Katha Ahura

තරු මන්දාකිණී| දහතුන් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

3/5 - (2 votes)

දහතුන් වැනි දිගහැරුම

ඉස්කෝලෙ නිවාඩු හින්දා මං හිටියෙ හරිම සැහැල්ලුවෙන් .ඒත් සුදු මැණිකේ නම් හිටියෙ කලබලෙන්.ඇයි ඉතින් විභාගෙට තව දවස් 2යි නෙහ් තියෙන්නෙ…මටනම් හොදටම විශ්වාසයි සුදු මැණිකේ විභාගෙ පාස් වෙනවා කියලා..

උදේ ඉදන්ම සුදු මැණිකේ පේන්නවත් නෑ.සමහරවිට යාලුවන්ගෙ ගෙදර යන්නැති පාඩම් කරන්න.ආරච්චිත් ආලින්දෙට වෙලා දුම් ගුලි පිට කරකර ඉන්නවා.මං ශෝටකුයි ටී එහෙකුයි දාං පොඩ්ඩක් එලියට ආවෙ ගමේ ඇවිදින්න.කම්මැලි කමට.ඔහේ ගුරු පාරවල් දිගේ ඇවිදන් එද්දි මට මතක් උනේ දවසක් හිච්චිය අපිව එක්කන් ගිය චූටි දොල පාර .ගොඩක් වෙලාවට සුදු මැණිකේ එහෙ යන බව කිව්වනේ..සමහරවිට එයා දොලපාර හරියෙ ඉන්නවද දන්නෑ..එහෙම හිත හිතම මං ඒ පැත්තට ගියා.

ඔය ඉන්නෙ කිව්වත් වගේ..දම් පාට මල් වැටිච්ච චීත්ත ගවුමක් ඇදන් ගලක් උඩට වෙලා පොත් බලනවා.ඒ ඉරියව්ව හරිම ලස්සනයි.ආසාවෙ බෑ.ලගට ගිහින් තුරුලු කරගන්න හිතයි…මාව එයා දැක්කෙ නෑ.මං එන්න ආපිට හැරුනෙ මං හදිස්සියෙවත් එයා ලගට ගියොත් එයාගෙ පාඩම් වැඩවලට ඒක බාධාවක් නිසා.ඇරත් මේ වගේ සුන්දර පරිසරයක් ලස්සන කෙල්ලෙක් එක්ක තනි වෙනව කියන්නෙ ඉතින් හැගීම් පාලනය කරගන්න පට්ට අමාරුයි .ඒ නිසා එයාට නොපෙනි ආයෙම මං එන්න ආවා.

මට වැඩි දුරක් එන්න හම්බුන්නෑ..මගේ ඉස්සරහට ආවෙ එදා සුදු මැණිකේ ව වට කරන් හිටිය කොල්ලො සෙට් එක.මේ පාර නම් උන්ගෙ අතේ පොලු කෑලි තිබ්බ.පොඩ්ඩක් හිත ගැස්සුනත් යකඩ පොලු වලින් ,බයිසිකල් චේන් වලින් ගහගත්තු අපිට මේ දිරච්ච පොලු කෑලි හොදයි පඹයෙක්ට බදින්න.එහෙම හිත හිතම මම ඉස්සරහට ගියේ ඕන දේකට මූන දෙන්න බලාගෙන.

” ආ..එන්න..එන්න..අපි මේ ඔබ වහන්සේ වඩින කන් තමා බලා හිටියෙ….” එදා මගෙන් අම්බානක කාපු දිනුකයද මොකාද කිව්ව.

“ආ..බණ අහන්න වෙන්නැති….” මාත් මොකටද second වෙන්නෙ.

“බණ…බණ නෙවේ යකෝ…මං තොට කිව්ව නේද මගේ සුදු මැණිකේගෙන් අයින් වෙලා ඉන්න කියලා…තෝ කියන දේ අහන්නෙම නෑ නේද…ඈ ප#$&@..”

