Katha Ahura

කටු අනෝදා | ➡️ 11 ගෙඩිය ⬇️ |හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 11 ගෙඩිය ⬇️

දෙයියනේ මම විශ්වාස කරන්නේ කොහොමද ? අර අරින්න එපා කියල කිව්ව දොර ලග යතුරකුත් අරන් ඒ දොර අරින්න හද හද හිටියේ නෙතුශිකා .

මම ඒ නම කියන්න කට හැදුවා විතරයි එකපාරටම කොහෙන්ද මන්ද ඉදලා සරා මතුවුනා.

” ඒයි එයි කෙල්ලේ තෝ මොකක්ද ඔය කරන්න හදන්නේ , තෝ කොහොමද මෙහාට පාත්වුනේ….”

නෙතුශිකා ලගට පැන්න සරා එහෙම කියල නෙතුශිකා ට වැරෙන් කම්බුල් පරක් ගැහුවා. ඒ පාරට නෙතුශිකා පහර දරාගන්න බැරිව බිම දිග ඇද වැටනා.

” ඒයි තෝ මොකක්ද ඒ කරපු පාහර වැඩේ කෙල්ලෙක්ට අත උස්සන්ඩ් තරම්…”

නෙතුශිකාට උන දෙ මට කොහොමවත් දරාගන්න බැරිවෙද්දී මම මම සරාගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තුකරගත්තා.

” උබ ,උබත් ආවද… මම කිව්වා උබට මේකෙන් ඈත්වෙලා ඉන්ඩ කියලා…තොපිට ඕනා අර යක්ශයා නිදහස් කරන්නනේ… තොපි දන්නෙ නෑ ඒකේ බරපතල් කම.. මාව අත ඇරපන්…”

සරා කෑගැහුවා.

” ඒයි අන්න අර කෙල්ල ආයෙම නැගිට්ටා ,ඒකි දොර අරින්න හදන්නේ ,මාව අල්ලගෙන ඉන්නේ නැතිව ඒකි කරන දේ නවත්‍තප…න්..උබලට ඕන අපි ඔක්කොම විනාශ කරන්නද”

සරා ආයෙම කෑගහ්ද්දී මම පිටිපස්ස හැරිලා බැලුවා. ඔව් නෙතුශිකා ආයෙම අර දොර අරින්න හදනවා.

” නවත්‍තලා දාපං ඒක මම ජයේ ගුරුන්නාන්සේ ට කියල උබල දෙන්නවම ඒ යක්ශනීගේ බැල්මෙන් නිදහස් කරල දෙන්නම්…”

සරා ඒක කියල ෆෝන් එක අතට අරන් ඇමතුමක් ගත්තා. මම.මදක් කල්පනා කෙරුව.

” ඔව් ජයේ ගුරුන්නාන්සේ ආවම එයාගේ උදව්වෙන් මේ යක්ශනීගේ බැල්මෙන් අපිට නිදහස්වෙන්න පුලුවන් වෙයි. එදා මම ඒක්ට අක්මැති වුනේ නෙතුශිකා ගැන හිතල. දැන් නෙතුශිකා ත් මෙතන ඉන්නවා. ඒ හින්දා අර වගේ බයවෙන්නත් ඕනේ නෑ….”

මගේ හිත කියව්වා.

” ජයේ ගුරුන්නාන්සේ ,ඉක්මනට එන්න පරන ගෙදර කෑල්ල ලගට් අර එදා කොල්ලා ආයෙම ඇවිල්ලා ,තව කෙල්ලෙකුත් ඉන්නවා. මගෙ හිතේ උන්දෙන්නා එවල තියෙන්නේ අරකිගෙ ආත්මය ”

සරාගේ හඩ ඇහෙද්දී මම නෙතුශිකා ලගට කිට්ටු කෙරුවා

” නෙතු ඔයා මෙතනට කොහොමද ආවේ මම දන්නේ නෑ… ඒත් ඔය වැඩෙ නවත්තල දාන්ඩ. දැන් අපිට බේරෙන්නෙ පුලුවන්…ඒ යක්ශනීගෙන්.”

