Katha Ahura

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

මැණිකා එන බව ඇසුන විගස දුන්‍යා සැනෙකින් ඇදට වැටී වඩ වඩාත් කෙඳිරි ගෑවේ ඇගේ දුර්වලකමින් ප්‍රයෝජනයක් ගැනීමට බවද මැනිකා නොදත්තා ය.

………………………………….

“ලොකූ.. මගේ පුතේ…මගේ අම්මට මහන්සි ද.. ඇය සිය වැඩිමල් දියණියගේ හිස අතගාන ගමන් ඇසුවා ය.තම සිරුර දිගේ දැවිල්ලක් ඇදෙන බව දැනී ඉද්ද ගැසුවාක් මෙන් ඇඳ උඩ හිටගත් දුන්‍යා මවට පයින් ගැසුවා ය. ඒ පා පහර වැදී මැණිකාගේ ඉනට බැදි සුරය ගිලිහී බිම වැටුණේ ඇයගේම කරුමයට ය.

“හහ් හහ් හා.. තොපි අපිව මට්ටු කරන්න නේද හැදුවේ. හිටපන් මං තොපි එක එකාව මට්ටු කරවන්න.!” එසේ කියමින් ඈ මැණිකාගේ කෙස් වැටියෙන් අල්ලා ඇයව ඇඳ මත පෙරලා දැමුවා ය. මැණිකාගේ හිස ඇඳ විට්ටමේ වැදී ලේ ගලන්නට විය.කෑගැසූ මැනිකාගේ හඬ ඇසී රාජාද අවදි වී කාමරයට දුවගෙන ආවේ ය. එහිදී දුටු දෙයින් ඔහුගේ ඇස් උඩ ගියේ ය.

දුන්‍යා ඇඳ ඉස්සරහ පාවෙමින් සිටි අතර මැණිකා රැගත් ඇඳ වේගයෙන් භ්‍රමණය විය. මැනිකාගේ හිසෙන් ගලන රුධිරය කාමරය පුරා විසිරුනේ රාජාගේ ඇඟට ද ඉසීමෙනි.

“අනේ පුතේ නවත්තන්න රත්තරනේ ඕක නවත්තන්න.”

“හහ් හහ් හා නවත්තන්න? තොපි මට්ටු කරන්න නේද හැදුවේ මේ අපිව. මේ බලපං මේකිට කරන දේ.හහ් හහ් හා.”

එසේ කියූ ඇය භ්‍රමණය නවතා මැණිකාගෙ ගෙල ටිකෙන්ටික මිරිකන්නට විය ..ශබ්දය ඇසී අවදි වූ නිත්‍යා ද රාජා ලඟට දුවගෙන ආවා ය. නිත්‍යා පසෙකට තල්ලු කර රාජා මැණිකා වෙත දුවගෙන එනවාත් සමඟම ඇඳ වේගයෙන් යළිත් ඉහලට එසවිණි.සිහිසුන් වූ මැනිකාගේ හිසෙන් ගලන රුධිරය දුන්‍යා ලෙව කෑවෙ ආශාවෙන්‍ ය.

“අනේ එපා මගෙ දුවේ එපා.. මේ උබෙ අම්මා නෙ.. එයාට කිසි දෙයක් කරන්න එපා දුවේ.. අත අරින්න අම්මව..!”

රාජා හඬමින් පවසා උදව්ද්ද ඉල්ලා අසල්වැසියන්ට කෑ ගැසුවද මේ අවස්ථාවට සහභාගී වීමට ඔවුන් අකැමැති විය.

“හහ් හහ් හා..උඹලා බේරගන්න ඔය මොකෙක් වත් එන්නෙ නෑ. මේ පොඩි එකෝ.. උඹට ඕන අම්මව බේරගන්න නේද? ..එහෙනම් උඹේ බෙල්ලෙ තියෙන සුරේ ගලවපන්.!” ඇය නිත්‍යාට කීවා ය..

“එපා දූ එපා.. චූටි දූ එපා.. ගලවන්න එපා පුතේ..”

රාජා කෑගැසුවත් බියවී සිටි කෙල්ලට අවශ්‍ය වූයේ අම්මා බේරගැනීමටය. ඇය ක්ශනයකින් සුරය හිසෙන් පන්නා දැමුවා ය. දුන්‍යා ඇගේ මව ව අතැර නිත්‍යා වෙත පාවුනේ තත්පරෙන් තුනෙන් පංගුවක වේගයකිනි. රාජාට පෙනුනේ මැණිකා අසල මෙන්ම නිත්‍යා අසලද දුන්‍යා සිටින බවක් ය. කවුරුන් බේරාගන්න ඕනීදැයි රාජා වික්ෂිප්ත විය.

