Katha Ahura

කටු අනෝදා | ➡️ 12 අවසන් කොටස | හොල්මන් කතා

4.9/5 - (61 votes)

කටු අනෝදා ➡️ 12 අවසන් කොටස ⬇️

නිහාල් කියන මිනිහා කපාහෙලපු ගහක් වගේ මාත් එක්කම අර ගල් උමගේ ඇදගෙන වැටුනා. කවුරුකරි කෙනෙක් ඔහුර වෙඩි තිබ්බ බව තේරුම් ගන්ඩ මට එච්චරම වෙලා ගියේ නෑ. නිහාල් ඇගෙන් ගලන් යන ලෙයින් මගේ මුලු සිරුරම නැහවෙන්න හත්තා.

” ගීත් උබට කරදරයක් නෑනේ..”

ඔව් ඒ හඩ මට අදුරගන්න අමාරුවුනේ නෑ. කලබලවූ චතුරගේ හඩ මට ඇහුනා. මම එතනින් නැගිටලා චතුර දිහා බලද්දී උගේ අතේ පිස්තෝලයක් තියෙන බව දැක්කා. මට හැගුන විදිහට නිහාල් මේ වෙද්දිත් හිසට වෙඩි වැඩී අවසන් ගමන් ගිහිල්ලා තිබ්බ බවයි පෙනුනේ.

” තෝ තෝ කවුද…..රංජිය බල්න් ඉන්නේ මුන්ව කම්බස් කරල දාපං මැදැයි මාත් ආරක්ශාවට කියල ගත්ත උන්…වෙඩි තියපං යකෝ”

ජයේ ගුරුන්නාන්සේ ගේ හඩේ තිබ්බේ තැතිගත් බවක්.

” අ….අරූ මහේ පිස්ටල් එක ගත්තා…..”

රංජි කියද්දී මම ඉක්මනට අර කලු පෙට්ටිය ලගට දිව්වා. කලබලයෙන් අර යතුර අරන් ඒ පෙට්ටිය ඇරන්න හදද්දිම මට අහුනේ චතුරගේ වේදනාත්මක හඩ.

” යාලුවව බේරගන්න ඕනන්නම් ඔය පෙට්ටිය අරින එකේ වැඩේ නවත්‍තලා දාපං”

ජයේ ගුරුන්නාන්සේ ගේ හඩ ඇහෙද්දී මම ඒ දිහා බැලුව.ජයේ ගුරුන්නාන්සේ උන්නේ චතුරගේ හිසට පිස්තෝලයක් තියන්. නිහාල්ගේ ලග තිබිල වැටුන පිස්තෝලයය ඔහු ඇහිදගෙන. රංජි කියන එකා චතුරගේ යටිපඩට ගහන හැටි මම අදුරෙ උනත් පෙනුනා.

” ඉතින් වරෙන් කොල්ලෝ.. උබට යාලුව වටිනවනම් ඔය වැඩේ නවත්‍තලා දාපං…හහ් හහ් හා……..”

ජයේ ගුරුන්නාන්සේ හිනාවෙලා එහෙම කියද්දී මට යමක් තේරුනා. මේ පෙට්ටිය ඇරියත් නැතත් උන් මාවයි චතුරවයි මරල දායි. එහෙම හිතපු මම යතුරු හිලට දාපු යතුර කැරකුවා.

” ඒයි කොල්ලෝ තෝ මොකක්ද ඒ කෙරුවේ…”

මෙතෙක් වෙලා පුරසාරම් දොඩවපු ජයේ ගුරුන්නාන්සේ ගෙ හඩ බයකට පරිවර්තනය වෙද්දි කලු පෙට්ටියේ දොර ඇරුනේ බිහිසුණු හඩකුත් එක්ක. ඒ හ්ඩට මුලු උමගම හෙල්ලෙද්දි උමග දෙපැත්තෙ තිබ්බ ගල් පවා ගැලවිල වැටෙන්න පටන් ගත්තා. ඒත් එක්ක අර කලු පෙට්ටිය ඇතුලෙ ඉදල විශාල සුදු දුමක් ඉහලට නගින්ඩ පටන් ගත්තා.

