Katha Ahura

පරවි | අනූ තුන්වන කොටස | නවකතාව

කතාව කොහොමද?

පරවි
අනූ තුන්වන කොටස

එක දිගටම එතන ගෝශාවක් වෙද්දී .. වෙඩි උන්ඩ කීපයක් පත්තු උනේ …
පුතාගේ ..කෑගැහිල්ල මහ විලාපයක් කරලා …
ඒත් එක්කම හැමදේම … නොපෙනී නොඇසී යන්න ගියා ….

❤️

සු..ද්දී …

ලාවට ඇහුන කටහඩට … මන් ඈස් අරින්න හැදුවත් … මට ඇස් අරින්න බැරි තරමට ඇස් පියවිලා … මගෙ අත පය .. ලාවට හොලවන්න පුලුවන් උනත් ඇස් ඇරගන්න මන් ලොකු උත්සහයක යෙදුනා …

මූනට වැදුන සැර එලිය එක්ක … මගේ ඇස් ඇරුනේ ඉබේටමයී …
ඇගට දැනුනේ අමුතු සීතලක් …

කො…හෙ…ද …මේ ….

මන් වටපිට බලන ගමන් බැලුවේ .. අදුනන කෙනෙක්ව ….

මුන පුරාම රැවුල වැවුන … මූනක් … මන් ලගම ඉදගෙන මට බර උනේ … හුරුපුරුදු බවක් මට අගවලා … මන් උත්සහ කලා ..කවුද කියලා මතක් කරගන්න

සු…ද්….දී….

ඒ ඇස් තවත් බරවෙලා ..මගේ මූනට … මගේ හිස අතගෑවෙ ආදරෙන් ….

අ…..හ්…..අ….හ් ම්…මා…..

මගේ පපුව ලගින් ඇහුන .. හීන් කෙදිරියට මන් … බැලුවේ …. අනේ … පුන්චී රෝස පාට අතක් මගේ පපුව උඩ වැටිලා …
මන් බැලුවේ …හිමීට .. ඒ මූන දිහා … බෝල ඇස් වලින් මන් දිහා බලන් ඉන්නවා …

මන් ඔලුවට අත තියාගත්තේ … සිද්ද උනේ මොකද්ද කියලා මතක් කරගන්න …
මන් උත්සහ කලත් … ඇත්තටම මට මතක් උනේ නෑ …

අමතක … කරන්න…

මේ අපි තුන් දෙනාගේ ලෝකේ …

නෑ … මට මතකයී … මට හැමදේම ආයෙ ආයෙම මැවෙන්න ගත්තේ …

රැ…න්…ඩි…අයි…යා …

මන් අල්ලගත්තා ඒ අතින් ….

ඇයී මෙච්චර වෙනස් වෙලා ..මූන පුරාම අපිලිවෙල රැවුල … මන් මෙහෙම කොච්චර කාලයක්ද…

මේ දරූ පැටියා …

මගේ හිතට ආවේ කෙලවරක් නැති ප්‍රශ්න …

මන් බැලුවේ .. මගේ ඇදුමේ නූලක් ඇද ඇද ඉන්න පුන්චී පුතා දිහා …

මේ…තිසූ… අයි…යා…ගේ….

මගේ හිත මට අමතක වෙච්ච දෙයක් මතක් කරලා දුන්නේ …

අපේ..පුතා … සුද්දී …

‍රැන්ඩි අයියා පුතාවත් සිපගත්තේ මට එහෙම කියලා …
ඇයී මම මෙතන ඉන්නේ …

මොකද්ද උනේ …

එදා මොකද උනේ … මාව මෙහෙට ගෙනාවේ කවුද …

සතියක් .. විතර මම මෙහෙද ..

පා…රෝ…..

කාමරේට කෑගහගෙන ආවේ … හේශී එක්ක පැංචී …
ඒ මූනේ තිබ්බ හිනාව මාව පිලිගන්න …
දෙන්නම එක වගේ ඇදලා … පන්සල් යන්න ඇතී ..

