Katha Ahura

පාසළඹේ හඩ | ? 01 කොටස ? | හොල්මන් කතා

4.2/5 - (32 votes)

පාසළඹේ හඩ ? 01 කොටස ?

පදවගෙන ආපු මම බයික් එක මදකට නැවත්තුවේ දැනෙමින් තිබ්බ අපහසුතාවයකින් මිදෙන්න හිතාගෙන. එතන් තිබ්බේ ගලාගෙන යන ගගක් මතින් ඉදිකරපු පාලමක් තිබ්බ ඉසව්වක්. ඒ පැත්‍ත නොදත් මම ඒ ගග මොකක්ද කියලවත් දැනන් උන්නේ නෑ.

ඒත් ඒ පැත්‍ත මදක් පාලු පැත්තක් කිව්වොත් නිවරදී. ගගේ වතුර අඩු නිසා සුදෝ සුදු වැලි කදු ,ගග මැද තිබ්බ ගල් තිබ්බේ කැපී පෙනිලා. මොනවා වුනත් ඒ දිහා දකිද්දී මගේ හිතටත් දැනුනේ සැනසුමක්.

බයික් එක හිටවලා මම පාරෙන් ගගට බැස්සේ මොන හේතුවකට නිසාද කියලාවත් මට එදා තේරුනේ නෑ.

” මේ දවස්වල ගගේ වතුර තිබ්බේ නැතිවුනාට ගග ගලන කාලෙට මුලු පැත්තම යට වෙනවා ඇතී. ”

ගගේ ඉවුරුවල් වල දෙකේ තිබ්බ විශාල පරතරය දකිද්දී මට හිතුනා. ඒත් එක්කම මට එකපාරටම ඇහුනේ ” සිලින් බිලින් ,සිලින් බිලින් ” වගේ හඩක්. හරියට නිකම් ගෙජ්ජි හෙලවවෙනවා වගේ.

මම එකපාරටම පිටිපස්ස හැරිලා බලද්දී දැක්කේ යුවතියන් දෙන්නෙක් ගගේ ගල් මතට පනිමින් ඇවිදගෙන යන හැටී. ඒ වෙද්දී මම හිටියේ ගගේ ඉවුරේ තිබ්බ ගහකට මුවාවෙලා මුත්‍රා කරමින් නිසා මට විශ්වාස යි ඔවුන් මාව දැක්කේ නෑ. ඉන් එක යුවතියගේ පාදයක තමා පාසලබවල් තියෙන්නේ.

ඇය ගලින් ගලට පනිද්දී ඒ පාසලබවල් වල හඩ උස් හඩින් ඇහුනා. තාමත් ඔවුන් මට මදක් ඈතින් නිසා හරියටම ඔවුන්ගේ මූනවල් මට පෙනුනේ නෑ…….

” උබව කවුරුවත් දැක්කොත් හිතයි අනිවාර්යයෙන් ම මේනම් පිස්සියක් කියලා….”

” ඒ මොකද ඒ…. මෙහෙම මම කකුල් වල ගෙජ්ජි හොලව හොලවා යන හින්දද….”

ගෙජ්ජි හඩව හඩව යන යුවතිය අර යුවතියට එහෙම කියලා තවත් ගලකට පැන්නා.

දැන් මට ඔවුන් දෙන්න ලාවට වගේ පේනවා. ගෙජ්ජි දාගෙන ඉන්න යුවතියට තිබ්බේ හරිම අහිංසක විදිහේ පැහපත් පෙනුමක් තිබ්බ යුවතියක්. ඇයගේ හිසකෙසුත් සෑහෙන්න දිග බව පෙනුනා. අනිත් යුවතිය ට තිබ්බේ තලෙලු සමක්. ඇය පොඩ්ඩක් උසයි. අඩි පහයි අගල් හයක් හතක් වගේ.

” නැත්නම් .. ඕක දැන් ගලවල දාපං , ‘

” බෑ මේක ගලවන්ඩ බෑ. දැන්ම මේක තමා මට වාසනාව ගෙනාවේ… මේක දාගෙනම ඉන්න ඕනා…..”

” අංශු උබටනම් තනිකරම පිස්සු… ”

තලෙලු උස යුවතිය ඒක කියද්දී මට යමක් තේරුනා. ඒ ගෙජ්ජි පැලදගෙන ඉන්න යුවතියගේ නම අංශු කියලා. අංශු හරි අමුතු නමක්…..

” ඔව් මේ ,අංශුට තනිකරම පිස්සූ…..”

