Katha Ahura

පිපුණු මල|විසිපස්වන කොටස |නවකතා |කතා අහුර රචක

4.5/5 - (4 votes)

සංසාර මංපෙතේ….. එකම මගක එකට එක්ව පියමං කල පුරුද්දට….. මේ භවේ අහම්බෙන් මුණගැසී මේ ලෙසින් ඒ පුරුදු සෙනෙහසින්…. දෑත් පටලන් මෙලෙස ඇරබුවෙමු සුපුරුදු ගමන පෙර භවේ පුරුදු ලෙස…. ඔබ තරම් මට දැනුන කිසිවෙකුත් නොමැති බව සහතිකයි මට මගේ පණ… දැනෙනවා ඇත්තටම සසර පුරා විසුරුණ ඔබේ සුවඳ අද මා ලඟ බවට…. හැම භවේම දුන් විලස දිය හැකි පොරොන්දුවක් ඔබෙ සෙනෙහෙ විදින්නට දුක සතුට විද දරා ගන්නට… පෙරුමන් පුරා එන්නෙමි මා…. හැම ආත්මයකදීම ඔබෙම පතිනියම වී…..

නින්දත් නොනින්දත් අතරේ හිටිය මට සමිත් කාමරේට ආවා කියලා හොදටම දැණුනා..නැගිටින්න ඕනේ වුණත් මොනවද වෙන්නේ බලන්න තවත් ටික වෙලාවක් මං හිටිය විදියටම ඇදට වෙලා හිටියා..ටිකෙන් ටික මගේ ලගට ආපු සමිත් මගේ කකුල් අද්දරින් වාඩි වුණා..

“නංගී…නිදිද..පොඩ්ඩක් නැගිටිනවද..කතා කරන්න ඕනේ..”

“නිදි නෑ අයියේ..ටිකක් හාන්සි වෙලා හිටියේ..”

“මට සමාවෙන්න නංගී..මේ හැමදේම මගේ වැරදි..”

“මොනවද අයියේ..අනික මං කිව්වනේ මං ඔය දේවල් අමතක කරලා ඉන්නේ කියලා..”

මට ඕනේ කරන කතාවට ඔහුව ඇදලා ගන්නකම් මං හිටියේ පුදුම නොඉවසිල්ලකින්…මුලු අහසම කලු කරන් දාරානිපාත වැස්සක් කඩන් පාත් වුණේ ගතම හිරි වට්ටවමින්..

“අමායා කවදාවත් මට ගැලපුනේ නෑ නංගී…එයාට මගෙන් ඕනේ දේවල් ගත්තට පස්සේ එයා ඈත් වුණා..”

“මොනවද අක්කට ඕනේ වුණේ..”

“එයා හොද ගෑනියෙක් නෙවෙයි ඔයාලා හිතන්න වගේ..කොල්ලෝ ගානක් එක්කම ගිහිල්ලා තමයි මාත් එක්කත් හිටියේ..එයාට ඕනේ ඒ දේවල් විතරයි..මං එහෙම කෙනෙක්ට කැමති නෑ නංගී..”

මේ කියන්නේ මගේ අක්කා ගැන..එක බඩවැල කඩාගෙන මේ ලෝකෙට ආපු අක්කා ගැන..

“එතකොට අමානි..එයා මාව හොයාගෙන දවස් ගානක්ම ආවා..එයා මොකද්දෝ හේතුවක් නිසා මට කැමැත්තෙන් හිටියා..ඒත් මගේ හිතේ එයා ගැන කැමැත්තක් කවදාවත් තිබ්බේ නෑ..ඒ නිසාද කොහෙද මගෙන් පලිගන්න හිතන් ලියුමක් ලියලා තියලා මැරුනේ..”

“එතකොට දරුවා..”

“අම්මපල්ලා නංගි..ඒ ගැන මං දන්නේ නෑ..මගේ නෙවෙයි ළමයා..”

“ම්ම්ම්ම්…”

මොනවා කියන්නද..මොනවා කරන්නද කියලා තේරුම් ගන්න බැරුව ඇදේම වාඩිවෙලා මං කල්පනා කලා..