දහවල් ආහාරයට ගැනීමට නොහැකි වූ ගොදුර තමා අතට පත්වීම ගැන දුන්‍යාගෙ ඇග තුල සිටි ආත්මයන් මහත් සේ සතුටු විය.. ආශාවෙන් තොල කට ලෙව කාපු යක්ශ මුහුණු කීපයක් දුන්‍යා තුළින් මැවි මැවී අතුරුදන් වූයේ ද විනාඩියකටත් අඩු කාලයක් තුළ ය.. දොඹගෙඩි මෙන් විශාලව රතු වූ ඇස්ද උල් දත් දෙකක්ද ඇති යකෙකු ද නයි හිසක් ඇති රුවක් ද දිගු කන් දෙකක් හා උස අං දෙකක් තිබුන රුවක්ද ඒ අතර විය. එපමණක්ම නොව ඇගේ සිරුර වරෙක ඇය මෙන් තුන් ගුණයක් පමණ විශාල විය හම පැලී රුධිරය ගලන්න ට විය…ඇය තුල අරක් ගත් ආත්මයන් සිත් සේ රාජාගේ හැඟීම් බයිටට ගන්නට විය.එම භයානක රූපයන් දැක්ක පුංචි නිත්‍යා සිහි විසඥ්ඥව ඇද වැටුනේ දුන්‍යාගෙම අත් මත ය.ඇය තුල එක් යකෙකු පිටතට විත් නිත්‍යාව අයිති කර ගැනීමට ඇයව උදුරාගන්නට වූ අතර තවකෙකු ඇගේ අත සිදුටු කර ලේ උරාබොන්නට විය.

රාජා සිහිමද වූවෙකු සේ ගේ පුරා දුව ගෙන ගොස් අතට හසු වූ මන්නයක් රැගෙන ආවේ තම කුඩා දියණිය කෙසේ හෝ බේරා ගන්නට ය.එක් දියණියකගේ ජීවිතය බේරා ගැනීමට අනික් දියණියට මන්නයෙන් කෙටීමට සිදු වීම මොනවගේ හැඟීමක් දැයි කිව නොහැකි ය. කෙසේ උවත් තමාගෙ තත්පරයක පරක්කුව සියල්ලන්ගේම ජීවිත මෙන්ම ගම්වැසියන්ගේ ජීවිත වලටද තර්ජනයක් වන හෙයින් ඔහු දෑස් තර කොට වසා මන්නය ඉහලට එසවූයේ දුන්‍යාගේ දෑත් වලට ගැසීමට ය. එවිටම වාගේ ඉදිරිපස දොර පලු කඩාගෙන ගෙතුළට ආපු කපු මහතා නිසා රාජාගෙ ක්‍රියාව නැවතිණි.කපු මහතා යලිත් මන්ත්‍ර මතුරා දුන්‍යාව මෙල්ල කර ගත්තේ මහත් වෑයමක් දරා ය..දුන්‍යාගෙ නිවසේ කලබලය ඇසුනු අසල නිවසකින් ඔහුව ගෙන්වා තිබුණේ ය ..

කඹ කිහිපයක් ගෙන්වාගත් කපු මහතා දුන්‍යා ඇඳටම තබා අත් පා ගැට ගසා දැමූවේ වෙන කරන්නට දෙයක් නැති නිසාය ..මැනිකාට වතුර ඉස සිහිය ගත් අතර වාසනාවකට ඇයට බරපතල තුවාලයක් නොවීය. රුදිරයද කැටවී ගැලීම නැවතී තිබිණි.කාමරය පුරා හා රාජාගේ ඇඟටද විසි වූ මැනිකාගෙ රුධිරය මායාවක් සේ අතුරුදහන් වී තිබිණි.

“රාජා මම කිව්ව නේද පරිස්සම් වෙන්න කියලා.
බලන්න කෙල්ලගේ බෙල්ලෙ ඇප නූල නැහැ.

මැණිකාගෙ ඉනේ තියෙන සුරයත් නැහැ.මේක උනේ කොහොමද. අවධානයෙන් ඉන්න තිබුණා .ඒ දරුවාගේ ඇඟේ බලගතු ආත්ම..එකක් නෙවෙයි.. කීප දෙනෙක්..බන්දන!. ඒ නිසා බන්ධනය කපන්න හරි ආපිට හරවලා යවන්න හරි ඕන..මේ කාරණාව බරපතලයි. මං මගේ ඇදුරුතුමාව මේ කාරණාවට කතා කරගන්න හැදුවෙත් ඒකයි…හැබෙයි වියදම සැරයි රාජා..”

“ඒකට කමක් නෑ කීය ගියත් මගේ කෙල්ලව බේරලා දෙන්න කපුමහත්තයෝ ..” දුන්‍යා විදින වේදනාව මහන්සිය මතක් කරමින් රාජා කීවේ ඇස් වල කදුළු පුරවන්‍ ය.