ඒ දුම කෙලින්ම පාවෙල ගියේ ජයේ ගුරුන්නාන්සේ ගාවට ,ජයේ ගුරුන්නාන්සේ ගේ නහ් පුඩුවලින් ඒ දුම ඔහුගේ ඇග ඇතුලට යනවා මම බලන් හිටියේ පුදුමෙන්. රංජි කියාන කෙනත් චතුරවත් අත ඇරල බලන් උන්නෙ බය භීරාන්තව.

” ගීත් ඉස්සරහට වෙන්න් යන දේ හොද නෑ… ගල් උමග ගල් ගැලවිලා කඩන් වැටෙන්ඩ යන්නේ ,අපි ඉක්මනට මේකෙන් පැන ගන්ඩ ඕනා.”

ගීත් කියද්දී මම අසලටම විශාල ගලක් ගැලවිලා වැටුන. ඒකට යටවුනානම් මට මොන දෙයක් වෙයිද දන්නේ නෑ…..

” මට සමාවෙයන් අයියේ… මට යන්න දියන් අයියේ…..”

ජයේ ගුරුන්නාන්සේ එහෙම කියකිය කැපිච්ච පනුවෙක් වගෙ දගලනවා මම් බ්ලගෙන. මට හිතෙන් හැටියට අර කලු පෙට්ටිය අතුලේ හිටිය ආත්මය ජයේ ගුරුන්නාන්සේ ගේ ඇගට ඇතුල්වෙලා කරදර කරනවා.

” ගීත් බලන් ඉන්නේ ඉක්මනට යමූ……..”

මම මේ දේවල් ගල් ගැහිලා වගේ බලන් ඉද්දී චතුර මගෙ අතින් ඇදගෙන උමග දිගේ දුවන්න පටන් ගත්තා.

ගල් උමගේ ගල් දැන් පිස්සුවෙන් වගේ ගැලවිලා අපි ලග ලගම වැටෙනවා.

” අනේ මල්ලිලා ,මාවත් බේරගෙන යන්න මල්ලිලා……..”

රංජිගේ හඩ පිටිපස්සෙන් ඇහෙද්දී අපි දෙන්නම ඒ දිහා බැලුවේ එකවරම යි.රංජිගේ කකුල උඩට විශාල ගලක් කඩන් වැටිලා එයා උමගේ වැටිලා උන්නා. ඒත් අපි ඔහුව බේරගන්න යද්දිම තවත් විශාල ගලක් ගැලවිල රංජිගේ ඔලුවටම වැටුනා.

” එයාව දැන් අපිට බේරගන්න බෑ ගීත්,අපි මෙතන හිටියොත් අපිට වෙන්නෙත් ඕකමයි…ඉක්මනට දුවල බේරෙන්න බලමූ”

චතුරයි මායි ආයෙම් උමග දිගේ දුවගෙන ගියේ අපි පිටිපස්සෙන් ගල් එකින් එක ගැලවිලා වැටෙද්දී. ඒත් අපි වාසනාවන්ත වුනා ,උමගෙන් බේරිලා අපි දෙන්නට ආර පාලු ගේ ඇතුල්ට එන්න හැකි වුනා.

” ඉක්මනට මේ ගේ ඇතුලෙනුත් පැනගමු ,උමග මේගෙට සම්බන්ද හින්දා මේ ගේත් කඩන් වැටෙන්න බැරි නෑ…”

චතුර කලබලෙන් කියද්දී මම කලබලෙන් හෙවුවේ නෙතුසිකාගේ චායාවක්වත් තියේද කියල. ඒත් නෙතුශිකා අතුරුදහන් වෙලා. අර නිහාල් පිහිය ඇනපු වෙලාවේ වැටුන තැන නෙතුශිකා හිටියෙ නෑ.

” මොකක්ද හොයන්නේ ගීත්”

චතුර ඇහුවා.

” නෙතුශිකා නෑනේ…එයා නෑ…….”

” මොකක් නෙතුශිකා ,එයා කොහෙද මෙහෙ ඉන්නේ…”

කිසිම දෙයක් දන්නේ නැති චතුරටමම උන දේවල් කියද්දී ගියේ චතුර මාවත් ඇදහෙන අර පාලු ගෙයින් එලියට පනිද්දී…. ඒත් එක්කම මහ හඩක් නගමින් අර පාලු ගේ කඩන් වැටුනේ අපිව නූලෙන් බේරමින්. ජයේ ගුරුන්නාන්සේ ,නිහාල් රංජි ,ඒ තුන්දෙනාම ඒ උමගට අහුවෙලා මැරෙන්න ඇතී. ඒත් සමග්ම මට මතක්වුනා ඇයව.