අංශු එහෙම කියලා එකපාරටම ආයේ ගලකට පැන්නා. දැන් ඔවුන් ඉන්නේ මට අඩි විස්සක් තිහක් විතර දුරකින්. මම ගහකට මුවාවෙලා ඔවුන් කරන දේවල් බලන් හිටිය නිසා ඔවුන් මාව දැක්කේ නෑ…. මොහොතකින් මම දැක්කා අංශු කලබල වුන බවක්.

” අංශු මොකෝ වුනේ…”

අංශු ලග හිටිය යුවතියටත් ඇයගේ වෙනස තේරිලා වගේ.

” වංදනා මගේ දකුනු කකුලේ තිබ්බ පාසලඹ නෑ….ඒක වතුරට වැටිලා වගේ.. අයියෝ…..”

අංශුගේ හඩේ තිබ්බෙ සෑහෙන්න කනස්සල් බවක්. ඇය එතන තිබ්බ වතුරට යටට අත යව යවා ඊට පස්සෙ පාසලඹ හොයනවා මම දැක්කා.

” මම හිතුවා උබ ඔහොම උඩ පනිද්දීම ඕක වට්ටගනී කියලා…”

” අනේ වංදනා හොයපන්කෝ.. මට බනින්නේ නැතුව. ඒක නිකම් පාසලබක් නෙමේ , මට වාසනාව ගෙනාපූ පාසලබක්. අපිව දාල ගිය අම්මා ආපහු අපි ලගට ආවේ ඔය පාසලබ ගත්ත දවසේ. මම නැටුම් උත්සවේ පලවෙනියා උනෙත් ඔය පාසලබ දාගෙන නටපු හින්දම කියලයි මට හිතෙන්නේ. තව කියන්න බැරී ගොඩක් දේවල් උනා ඔය පාසලබ දාගත්තට පස්සේ.”

අංශු කතාකලේ අඩන්න ලංවෙලා වගේ.

” හිටින් අඩන්නේ නැතුව වතුර නැති හින්දා ඕක හොයාගන්න පුලුවන් වෙයි. මේ හරියට එනෙකම්ම ඕක කකුලේ තිබ්බනේ….”

” ඔව්…. ”

අංශු කිව්වා. ඊට පස්සේ මම දැක්කේ ඔවුන් දෙන්නා වතුරට බැහගෙන අර නැතිවුන පාසලබ හොයන හැටී. විනාඩි දහයක් පහලොවක් විස්සක් , ඒතරම් යනකම් ඔවුන් ඒක හෙව්වා. මාත් එතක්කම්ම ඔවුන් කරන් දිහා ඔවුන්ට නොපෙනී ගියා. ඒත් ඔවුන්ට ඒක හොයාගන්න බැරිවුන බවයි ඔවුන්ගේ ඉරියව්වලින් මට පෙනුනේ.

අවසානේ මම ඔවුන් ලගට යන්න හිතුවේ ඒ දෙන්නට මගෙන් උදව්වක් දෙන්නපුලුවන්ද කියලා සිතිවිල්ලෙන්. මගේ හඩ ඇහිලා එකපාරටම ඔලුව හරවලා බැලුවේ වංදනා.. ඇයගේ ඇස් උඩ ගියා මම දැක්කා.

” අංශු අංශූ…… ”

වංදනා කලබලවෙලා අංශුගේ අත අල්ලල මාව පෙන්වද්දී අංශුගෙත් ඇස් බයවුනා මම දැක්කා. අංශුට තිබ්බේ හරි ලස්සන තාරකා ඇස් දෙකක්. මම ඒ වගේ ඇස් දෙකක් තිබ්බ යුවතියක් ඔය දැක්කමයි.

” බයවෙන්ඩ එපා….මම දැක්කා ඔයාලට වුන දේ.. පාසලඹ වතුරට වැටුනා නේ……”

මම ඇහුවේ අංශු දිහාම බලාගෙන. ඒත් ඊට පස්සේ වුන දේ මට හිතාගන්නවත් බැරිවුනා. වංදනා අංශුවත් ඇදගෙන මම ලගින් දුවගෙන ගියේ නිකම් යකෙක් දැකලා බයවෙලා වගේ.

” හෑ ඒ මොකක්ද වුනේ ඒ. කෙල්ලෝ දෙන්නා මට බයවුනාද.”

ඔවුන් දෙන්නා දුවන දිහා මම බලන් හිතුවේ වික්ශිප්ත දෑසින්. සිතට මොකක්ද හිස්බවක් දැනෙද්දී මම ආපහු යන්න හැරුනා. ඒත් මට ඉස්සරහට තියන්න පුලුවන් වුනේ අඩි දෙකක් විතරයි. එකපාරටම මම දැක්කා දිලිසෙන යමක්. මට හිතාගන්න ත් බෑ. ඒ දිලිසෙන න් තිබ්බේ අංශුගේ නැතිවුන පාසලඹ.

