන්නම්කො.”

” එහෙනම් ඒකත් හරි.ඒ ගෙදර නැතිවුනොත් අපිට හොටෙල් එකක ඉන්න පුලුවන්නෙ..”

” අම්මා..මම සෙනූටයි සුමනම්මටයි කතා කරන්න අපිත් එක්ක යන්න එන්න කියලා ? ”

” ආ…ඒකනම් හොදයි.ඔයා කතාකරලා බලන්නකෝ ”

” එහෙම වුනොත් ඔන්න අට දෙනෙක් ඉන්නවා ට්‍රිප් එක යන්න..”

” ඩෙවිල්ට මොකද කරන්නෙ අම්මා ? ”

” එයාව විතරක් දාලා යන්න බෑනෙ.අනික පොඩී තාම.අපි එයාවත් එක්කන් යමු ”

” ඔන්න ඩෙවිල් ඔයත් යනවා අපිත් එක්ක..”

බිම පෙරලිලා බෝලයක් කටින් හප හප ඉදපු ඩෙවිල්ට මං කියපු දේ නොතේරුනත් එයා මගේ උකුලට පැනලා හයියෙන් බුරන්න ගත්තෙ ලොකු සතුටකින් වගේ…

4 thoughts on “?ඒන්ජල්? | 44 කොටස | නවකතාව”

  1. කතාව ගොඩාරියක් ලස්සනයි.
    අපි අශ්වින්වයි සෙනූවයි සෙට් කරමු.
    හැමදාම ආසාවෙන් කියවනවා.
    All the best ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.