” නෙතුශිකා ට මොනව උනාද බං අර ගෙට යටවෙලා…. එයා….ත්”

මට ඒක කියල ඉවරකරන්න කලින් ඇඩුනා.

” අපි බලමු බං නෙතුශිකා ට මොකුත් වෙලා නැතිව ඇති…”

චතුර මගෙ හිත හදන්න එහෙම කියද්දිම මහෙ ෆෝන් එක නදදුන්නේ කෝල් එකක් ආවා පවසමින්. ඒ කෝල් එක ඇවිල්ලා තිබ්බේ නාදුනන අංකෙකින්.

” හෙලෝ මල්ලී මාව ඔයා අදුරන්නේ නෑ කියල දන්නවා.. එත් කිව්වොත් මම කවුද කියල දැනගනියි….”

” කවුද ඔයා…..”

මම ඇහුවා.

” මම තමා මල්ලී ඔයා අර උදේ පාලු ගේ ලග ජයේ ගුරුන්නාන්සේ එක්ක ඉන්දැද්දී ඒ වත්තේ කටු අනෝදා ගස් බැකෝ එකෙක් ගැලෙව්වෙ..”

ඒක ඔහු කියද්දී මට ඔහුව මතක්වුනා.

” ඉතින් මට මේ නම්බරේ ට ඔයාට කෝල් එකක් දෙන්න කිව්වේ නෙතුශිකා කියල කෙනෙක්…..”

” නෙතුශිකා ,,එ එයා කොහෙද ඉන්නේ…..එයාට කරදරයක් නැද්ද ,ඔයා කොහොමද එයාව…..”

” කලබලවෙන්ඩ එපා.. එයා ඉන්නෙ කුලියාපිටියේ හොස්පිටල් එකේ,එයාට දැන් අවුලක් නෑ… බය වෙන්න එපා එයා හොදින්,මල්ලි කලබලවෙයි කියල හිතලමයි එයා මට ඔයාට කෝල් එකක් දෙන්න කිව්වේ…”

” ඔය ඇත්තමද ,ඒත් ඔයා කොහොමද නෙතුශිකාව හම්බවුනේ..”

මම ඇහුවේ කුතුහලයෙන්.

” ඒක හරි අමුතු කතාවක් මල්ලී… කවුද මංදා මම කලින් දැකල නැති ගෑනු කෙනෙක් අද රෑ අපේ ගෙදර ආවා… මම මේ ගමට අවේ ගිය මාසෙ හින්ද ගමේ කට්ටියව එච්චරම දන්නේ නැති හින්දා ඒ ගෑනු කෙනා ගැන මතකයක් නෑ. ඉතින් එයා තමා කිව්වේ අර උදෙ කටු අනෝදා ගස් තිබ්බ වත්තේ පාලු ගෙයි ගෑනු ලමයෙක්ට පිහියෙන් ඇනල එයාව බේරගන්න කියල…..

අවසානේ බේරෙන්න ම බැරි තැන මම තව කෙනෙක් අඩගහන් බයෙන් බයෙන් හරි අර පාලු වත්තට ආවා. ඒ ගෑනු කෙනා කිව්ව එක ඇත්ත. එහෙම ගෑනු ලමයෙක්ට කවුද පිහියෙන් ඇනල අමාරුවෙන් උන්නා. මම එයාව හොස්පිටල් ගෙනිච්චා. දැන් ඒ ගෑනු ලමයට ප්‍රශ්නයක් නෑ… ඒක කියන්න කතා කලේ.. මල්ලි මම තියනවා..”

ඔහුගේ කටහඩ ෆෝන් එකෙන් නැසී යද්දී මට සැනසුම් සුසුමක් හෙලුනා. නෙතුශිකා බේරිලා.. සමහරවිට මාලතීගේ ආත්මය අර විදිහට අර බැකෝ කාරයාගෙන් උදව් ඉල්ලගෙන යන්න ඇතී.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

නෙතුශිකාට බරපතල අමාරුවක් තිබ්බේ නෑ. ඇය් ඉක්මනට ටිකට් කපාගෙන ඉස්පිර්තාලෙන් එන්නත් පුලුවන් වුනා. මට දැනුන විදිහට මාලතීයේ ආත්මය ඇයට උදව් කරන්න ඇතී.