————————————

කපුමහතා වරුවෙන් වරුව ඇප නූල අලුත් කල නිසා බදාදා වෙනකං කරදරයක් නැතිව නිවැසියන් සිටියද දුන්‍යාගේ හැසිරීම අමුතු අයුරින්ම තිබිණි.
සිවිලිම දෙස බලාගෙන දෙඩවීමත් ක්ලාන්තයෙන් මෙන් ඇදවැටීම කිහිප වරක්ම සිදු විය.ඇය කාමරයටම වී සිටි අතර ආහාර කිසිවක් නොගත්තා ය. වරෙක ඇගේ කාමරයේ බඩු මුට්ටු පෙරලෙන හඬද ගිරිය යටින් කෑ ගසන හඬද ඇසුණි.

බදාදා උදෑසනම කපු මහතාගෙ ඇඳුරුතුමා වු සේදිරිස් ගුරුන්නාන්සේ තවත් කපු මහතුන් දෙදෙනෙක් හා අත්වැසියන් දෙදෙනෙකුත් සමඟ රාජාගෙ නිවසට පැමිණ තොවිලය සඳහා පේ වී කටයුතු සූදානම් කළේ ය.

සැඳෑ අඳුර ගම්මානයට එබී බලන්නට කිට්ටුව ගමේ වැසියන් එකා දෙන්නා බැගින් රාජාගේ නිවසට ඇදුනේ මෙවන් සිදුවීමක් රස විඳීමට ඇති රුචියත් කුතුහලයත් බියට වඩා ඉස්සර වීමෙනි…මලහිරු ගම්මානයෙන් පිටව රාත්‍රී ය එළඹීමට පෙර ඇදුරන් සියලු දෙනා ගොක් පහන් පැල අසල රැස් වී බුදුන් වැද දෙවියන් පුදා ආශිර්වාදය ලබා ගත් හ. දොල තටුව ඉදිරියේ එලන ලද පන් පැදුරේ සුදුරෙද්දක් පොරවාගෙන දුන්‍යා සමඟ රාජාත් මැනිකාත් සිටි අතර නිත්‍යා තම ලොකු අම්මාගේ ඇකයේ ගුලි වී සිටියා ය.හක් ගෙඩිය පිඹ තොවිලය ආරම්භ කරන බව දැනුම් දී යක් බෙරය දවුල හොරණාව ආදී වාද්‍ය භාණ්ඩයෙන් සබ්ද පවත්වා පැය බාගයක් යාමට පෙර ගමේ ලොකු කුඩා සියලු දෙනාම පාහේ රාජාගේ ගෙමිදුලේ විය.

වර්ග හත බැගින් වූ තෙල් වලින් හැදූ රසකැවිලි, තුන් ආකාරයකට බැදගත් බිත්තර තුනක්, කුකුල් ලේ ගොටුවක්, අමු මස්, පිසූ මස්,අරක්කු,සුදු බත්, රතු බත්,දිය බත් ආදී දෑ රැසක් පිදේනි තටු වල තබා ඒ ඉදිරියේ මන්ත්‍ර ජප කල සේදිරිස් ගුරුන්නාන්සේ ආරූඪ වූයේ ය. වටේ සිටිය උන්ගේ ඇස් ගොබෙන් එලියට පනින කෙසෙල් මුව සේ ඇස් කෙවෙනි තුලින් එලියට පැන්නේ ඔහුගේ විලාශය ඒ තරම් බියකරු හෙයිනි. රක්ත වර්ණ ඇස් ලොඳ හා විකෘති ව පෙනුන මුව දැක බිය වේ යැයි සිතූ ගම්මුන් තම කුඩා දරුවන්ගේ දෙනෙත් අත් වලින් වසා දැමුහ.දුම්මලය අතට ගත් ගුරුන්නාන්සේ නොතේරෙන භාශා කීපෙකින් (උර්දු,තෙලිඟු, දෙමළ) කතා කරන විට ඔහුට ලං වන ගෝලයා ඔහු ඉල්ලන ඉල්ලන දෑ දුන්නේ කී දේ වැටහුණ නිසා නොව පලපුරුද්ද නිසා බව දන්නෝ දනිතත් අනිකුන් පුදුමයට පත් විය. එක් වරම ගුරුන්නාන්සේ උඩ පැන බිම වැටී වට තුනක් පෙරලීගොස් වත්ත පුරා මායිම් වල පෙරළි පෙරලී යන්නට විය. මඩ වලවල් කටු රොද ගල්තලා උඩින් පෙරලෙන ඔහු දිහා ගම්මු හැරි හැරී බැලී ය.

සුදු රෙද්දක් අතින් ගත් ඔහුගේ ගෝලයන් ද රාජාගේ නෑයින් කීප දෙනෙකුද ඔහු පසුපස ගොස් පෙන්වූ තැන් හාරා ගොඩගත් දෑ කඩිමුඩියේ පිදේනි තටුව වෙත ගෙනත් තැබී ය. පොට්ටනියක් සේ ඔවුන් රැගෙන ආ ද්‍රව්‍ය මොනවාදැයි බැලීමට එයට එබුන අවට වූවන්ගේ ඇස් ගෙඩි ටික් බෝල මෙන් දිස් විය.

