Katha Ahura

නිල් කවය ?| හතරවෙනි කොටස | නවකතා

5/5 - (6 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

හතරවෙනි දිනය
____________________________________________________________________________________________

මං ගිරිය යටින් කෑ ගහලා හුස්ම ගන්න උත්සාහ කරා.. මට දැනුනේ මාව ගිලෙනවා වගේ..

මගේ පිටිපස්සෙන් කවුරුහරි ඇවිත් මාව අල්ල ගත්තා.. මං ඇගිල්ල දික් කරලා පෙන්නුවේ පූල් එකේ යටට..

ඊට පස්සේ මාත් එක්ක පූල් එකට පැනපු දෙන්නෙක් මාව ගොඩට අරන් ආවා..

අනේ මන්දා.. මාව ශොක් වෙලා වගේ.. මට පෙනුනේ මළ මිනිය විතරයි. දෙයියනේ ඒක ඒක මංම දැක්ක හැටි..

සීතලට වෙන්න ඇති තාමත් මාව ගැහෙනවා..

කෝච් සර් පොලිසියට කෝල් කරා..

ටික වෙලාවකින් පොලිසියෙන් ඇවිත් පූල් එකේ තිබ්බ මිනිය ගොඩ ගත්තා.. මැදි වයසක පිරිමි කෙනෙක්. මං දැකපු විදියට වැරහැලි වෙලා ගිහින්..

පොලිසියෙන් ඇවිත් අපි හැමෝගෙන්ම ප්‍රශ්න ඇහුවා.. මගෙන් තමයි වැඩිපුරම.. මමනේ මුලින්ම මිනිය දැක්කේ..

පොලිසියෙන් ආපු අය මිනිය එළියට ගෙනියන්නයි හැදුවේ.. ඒත් මොකක්දෝ හේතුවකට මට ඕන වුණා අන්තිම වතාවට ඒ මිනිය දිහා බලන්න..

මං හෙමීට ඇවිදන් සෙනග අස්සෙන් මිනිය ගාවට ගියා.. මැරිලා තිබුන කෙනාව තාම කවුරුවත් අදුන ගෙන නෑ.. හැබැයි මට ඒ මූණේ හුරුවක් දැනුණා..

ඒ ඇදුම් හරියට ඒල් ඊයේ අන්තිමට ඇදන් හිටිය ඇදුම වගේමයි… ඒත් කොහොමද එහෙම වෙන්නේ..??

මං එහෙම හිත හිතම ඉස්සරහ බැලුවා.. නැටලි.. එයා බලන් හිටියේ මං දිහා.. හරියට කේන්තියෙන් වගේ.. ඒත් ඇයි..??

ආපු අය මිනිය ඇම්බුයලන්ස් එකට දාගත්තා.. මට මතක් වුණේ ඒල්.. කොහෙද එයා..?? හරි නම් ඒල් ඉන්න ඕනි මෙතන. කොලේජ් එකේ ඔක්කොමලා මෙතන ඉද්දි..

ටික වෙලාවකින් හැමදේම සංසුන් වෙලා හැමෝම යන්න ගියා.. මාත් ඇදුමක් දාන් කොලේජ් එකෙන් එළියට ආවා..

දෙයියනේ මං වටේ තියන හැමදේම සැරින් සැරේ සංකීර්ණ වෙනවා..

ඇත්තමයි ඔලුවත් රිදෙනවා මේවා ගැන හිතලම..

යෙනී හිටියේ නෑ පූල් එක ගාවත්.. අනේ මන්දා මෙයාලට මොනවා වෙලාද කියලා.. හොස්ටල් එකට ආවත් යෙනී ඇවිත් හිටියේ නෑ..

මං වොශ් එකක් දාන් රූම් එකට ආවා.. හැබැයි මං එද්දී යෙනී ඇවිත් ඇදට ගිහින් ශීට් එකත් පොරවන් ගුලි වෙලා..

මේ මොකද මේ..?? වොශ් එකක් දාගෙනවත් නෑ.. ඇදුම් මාරු කරලත් නැතුව ඇති..

යෙනීත් දැං එන්න එන්නම අත්භූත වෙනවා වගේ.

එදා රෑ නින්දට ගියත් සැප නින්දක් ලගපාතකවත් තිබ්බේ නෑ.. සැරින් සැරේ පූල් එකේ තිබ්බ මිනිය පේනව.. ඒ අස්සේ ඒල්වත් පේනවා.

මං නැගිටලා වතුර ටිකක් බිව්වා.. ඒත් යෙනී ඇදේ හිටියේ නෑ.. වෙලාව රෑ දෙකයි.. කොහෙද මෙයා ගියේ..??

මං ඇදෙන් පැනලා ජැකට් එක දාගත්තා.. යෙනී කොහේ ගියත් හොයා ගන්න ඕනි. මගේ හොදම යාලුවනේ..

සමහර විට නැටලිලා දන්නවා ඇති. මං එහෙමම ගියේ එහා රූම් එකට.