” නෑ නෑ ඒ යක්ශනියක් නෙමේ ඒ මාලතී අක්කා… එයා පව් එයාට උදව් කරන්න ඕනා……….”

” මොකක් මාලතී අක්කා…..”

මට නෙතුශිකා කිව්ව දේ අදහගන්නත් බෑ.

” ආ ගුරුන්නාන්සේ මේ ගෙදරට එන ගමන්ද ඉන්නේ….මට පේන හැටියටනම් මේ පාර මාලතී වෙනද්ට වැඩිය පිම්මක් පැනල වගේ… මේ කෙල්ලෙකුත් ඉන්නවා..ඉක්මනට එන්ඩ ගුරුන්නාන්සේ මම බලාගන්නම් එතකම්…”

මට ඒ එක්කම ඇහුනේ සරාගේ හඩ.

” ඔව් මාලතී අක්කා.. එයාගේ තාත්තා තමා අර පෙට්ටියේ හිරකරල තියෙන්නේ… අපි යන්න ඕනා එතනට….”

කියපු නෙතුශිකා ඉකමනට අර දොර ඇරියා…. ඒ පාලු කාමරේ වවුල් බෙටි ගදත් එක්කම වවුලන් ක්‍රීස් හඩින් අපේ ඇගේ නොවැදී පියබගෙන ගියා.

” ඒයි උබ මම කියන දේ අහන්නේ නෑ එහෙනම්.කෙල්ලේ..මම උබට හොදින් කිව්වා. අහන්නේ නෑනේ… හිටින් උබට පාඩමක් උගන්නවන්ඩ…”

පාලු කාමරේ ඇතුලේ කලබලයෙන් අර අල්මරියක් වගේ හදල තිබ්බ තැනට නෙතුශිකා යද්දී සරා මටත් කලින් ගොස් ඇයව අල්ලගත්තා. නෙතුශිකා කරන දේට විරුද්ධ වෙන්ඩද ,කැමතිවෙන්ඩද කියල හිතාගන්න බැරිව හිටියේ මම මංමුලාවෙලා වගේ.

” අතෑරපං මාව…. ”

නෙතුශිකා සරාගෙන් බේරෙන්න දැගලුවා.

” ඒයි කෙල්ලට කරදර කරන්ඩ එපා……..”

මං කෑගහද්දී නෙතුශිකා සරාගේ අත හයියෙන් හපනවා මම බලාගෙන.

” බැල්ලී ,තෝ එහෙනම් එහෙමයි නේ හිටින් තෝව මාලතී වගේම අවසන් ගමන් යවන්ඩ….”

කියපු සරාගේ අතට කොහොම උල්පිහියක් ආවද දන්නේ නෑ. මම් බලගෙන ඉද්දිම ඒ උල්පිහියෙන් නෙතුශිකා ට ඇන්නේ මාව කම්පනයට් පත්කරමින්.

” නෙතුශිකා …… ”

මම හයියෙන් කෑගහද්දී ඇය පාලු කාමරේ බිම ඇදගෙන වැටුනා. ඇගේ බඩ පෙදෙසින් රතු ලෙ ගලාගෙන යද්දී මම බැලුවේ සරා දිහා.

” තෝ මොකක්ද ඒකෙරුවේ මම තෝව අත අරින්නෙ නෑ… මරල දානවා…”

මම සරා ලගට පනිද්දී මට ඇහුනේ පිටිපස්සෙන් උස් හිනාහඩක්.

” හහ් හහ් හා.. සරා මරනකම් මේ ජයේ ගුරුන්නාන්සේ බලන් ඉදී කියල හිතනවද…..”

ජයේ ගුරුන්නාන්සේ කොහොම මෙතනට ආවද මන් දන්නේ නෑ. එයා කාමරේට එහෙම කියාගෙන ඇතුල්වෙමින් උන්නේ තවත් පිරිමි දෙන්නෙක් එක්ක. උන්ගේ මූනු මහා මරුමුස් පෙනුමක්.