අර සිදුවීම වුන දවසින් පස්සේ මාලතීගේ ආත්මය දින කීපයක් යනකම් මාව හොයාගෙන ආවේ නෑ.

ඒත් එදා.ඒ රැය ,අකුණු ගසමින් විදිලි කොටමින් මොර සූරන වැස්සක් ඇද හැලුන දවසක්.

” ටොක් ටොක් ටොක්…..”

නිදාගෙන හිටපු මම ඇහරුනේ මගෙ කාමරේ අල්මාරිය පැත්තෙන් ඇහුන ඒ හඩ නිසා. ඔව්.මම හිතුව විදිහටම අර කලින් දවස්වල වගේම මාලතීගේ ආත්මය මාව හොයාගෙන කන්නාඩියෙන් පෙනී හිටියා..ඒත් වෙනදා තිබ්බ දරුනු පෙනුම වෙනුවට අද මාලතීගේ ආත්මේ මූනේ තිබ්බේ අවිහිංසක හිනාවක්.

” හිතනව ඇති,ඇයි ගීත්ව හොයාගෙන මම ආයෙම ආවේ කියල නේ…”

” ඇයී…..”

මම ඇහුවා…….

” කරපු දේට ස්තීතිකරල යන්න. මම ගැන තරහක් තියෙනවනම් ඒක ගීත්ගේ හිතෙන් අයින්කරල යන්න…”

” මොනවද කියන්නෙ තියෙන්නේ ,අර ජයේ ගුරුන්නාන්සේ ඒ අය කවුද අර පෙට්ටියේ හිරකරල තිබ්බේ ….ඒ ආත්මය.”

” කියන්නම් ,මම ඔක්කොම දේවල්. ”

මාලතීගේ ආත්මය මොහොතක් නිහඩවෙලා ඒ කතාව කියන්න පටන්ගත්තා.

” මාලතී කියන්නේ මම ජීවත්වෙලා ඉන්න කාලෙ නම , ජයේ ගුරුන්නාන්සේ කියන්නේ මම ජීවත් වෙලා ඉන්න කාලෙ මගෙ බාප්ප කෙනෙක්. ඒත් ඒ මගෙ තාත්තත් එක්ක එක බඩ වැල කඩාගෙන ඉපදුන කෙනෙකම් නෙමේ.

අපේ තාත්තගේ තාත්තා ඒ කියන්නේ අපේ අත්තා ඔය ජයේ ගුරුන්නාන්සේ කියන කෙනා හදාගත්ට දරුවෙක්. එයාගේ නම ජයපාල ,අපේ තාත්තගේ නම රත්නපාල.

අපේ අත්තා ගොඩක් මන්තර ගුරුකම් දන්න කෙනෙක් ,පරම්පරාගානකින් අරගෙන ආව වටිනා මන්තර ගුරුකම් ගොඩක් අත්ත ලග තිබ්බ. ඒත් ඒ ගොඩක් මන්තර හොද පැත්තට බර ඒවා නෙමේ. නරක් පැත්තට බර ඒවා. නිදන් වදුලු පොත් එහෙම ගොඩක් අත්ත ලග තිබ්බා.

අත්තා අත්තගේ සාස්තරේ මගෙ තාත්තටයි, බාප්පටයි දෙන්නටම දුන්න. ඒත් දෙන්නටම කිව්වේ කව්දාවත් නරක ගුරුකම් කරන්න එපා කියල. එහෙම වුනොත් පරම්පාරවෙම මැරිල ගිය අයටත් ශාප වෙයි කියල අත්ත කිව්වා.

පවුලේ ලේ සම්බන්ද පරම්පරාවෙන් ගෙනාපු සාස්තරේ ජයපාල බාප්පට දුන්න එකෙන් සාස්තරෙ පිට ගියා. ඒ විතරක් නෙමේ ජයපාල බාප්ප අර කරන්න එපා කිව්ව නරක ගුරුකම් පවා කරන්ඩ පටන් ගත්තේ ,හොද පැත්තට තියෙන ගුරුකම් ආසාවටවත් කරන්නේ නැතුව. ඒ වෙද්දී අත්තත් මැරිලා උන්නේ.

