Katha Ahura

?ඒන්ජල්? | 45 කොටස | නවකතාව

5/5 - (1 vote)

73 කොටස

ටිකක් හවස්වෙලා අවිරුයි අයියයි යන්න ගියා.අවිරුනම් ගියේ ෂොප් එක ගැනත් ටිකක් බලලා ට්‍රිප් එකට ෂොප් එක වහන්න ඕන කියලා අනිත් අයට කියන්න.ඒත් ඒ වෙද්දිත් එයාගෙ හච්චීන් සවුන්ඩ් එකනම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබ්බෙ නෑ.මායි එයයි නහය රතු කරගෙන තරගෙට වගේ හච්චීන් යැව්වෙ..

අයියා ගියේ එයාට තව ටිකක් හවස්වෙලා ට්‍රීට්මන්ට් එකකට යන්න ඕනි කියලා.මමයි අවිරුයි තරගෙට හච්චීන් යවද්දි ගෙදර අනිත් අයට සැක නොහිතුනත් එයාටනම් පොඩ්ඩක් විතර සැක හිතිලයි තිබුනෙ.මගෙන් තනියම ඒ ගැන එයා අහන්න හිටියත් ඒකට චාන්ස් එකක් ආපු නැති නිසා මම බේරුනා හැබැයි ඒ තාවකාලිකව..

මංගලා ආන්ටියි අරවින්ද අංකලුයිත් බෙහෙත් ටික වෙලාවට බොන්න කියලා ගෙදර ගියේ හෙට ට්‍රිප් එකට ඕන කරන දේවල් ලෑස්ති කරන්න.මංගලා ආන්ටිනම් කිව්වා එයා ගොඩාක් කෑම වර්ග හදාගෙන එන්නම් කියලා..

අම්මත් දඩිබිඩියෙ වැඩ කරන්න ගත්තා හෙට ට්‍රිප් එක නිසා.එයාත් කෑම වර්ග හදන්න පටන්ගත්තා.ඒත් මටනම් කුස්සිය පැත්ත පලාතකවත් එන්න තහනම් කලා.මොකද හෙම්බිරිස්සාව හොද වෙනකන් එයා කිව්වා ඇදටම වෙලා ඉන්න කියලා.නැත්නම් මාව හෙට එක්කන් යන්නෙ නෑ කිව්වා.එයා එහෙම කිව්වත් මං දන්නවා එයා එහෙම කරන්නෙනම් නෑ කියලා.ඒ අතරෙ එයා අර කාලෙකට කලින් හිටියා කිව්ව එයාගෙ යාලුවට කෝල් ගන්නත් සෑහෙන්න ට්‍රයි කලා..

ඉතින් ඔයාලා බලනවා ඇති මම මොකද කරන්නෙ කියලා..හැමෝම දන්නවනේ මෙහෙම ඕනම ට්‍රිප් එකක්..ඒ කිව්වේ ස්කූල් ට්‍රිප් එකක් හරි ෆැමිලි ට්‍රිප් එකක් හරි හෙට යන්න තියෙනවා කියලා දැනුනම එන ෆීලින්ග් එක මොනවගේද කියලා.අන්න ඒ වගේ මාත් ගොඩාක් ආසාවෙන් තමයි හිටියේ.ඇදුම් පැක් කරන්නයි එතකොට ඕනවෙන අනිත් දේවල් ටික ගන්නයි.විශේෂයෙන්ම පවර් බෑන්ක් එක ෆුල් චාර්ජ් කරගන්නයි..තව වැඩ ගොඩයි..

ඒ අස්සෙ මම ෆෝන් එක අතට ගත්තෙ සෙනූට කෝල් කරන්න..

” හෙලෝ..සෙනූ පැට්ටෝ…”

” ආ..අක්කා..කෝමද ඉතින් ? ”

” මමනම් හොදින් සෙනූ.ඔයාට කොහොමද ? දැන් කොහෙද ඉන්නෙ ? ”

” මාත් හොදින් අක්කා.මම මේ ගෙදර යන ගමන්.සර් කිව්වනෙ හෙටයි අනිද්දයි සමහරවිට ඉන්අනිද්දයි නිවාඩුයි කියලා.හේතුවක්නම් කිව්වෙ නෑ ”

” අන්න ඒ හේතුව ගැන කියන්නයි මම ඔයාට කතාකලේ ”

” ඒ මොකක්ද අක්කා ? ”

” හෙට අපි කට්ටිය පොඩී ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නවා.ඉතින් මං මේ කතාකලේ ඔයාටත් එන්න කියන්න ”

” මට..? අනේ ඒත් අක්කා…”

” මහ ගොඩක් අය යන්නෙ නෑ අනේ.අපේ පවුලෙ අය විතරයි .එනවා නේද.? අනේ එන්නකෝ..”

