Katha Ahura

නිල් කවය ? | හයවෙනි කොටස | නවකතා

5/5 - (6 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

හයවෙනි දිනය..
____________________________________________________________________________________________

වින්ඩි..??

එතකොට වින්ඩි පැනලා ගිහින්ද..??

” මං දැක්කා යෙනී, නැටලියි, වින්ඩියි එක්ක පහළට යනවා.. හැබැයි ආවේ යෙනී එක්ක නැටලි විතරයි…”

දෙයියනේ මාව පැටලිලා.. මුකුත්ම හිතා ගන්න බෑ..

“මං දන්නේ නෑ ෆැනී..”

මං බිම බලන් කිව්වේ ෆැනී දිහා බලන් කොහොමද මං කියන්නේ මගේම යාළුවෝ ගැන මං දන්නේ නෑ කියලා..

“මං උදේ යෙනීගෙන් ඇහුවා..”

“ඉතින් මොකද කිව්වේ..”

“මේ..”

ෆැනී පෙන්නුවේ එයාගේ වැලමිට ගාව අත් ගොබය..

එතන නියපොතු පාරක් තිබ්බා.. ටිකක් දරුණුවට හූරලා තිබ්බා..

“මේක මේ යෙනීද කරේ..??”

“ඔව්..”

දෙයියනේ බලන් ගියාම මුන්ගේ නපුරු කම් මට විතරක් නෙවෙයිනේ.. ෆැනී කියන්නේ හුගක් අහිංසක කෙල්ලෙක්.. එයාට කොහොමද මෙහෙම කරන්නේ පුළුවන් ද..??

“යෙනී වෙනුවෙන් මට සමාවෙන්න ෆැනී.. එයාලා මේ දවස් වල හරි අමුතුයි..”

“මට බයයි රුකී.. එයාගේ ඇස් එකපාරටම නිල් පාට වුණා.. අනේ මං දන්නේ නෑ රුකී.. හුගක් බය හිතෙනවා..”

මං ෆැනිව වැළඳ ගත්තා.. එයාට විතරක් නෙවෙයි මටත් දැං බය දැනෙනවා..

අපි කතා කර කර හොස්ටල් එකට ආවා.. කට්ටිය ගියා එහා පැත්තේ ඉඩමේ තිබ්බ මිනිය බලන්න.. මමත් ෆැනී එක්ක එතනට ගියා..

“රුකී.. මේ මේකමයි.. මේකමයි ඊයෙ වින්ඩි ඇදන් හිටියේ. ”

ෆැනී මගේ අතක් මිරිකෙන තරම් හයියෙන් අල්ල ගත්තා..

“ඔයා මොනාද මේ කියන්නේ..??”

“රුකී.. වින්ඩිලා එද්දී මට මූණට මූණ හම්බුණා.. මේ එයාගේ ඇදුම්මයි..”

මටත් මතකයි මේ ලා කහ පාට නයිට් ඩ්‍රස් එක. ඒත් මේ වයසක ගැහැණු කෙනෙක්නේ..

ඕඕඕඔ ගෝඩ්…!!!

මට මතක් වුණේ ඒල්… එයාගේ කතාවත් මේකමයිනේ.. මං ටක් ගාලා ෆැනීවත් ඇදන් හොස්ටල් එක පැත්තට ආවා..

“අපි බලමු වින්ඩි කොහෙද කියලා..”

අපි වින්ඩිගේ රූම් එකේ බැලුවා.. ඒත් කාමරේ හිස්.. යෙනිලා කොහොමත් එන්නේ හවස් වෙලානේ.. හොස්ටල් එකේ කවුරුවත් වින්ඩිව දැකලා නෑ.. ඊයේ ඉදන්..

මට හිතෙන විදිය හරි නම් ඒල්, වින්ඩි දෙන්නම අපිට නැති වෙලා..

මමයි, ෆැනියි දෙන්නම ගිහින් හොස්ටල් එකේ මැඩම්ට කම්ප්ලේන් කරා.. මැඩම් පොලිසියට කිව්වා..