අපේ තාත්තා කිව්වේ ඔය කරන නරක ගුරුකම් කරන වැඩෙ නවත්‍තලා දාපං නැත්නම් මම උබට හොද වැඩ්ක් කරනව . උබට වඩා අපේ තාත්තා මට වැඩිපුර සාස්තරෙ දීලත් තියෙන්නේ කියල. බාප්ප ඇහුවේ නෑ. කොහොමහරි මේ වැඩේ හින්දා තාත්තයි බාප්පයි නයි මුගටි වගේ වුනා. අවසානේ වුනේ බාප්ප අතින් තාත්තා මැරුන එක.

තාත්තා අර සාස්තරේ මටත් කොටසක් දීල් තිබ්බේ. දවසක් තාත්තගේ ආත්මය මාව හොයාගෙන ආවා ,ඇවිල්ල කිව්වා මට බාප්ප කරන වැඩ මෙහෙම හරි ඉදල වලක්වන්න ඕනා. ඒත් ඒකට මගෙ ආත්මය බලවත් කරන්න ඕනා….

ඒක කරන්න ඕන දුවේ උබයි. උබට මම කියල දීල තියෙනවා ආත්මයක් බලවත් කරන හැටි ,ඒ ක්‍රමවලින් මගෙ ආත්මය බලවත් කරල දියන් කියල උදව් ඉල්ලුව.

මම තාත්තගෙ ඉල්ලිම ඉටුකෙරුවා. තාත්තා බලවත් ආත්මයක් වෙලා බාප්පා කරන වැඩවලට බාදා කෙරුවා.

අර කටු අනෝදා ගස් තිබ්බ ඉඩමේ ගේ හැදුවේ අපේ අත්තා ,අර උමගටත් සම්බන්ද වෙන විදිහට අර සත්ව රූප තිබ්බ ගල් දොර රජකාලෙ ඉදල තියෙන එකක්. ඒ ගැන දන්නේ මමයි ,බාප්පයි ,තාත්‍තයි වගේ කීපදෙනෙක් විතරයි.

අවසානේ කොහොම හරි බාප්පා ,අපේ තාත්තගේ ආත්මය අල්ලගෙන අර කලු පෙට්ටිය ඇතුලේ හිරකෙරුවා.

වෙනදා තාත්තගේ ආත්මය මාව් දවස ගානේ හොයාගෙන ආවත් අර දේ බාප්ප කෙරුවට පස්සේ නතරවුනා,අතන හිරවෙලා හින්දා.

මම ඒකට හේතු හොයද්දියි දැනගත්තේ තාත්තාගේ ආත්මය අර කලු පෙට්ටියේ හිරකරල බව.

අවසානේ මම තාත්තගේ ආත්මය නිදහස් කරන්ඩ කියල ගිය දවසෙම ,ඊට කලින් බාප්ප තව කට්ටියක් එක්ක ඇවිත් මරල දැම්මා ,ගීත් ඕනෑකමින් අර කලු පෙට්ටිය තිබ්බ තැන බැලුවනම් එතන තැනක මගෙ ඇටකෝටු දකින්න තිබ්බා.

මම මැරිලා ආත්මයක් උනත් මට සැනසීමක් තිබුනේ නෑ… මගෙ තාත්තගේ ආත්මය අර පෙට්ටිය ඇතුලේ හිරවෙලා ඉන්න නිසා.

අපේ තාත්‍ත මට අපූරු ගුරුකමක් කියල දුන්න එයා ජීවත්වෙලා ඉන්න කාලේ. ඒක කරන්නෙ අපි අතින් හදපු ගස්වලට. මම ඒ ගුරුකම මම අර වත්තේ මගෙ අත්දෙකින් හදපු කටුඅනොදා ගස් ඔක්කොටම කෙරුවා.

ඒ ගුරුකමේ හැරියට මම මැරුනොත් මගෙ ආත්මෙට ,ඒ ගහේ ගෙඩි කඩන අයගෙන් ,ඒ ගස් ගලවන අයගෙන් උදව් ගන්න පුලුවන්. හරියට බැදීමක් ඇතිවෙනව වගේ. අර කටු අනෝදේ එදා ගීත් කැඩුවම ගීත් එක්ක මගෙ බැදීමක් ඇතිවුනා. නෙතුශිකා ඒ ගෙඩියේ බාගයක් කෑවම නෙතුශිකා එක්ක මගෙ බැදීමක් ඇතිවුනා.