” ගීත් අයියෙ මාලතී අක්කගේ තාත්ත නිදහස් කරල දෙන්න.. යන්ඩ…මේ අය නපුරුයි…….”

නෙතුශිකා පහත් හඩින් කතාරුවේ වේදනාවින්.

” නෙතූ මං ඔයාව බේරගන්නවා…… නෙතූ..”

මම එතනට ලංවුනා.

” එපා මම මැරෙන්නේ නෑ ,ඔයාව දාල මෙච්චර ඉක්මනට යන්නේ නෑ ගීත් අයියේ ඔයා මට ආදරෙයිනම් මාලතී අක්කගේ තාත්තා නිදහස් කරල දෙන්න…….එච්චරයි ඕනා.. එයා පව් ගීත් අයියේ………”

” මම ඔයාට ගොඩක් ආදරෙයි නෙතූ…….”

නෙතුශිකා ගේ නලල සිබගත් මම බැලුවේ අර කාමරේ තිබ්බ අල්මරියක් වගේ හදල තිබ්බ එකේ දොර දිහා. එතන ලගම සරා හිටියේ ආරක්ශකයෙක් වගේ. මම අසලම වගේ වහලෙන් බිදී වැටුන උලු කැටයක් තිබ්බා. ඒක අතට ගත්ත මම විදිලි වේගෙන් සරාගේ ඔලුවට ගැහුවෙ ඌට කිසිත් හිතාගන්ඩ බැරිවෙද්දී.

ඌ ඔලුව අල්ලගෙන වේදනාවින් කෑගහද්දී සරාගෙ අතේ තිබ්බ උල් පිහිය බිම වැටුනා. මම ඉක්මනට ඒක අහුල ගත්තා. මේවා වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ.

” ඒයි අරුව අල්ලගනිම්……”

ජයේ ගුරුන්නාන්සේ ලග හිටපු උන් දෙන්නට කියද්දී මම උල්පිහිය උන් හිටි පැත්තට දික්කෙරුවා.

” ඒකෙක් අඩියක් තිබ්බොත් බොකු බඩවැල් හිල්වෙන්ඩ මේකෙන් අනින්නෙ.”

එහම කියපු මම අර අල්මාරියක් වගෙ එකේ දොර අර ආත්මය දුන්න යතුරෙන් අරින්න ගත්තේ උන් ටික ටික ලංවෙද්දී. මගෙ වෙලාවට ඒ දොර ඉක්මනට ඇරුනා.

” ඒයි තොපි මොනවද හු?? කරන්නේ අරු අරකෙ දොර ඇරියා. ඉක්මනට අල්ලගනින්….”

ජයේ ගුරුන්නාන්සේ කාමරේ උලු උඩ යන්ඩ කැගහද්දී මම ඒ අල්මාරිය වගේ එකේ පහලින් තිබ්බ උමගෙන් ඇතුල් වුනා. Phone touch එකත් පත්තුකරගෙනන ඒ උමග දිගේ දුවගෙන ගියෙ අර ආත්මය කිව්ව සත්ව රූප් තියෙන තැන හොයාගෙන.

මෙව් රහස් උමග කාගේ නිර්මානයක්ද සොබාවික එකක්ද කියල මට හිතාගන්න බෑ. නෙතුශිකා නිසාම දැන් මට අර ආත්මය මට් අන කරල කියපු දේ මට කැමත්තෙන්ම කරන්න වෙලා.

ඉක්මනට මම ඊයේ රෑ කිව්ව විස්තර ඔස්සෙ අර සත්ව රූප හොයන් ගියා.

” ඒයි දුවන්ඩ එපා.. ආයේ ඉර එලිය බලන්න බැරි වෙන විදිහට තෝව මේක ඇතුලෙම මරල දානවා…. ඩෝං…………..”

ඒ කටහඩත් එක්ක වෙඩි හඩක් නිකුත් වුනා. ඒ වෙඩි උන්ඩය මගේ ඇගේ ගැවී නොගෑවී ගියේ මාව හොදටම බය කරමින්. ඒත් මම ඉදිරියට ම දුවගෙන ගියා. ටික වෙලාවකින් මම දැක්ක අර සත්ව රූප.

