Katha Ahura

?උන්මන්තකයා?| 10 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

?උන්මන්තකයා?

උමතුවේ අවසානයට පෙර…..

10 කොටස

ඒඩ්න්, ජූලියානව ඇදන් දිව්වෙ ඒඩ්න්ගෙ කාර් එක දිහාවට. ඒ වෙද්දි කොලේජ් එකේ සිසුන් බොහෝමයක් නිවෙස් වලට ගිහින් තිබුණා. ඒ නිසා තරමක පාළුවක් තිබුණේ. කාර් එක ලඟට ආපු ඒඩ්න් හා ජූලියානා දෙන්නම හයියෙන් හති අරින්න ගත්තා. ජූලියානාගෙ හදවත තාම හයියෙන් ගැහෙනවා බයටම. ඇය හිස ඔසවලා ඒඩ්න් දිහා බැලුවෙ මේකෙ තේරුම මොකක්ද අහන්න වගේ.

“හාහ්… සොරි ජූලියානා… මට… මට එවෙලෙ කරගන්න දෙයක් නැති උනා… වේඩ් මගෙ යාලුවා බව ඇත්ත… ඒත් ඌ අමු පිස්සෙක්… මානසික ලෙඩෙක්… පෙනුමට අහිංසකයි වගේ හිටියට මහ දරුණුම මිනිහෙක්… රිචඩ්ව මැරුවෙත් මිනිහා තමයි… ඒ වගේම…”

“මාව මරන්න උත්සාහ කලෙත් එයාම තමයි…” ඒඩ්න්ගේ කතාව ඉවර කරන්න කලින් ජූලියානා කියපු දෙයින් ඔහුගේ ඇස් උඩ ගියා. “ඔව් ඒඩ්න් එදා සිද්ධිය මං පොලිසියට තියා කිසිම කෙනෙක්ට කිව්වෙ නෑ… එදා මාව මරන්න හැදුවෙ වෙන කවුරුවත් නෙමෙයි වේඩ්මයි… හම්මෝ මට මතක් වෙද්දිත් තාම බයයි… එච්චරම දරුණු පෙනුමක් මං කවදාවත් එයාගෙන් දැකලා නෑ…” ජූලියානා කිව්වෙ එදා සිද්ධිය මතක් කරමින් බියෙන්.

“මොකක්…? ඕහ් ගෝඩ්… ඇයි ඔයා මේ දේ කාටවත් කිව්වෙ නැත්තෙ…? එහෙම උනා නම්… කමක් නෑ… ජූලියානා දැන් මං කියන දේ හොඳින් අහගන්න… මං මේ කොලේජ් එකේ ඉගෙනගන්න ආපු කෙනෙක් නෙමෙයි ඇත්තටම… මං…”

“ඕකා රහස් පොලිසියේ ඒජන්ට් කෙනෙක්…!!”

ඔවුන්ගේ පිටුපසින් ඇහුනෙ තර්ජනාත්මක කටහඬක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි වේඩ්. ඔහු ඔවුන් දෙදෙනා දිහා බලන් හිටියෙ වියරුවෙන් හිනාවෙමින්.

“වේඩ්… මං මේ අන්තිම හොඳින් කියන්නෙ… දැන්ම යටත් උනේ නැත්තම් මේක හොඳින් විසඳෙන එකක් නෑ…” ඒඩ්න් කිව්වෙත් තර්ජනාත්මකව. එක්වරම කොහෙන්දෝ ඇදගත් පිස්තෝලයක් ඔහු වේඩ් වෙතට එල්ල කලා.

“අනේ ප්ලීස්…!! මේකෙ තේරුම මොකක්ද කියන්න මට… වේඩ් ඔයා… ඔයා මෙහෙම කෙනෙක් කියලා මං කවදාවත්ම හිතුවෙ නෑ… ඇයි දෙයියනේ ඔයා කොච්චර අහිංසකද…? කොහොමද මිනීමරන්න තරම් දරුණු උනේ…? අනික මාව මරන්න තරම්…?” ජූලියානා පසෙකින් හිඳ හඬන්නට පටන් ගත්තා.