ඉතින් මට ඔයාලට බලපෑම් කරල අර තාත්තාගේ ආත්මය නිදහස් කරගන්න පොටක් පෑදුනා.

ඊට කලින් 08 දෙනෙකුගෙන් මම උදව් ගන්ඩ හැදුවත් ,ජයේ ගුරුන්නාන්සේ ඉස්සරවෙලා ඒ අට දෙනාම මැරුවා. එදා මම ගීත්ට කිව්වේ මට තර්හ ගිහිල්ලයි ඒ අට දෙනා මැරුවේ කියල ,එහෙම මම කිව්වේ ඒ විදිහට බයකර්ස්ල හරි ගීත් ලවා අර වැඩේ කරවගන්ඩ.

මට කිසිම කෙනෙක් මරන්න ඕනාවුනේ නෑ. ගීත් දන්නේ නැතිවුනාට නෙතුශිකා මගෙ කතාව අහල කැමත්තෙන්ම මට උදව්කරන්නම් කිව්වා. එදා එයා තනියම අර පාලු වත්තට ගියේ මට උදව්කරන්න.

නෙතුශිකා මට බයයි කියල කිව්වේ ,අර එදා ගීත් එහෙ යද්දි සිහිනැතිවෙලා වගෙ හිටියේ බොරුව්ට ,ඒ රගපෑමක්. නෙතුශිකා කියන්නේ හරි ලස්සන හදවතක් තියෙන ,කිසිම දේකට බය නැති කෙල්ලෙක් කියල මට තේරුනා. නෙතුශිකා ගීත්ට ගොඩාක් ආදරෙයි.

ඔයා දන්නේ නැතිවුනාට මම ගොඩක් දේවල් දන්නව ගීත්. ඒ ආත්මෙ ඔයාව පතාගෙන ආපු ඔයාගෙ බිරිද වෙන්න ආපු කෙනා තමා නෙතුශිකා කියන්නේ

එහෙනම් ගීත් මම දැන් යන්න ඕනා. මේ දේත් කියල ඔයාට ස්තූතිකරන්නයි මම ආවේ . මම දැන් නිදහස් ආත්මයක්. ගීත් එක පැත්තකින්ගොඩාක් වාසනාවතයි කියල හිතෙනව.”

කියපු මාලතීගේ ආත්මය මම දිහා මොහොතක් බලන් උන්නා.

” ඒ ඇයි…”

මම ඇහුවා.

” ගීත්ට හම්බවෙලා ඉන්නව ගීත් වෙනුවෙන් පන දෙන්න වුනත් සූදානම් යාලුවො ,ඒ වගේම ගීත් වෙනුවෙන් පන දෙන්න වුනත් සූදානම් හොද පෙම්වතියක්. මම ජීවත්වෙලා ඉන්න කාලේ එහෙම කිසිම කෙනෙක් මට හිටියේ නෑ. එහෙම උන්නනම් මම තවමත් ජීවත්වෙලා ඉන්න වුනත් තිබ්බා කමක් නෑ මොනව හරී… යන්න කලින් මම ගීත්ට තව දෙයක් කියන්නද…”

” මොකක්ද ඒ….”

” කටු අනෝදා ගැන……..”

” කටු අනෝදා ගැන”

මාලතීගේ ආත්මය කියපු දේම මමත් ඇහුවා.

” ඔව් කටු අනෝදා ගැන තමා. ගීත් ගොඩක් ආසයිනේ කටු අනෝදා කන්න ,ඉතින් මේ වුන දේවල් එක්ක කටු අනෝද කන එකත් එපාවෙන්න ඇති. ඉතින් ඒ අදහස ගීත්ගේ හිතේ තියෙනවනම් ඒ අදහස දැන්ම අයින් කරගන්ඩ , මොකද කටු අනෝදා කැඩුව කියල කටු අනෝදා කෑව් කියල මම වගේ ආත්ම ගීත්ලා නෙතුශිකාල පිටිපස්සේ ආයෙ එන්නේ නෑ…. සමහරවිට මේ මුලු ලෝකෙන්ම කටු අනෝදා ගෙඩියක් කඩල ඒ කඩපු කෙනා පිටිපස්සෙන් ආපු එකම ආත්මය ත් මම වෙන්න පුලුවන්.