ඒක අහුලගත්ත මම පිටිපස්ස හැරිලා බැලුවේ අර යුවතියන් දෙන්න හිටියොත් ඒක ඔවුන්ට කොහොම හරි දෙන්න හිතාගෙන. ඒත් ඒ දෙන්නගේ චායාවක්වත් නෑ. මම අවසානේ අංශුගේ පාසලබ මගේ කලිසම් සාක්කුවට දාගත්තා.

??????????????????????

අංශුගේ හා වංදනාගේ මතකය එකපාරටම ආයෙම අලුත් වුනේ මගේ බෑග් එකක තිබ්බ ආංශුගේ ඒ පාසලබ ආයෙම දකිද්දී. ඔව් , ඒ සිදුවීම වෙලා දැනට හරියටම අවුරුදු තුනක් වෙලා.. ඊටපස්සේ මම අංශුව දකින්න ඒ ගම පැත්තේ ගියත් අංශු තියා වංදනාවත් මම දැක්කේ නෑ. ඇය කවුද කොහේ කෙනෙක්ද කියලවත් මම දන්නේ නෑ. ඒත් මේ ජීවිතේ මම වැඩිපුරම හිත ගිය යුවතිය අංශු කිව්වොත් ඒක නිවරදි වෙන්න ඕනා.

මම සුසුමක් හෙලල පාසලබ දිහා බලන් ඉද්දීමයි එකපාරටම මගෙ ෆෝන් එකට ඇමතුමක් ආවේ.

ඇමතුම මගේ හොදම මිතුරා කවිෂ්කගෙන්. දැන් මගේ ජීවිතේ ඉන්න එකම පිලිසදරත් කවිශ්ක කිව්වොත් නිවරදී.

” කියපං කවිශ්ක ”

කියපු මම ඇමතුමට කන් දුන්නෙත් අංශුගේ පාසලබත් අතේ තියාගෙනමයි.

” නිසල්ක , අරුන් ආයෙම උබව හොයාගෙන අපේ ගෙදර ආවා.. උබ ඉන්නේ කොහෙද කියලා මට කියන්න කිව්වා….”

” ඉ…ඉතින්….. ”

” මම කිව්වා , උබව හුග කාලෙකින් දැක්කේ නෑ…කතා කෙරුවෙවත් නෑ කියලා, ඒත් උන් ඒ දේ විශ්වාස කලේ නෑ.. උබව කොහේ හිටියත් ඉක්මනට හොයාගන්නවා කිව්වා.. පරිස්සමට හිටපං…… ”

” ඇත්තටම උන් මාව හොයාගනීද ”

මට දැනුනේ සෑහෙන්න බයක්.

” දන්නේ නෑ උන් පිස්සු බල්ලෝ වගේ උබව හොයන්නේ. මේ පලාතේවත් ඉන්ඩ එපා , මම හොයාගත්ත උබට ඉන්ඩ ගෙයක්. ටික දවසක් යනකම් එහාට ගිහිල්ලා හිටපං. ඉන්ඩ තියෙන්නේ ඒ ගෙයයි වත්තයි බලන් ඉන්න එක…. මමහිතන්නේ නෑ ඒ ගෙදරටනම් කවුරුවත් උබව හොයාගෙන ඒවී කියලා..ගොඩක් පාලු ගෙයක්, වැඩිය ඒ පැත්තට මිනිස්සු යැවෙන්නේ නෑ ඒකයි.”

” කෙහෙද ඒ ගේ තියෙන්නේ ”

මම ඇහුවේ කුතුහලයෙන්.

” අපේ ලොකු මාමලාගේ ගම කිට්ටුව. මම තව ටිකක්.හොයලා බලල හෙට කියන්නම්. මේ පැත්තේ හිටියොත් නම් අරුන් උබව කොහොම හරි හොයාගෙන ඇවිල්ලා මොනව හරි කරයි.”

” ඔව් බං මරලා දැම්මටනම් මට අවුලක් නෑ.. එත් උන් මගේ කකුල් අතපය කඩලා දැම්මොත් මම ජීවීතේම විදවන්න එපැයි. මේකනම් මගෙ නරකම කාලයක්.. ”

මම සුසුමක් හෙලුවා.

” හා මම ඉක්මනට විස්තර හොයලා කියන්නම් ”

බලාපොරොත්තු ක් මට දීපූ කවිෂ්ක පෝන් එක තිබ්බා.

