Katha Ahura

හොදම රබන් පදය | කතා අහුර බක්මහ උළෙල 2021

කතාව කොහොමද?

තරග අංක 03

කතා අහුරේ ඉන්න හැමෝම නිර්මාණාත්මක අදහස් තියෙන අයනේ. කරන්න තියෙන්නේ. නිරමාණාත්මකම රබන් පදය ලියන්න.
කතා අහුර ඇප් එක ගැන හොදම රබන් පදය නිර්මාණය කරන්න අව්‍යයයි.
ජයග්‍රාකයා තෝරාගන්නේ ඔහුගේ හො ඇයගේ #comment එකට ලැබෙන ලයික් ගණන මතයි.
-තරග කොන්දේසී-
* එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථා 2ක් පමණක් ලැබේ
* Katha Ahura Editor Panel එකේ තීරණය අවසාන තීරණය වේ.
* ප.ව 8 ට තරගය අවසන් වේ.

97 thoughts on “හොදම රබන් පදය | කතා අහුර බක්මහ උළෙල 2021”

  1. Sandu (kandy girl)

    එතනින් මෙතනින් ඔතනින් එන්නා
    අදහස් රසයට හිත ඇමිනෙන්නා
    කෙටියෙන් දිගුවෙන් කොටසින් දෙන්නා
    රචකයො රකසිකයො නිති හමුවෙන්නා

    සිනහව තරහව කදුලද තිබෙනා
    හරයද වටිනා උපදෙස් දෙන්නා
    සිතුවිලි නිහඬව එලියට දෙන්නා
    රචනා පිරි පොත් ගුලක් තිබෙන්නා//

    17
    1. Sandu (kandy girl)

      හයියූ..මේකෙ පළවෙනි රබන් පදේ අන්තිම පේලියට (//) සලකුණ දැම්මට වැටිලා නෑ සර්..ඒක එතනට එන්න ඕනි..

  2. ඉර දෙයියෝ මීනෙන් මීශෙට යන්නෙයි
    අවුරුදු කුමරා කිරුළු ලබන්නෙයි
    කතා අහුර තරග ගෙනෙන්නෙයි
    අහස උසට තෑගි පිරෙන්නෙයි

    උඩහ ගෙදර හින්නිහාමි
    පහල ගෙදර රාලහාමි
    කැවුම් කොකිස් මුං කිරිබත්
    අරං ඇවිත් හිනාහාමි

    14
  3. Sandu (kandy girl)

    කෝ කෝ මේ දඟයෝ.. රේට් නම් හතක් තියේ.. ඒත්..කෝ මේ කස්ටිය ..??

    ම්.. දඟ පව්ලේ අවුරුදු උත්සවේට එන්නකො තවම ඇප් එකේ රෙජිස්ටර් වෙලා නැති අයත්…

    2
      1. Sleeping beauty

        මනසින් දැනුමෙන් පිරිපුන් වෙන්නයි
        සාහිත රසයෙන් සිත පිනවන්නයි
        කතා අහුරෙ සැම එකමුතු වෙන්නයි
        මේ අවුරුද්දෙම කිරි ඉතිරෙන්නයි

        ශ්‍රී ලංකාවේ නෙක නෙක තැන් වල
        තව තව ලෝකේ නොයෙකුත් රටවල
        රස විංදනයට මුල් තැන දෙන්නට
        කතා අහුර වේ සැමටම විසදුම

        15
  4. Nithu ?❤️

    උඩටයි පහළටයි ගිහිනුයි බලන්නේ
    හරවත් කතා පමණයි මෙහි තිබෙන්නේ
    වයසක් බේදයක් නම් නෑ බලන්නේ
    හැමෝම මෙයට කතා අහුර කියන්නේ

    කතා අහුර පටන් අරන් ටික ටික කල් ගිහිල්ලා
    ගොඩක් ඈයෝ දැන් මේකේ පිළිසඳරේ යෙදීලා
    නොදැක්කාට සිතින් සිතට බොහෝ සෙයින් ඇලීලා
    චිරන් ජයතු කතා අහුර නිති ආසිරි පතාලා

    17
  5. ?Broken Heart?

    එහෙ බැලුවොත් නවකතා
    මෙහෙ බැලුවොත් කෙටිකතා
    එහෙ බැලුවත් මෙහෙ බැලුවත්
    කතා අහුරේ රස කතා

    11
  6. ?Broken Heart?

    කතා ලියන්නට කතා කියන්නට
    එන්න එන්න අපේ කතා අහුර වෙත
    කතා අහුරේ හැම මිතුරන් වෙන්නට
    එන්න එන්න අපේ අවුරුදු උත්සවයට

    9
    1. Chuuti manike

      බියු අක්කියෝ මෙ දන්නෙ නැති නිසයි අහන්නෙ ඔයාගෙ නම සදමාලිද….වැරදිනම්.සොරි වෙන්න ඕම්‍ර් ??❤️❤️❤️❤️

  7. අලුත් අලුත් කතා ගෙනෙන්නේ
    මිතුරු සොයුරු සිනා බැඳෙන්නේ
    හදේ විඩා නිවා
    සිතට සතුට ගෙනා
    කතා අහුරමයි මුලින් හිඳින්නේ …

    කොහෝ කොහෝ හඬ පැතිරෙන්නේ
    කැවුම් කොකිස් හැම රස විඳිමින්නේ
    ගෙදර ඉඳන් අවුරුදු
    නොකර බිඳක අඩුවදු
    කතා අහුර එක්කයි සමරන්නේ ….