“මිනීමරුවා මම…? මම නෙමෙයි මිනීමරුවා මූයි මිනීමරුවා… ජූලී මං කියන දේ අහන්න ඕකා උමතු මිනිහෙක්… රහස් පොලිසියෙ උනාට මෙහෙට ඇවිත් ඉන්නෙ මිනීමරන්න… මූ මං ගැන කිව්ව හැමදේම බොරු… ඒ වගේම මූ….” වේඩ්ට කියාගත හැකිවූයේ එච්චරයි.

“ඩිග්…!”

ඒඩ්න්ගේ පිස්තෝලයෙන් වැඩි ශබ්ධයක් නැතුවම උණ්ඩයක් පිටවුනේ වේඩ්ගේ හදවත සිදුරු වීගෙන යන ආකාරයට. වේදනාවෙන් ඇඹරුණ වේඩ් පපුව අල්ලාගෙන වැටෙද්දී ජූලියානාව ඇද තම මෝටර් රථයට දමාගත් ඒඩ්න් තත්පර ගණනකදී එතැනින් පිටවුනේ වේගයෙන්. වාහන අංගනයේ ඒ වන විටත් කිසිවෙක් නොවූ හෙයින් මේ කිසිවක් කවුරුත් දැනගෙන හිටියේ නෑ.

“මේ මොකද දෙයියනේ වෙන්නෙ…? අනේ ප්ලීස් ඒඩ්න් වේඩ් මැරෙයිද…? ඇයි එහෙම එයාට වෙඩි තිබ්බෙ ඔයා…? අනේ වේඩ්….” ජූලියානා ඉදිරියට නැමී හඬන්නට වුනා. සිදුවූ දේවල් නිසා ඇය දැඩි කම්පනයට පත්වී සිටියා.

“සොරි ජූලියානා මට වෙන කරන්න දෙයක් නෑ… දැනමටමත් පොලිසිය කොලේජ් එක වට කරලා ඇති… මං එයාලට කතා කරලයි ඔයාව බේරගන්න ආවෙ… වේඩ් ගැන එයාලා බලාගනියි… මේ හැමදේම ගැන මං ඔයාට පැහැදිලි කරන්නම් අපි මුලින්ම ඔයාලගෙ ගෙදර යමු… බයවෙන්නෙපා මං ඉන්නවනෙ…” ඒඩ්න් එක අතකින් ජූලියානාගේ හිස අතගාමින් කීවේ රථයේ වේගයද වැඩි කරන ගමන්. නමුත් ජූලියානා දිගින් දිගටම ඉකි ගසමින් හඬන්නට වුණා. මේ අතර ඒඩ්න් රථයේ රේඩියෝව ක්‍රියාත්මක කලා.

“මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්…! අද දින පස්වරු 02.35ට පමණ මැන්චෙස්ටර්හි පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන බ්‍රැන්ඩන් ග්‍රේහැම් මහතාගේ පුත් මයිකල් ග්‍රේහැම්, ඩ්‍රේක් සාමිවරයාගේ මන්දිරය තුල ඉතාමත් සාහසික ලෙස කපා කොටා ඝාතනය කර ඇත…ඔහු සමඟ සිටි ඩ්‍රේක් සාමිවරයාගේ පුත් ජොනතන් ඩ්‍රේක් මහතා හට කිසිඳු අනතුරක් වී නොමැති අතර ඔවුන්ගේ ආරක්ශාවට සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙක් හා පෞද්ගලික ආරක්ශක‍යින් සත් දෙනෙක්වද, නිවසේ සිටි සේවකයින් එකොළොස් දෙනෙකුද දරුණු ලෙස ඝාතනය කර තිබෙනවා… අපගේ වාර්තාකරුවන් පවසන අන්දමට මේ වන විටත් එම ඝාතන සිදු කල අපරාධකරු අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී දරුණු ලෙස තුවාල ලබා මේ වන විටත් සැන් පීටර්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා… ඒ වෙන කිසිවෙකුත් නොව මාස ගණනාවක් තිස්සේ මැන්චෙස්ටර් නගරය භීතියට පත් කල ‘කළු කබාකරු’ බව වාර්තා වෙනවා…” රේඩියෝවෙන් ඇසුණු ප්‍රවෘත්තියට ඒඩ්න්ගේ ඇස් උඩ ගිය අතර හිටිවනම පාර මැද වාහනයේ තිරිංග පෑගුණා.

“අනේ දෙයියනේ අක්කා…!!!”