” උබ කියන දේ අහන්න උබ මගෙ අප්පොච්චිද..?? අනේ නිකන් පලයන් ඇට ගෙම්බො යන්න…”

” මොකද්ද හු$#% පුතෝ කිව්වෙ….තොට මම….” කියාගෙනම ඌ මගේ දිහාට ආවෙ පොල්ල අඹර අඹර .මට හිතන්නවත් වෙලාවක් නෑ.උන් තුන් දෙනාම මට පොලු වලින් තඩි බෑවෙ මගේ කෑගැහිල්ල මැද්දෙ..මොනා උනත් ඒ අවස්තාවෙ මං මාරම විදිහට අසරන උනා.මොකද මට අතපය හොලවන්නවත් වෙලාවක් මුන් තිබ්බෙ නෑ..මාව බිම දාගෙන පයිනුයි පොලු වලිනුයි ගැහුව.

“මූට ආයෙ ඇස් අරලා සුදු මැණිකේ දිහා බලන්න බැරි වෙන්න ගහපල්ලා…” මට යාන්තමට ඇහුනෙ ඒ වගේ දේවල්.මන් ඔලුවත් අල්ලන් මහ හයියෙන් කෑගැහුවෙ වේදනාවෙ වැඩි කමට.මගෙ මුලු ඇගම නිකන් හිරි වැටිල වගේ .ඔලුව පුපුරු ගහනවා.වටේම බොදවෙලා වගේ පෙනුනෙ…

“”තරූ . .” ඈතින් මට ඇහුනෙ මගේ සුදු මැණිකේගෙ කටහඬ .

“දුවපාන්…අන්න අරකි එනවා…” එහෙම කියාගෙන උන් තුන් දෙනා පැනලා දුවනවා මං ලාවට වගේ දැක්කා.ඒත් එක්කම අඩාගෙනම වගේ සුදු මැණිකේ ඇවිත් මාව බදාගන්නව විතරයි මට මතක .

මං ඇහැරෙද්දි ආයෙ හිටියෙ hospital එහෙක.මගේ ඔලුවයි අතපයයි බැන්ඩේජ් වලින් ඔතලා තිබ්බෙ .මගේ ඇද ලගම හිටියෙ සුදු මැණිකේයි ආරච්චියි.මං කෙලින් වෙන්න හැදුවත් බැරිඋනේ මාව මමියක් වගේ ඔතල තිබ්බ නිසා.

” අනේ මහත්තයෝ මොකැද්දෑ මේ උනේ… ” ඔන්න ඉතින් ආරච්චි බෙරිහන් දෙන්න ගත්ත.මගේ ඔලුව කැක්කුම double වෙනවා මේ කංකෙදිරියට.

” මහත්තයෝ .. උන් තාම දන්නෑ මේ මුදියන්සේ වලව්වෙ ආරච්චිගෙ හැටි .. ..මං උන් ඔක්කෝවම පොලෝසියට අල්ලලා දීලයි මේ ආවෙ..ආයෙ හත් අවුරුද්දකට උන්ව හිරේ ඇරලයි මං පස්ස බලන්නෙ…උන්ට කොහෙද එච්චර හයියක් මගේ වහලෙ යට ඉන්න මිනිස්සුන්ට කරදර කරන්න ..හහ්…හිතේ ඇති…මං මුලු ගමම ගිනිතියනවා….ඕකුන් හිරේ ගියෙ නැත්තං….” ආරච්චි කෙන්තියෙන් කියවනවා.ඒ අතරෙ සුදු මැණිකේ හෝ ගාලා අඩනවා.

” මට සර් කෑගහන සද්දෙ ඇහුනා…ඒ ඇවිත් බැලින්නම් දනුක අයියලා කට්ටිය සර්ට වටවෙලා ගහනවා….හහ්..හහ්…ඉහ්..”

” හරි දැන් මට මොකුත් වෙලා නෑනෙ…” මෙතන කට්ටියම කෑගහන්නෙ හරියට මං මලයි වගේනෙ.පොඩ්ඩක් ඉන්නෙපැයි fit එකට.මේ බලන්න මම..තුන් දෙනෙක්ගෙන් ඇට්ටි හැලෙන්න කාල ඇවිල්ලත් තාම මොකුත් නෑ වගේ ඉන්න ලස්සන…ඕන්නම් ඉල ඇට දෙක තුනක් කැඩිල ඇති …ඕකත් ඕන්නම් හෙට අනිද්ද වෙද්දි ආයෙ හරි යාවිනෙ..

