Katha Ahura

ලේ | 20 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

20 කොටස

” මහත්තයා මහත්තයා ,මොකද මේ එකපාරටම කෑ ගැහුවේ…..”

මාකස්ගේ හඩිනුයි මම ආයෙත් පියවි සිහියට ආවේ. මම කොයිතරම් නිශාල මාකස්ලා ගැන හිතලා තියෙනවද , සමහර විට මාකස්ගෙන් මම මගේ සුරේ ගැන ඇහුවනම් ඇත්තටම අර වගේ දෙයක් වෙන්න තිබ්බත් එක්ක.

” ඇත්තට මහත්තයා ඇයි ඔය තරම් බයවෙලා එපා…කියලා කෑ ගැහුවේ…..”

” නෑ මාකස් මම කිව්වනේ මම ගොඩක් අයගෙන් ණයට සල්ලී අරගෙන ඒවා දීල නෑ කියලා…….මම ඒ ගැන කොච්චර හිතලද කිව්වොට් මට මැවිලා පෙනුනා මම ලගට උන් පිස්තෝලයක් අරන් වෙඩි තියන්න එනවා….ඒ ගැන මතක් වෙලායි මට එකපාරටම කෑගැස්සවුනේ…..”

“ඒකද….ඒත් මම බැලුවා මොකද මහත්තයා ට එකපාරටම වුනේ කියලා…මාත් ගැස්සුනා එකපාරටම හයියෙන් මහත්තයා එපා කියලා කෑ ගහද්දී……….”

මම කියපු දේ මාකස් විශ්වාස කෙරුවද නැද්ද විශ්වාස කෙරුවද කියලා මම දන්නේ නෑ…ඔහු එතන හිටගෙන ඉද්දිම මම ඔහුට යන්වා කියාලා මගේ කාමරේට ආවා…..

කාමරේට ආපු මම හිසෙ ඔලුව ගහගෙන ඇවිද ඇවිද කල්පනා කෙරුවේ ඊලගට මොකද කරන්නේ කියලා…….

අඩුම මේ කාමරේ දොරට යතුරක් වත් තිබ්බේ නෑ….එහම තිබ්බම්නම් දොර මේ පැත්තෙන් ලොක්කරන්නවත් තිබ්බා……රෑ වෙද්දී නිශාට ලේඩියෙන්ම මේ කාමරේට එන්න පුලුවන්….දෙයියනේ දැන් මම මොකද කරන්නේ….

මට කිසිම දෙයක් හිතාගන්න බෑ…….

මම අර නොපෙනෙන ශක්තීන් පොත ලගට ගිහින් ඒක පෙරලන්න පටන්ගත්තේ ,අර වගේ අමුනුශ්ය ආත්ම වලින් බේරෙන්න ක්රමයක් ඒ පොතේ කොතනකවත් තියෙනවද කියලා….

ඒත් පිටුවෙන් පිටුව පෙරලලා බැලුවත් එහෙම දේව්ල ඒ පොතේ පිටු අතර තිබ්බේ නෑ….

” මගුලේ පොත……”

කියපු මම ඒපොත වැරෙන් පොලවේ ගැහුවේ උපරීම තරහෙන්.

කාලය ටිකෙන් ටික ගෙවී ගියේ මගේ හදවතේ ස්පන්දන වේගෙත් වැඩිකරමින්.

” ටක්….ටක්….ටක්……..”

එකපාරම ඇහුන හඩින් මගෙ ඇගේ ලෙ වතුර වෙන්න ඇති.

” ක…කවුද…….”

” මම මාකස්….මහත්තයා….රෑ කෑම ගෙනාවා
..”

මාකස්ගේ හඩිනුයි මගෙ ඇගේ ලේ ටිකක් ඉනුවේ.

පොලවේ ගහපු පොත ආයේ අහුලල මේසේ උඩින් තියලා මම දොර ඇරියෙ වෙව්ලමින්. මාකස් ඇරපු දොරෙන් කමරෙට ආවේ කෑම පිගානකුත් අතැතිව.

” මහත්තයා ,මොකද අද අමුතුවෙලා….අසනීපයක්ද….”

මගෙ බයවෙලා තියෙන මූන දැකල වෙන්න ඇති මාකස් ඒ දෙ ඇහුවේ…

” නෑ…..නෑ……..අසනීපයක් නෑ………මාකස් නෝනා ආවද…..”

” හ්ම්ම්ම්ම්ම් අද කලින්ම ආවා….අද රෑ ඉතින් අපේ නෝනා නිදාගන්නෙ නෑ….”

කියපු මාකස් ගෙනාපු කෑම පිගාන මේසේ උඩින් තිබ්බා.

” ඇයි ඒ……”

” ඇයි ඒ කියන්නේ….අද වගෙ දවස්වලට අපේ නෝනට වැඩ වැඩී…….”

මම ඇහුවේ කුතුහලය ,බය මුසුවුන හඩින්.

” මොන වැඩද ,මාකස්……….”

” අපේ නෝනා කරන වැඩ මහත්තයා ට අද හෙටම තේරෙයි…..ඔන්න මහත්තයා අද මම මහත්තයා ආසම කෑමක් හදන් ආවෙ…..ඉදිආප්පයි….පොල් සම්බෝලයි…තව සැමන් හොදදකුත් හැදුවා……ඔක්කොම කලා නිදාගන්න……..”