ජූලියානා මහත් හඬින් කෑගැසුවා.
***********************************************************************

‘අත්භූත කළු කබාකරු’ අල්ලාගැනීම හේතුවෙන් නගරාධිපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් සියල්ලෝම සිටියේ ප්‍රීතියෙන් උද්දාමයට පත්වය. මැන්චෙස්ටර් නගරයේ තැනින් තැන සමහරු එය සමරන්නට වූ අතර සමාජ ජාලා අතර එම පණිවිඩය වේගයෙන් පැතිර යන්නට වූයේ බොහෝ දෙනා සතුටට පත් කරමිනි. එමෙන්ම ඔවුන්ට ‘කළු කබාකරුගේ’ මුහුණ දැක ගැනීමට මහත් උවමනාවක් තිබුණි. සෑහෙන තරම් පිරිසක් ඒ වන විටත් සැන් පීටර්ස් රෝහල වෙත රැස්වී සිටියේ මිනීමරුවා කවුදැයි හෙලිකරන ලෙස බල කරමිනි. නමුත් තවමත් ප්‍රථිකාර ලබන මිනීමරුවා කවුදැයි හෙලිකිරීමට ආරක්ශක අංශ උත්සුක වූයේ නැත. ඉහළම නිලධාරීන් හා වෛද්‍යවරු හැරුණුකොට වෙන කිසිවෙක් ඒ කවුදැයි කියා දැන සිටියේද නැත.

මේ අතර ජේ.ඩී සිටියේ කැළඹීමෙන් වූවත් සතුටිනි. දැන් තමාට කිසිම හතුරෙකු නැත. බියවී ජීවත් වීමට අවශ්‍යය නැත. වෙනදා මෙන් අන් අය තලා පෙලා තමන්ගේ බලය පෙන්වා සැහැල්ලුවෙන් සිටිය හැක. නමුත් ඔහුගේ සිතට ලොකු සතුටක් නොදැනුනේ තමා සමඟ හැමදේටම සිටි සහචරයන් කිසිවෙක් දැන් තමා සමඟ නැති බව සිහි වීමෙනි. රිචඩ්, ක්‍රිස්ටියන්, ශෝන්, මයිකල් මේ කිසිවෙක් තමා සමඟ නැත. මයිකල්ගේ මරණය තවමත් ඔහුගේ සිතේ තදින්ම පැලපදියම් වී තිබුණු අතර එය මතක් වෙන වාරයක් පාසා ඔහු තිගැස්සී ගියේය. ‘උඹ තමන්ගෙ යාලුවා බේරගත්තෙ නෑ බයගුල්ලා…’ යි ඔහුගේ සිත ඔහුට මොරගාන්නට විය. බැරිම තැන ජේ.ඩී නිවසේම තනා තිබූ බාර් එක වෙත ගොස් විස්කි බෝතලයක් රැගෙන එය මුව තබාගෙන බොන්නට වූයේ සිතෙහි ඇති පීඩනයෙන් මිදීමට සිතාගෙනය. එයින් බාගයක් පමණ හිස් කල ඔහු මේසය මතට හිස ගසාගෙන හඬන්නට ගත්තේ කුඩා දරුවෙකු මෙනි. නැවත නැවත බොමින් ඔහු තනිවම හඬන්නට විය.

එක්වරම නිවසේ ආරක්ශක එලාම් පද්ධතිය මහත් හඬින් වදින්නට වූයේ ජේ.ඩීව උඩ යවමිනි. කලබලයටත් බියටත් පත්වූ ඔහු මේසය මත වූ විස්කි බෝතලයද බිමට වට්ටාගත්තේය. වාඩිවී සිටි පුටුවෙන් වහා නැගිට්ට ඔහු වහාම සාලය මැදට දිව්වේ ඒ වන විටත් නිවසේ සිටි ඔහුගේ පියාට හඬ ගසමිනි. සේවකයින් කිසිවෙක් ඔවුන්ගේ නිවසේ නොසිටි අතර පරීක්ශණ වලට නැවතී සිටි පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුත් සාලය දෙසට වේගයෙන් දිව ආවේ ජේ.ඩීගේ කෑගැසීම ඇසුණු නිසාවෙනි. සියල්ලෝම පැමිණ ඔහු වටා රැස්වුණු අතර ඩ්‍රේක් සාමිවරයා තම පුතු දෙස බලා සිටියේ විමසිලිමත් දෑසින්.