“අහස් කවදාවත් ඔයාට ඇත්තට ආදරේ කලේ නෑ නංගී..ඌට ඕනේ මට කරපු දේවල් වලට ඔයාලගෙන් පලි ගන්න..”

“පිස්සුද අයියේ ඔයාට..”

“මේක තමයි ඇත්ත නංගී..ඔයා පිලිගන්න අකමැති උනත්..ඌ මගේ මල්ලී..ඔයාට වඩා හොදට මං දන්නවා ඌ ගැන..”

“නෑ..එහෙම වෙන්න බෑ..”

“ඔයාට ඇත්තටම ආදරේ කලේ කවුද කියලා ඔයා දන්නේ නෑ නංගී..ඔය දරුවා එක්කම ලගදිම ඌ ඔයාව එලියට දායී..”

මට මතක් වුණේ තාත්තා කෙනෙක් වෙන්න යනවා කිව්වම ඒ ඇස් වල ඇදිච්ච කදුලු..ඒ මූණට ආපු ආදරණීය බව..ඒ හැමදේම එක්ක බලද්දී අහස්ගේ ආදරේ නම් මං කවදාවත් අවිශ්වා කරන්නේ නෑ..

“මං ඔයාට පුදුම විදියට ආදරෙයි කෙල්ලේ..ඇයි ඒක තේරුම් ගන්න බැරි වුණේ..මං කොච්චර උත්සහ කලාද ඔයාට ඒක තේරුම් කරන්න..ඒත් ඔයා අරූගේ බොරුවට රැවටිලා හිටියේ…දැන්වත් ඇත්තට මූණ දෙන්න නංගී..තාමත් ඔයා පරක්කු නෑ..මේ දරුවා ඔයාට ඕනෙම නං මං බාර ගන්නම්..මාත් එක්ක යමු..ප්ලීස්..”

“පිස්සුද තමුසෙට..මං තමුසෙගේ මල්ලිගේ ගෑනී..ඒක අමතක වුණාද…ලැජ්ජ නැද්ද හලෝ තමුන්ගේ මල්ලිගේ ගෑනිට මෙහෙම කතා කරන්න..”

“මං කිව්වනේ ඌ කරන්නේ බොරුවක්…ඔයා දුක් විදින්න ඕනේ නෑ..”

“මං කවදාවත් අහස්ව දාලා එන්නේ නෑ..මාව මෙතන මේ ගේ ඇතුලේ මැරුවත් මගේ ආදරේ දාලා තමුසේ වගේ පවුකාරයෙක් එක්ක එන්නේ නෑ..තමුසේ මගේ මුලු පවුලම විනාශ කලා..”

“උන් දෙන්නා ජරා ගෑනු වුණාට මං මොනවා කරන්නද…උන්ට ඕනේ වුණ දේ මං දුන්නා එච්චරයි..”

කිසිම ගානක් නැතුව මගේම සහෝදරියන්ට අපහාස කරන සමිත් ගැන ඒ වෙලාවේ දැණුනේ කියා ගන්න බැරි තරහක්..මෙච්චර කල් හිතේ හංගගෙන හිටිය තරහ පිට කරන්න මීට වඩා හොද වෙලාවක් මගේ ජීවිතේ කිසිම දවසක ආයේ ලැබෙන එකක් නෑ..

“මට දෙයක් ඕනේ කියල හිතුනොත් මං ඒක ගන්නව..උඹ මට කලින් අර කාලකණ්ණියා එක්ක ගියා තමයි..හැබැයි එක පාරක් හරි උඹ මගෙත් වෙන්න ඕනේ..”

“පාරේ යන බල්ලොන්ට වඩා අන්තයි තමුසේ..”

“වෙන්න ඇති..හහ්හ්…ඒ වුණාට අද උඹව බේර ගන්න කවුරුවත් නෑ..”