35 thoughts on “දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

          1. ඇයි අඅප්පා 1st වෙච්ච සතුටට තමයි මං ගානේ ? දුන්නේ ?

  1. එක යකෙක් නෙමේද දුන්‍යාට වැහිලා ඉන්නේ???? පව් ඒ අහිංසකී….. මොකට උස් පහත් කියලා කුල වෙන් කරගෙන ඉන්නවද මන්දා මේ මිනිස්සු…. නිකන් මැරෙන කොට දිව්‍ය ලෝකෙට ගන්නෙත් ඔය මහ ලොකු කුලේ බලලා වෙන්න ඇති…. ඔය කුලේ හොඳයි වී පොලන්න ගන්න…. ඒකටත් හොඳ වැඩියි….. කුල්ල වගේම පැත්තකට කරලා වීසි කරලා දාන්න ඕනා මේ මිනිස්සු හදාගෙන ඉන්න භේද…. ජාති ආගම් උස් පහත් කියලා හදා ගෙන ඉන්න කුලවලින් තැලිලා පොඩි වෙලා අසරණ වෙන්නෙ මිනිස්සුම කියන එක ඇයි කාටවත් තේරෙන්නෙ නැත්තෙ??? මං අද පත්තරේ කියවද්දි දැක්ක අයිතිකාරයගෙ කුලේට අනුව හරක්වත් වර්ග කරනවා කියලා….. මොකට ඔහොම කරනවද මංදා????? මං කැමතිම නැති දෙයක් තමයි අක්කෙ ඔය භේද…. මොකද ඒව නිසා මමත් හුඟක් බැනුම් අහලා තියෙනවා…. මං නම් කියන්නේ ආදරේට යාලුකමට ඔය වගේ භේද කිරීම් බලපාන්නෙ නෑ කියලා වැඩිහිටියෝ තේරුම් ගන්න ඕනා…. ඉස්සර තරම් දැන් ඔය වර්ග කිරීම් ගණන් ගන්නෙ නෑ වගේ ඉස්සරහට ඕවා නැති වෙලාම යනව නම් හොඳයි…..
    මං හිතුවෙම දුන්‍යා එයාගෙ අම්මව මරයි කියලා…. රාජා දුවගෙන එද්දි සිද්ධ වුණු හැමදෙයක්ම මගෙ ඉස්සරහ සිද්ධ වුණා වගේ….. ලේ වීසි වුණු විදිහ ඇඳ කැරකුණු විදිහ දුන්‍යා පාවි පාවී උන්නු විදිහ ඔක්කොම මට ෆොන් එකේ තිරයේ චිත්‍රයක් වගේ මැවිලා පෙනුනා…
    අනේ ඇයි නිත්‍යා එතනට ආවෙ??? එයාට තිබුණනෙ කාමරේට වෙලා ඉන්න…. නිත්‍යා හොඳටම බය වෙලානේ…. කොච්චර බය වෙලා හිටියත් නිත්‍යා හිතුවෙ අම්මව බේරගන්න ඕනා කියලා…. ඒකයි අම්මව බේරගන්න සුරේ ගැලෙව්වෙ…. ඒ වගේ දුවලා පවුලට වගේම රටටත් වාසනාවක්….. නිත්‍යාව බෙදාගන්න යක්කු පොරකාපු විදිහ මැවිලා පෙනුනා අක්කියෝ….. අක්කි යක්කු මොන වගේද කියලත් විස්තර කරලා තිබ්බනෙ…. නිත්‍යා කලන්තෙ දාලා බේරුණු එකම ඇති ඒක දැකලා…. ඇත්තටම මට ඒක ඇස් දෙකින් දැක්කා නම් යක්කු මාව මරන්න කලින් හාට් ඇටෑක් එකක් හැදිලා මැරෙනවා….
    ඊයෙ රෑ එක යකෙක්ට බය වෙලා හිටපු මාව අද රෑට නිදාගන්න කලින් යක්කු හතර පස්දෙනෙක්ටම බය කලාට බොහොම ස්තූතියි අක්කියෝ….. හරියට නින්ද යන්නෙත් නෑ බය වෙලා ඇස් ඇරෙනවා….. බලන බලන තැන මැවිලා පේනවා වගේ…. දුන්‍යාගෙ රූපෙ වෙනස් වෙන විදිහ මැවිලා පේනවා අක්කියෝ…
    හිතුනෙම ඒ යක්කු සෙට් එක නිත්‍යාව මරයි කියලා…. රාජා එක දුවෙක්ව බේරගන්න තව දුවෙක්ව මරන්න යද්දි මං හිතුවා නිත්‍යා වෙනුවට දුන්‍යා මැරෙයි කියලා….. රාජා මන්නෙත් අරන් දුවන් එනකොටත් මං කල්පනා කළේ දුන්‍යා මැරුණට පස්සෙ ඒ යක්කු සෙට් එක එතන ඉන්න වෙන කෙනෙක්ගෙ ඇඟට රිංග ගත්තොත් කියලයි…. මටත් හිතෙන දේවල් තමයි ඉතින්….. හරි නම් දුන්‍යා මැරෙනවා කියලා දුක් වෙන්නනේ ඕනා…. ඒත් මම මේ කොහෙවත් එන්න යකෙක්ට මොකක්ද වෙන්නෙ කියලා හිත හිත හිටියා….. හැබැයි පුදුම වැඩේ කියන්නෙ පූසව එක කටට ගිලලා දාපු යකා නිත්‍යාගෙ ලේ බිබී හිටපු එක…. හරියට ෆිල්ම් එකක ප්‍රධාන චරිත හැම වෙලාවෙම බේරෙනවා වගේ වැඩක්නෙ ඒක…..
    කපු මහත්තයා දොර කඩා ගෙන ආවා කියලා කිව්වම නම් ඉතින් මට දෙවියෙක් එතනට ආවා වගේ තමයි දැනුණෙ…. එයා කොහොම හරි මන්තර කියලා දුන්‍යාව සන්සුන් කළානේ…. එයා කියන දේවල්වලින් තේරෙනවා කොච්චර බලගතු බන්ධනයක්ද කරලා තියෙන්නෙ කියලා….. ඇත්තමයි අර නිලමෙ කියන එකාට මට බනින්න පුළුවන් මේ දවසම වුණත්…. එච්චර තරහයි මට ඌත් එක්ක….. මේක කතාවක් කියලා දැන දැනත් අපි මෙහෙම බය වෙලා, දුක් වෙලා, තරහ අරන් ඉන්නෙ මේ කතාව අපෙ හිතට වදින්නම ලියලා තියෙන නිසා…. ඒක කියද්දි මට මතක් වුණේ ආතර් කොනන් ඩොයිල් ලියපු ෂර්ලොක් හෝම්ස් කතාව….. ඒක කොච්චර පාඨකයාට දැනෙන විදිහට ලියලා තිබ්බද කියනව නම් ලියුම් ලක්ෂ ගාණක් ලන්ඩන් නුවර බේකර් වීදියෙ තියෙන ඒ ඇඩ්රස් එකට ආවලු….. ඒවගේ තමයි මේ කතාව කියවලත් අපිට දැනෙන්නෙ මේ සිදුවීම් ඇත්තටම වුණා වගේ…..
