Katha Ahura

ලේ | 21 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

21 කොටස

අන්දකාර කාමරය ඇතුලෙන් අර තරුනයා නගන විලාප හඩ එන්න එන්නම වැඩිවුනා.

” එපා….මාව මරන්ඩ එපා……”

අර තරුණයා යාගේ හඩ මෙවර ඇහුනේ මරලතෝනී යක් විදිහට. වෙව්ලන පය ඉක්මන් කර මම හැකීක්මනින් ඒ හඩ ආව පැත්තට ගියේ මොකද වෙන්නේ කියලා බලන්න.

දෙයියනේ මම ඊට පස්සේ දැකපු දේ…කිසිම මිනිහෙකුට ඒ වගේ දෙයක්නම් පෙනෙන්න එපා කියලයි මම පතන්නේ.

ගිනිගොදකින් ආලොක වෙලා තිබ්බ කාමරේ අර තරුනයා කනුවේ බැදලා හිටියේ හෙලවෙන්නවට් බැරිව.

නිශා තියුනු පිහියක් අරගෙන අර තරුනයාගේ බඩ පිහියෙන් කපන්න පටන් ගත්තේ තරුනයා වේදනාවෙන් කෑගහද්දී. මාකස් ඇයට උදව් දෙමින් උන්නා.

මොහොතකින් අර තරුනයාගේ බඩවැල් පවා පේන විදිහට නිශා තරුනයා පනපිටින්ම කැපුවා.අසරණ තරුනයාගෙ රක්ත වර්ණ ලේ බිම දිගට පෙරෙන්න පටන් ගත්තේ දියඇල්ලක් කඩා හැලෙනවා වගේ.

” ලේ…..ලේ…..මේ ලොකේ මම දකින්න ආසම දේ….”

ඉනපසු වියරු වැටිලා හිනහුන නිශා බිමට වැටුන ලේ ලෙවකන්න පටන් ගත්තේ තිරිසන් සතෙක් විදිහට.

” ඕක නවත්තලා හදවත පනපිටින් ගන්න. නෝනා. අරූ මැරෙන්න කලින්. ලේ දැක්කොත් නෝනට කිසි දෙයක් මතක නෑ.”

මාකස්හේ හඩ ඇහුනා.

” හ්ම්ම්ම්ම් මට අමතක වුනා.”

කියපු නිශා බාගෙට මැරිලා හිටියා තරුනයාගේ කුසට අත දාලා හදවත අතට ගනිද්දී.මට කලන්තේ නොහැදුනා විතරයි.

අසරණ තරුනයාගේ කෑගැහිල්ලා බිත්තිවල වැදී දෝංකාර දුන්නා.අවසානේ තරුනයාගේ හිස පහලට කඩා වැටුනේ අසරණ යා මේ ලෝකෙන් යන්නම ගියා පවසමින්.

ඉන්පසු නිශා ඇය ඇදන් හිටි ඇදුම් සම්පුර්ණයෙන් ම ගලවා නිරුවත් වුනා.ඉන් පසු බිම උඩුබැලි අතට වැතිරී අර හදවත ඇයගේ පපුව මතින් තියාගත්තා. ඒත් එක්කමයි මුලු යකිනි කැලේටම ඇහෙන්න දරුණු අකුනක් ගැහුවේ.

“මාකස් ඉක්මන් කරපන් ඉකමනටම මගේ ඇග පුරාම අරුගේ ලේ ගාපං…ඉක්මනට. වැඩේ මේ පාරත් හරි කියලා අපිට ඉගියක් දුන්නා. ඉක්මනට ”

“හරි හරි නෝනා”

කියපු මාකස් නිශාගේ නිරුවත් ශරීරය පුරාම අර තරුනායාගෙන වැටුන ලේ ගෑවා. කටටත් වැක්කෙරුවා.

“මට ආයේ ශක්තිය එන්නයි එන්නේ මාකස්. මට අමුතු පනක් ඇවිල්ලා.”

නිශා කිව්වේ මුලු ලෝකෙම ඇයට ලැබිලා වගේ සතුටින්.

“නෝනට ශක්තිය ලැබෙයි ඒත්..අර ටිබෙටියන් බැල්ලිට ඌට මොකද කරන්නේ.. අපි ඒකිට හරියන ගෙනාපු බැල්ලී පැනලා ගියනේ….ඒකිට අද මේ දේ කෙරුවේ නැත්නම් හෙට දවසින් විනාශ වෙයි.”

“ඒ ගැන වදවෙන්න එපා මාකස් මම ඒකට මොකක් හරි කරන්නම්. මේ නිශා යකින්සාට බැරි දෙයක් ලෝකේ නෑ……..”