මං තුන් හතරපාරක් දොරට ගැහුවා.. ඒත් දොර ඇරෙනවා තියා ඇතුලේ කවුරුවත් ඉන්නවා කියලාවත් මෙලෝ සද්දයක් නෑ..

මේ දෙන්නත් රූම් එකේ නැද්ද..??

මං ආයේම හයියෙන් දොරට ගැහුවා. එක්කෝ මුං දෙන්නා ගෙම්බා පොලවේ ගහලා වගේ නිදි ඇති. නැත්නම් මට හිතුන විදියට මුං දෙන්නත් රූම් එකේ නැතුව ඇති..

මං කොරිඩෝව දිගේ ඉස්සරහට එන්න හදද්දි මට ඇහුනේ පඩිපෙළ නගින හඩක්… එක් කෙනෙක් නෙවෙයි දෙන්නෙක්..

මං එහෙමම නැවතිලා බලන් හිටියා..

පඩිපෙළ නැග ගෙන කොරිඩෝව දිගේ ඉස්සරහට ආවේ නැටලි. පිටි පස්සෙන් ආවේ යෙනී.. මං එයාලා දිහා පුදුමෙන් බලන් ඉද්දි ඒ දෙන්නා මාවත් පාස් කරන් රූම් එකට ගියා..

හරියට මාව නොදැක්කා වගේ..

නැටලි ආවට වින්ඩි ආවේ නෑ.. එතකොට වින්ඩි රූම් එකේ ඉදලත් මං අච්චර දොරට ගහලත් ඇහුනේ නැද්ද..??

මාත් රූම් එකට ගියා.. යෙනී තප්පරේට දෙකට ඇදුම් මාරු කර ගෙන..

“යෙනී කොහෙද ගියේ..??”

ඒක යාලුවෙක් විදියට නොවුණත් රූම් මේට් විදියට මං දැන ගන්න ඕනී..ඒත් යෙනි හැසිරුනේ හරියට රුකී කියලා කෙනෙක් මෙතන නෑ වගේ..

“යෙනී..”

මොන මගුලක්ද..?? මං දිහා බලන්නවත් බැරි තරම් මෙයා මාත් එක්ක තරහද..??

“මේ බලනවා යෙනි..”

මං යෙනීගේ අතකින් අල්ලලා මං දිහාවට හරවා ගත්තා.. ඒත් ඊටත් වඩා ඉක්මනින් මගේ අතින් යෙනීව අත ඇරුණා..

ඒ යෙනීගේ ඇස්.. නිල් වෙලා..

යෙනී නිල් පාට ඇස් වලින් මං දිහා බලන් ඉන්නවා.. මාව තව අඩියක් පස්සට විසි වුණා..

ඒත් ඊලඟ තප්පරේ යෙනී මුකුත් නොවුණ ගාණට ඇදේ හාන්සි වෙලා ශීට් එක පෙරව ගත්තා..

මට මං දැකපු දේ දශමයටමවත් විශ්වාස කර ගන්න බෑ වගේ.. මං හීනෙන් වගේ ඇදට ගියා..

දෙයියනේ අද දවසට මේ වෙච්ච දේවල් හොදටම ඇති..

පහුවදා මං ඇහැරුනේ දොරට ගහන සද්දෙට..

යෙනී අදත් කලින් ගිහින්.. එයාගේ ඇද හිස් වෙලා.. මං ගිහින් දොර ඇරියා.. ඇවිත් හිටියේ ශෙරීන්.. පහළ රූම් එකේ..

“ගුඩ් මෝර්නිං ශෙරීන්. ”

“රුකී ගුඩ් මෝර්නිං.”

“ඊයේ රෑ යෙනී කොහෙද ගියේ..?? මං වොශ් රූම් ගිහින් එද්දි මං දැක්කා යෙනී තව කවුරු හරි එක්ක තාප්පෙන් පනිනවා..”

මොකක්…????

______________________________________

ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

ඊළඟ දිනයෙන් හමුවෙමු
බුදු සරණයි..!

47 thoughts on “නිල් කවය ?| හතරවෙනි කොටස | නවකතා”

    1. Chuuti manike

      සුබ පැතුම් ඈ අක්කියෝ ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????????????????????????????????

      1. තැන්කූ මගේ චූටි මැණික???
        අම්මෝ තෑගි ගොඩක් අරගෙන
        ????
        උම්ම්මා

    2. සුබ පැතුම් jasi නංග❤
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????

      1. තැන්කූ මගේ රූ අක්කි
        ????
        පීසා ගොඩක්, චිප්ස් ගොඩක්
        යම් යම් ????

    1. Thanks මම ??ආදරෙයි ගොඩාරියක් මට ❤❤❤
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්මා…..

  1. . සුබ පැතුම් මගේ අක්කි uuuummmmmaaa. ….❤️❤️❤️??????????????? මෙන්න ගන්න සැජ්ජ් වෙන්න එෆා ගන්න ❤️❤️❤️?