” හරි..මං එන්නම්කෝ.”

” අම්මෝ ඇති යන්තම්..ඔන්න එහෙනම් හෙට උදේම අපේ ගෙදරට එන්නකො..ආ..නෑ නෑ ..අපි යන්නෙ ඔයාලගෙ ගෙදර ලග පාරෙන්නෙ.අපි ඔයාව මගින් ගන්නම්.”

” හරි අක්කා..”

” එහෙනම් ඔන්න එන්න හොදේ..ලෑස්තිකරගන්න ගොඩක් දේවල් තියෙනවා සෙනූ.එහෙනම් මං තියන්නම්.”

” හරි අක්කා..මටත් දැන් ඇදුම් පැක් කරන්න ඕනනෙ..එහෙනම් බුදු සරණයි අක්කා..”

කෝල් එක කට් කරලා මම ආයෙත් කෝල් කලේ අවිරුගෙ ගෙදර නම්බර් එකට.සුමනම්මාගෙනුත් අහන්න එපැයි එනවද කියලා .

” සුමනම්මා ..මම ආශි ”

” ආශි නෝනා..මයෙ අම්මේ..කොහොමද ඉතින් ? ”

” හොදින් ඉන්නවා සුමනම්මා ..මේ හෙට එනවා නේද ? ”

” ඔය කියන්නෙ අර නුවරඑළි ගමනද ? ”

” අන්න හරි..ඒක තමයි ”

” ඔව් නෝනා.මම මේ ඒකට කෑම හදන ගමන්.”

” අම්මෝ සුමනම්මා .හෙටනම් කන්න ගොඩක් කෑම වර්ග තියේවි වගේ..එහෙනම් ඔයා කෑම හදන්නකෝ.මම තියනවා..”

” හරි නෝනා ”

හම්මේ…ඒ ඔක්කොම හරි.දැන් කුස්සියට හොට දාලා බලන්නයි තියෙන්නෙ අම්මා මොනාද හදන්නෙ කියලා.

මම හෙමින් හෙමින් කුස්සියට ගෑටුවේ ඩෙවිල් එක්ක.ඒ වෙද්දි මුලු කුස්සිය පුරාම එක එක කෑමවල සුවදවල් පිරීලා තිබුනා.මම අම්මගෙ පිටිපස්සෙන් ඇවිත් එයාගෙ උරහිසට උඩින් ඔලුව දැම්මා.

” අම්මෝ…සුවද…මොනාද අම්මා බදින්නෙ ? ”

මගේ සද්දෙට උඩ ගිහිපු එයා හැන්දත් අරගෙන හැරුනෙ මගෙ පැත්තට.

” මම කිව්වා නේද කාමරෙන් එලියට බහින්න එපා කියලා.”

” දැන් මට ටිකක් හොදයි අම්මා..නාහෙන් දියඇලි ගලන්නෙත් නෑ..අර පටාස් ගාලා යන හච්චින් තමයි දැන් තියෙන්නෙ.ඒකත් අඩුයි..”

මම කිව්වෙ කෑම මේසෙ උඩ වාඩිවෙලා කකුල් පද්ද පද්ද.ඩෙවිල්නම් එයාට දීලා තිබුනු කෑම ටිකට වැඩේ දෙනවා.

” අනේ අනේ..ගෑනු ළමයෙක් ඉන්න තැනක්ද ඔය ? බහිනවා බිමට ”

” හැමදාම පුටුවල වාඩිවෙන්න කම්මැලීනෙ අම්මා..මොකක්ද ඒ පිච්චෙන ගදක් එන්නෙ..? ”

” හයියෝ…මගේ වඩේ ටික..හොද වෙලාවට පිච්චිලා නෑ..ඔයාට ඇවිත් තියෙන්නෙ බැදෙද්දි එන සුවද ”

අම්මා එහෙම කියලා බැදුනු වඩේ ටික අරගෙන තෙල් බේරෙන්න දැම්මා.