කෑදර බැල්මකින් මගේ දිහා බලන් ඉන්න සමිත් ඊලග මොහොතේ මගේ ලගට එන්න ගත්තේ ඔහුගේ අශාවන් මගෙන් සපුර ගන්න හිතාගෙන…ඒකට කිසිම ඉඩක් දෙන්නේ නැතුව මේ අවස්ථාවට මං ලෑස්ති වෙලා හිටියා කියලා කීයටවත් ඔහු හිතන්නේ නැතුව ඇති..

ටිකක් පස්සට ගිය මං ඇදේ මෙට්ටේ අස්සේ හංගලා තිබ්බ පිහිය අතර ගත්තේ දෙකෙන් එකක් අද විසදෙයි කියලා හිතාගෙන..

“ඇයි…තමුසේ මාව මරන්නද…එච්චර දෙයක් කර ගන්න බෑ තමුසෙට..”

“එහෙම කරන්න ඕනේ නං මං ඒකත් කරනවා..”

කීයටවත් ඔහු නොහිතපු වෙලාවක පපුව මැද්දටම වැදුණු පිහි පාර නිසා සමිත් විසිවෙලා ගිහින් ඇදට වැටුණා..නැගිටින්න හැදුවත් ගැඹුරටම පිහි පාර වැදිලා තිබුණ නිසා ඒක ටිකක් අමාරු වුණා..

“මොනවද තමුසේ කිව්වේ…මගේ අක්කා ජරා ගෑනියෙක් කිව්වා..උඹට කලින් වෙන එවුන් එක්ක ගියා කිව්වා..ආහ්හ්හ්…එහෙම ගියා නම් කොහොමද තමුසේ ඉස්සරහ මගේ අක්කා එයාගේ පිරිසිදුකම ඔප්පු කලේ…කියපන්…කතා කරපන්..”

තවත් පිහි පාරවල් හත අටක් සමිත්ගේ ඇග හරහා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

“තව මොනවද කිව්වේ..මගේ නංගි ගැන…ඒ දරුවා උඹේ නෙවෙයි කිව්වා…වෙන එකෙක්ගේ කිව්වා..උඹ එක්ක යාලු වෙලා හිටියේ නෑ කිව්වා…එහෙනං මේ මොනවද යකෝ…මොනවද මේ..”

සමිත් එක්ක දවස් කීපයක්ම රූම්ස්වල ඉදන් ගත්තු නංගිගේ ෆොටෝස් පෙන්නන ගමන් මං ඇහුවේ ලේ දාරාවක් අද පුරාම ගලාගෙන යද්දී..මේ ෆොටෝස් ඔක්කොම නංගිගේ ෆෝන් එකේ තිබිලා මං ගත්තේ මේ අවස්ථාවට මට ඕනේ වෙන නිසා…

“එතකොට…අහස්…අහස් මට බොරු කරනවා කිව්වා..නේද…එච්චර මට ආදරේ කරන මනුස්සයව මගේ ඉස්සරහම වැරදිකාරයෙක් කරන්නද උඹට ඕනේ වුනේ…”

වේදනාවෙන් කෑ ගහන සමිත් ගැන කිසිම අනුකම්පාවක් නොදැණුනේ මගේ අක්කා,නංගී,අම්මා,තාත්තා වගේම අහස් මේ මිනිහා නිසා කොච්චර අසරණ වුණාද කියලා මතක් වුණ නිසා..

හිතේ තරහ නිවෙනකම්ම පිහියෙන් ඇනගෙන ගිය මං සාලෙට ආවේ සමිත්ගේ වේදනාබර කෑගැසීම වැස්ස නිසා සාලෙටවත් ඇහෙන්නේ නැති වෙද්දී…ඉස්තෝප්පුවෙන් වාඩි වුණ මං ජීව්තේ ආපස්සෙට හැරිලා බැලුවේ මගේ ගෙදර අයට සතුටින් සැනසීමෙන් ඉන්න ලැබුණ නම් කියල හිතන ගමන්..

පැය කීපයක් එහෙම්ම ගෙවිලා ගියේ මගේ කල්පනාවත් එක්කමයි..ඈතින් අහස් එනවා දැක්ක මම දුවලා අහස්ගේ තුරුලට ගියේ ආයේ කවදා ඒ තුරුල්ලේ ඉන්න ලැබෙයිද කියලා හිතන ගමන්..