කොහොමද පාරෝ …දැන් …
හොදයිද …

හේශී මගේ ලගට ඇවිත් මගේ හිස අතගාලා ඇහුවේ ..
මන් හිනාවෙලා ඔලුව වැනුවේ දැන් හොදයී කියන්න …

මන්… උත්සහ කරා නැගිටින්න ..ඒත් උදරය පැත්තෙන් එක වේදනාව මාව වැලැක්කුවා …

මාව මතකද….

හේශී ලගට ඇවිත් ඇහුවාම … මට හිනාගියේ ඉබේටමයී …

කොහොම අමතක වෙන්නද … කොලබ ඉදගෙන මට සලකපූ එකම කෙල්ල … යාලුවෙලා තරහා වෙලා .. එකට හිටපු කෙල්ල …

හ්ම්ම්…
ලොකු කාලයක්… න්හ්…

හේශී ලොකු හුස්මක් පහලට දාන ගමන් කිව්වේ …

මේ හැම සිද්දීයම වෙලා මන් සතියක් ඉන්නැතී … ඉතින් … ඒක මහ ලොකු කාලයක් වෙනවාද …

මට එහෙම කියන්නත් හිතිලා මන් නොකියා හිටියා
රැන්ඩි අයියා … එතනින් අයින් වෙලා එලියට ගියේ .. මටයී හේශීටයී … තනිවෙන්න ඉඩ දීලා …

පැංචිත් බිත්තියට හේත්තුවෙලා … බලගෙන හිටියේ මන් දිහා මැලවුන මූනකින් ….

රැන්ඩි අයියා කාමරෙන් පිට වුනත් එක්කම … මන් හැදුවේ පපුව බදන් නිදාගෙන ඉන්න පුතාව … බෙල්ල ලගට අරගෙන තුරුල් කරගන්න …

ඒත් … පුතා ඇහැරෙයී කියලා හිතලා මන් එහෙම. කරන එක හිතින් අතෑරියා …

උබේ මූනමයී ..පා..රෝ ….බලපන්කෝ …

හේශී පුතාගේ කම්මුලක් අතගාන ගමන් කිව්වේ …
ඇත්තටම මටත් එහෙම පෙනුනට ..මන් ඒක නොකිව්වේ … ලග ඉන්න අය මාව විහිලුවකට ගනී කියලා හිතලා …

හේශීටත් මට පෙනුන දේම පෙනිලා …

මන් හිනාවෙන හේශීගේ අතකින් අල්ලගත්තේ …
තැනින් තැන අමතක දේවල් මට මතක් කරගන්න ඕන නිසා

පා…රෝ…..
ඇ…යී මේ….

මට ඇත්ත කියන්න … මොකද්ද උනේ … මාව මෙහෙට ගෙනාවේ කවුද …. තිසුල අයියා කෝ …
මේ දරුපැටියා … ඇයී මන් ලග ….

මන් … හේශීගේ අත හිරකරගත්තා … මට දැනගන්න ඕන දේ … දෑනගන්න ඕනම නිසා …

හේශී … අසරන වෙලා වගේ බැලුවේ පැංචී දිහා …

අන්…හ්… හේශී…..

මන් බැගෑපත් උනා ….

මාස. හතරකට. කිට්ටුයී … උබ මෙහෙ ඉදන් …

හේශී කිව්වම මට අදහ ගන්න බැරිඋනා ….

මාස හතරක් … මන් මේ විදියට …
ඒක වෙන්නේ කොහොමද …මගෙ මතකේ විදියට … සතියකට වඩා නෑ …

නෑ … බොරූ … ඒක බොරු ….

නෑ ඇත්ත ඒක පාරෝ….

එතකොට … මේ දරුවා … මාස හතරම ..මන් ලගද… එහෙම වෙන්නෙ කොහොමද …
තිසූ අයියා කෝ …
එයාගේ දරුවා …
කෝ. මට තිසූ අයියාව. හම්බෙන්න ඕනේ …

මෙයා කොහොමද තාත්තා ගෙන් ඈත් කරන්නේ …

තිසූ අයියාගේ පණ … මේ දරුවා …
එයා මැරෙයී හේශී …

මට ඇඩුනා ඉබේටම …
මට තවත් දරාගන්න ඉඩක් නෑ

කතාකරන්න හේශී …
පැංචී කියන්න … කෝ …

මන් ඇවිටිලි කලා….

