Katha Ahura

මාරක අඩවිය| 2.කොටස | තුන්වන දිගහැරුම| රහස් පරීක්ශක කතා |

5/5 - (1 vote)

__මාරක අඩවිය__

2. කොටස/ තුන්වන දිගහැරුම

 

”  හලෝ..  මිසිස් සමරනායකද මේ?”

”  ඔව්. කවුද කතා කරන්නෙ?”

” මිසිස් සමරනායක මම නාගහතැන්න පොලීසියෙන් S.I සංජීව කතා කරන්නෙ.මට අද හවසට මිස්ව මීට් වෙන්න පුළුවන්ද ?”

උ.පො පරීක්ෂකවරයා පැවසීය.

” හරි මිස්ටර් සංජීව පුළුවන් .ඒත් ඇයි මොකක් හරි ප්‍රශ්නයක්වත්ද?” ඇය එසේ අසන්නට වූයේ මදක් කලබල ගතියකිනි.

” නෑ නෑ මිසිස් සමරනායක මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. මිස් දැන් කොහෙද ඉන්නෙ?”

” සංජීව මම අපේ මහ ගෙදර ඉන්නෙ මම ඔයාට  එඩ්‍රස් එක මැසේජ් එකක් දාන්නම් ”

” තැනික් යූ මිස් එහෙනම් දැන්මම එවන්න”

උ.පො පරීක්ෂකවරයා සිනහවක් පාමීන් පවසන්නට විය.

…………

” මාලක ඉක්මනට ලෑස්ති වෙයන් මාත් එක්ක පොඩි ගමනක් යන්න තියෙනව නෝමල් කිට් එකක් දාගෙන වරෙන්”

” හරි සර් . මම ඉක්මනට එන්නම් ”

යැයි පවසා මාලක තම පොලිස් නිල නිවස කරා පියනගන්නට විය.

 

විනාඩි කිහිපයකට පසු ඔහු සාමාන්‍ය ඇඳුමින් පොලිස් මූලස්ථානය කරා පැමිණියාය.

” හරි අපි යමු එහෙනම්”

ඔවුන් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් සැරසී ගමන යාමට සූදානම් වූ අතර ඒ සඳහා භාවිතා කලේ උ.පො පරීක්ෂකවරයාට අයත් Wagon R මෝටර් රථයයි ඔවුන් පිටත් වන විට උදෑසන නමයට ආසන්නව තිබුණි.

” ඉක්මනට ගියොත් අපිට දොලහ වෙනකොටවත් යන්න පුළුවන් වෙයි”

” ඇයි සර් සිවිල් ඇඳුමින් යන් කිව්වෙ?” මාලක උ.පො පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කරන්නට විය.

”  අපි යුනිෆොම් යන එකෙන් යන එක ඒ මිනිස්සුන්ට හරි නෑ . අනික අපි පොලිසියේ අය කියල ඒ අවට මිනිස්සු දැන නොගන්න තරමට හොඳයි”

තරමක් දුෂ්කර පලාතක පිහිටි ඇයගේ නිවස නගරයෙන් ඈත්ව පිහිටා තිබුනු අතර. පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණෙන විට දහවල් දොලහ ට ආසන්න ව තිබුණි.

”  සර් කව්රු හරි ඇවිල්ල වගේ නේද?”

මාලක එසේ පැවසුවේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් ඔහුගේ නෙත ගැටුනු නිසාය.

“ඒ වගේ තමයි. කමක් නෑ අපි නියලනෙ ආවේ. ”

උ.පො පරීක්ෂකවරයා තම වාහනය  පාර අයිනෙන් නවත්වන්නට විය.

” අපි යමු ” පසුව ඔවුන් දෙදෙනා නිවස වෙත පියනගන්නට විය.

” ආ සංජීව ඔයාලා ආවද , එන්න , ඇයි පරක්කු වුනේ” ඇයි සුහඳශීලීව ඔවුන්ව පිළිගන්නට විය.

” පාර දන්නැති නිසා හොයාගෙනනෙ ආවෙ ටිකක් ලේට් උනා” උ.පො පරීක්ෂකවරයා ප්‍රකාශ කලේය.

” ආ සංජීව , මේ මිනිස්ටර් රාජරත්න ”

සුදු කලිසමක් හා ෂර්ට් එකක් පැළඳ ගත් තරමක් මැදි වයසේ පුද්ගලයෙක්  ,ඇය  උ.පො පරීක්ෂකවරයාට පෙන්වා පැවසීය

”  මේ මිස්ටර් කවුද?”  ඔහු උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කලේය.

” මම S.I  සංජීව, නාගහතැන්න පොලිස් ස්ටේෂන් .මේ P.C මාලක ”  ඔහු තම පොලිස් හැදුනුම්පතද පෙන්වා ඔහුට පැවසුවේය.

” වාඩිවෙන්න සංජීව , මෙතන හොඳයිද නැත්නම් ගේ ඇතුලට යනවද?”  ඇය අසන්නට විය.

” මෙතන හොඳයි මිස්”  එසේ පවසා උ.පො පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා එම ස්ථානයේ තිබූ ගල් බංකුව මත අසුන් ගන්නට විය.

” සංජීව ඔහොම ඉන්න මම බොන්න මොනව හරි අරන් එන්නම්”  ඇය තම නිවස තුලට යන්නට විය

” සංජීවද සමරනායකගේ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ”  ඇමතිවරයා උ.පො පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කලේය.

” ඔව්  ඇමතිතුමා මම තමයි ”

” සංජීව සමරනායක කියන්නෙ මගෙ හොඳම යාලුවෙක් . මොනම දේකින් වත් එයාටයි දුවටයි කිසිම කරදරයක් වෙන්න හොඳ නෑ .  පුළුවන් ඉක්මනට එයාලව හොයා ගන්න ඕන හරිද? ” ඇමතිවරයා පැවසීය.

” අනිවාරෙන් මම ඔබතුමාට පොරොන්දු වෙනවා ඉක්මනට මේ කේස් එක  විසඳනව කියල”

” එ්ක නෙවෙයි උන්  තමුසෙලගෙ P.C  කෙනෙක් වත්  උස්සල නේද?” ඇමතිවරයා ඇසූ එම ප්‍රශ්නයට  උ.පො පරීක්ශකවරයාගේ හිතේ චකිතයක් ඇති වූ අතර එය ඔහුට පෙන්වූයේ නැත.

” මොනව වුනත් තමුසෙල බලාගෙන වැඩ කරනව උන් මහ තිරිසන්නු මේ අවුරුද්දටම මර්ඩර් කීයක් නම් කරාද?”ඇමතිවරයා පැවසීය.

” හැබැයි මේ සැරේ නම් ඔය ඔක්කොම මම උසාවි නග්ගල තමයි මම නවතින්නෙ ඇමතිතුමා”

” ගුඩ් ලක් .සංජීව  මම යනවා මට පොඩි වැඩක් තියෙනව ” පවසා ඔහු එම ස්ථානයෙන් පිට විය

 

 

  1. ? රශ්මික විජේසිංහ?

2 thoughts on “මාරක අඩවිය| 2.කොටස | තුන්වන දිගහැරුම| රහස් පරීක්ශක කතා |”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.