එහෙමන් ගීත් මම දැන් යන්න ඕනා. සමහර විට ගීත් ආයෙ කටුඅනෝදා ගෙඩියක් දකිද්දිත් මේ මාව මතක්වෙයි. මගේ කතාව මතක් වෙයි. එහෙම වෙයි නේද….”

කියපු මාලතීගේ ආත්මය මොහොතක් අහිංසක සිනාවකින් මා දිහා බලන් හිටිය. ඊට පස්සේ එදා වගේම සුදු දුමකට පරිවර්තනය වෙලා අල්මාරියේ කන්නාඩියෙන් පිට වෙලා එදා වගේම මගේ කාමරේනුත් පිටතට ඒ දුම ඇදිල ගියා.

” ඔව් සමහරවිට මට ජීවිතේ තියන තාක්කල් කටු අනෝදා ගෙඩියක් දකින වාරයක් වාරයක් පාස මට මාලතීගේ ආත්මයත් මේ වුන සිදුවීම් පෙලත් අමතක නොවන මතකයක් විදිහට මතකේ රැදිලා තියේවී”

මට හිතෙද්දි මට ඇහුනේ එකම එක හඩක් පමනයි. ඒ තවමත් නොනවත්වා ම ඇහෙන මාලතීගේ ආත්මයටත් මටත් කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න නිදහසේ කතාකරන්න ඉඩ සලසාදුන්න ඒ මොරසූරන වැස්සේ හඩ පමණයි.➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️සමුදෙන්නම් කොටස් 12 ම ඔයගොල්ලන්ට රසවිදින්න දුන්න කටු අනෝදාවලට……

කටු අනෝදා සාර්ථක කද අසාර්ථක මම දන්නේ නෑ. ඒක දන්නේ කියවපු ඔයාලම තමා ඉතින්. අවසාන කටු අනෝදා ගෙඩිය රසවත්ද දන්නෙත් නෑ….

කොහොමවුනත් කොටස් දොලහක් තිස්සේ මගේ කටු අනෝදා රසවිදපු කතාව කියවපු ලයික් කමෙන්ට්ස් දාපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තූතී…

මම එහෙනම් ගිහින් එන්නම්…….

මම Raaz

12 thoughts on “කටු අනෝදා | ➡️ 12 අවසන් කොටස | හොල්මන් කතා”

  1. Comment වැඩිය නොදැම්මත් කතාව ඔක්කොම ඉවර වෙනකම් බැලුවා ඇත්තටම බය හිතුනා වගේ ඇත්තටම පට්ට රසයි කතාවට වගේම කතා අහුර ඇප් එකටත් ආදරය කරන කට්ටිය දාමුද like එකක්

    11
  2. Aneee mechchara davasak asaven rasa kara kara kapu katu anodath ivarai neda.ekatanam dukai??
    Eth raz oya ikmanatama aye lassana kathavak aran ei kiyana wishvase thiyanava????
    Good luck

    1
  3. කතාව ලස්සනයි ගොඩක්… මේ කතාව ඉවර උනත් මේ වගේ ලස්සන තව අලුත් කතාවක් අරන් එයි කියලා හිතනවා මං…

    1
  4. Pattama rasa katu anoda gedi 12kin pirunu gahakma oya dunne. Godak lassanata oya me kathawath dunna. Aththatama raz oyage katha harima wenas wagema hoda adarshayk e kathawa thulin denawa. Me wagema lassana katha thawath issarahata apita denna. Ape mahansiya, widaawa, paaluwa niwaganna thiyena hodama deyk thamai කතා අහුර app eke thiyena katha tika thamai. E atharinuth horror & adventure kiyana de thiyenne oyage kathawe. Aasawen kiyewwa; kiyawanawa oyage katha…
    Good Luck!

    1
  5. Mechchara kal katha kiyewwat ada thama register une.e unet comment ekak dala yanna onema hinda.supiri kathawa.patta end eka.suba pathanawa.

  6. ගොඩක් ආශාවෙන් බයෙන් බයෙන් කියෙව්වෙ අවසන් වෙනකම්ම.ලස්සන හැම කොටසක්ම කුතුහලය අභිරහස් තිබ්බ කතාවක්.best of luck.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.