හැමදේම අමතක කරපන් පාරෝ …
රැන්ඩි අයියා එක්ක ජීවිතේ. හදපන් …
මේ දරුවා …උබ අම්මා කරගෙන ඉවරයී …

උබ … මේ දරුවාට අම්මා වෙයන් කෙල්ලේ …

හේශීගේ මූන දිගේ බේරුනේ කදුලු වැල් ….

හේශී කොහොමද මෙහෙම කියන්නේ …

මන් කොහොමද .. දෙයියනේ .. ඒ ලේ වෙන්කරන්නේ …
මොන පව්කාර කමක්ද …

බෑ හේශී මට ඒක කරන්න බෑ … මට බෑ ..තිසූ අයියාට ඉතුරු මේ දරු පැටියා විතරයී …
ප්ල්ස්. වදින්නම් … තිසූ අයියට දෙන්න .. දෙයියනේ .. පුතාව … එයාට ..මෙයාව්ද්ත් නැතිකරන්න එපා …

මන් අත් දෙක එකතු කරලා වැන්දේ හේශීගෙන්..අසරන කම කොහොම කියන්නද .එක ලේ වෙන් කරන්න තරම් පවුකාර වෙන්න බෑ මට …

පා..රෝ .. අඩන්න එපා බන් ඔහොම … මේ දරුවත් බයවෙලා …
අනේ කෙල්ලේ … මට තේරෙන්නේ නෑ බන් …

උබ ලෙඩ වෙයී ආයෙම …

මැරුනාවේ … මැරිලා ගියාවේ …
මට ජීවත් වෙන්න ඕනේ නෑ …

මන් අතේ ගහලා තිබ්බ කැනියුලාව ගලවලා විසිකරේ කේන්තියටමයී… .

එ…පා….පාරෝ…හිතුවක්කාර වෙන්න එපා …

එහෙනම් මේ දරුවා දෙන්න .තිසූ අයියාට … ඒයා හොයනවා ඇතී

මන් අඩ අඩම කෑගැහුවේ…

අන්..හ් ..පා..රෝ….
ති….සු….. කියලා කෙනෙක් නෑ …

හේශී එකපාරම එහෙම කිව්වේ මේ ගතවෙලා කිව්ව මාස ..හතරට මට තිසූ අයියාව අමතක ඇති කියලා වෙන්නැතී…
මට දුකත් එක්ක ආවේ කේන්තියක් …

නෑ …හ්… තිසූ අයියා … චායා මේ දරුවා .. මට මතකයී මේ ඔක්කොම …

ඇයී මට බොරු කියන්නේ අහ්… ඇයී බොරු කියන්නේ …

පා…රෝ… නවත්තගන්න ඕක ..
රැපා…… නැතිඋනා ….

එකපාරම දොර හයියෙන් ඇරගෙන ආව රැන්ඩි අයියා යටගිරියෙන් කෑගහලා කිව්වේ … මගේ ..හිතේ … රැපා අයියාගේ නම දෝංකාර දෙද්දී …

මන් ඔලුවේ අත ගහගත්තේ …

ති….සු….අයි….යා….

මම තවමත් දෑස් විසල් කරගෙන බලන් හිටියේ රැන්ඩි අයියා දිහා …

එයාගේ ඇස් බොද වෙලා …. ඔන්න මෙන්න තියෙන කදුලු කැටයක් .. වැටෙන්න නොදී මගේ දෑස් වලින් බේරෙන්න .. අනිත් පැත්ත හැරිලා බිත්තියට … හයියෙන් ගැහුවේ කේන්තියෙන්

මන් තවමත් … එකම විදියට .. බලාගෙන හිටියේ … මට ඇහුනදේ ඇත්තක්ද කියලා තාම … හිතාගන්න. බැරි නිසා …
මගේ. මූන දිගේ කදුලු වැල් බේරෙද්දී .. පැත්තකට වෙලා ඉකිගගහා අඩන පැංචීව මන් දැක්කා …

එහෙ….නම්… ඇ..ත්…ත…ඒ…දේ….

