Katha Ahura

?ඒන්ජල්? | 46 කොටස | නවකතාව

5/5 - (1 vote)

74 කොටස

” හෙලෝ…අවිරු…”

” ආ..මේ…ඔයාද ඒන්ජල් ? ”

” ඔව් මං තමයි .කාගෙද අර ගෑනු කටහඩක් ඇහුනෙ ? ”

” ක්..කාගෙද..? ”

” කාගෙද කියල තමයි මාත් අහන්නෙ ? ”

” ඔ..ඔයාට මො..මොකක්හරි ඇහුනද ? ”

” කවුද ඒ ඩිවෝස් වෙන්න ඕන කිව්වෙ ? ”
” ඔයාට එහෙනම් ඔක්කොම ඇහිලා වගේ ”

” මොනාද අවිරු මේ වෙන්නෙ ? ඇත්ත කියන්න මට..”

” හ්ම්ම්..මං කියන්නම්..ඇත්තම කිව්වොත් ඒන්ජල් ..මම ටික දවසක් තිස්සෙ ඔයාගෙන් දෙයක් හැංගුවා ”

” අ..අවිරු ! ඔයා මේ මොනාද කියන්නෙ ? ”
” ඔව් ඒන්ජල්..ඇත්තම කිව්වොත් මං…මං…මේ…”

” මාව බය නොකර කියන්න අවිරු ”

” මං කියන්නම්…ඇත්තම කිව්වොත් මම..ම..මම මෙගා නාට්‍යයක් බලන්න පුරුදු වෙලා..”

මේ මෝඩයා මොනාද මේ කියවන්නෙ..මේක කියන්නද මෙච්චර තැටමුවෙ..බූරුවා..

” ඒයි හිකනලා..මං කොච්චර බයවුනාද කියල දන්නවද ? ”

” ඇ..ඇයි අනේ ? මං ඇත්ත කිව්වෙ..”

” ඔයාගෙ ෆෝන් එකෙන් එහෙම ගෑනු කටහඩක් ඇහුනම..අනික ඒ වගේ දෙයක් කිව්වම…”

” ඒයි..මං ගැන එහෙමද හිතුවෙ ? මාව විශ්වාස නැද්ද ? ”

” ඔයාව විශ්වාසයි අවිරු .ඒත් එකපාරම ඔහොම දෙයක් ඇහුනම බයවෙනවා කියල තේරෙන්නැද්ද ? මගෙ පපුව තාමත් ගැහෙනවා ”

” කෝ බලන්න ”

” මොකක්ද ? ”

” පපුව ”

” ශික් ඔයානම්..”

” ලග හිටියනම් බලනවනෙ අත තියලා ගැහෙන තරම..ඇයි දවසක් මට කුක්කුත් පොවන්න හැදුවෙ..”

එයා එහෙම කියල හිනාවෙන්න ගත්තෙ මහ හයියෙන්..එයාට මෙච්චර දෙයක් වුනාට පස්සෙත් ජෝක්..මහ පිස්සෙක්..

” ඒයි..මොකද ඔහොම හක්ක පන්නගෙන හිනාවෙන්නෙ..ඇයි අමතක වුනාද මටත් තියෙනවා හිනාවෙන්න දෙයක්..මගේ කොල්ලත් දැන් මල් කතා බලනවනෙ..”

” හා..හා..දැන් නවත්තගන්න..දැන් මෙහෙමයි.ඔයා ඕක කාටවත් කිව්වොත් එදා වුනු දේත් මං හැමෝටම කියනවා.ඒ නිසා දෙන්නම කටවහන් ඉන්න ඕනෙ.ඒක දෙන්නටම සාධාරණයිනෙ..තේරුනාද ? ”

” ම්ම්ම්..ඒක හොදයි..හරි..එකගයි..”

” ගුඩ්…ඉතින් මොකද මට කෝල් කලේ ? ”
” ඔයා ලේස්තියිද කියල දැනගන්න..අම්මා කිව්වා ඔයාට උදේ හය වෙද්දි අපේ ගෙදරට එන්න කියලා ”

” ආ..ඕකේ..මං සුමනම්මටත් කිව්වා.එයත් එක්ක මං එන්නම්.”