අශ්වයෙක්,නයෙක් ,රාජාලියෙක්, බකමුනෙක් වගේ සත්ව රූප එතන කැටයම් කරල තිබ්බා.

දකුනු අත අශ්ව රූපේ උඩත් වම් අත බකමූනාගේ රූපේ උඩත් මම තියාගෙන හිටියේ අර ආත්මය කියපු විදිහටමයි. එ එක්කම මහ හඩක් නගමින් එතනින් ගල් දොරක් විවරවුනා විතරක් නෙමේ….. පිටිපස්සෙන් ආපු එකෙක් මාව හයියෙන් අල්ලගත්තා. ඒ විතරක් නෙමේ. ඌ මගේ ඔලුව කෙලින් පිස්තෝලයක් දික් කරන් උන්නා. ඒ දේවල් එහෙම වෙද්දී මම දැක්ක අර ගල් කාමරෙ ඇතුලේ තිබ්බ අර ආත්මය කිව්ව කලු පෙට්ටියත්.

” හහ් හහ් හා… කොල්ලෝ උබ කලින් උන්ට වඩා සීයට අනුවක්ම උබ වැඩේ කොලා.. ඒත් ඉතින් ඉතිරි දහය….. ඒක ඉතින් කරන්න වෙන්නේ නෑ කොහොමවත් වෙන්නෙ නෑනේ දැන්.. මම කියපු දේ උබ කලින් කෙරුවනම් මෙලහට උබ අරකිගෙන් නිදහස්වෙලත් ඉවරයි… මගේ කියන දේවල් අහන්නේ නැති හැම එකාටම වෙන්නේ ඕකම තමා කොල්ලෝ.”

කියපු ජයේ ගුරුන්නාන්සේ මගේ නිකටින් අල්ලා ඉස්සුවා.

” නිහාල් තවත් බලං ඉන්නේ මොකද තියපං මේකගේ ඔලු කට්ට කුඩුවෙන්ඩම. මම යන පාරට අතක ඇගිල්ලක් දාල හරි දාල බාදා කරන උන්ටත් මම කියල තියෙන්නේ මරල දාන්ඩ කියල.. තියපං ඔලුකට්ට කුඩුවෙන්ඩ……..”

ගුරුන්නාන්සේ කියද්දී මට දැනුනා මේමගේ ජීවිතා අවසානම තප්පරය කියල.

” ඩෝං……………….”

ඒ වෙඩි හඩ ඇහෙනවාත් එක්කම මම ඒ ගල් උමග ඇතුලේ ඇදගෙන වැටුන. රතු පාට රුදිරයෙන් මම ටික ටික නැහවෙන්න පටන්ගත්තා…………………………➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️අවසන් ගෙඩියට කටු අනෝදා #කටුඅනෝදා #katuanodha

සමාවෙන්න කතාව කියවන යාලුවනේ අදත් කතාව ඉවර කරගන්න බැරිවුනා….ඊලග කොටසින් කොහොම හරි ඉවරකරනවාමයි. සමාවෙන්න දවස් දෙකක් කතාව නොදැම්මට ඉතින්.

මගේ කටු අනෝදා කන රසයි කියල කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩා….ක් ස්තූතී….

මම Raaz ??????

8 thoughts on “කටු අනෝදා | ➡️ 11 ගෙඩිය ⬇️ |හොල්මන් කතා”

  1. Adanam ඉවසීමේ simava nathiuna ane.heta venakan inna ivasillak na.barida heta venna kalin ithuru kotasath danna.
    Ada kotasanam kuthuhalaya uparimayen thibuna.
    All the best

  2. Aiyo mokdda ane e une geeth marunda na neda. Aiyo ai ane kathawa mechchara ikmnata iwara karnne api ithin oyage kathawa asawen kiyawanawane raaz. Mn hithanne malathiwa marala thiyenne sarala ekathu wela neda. Adath katu anoda gedaiya rasai raaz hetath rasama rasa katu anoda gediyak aran ennko ehenm bs. ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.