මට හයියෙන් කෑගහලා ඇඩුනා … කොච්චර විදෙව්වද මම … ලැබිච්ච දේ සතුටින් බාර ගත්තේ වෙන කරන්නම දෙයක් නැති නිසා මිසක් … මගේ හිතේ .. තිසූ අයියාට තිබ්බ ඉඩ .. දෙන්න මට බැරිඋනා…

ඇයී… ඒ ජීවිතේ නැති වෙන්න දුන්නේ … අයියේ …
ඇයී … මෙහෙම කරගත්තේ …

මන් ..ඇඩුවා … රැන්ඩි අයියා ඉන්නවා කියලා ගානක්වත් තිබ්බේ නෑ මට …
මෙච්චර කල් හිරකරන් විදවපු හැම දුකක්ම … මන් .. පිට කලා කෑගහලා අඩලා …

රැන්ඩි අයියා තවමත් බිත්තියට මුහුනලා … බරදීලා හිටියේ … එකපාරම හැරුන එයා වේගෙනම මන් ලගට ඇවිත් මගේ හිස හයියෙන්ම බදාගත්තේ .. එයාගේ පපුවට … මට සැනසීමක් දැනුනා …

මන් ඒයාගේ උදරය වටා අත දාලා … හිතේ දුක අඩ අඩ පිට කලා … ඉකි ගගහා ඇඩුවේ .. මට ..මේ දුක අඩලා ඉවර කරන්න ඕන නිසා …

අ…හ්…ම්මී……..අ..හ්..

මගේ ඇඩිල්ලත් එක්කම මට ලාවට ඇහුනේ ඒ කෙදිරිය..
මන් .ඇඩිල්ල නතර කරලා ..රැන්ඩි අයියාගේ පපුවෙන් ඈත් උනා …

අනේ … මගේ….පු….තේ ..

මගේ බෙල්ල ලගට එන්න දගලන පුන්චි පුතාව මන් .. ගත්තා … අත් දෙකෙන්ම මගේ බෙල්ල ලගට … අනේ …
මගේ බෙල්ල වටා අතදාගෙන … මගේ බෙල්ල අස්සෙම රින්ගගත්තේ …ලොකු කාලෙකින් ලැබිච්ච ආදරේ නිසා වෙන්නැතී …

හේශීගේ මූනේ. ලොකු හිනාවක් තිබ්බේ …

මට මෙච්චර ලන් වුනේ ඇයී කියන්න දන්නේ නෑ … ඒත්. මගේ .ඇගේ කොටසක් වගේ … මගේ ඇගේම ..හිර වෙන්න පුතාට ඕන කලේ ….

දුකක් දීලා ඔයා ගියාට … ඔයාගේ පුතාව අපි රජෙක් කරනවා තිසූ අයියේ …

මන් දෑස් පියාගෙනම බේරෙන කදුලු අතින් පිහන ගමන් … පුතාව තුරුල් කරගත්තා…

❤️

දවස් දෙකකට පස්සේ මාව ගෙදර එක්කගෙන ආවේ හරි පරිස්සමට …
රැන්ඩි අයියා .. පුන්චිවත් … රිදිල්ලක් වෙන්න නොදී මාව එක්කගෙන ආවේ කොලබට නුදුරින් තිබ්බ එයාගේ සුවිසල් නිවසට …

ඇයී කියන්න මම දන්නේ …නෑ … ඒත් … දරුවවත් අරගෙන …එයා ..මාවත් පරිස්සමින් ගේ ඇතුලට එක්කගෙන .. ආවා …

ඒ මූනේ තිබ්බේ ලොකු ආඩම්බරයක් …

අප්පච්චියේක් .. දැන් රැන්ඩි අයියා ….

වේදනා ඔක්කොම හිර කරගෙන … ජීව්තේ ගැට ගහන්න හදන අපූරුව මන් ඒ මූනේ දැක්කා….

