Katha Ahura

සූරියකන්දේ අභිරහස (07. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(07. කොටස)

උදෑසන ආහාරය ගෙන ⁣පොතක් අතැතිව මිදුලට පැමිණි චාපා බංගලාවට පැමිණෙන පියගැටපෙළෙහි එක් මුල්ලකින් වාඩි වී එය කියවන්නට විය. ගත වූ පැයක කාලයෙන් පසු ඇයට ඈතින් ඇසුනේ. තරමක ඝෝෂාකාරී හඬකි. එය ඇසුනේ බංගලාවට තරමක් ඈතින් වූ හතරවන ලයිම් පෙල දෙසිනි. දමිළ මිනිසුන් ඔවුන්ගේ බසින් කෑ ගසමින් තම දරුවන් ඔසවාගෙන ඒ මේ අත දිව්වේය.චාපා දුටුවේ තමාට පමණක් දුරින් එ් දෙස බලා සිටින නාලකවයි.

” නාලක මොකක්ද ඒ කලබලේ”
චාපා ඔහු⁣ට කිට්ටු වී ඒ දෙස බලමින් ඇසුවේය.
” ⁣මොකක් හරි ලොකු ප්‍රශ්නයක් . මං ගිහින් බලන්නම් නෝනා ”
” ඉන්න මාත් එනවා”
” එපා , එපා , නෝනා එන්න එපා . නෝනා බංගලාවට වෙලා ඉන්න”
නාලක පෙරට අඩිය තැබූ චාපාගේ ගමන වැළැක්වීය. ඔහු බංගලාවේ මුරකරු බවත් එනිසා බංගලාවේ සිටින අය තමන් ආරක්ෂා කල යුතු බවත් නිතර සිහියේ තබා ගත්තේය. විනාඩි කිහිපයකට පසු නාලක පැමිණියේ අසුභ ආරංචියක් සමඟිනි.

” ඇයි නාලක?”
” මං හිතන්නෙ වත්ත ඇතුලෙ ලෙඩක් , අර උස්සන් ගිය ළමයි එකපාරටම කලන්තෙ දාලා වැටිලා. ඒ ළමයින්ගෙ මුළු අැඟම ළා කොල පාට වෙලා”
නාලක පැවසූ දෙය තරමක් අපහැදිලි නිසාම ඇය තම මවගෙන් අවසර ගෙන නාලක සමඟ ලයිම පිහිටි ස්ථානයට ගියේය. ඇය සිහිසුන්ව සිටි ළමුන් සමීපයට ගොස් ඔවුන්ව පරීක්ෂා කලේය.

” ඕ මයි ⁣ගෝඩ්”
ඇය තම නළල රැළි නංවමින් පවසා . තම ජංගම දුරකථනයෙන් යමෙකු සමඟ සම්බන්ධ විය. විනාඩි කිහිපයකට පසු එම ස්ථානයට වෑන් රථයක් පැමිණි අතර මෙසේ සිහිසුන්ව සිටි ළමුන්ගේ දෙමව්පියන් සමඟ ඔවුන්ව රෝහලට පිටත් කලේය.
????????????

තව දුරටත් වතුයායේ පවතින තත්වය හමුවේ මාධ්‍යය විසින් එම පළාත් භාර ඇමති රත්නසිරි මහතා සමඟ විශේෂ හමුවක් පවත්වා ප්‍රශ්නය පිළිබඳව කතාබහ කරන්නට විය.

මාධ්‍යය÷ඇමතිතුමා දැනටමත් ස්ටේට් එකේ ඝාතන හතරක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් තාම ⁣මේ අපරාධකාරයන් නිදැල්ලේ. මේ මිනි මැරුම් හැම එකක්ම සිද්ධ වුනෙ එක ළඟ. කවුද දන්නෙ අද හෙට තවත් ⁣අපරාධ සිද්ධ වෙයි කියලා.

ඇමති÷ මිත්‍රවරුනි, මේ හැම අපරාධයක් ගැනම පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මං හිතන්නෙ අපිට මේ අපරාධකාරයින් ළඟදිම නීතිය ඉදිරියට ගේන්න පුළුවන්.

මාධ්‍යය÷ ඇමතිතුමා අපිට දැනගන්න ලැබුණා එස්ටේට් එක ඇතුලෙ දරුණු රෝගයක් පැතිරිලා තියෙනවා කියලා. මේ රෝගය වැළඳුනු කුඩා ළමුන් හතර දෙනෙක්ම රෝහල්ගත කරලා තියෙනවා.