ඒත් පොලිසියට බෑ මේක විසදගන්න..

මං ෆැනීටත් සමු දීලා ආපහු කාමරේට එද්දී යෙනි කාමරේ.. අනේ මන්දා.. මේ වෙන දේවල් මට නොතේරුනත් අනිවාර්යයෙන්ම හේශ්ගේ සම්බන්ධයක් තියෙනවා.. අර කෙහෙල්මල් නිල් පාටෙත්..

මං ඇදේ හාන්සි වෙලා හිතා ගත්තේ අද නම් කොහොම හරි යෙනී පස්සෙන් යනවා කියලා.. මොකද යන්නේ කොහෙද කියලා දැන ගන්න මට තිබ්බේ පුදුම උනන්දුවක්..

ඒත් මගේ අවාසනාවට එදා රෑ යෙනී කොහේවත් ගියේ නෑ.. මං ගැන සැක හිතිලද කියලා මට හිතා ගන්න බෑ..

හැබැයි උදේ පාන්දරම හොස්ටල් එකට පොලිසියෙන් ඇවිත් හැමෝගෙන්ම කට උත්තර ගත්තා.. ඒත් කිසිම කෙනෙක් කියලා නෑ එදා රෑ වින්ඩි, යෙනීලා එක්ක එලියට ගියපු බව. මං ෆැනීට නම් කිව්වා මුකුත් කියන්න එපා කියලා..

යෙනී කිව්වෙත් රෑ කෑමෙදි වින්ඩිව දැක්කට පස්සේ දැක්කේ නෑ කියලා..

මොකක් හරි අත්භූත දෙයක් වෙනවාමයි..

එදා ස්කූල් යද්දී මට මගදි හම්බුනේ ඩේව්.. යෙනි, සිද් එක්ක එෆෙයර් එක තියෙද්දිම ඩේව් එක්කත් මැසෙජ් කරා.. යෙනීමයි මට එදා ඕක කිව්වේ..

ඩේව් ඇහුවේ යෙනී ගැන.. එයා දැං හරි අමුතුයිලු.. කෝල්, මැසේජ් මුකුත් නෑලු.. ඊයේ හවස හම්බෙලා හරිම නරක විදියටලු යෙනී කතා කරලා තියෙන්නේ..

“රුකී.. ඉස්සර යෙනී මෙහෙම නෑනේ..”

ඔව් ෆැනී.. ඒකමයි මටත් දරා ගන්න බැරි..

එදා අපි ක්ලාස් එකේ ඉද්දි එකපාරටම හදිසි අනතුරු එලාම් එක වැදුණා.. පූල් එකේ තිබිලා මිනියක් හම්බුන දවසෙ ඉදලා ලමයි හැමෝම ඉන්නේ කැළඹිලා..

අපි ඔක්කොමලා රොත්ත වගේ ක්ලාස් එකෙන් එලියට දිව්වත් යෙනී හිටපු තැනම වාඩි වෙලා හිටියා.. එයා ගාවම හිටියේ නැටලියි, මෙරට් විතරයි.. සිද් කෝ..??

ලමයි ඔක්කොම දිව්වේ ග්‍රවුන්ඩ් එක පැත්තට..

දෙයියනේ තව මිනියක්..!!

ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එක යට.. අපි යද්දිත් පොලිසියෙන් ඇවිත් මිනිය පරික්ශා කරලා අරන් යන්න හදනවා..

මිනිය දැකපු මමයි ෆැනියි මූණට මූණ බලා ගත්තේ එකටමයි..

“ෆැනී.. සිද් ඊයේ ඇදන් හිටපු..”

“ඔව් රුකී.. කොහොමද එහෙම වෙන්නේ..??”

මොකද ඒ මිනිය වයසක පිරිමි කෙනෙක්ගේ.. මගේ අත පය සීතල වෙලා වගේ.. දැං නම් මට හිතෙන දේ හරියටම හරි වගේ..

ඒල්, වින්ඩි, සිද් හැමෝම මැරිලා.. හැබැයි වයසට ගිහින්.. දෙයියනේ මේ ලෝකේදි වෙන්න පුලුවන්ද.. ??