** ” මම කන්නම් ,මාකස් දැන් යන්න….මට පොතේ තව ටිකක් ලියන්න ඕනා…..”

” එහෙමනම් මහත්තයා කන්න….”

කියපු මාකස් කාමරෙන් යන්න ගියා. මට කෑම කන්න පොඩ්ඩක්වත් පිරියක් තිබ්බේ නෑ. අනික මේ වගේ අමුනුශ්යයින් ඉන්න ගෙදරක කන කෑමේ එකෙත් මට පෙනුනේ අනතුරක් ඇති කියලා.

” දැන් මම මොකද කරන්නේ තව ටිකකින් ,ඊයේ වගේම නිශා එයි. සුරේ නැති හින්දා මගෙන් ලෙසියෙන්ම ලේ බොයි. කොහොමද මම නිශාගෙන් බෙරෙන්නේ…”

හිත හිතා හිටි මට එකපාරම සිතිවිල්ලක් ආවා. ගගේ ගහන් යන මිනිහා බේරෙන්න පිදුරු ගහෙත් එල්ලෙනවා…

මම එකපාරම මම ලිය ලියා හිටි පොතේ මැද පිටුව ඉරුවා.

වෙව්ලන අතැගිලි වලින් මම ඒ පිටුවේ ඇන්දේ කිතුනු ආගමේ අගමික සංකේතය වන කුරුසය.මොන ආගමක වුනත් ආගමික සංකේත අමුනුශ්ය ආත්මවලට කැප නෑ කියලා මම අහල තිබ්බා.

ඒ හින්දාම මට ඕනේ වුනේ ඒ වගේ ආගමික සංකේත ඇදලා මුලු කාමරේම පුරවන්න.

හින්දු ආගමේ “ඕම්” සලකුන අදින හැටි මට මතකයක් තිබ්බේ නෑ. උපතින් බෞද්ධ ක් වුනත් ධර්ම චක්රය අදින කලාව මම දැනන් හිටියේ නැ….වෙව්ලන ඇතැගිලි වලින් මට එහි නිවරදී හැඩය කොහොමවත් ගන්න බැරි වේවී.

ඉතින් මට අදින්න ලේසිම ආගමික සංකේතය වුනෙ කිතුනු ආගමේ කුරුසයයි.

නිශා ගෙනාපු පොත් වල පිටු කඩ කඩා මම කුරුස ඇදල මුලු කාමරේම බිමින් පිගන් ගඩොල් අල්ලනවා වගෙ තිය තියා ගියා.

කාමරෙට එවා පාගගෙන නිශාට එන්න බැරිවෙයි කියලා මට හිතුනේ.

ටික ටික කාලය ගෙවී ගිහින් මැදියමත් කිට්ටුවුනා මම මොහොතක්වත් නිදා ගත්ටේ නෑ. ඒත් නිශා තියා අඩුම මාකස්වත් ආයේ මගෙ කාමරේට ආවේ නෑ. මගේ phone එකේ වෙලාව පැවසුවෙ ඒ වෙද්දී මැදියම් රෑ දොලහට තව විනාඩි පහක් තියෙනවා කියලා..

” එපා……….මට මොකුත් කරන්න එපා..”

ඒ එක්කම මගේ ඇගත් එක්ක ලොමු දැහගන්වමින් මට ඇහුනේ අර හිරකරලා ඉන්න තරුණයාගේ විලප හඩ.

” අනේ මට යන්න දීපල්ලා….අම්මෝ…”

ආයෙත් ඒ හඩ ඇහෙද්දී මගෙ හදවත ඩග් ඩග් ගාල ගැහෙන්න පටන් ගත්තා.නිශා නැවත ශක්තිමත් වෙන්න අර අසරණයාගේ හදවත පනපිටින් කපලා අර ගුරුකම කරන්න යන්නේ..

ගැහෙන හදින් මම හිතද්දී අර විලාප හඩ ඇහුනේ නොනවත්වාම යි.

” අනේ….මාව බෙරගන්න කවුරුවත් නැද්දෝ.
.”

අසරණ තරුනයාගේ විලාපය මටතවත් අහ අහ ඉන්න හැකියාවක් තිබ්බේ නෑ.

ඇදපු කුරුස ටිකකුත් අහුල ගත්ත මම හැකි ඉක්මනින් අර තරුණයා හිරකරන් ඉන්න කාමරේ පැත්තට යන්න පටන් ගත්තා.

තරුණයා හිරකරලා හිටපු කාමරේ දොර ඇරලා තිබ්බා. මම ඒක්න් ඇතුල් වුනේ මරණයත් අතේ තියාගෙනමයි.තවත් කොටසකට

කතාව කියවන ,කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොම යහලු යෙහෙලියන්ට ගොඩාක් ස්තූතී…වෙනද වගේම.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

4 thoughts on “ලේ | 20 කොටස | හොල්මන් කතා”

  1. Mokadda ane.mn hodatama baya wela inne?????.ඇස් wala kaduluth piruna ane???????.harima lassanai…????tawa digata kotas danna ..all the best?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.