Katha Ahura

දුන්‍යා | 03 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

03 කොටස

කරන්න ඕනි දේ දුන්‍යාගෙ යටි හිතට ඇතුල් කරපු සුදර්මා මෝහනයෙන් ආපස්සට විත් ඇයව අවදි කර කාමරෙන් එලියට යැව්වා ය.

………………………….

කියාගන්නට නොහැකි තරම් ලොකු වේදනාවක් හිතේ දරමින් ඇස් වලින් එලිබසින්නට පොරකන කඳුළු බිදු ආයාසයෙන් මැඩගෙන දුන්‍යා දෙස බලා සිටි ඇගේ දෙමාපියන් වෛද්‍යවරිය අසලට ආවේ ඉන් පසුවය.

“අම්මා.. දුන්‍යා කීව දේවල් ඇහුණා නේද..?
මේ වෙලාවෙ ඒ ගැන ඒ දරුවගෙන් අහන්නවත් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්නවත් එපා. ඒක දරුවගෙ ජීවිතේට අවදානමක්..”

“අ අනේ දොස්තර නෝනා අපි දැන් මොකද කරන්නේ..?” මැණිකා ඇසුවේ දෝරෙ ගලන් ගිය මව් සෙනේ හදතුල දරාගෙනය ..

” අම්මා.. අපිට මෝහනය කරා කියලා නීතිය ඉදිරියේ කියලා ඔප්පු කරන්න බෑ දූ කීව දේවල්..සාක්ශි තමා ඕනි.. ඔයාලාට තේරුණා නේද එයාගෙ ජීවිතේ අනතුරේ කියලා..?”

“මගෙ කෙල්ල බේර ගන්න මොකක්ද කරන්න ඕනි අපි නෝනා” රාජාද කඳුළු සඟවන් ඇසුවේ එය කුමක් උනත් තමා අදම කරනවා යි සිතමිනි.

” ඔය නිලමේ කියන කෙනා එයාගෙ යාලුවත් එක්ක එකතු වෙලා මේ දරුවව ගොඩක් බය කරලා තියනවා..නිදන් කතාව ගැන නම් මං කියන්න දන් නෑ.. නමුත් මොකක්ම හරි දෙයක් තියෙනවා ඒ අය හංගන. හොදම දේ එයාලට නොදැනෙන්න ඒ ගැන හොයලා බලන එක.
කරුණු හරියට හම්බුනම පොලිසියට කියන එක හොදයි.දරුවාගෙන් කිසි දෙයක් ප්‍රශ්න කරන්න එපා.ඒක එයාට හොඳ නෑ.”

එයට එකඟ වූ රාජා මැණිකාත් දුන්‍යාත් සමඟ නිවසට පැමිණියේ ය. දුන්‍යාගේ අසාමාන්‍ය හැසිරීම් එදා සිට දින කීපයක් යනතුරු අඩුව තිබුණි. සුහද කතා බහ ද ඇය නිවැසියන් හා පැවැත් වූ අතර ආහාරද ප්‍රතික්ශේප නොකළා ය. මනෝ උපදේශනයෙන් ඇය සුවපත් වූවායි ඔවුන් සිතී ය.

මේ අතරවාරේ තුන්වෙනි පාසල් වාරය ආරම්භ වී දුන්‍යා නැඟණිය සමඟ සාමාන්‍ය අයුරින් පාසල්ද ගියා ය.නෙතුන්ද දුන්‍යාව මඟ හැර සිටීම ගම්මුන්ට සිතාගත නොහැකි කරුණ විය.ඔවුන් පිළිබඳ හරි තොරතුරක් දැනගැනීමට නොහැකි උන ගැහැණුන් විවිධ පුවත් මවා රස වින්දහ.

…………………………..

එදා බදාදා දිනයකි. මව සමඟ පොලේ යාමට ආසාවෙන් බොරු ලෙඩ දමා නිත්‍යා ගෙදර නැවතුන අතර දුන්‍යා පාසල් ගියා ය. ඇය යලිත් පාසල ඇරී නිවසට එන වෙලාව කිට්ටු වන විට නිත්‍යා කඩුල්ල දෙස බලා සිටියේ නොඉවසිල්ලෙනි..