??????????????????????

මගේ ජීවිතේ උඩු යටිකුරුවෙලා යන්න ගියේ පොඩ්ඩම පොඩි කාලයක් විතරයි.

මීට වසරකට කලින් මම මගේම කියලා ව්‍යාපාරය ක් පටන් ගත්තේ කීපදෙනෙක්ගෙන් ණයට මුදල් අරගෙන. ඒත් හිතුවේවත් නැති විදිහට මම අත ගහපු එක විනාශ වුනේ ණය කාරයන්ට මුදල් ආපහු දෙන්නත් බැරි විදිහට මම හිරවෙද්දී. ණයකාරයන් පස්සේ මාව හොයාගෙන එන්න පටන් ගත්තා. මුල් දවස්වල මොනවා හරි කියලා බේරුනත් පස්සේ මට උන්ගෙන් බේරෙන්න බැරිවුනා.

දවසක් නොසීතූ විදිහට මාව හොයාගෙන ආපු ණයට සල්ලි දුන්නු කෙනෙක් එක්ක රන්ඩුවක් දුරදිග හිහිල්ලා මම අතින් ඔහුගේ බඩට පිහියකින් අනින්න තර්ම් වියරූ වැටිලා හිටියේ.

මගේ වෙලාවට ඔහූ මැරුනේ නැති උනත් ඒ දේ නිසා මගේ නරක කාලය තවත් වැඩිවුනා.

එක පැත්තකින් ණය කාරයෝ මාව හොයන් එද්දි , අර පිහි ඇනීමත් එක්ක නීතිය පැත්තින් , වගේම ගොඩක් පැතිවලින් හිරවුනා.

අවසානේ උනේ ඒ හැම දේකින්ම බේරෙන්න මේ විදිහට රහසිගතව හැංගිලා ඉන්න එක. මට ඒ වැඩේට කවිශ්ක උදව් කලා. මට ණෑදෑයෙක් වත් නැති නිසා මට ඒ පැත්තින් බයක් දැනුනේ නෑ. හිටියේ අම්මා විතරයි. අම්මත් මට අවුරුදු විස්ස එන්නත් කලින් මියදුනා.

මේ හේතු නිසාම මගේ තිබ්බ ඉඩමත් විකුණලා ඒ සල්ලි මගේ බැංකු පොතට දාලා ,මම මේ විදිහට හැංගුනා.

මම දන්නවා කවදාවත් මෙහෙම මට හැංගිලා ජීවත් වෙන්න බැරි වෙයි, දවසක අහුවෙයි කියලා. ඒත් ඒ දවස එනකම් මට මුහුන දෙන්න මේ විදිහට හැංගිලා ඉන්නවා.

මට මේ ගේත් හොයලා දුන්නේ කවිශ්ක. කලින් පවුලක් පදිංචිවෙලා හිටිය මේ ගෙදර අය නගයයක් කිට්ටුව ඉඩමක් අරන් ඒ ඉඩමේ ගෙයක් හදලා එහෙට පදිංචියට ගිහිල්ලා. කවිශ්ක දන්නකෙනෙක් නිසාත් මට මේ ගෙදර ටික දවසකට නතරදවෙන්න දුන්නා. ඒත් උපරිම මාසයකට වගේ.

එකපාරටම බයික් කීපයක් ගේ පැත්තට එන හඩ ඇහිලා මම කල්පනා ලෝකෙන් ඉක්මනට මිදුනා . ඒ වෙද්දී සවස හයට විතර ඇතී.

” බ්‍රා……..ස්.”

ආපු බයික් කාරයෝ බයික් මිදුලේ නවත්තද්දී මම ඉක්මනට හුලන් කවුලුවකින් එබිලා බැලුවේ බියපත් දෑසින්. දැකපු දෙයින් මගේ හදවතේ ස්පන්දන වේගය වැඩිවුනා.

ඇවිල්ලා හිටියේ හෙන මැර මුනවක් තිබ්බ මිනිස්සු කීපදෙනෙක්.

” නිසල්ක පැනලා බේරියන්, මුන් ඇවිල්ලා තියෙන්නේ උබට මොකක් හරි කරන්න… ඉක්මන් කරපං…”

හිත අනතුරු අගවද්දී මම ඉක්මනට ලග තිබ්බ පෝන් එකත් අතට අරන් ගෙයි පිටිපස්ස දොරින් එලියට පැන්නා. අනිත් අතේ අංශුගේ පාසලඹ ගුලිවෙලා තිබ්බා.