** කියපු නිශා නැගිට වාඩී වුනා.

“මාකස් ලබන අමාවක දවසට අපේ වැඩේ කරන්න ගෙනාපු එකා ලගට පලයන්. ඌ මොකද කරන්නේ කියල බලල වරෙන්. ඌට අපේ වැඩ ගැන තේරිලා නෑ නේ…”

” මම පොඩ්ඩක් විතර සැකයක්නම් තියෙනවා. අර හඩ ඇහිලා ඒක හොයන්න ඌ ගියේ අපෙන් බේරෙන්ඩද කියලත් ,ඒත් ඌ ඒ ගැන වචනයක්වත් පිට කරන්නේ නෑනේ. වෙන දෙයක් තියා මම ගත්ත සුරේ ගැනවත තවමඇහුවේ නෑ. වෙන එවුන් වගේ දරුනු විදිහට ඌ හැසිරෙන්නෙත් නෑ. කෝකටත් මම බලල එන්නම් , මම නින්ද යන බේත් දාල තියෙන ඉදිඅප්ප හොද්ද ඌ කාල නිදිනම් ඌ මේ ගැන දන්නේ නෑ…..”

“හ්ම්ම්ම්ම්ම් බලල වරෙන් මට දැන් මේ මිනිස් හදවත මතුරලා බලවත් කරලා කන්න ඕනා.”

නිශා කියද්දී මම ඉක්මනට ඔවුන්ට නොදැනෙන්ඩ මගේ කාමරේට ආවා.

ඉක්මනින්ම අර බිම දිගේ තියල තිබ්බ කොල අහුලලා හැංගුවේ මාකස්ට සැක හිතෙන්නෙ නැතිවෙන්න.

ඊට පස්සේ මාකස් ගෙනාපු ඉදිඅප්ප පිහානේ ඉදිආප්පා ඇද යටට විසිකෙරුවේ ඒවා කෑවා කියල අගවන්න. හොදි ඔක්කොම ජනේලෙන් එහාට විසිකෙරුවා.

ඉක්මනට ඇදට වැටිලා ඇස් දෙක පියගෙන නිදාගන ඉරියව්වෙන් ඉන්නකොටමයි මගේ කාමරේ දොර ඇරුනේ

ටිකකින් මාකස්ගේ අඩි හඩ ඇවිල්ලා නතරවුනේ මමලගින්.

“හම් මේකා මේ වෙන දේවල් දන්නේ නෑ…….මොලේ කදුලක්වත් නැතී මෝඩ්යෙක්ද කොහෙද”

හෙමින් මුමුනපු මාකස් දොරවහලා කාමරෙන් පිටවෙන හඩ මම අහගෙන.

” දැන් මම ඉකමනින්ම මේ යක්ශ විමානෙන් පිටවෙන්න ඕනා…..නැත්නම මට වෙන්නෙත් අර අසරණ යාට වෙච්ච වැඩේමයි.”

හිත්පු මම ඉකමනින්ම ඇදෙන් නැගිටලා නිශාගේ ගෙදර ඉස්සර දොරලගට දුවගෙන ගියේ පිම්මේ.

“නිශා අර හදවතට මතුරලා ඉවර වෙන්න කලින් පැන ගන්න ඕනා…”

සිතිවිල්ලෙන් මම ඉස්සර දොරේ අගුල කැරකුවා.

ඒත් මගෙ අවාසනාවේ තරම ඉස්සර දොර ලොක්කරලා තිබ්බේ මගේ බලාපොරොත්තු ඔක්කොම සුන්කරලා.අනිත් පිටවෙන දොරවලුත් තිබ්බේ ලොක්කරලා.

” චූ කරන්න එලියට යන්න ඕනා කියලා මාකස්ට කියලා දොර ඇරගන්නත් බැ…එතකොට මාකස් සැක හිතයි මම නිදාගෙන හිටියේ බොරුවට කියලා….දැන් මම මොකද කරන්නේ…..නිශා අර ගුරුකම කරලා ඉවර වෙච්ච ගමන් මාව හොයන් එයි……”

එක එක බිවිසුනු සිතිවිලිත් එක්ක මම හිටියේ අමුනුශ්ය නිශාගේ නිවසේ කොටුවෙලා..තවත් කොටසකට

ලයික් කමෙන්ට්ස් දාන කතාව කියවන ඔක්කොටම ගොඩක් ස්තූතීයි…..

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

2 thoughts on “ලේ | 21 කොටස | හොල්මන් කතා”

  1. Thakshi Deepali Jayasuriya

    අනේ බේරෙන්න පුළුවන් වෙන්න එයාට…. ??? දැන් තමා කතාවේ උණුසුම හොඳටම දැනෙන්නේ….දිගටම ලියන්න..මේ කතාව ඉවර උනත් …
    Best of luck

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.