ඇමති÷ කලබල වෙන්න එපා මිත්‍රවරුනි මට ඒ හැම ප්‍රශ්නයකටම දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා. අපි දැනටමත් ටීම් එකක් වත්තට යවලා තියෙන්නෙ. මේ කණ්ඩායමේ ඉන්නවා ඔයාලා කවුරුත් දන්න ප්‍රොෆෙසර් සිරිමෙවන් රණතුංග, විශේෂඥ වෛද්‍යවරයෙක්..ඒ වගේම පළපුරුදු වෛද්‍යවරියක්, ඩොක්ටර් අවන්ති සුභසිංහ , A.S.P අදීශ රණසිංහ , ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිළධාරියෙක් , සැරයන් විජයරත්න .. මේ කණ්ඩායම දැනටමත් වත්තට ගිහිල්ලා ඇති.
???????????????

සවස හතරට පමණ ඇමති රත්නසිරි මහතා විසින් අනුමත කරන ලද කණ්ඩායම සූරියකන්ද වතුයායට පැමිණි අතර ඔවුන් ප්‍රථමයෙන්ම ගමන් කලේ වතුයායේ අයිතිකරු වන විලී මහතාගේ නිවසටයි. පැමිණ සිටි සිව් දෙනාව සංග්‍රහයකින් පිළි ගැනීමට ඔවුන් අතමක කලේ නැත.
“මට ගොඩක් සතුටුයි ප්‍රොෆෙසර් ඔයා එස්ටේට් එකට ආපු එක ගැන. මගෙන් වෙන්න ඕන දෙයක් තියෙනවනම් කියන්න”
” අන්කල් එස්ටේට් එක ඇතුලෙ හොස්පිටල් එකක් තියෙනවද?”
විලී මහතා කල යෝජනාවට වෛද්‍ය අවන්ති ඔහුගෙන් ඇසුවාය. වෛද්‍යවරියක් වුවද ඇය විලී මහතාගේ දියණියගේ වයසට සමාන වූ අතර. දෙදෙනාම රූමත් තරුණියන් විය. වෙනසකට වූයේ වෛද්‍යවරියගේ දිගු වරලසයි.
” හොස්පිටල් එකක් තියෙනවා දුව, හැබැයි ෆැසිලිටීස් මදී. ⁣මට දවසක් දෙන්න මම ඔක්කොම හරිගස්සලා දෙන්නම්.”
” තැන්ක් යූ මිස්ටර් විලී .. කොහොමත් හෙට උදේම මායි , අවන්තියි කොළඹ යන්න ඕන අපිට පරීක්ෂණ වලට අවශ්‍ය උපකරණ ලිස්ට් එක මොනවද බලන්න ”
ඔවුන්ගේ කතාබහ අතරතුර අදීශ මිදුලට වී අවට වටපිටාව නිරීක්ෂණ කලේය. බංගලාව පිහිටි කුඩා කඳු මුදුනට වතුයායේ වටපිටාව සියල්ල හොදින් පෙනෙන අතර අදීශ තම දුර දක්නයද උපයෝගී කර ගත්තේය. නවාතැන ලෙස ඔවුන්ට වතුයායේ පිහිටි තවත් බංගලාවක් මෙන්ම ඉවුම් පිහිම් කටයුතු සඳහා මෙහෙකාරීයක්ද ඔවුනට ලබා දීමට විලී මහතා අමතක නොකලේය.
*********************…………………………………………*******************

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

25 thoughts on “සූරියකන්දේ අභිරහස (07. කොටස)”

  1. ..Sandashen..

    කතව සුපිරි …අනේ පොඩ්ඩක් දිගට දන්නකෝ කතව …☺️☺️☺️☺️☺️☺️

  2. දැන් නම් හිතාගන්න බැ ඉස්සරහට මොනවා ⁣ෙවයිද කියලා..
    කතාව සුපිරිම සුපිරි..
    ???

  3. දැන් නම් කතාව පැහැදිලි වෙන්න පටන් ගනී වගේ…. ඒත්.. කෝ රමණී දුවයී….. ? කතාව පට්ට සුපිරියි මල්ලිලා.. සුභ පතනවා ඔයාලා දෙන්නටම.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… දළදා සමිදු පිහිටයි… බුදුසරණයි.. !!!

    1. Me daws vala mn tikak vithara busy .ekayi comment neththe.puluvan thrm ikmanata hema kathwtma comment ekk denna try karannam plz tharaha venna epa hodada.hemoma sathutin parissamin inna. theruvan saranayi .

      1. ❤️?kaushi?❤️

        Aa ekada lovi oyge heart ek nil wela thiyenne….? Ai ane echchra busy …hri manika oyath parissmin inna…? Theruwan sarani loviiii ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.