Katha Ahura

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

04 දිගහැරුම

“උඹ කෝල් ගත්තෙ කාටද? මං කිව්වේ මස් ගෙනත් උයන්න කියලා නේද ?”

“අහ්  ග්..අහ්..ආඅ..ආ…ම ම ම.” හුස්ම ගැනීමට අපහසු වූ  මැණිකා ඇගේ උගුරු දණ්ඩ හිර කරමින් තිබූ දුන්‍යාගෙ අත් දෙක ඉන් ඉවත් කිරීමට උත්සහ කරා ය..

…………………….

“කියපන් ගෑනියේ..!”

“ඌ..හ්..ආ..හ්..අ අතා..රින්න.. ලො..කූ.. මාගෙ… බෙල්..ල ..අ..හ්.. ම මමන්..කියන්න..ම්..” දුන්‍යාගේ ග්‍රහනය මදක් බුරුල් ඌ සැණින් ඇය වචන ගැලපුවා ය.

“..කියපන් .. තෝ කාටද කතා කරේ..?” යි කියමින් දුන්‍යා ඇයව තල්ලු කරාය..

“ම…මං කතා ක කලේ තාත්තා ට පු තේ.. දැන් එනවා නෙ..ම මස් ගේන්න කීව්වා….”

“හ්ම්..පලයන් කුසියට.. උබ මට බොරු කරලා අහු වෙන්න එපා”

මැණිකා බයේ ගැහෙමින් නැගිට කුසියට ඇදුනේ දුන්‍යාගෙ පෙනුම ඉතා රව්ද්‍ර හෙයින් ඇයට අවනත වීම නුවණට හුරු හෙයිනි.දුන්‍යා කාමරයට යනවා ඇයට පෙනුණි. ඇය කුසියට වෙලා සිතිවිල්ලේ කහ පීරිසිය සූදානම් කලේ කට්ටඩි මහතා කියූ කලමනා දුන්‍යාට නොදැනෙන්න ඒ මත තබමිනි.

දුන්‍යා ඇගේ කාමරයට ගිය වහාම යම් සුවඳකට ඉව අල්ලමින් මෙන් හැරී ගියේ නැගණියගේ කාමරයටය. ඇය එහි දොරෙන් බැලූ විට දුටුවේ රසවත් ආහාරයකි. කෑදර ලෙස තොලකට ලෙව කමින් ඒ දෙස මොහොතක් බලා සිට එක්වරම ඇය පිම්මක් පැන්නේ ජනේලය අසල කිටීව හුරතල් කරමින් සිටි නිත්‍යා වෙතය.දුන්‍යාගෙ නියපොතු පාරට දැඩි වේදනාවක් දැනුණ නිත්‍යා යටිගිරියෙන් කෑ ගැසුවේත් ඇගේ අතේ උන් සුරතල් කිටී කෑ ගැසුවේත් එකට ම ය.ඒ හඬ ඇසුන මැනිකාට දෙලොව රත් විය.තම ලොකු දියණිය ගැන කල්පනාවෙ සිටි ඇයට මොහොතකට පොඩි දුවව අමතකව තිබිණි. ඇය හඬ ආ දෙසට ගියා නොව ඉගිල්ලුනාය.එක්වරම තමා දැක දොර වෙත එන පොඩි දුවව දුටු මැණිකා සිහිසුන් වෙන්නට ආසන්න විය.

නිත්‍යාගෙ සිරුර පුරාම විසිරුන රුධිරය විය.ඇය
අත වූයේ තමා බෙහෙවින් ආදරය කල සුරතලාගේ ඇඟ පමණි.උගේ ඔලුව තිබුනේ දුන්‍යාගෙ කටේය.කට දෙපසින් වැක්කෙරෙන
රුධිරය දිවෙන් රස කරමින් ඇය බීවේ ඉතා පෙරේත ලෙසය. ඇයගේ පෙනුම විරූපී වී තිබුණේ බැලීමටවත් නොහැකි තරම් භයානක ලෙස ය.