” සෙනූත් එනව කිව්වා.”

” අම්බෝ..එහෙනම් ඉතින් කනක් ඇහිලා යන්න බැරිවෙයි.ඇයි ඉතින් දෙන්නා හම්බවුනු වෙලාවෙ ඉදලම කියවන එකනෙ වැඩේ..”

” කනක් ඇහිල්ලෙ යන්න ඕනනම් කන් ඇබ දෙකක් ගහගන්නවා ”

” මේ..ඒකනෙවේ..හෙට මගේ ලගද වාඩිවෙන්නෙ ? ”

” ඔයා ලග ? ”

” ඔව් ”

” ඇයි මං ඔයා ලග වාඩිවෙන්නෙ ”

” හා..එහෙනම් ඕන තැනක වාඩිවෙනවකො..මට මොකද ? ”

” පිස්සුද අනේ අම්මලා ඉන්නවනෙ හෙට..ඒක හෙට බලමුකො ”

” ම්ම් හරි..දැන් ඇදුම් එහෙම ලෑස්ති කරගෙනද ඉන්නෙ ? ”

” ආ..ඔව්..”

” එහෙනම් දැන් මෙතන කියව කියව ඉන්නෙ නැතුව නිදියගන්න.නැත්නම් උදේ ඇහැරෙන එකක් නෑ.එහෙම වුනොත් ඔයාව දාලා යන්න වෙන්නෙ අර හෝම් අලෝන් එකේ වගේ..”

” මට කියන්නෙ ඔයත් ඉතින් උදේට ඇහැරවන්න අමාරුයිනෙ.මට තමයි කියන්නෙ ලොකුවට.ගිහින් නිදියගන්න ඔයා ”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

දැන්ම නිදියන්න කියල දෙන්නම කිව්වට කාටවත් ඕන වුනේ නෑ කෝල් එක කට් කරන්න.ඉතින් අන්තිමට පැයක් විතර මල් කඩලා දෙන්නම නිදියන්න ගියේ දෙන්නගෙම කට ඇරෙන්න ගත්තු නිසා..

ෆෝන් එක කොට්ටෙ යටට තල්ලු කරලා මම ඩෙවිල්ව ඇදට ගත්තා.ඊටපස්සෙ ශීට් එක අරගෙන එයාටත් පෙරවලා මම ඇස් දෙක පියාගත්ත ගමන්ම අර කවුද වැලදගන්නවා කියල කියන්නෙ.ආ..නිදි දෙව්දුව..අන්න එයා මාව වැලදගත්තා..

එයා මාව කොච්චර තදින් වැලදගෙනද කිව්වොත් මට ඊලග දවසෙ උදේ ඇහැරුනෙත් පරක්කුවෙලා.ඒ ඇහැරුනෙත් ඩෙවිල් නිසා.එයා මගේ මූන උඩට පැනලා කෙල ගාන්න ගත්තම මම ඇස් අරිද්දි පවා එයාගෙ කෙලවලින් මගෙ ඇස් පවා බොද වෙලා තිබුනා..

මගේ බැනුම් කෝටියක් මැද්දෙ ඩෙවිල් ඇදෙන් බිමට බැහැලා දුවන්න ගත්තෙ පහලට.මම ඉක්මන්ට ඇදෙන් බිමට පැනලා වොශ්රූම් එකට දිව්වා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

මට ඊටපස්සෙ ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි අදින ඇදුම මොකක්ද කියන එක.කබඩ් එකේ ඔක්කොම ඇදුම් ටික පෙරලලා පෙරලලා මම අතට ගත්තෙ ලා නිල් ඩෙනිමක් එක්ක තද රතු ටී ෂර්ට් එකක්.ඇදුම් ටික ඉක්මන්ට අයන් කරලා ඒවත් ඇදගෙන කොන්ඩෙ පීරලා උඩට කරලා බෝල් එකක් හදාගෙන රෙඩ් ඇන්ඩ් වයිට් ඩෙක්ෂූස් දෙකත් දාගෙන මම ඇද යට හිටපු ඩෙවිල්වත් ඇදගෙන ඇවිත් එයාටත් රතුපාට කොලර් එකක් දැම්මා..