” වෙන මොනාද හැදුවෙ අම්මා ? ”

” පැටිස් හැදුවා තව සැන්ඩ්විච් ටිකක් රෑට හදමු.මම තව ජූස් ටිකක් හදන්නම්.අඹ ගොඩාක් ෆ්‍රිජ් එකෙත් තිබ්බනෙ ”

” ආ..සුමනම්මා එක්ක සෙනූත් එනවා කිව්වා අම්මා.ඔයා කෝල් කලාද අර කවුද…අනූෂා ඇන්ටිට..? ”

” ආ..ඔව්..ඒ නම්බර් එක වෙලාවට වැඩකලා. ”

” අපිට ඒ ගෙදර ගන්න පුලුවන් කිව්වද අම්මා ? ”

” ඔව්..හැබැයි ඒ අයනම් දැන් ඉන්නෙ ගාල්ල පැත්තෙ කිව්වා.ගේ බලාගන්න අයට කියන්නම් කිව්වා අපි එනවා කියලා.අපිට ඕන දවසක් එහෙ ඉන්න කිව්වා.ආ..ආශි ඔයා දැන්ම ගිහින් මංගලා ආන්ටිට කෝල් එකක් දෙන්න මේක කියලා.නැත්නම් එයාලා හොටෙල් බුක් කරාවිනේ..”

” මංගලා ආන්ටි ගෙදර නෑනෙ අම්මා..අයියව එක්කන් යනවා කිව්වා ට්‍රීට්මන්ට් වගයකට..”

” ඒකතමයි දරුවෝ කිව්වෙ ගිහින් කෝල් එකක් දෙන්න කියලා ”

” හරී..මේ ගියෝ ”

මම මේසෙන් පැනලා කාමරේට ගිහින් මංගලා ආන්ටිට කෝල් එකක් ගත්තා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” මංගලා මොකද කිව්වෙ ආශි ? ”

අම්මා ඇහුවෙ එයාගෙ කෑම හදන වැඩේ ඉවරකරලා මගේ කාමරේට ඇවිත්.

” වෑන් එකේ වැඩෙත් හරී කිව්වා.එයත් රෑ වෙලා කෑම වගයක් හදනවා කිව්වෙ.ඔන්න අම්මේ හෙටනම් කෑම තියෙයි වැහි වැහැලා.සුමනම්මත් හදනවා කිව්වනෙ..ආ හෙට යනගමන් මගින් සෙනූවත් ගන්න ඕන අම්මා..”

” ඒක මොකක්ද..මේ ඔයත් ඩෙවිල් එක්ක විකාර කර කර ඉන්නෙ ඇදුම් ටික පැක් කරගන්න.මාත් දැන් යන්න ඕන ඇදුම් ටික ලෑස්තිකරගන්න.”

අම්මා ගියාට පස්සෙ මාත් කබඩ් එක උඩින් තිබ්බ මගේ ට්‍රැවලින් බෑග් එක අරගෙන ඇද උඩට දැම්මා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” ඇදුම් ටික ලෑස්ති කරලා ඉවරද මැණික ? ”

අම්මා ඇහුවෙ මම පඩිපෙල බැහැලා පහලට එද්දි.

” ඉවරයි අම්මා..කෝ ඩෙවිල් ? ”

” අන්න හොදටම කාලා දොයි..එන්න ඔයත් කන්න..උදේ හයට වෑන් එක එනවා කිව්වා.ඒ නිසා කාලා කලින් නිදියන්න.ආ..අවිරුට කියන්න හය වෙද්දි මෙහේ ඇවිත් ඉන්න කියලා ”

” හරි අම්මා ”

රෑ කෑම අරන් ඉවරවෙලා මම උඩට ආවෙ අවිරුට කෝල් එකක් ගන්න.එතකොට අම්මා ගමනට ඕන කරන තව දේවල් ලෑස්තිකර කර හිටියා.

මම කාමරේට ඇවිත් ෆෝන් එකත් අරගෙන බැල්කනි එකට ආවා.එතෙන්ට ආපු ගමන් මට මතක්වුනේ එදා වුනු දේ.මම මටම ටොක්කක් ඇනගෙන හීන ලෝකෙන් එලියට ඇවිත් අවිරුට කෝල් එකක් ගත්තා.

සෑහෙන්න වෙලාවක් ගත්තත් අවිරු ෆෝන් එකනම් ආන්ස්වර් කලේ නෑ .ඉතින් මම බැල්කනි එකට වෙලා අහස දිහා බලාගෙන හිටියා.එතකොට මම දැක්කා අයියගෙ කාමරේ ලයිට් එක පත්තුවෙනවා.ඉතින් මම එයා බැල්කනි එකට ඒවි කියලා බලාගෙන හිටියා.