පාසල් බසය කඩුල්ල පහු කරගෙන ගොස් හෝල්ට් එකේ නවත්වනවා දුටු නිත්‍යා කඩුල්ල අසලට දිව ගියේ අක්කාගේ අතේ එල්ලී ඒමටය. බසය නැවතුන පසු එයින් බැස්සද ගේ දෙසට නොඑමින් පාර දිගේම ඉදිරියට යන අක්කාව ඇය දුටුවාය..

“අක්කා.. අක්කා..ඔය කොහෙද යන්නේ… විහිළු කරන් නැතිව එන්නකෝ..”
නිත්‍යා කෑ ගසා කීවද දුන්‍යා නපුරු ලෙස හැරී බලා යලිත් පාඩුවේ ගමන් කරන්නට විය.

කිසිත් තේරුම්ගත නොහැකි වූ නිත්‍යා මව වෙත දිව්වාය.

“අම්මේ …අම්මේ..”

” මොකද මොකද පුතේ”

“අක්කා යනවා”

“මොනාද කියන්නේ? තේරෙන්න කියන්න..”

“අක්කා බස් එකෙන් බැහැලා ඉස්සරහටම ගියා.මන් කතා කරාම මටත් රැව්වා හොඳටම”

” මගේ චූටි දූ ගෙට යන්න. මං අක්කා එක්කං එනකං දොරකඩටම වෙලා ඉන්න. කොහෙවත් යන්න එපා.”

එසේ කියූ මැණිකා දිවගියේ කඩුල්ලෙන් එපිට දුන්‍යා යන පසුපස ය. කතා කළ ද රුදු ලෙස රවා බලමින් නොනැවතී යන දියණිය පසුපස මැණිකාද දිව්වාය. වම්පස දෙවටකින් හැරි ඇය මේ යන්නේ සොහොන දෙසට බව මැණිකාට සිහි විය. වේගය වැඩිකොට සොහොනට යන දියණියව අල්ලා ගත් ඇය ‘දුවේ අපි යං ගෙදර’ යි කීවද දුන්‍යා දැඩි ලෙස අතපය ගසා දමමින්
‘ බෑ බෑ මාව අතහැරපන්.. මට යන්න දීපන් සොහොනට’යි කීය.

ඇගේ මුහුණ ඉදිමී ඇස් රතු ව තිබුණි. ඒ දැක මැණිකා බිය විය.

‘අනේ පුතේ අපි යමු..’
මැණිකා බැගෑපත් උනාය.

” බෑ බෑ මට යන්න දීපන්” එසේ කියමින් දැඩි ශක්තියකින් යුතුව දුන්‍යා මැණිකාවද ඇදගෙන සොහොනට යන්නට විය.

දියණිය කෙරෙහි උපන් දාරක ස්නේහය ඉතුරුව සුරතින් මැණිකා දුන්‍යාව හදිසියේ හරවාගෙන කම්මුල් පහරක් දුන්නේ තම ඇස් වලින් ගලා යන කඳුළු වලට නිදැල්ලේ ගැලීමට ඉඩ දී ය. එය ඇයට කරන්නට තිබූ එකම දෙය ය.

පියවී සිහිය එළවා ගත් දුන්‍යා සොහොන දැක මහත් සේ බිය විය.

“ඇයි අපි මේ මෙහෙ.. බයයි මට අම්මේ.. යමුකෝ ගෙදර අපි..”

“හා හා යමු මගේ පුතේ.”

ඇය දියණියගේ අතින් අල්ලාගෙන ඉක්මනින්ම නිවසට යන්නට විය.සොහොනක් අසලින් යාමට තියා මළ ගෙදරක වුවත් යාමට බිය දක්වන සුළු සුළු දෙයටත් බිය වන තම ලොකු දියණිය මෙලෙස විකාර කිරීම මැණිකාට කම්පනයකි. දුන්‍යාට හොරෙන් ඇස්වල කඳුළු පිහදා ගත්තද දුන්‍යා එය දැක්කාය. ඒ නමුත් ඇය නොවිමසා පාඩුවේ ගෙදර ගියේ තමා සොහොන සොහොනට ආවේ කොහොමද යන්න වත් නොවිමසාම ය.