බයේ දුවන්නට වත් නොහැකිව සුරතලාගෙ ඇග අත්වලටම හිර වී බලා සිටි නැගණියගේ අතින් කිටී ගේ ඉතුරු කොටසත් දුන්‍යා උදුරා ගත්‍තා ය.
එහි කකුලක් කඩා කටේ ඔබාගත් දුන්‍යා පුංචි කෙල්ලගෙ අතේ සීරුමෙන් මතු උන ලේ බිංදු ඇඟිල්ලෙන් ඇරගෙන රස බැලුවාය ..මිනිස් මස හා රුදිරය සියලුම මාංශ වල රුදිර වල රසයට වඩා ඉතාමත් මිහිරි ය.රස ය. ඒ රසයට වහවැටුණු ඇය පූසාව විසිකර විසි කර නිත්‍යා ලඟට වඩාත් කිට්ටු වූයේ කුමටද යන්න වැටහුණු මැනිකා වහාම නිත්‍යා ගේ අතින් අල්ලා ගෙන එළියට දිව්වා ය.

කිසි දෙයක් නොවැටහුණු නිත්‍යා හඬමින් මේස පුටුවල පුටු වල හැපෙමින් ද ඇයට හැකි උපරිම වේගයෙන් දිව්වා ය.තම රසවත් ගොදුර තමාගේ ඈතට යනු දැක දුන්‍යා වඩාත් රව්ද්‍ර ලෙස වෙනස් වුනා ය.ඇගේ සිරුර තරමක් විශාල විය. ඇස් ගෙඩි දෙක රතුවන්ව ඉලිප්පිනි.’දීපන් මගේ මස් කුට්ටිය! ඕකිගෙ ලේ හරි රසයි. දීපන් දීපන් මට දීපන්..’ යැ යි කියමින් දුන්‍යා කෑ ගසන හඬ වඩාත් ගොරෝසු ලෙස අසල්වැසියන් ට ඇසිණි..

තමාගේම නැගණිය සහ මව පිළිබඳ වෛරයකින් ඔවුන් පසුපස හඹා ආ දුන්‍යාව ගේ තුළ සිරවන සේ සාලයේ දොර වැසූ පොඩි මැනිකා හැකි තරම් හයියෙන් කෑ ගසමින් උදව් ඉල්ලමින් පාර දෙසට දිව්වා ය …එහෙත් මෙවන් අද්භූතජනක අවස්ථාවක දී තමාගේ ජීවිතය ආරක්ෂා කර ගන්නවා විනා අනෙකකු දෙස බලන්නට සිතා නැති බව බාගෙට ඇරුණ ජනෙල් දොරවල් වලින් එබී බලන අසල්වැසියන්ගෙන් පැහැදිලි විණි. . නමුත් මොවුන්ගේ පිනකට එවෙලෙහි කපු මහතා තම අතවැසියා සමඟ එහි පැමිණිම මහත් අස්වැසිල්ලක් විය.වටේට කැරකෙන කොළරොඩු හා දුහුවිලි අතරින් අපහසුවෙන් නිවසට ලං වූ ගුරුන්නාන්සේ දුම්මල මතුරා දුන්‍යාගේ ඇඟට ගසා තව මන්තර කීපයක් ද මතුරා ඇයව නැවැත්වී ය.

සියල්ල සන්සුන් විය.දුන්‍යා සාලය මැද සිහිසුන්ව සිටියා ය. අසල්වැසියන් ද ටික ටික ඔවුන්ගේ නිවසට කිට්ටු විය. නිත්‍යාත් මැණිකාත් දරාගන්නට අපහසු හැඟීම් සමුදායකින් හෙම්බත්ව ඔහේ බලාගෙන සිටියා ය.මේ වන විට රාජා නිවසට ආවේ අසල්වැසියන්ගෙන් ඇමතුමකින් සිද්ධිය දැනගෙන ය. ගුරුන්නාන්සේ නිවැසියන්ගේ ඉනේ ආරක්ෂාවල් බැඳ ආතුරයාට ඇප නූලක් දමා ඉඩමේ කොන් සතර ආරක්ෂාවල් දැමී ය.