හිතුවා වගේම ආවා.නිකන්ම නෙවේ හැන්කර්වල එල්ලපු ෂර්ට් තුන හතරක්ම අතේ එල්ලගෙන.මාව දැක්කා විතරයි එයා ඒ ටිකත් අරගෙනම බැල්කනි එකේ අයිනටම ආවා..

” මට හිතුනා ඔයා මෙතන ඇතී කියලා .”

” ඔයා ට්‍රීට්මන්ට් ඉවරවෙලා දැන්ද ආවෙ අයියා ? ”

” දැන් ටිකකට කලින්..ආශියෝ මට උදව්වක් කරන්නකො ”

” මොකක්ද අයියා ? ”

” මේ ටිකෙන් හොද එකක් කියන්නකො මට හෙට අදින්න.”

” ම්ම්ම්..බලමු.”

එතන තිබුනේ වයිට් කලර් එකට හුරු ෂර්ට් ගොඩක්.රෑ නිසා මට හරියට පෙනුනෙත් නෑ .මම තවත් බැලුවත් මට ඒ ෂර්ට් ගොඩේ කිසිම වෙනසක් දැක්කෙ නෑ.කලුවර නිසා වෙන්න ඇති..

එයාට ඕන එකක් ලස්සනයිනෙ..ඒ නිසා එකක් කියනවා..

” ඔයාගෙ වම් අතේ දෙවනියට තියෙන එක හොදයි . ”

” මේක ? ”

එයා ආයෙත් ඒ ෂර්ට් එක පෙන්නලා ඇහුවෙ මූන බෙරි කරගෙන.

” ඔව්…ඒක හොදයි..”

” ඔයා කියනවනම් මං අදින්නම්කෝ..”

එයා එහෙම කියලා ෂර්ට් ගොඩත් අරගෙන ඇතුලට ගියා.මම ආයෙත් ට්‍රයි කලේ අවිරුගෙ ෆෝන් එකට..

ඒ සැරේනම් ආන්ස්වර් කලා..හැබැයි මට ඇහුනෙනම් අවිරුගෙ කටහඩ නෙවේ.ගෑනු කටහඩක්..

” මට ඩිවෝස් වෙන්න ඕන නෑ..තේරුම් ගන්න මාව..මට ඔයාව ආයෙත් ඕනෙ..මාව දාලා යන්න එපා..මම ඔයාට ආදරෙයි ”

10 thoughts on “?ඒන්ජල්? | 45 කොටස | නවකතාව”

  1. Ranmali subasinghe

    ඈ… යකූ මොකද ඒ වෙන්න යන්නේ ??? කවුද හප්පේ ඒ??? කවුද ෆෝන් එක ආන්සර් කලේ???

    මල මගුලයි… අවිරු ඉදලා ඉවරයි… ආශියා අවිරුගේ හොම්බට දෙයි වගේ…

    කතාව හුගක්ම හුගාක් ලස්සනයි? චොකෝ ???

  2. මොකක්ද ඒ වෙන්නෙ.
    කෝල් එක වැරදිලා වෙන්නැති නේද.
    ආශිය අවිරුව සම්බෝල කරයි ද දන්නෑ.
    කතාව ගොඩාරියක් ලස්සනයි.❤❤❤
    All the best ????

  3. හපොයි… ඒ මොකෝ උනේ… TV එකේ ගිහිපු කතාවක කොටසක්වත්ද දන්නෙ නෑ… මට නිකමට වගේ හිතුනා ඒම…

    කතාව ගොඩාක් ලස්සනයි…

    1. Dunasha Gamage

      මටත් ඒකම තමයි හිතෙන්නේ යාළු..sure එකටම ඔය drama එකක හරි film එකක හරි dialog එකක වෙන්න ඔනී.

  4. Nirosha Lakmali

    අවිරු බැඳපු කෙනෙක් ද? අනේ එහෙම නම් වෙන්න එපා. ආශි පව්. අනේ දුකක් නම් දෙන්න එපා. කතාව ලස්සනයි. ඒත් දැන් නම් ඉතින් මේ වගේ දේවල් වෙනකොට බයයි. අවුලක් නම් දාන්න එපා. සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා. Good Luck..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.