කඩුල්ලෙන් පැන නිවසට එන අක්කා ලගට නිත්‍යා දිව්වෙ සුරතලයට අතේ එල්ලී මගේ අක්කා ආවා’ යි කියමින් කෑ ගසාගෙනය. එහෙත් ඇයට රැව් දුන්‍යා ඇයව ගසා දමා ගෙට ගියේ නැගණිය වැටුණු බවද නොසලකා ය. වැටුණු වේදනාවට වඩා අක්කගෙ හැසිරීමේ වෙනස ගැන වෙව්දනාවෙන් නිත්‍යා ඇඬුවා ය.

” අම්මේ අනේ ඇයි අක්කා මං එක්ක තරහ වෙලාද.එහෙම කළේ ඇයි ?” ඇය ඉකි බිදිමින් ඇසුවා ය.

” නෑ මගේ දෝනි තරහ නෑ .එයාට අසනීපලු. ඔළුව රිදෙනවා ලු. හිතලා නෙමේ කළේ. අක්කීට කරදර නොකර සෙල්ලම් කරන්නකෝ..”

නිත්‍යා මව ගෙන් මිදී ඔන්චිල්ලාවට ගිය පසු මැනිකා දුන්‍යාට බත් බෙදීමට කුස්සියට ගියේ
” ඇඟ හෝදන් කන්න එන්න ලොකූ’ කියමිනි. එසේ කියා කුස්සියට ගිය ඇය පිඟන් සෝදා බත් මුට්ටිය ළඟට යන විටම දුන්‍යා ආවේ ‘මට හුඟක් බඩගිනි කන්ට ඕනි’ කියමිනි.වෙනදාට දහගමනක් කියනකන් කුසියට නොඑන දියණිය මෙතරම් ඉක්මනට පැමිණි එක ගැන පුදුම වී මැනිකා හැරී බලා ඊටත් වඩා පුදුම විය. තමාගේ තද රතු හැට්ටයකට කලු දිග සායක් ඇදගෙන ලොක්කි ඇවිත් හිටියේ කොණ්ඩය ද අවුල් පිට ම ය .ඒ ත් නොව.පාසල් ඇරී විත් නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසු හෝ බත් කන්න පුරුදු වී සිටි ඇය දහඩිය පිටින්ම ඇවිත් ය.

” මොකද ලොකු ඔය.. ඇඟ හේදුවේ නෑහ්..? අනික ඔය ඇඳුම්…?.”

“ඒකෙන් වැඩක් නෑ උඹට.කෝ මස් තියනවද?”

” ඔයා කිසි දෙයක් කන්නේ නෑනෙ ලොකු පිලී වර්ග..?”

” ඒ ඉස්සර දැන් එහෙම නෑ.”

“කරවල තියනවා පුතේ. මස් ටිකක් මං උයලා දෙන්නම් ගෙනත්.”

“හුම්.ඉක්මන් කරපන්!.”

ඇගේ රතුවන් ඇස් හා කතා කරන ස්වරූපය නිසා මැනිකාට බියක් දැනිණ.ඇය වැඩි කලබලයක් නොවන්නට බල කරවල බැදුමක් සමඟ දුන්‍යාට බත් බෙදා දී සාලයට ගියේ ගමේ කට්ටඩි මහතාට කෝල් එකක් ගැනීමටය. පණිවිඩය කියා රිසිවරය තබනවාත් සමඟම තම බෙල්ල අඬුවකට හිර වනවා සේ ඇයට දැනිණි.

“උඹ කෝල් ගත්තෙ කාටද? මං කිව්වේ මස් ගෙනත් උයන්න කියලා නේද ?”

“අහ් ග්..අහ්..ආඅ..ආ…ම ම ම.” හුස්ම ගැනීමට අපහසු වූ මැණිකා ඇගේ උගුරු දණ්ඩ හිර කරමින් තිබූ දුන්‍යාගෙ අත් දෙක ඉන් ඉවත් කිරීමට උත්සහ කරා ය..