ඊටපස්සෙ එයාවත් එක්කගෙන මගේ ට්‍රැවලින් බෑග් එකත් ඇදගෙන මම පහලට ආවා.ඒ වෙලාවෙ අම්මා හිටියෙ බෑග් වගයකට තවත් ඕන දේවල් දාන ගමන්..

” ආශි..ඔයා ඔයාගෙ ජර්සි එක ගත්තද ? ”

” ඔව් අම්මා.”

” එතකොට ස්කාෆ් ටික ? ”

” ඔව් අම්මා ”

” හම්මෝ වෙලාවට..නැත්නම් එහේ ගිහිල්ලත් හච්චින් ගගා ඉදීවි.”

” බෙහෙත්වලින් මට සෑහෙන්න හොදයි අම්මා.මට සෙම තිබ්බෙත් නෑනෙ..දැන් හොදයි ”

” අවිරුටත් හොද ඇති දැන්..”

අම්මා එහෙම කියද්දි මම ඔලුව කහ කහ බිම බලාගත්තා.

” ආශී..ඩෙවිල්ව මොනම දේකටවත් අතාරින්න එපා.ලීෂ් එක දාගෙනම ඉන්න.එයා තාම පොඩියි.අනික වාහනවලට හුරුත් නෑ.තේරුනාද ? ”

” හරි හරි අම්මා..එයාව මගේ ලගින්ම තියාගන්නම්කො ”

” ඩෙවිල්ගෙ වගකීම මම ඔයාට දෙනවා සම්පූර්ණයෙන්ම.එයාව හොදට බලාගන්න.අනිත් එක..ඔයා අදින ඇදුමෙ පාටට ඩෙවිල්ගෙ කොලර් එක වෙනස් කරන්න එපා.එයාට ඒක අමාරුයි ”

” නෑ නෑ අම්මා..මේ කොලර් ඔක්කොම එයාට කිසිම අමාරුවක් නැතුව මේ ඕන එකක් දාන්න පුලුවන්.මම හොදට බලලා ගොඩක් සනීපයි කියල හිතුනු ඒවා විතරයි ගත්තෙත්..”

” එහෙනම් කමක් නෑ ..දැන් ඔක්කොම හරිද ? අනිත් අය එනකන්ද දැන් ඉන්න තියෙන්නෙ ? ”

” ඔව් අම්මා.බෑග් ටික හරී.ඩෙවිල් හරී.මාත් හරී.”

” නෑ ..ඔයා දැන් ගිහින් මල් නෙලලා පහන පත්තු කරන්න.මෙහෙම ගමනක් යන්න කලින් බුදු පහන තියල තමයි යන්න ඕනෙ ”

” හරි අම්මා ”

මම මල් වට්ටිය අරන් එලියට බැහැලා වතුසුදු ගහ පැත්තට ගියා.වතුසුදු ගහෙන් මල් ගොඩාක් නෙලාගෙන වට්ටිය සුදුමල් වලින් පුරවගෙන මම ආයෙම ගේට්ටුව පැත්තට හැරුනා.එතකොට මම දැක්කෙ අපේ ගේට්ටුව ලගින් නතර කරපු ත්‍රීවීල් එකක්.ඒකෙන් බැස්සෙ ලොකූ බෑග් එකක් අරගත්තු සුමනම්මා.ඊටපස්සෙ තව බෑග් එකක් අරගෙන අවිරු බැස්සා.

මම එතෙන්ට ගිහින් ගේට්ටුව ඇරලා එයාලගෙ ඉස්සරහට ගියා.

” අම්මෝ ආශි නෝනා..අදනම් සුභයි..මල් වට්ටියක්ම අරගෙන නෝනාම ඉස්සරහට ආවා ”

සුමනම්මා කිව්වෙ මූනෙ ලොකූ හිනාවක් තියාගෙන.