“මේ දැරිවිට දරුණු අමනුෂ්‍ය ආත්මයක් ඇතුළු වෙලා.අයින් කරන එක ලේසි පාසු කාරණාවක් නොවෙන හැඩයි පෙනෙන්නේ. මේ දාපු ඇප නූල වරු තුනක් වලංගුයි. ලබන සතියේ කෙම්මුර බදාදාවේ තොවිලයක් සූදානම් කරා නම් හොදයි”

උගුරේ රැල් බුරුල් හැර ගුන්නාන්සේ කීවෙව් ය.

“එහෙමයි. මං සූදානම් කරන්නම් ගුරුන්නාන්සේ” රාජා එය පිලිගත්තේ ය.

“හ්ම්..හොඳා.මේ ඇප නූල කඩින් කඩ අලුත් කරන්න වෙයි.මේ කාරණාව බරපතළ බවක් පේන නිසා මට වඩා දක්ෂ මගේ ඇඳුරුතුමාව ගෙන්නලා කටයුතු කරන එක හොඳයි කියලා මට හිතෙනවා. එතකං ඇප නූල දැරිවිගේ ඇඟෙන් අයින් වෙන්න ඉඩ තියන්න එපා.ආයෙමත් සැරයක් නිවැසියන්ට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා අයින් කරොත්.”

එසේ කියූ ඔහු තොවිලයට ඕන කරන බඩු ලැයිස්තුවක් ලියා දී නිවසින් පිටවිය.එදින පුරාම දුන්‍යා කාමරයට වැදී නිදා ගත් අතර නිවැසියන්ට කරදරයක් නොවීය.තම දියණියට වූ කරදරය ගැන මහත් සේ දුක් වූ නිවැසියන් සමඟ ගමේ උදවිය ඇවිත් කතා බහ කළේ ය. සමහරු නම් පැමිණියේ වූ කරදරය විමසනු කෙසේ වෙතත් දුන්‍යා පිළිබඳව ඔත්තු බැලීමට බව රාජාට තේරුණ නමුත් හේ කිසිත් නොකී ය. මැණිකා ගම්මු අසන දේට කඳුළු වගුරුවමින් ඇයට කියාගතහැකි අයුරකින් පිළිතුරු දුන්නා ය. නිත්‍යා මවගේ අසලම දැවටී සිටියේ ඇති වූ බිය නිසාම ය.වැසිකිළියට පවා ඇතුල්වී දොර වසා ගැනීමට ඇය බිය වූවා සේම මව හා පියා සමඟ මිස අන් අයකු හා කතා නොකළා ය.

ඉතා නිහඬ හෝරා කීපයකට පසු නිත්‍යා ට බලෙන්ම බත් කටවල් කිහිපයක් කැවූ මව්පියන් නිදි යහනට ගියේ කුසගින්නේ ය. තමාගේ වැඩිමල් දියණිය කරදරයක වැටී වැතිර නිදද්දී කුස පුරවා ගන්නට දාරක ස්නේහය ඇති මව්ව්පියන්ට නොහැකිබව අමුතුවෙන් කිවයුතු නැත.ඔවුන් තිදෙනාට පමනක් සෙමෙන් ඇසෙන සේ රේඩියෝවෙන් දැමූ පිරිත් සජ්ජායනය මද්‍යයේ දුන්‍යා පිළිබඳව වූ වේදනාවෙන් කඳුළු අතරින් සිහින් හඬින් කතා කර කර සිටි රාජාත් මැනිකාත් මැදියම ආසන්නයේ නින්දට වැටුනේ ඔවුන්ටම නොදැනුවත්ව ය.

දුන්‍යාගෙ නිවස මෙසේ ගිනිගෙන තිබෙන විට නෙතුන්ගේ නිවසේ තත්වය නම් සාමාන්‍ය ලෙස පෙනුණි.ඒ පිළිබඳව ගමේ ඈයන්ගේ රහස් මුණු මුණුව තුල සත්‍ය මෙන්ම අස්ත්‍යද ඔච්චම් කරන්නට විය. කිසිවෙක් කිසිවක් කීවද නෙතුන් තුල දුන්‍යා පිළිබඳව වූ මතකයට වූ දෙය දන්නේ නිලමේ පමණි. දුන්‍යා පිළිබද ව වන සිදුවීම් වලට කුමාරි දුක් වූව ද ඇයට කලහැකිවක් නොවී ය.කිසිවිටෙකත් තම සැමියාට ඉහලින් යාමට හෝ ඔහුව ප්‍රශ්න කිරීමට කුමාරි උත්සහ නොකලේ ඔහුගේ තරම දන්න බැවිනි. නිලමේ සිටියේ සඟවාගත් සිතුවිලි පිරි මුහුන ගම්මුන්ගෙන් සඟවන්නට තැත් කරමිනි.
………………………………..