77 thoughts on “දුන්‍යා | 03 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. රිතූ ?

    අම්මෝ දියමන්තිය ?

    මොකක්ද මේ දුන්‍යාට වෙන්නේ…. නිලමේ වැඩේ නවත්තලා නෑ නේද? දැන් නම් දුන්‍යා ට මොකක් හරි වෙලා තියෙනවා ???

    පව් නිත්‍යා… එයාට දුක ඇති අක්කා එහෙම කරාම…

    පව් දුන්‍යා…. අර නිදන් කතාව ඇත්ත වෙන්න ඇති නේද? ?

    මොනවා වුණත් කතාව නම් සුපිරියි දියමන්තිය…. මේක නම් නියම ත්‍රාසජනක කතාවක් ???

    කතාව ගොඩක් ලස්සනයි ❤

    1. Sandu (kandy girl)

      ගොඩක් ස්තූතියි නංගා …

      මං මොකුත් කියන්නෙම නෑ මයි…???

      ඉදිරියට මොකද වෙන්නෙ කියලා ඔයාලට නම් හිතාගන්න බැරි වෙයි….????

  2. මොකක්ද අනේ දුන්නයාට වෙලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ මොකක් හරි නිලමේ දුන්නයාට ගුරුකමක් කරලා වගේ ??
    හරියටම කියන්න බෑ ඉතින්… මට හිතෙන දේ කිව්වේ ??

        1. මොනා උනත් දියමන්ති අක්කි හොඳටම කතාව ලියලා තියෙනවා…. කතාව නම් සුපිරියි අක්කි…

          1. Sandu (kandy girl)

            ගොඩක් ස්තූතියි නංගා …

            ම්… පුලුවන් නම් කියන්න ..දියමන්ති දහයක් දිනන්න…????? ඊලඟට මොකක්ද වෙන්නේ…?

          2. රිතූ ?

            ඕවට අහු වෙන්න එපා…. මෙයාගේ බොරු පොරොන්දු ??

  3. අනේ සඳු අක්කියෝ,
    මේ මොකද අප්පා මේ වෙන්නේ…??මං හිතුව එයාව මොහනේ උනාට පස්සේ හරි ගියා කියලනේ… හයියූ දුන්‍යාට වෙච්ච දෙයක් ?‍♀️?‍♀️?‍♀️

    එතකොට නිත්‍යානම් පව් නේද?
    දුන්‍යාගෙ අම්මා පව් අප්ප… එයාට මොකක් හරි බූත දෝෂයක්ද කොහෙද තියෙන්නේ….

    අනේ මන්ද ඕකත් අර වලව්වේ හාමුගේ වැඩක්ද දන්නේ නෑ නේ…නෙතුන් දුන්‍යාට ඇත්තටම ආදරෙයි නේ… දුන්‍යාට කරදරයක් වෙයි කියලනේ මග අරින්නේ නේද?

    අනේ මන්ද අප්පා අර දුන්‍යාගෙ ඇඟේ ඉන්න මළ යක්ශනී අම්මට මොනාහරි කරයිද දන්නේ නෑනේ… අනේ ඒම නම් වෙන්න එපා ඈ…

    Anyway කතාවනම් මාරම ත්‍රාසජනක කතාවක් වෙයි…. Superb ආ???
    ෂෝයි එකට ලියල තියනෝ…

    1. Sandu (kandy girl)

      ම්.. ජේසි බබෝ.. ගොඩක් ස්තූතියි ….

      ඔයා බලන්නකො ඇ ඉස්සරහට දුන්‍යාට නෙතුන්ට එහෙම මොකෝ වෙන්නෙ කියලා .. දියමන්ති දහයක් ඔට්ටුයි ඔයාලට බෑ ගෙස්ට් කරන්න ඊලග එපිය …?????