    ඒ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටත් ඵය හිතෙන්නෙ උදව්වක් කරන්න උනාම තමා…. ඔය තොවිලෙ බලන්න මුළු ගමම ආවෙ…. ඔය එකෙක් ආවද මැණිකා කෑ ගහද්දී…… අඩු තරමේ මොකද වෙන්නෙ කියලවත් බලල යන්න….. මොනා කරන්නද ඉතින් ආත්මාර්ථකාමී සිතට…..
    ඇත්තටම අක්කියෝ ඔයා කොහෙන්ද අර බඩු ලිස්ට් එක හොයා ගත්තෙ??? යකාට පුදුම කෑම ගොඩක්නෙ දීලා තියෙන්නේ….. ඔය ටික මට දුන්නා නම් මොකද වෙන්නෙ….. අඩුම තරමේ රසකැවිලි ටික විතරක්වත්….. හරි හරි කමක් නෑ දැන්…. ඔතන යකාට දෙන්න තියපු ඒවා දැන් මට දෙන්න ලෑස්ති වෙන්න එපා…. යකා ඊට පස්සෙ මගෙ පස්සෙනුත් පන්නන්න ගනියි…. එකෙක් නම් බැරියැ මෙතන සේනාවක්ම ඉන්නවනේ…..
    මං නම් මීට කලින් තොවිලයක් දැකලා නෑ…. දැක්කෙ මේ කතාව කියවද්දි මැවුණු තොවිලෙ තමයි…. ගමේ මිනිස්සු බය වෙලා බලාගෙන හිටපු විදිහ කියන උපමාව කොහෙන්ද අක්කියෝ හොයා ගත්තෙ??? මට නම් මිනිස්සුට ඇස් වෙනුවට කෙසෙල් මුව තියෙනවා වගේ මැවුනෙ…. උපරිම බය වෙලා හිටියත් ඒ වෙලාවෙ නම් ඔන්න හිනා ගියා…..
    අද රෑ නම් යක්කුන්ට විතරක් නෙමේ බය වෙන්නෙ…. අර යකෙක් වගේ ඇස් රතු කරන් උන්නු ගුරුන්නාන්සෙටත් බය හිතෙන පෙනුමක් තියෙන්නෙ…. ඇත්තටම එයා බිම පෙරලි පෙරලි වත්ත වටේ ගියාද???? කොහොමද අප්ප එහෙම කරන්නෙ???? පිට්ටනියක් වගේ තැනකුත් නෙමේනෙ…. රෝල් වෙලා යන අතරෙ ගහකවත් හැප්පුණා නම් යක්කු එලවන එක පැත්තකට දාලා ගුරුන්නාන්සෙව උස්සන් ඉස්පිරිතාලෙට දුවන්න වෙනවා….
    මොනවද එයාලා බිම හාරලා ගොඩ ගත්තෙ???? මං නම් අහලා තියෙන විදියට යක්ෂ දෝෂ ඇතිවෙන්න කියලා වළලපු දේවල් තමා එහෙම ගොඩ ගන්නෙ….. අපෙ නෑදෑ වෙන ගෙදරක එහෙම ගොඩ ගන්න කලින් දවසෙ රෑ ගුරාගෙ ගොලයා ඇවිත් කුප්පි වගයක් වලලන කොටත් අහු වෙලා තිබුණා…. ඕවා කරන හැම කෙනෙක්ම ඇත්ත කරනවා කියලත් ඉතින් අපිට කියන්න බෑනෙ…. බලපු කට්ටියගෙ ඇස් ගෙඩි ටීක් බෝල වූණා කියන්නෙ ඉතින් එසේ මෙසේ දෙයක් නම් වෙන්න බෑ…. නිලමෙ මොනවද වැළලුවෙ????
    දැන් නම් සතෙක් කෑ ගහන සද්දෙටත් ගැස්සෙනවා….. සඳූ අක්කිගෙ හිතක් පපුවක් නැති වැඩ තමයි ඉතින්…. හෙවනැල්ලටත් බය මං වගේ අසරණ ළමයි මේ කතාව කියවලා බය වෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ඇත්තටම???? මං මානව හිමිකම් නඩුවක් දානවා අක්කිට විරුද්ධව….. හැබැයි ඊට කලින් සාහිත්‍ය සංගමේට පැමිණිලි කෙරුවොත් හොඳයි වගේ මෙහෙම දක්ෂ කතුවරියක් ඉන්නවා එයාට රත්තරන් බැරි නම් ප්ලාස්ටික් සම්මානයක් හරි දෙන්න කියලා…. එක්කෝ එයාලා දෙන සම්මාන ඕනෙ නෑ අක්කේ ඔයාට…. මං ලස්සන ඔරිගමි සම්මානයක් හදලා දෙන්නම්කො A4 කොළවලින්…..
    කියන්න නම් ගොඩක් තියෙනවා අක්කියෝ කතාව ගැන හිතුණු දේවල්…. ඒත් මීට වඩා නම් ටයිප් කරන්න මට බෑ…. අතත් භාගෙට කැඩිලා තියෙද්දියි මේ ටිකත් ටයිප් කළේ….. හෙට ඉස්කෝලෙ යන්නත් ඕන නිසා අත ටිකක් පරිස්සම් කර ගන්නත් ඕනා…. ඒත් ඉතින් මට ලේසියකට මෙහෙම දිග කමෙන්ට් එකකට සිතුවිලි එන්නෙ නැති නිසා නවත්තන්නත් දුකයි වගේ…. අවසානෙටම කියන්න තියෙන්නෙ මේ කතාව හුඟාක් ලස්සනයි කියලයි…. තව තවත් ඔයාගෙ හැකියාව වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ…… ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා….. සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ….. ජේසු පිහිටයි…. බුදු සරණයි….. හොල්මන් හීනෙන් පේන සුභ රාත්‍රීන් පමණක්ම ඔබේ දිවියේ තිබේවා…..