රාත්‍රී දොලහේ කණිසමට ඇහැරුන දුන්‍යාට තමාගේ කන් දෙක රත් කරමින් ඒ දැවීමක් ඇතුලු වනු දැනුනි. හී ගසක් මෙන් ඇදමත් ඉදගත් ඇය ඉතා අපහසුවෙන් ඇඹරෙන්නට විය. කෙටි හුස්ම කීපයක් එක ළඟ ගත් ඇය විදිල්ලක් මෙන් නැගිට සාලය වෙත ගොස් රේඩියෝවේ විදුලි සම්බන්ධතාව බිඳ හෙලී ය. තද නින්දේ හුන් නිවැසියන් ට එය නම් නෑසුණි.

රාජාගේ අත වැදී හිස ආසන්නයේ තිබූ රේඩියෝවේ හඬ තරමක් වැඩි වී තිබිණි. පිරිත් ශ්‍රවණය වීම නිසා වඩාත් දරුණු වූ අදෘශ්‍යමාන හස්තය දුන්‍යාගේ මනස මෙහෙයවන්නට විය. කෙසේ හෝ ඔහුගේ වෑයමට සාර්තක වන බව පෙනුණි.කාමරය සිසාරා බඩු ඇද දැමූ දුන්‍යා ලාච්චුවක තිබී පරණ කතුරක් සොයාගත්තා ය.එයින් ඇප නූල කපාගත් ඇය වියරු සිනහවකින් මුව සරසා ගෙන “අම්මේ අම්මේ”යි කියමින් මැණිකා ඇමතුවේ බොහෝ අපහසුවෙන් මෙනි. සද්දයට අවදි වූ මැණිකාට පිරිත් හඬ ගැන වගතුවක් නැති ය. දුන්‍යා සිටි කාමරයට ගොස් දොර හැරි ඇය දියණිය වෙන ගියාය.මැණිකා එන බව ඇසුන විගස දුන්‍යා සැනෙකින් ඇදට වැටී වඩ වඩාත් කෙඳිරි ගෑවේ ඇගේ දුර්වලකමින් ප්‍රයෝජනයක් ගැනීමට බවද මැනිකා නොදත්තා ය.

60 thoughts on “දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. හිමා?

    අම්මෝ කාලෙකින් කතා ගොඩක් තීනෝ කියවන්න??

    කස්ටිය කොහොමද ඔයාලට

      1. හිමා?

        ඇයි කවී මොකක් හරි ප්‍රශ්නයක්ද ටිකක් හොදින් කියන්නේ

        මාත් ඉතිං ඉන්නෝ?

        1. මහන්සි හොඳටම…… පහුගිය දවස්වල නිකන් ඉදලා දැන් වැඩ කරන්න ගියාම තමයි ඉතින් මහන්සි වෙනව කියන්නෙ මොකටද කියල තේරෙන්නෙ……

  2. රිතූ ?

    අම්මෝ දියමන්තිය ??? කීයටවත් හිතුවේ නෑ මෙහෙම දෙයක්

    අර සතාව කාපු හැටි ? නිත්‍යා බය වෙන්න ඇති හොඳටම… තමන්ගේ අක්කා එහෙම තමන්ගේ ඉස්සරහම සතෙක්ව අමු අමුවේ කාලා ලේ බොනවා බලන් ඉන්න පුලුවන් ද දෙයියනේ ??

    අම්මා හොඳ වෙලාවට නිත්‍යාව ඇදගෙන දිව්වේ…. නැත්තන් ඊළඟ ගොදුර නිත්‍යා ??

    මේක බන්ධනය ෆිල්ම් එක වගේම තමා ??

    නිලමේ මාර මිනිහෙක් නේ ???

    දුන්‍යා ඒ කතුරෙන් අනීවිද අම්මට ??? අනේ ??