“අනේ…මැණික..ඇයි මේ ලේ…ඇග හැමතැනම…මො..කද වුණේ..”

“ම..ට…සමා..වෙන්න අයි..යා..”

“ඇයි මැණික මොනවද කලේ ඔයා..මෙහේ එන්න ගෙට..”

මාවත් ඇදන් කාමරේට ආව අහස් වෙච්ච දේ දැකලා එහෙම්ම බිම වාඩි වුණා..මට වගේම ඔහුටත් වේදනාවක් ඇති..මේ ඔහුගේ එකම සහෝදරයා..

“මොනවද මැණික මේ කලේ..”

“අ..නේ…අයියා..”

කිසිම දෙයක් කතා නොකරපු අහස් මාවත් ඇදන් වොශ් රූම් එකට ගිහින් මගේ ඇගේ තිබ්බ ලේ පැල්ලම් වගේම මගේ ගවුමත් කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන්න හෝදලා දැම්මා..ඇද ලග වැටිලා තිබ්බ පිහියත් අරන් පරිස්සමට හෝදපු අහස් කාටද කෝල් කලා..

වැඩි වෙලාවක් යන්න කලින් පොලිස් ජීප් දෙකක් අපේ ගේ ඉස්සරහ..පපුව අසාමාන්‍ය විදියට ගැහෙන්න ගත්තේ අහස්ව වගේම මගේ කුසේ ඉන්න පැටියව මතක් වෙලා..

“මැණික…මං කියන දේ හොදට අහ ගන්න..මේ වෙච්ච කිසිම දෙයක් කිසි කෙනෙක් එක්ක කියන්නේ නෑ..හරිද..මම මේ හැමදේම බලා ගන්නම්..පොළිසියෙන් ඇහුවොත් අයියා ඔයාට කරදර කරන්න ආවා කියලා විතරක් කියන්න..මට ආදරෙයි නං අපේ දරුවට ආදරෙයි නං කිසිම දෙයක් කාටවත් කියන්න බෑ..මගේ ඔලුවේ අත තියලා දිව්රන්න..”

මගේ වැරදි වලට අහස් දඩුවම් විදින්න ඕනේ නෑ කියලා හිත කෑ ගහලා කියද්දී අහස්ගේ වචන පොරොන්දු ඉස්සරහ මං ගොලු වුණා..වැරදිකාරයා වුණ මාව ගෙදර තියලා පොලිස් ජීප් එකේ නැගලා යන අහස් දිහා බලන් අඩනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නොතිබුණේ අහස් තරවටු බැල්මෙන් මං දිහා බලන් හිටිය නිසා..

මාස ගණනාවක් ගියපු නඩුවෙන් පස්සේ වසර පහක සිර දඩුවමක් අහස්ට හිමි වුණා..පුංචි පුතු පැටියෙක් ලෝකෙට බිහි කරපු මං වසර ගණනාවම අහස් වෙනුවෙන් බලන් හිටියා..අහස්ගේ අම්මව වගේම මගේ අම්මවයි තාත්තවයිත් මං හොදින් බලා ගත්තා..පුලුවන් හැම වෙලාවකම නංගි වෙනුවෙන් පින් දහම් කලා..අහස් කරපු පරිත්‍යාගයට කවදාවත් මට ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි..උපදිනා කිසිම ආත්මයක මෙවැනි දේවල් නොවෙන්නට කියා අදටත් මා දෙවියන් යදින්නේ දරා ගත නොහැකි බොහෝ දේවල් මේ ජීවිතය මට උරුම කල බැවිනි..එහෙත් සංසාරගත ආදරය අදටත් මා අසළම රැදෙමින් මා ජීවත් කරයි..එය පමණක් මා මේ ජීවිතයේ ලද සැනසීමයි..ඔහුද සෑම බවයකම මා පමණක්ම ප්‍රාර්ථනා කරන බව මා දනිමි..යළිත් සංසාරයේ කෙදිනකවත් ඔහුට මෙලෙස වේදනා නොදෙමියි සිතා යළිත් මටම පමණක් හිමි වූ ඒ විසල් පපුතුරේ මුහුණ හොවා ගත්තේ අදටත් දැණෙන ඒ උණුහුමට ලොබ බදිමිනි..