මට දවස් 5ක්ම hospital එකේ ඉන්න උනා.ඒ අතරෙ සුදු මැණිකේගෙ විභාගෙත් පටන් අරන් තිබුනා.විභාගෙ ගැන ඇහුවම සුදු මැණිකේ කිව්වෙ හොදට ලිව්වා..පාස් වෙලා ඇති කියලා….මාත් ඉතින් විශ්වාස කරනවා මගේ මැනික හොදට පාස් වෙයි කියලා .

ඒ මාසෙත් විභාග එක්ක ගෙවිලා ගියේ මගේ නිවාඩුවත් අහවර කරගෙන.ආයෙ ඉතින් මට ඉස්කෝලෙ යන්න වෙන්නෙ තනියම තමයි.ඇයි ඉතින් exam වලින් පස්සෙ මන්දාකිණි ගෙදරනෙ ඉන්නෙ.මන්දාකිණි ගෙදරම නිසා මටයි එයාටයි වැඩිය කතාකරන්න වෙලාවක් තිබුන්නෑ.ඇයි ඉතින් ආරච්චි කොයි වෙලෙත් සැටලයිට් එක දාගෙනනෙ ඉන්නෙ.

” තරූ….” පහුවදා උගන්නන්න ඕනි පාඩම් බල බල කාමරේ උන්නු මට ඇහුනෙ සුදු මැණිකේ ගෙ කටහඬ .වෙලාව රෑ 7 යි.මෙයා මොකද මේ මගෙ කාමරේ කරන්නෙ..මං නැගිටලා ගියේ දොර ලග හිටිය මන්දාකිණි ලගට.

” මොකෝ මන්දාකිණී. . මේ වෙලාවෙ….”

” අප්පච්චි ගෙදර නෑ තරූ…මට ඔයා එක්ක කතා කරන්න ඕනි…ගොඩ දවසකින් ඔයා එක්ක හරියට කතා කරන්නත් බැරි උනානෙ ”

“කවුරුහරි දැක්කොත්…මාලනීවත්..”

” නෑ….එයත් නෑ..මං බොරුවක් කියලා එයාවත් කඩේට යැව්වා .හිච්චියත් අප්පච්චි එක්ක ගිහින්.දැන් ඉන්නෙ ඔයයි මායි විතරයි …” එහෙම කියලා ලස්සනට හිනා උනා.ඇත්තටම ගොඩ දවසකින් මං මෙයාව මේ විදිහට ලගට දැක්කෙ.තවත් ලස්සන වෙලාද මන්දා කෙල්ල.මං කෙල්ලව ලගට අරන් ටිකක් වෙලා එයා දිහා බලා හිටියා.

” මොනාද බලන්නෙ… ” කෙල්ල හුරතලෙන් වගේ ඇහුවෙ .

” මගේ කෙල්ලගෙ ලස්සන බැලුවෙ…ඉඹින්න හිතයි …” එහෙම කිව්වම කෙල්ලගෙ මූන ලැජ්ජාවෙන් රතු උනා.ඒක දැක්කම නම් මට ඇත්තටම එයාව ඉඹින්න හිතුනා.ඉතින් මං පාත් වෙලා එයාගෙ රෝස දෙතොල් සිපගත්තා…ගොඩ දවසකින් හම්බුන නිසා අතාරින්නරකයි..හිතලා ගොඩ වෙලාවක් මං එයාව සිප ගත්ත.හම්මෝ….රෝස තොල් රතූ වෙලා.මං එයාව ආයෙම පපුවට තුරුල් කරගත්තෙ ආදරෙන්.

“මං ආදරෙයි මන්දාකිණි ….”

“මාත් ආදරෙයි තරූ.. ”

මන්දාකිණීව යවන්න කලින් ආයෙම එයාගෙ දෙතොල් සිපගනිමින් ඉන්දැද්දි කාමරේ දොර ගාවින් ඇහුනු කටහඩට මාව මන්දාකිණීගෙන් ඈත් උනේ එක පාරටමයි .

“සුදු මැණිකේ !!!”

මායි සුදු මැණිකේයි බලා හිටියෙ බයෙන්.කාමරේ දොර ගාවින් හිටියෙ මාලනී…ඇස් දෙකත් ලොකු කරගෙන බලාහිටියෙ අපි දිහා.බයටමද මන්ද මන්දාකිණි මගේ අතකින් අල්ලගත්තා.

” අනේ අනේ සුදු මැණිකේ …මොකැයි මේ කොරන්නේ…..”