    හෙට වෙනකන් ඉවසන් ඉන්න බෑ වගේ… බෝනස් කොටසක් දෙන්න බැරිද ? ??

    කතාව නම් සුපිරියි දියමන්තිය ❤

  3. අනේ….. පව් දුන්‍යා….. එයාගෙ ගෙදර අයට කොහොම දැනෙනව ඇතිද???
    නිත්‍යා හොඳටම බය වෙලා වගේ…. නිත්‍යාගෙ ලේ රස දැනිලා කන්න හදද්දි නම් මං හොඳටම බය වුණා…..
    වටේ ගෙවල්වල අයත් උදව්වට එන්නෙ නැතුව හැංගිලානෙ හිටියෙ…..
    හොඳ වෙලාවට කපු මහත්තය ආවෙ…. ඒත් එයාට පන්නන්න බැරි තරමටම යකා භයානකයිලුනේ….
    පව් නිත්‍යාගෙ පූසා…. ඌටත් අකාලයේ මැරෙන්න වුණානෙ මේ මිනිස්සුන්ගෙ කුල භේද නිසා….. ඒ අහිංසක සතා මොනවා කරන්නද මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට…..
    නෙතුන්ගෙත් මොකක් හරි අවුලක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද???? එයා එකපාරටම වෙනස් වුණේ ඇයි???? දුන්‍යාට මෙච්චර දෙවල් වෙද්දි එයා ඒවා ගණන් ගන්නෙ නැතුව බලන් ඉන්නේ ඇයි????
    දුන්‍යා එයාගෙ අම්මට මොකක් කරයිද දන්නෙ නෑ…. මරන්නෙ නැති වෙයි නේද අක්කියෝ??? ඒත් ඉතින් ඒව කියන්නත් බෑ…. පූසව මරන් කාලා නංගිවත් කන්න හදපු යකානෙ ඉතින්…..
    නිලමෙ මුකුත් වුණේ නෑ වගේ ඉන්න ලස්සන….. ඇත්තටම මනුස්සකම ගෑවිලාවත් නැද්ද මංද එයාගෙ…. හිතක් පපුවක් තියෙන කෙනෙකුට පුළුවන්ද තව කෙනෙකුට මෙච්චර දුක් දෙන්න…..
    දුන්‍යාට වැහිල ඉන්න යකාව එලවලා ඉක්මනට නෙතුන්වයි දුන්‍යාවයි එකතු කළා නම් හරි….. හැබැයි ඉතින් ඊට කලින් නිලමෙට මොකක් හරි කරන්න වෙනවා….
    දැන් දැන් මට හැම කතාවක්ම ප්‍රශ්න පත්තරයක් වගේ පේන්න අරන්…. අනේ මගේ අහිංසක මොළේ මහන්සි වෙවී ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවා….. කතා ලියන අයගෙ හොඳකම තමයි ඉතින්…. මට මේ කතාව කියවද්දි මතක් වෙන්නෙම බන්ධනය චිත්‍රපටිය…. ඔයා ඒකත් හිතේ තියාගෙන ලියුවා කියලා කලින් කමෙන්ට් එකක කියලා තියෙනවා වගේ මං දැක්කා….. ඒක අපිට තේරෙනව කියන්නෙ අක්කිගෙ හැකියාව තමයි ඒ…..
    කුතුහලය විතරක් නෙමේ සජීවීකරණයත් උපරිම තියෙනවා මේ කතාවෙ….. කතාව කියවද්දි මට දැනෙන්නෙ මං චිත්‍රපටියක් බලනවා වගෙයි….. ඇස් ඉස්සරහ මේ සිදුවීම් මැවිලා පේනවා අක්කියෝ….. ඔන්න ඉතින් ඒකට නම් මං ඔයාට බනිනවා…. දැන් මං රෑට නිදා ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න අක්කියෝ….. මට හීනෙනුත් දුන්‍යාව පෙනෙයි….. දැනුත් නිකන් මට මැවිලා පේනවා වගේ දුන්‍යා ලේවලින් නෑවිලා ඉදන් පූසගෙ ඔලුව කන විදිහ…. මීට වඩා භයානක සිද්ධි කතාවෙ නෑ නේද සඳූ අක්කේ???? අනේ එහෙම තිබුණොත් මට හාට් ඇටෑක් එකක් හදාගෙන තමයි මැරෙන්න වෙන්නේ…. හැබැයි මං මැරෙන්න කලින් ලියුමක් ලියලා තියනව මගෙ මරණෙට හේතුව ඔයා කියලා සඳූ අක්කේ….. ඊට පස්සෙ මං මැරිලා හොල්මනක් වෙලා ඔයාගෙ පස්සෙන් පන්න පන්න වද දෙනවා…. ඔයා කැමති නම් ඉතින් ඒ ගැනත් හොල්මන් කතාවක් ලියන්න….. කට්ටියට කියවලා බය වෙන්න පුළුවන්නෙ….
    සඳූ අක්කියෝ….. කතාවක අඩුපාඩු කියන්න තරම් දැනුමක් මට නෑ…. ඇත්තටම මට තේරෙන්න කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ…… මට කතාවක් වර්ණනා කරන්න තේරෙන්නෙත් නෑ මගෙ අක්කේ….. ඒත් කතාවෙ හැම වචනයක්ම මගෙ හිතේ ලස්සනට රූප මැව්වා…. ඇත්තටම මට දැනුණෙ මං පාඨකයෙක් නොවී මේ කතාවෙ චරිතයක් වුණා වගේ හැඟීමක්…… ඔයාගෙ හිතේ මැවුණු සිතුවිලි ඔයා ලස්සනට අකුරු කරලා තියෙනවා සඳූ අක්කේ….. හරිම ලස්සනයි වගේම බයත් හිතෙනවා කතාවට….. තව කියන්න දේවල් හිතට එන්න කලින් මං මේ කමෙන්ට් එක ඉවර කරනවා අක්කියෝ….. මොකද කමෙන්ට් එක කතාවට වඩා දිග වුණොත්…..
    ඔයාගෙ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කේ….. All the best!!!! පරිස්සමින් ඉන්න….. ජේසු පිහිටයි….. බුදු සරණයි…..