” කෝ අනිත් අය ආවද ? ”

” තාම නෑ අවිරු..එයාලා දැන් ඒවි.ඔයාලා එතකන් ගේ ඇතුලට යන්න ”

” සුමනම්මා ඔය බෑග් එක දෙන්න.ඔයා යන්න මම බෑග් දෙකම අරගෙන එන්නම් ”

අවිරු එහෙම කියලා බරට බරේ තිබුනු බෑග් දෙකම අත්දෙකෙන් උස්සගත්තට පස්සෙ සුමනම්මා ගේ ඇතුලට ගියා.අවිරු යන්න හදද්දිම මම එයාගෙ අතින් අල්ලගත්තා.

” කෝ මට බෑග් එකක් දෙන්න ”

මම එයාගෙ එක අතක තිබුනු බෑග් එකෙන් අදින ගමන් කිව්වා.

” ඔයාට බෑ මැට්ටී.බර වැඩියි මේවා.මම ගෙනියන්නම් මට පුලුවන් ”

” කිව්වම දෙන්නකො.”

” අනේ එහාට වෙන්න මැට්ටි.ඔයාට බෑ ”

අවිරු එහෙම කියලා යන්න හදනකොට මම අතේ තිබුනු මල් වට්ටිය මිදුලෙ තිබුනු බංකුව උඩින් තියලා එයාගෙ අතේ තිබුනු බෑග් එකක් ඇදලා මගේ අතට ගත්තා.

” බෑග් එක විතරක් නෙවේ.මේ වගේ අපේ හිතේ තියෙන හැමදේම අපි බෙදාගන්න ඕනෙ.තේරුනාද ? ”

” තේරුනා මැට්ටි..”

අවිරු එහෙම කියලා ආදරෙන් බැලුවෙ මං දිහා..

ඊටපස්සෙ අපි දෙන්නම බෑග් දෙකත් උස්සන් ගේ ඇතුලට ආවා.

” ඉන්න මම මල් වට්ටිය අරගෙන එන්නම් ”

අවිරු එහෙම කියලා ඉක්මන්ට ගිහින් මල් වට්ටිය ගෙනාවම අපි ඔක්කොම එකතුවෙලා මල් පූජා කලා.

ඇයි දන්නෑ තාමත් අයියලා නැත්තෙ..මම එහෙම හිත හිත ඉන්නකොට අවිරු ගිහින් ඩෙවිල්ව හුරතල් කරන්න ගත්තා..

එතකොටම මට ඇහුනෙ මංගලා ආන්ටිගෙ කටහඩ.

” ඔන්න අපිත් ආවෝ..”

මංගලා ආන්ටි එහෙම කියාගෙන බෑග් ටිකක් අරගෙන එද්දි අරවින්ද අංකලුත් ගේ ඇතුලට ආවා.

” කෝ එතකොට අයියා ? ”

” මාත් ඉන්නවෝ..”

අයියා එහෙම කියාගෙන දොරෙන් ඇතුලට එද්දි මම එයා දිහා බැලුවා.මට ආපු හිනාව නවත්තගන්න බැරුව මම අතින් කටවහගෙන ඉන්නකොට හැමෝම බැලුවෙ මං ඇයි හිනාවෙන්නෙ කියලා .අයියත් පුදුමෙන් වගේ මං දිහා බලාගෙන හිටියා.ගොඩක්වෙලා මං හිනාවෙනවා බලන් ඉන්න බැරුව අයියා ,

” මොකද ඔයා හිනාවෙන්නෙ ? ”

” අයියා…ඔ..ඔයාගෙ ෂර්ට් එක…! “

6 thoughts on “?ඒන්ජල්? | 46 කොටස | නවකතාව”

  1. Nirosha Lakmali

    අම්මේ ඇති යන්තම් අවිරු මෙගා ටෙලි නාට්‍යයක් බලලා තියෙන්නේ. මං හිතුවා අවුලක් වෙයි කියලා බයෙන් හිටියේ. තෑන්ක්ස්. හරිම ලස්සනයි. හදවතින්ම සුභ පතනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.