මම මුලින්ම කතාවක් විදියට ලියන්න ගත්ත පළවෙනි කතාව තමයි මේ…අවසානය වෙනකම්ම කතාව කියවපු කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි…සමහර වෙලාවට මේ වගේ දේවල් කාගේ හරි ජීවිතයක වෙලා තියෙන්න පුලුවන්…..කාටම හරි ආදර්ශයක් ගන්න පුලුවන් වෙන්න තමයි මේක මං මෙහෙම ලිව්වේ..කතාව ලස්සන වෙන්න ඕනේ නිසා අහස් අමානි එකතු වුණාට ඇත්ත ජීවිතේ එහෙම නෑ..අමානිගේ ඉල්ලීම එක්ක මේ කතාව ලිව්වට ඇත්ත නම් ගම් යොදා ගන්න හිතුවේ නෑ..සමහරවිට අහස්.. එයා මේ කතාව දකිවී..මතක් වෙයි එයාගේ අමානි කවුද කියලා..අදටත් ඔහු තනියම කියලා මං දන්නවා..කොහොම වුණත් මේ තමයි කතාවේ අවසානය.. අහස් ආදරය මෙතනින් කතාවක් විදියට නිමා වුණත් සංසාරයේ ඔවුන් මෙලෙසම හමුවී ආදරයෙන් බැදේවි…️️

56 thoughts on “පිපුණු මල|විසිපස්වන කොටස |නවකතා |කතා අහුර රචක”

  1. .සුබපැතුම් chutiyo… උම්ම්ම්ම්මා
    ආ මේ මං අනිත් කතවට.දැම්ම මට වුණ කුජිත සිද්ධියක් බලනවකො….?????????❤???

    1
    1. Chuuti manike

      අහ් හා හා දැන් අෆ්ෆා ගෙදර ආවෙ ආච්චි ලාගෙ ගෙදර ඉන්නෙ ???

      1
    1. Chuuti manike

      දුක වැඩි නෙතෙ කදුලැල් පිරෙ
      ඔබ නැති මොහොතෙ
      සැනසුම මගෙ ඔබ ගෙන ගියෙ
      ඇයි හොර රහසෙ
      කවදාවාත් න්හ් අපි හමුවන්නෙ
      මට යන්නට බෑ මතකයෙන් ඔබෙ.????????

  2. Chuuti manike

    අසීමිටයි ආදරෙ
    නැවුම් වේවි සිතුම් නිමේශයෙන් නිමේෂයට
    මිහිරි වේවි පැතුම් නිමේෂ නිමේෂයට
    අසීමිතයි ආදරේ අසීමිතයි ආදරේ
    ඔබ එන තුරු හිඳිමි පුරවා හද හැඟුම්??????????❤️❤️

    1
          1. Chuuti manike

            සිබින්න් බැරි දරු සුවදයි පාවි එන්නෙ ??

            1
  3. Chuuti manike

    මගෙ අක්කියෝ පුදුම ලස්සනක් කතාව ❤️❤️❤️❤️❤️❤️
    එකෙන්ම සුපිරි ?????
    මන් කියන්න කැමති අමාවි ගැන මේක් කතා නායිකාව ❤️❤️එයා ඇත්ත ටම හොදයි..තමන්ගෙ දෙමාපියන්ට හොද දුවෙක් තමන්ගෙ සහොදරියන්ට හොද සහොදරියක් ,හොද බිරිදක් ,ලේලියෙක් හැටියට ඇත්ත ටම හොද චරිතයක් අමාවි ප්‍රශ්න ගොඩකට මූන දීලා මෙහෙම ඉන්න එක ලොකු දෙයක්
    මන් කියන්නෙ න්හ් අමාවි වැරදී කියලා එත් හරිත් න්හ්…ඇත්ත මයි සමිත් මැරුව එකට මමත් සතුටුයි ..එත් එයාට තනියෙන් ගෙදර ඉන්නෙ නැතුව ඉන්න තිබ්බා .අහස් හිරෙ ගියා එත් එයා මැරුවෙ නැත්නම් තව මොනා මොනා වේවිද නෙ ?