” අනේ මාලනී.. ” අඩාගෙනම ඒ පාර මෙයා මාලනී ලගට දිව්වා .

” ආරච්චි මාත්තයා දැක්කනම් ඒම මෙතන විසුමක් වෙන එකක් නෑ…..මහත්තයව මරල දාවි ආරච්චි ….”

“අනේ මාලනී ….අප්පච්චිට කියන්නෙපා…අනේ….අනේ මාලනී . ..කියන්නෙපා අප්පච්චිට …” අඩ අඩම සුදු මැණිකේ මාලිනීගෙ අතේ එල්ලෙනව.

“අනේ මන්දා සුදු මැණිකේ ……සුදු මැණිකේ කරන්න ඕන වැඩද මේ…..”

” අනේ…මගේ ඔලුවෙ අත තියලා දිවුරන්න මාලනී …අප්පච්චිට කියන්නෙ නෑ කියලා මේක …..අනේ ..ඔයා කිව්වොත් ඇත්තමයි මං අර වැවට පැනලා මැරෙනවා….මට තරූ සර් නැතුව බෑ මාලනී…මං එයාට ආදරෙයි …” මං මොකුත් නොකියා ගොලු වගේ ඉන්දැද්දි සුදු මැණිකේ අඩ අඩම කිව්වා.

” අනේ මන්දා මැණිකේ …මං මැණිකේ ව හැදුවෙ ඇස් දෙක වගේ…..හරි මං කියන්නෑ කියලා පොරොන්දු වෙන්නම්කෝ.. ..දැන් නාඩා ඉන්න…හැබැයි ඉතින් ඕං ඔය සම්බන්දෙ නතර කරන්නෝනි…” සුදු මැණිකේ ගෙ ඔලුව අතගගා මාලිනී කිව්ව කතාවට මාව පිස්සු වැටුන.

” අනේ ඇයි එහෙම කියන්නෙ…මං තරූට ආදරෙයි ..තරුත් මට ආදරෙයි මාලනි….ඇයි මාව එයාට ගැලපෙන්නැද්ද මාලනී ….. ” සුදු මැණිකේ ඇහුව.

” ඔය දෙන්න ගැලපෙන ජෝඩුව උනාට ඔය සම්බන්දෙ හරියන්නෑ මැණිකේ …ඕක නවත්‍තන්න..ඔයාට කවදාවත් තරුක මහත්තයව බදින්න ලැබෙන්නෑ මැණිකේ …” එයත් අඩ අඩම කියවනව.ඇයි එයා එහෙම කියවන්නෙ.

” ඇයි මාලනී ඒම කියන්නෙ…”

” ඒකට හේතුවක් තියෙනවා…මට ඒක කියන්න බැහැ…මං කියන්නෙ ඕක හරියන වැඩක් නෙවෙ..ඔය සම්බන්දෙ නතර කරන්න..මං මේ මහත්තයටත් එක්කයි කියන්නෙ .” එහෙම කියාගෙන එයා යන්න ගියා.කදුලු පිරිච්චි ඇස් වලින් සුදු මැණිකේ මං දිහා බලලා යන්න ගියේ අඩ අඩ.මට නිකන් පිස්සු වගේ …ඇයි මට සුදු මැණිකේ ව ලැබෙන්නැත්තෙ..මගේ මොකද්ද තියෙන අඩුපාඩුව..??

*********************

ඇත්තටම මාලනී කියන සුදු මැණිකේ ව තරුකට නොලැබෙන්න හේතුව මොකද්ද…ඒ හේතුව මොකද්ද කියල හෙට ඔයාලට තේරේව්..ඒනිසා හෙටත් එන්න..මොනා උනත් තරු තියෙන්නෙ මන්දාකිණි වල.???

,M.A.Rashmi

5 thoughts on “තරු මන්දාකිණී| දහතුන් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    Ai sudu manikewa kawru hari hipatuwekta yojana karalada… Mona ekak da ane… Tharuta dennako mandakiniwa.. ???? wedak na nethnm….

  2. Harima lassanata kathawa galagena yanawa, elaga kotase mokak wewida kiyala danaganna inne Harima asawakin Ashka,aththatama Harima lassanai kathawa?❤, anee kathawe duka hithena awasanayak nam wenna epa?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.