  4. අනේ…. දුන්යාට මොකද වෙලා තියෙන්නේ??? ලකී අක්කි කිව්වා වගේ ගුරුකමක් කරලද දන්නෙත් නෑ…. දුන්යාට යකෙක් ආවේස වෙලා කියලමයි මට නම් හිතෙන්නෙ…. මොනා වුනත් දුන්යා හැසිරෙන විදිහ නිසා එයාගෙ පවුලෙ අයත් දුක් වෙනවා…. දුන්යාගෙ හැසිරීම ගැන අහද්දි මට මතක් වෙන්නෙ බන්ධනය ෆිල්ම් එක….. ??
    නෙතුන් දුන්යාව මඟ අරින්නෙ ඇයි දන්නෙ නෑ…. නිලමෙ එයාටත් මොනව හරි කරලද???? සමහරවිට දුන්යාව මරනව කියලා බය කරලද දන්නෙත් නෑ….
    සඳූ අක්කි,
    පිළිතුරු නැත මට
    ප්‍රශ්න පමණක් ඉතිරි වෙලා …..
    ලස්සනයි අක්කියෝ….. මේක හොල්මන් කතාවක් එහෙම නෙමේ නේද?????

    1. Sandu (kandy girl)

      ගොඩක් ස්තූතියි නංගා ..

      මේක හොල්මන් කතාවක් නම් නෙවේ.. ටිකක් විතර ත්‍රාසජනක කතාවක් කීවොත් හරිද මන්දා.. ත්‍රාසය හැදෙන්නේ බය සමඟ වීරත්වය මිශ්‍ර වෙලා කියලා මට හිතුනට මේ කතාවෙ නම් එහෙම එකක් නෑ අනේ.. මට ලියන්න තේරෙන් නෑ එහෙම …”බන්ධනය ” ෆිල්ම් එකත් මං හිතේ මවන් තමා දුන්‍යා ගැන ලිවුවේ…

        1. නෑ අක්කි කරන්න බැලුවේ☹️..ඉල්ලන් කන්න බෑ වගේ ඕනී නෑ….geography ම කරනෝ??

          1. රිතූ ?

            අනේ නෑ සිඩ්… o/L commerce මාරම ලේසියි ? මම මේ ඇත්තමයි කියන්නේ… පාඩම් කරන්න ගොඩක් දේවල් නෑ…. ගණන් හදන්න තියෙන්නේ…. එකතු කිරීම , අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම පුලුවන් නම් පට්ට ලේසියි කොමස් සබ්ජෙක්ට් එක…

            ඔයාට තව දැන ගන්න දේවල් තියේ නම් මට මේල් එකක් දාන්න…. මගේ මේල් එක බටේගෙන් ඉල්ල ගන්න

  5. Good morning හැමෝටම ???

    අම්මෝ අද දවසම class අප්පා… රෑ වෙලා සඳු අක්කිගෙ කතාවටම එන්න බලන්නම්කෝ ළමයි ඈ ?

  6. රිතූ ?

    ගුඩ් මෝනින් කවී
    ගුඩ් මෝනින් සිඩ්
    ගුඩ් මෝනින් ලකී
    ගුඩ් මෝනින් ජවුසමෝ
    ගුඩ් මෝනින් දියමන්තිය
    ?????????

    ගුඩ් මෝනින් හැමෝටම ?

  7. ?????කස්ටිය කොමැයි……………..හැමෝම හොදින් නේ ?කතා ගොඩාරියයි…..කියවන්න ඔනී….?‍♀️??

    1. ආ කෝමද පිනෝකියෝ ?
      ගොඩ කාලෙකින් නේ දැක්කේ… කෙල්ල උස ගිහිල්ල්, චුට්ටක් මහත් වෙලා… සුට්ටක් විතර කළු වෙලා වගේ ????

  8. ???????☺ගොඩායි අප්පා කතා සෝයො සෝයි……..?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️?‍♀️???????????????????????

        1. ශීර්ෂ බද්දයක් කරමුද නංගියෝ???? අපෙ ගෙවල් පැත්තෙ මළ ගෙයක් තියෙනවා… ඒ මැරුණු ඇන්ටිගෙ ඔලුව නංගියා බද්ධ කර ගන්න….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.