    2
    1. රිතූ ?

      අම්මෝ අම්මෝ කවී ?? ඇස් දෙක වෙනුවට කෙසෙල් මුව ? ????? මම බොහොම සීරියස් විදිහට මේ කමෙන්ට් එක කියවන්න ගත්තේ…. අන්තිමට සීරියස් එක පැත්තක තියලා මට හිනා ගියා ඒ ඔයාට පෙනුනා කියපු විදිහ මටත් මැවිලා පෙනිලා ?????

      කවී…. අතට මොකෝ වුණේ ?

      1
      1. මමත් ටයිප් කරන්න පටන් ගත්තෙ සීරියස්ලි තමයි….
        පෙරේදා තනි අතින් ඩෙස්ක උස්සන්න ගිහින් දැන් අතේ අමාරුවක් ඇවිත් අක්කියෝ….. කොන්දත් ලාවට වගේ රිදෙනවා..

    2. අම්මෝ කවි අක්කි…???අද ඉදලා මට exam පටන ගන්නවා..ඉතින් පෝන් එක පැයකට සීමා කරලා..ඒ පැය ඇතුලත කතාව කියවන්න ආවේ..ඒත් අක්කිගේ කමෙට් එක දැකලා කියෙව්වා…අයියෝ…????

      දැන් අයේ කතාව කියවන්න වෙලාවක් නෑ පස්සේ කියවන්නම් සදු අක්කියෝ…සොරි හොදේ..?

      1
      1. ඉතින් කවුද නංගියෝ කිව්වේ කතාව පැත්තකින් තියල කමෙන්ට් එක කියවන්න කියලා…. මේක කියවන්න පැයක් ගියාද??? මට ටයිප් කරන්න පැය දෙකක් ගියා….