හිනාවෙලා .. මගහරින ඒ වේදනාව .. මන් මගේ උකුසු ඇස් වලින් අල්ල ගත්තා …

තා…ත්…ති…

පලවෙනී පාරට … ගේ ඇතුලට එද්දී … රැන්ඩි අයියාගේ බෙල්ලේ එල්ලුනු පුතා … හාදුවක් දුන්නේ කම්මුලට … …

රෑන්ඩි අයියාගේ දෑස් විසල් වෙලා …

මෙච්චර ඉක්මනට රැන්ඩි අයියාට පුතා ලන් වුනේ කොහොමද කියන එක ට මට පුදුම හිතුනා …

බය උනාද… රැන්ඩි අයියා. මගේ කනට ..කරලා ඇහුවේ …

මම. නෑ කියන්න ඔලුව වැනුවේ …

ඔයාට කලින් මගේ පුතාට මන් තාත්තී වෙලා මාස ගානක් හොදද .

රැන්ඩි අයියා ඒ ටික කිව්වේ ගොඩක් ආඩම්බරයෙන් ….

අනේ ..මට ඒ වචන ටිකට .. රැන්ඩි අයියාව බදාගන්න හිතුනා …

පිස්සී මගේ … ඊරිසියාව මූනේ තියෙන …

අන් මේන් මන් මොකටද ඊරිසියා කරන්නේ .. අයියේ .. මේ දරුවා අපේ ….

හ්ම්ම් මන් දන්නවා … තිසූලයාගේ හීන … හැබෑකරමු මගේ සුද්දී …

ඌට අහිමි වෙච්ච .. දේවල් උනත් .. ඌ ආදරෙ කරපු ගොඩක් දේවල් මන් ලග …
ඌට මන් උන පොරොන්දුවක් ඒක …

රැන්ඩි අයියා මගේ දිහා බලන්නේ නැතුව පුතා දිහා බලලා .. ඒ වචන ටික කිව්වේ හරි අමාරුවෙන් ….මන් බලන් හිටියා ඒ ඇස් දිහා … පුතා දිහා බලාගෙන මට හන්ගන කතා ගොඩක් ඒ ඇස් වල …

අන්හ්හ්…. ඔ..යා… තනියමද …ගියේ ….

මන් එකපාරම එහෙම කියලා කාමරේ බිම තියලා තිබ්බ ෆොටෝ එක අතට ගත්තේ … හදිස්සියෙම දැක්ක නිසා

කිව්වත් වගේම .. රැන්ඩි අයියාට යන්න උනේ තනියම නේද … මට මතක් උනේ .. අපි දෙන්නගේ එක කතාවක් …
මට ඒ පොරොන්දුව ඉශ්ට කරගන්න බැරිඋනා…
හිතට ආවේ පසු තැවීමක් … මන් ඒ ෆොටෝ එක දිහා බලාගෙන හිටියා … රැන්ඩි අයියා ගේ මූනේ තිබ්බේ ලොකු පෞර්ෂයක් .. ඒ මූනේ අපිලිවෙලට තිබ්බ රැවුල නම් වෙනසක් නෑ …

ඔයා වෙනුවෙන් ..මන් ඒක ගත්තා සුද්දී …

රැන්ඩි අයියා පුතාව වඩාගෙන මගේ අතේ තිබ්බ එයාගේ කන්වකේශන් ෆොටෝ එක පිරිමදින ගමන් කිව්වේ .. මට දැනුනේ ලොකු ආඩම්බරයක් …… ඒත් එයා හෙමීට මගේ අත හිරකරද්දී … මට … එයාගේ මූනේ ඉරියව් හිතාගන්න බැරිඋනා ..

ඊලග කොටසට ….