“මොකද පුතා මේ කලබලේ…? එලාම් එක වැදුනෙ ඒක මෙච්චර වෙලාම ඕෆ් වෙලා තිබ්බ නිසා ටෙක්නීශියන් කෙනෙක් ඇවිත් ඒක දැනුයි හැදුවෙ… ඒකයි හේතුව ඒක වදින්න… බයවෙන්නෙපා ආයෙ කවුරුවත්ම ඔයාට කරදර කරන්න එන්නෙ නෑ…” ඩ්‍රේක් සාමිවරයා ජේ.ඩීගේ පිටට තට්ටුවක් දමමින් කීය.

“හහ්..? එහෙනම් කමක් නෑ ඩෑඩ්… මං හොඳටම අවුලෙන් ඉන්නෙ මයිකල්ට වෙච්ච දේ නිසා… ඒකයි මේ හැමදේම… ෂිට්…!” ජේ.ඩී කීවේ සුසුමක් හෙලමිනි. ඔහුට තරමක සැනසුමක් දැනුනි.

“තව පැයකින් වගේ අපිට දැනගන්න ලැබෙයි සර් කවුද මිනීමරුවා කියලා… ඊටපස්සෙ සර්ලට කැමති දෙයක් කරගන්න ඉඩ දෙනවා කියලා චීෆ් කිව්වා…” එතැන සිටි පොලිස් නිළධාරියෙකු කීවේ අවලම් සිනහවක් මුවගට නගා ගනිමින්. ජේ.ඩීට මෙය වැටහුනේ නැති නිසා ඔහු තම පියා දෙස බැලීය.

“ඕ කමෝන් සන්… ඔයා දන්නවනෙ අපේ විදිහ… මිනිහා කවුරු උනත් ලොකු වැරැද්දක් කරගත්තෙ ඩ්‍රේක්ලා එක්ක හැප්පෙන්න ඇවිත්… අනික තමයි යක්ශාවේස වෙච්ච තාත්තලා හතර දෙනෙක් ඉන්නවා තව පලිගන්න බලාගෙන… මිනිහගෙ අන්තිම හුස්ම පොද යනකල්ම මිනිහා දුක් වෙයි ඇයි අපිට ඇටෑක් කලේ කියලා… මං හිතන්නෙ ආත්ම ගාණකට ආයෙම අපි ඉන්න රටකවත් ඉපදෙන එකක් නෑ… හහ් හහ් හා…!!” යි කියූ ඩ්‍රේක් සාමිවරයා තම පුතුණුවන්ගේ කර වටා අත දමාගෙන කුරිරු ලෙස සිනාසෙන්නට විය.

“හෝලි ෂිට් ඩෑඩ් වාව්…! අන්න එහෙමයි අපි පලිගන්න ඕනෙ උගෙන්… පුලුවන් නම් උගෙ මුළු පවුලටම අපි ඒ විදිහට කරමු… මට ඉවසිල්ලක් නෑ ඩෑඩ්… හහා…” ජේ.ඩීද තම පියාගේ වදන් තේරුම් ගනිමින් සිනාසුනේ කුරිරු ආකාරයෙනි.

ඒ අනුව ඔවුන් සියල්ලෝම කළු කබාකරුගේ අවසානය ගැන තීරණය කරනා විට මේ සියල්ලම දෙස වියරුවෙන් සිනාසෙමින් බලා සිටි තියුණු දෑසක් විය. ඒ දෑස් වල තිබෙන්නේ පලිගැනීමද උමතුවද යන්න දන්නේ දෑස් හිමිකරු පමණි.

********************************************************************

“වට්…? ජූලීයානා මොකද අක්කා කියලා කෑගැහුවේ…? මොකද උනේ…?”

නැවතත් රථය පදවන ගමන් ඒඩ්න් ඇහුවෙ කම්පනයෙන් වගේ බලන් ඉන්න ජූලියානා දිහා බලාගෙන. නමුත් ඇය නිහඬවම බලා සිටියා මිස කිසිවක් කීවේ නෑ. මෙය ඒඩ්න්ට මහත් ප්‍රෙහෙලිකාවක් වුන අතර මිනීමරුවා හා ජූලියානා අතර කිසියම් සම්බන්ධයක්වත් ඇතිදෝ කියා ඔහුට සිතුනා.