මට දෙයක් මතක් වුණා..

අර නිල් පාට මාලේ…!! ඒක ඊයේ සිද්ගේ බෙල්ලේ තිබ්බා.. මට හොදටම ශුවර්.. ඒක තාමත් සිද්ගේ බෙල්ලේ තියෙද කියලා මට බලා ගන්න හිතුණා..

මං ෆැනීටත් කතා කරන් ඇම්බුයලන්ස් එක ගාවට ගියා.. ඒ මිනිය සුදු රෙද්දකින් වහලා තිබ්බේ.. පොලිසියෙන් වටේ ඉන්න අයගෙන් ප්‍රශ්න කරනවා..

මට අවස්ථාවක් තියෙවී මිනිය එක පාරක් ඇරලා බලන්න..

මං දෙපාරක් නොහිතම ඇම්බුයලන්ස් එකට නැගලා සුදු රෙද්ද අයින් කරා..

දෙයියනේ…!!!!

___________________________________________________

ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

ඊළඟ දිනයෙන් හමුවෙමු
බුදු සරණයි..!!

16 thoughts on “නිල් කවය ? | හයවෙනි කොටස | නවකතා”

    1. Sandu (kandy girl)

      සුබපැතුම් රුවී නංගා..?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Nithu ?❤️

      සුබ පැතුම් මගේ රුක්කි කොටේ… ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    3. සුභ පැතුම් චූටි අක්කී .??

      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

  1. අක්කි මනික දැන් කියවන්න වෙලාවක් නැ සුදූ පස්සෙ කියවා comment එකක් දාන්නම් දරෙයි හොදේ ඇමදාම❤️❤️❤️❤️?????

  2. Sandu (kandy girl)

    හරිනේ.. සිදිගෙ බෙල්ලෙත් මාලෙ තියේ නේ..

    අම්මෝ අර රාක්ශයා නම්. අම්මපා මං රුකී උනා නම්.. අනේ හින්නෙන් හරි මට රුකී වෙන්න තිබ්බානම්..

    රුකී ඔයා තමා ගැලවුම්කාරිය. ෆැනී ඔයත් නියම මිතුරියක්..

    මාදි නංගා..මේ කතාව හරිම ලස්සනයි ..මං මේ ලගදි දැක්කා ටවුමෙදි චූටි බබෙක්..අනේ එයාගෙ ඇස් දෙක ලා කොල පාටයි..හරිම ලස්සනයි ඒ බබා. මං ආසාවට ගිහින් වඩාගෙන කතා කරා. බබාගෙ ඇස් දෙක ලස්සනයි කීවම ඒ අම්මා කීවා ඒක ලෙඩක් කියලා.කලාතුරකින් හැදෙන්නෙ කෙනෙක්ට..අනේ පව්.. මට කියන්න දෙයක් හිතාගන්න බැරි උනා…?

  3. මාදි අක්කියෝ සොරි වෙන්න ඕනේ තාම ඔයාට එක කමෙන්ට් එකක් වත් දාන්න බැරී උනාට ???? …….
    මං කතාව කියවලම කමෙන්ට් එකක් දන්නම් හොදද අක්කියෝ ……
    මං අක්කිගේ කතා ඔක්කොම වගේ ආසාවෙන් කියෙව්වා…මං ඉස්සෙල්ලාම කියෙව්වේ වෙඩි වරුසා නවල් එක ….ම්ට මතක විදිහට ???

    1
    1. මාත් එහෙමයි මැට්ටී … තාම කමෙන්ට් එකක් දාන්න බැරි වුනා …???

  4. අනේ මං දන්නෙ නෑ මට නම් මොකුත් ම තේරෙන් නෑ ම්‍ර්‍යාලට ම්‍රෙ මොකද්ද වෙන්නෙ මං නං අනුමාන කරන්නෙ නෑ ඔයාම කරන්න යන්නකෝ මාදවී අක්කී ආදරෙයි හැමදාම❤️❤️??❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.