පියුමි සේනාදී

8 thoughts on “පරවි | අනූ තුන්වන කොටස | නවකතාව”

  1. Chathu indeewaree

    පුදුම ලස්සනක් පියුමි කතාවනම්.හිතුවට වඩා වෙනස් වෙලා අවසානය. ඒත් රැන්ඩි අයියා & පාරෝ හදවතින්ම බැඳිලා ඉන්නේ කියලා දැනෙනවා දැන්..තිසූ අයියගේ පුතාට රැන්ඩි අයියයි පාරොයි හොඳ දෙමව්පියෝ වෙලා දැනටම.අවසාන කොටස තවත් රසවත් වේවි නේද මැණික…

    හෙට මේ කතාව ඉවරයි. මේ තරම් කාලයක් අපේ රසවින්දනය උදෙසා ඔයාගේ වටිනා කාලය කැප කළාට ගොඩාක් ස්තූතියි මැණික. ඉතින් ඉල්ලන්නම් ආදරෙන් ආයෙමත් හමුවෙමු මෙවැනිම සොඳුරු ආදරණීය කතාවක් සමඟින්. එතෙක් ඔබට ජය හා සතුට.. බුදු සරණයි පණ..

  2. අනේ තිසූ අයියා නැතිවුන එකට නම් දුකයි .
    ඒ වුනාට එයාගෙ පුතාට හොද අම්මෙකුයි තාත්තෙකුයි ලැබුනානේ.
    කතාව ඉවර වෙනව කියද්දි නම් දුකයි අක්කියෝ.
    මේ කතාවට අපි ගොඩාක් ආදරෙයි .
    අපිට ඔයාගෙන් තවත් ලස්සන කතාවක් ඕනි අක්කි .
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  3. Mn asa randi aiyata unath thisu aiya maruna ektanam dukai… hithuwe na kiyatawath eya marei kiyl.. godak lassanai akkiyo kathawa… eth parawi iwarawena ektanm dukai… mn asama kathawak mek.. pissuwen wage kiyeuwe…
    All the best akkiyo!!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. Ranmali subasinghe

    Mama kiyapu de hari giya ehenam.. kohoma hari kamak ne rendy aiyai paroi ekathu una ekata sathutui…. ❤️❤️❤️❤️❤️❤️❤️

  5. Nirosha Lakmali

    Godak sathutui rendi aiyawai parowai ekathu karata. Thisu aiyath godak duk widala nethi una eka gena nam dukai. Eth punchi putha nisa. Ayeth lassana wasanthayak uda wela. Kathawa harima lassanai. Ikmanata apita thawa kathawak denna. Parwi nisa thamai katha ahura kiyawanna patan gaththe. Ada e gena godak sathutui. Oya nam supirima supiri. Wish your all the best…..???????????

  6. Thakshi Deepali Jayasuriya

    අනේ….කතාව හරිම ලස්සනයි පියුමි අක්කියෝ…..මං රැපා අයියත් එක්ක තරහ නෑ දැන්…එයාට ඒ කරපු දේවල් කරන්න ලොකු හේතු තියෙන්න ඇති..රැන්ඩි අයියා නපුරු උනත් මං මුල ඉඳලම ආදරේ කලේ එයාට…මං එයාට දාපු නම මොකක්ද දන්නවද.. අන්ලිමිටඩ් ආදරේ දෙන ලිමිටඩ් බේබද්දා කියලා ???? ඒ නම කියන තව එක්කෙනයි ඉන්නේ…. ඉතිං…මේ තරම් ආසාවෙන් නොඉවසිල්ලෙන් කියවපු පරවි ඉවර වෙනවා කියලා හිතද්දි හරිම දුකයි..මං ඇප් එක ගද්දි පරවි 19 වෙනි කොටස වෙනකම් තිබ්බේ..මුලින් කතාව දිගයි මුල ඉඳලා කියවන්න වෙන නිසා කතාව නොකියවා හිටියා…පස්සේ එක දවසක් පරවි 1 ඉඳලා 24 වෙනකම් එක දිගටම කියෙව්වා….එදා ඉඳලෙ අද වෙනකම් පරවි තමා බෙස්ට්…..මට සමහර තැන් වල හුරුපුරුදු බවක් දැනුනා…ඉතිං අක්කියෝ..හැම ආරම්භයකම අවසානයක් තියෙන්න ඕනි..ඒත් ඒ අවසානය අලුත් ආරම්භයක් කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා…ඔයාට සුබපැතුම් මගෙ හදවතින්ම…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.