“අනේ ඒඩ්න් අපි ඉක්මණට ගෙදර යමුද…? මගෙ අක්කා අසනීපෙන් ඉන්නෙ එයාට බෙහෙත් දෙන්න ඕනෙ… අද අපේ ගෙදර කවුරුවත් නෑ මං කලින් ගෙදර යන්න හිටියෙ ඒකයි… ප්ලීස් ඉක්මණට යමු…” ජූලියානා හැඬුම්බරව ඒඩ්න් දෙස බලමින් කිව්වා. නමුත් ඒඩ්න්ට….

“ඒත් ජූලියානා ඔයාට අක්කා කෙනෙක් නෑ නේද…? මං මේ කිව්වේ වේඩ් මට කියපු විදිහට‍යි මට දැනගන්න ලැබුණ විදිහටයි ඔයා පවුලෙ එකම දරුවා… ඉතින්… ආ….හ්…!!!”

ඒඩ්න්ගේ ළය පසාරු කරමින් ඇදුනේ උල් පිහියකි. වාහනයේ පාලනය ඔහු අතින් ගිලිහී ගොස් එය පා‍රේ අනෙක් පසට වේගයෙන් ඇදී යන්නට වූ අතර ජූලියානා දෙස පුදුමයෙනුත් කෝපයෙනුත් වේදනාවත් මුසු බැල්මෙන් බලා සිටි ඒඩ්න්ගේ මුවින් හා පපුවෙන් ලේ ගලා යන්නට වුණා. නමුත් ජූලියානාගේ බැල්මේ වූයේ හිස් බවක් මිස වාහනය ගැන සිතාවත් ඇගේ කිසිම බියක් තිබූ බව පෙනෙන්නට තිබුණේ නෑ. ඊලඟ තත්පරයේ මෝටර් රථය වේගයෙන් අසල තිබූ විශාල පඳුරු කීපයක් ගලවාගෙන ඉදිරියට ඇදී ගිය අතර එය විශාල ගසක හැපුනේත් ජූලියානා එයින් පිටතට පැන්නේත් එකම මොහොතකය. ගසේ වැදුණු මෝටර් රථය ගිනිගන්නට පටන් ගත් අතර තවත් තත්ත්පර කීපයක් එදෙස බලා සිටි ජූලියානා යන්නට හැරුණේ පෙර තිබූ හිස් බැල්මෙන්මය. ඇගේ ජංගම දුරකථනයට ඒ මොහොතේම කෙටි පණිවිඩයක් ආ අතර ඇය එය විවෘත කලා.

“අද රෑට…” එහි සටහන්ව තිබුණේ එයයි.

ජූලියානාගේ මුවගට නැඟුණේ වියරු සිනහවකි. ඒත් සමඟම මෝටර් රථය මහත් හඬක් නංවමින් පුපුරා ගියේය.

*********************************************************************
අවසාන කොටස මීලඟට…

අවසානයේ කුමක් සිදුවේද…? රැඳෙන්න මාත් සමඟම…

?Lone Wolf?

3 thoughts on “?උන්මන්තකයා?| 10 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    Woooooow …. superb kathawa dear.hithuwewath nethi awasanayak kathawata thiyenne kiyala den hithenawa. Aparade ane me episode eka apita harinam giya sathiyene denna thibune. Ehenam ada awasana episode eka kiyawanna thibuna. Den ithin thawath sathiyak inna wenawa balagena.

    Kathawanam… maaarama lassanai ….. thrasaya, bheethiya, kuthuhalaya me serama uparimai kathawe. Eka husmata kiyawanna tharam asa hithena widiyata liyala thuyenawa kathawa. Me kathawa next wela iwara unata kamakne .api wenuwen thawa lassanama lassana katha aran enna kiyala adaren illanawa . B s!

    2
  2. Ammta sirigaja mn hthnne juliynth mekta smbndaida koheda.aththtma mn me app ekta awilla dn gdk kl wenwa.eth mn oyge kthawa wge wena kthaawk nm dakla na.aththtma meka hndma kthawa kyla mta kynna pluwn .ai ane kttya rate krnne naththe.hrinm meka top rate enna one deiyne

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.