    1. තැන්කූ මගේ මල්ලි ????
      මට සැජ්ජ් නෑ අලේ ??
      අයියෝ තව චොකලට් ගේන්න එපැයි අප්ප මේ මදිනේ ??

  2. තැන්කූ මගේ මල්ලි ????
    මට සැජ්ජ් නෑ අලේ ??
    අයියෝ තව චොකලට් ගේන්න එපැයි අප්ප මේ මදිනේ ??

  3. මාධවී අක්කියෝ,

    අනේ දෙවියනේ ඒ මොකද අප්ප ඒ වුනේ ???මට හිතුනේ ඒ මැරිලා හිටියේ ඒල් කියලා…

    අනේ මෙයාලට මේ මොකද අප්ප වෙන්න යන්නේ? යෙනි, නැටෙලි එයාල මොනාද මේ වෙන්නේ? ඇයි හැමෝම රුකී එක්ක මෙච්චර තරහින් ඉන්නේ?

    එතකොට අර නිල් පාට එලිය මොකද්ද? ඒ එලිය මේ හැමදේටම සම්බන්ධයි නේද? අර අලුතෙන් ආපු පිරිමි ළමය නිසා තමයි නේද මේ හැමදේම?

    මටනම් පිස්සු වගේ අප්ප.. ඔලුවත් විකාර වෙනවා මේක ගැන හිතල… මටනම් මෙලෝ දෙයක් හිතාගන්න බෑ

    අක්කිගේ අද කතාවත් ගොඩක් ලස්සනයි ???හරිම වෙනස් විදිහට තමයි ඔයා මේ කතාව ලියල තියෙන්නේ… හරිම කුතුහලයෙන් තමයි මේ කතාව කියෙවන්නේ මම

    අක්කිගෙ මේ කතා ලියන හැකියාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!???

    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි අක්කි!??

  4. Chuuti manike

    ආපො මන් හොදාට නිදාගෙන අනෙ හිටියෙ…මොක්කෙක්ද මන්දා හාල් පාරුවෙක් රතිඤ්ඤා ක් දැම්මා අන්‍ර්…ඒකට ඇහැරුනෙ……අපරාදෙ මගෙ චූටි නින්ද …..කවුද දන්නෙ නෑ ඒ ගොන් වස්සා…………තව .පැයක්වත් නිදා ගන්නවා ???????

    1. Chuuti manike

      ඇත්තමයි දාපු එකා අහුවුනානම් රතිඤ්ඤා එක ඒකාගෙ කටෙ ඔබනවා ???

        1. Chuuti manike

          අන්‍ර් රූ අක්කි මන් ඔයාට මේල් කීයක් දැම්මාද අනෙ…..කීන්න කියලා .දැක්කෙ නැද්දො ????

          1. අනේ නෑනෙ අලේ.මට mail notification එන්නෙ නෑ අලේ

          2. Chuuti manike

            හ්ම්ම්ම්…පස්සෙ ඒකයි අවෙ ඒ මන් නෙමෙ කියන්න ?

          1. Chuuti manike

            අනෙ ඔව්ව් අක්කියෝ මට මාර දුක හිතුනා අක්කිලා මාව සැක කලාම…..ඇඩුනා එක්ක.අම්මිත් ඇහුවා…පස්සෙ ඔලුව රිදෙනො කියලා දෝ ගත්තා

          2. අනේ මගෙ නංග,අනේ sry මං දැනුයි දැක්කෙ.
            අනේ සින්ඩි මැණික.ඔය ඉතිම්.තලා වෙන්න එපා අලේ.මගෙ හොඳ නංගනෙ ?????

    1. Chuuti manike

      ඔහේටත් ඒකම කලන්න ඕනෙ ..ඒක නෙමෙ ඔයා කීවෙ නෑනෙ මගෙ හබ්බා ගැන මොනාද ඇහුවෙ කියාඅ ???

  5. මොකද්ද අනේ මෙයලට මේ වෙන්නෙ?අනේ මන්ද හිතා ගන්න බෑ අප්පා.අනුමාන කර්ද්ට ඒවත් වැරදෙනව නේ බලමුකො බලමුකො ඊලගට මොකද්ද වෙන්නෙ කියල
    කතාව මාරම ලස්සනයි අක්කි මැනික❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ආදලෙයි ගොඩක් හොදේ????

  6. මොකක්ද අක්කියො මේ කතාවෙ වෙන්නෙ?.මොනා වුනත් මට හිතෙන්නෙම අර අලුතෙන් ස්කූල් එකට ආපු පිරිමි ළමයගෙ සම්බන්ධයක් තියෙනව මේ වෙන හැමදේ එක්කම.

    එතකොට අර පූල් එකේ මැරිල හිටිය මනුස්සයව මරල තියෙන්නෙ යෙනීල කියලයි මට හිතෙන්නෙ.
    අනේ මන්ද මොනා වෙයිද කියල.

    කතාව ලස්සනයි අක්කියො❤ .
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.