    10
  8. Chuuti manike

    දොම්නස් දුරුවෙන්නයි
    සතුට ඉතිරි යන්නයි
    කතා අහුරෙ කතා මැද්දෙ
    මුලු දවසම ගෙවුනැයි

    අවුරුද්දයි අද ඇප් එකෙ
    ඔන්ලයින් වලිනුයි තරග තියෙන්නෙ
    මුට්ටිය බිදලා ,සීපද කියලා
    දිනුම ලබන්නයි හැමොම එන්නෙ

    9
        1. Chuuti manike

          මුකුත් නෑ අක්කියෝ දැනුයි ඇදට ආවෙ ..කට්ටියම ඉන්නොනෙ නන්ගිලා මල්ලිලා එක්ක බෙරෙන්නත් බෑ සෙල්ල්ම්.කරන්න එන්නලු..අම්මාලාට උදව් එහෙම දීලා..ආවා.ඉතින් අක්කි මොකො කරන්නෙ

          1
  9. අකුර අකුර එකතු වීලා වචන සැදෙන්නේ…
    වචන පේලි එකතු වීලා ඡේද සැදෙන්නේ…
    ඡේද සමග අකුරුනම් දැන් යසට තිබෙන්නේ…
    මේ ඔක්කම එකතු කරලා කතා ගොතන්නේ…

    කතා ගොතලා කතා අහුර වෙතට දමන්නේ…
    නවකතා කෙටිකතා යනුවෙන් වර්ග කරන්නේ…
    දහස් ගණන් පාඨකයින් මෙය කියවන්නේ…
    කතාව හොදනම් සැවෝම රේට් කරන්නේ…
    සැවෝම කමෙන්ට් කරන්නේ…

    8
  10. . අනේ මන්දා අක්කි පලවෙනි පාරට ආසාවක් ඇති වුණා කවියක් ලියන්න…ඉතින් ගෙදර සද්ද බද්ද නිසා පොතකුත් අරන් වත්තට ගියා කවියක් ලියන්න…ගලක් උඩ වාඩි වෙලා..
    කොහොම හරි වැස්ස පටන් ගන්න ඔන්න මෙන්න තියලා කවිය ලියල ඉවර කරා
    දැන්නම් වහිනෝ..?
    ආ කියන්න බැරි වුණා thanks හොදේ

    2
    1. Chuuti manike

      ඒමද වහිනෝද ශොයි අනෙ ????
      මන් නම් අර පොඩ්ඩ හරි ලිවෙ මාර අමාරුවෙන් ගෙ වැඩ එක බෑනෙ…❤️❤️❤️
      අහ් ලස්සනයි ඒකන්ම්..❤️❤️❤️❤️
      මෙහෙත් වහින්න වගෙ ගොරවනො
      මෙ හයියෙන් වහිනොද ???❤️❤️

      2
      1. . දැන්නම් පායල තියෙන්නේ ටිකක් වැස්ස ?❤️❤️❤️
        කොහොමෙයි චුට්ටි බට්ටියෝ… සැෆේ ඉන්නොද

  11. හැමතැනම හෙව්වා කතා
    තිබුනේ නැහැ කියවන්න
    හමු වූවා app එකක්
    ඒ තමා කතා අහුර

    කතා හමු වුනා
    එකසිය විස්සට දෙසීය විස්සක්ම කියෙවන්වා පිස්සු වෙන් වාගේ ලස්සනයි හැම කතාවක්ම

    හමු උනා පවුලක්
    දග පවුල කියා
    නැති උනා පාලුව
    නැති උනා කාන්සිය
    සතුටින් සිටියා හැමදා දග පවුලත් එක්ක

    නවතින්නම් මෙතනින් මං
    වචනෙන් කියන්න බෑ මේ ගුණ
    බුදු සරණයි චන්දිම sir
    මේ වගේ තව app හදන්න පුලුවන් වේවා ?
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    8
  12. රටේ ලෝකයේ සතර දිගන්තේ
    හිඳිනා බෝදෙන සිටින්නෙ මේ තුල
    නවකතා ද කෙටිකතා ද මේ හැම
    සැමගෙ රසවින්දනයට වෙන්ව ඇත

    රසවිදුමක් පමණක්ම නොවේ හැම
    දෙනා හටම ආදර්ශත් ගෙන දෙන
    කතා අහුර අප හැමගෙම නිවහන
    සතුට ආදරය දෝරෙ ගලායන…❤

    5
    1. මං හිතන්නෙ මේක රබන් පදයක් නෙවේ ??.කවියක්දෝ,නිසදැසක්දෝ මන්ද.
      නිකමට වගේ ලියන්න හිතුන ?.

      1
  13. . තුදුලා මන් හොදම බොරුවට දගී කියලා විතරක් කියන්නම් එතකොට ඔයාලට ටොම්බ බොරු ගොඩක්‌ මතක් වෙයි ??..
    ඒ එක කීයටද දන්නේ නැනේ පටන් ගන්නේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.