  2. Good morning හැමෝටම ???

    සඳු අක්කියෝ මං අද හවස කතාව කියවල කමෙන්ට් එකක් අනිවාරෙන්ම දානම් ඈ… ඊයේ රෑ එන්න හිටියේ ඒ උනාට ඔලුව කැක්කුම වැඩි උනා අප්පා… මාර වදයක් මේ මෝඩ ඔලුවේ කැක්කුම

    අද ඉස්කෝලේ යනවද ළමයි????

    1. රිතූ ?

      ඒ මචියෝ දැන් කොහොමද? ?

      මං අදත් ඉස්කෝලේ ගියේ නෑ අප්පා… ?

  3. Good morning hamotama.
    මම පන්ති ගිහින් ඇවිත් කතාව කියවන්නම්.. අද හරිම Busy අප්පා
    Byee මම ගියෝ…

  4. රිතූ ?

    දියමන්තිය ?

    මේ දුන්‍යා ගේ ඇඟේ ඉන්නේ එක ආත්මයක් නෙවේද අප්පා… මම හිතන් හිටියේ එකයි කියලා…?

    අම්මෝ මං හිතුවෙම දුන්‍යා නිත්‍යා ව මරයි කියලා ?

    රාජා මන්නේ අරන් එද්දි නම් මාත් බය වුණා දුන්‍යා ට අනියි කියලා??

    කටු මහත්තයා ආවේ හොඳ වෙලාවට ? නැත්තන් එතනින් කාගේ හරි ජීවිතයක් ඉවර වෙනවා…

    මොනවද ඒ ගොඩ ගත්තේ…. ??

    අර දුන්‍යා ගේ ඇඟේ ඉන්න ආත්මයන් පේන හැටි, දුන්‍යා ගේ පෙනුම විස්තර කරලා තියෙන විදිහ නම් සුපිරියි දියමන්තිය…… පට්ටම ලස්සනයි….? මැවිලා පේනවා ඒ කොටස්….

    කතාව සුපිරියි දියමන්තිය…… හරිම ලස්සනයි,.. කුතුහලය උපරිමයි ❤

  5. අනේ ළමයි බලන්නකෝ අප්පා… මටනම් මේක ඇති වෙලා තියෙන්නේ… ඉවසන්න බෑ අප්පා මාර අමාරුයි… ඔලුව පැලෙන්න වගේ… ඒ මදිවට ගැස්රයිටිස් වැඩි වෙලා… බඩ පපුව ඔක්කොම දනව….. මාර අමාරුවෙන් ඉන්නේ… අද හතර පාරක් විතර වමනෙත් ගියා…
    අනේ සඳු අක්කි අනේ මං කතාව පස්සේ කියවල කමෙන්ට් කරන්නම් හාද… තරහ වෙන්න එපා

    1. අනේ අක්කි….. හුඟක් අමාරුද??? බේත් බීලා රෙස්ට් කරන්න අක්කියෝ…. ඉක්මනින් සනීප වෙයි….

  6. Sandu (kandy girl)

    මගේ නංගිලා..?? ඔයාලා ගැන මට අද නම් ගොඩක් ලොකු ලෙන්ගතුකමක් දැනුනා.. ඇත්තටම මගේ කතා වලට ලැබුන කමෙන්ට් අතරේ මේ කතාවට ලැබුන කමෙන්ට් ගැන මට කියන්න බැරි තරම් ලොකු සතුටක් දැනෙනවා … මට හිතාගන්න බෑ මේ වගේ කමෙන්ට් වැටෙන්න තරම් මං කතාව හොදට ලියලා ද කියලා වත්????…මටම පුදුමයි ….???

    කවී නංගි.. අම්මෝ ඇත්තටම මට ඔයාගෙ කමෙන්ට් කියවලා හිනා වෙලා බඩත් රිදෙනවා ..????? අපේ අම්මා මට රවනවා තනියෙන් හිනාවෙන්නෙ ඇයි අහ අහ.අනේ ඉතින් ඒ අය එක්කත් මං සතුට බෙදාගන්න මං කාලය වැය කරා. දවසේම කරන දාහක් වැඩ එක්ක මේ පැත්තටම එන්න බැරි උනාට සොරි නංගිලා.අදත් පේරාදෙණියෙ ගිහින් කිලිනික් එකේ තැපලා ආවේ..මහන්සි … මට සමාවෙන්න හැමෝගෙම කමෙන්ට් වලට වටිනාකමක් දෙන්න වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වෙනවාට ඉතිම්…ඔයාලාගෙ ප්‍රශ්න වලටත් උත්තර ලැබෙයි පැටව්නේ කතාවෙන් ..