    1. පෙමින් බැඳුනු හිත නිසා
      දුක් විඳිමි මම තනි වෙලා
      පහත් කුලයේ වූ නිසා
      වෙන් වෙන්න සිදු වෙලා
      මා නිසා දුක් වෙලා
      මගෙ මව්පියන් දැන් හඬනවා
      යක්ෂයෙක්ට නතු වෙලා
      මං දුකින් කාලය ගෙවනවා
      ඈත් වන්නට නම් කියන්නෙපා
      මේ හදවත් බැමි ලිහා දමා
      සදා දුක් වුවත් මා
      ඔබේ සතුටම පතනවා
      මව්පියන් හා නැගණියත්
      දුකින් බියෙන් සිටිනවා
      ගැලවීමක් මට නැති නම්
      ඔවුන් ගලවන ලෙසම
      මා ඔබෙන් ඉල්ලනවා
      ?????දුන්‍යා ?????

    2. මේ කියපු ඔක්කොම ටිකට මාත් එකඟයි..කතාව කියවන් යද්දි මැවිලා පෙනුනා?

    3. රිතූ ?

      දෙයියනේ දියමන්තිය….. ඔයැයිට හිරේ යන්න ලෑස්ති වෙන්න වෙයි වගේ ?????

    4. රිතූ ?

      දුන්‍යා ට කරදරයක් කරයි කියලා බයට නෙතුන් පැත්තකට වෙලා ඉන්නවා වෙන්න බෑ ද ??

      1. කරදරයක් කරනවා කියලා නෙතුන්ව බය කලා නම් දුන්‍යාට කරදර කරන්නෙ ඇයි???? එහෙම නම් දුන්‍යාට කරදර කරන්න වුවමනාවක් නෑනෙ….. මට නම් හිතෙන්නෙ නෙතුන්ගෙ හදිසි නිහඬතාවයටත් ලොකු හේතුවක් ඇති…..