    ඊලගට අහස් මුලින්ම මට එයා ගැන පොඩ්ඩක්වට්ග් සුවර් එකක් තිබ්බෙ න්හ් ..ඊට පස්ස්ව් එයාව ආරක්ශා කරපු ඒවා දකින කොට එයා හොදයි කියලා හිතුනා ..මම් නම් කීයටවත් හිතුවෙ න්හ් ඒ සමිතගෙ මල්ලිකිය්ලා …
    හැබැයි එය ආරක්ශා කලා…එයා කීව දෙ ඇහුවානම් අද අහස් හිරෙ නොයන්න පුලුවන් ❤️

    ඊලගට සමිත ඌ නම් ගල හිපාටුවෙක් ඇත්ත ටම මටත් ඌට අනින්න පුලුවන් උනානම් මාර හැපි..ඇයි..චී..කියපු එව්ව .නන්ගි අක්කි ගැන .කියපු ඒවා කාතද ඒවා අහන් ඉන්න පුලුවන් ……එයාට නියම දඩුවම හම්බුන ?❤️

    ඊලගට අක්කායි,චූටි නන්ගි, අක්කාගෙ ජීවිත වැරදිලා එත් එයාට හොද සැමියෙක් ඉන්න හින්දා එයා දැන් සතුටින් හැබැයි චුටි නන්ගි එක්ක මට කේන්ති ..අර ගල් මූසලයා එක්ක යාලු වෙනා…ඒ මදිවට ලමයා එක්ක මැරුනා..තව ඌට හොදත් කියනව..වැරදි කියන්නත් බෑ ඉතින් හිටියානෙ උපාසකයාවගෙ ..??

    ඊට පස්ස්ව් කෙල්ලගෙ අම්මා,තාත්තා එයාකා වැරදි න්හ් එත් හටිත් න්හ්…එයාට අහස්ට ගැහුව එක ඇත්ත එත් ..අහස් හොදයි කියල හිටහ්න්න තිබ්බා…එයාට තමන්ගෙ ලමයාව විශ්වාස නැති උනා..ලමයින්ගෙ නිදගස නැති කල එත් වැරදි කියන්නත් බෑනෙ..හිදටනෙ කලෙ ❤️❤️❤️❤️❤️❤️

    ඊලගට කවිදු,යාලුවාගි අමානිගෙ..ඒ දෙන්නාට මන් හරිම කැමති බොක්ක උනත් දෙනවා බ්ක්කො උනත් දෙනවා❤️❤️❤️❤️❤️
    අක්කියෝ මෙ මට කියන්නකො මේක ඇත්ත කතාවක්ද කියලා ..අක්කි කීව විදියට ඒම හිතෙන්නෙ…කින්න ප්ලීස්…..???????

    හරිම ලස්සනයි අක්කියෝ කතාව කලින් එකත් වගෙ මේකත් ලස්සනයි අක්කිගෙ තව කතාවක් බලන් ඉන්නවා
    අක්ක්ගෙ හැකියාව වැඩිදියුනු වෙන්න කියලා ඔඅතනවා ❤️❤️❤️❤️❤️

    බුදු සරනයි ???? දෙවිපිහිටයි ?????? අදරෙයි ගොඩාක්ක්ක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ??????????? මගෙ අක්කියෝ බායි ????

    4
  4. .අනේ මට සිරවටම දුක හිතුණා…
    ඒ කවුරුවත්ම නෑ.. නෙ….
    මං මගේ චූටියාගෙ ඔක්කම කමෙන්ට් ටික කියෙව්ව… තව ඔව් මට හතර හය class..තිබ්බ ඉතින් class එක සමහර වෙලාවට ඉන්ටවල් වගෙ චුට්ටි වෙලාවක් හ්ස්ම්බු වෙනො…එ කියන්නෙ විනාඩි 40 න් 40 ට කට් වෙනවනෙ එතකොට අනිත් ළමයි ලොග් වෙනකං මං ටිකක් ආවො..
    ,????