    කෙල්ලනෙ මට දැන් ම මැරෙන්න නම් බෑ..තාම අවුරුදු විසි පහයි..??? අර කවීගෙන් මාව බේරගන්න කියලා මං සියල් ඇප් වාසීන් ගෙන් ඉල්ලනවා ..☺️☺️☺️☺️

    කතාව ලියන්න ගොඩක් මහන්සි උනා.. පොත් ගොඩක් කියවලා එක එක විකාර ගොඩක් හිතලා ඒ අස්සෙ මේ වගේ ෆිල්ම් ටිකකුත් ඔලුව ඉස්සරහට අරන් දහ පාරක් විතර එක එපිය එඩිට් කර කර තමා ලීවෙ..???? ඒත් මට සතුටුයි ගොඩක් ඒ මහන්සිය අපතේ ගියේ නෑ. මොකද මං හිතුවාටත් වඩා ඔයාලා ලස්සන කමෙන්ට් දාලා තිබුනා..ඇත්තටම ගොඩක් ස්තූතියි නංගිලා හැමෝටම …??????????????????????? ඔයාලට දෙන්න පුලුවන් එකම තෑග්ග තමා අලුත් කතාවක් ..මං අනිවාරෙන් ඒක දෙනවා පුලුවන් ඉක්මනට … නැවත වාරයක් ගොඩක් ස්තූතියි .. කතාව කියවපු රේට් කරපු කමෙන්ට් කරපු ඔක්කෝටම ගොඩක් ම ස්තූතියි ….❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. කතාවෙ හොඳ නරක ගැන සැකයක් තියාගන්න එපා අක්කේ…. මේ කතාව හුඟක් ලස්සනයි…..

      තනියම හිනා වෙනවා කියලා මමත් බැනුම් අහනවා අක්කියෝ…. මං හිතන්නෙ ඇප් එකට එන හැමෝටම ඒක පොදුයි….

      රිප්ලයි නැති වුණාට කමක් නෑ සඳූ අක්කි… පුළුවන් වෙලාවට ඇවිල්ලා මේ වගේ දිග කමෙන්ට් එකක් දාන්නකො හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් විදිහට….

      සියලු ඇප් වාසීන්ට බේරගන්න කියලා වැඩක් නෑ අක්කියෝ….. ගොඩක් අය අක්කිට මරණීය දඬුවම නියම කරන්න තමයි බලාගෙන ඉන්නේ…..

      අක්කිගෙ මහන්සියට හරියන්න ප්‍රතිඵල ලැබෙන්න ඇති කියලා මං හිතනවා අක්කි….. කතාව මෙච්චර හොඳට ලියවෙන්න ඒ මහන්සි වීමත් හේතු වෙන්න ඇති…..

      අන්න ඒක නම් ගොඩාක් හොඳ වැඩක්….. මේ කතාවට පස්සෙ අක්කිගෙ තව කතා ගොඩාරියක් ඕනා….. එහෙම දෙනවා නම් ඉතින් දඬුවම ලිහිල් කරන්නම්….. වැඩ අතපසු කර ගන්නෙ නැතුව අපිට කියවන්න කතා ගොඩක් දෙන්න අක්කියෝ……
      ??????????????????????????????????????

    2. රිතූ ?

      ආයේ කියලා වැඩක් නෑ දියමන්තිය…. මේක නම් සුපිරියක්….. කාලෙකට පස්සේ කියවන්න ලැබුණු හොඳම thriller ස්ටෝරිය කිව්වොත් හරියටම හරි ?
      කවී කිව්වත් වගේ කතාවේ හොඳ නරක ගැන සැකයක් තියාගන්න නම් ඕනිම නෑ… මේක පට්ට….?

      අම්මෝ මමත් බැනුම් අහනවා තනියම හිනා වෙනවා කියලා… ගොඩක් වෙලාවට මම අනිත් අය ඉස්සරහ හිනාව තද කරගෙන ඉන්නේ… ?? එලියට පැන්නොත් මමත් එලියේ….

      වෙන වෙනම රිප්ලයි නොකරට කමක් නෑ බොලේ…. ? ඔයා ඔය දිග කමෙන්ට් එකක් දීලා තියෙන්නේ….

      මං එන්නම් ඕනි නම් කවීගෙන් ඔයාව බේර ගන්න….??‍♀️ මේ පාර නම් කවී සීරියස් ??? හැබැයි ඕං කතාව සර්ව සාධාරණ විදිහට ඉවර වෙන්න ඕනි….සතුටුදායක අවසානයක්ම ඉල්ලන්නේ නෑ… හැබැයි ලස්සන අවසානයක් ඕනි…. නැත්තන් ඉතින් මමත් කවීට සපෝර්ට් කරන්න බැරි කමක් නෑ හොඳේ ?

      ඇත්ත. ඔයාගේ මහන්සිය පොඩ්ඩක්වත් අපතේ ගිහින් නෑ දියමන්තිය … ඒ තරමටම කතාව නියමයි..

      ආං එහෙම එන්න හරී… ඒ තෑග්ග නම් හොඳා ??? මරු…. අපි බලන් ඉන්නෝ….

  7. Sandu (kandy girl)

    අසනීපෙන් ඉන්න නංගිලා හැමෝටම තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.