        1. අර නිදන් කතාව ඇත්තටමද…දුන්‍යා ඔය දේ කරේ අර නිලමේ කියන කෙනානම්..නෙතුන්ටත් මොනා හරි කරලද දන්නේ නෑ නේ…

          අම්මෝ සදු අක්කියෝ..ඇත්තටම ෆිල්ම් එකක් බලවා වගේ…???
          හොද වෙලාවට මන් මේක දැන් කියෙව්වේ …නැත්තම් මට නූල් බදින්න වෙයි රෑට කියවලා? .අම්මෝ…

          කතාවනම් සුපිරි අක්කි…ඇත්තටම නිටමයි…?

          ????????????

          1. රිතූ ?

            අර දුන්‍යා දැක්කා කිව්වනේ නිත්‍යා ගේ කාමරේට යද්දි රස කෑමක් ? මම ඒ වෙලාවේ හිතුවේ ඩෝනට් එකක්, චොක්ලට් කේක් කෑල්ලක් වගේ දෙයක් කියලා ?? රස කෑම කියලා කිව්වේ පූසට කියලා දැක්කම නම් මට සසර කලකිරුණා ???

  4. අනේ සඳු අක්කියෝ මොකද්ද අප්පා මේ වෙන්නේ…??? දැන්නම් මට තනියම කාමරේ ඉඳන් පාඩම් කරන්නත් බයයි වගේ අප්පා හුම්… ?
    අයියෝ දුන්‍යා පව් අප්පා… අර නිළමේ කාරයා තමයි ඕම කරන්න ඇත්තේ… අනේ ඇත්තමයි එයාව අහුවුනොත් ගහනවා අල්ලලා පොලවේ ඇයි වදේ අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නෙත් නෑ සෙද්ද ???
    එතකොට නිත්‍යා…
    එයා තමයි ගොඩක්ම පව්… තමන්ගේ අක්කට මෙහෙම වෙද්දී ඒ කෙල්ල ගොඩාරියක් බය වෙන්න ඇති… හැබැයි ඉතින් බය නොවුනොත් තමයි පුදුමේ…
    අම්බෝ අර කිටියව මරාගෙන කාපු ටික කියවද්දීනම් ඇඟත් එක්ක සීතල වෙලා ගියා අප්ප ???
    තමන්ගේ දුවට මේම වෙද්දී ඒ දෙමාපියෝ දෙන්නට කොච්චර දුකක් ඇති වෙන්න ඇත්ද අප්ප… ඒ වගේම ගොඩක්‌ බයවෙන්නත් ඇති…
    එතකොට අර නිතුන් කාරයා… අනේ අම්මපා ඔය කොල්ලව අහුවුනොත් කනට දෙකක් දීලා දුන්‍යාලගේ ගෙදර එක්කන් යනවා හුම්…
    අනනේ පව් අප්ප මැණිකා… එයාට මොනවහරි උනොත් ඔයාව මං එල්ලනවා වහලේ සඳු අක්කේ හරිද?
    එතකොට ගෙදර කාට හරි මොනාහරි උනොත් ඒත් එල්ලනවා හරිද? දන්නවනේ මං ගැන ???
    Anyway කතාවනම් superb… කොච්චර සුපිරිද කියනවනම් මං දැන් අත්තම්මි ඉන්න කාමරේට යනෝ පාඩම් කරන්න… මට බයයි අප්ප… මොකද අපෙ ගෙදර ඉන්න පූසත් මේ වෙලාවේ ඉන්නේ මගෙ කාමරේ ඇඳ උඩ ???
    හෙට කතාව කියනකම් ඉවසිල්ලක් නෑ…

  5. සඳුනි නවෝදාට මරණ තර්ජන රාශියක් එල්ල වී ඇති බැවින් ඇය තම ආරක්ෂාව වෙනුවෙන් ###### පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් සටහන් කෙරූ බව කතා අහුර ඕපදූප සේවයට වාර්තා වී ඇත.

  6. Good morning රිතුවෝ ?
    Good morning සන්කුට්ටි ?
    Good morning පිනෝකියෝ ?
    Good morning ලකී ?

    Good morning හැමෝටම ???

  7. ??????????? කොහොමද ඉතිං කස්ටියට ..?

    සඳූ මචී කාලෙකින් නේද…? කතාව නම් කියෙව්වෙ නෑ තාම කියවලා කමෙන්ට් එකක් දාන්නම් මං … පරණ සෙට් 1 නැද්ද දැන්..?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.