  5. .ආ තව අනේ මට දුකයි අෆ්ෆා…???????
    හෙට ඉස්කොලේ…මගේ අපත යලුවො සෙට් එක ඔක්කොම අනිත් දවසෙ අෆිට තියෙන්නෙ දවසක් ඇර දවසක් ඉතිං මග්‍ර් ඔක්කම යාලුවො වැටිල ඉන්නෙ අනිත් class එක…ඉතිං උන් කාවවත් මට මේ වාරෙටම සෙට් වෙන්නෙ නෑ… වෙන්දටනම් class වෙන වෙනම තිබ්බත් ඉන්ටවල් එකේදී හරි සැට් වුණා ඩැන් එහෙමවත් නෑ නෑ….., ???????????.
    අෆි සෙට් එක හිටියෙ එක බොක්කෙ..
    ඩැන් මමයි මතිශයයි විතරයි එක් පංතියෙ ඉන්නේ….. දුකයඉ

        1. Chuuti manike

          කෝ. අනෙ මෙ කට්ටිය
          නිශු අක්කි
          රූ අක්කි
          සිතූ අක්කි
          මිනු අක්කි
          නෙතූ අක්කි
          ආශි අක්කි
          අභී අක්කි
          හන්සි අක්කි
          තරු අක්කි
          අවී අක්කි
          ඉමා අක්කි
          දොනි අක්කි
          බියූ අක්කි
          බානු නන්ගා
          දගයා න්ම ඉස්කෝලේ ගිහිනෙ
          එතකොට රස්තා අයියා එහෙම
          ආ..මල්කි අක්කි
          මලී අක්කි
          සද අක්කි
          සදූ අක්කි ❤️❤️❤️❤️❤️
          ඔයාලා කවුරුත් න්හ්හ්..
          නම් නැත්නම් සොලි ඔක්කොම මතක න්හ්නෙ
          ?????
          ආ.තව අබ්දුල් කියලා කෙනෙකුත් හිටියා නෙ.
          .

  6. Chuuti manike

    මගෙ සුදූලා මන් ක්ලාස් ගිහින් එන්න්…ම්…❤️❤️
    පරිස්සමින් ඉන්න ❤️❤️Gb
    Bs ????

  7. Sandali 2004

    අනේ අක්කියෝ හරිම ශෝක් මේ කතාව.මන් ගොඩාක් ආසවෙන් කියෙව්වේ.අක්කිට මේ වගේ තවත් කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා විශ් කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2
  8. .අනේ මග්‍ර් අක්කි අද තමයි 18වෙනි කොට්සෙ ඉදම් කියෙව්වෙ…සොරි හෑම කතාවකටම කමෙන්ට් කරන්න බාරි වුණාට…

    අනේ අක්කි කතවනම් මරු අක්කි ගොඩක් දුක හිතුණ…ඒ කියන්නෙ මේකෙ මැද කොටසකට වෙනකම්ම කාගෙ හරි කෙනෙක්ගෙ ජිවිත කතාවක්ද ලිව්වෙ…
    අනේ අක්කි අර නංගි බෙල්ල වැල දාගෙන මැරිල කියල කියපු වේලවෙ මග්‍ර් හිත මොකක්ද වුණ..
    මගේ ඇස් වලට කඳුලු පිරුනා දෙයියනේ ….
    අන්‍ර් අක්කි මේ කතාව ඒ තරම් ලස්සනයි.
    මේක නිකම් ආදර කතවක් නෙමෙයි…
    මේ කතාව ගොඩක් ලස්සන්‍යි …අන්‍ර් අක්කි තවත් මේ වගෙ කතාවක් අනිවරෙන් ගෙන්න මං මාර ආසයි ඔයාගෙ කතා කියයවන්න..
    එහෙනම් අක්කි බුදුසරණයි…අක්කි…
    ආයෙත් කියනව මේ කතාව මාව පිස්සු වට්ටපු කතවක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.