” කොහොමහරී ඌව හොයාගනිල්ලා. අනිවාර්යයෙන් ඌ මේ ගේ ඇතුලේ ඉන්න ඕනා. ”

පිටිපස්ස දොරෙන් එලියට පැනලා උන්ගෙන් බේරෙන්න දුවද්දී මට එකෙක් එහෙම කියනවා හොදටම ඇහුනා.

මම හිටිය ගෙයි පිටිපස්සේ තිබ්බේ විශාල ගස්වලින් පිරුණු වැවක්.හරියට ඒක කැලයක් වගේ. මම.ඉක්මනට ඒ පැත්තට දුවන් ගියා. මට විශ්වාසයි ඒ පත්තේ ගෙවල් තිබ්බේ නැති නිසා මම මෙහෙම දුවන එක ඒ ගමේ අය දැක්කේ නෑ කියල.

” අන්න අරූ දුවනවා… ”

එකපාරටම ඇහුන ඒ ගැඹුරු හඩට මම බයවුනා. ඒ කියන්නේ උන් මාව දැකලා. මම පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්ක උන් හතරදෙනාම.මගේ පස්සේ පන්නන හැටී..ඒත් එක්කම මම එකපාරටම මම ගලක හැප්පිලා වැටුනේ ආවසානාවන්ත විදිහට.

” සිලින් සිලින්.”

එක අතක ගුලිවෙලා තිබ්බ අංශුගේ පාසලබත් ඒ එක්කම මගේ අතින් අත ඇරිලා බිමට වැටුනා. අරුන් හතර දෙනා ඒ වෙද්දී හිටියේ මට ගොඩක් ලංවෙලා.

එකපාරටම නැගිටපු මම ආයේ දුවන්න සැරසුනත් මගේ හිත එකපාරටම ගියේ බිම වැටිලා තියෙන පාසලඹ දිහාට.

” අනේ වංදනා හොයපන්කෝ.. මට බනින්නේ නැතුව. ඒක නිකම් පාසලබක් නෙමේ , මට වාසනාව ගෙනාපූ පාසලබක්. ”

මට ඒක දකිද්දී එකපාරටම මතක්වුනේ එදා අංශූ පාසලබ නැතිවුන වෙලාවේ කියපු දේ. මට ඒ එක්කම මතක් වුනේ අංශුව.

” අංශූ ඔයාට ඒ පාසලබ වාසනාව ගෙනාවට , මට ඒක හම්බවුන දවසේ ඉදලම මම හොයාගෙන ආවේ අවාසනව. මේ දැනුත් වෙලා තියෙන දේ පේනාවා නේ. ඒත් කමක් නෑ. මට මේ පාසලඹ ඕනේමයි. මට විශ්වාසයි දවසක ඔයා ආයේ මට හම්බවෙයි. එදාට දෙන්න මේක මම ලග තියාගනන් ඕනා.”

හිතපු මම ඉක්මනට ආයෙම පාසලඹ මගේ අතට ගත්තා. වැව් කැලේ පැත්තට ආයේම දුවන්න පටන් ගත්තේ අරුන් දැන් පිටිපස්සෙන් ලගින්ම දුවන් එද්දී……….?????????????????????????ඊලග පාසලඹේ හඩට ? පාසලඹේ හඩ.

මේ කතාව කොටස් තුනක වගේ කතාවක්.. මේක දාන්නම් නේ?

Raaz ( SAGARA SAMPATH)

දවසක් ඇර දවසක් ඔයාට කතාව කියවන්න පුළුවන්

5 thoughts on “පාසළඹේ හඩ | ? 01 කොටස ? | හොල්මන් කතා”

  1. Hashini Navanjana.

    අනේ හරිම ලස්සන කතාවක්… මෙර්කත් වෙනස්ම විදියේ කතාවක් වෙයි නේද රාස්ස්ස්ස්ස්ස්ස්ස්….. ????
    ඔයා කොහොමත් හැමදාම වෙනස් විදියක අලුත් දෙයක් අරන් එන කෙනෙක්නේ… ඒ හැකියාව නම් මරු… ? ???
    හොල්මන් ? ? ? කතා ලියන්න පුදුම හැකියාවක් තියෙන්නේ ඔයාට නම්.. ???
    මං ඔයාගේ හැම කතාවක්ම ගොඩාක් ආසාවෙන් කියවනවා.. ? ? ? ?
    මේ කතාව කොටස් තුනක් වගේ කිවුවා නේද… ☹️☹️☹️☹️ ඒකට නම් දුකයි හොදේ… ???
    ඒ නිසා මේක ඉවර උන ගමන් තව කතාවක් ඕනී… හාද.. ????
    දිගටම ලියන්න…
    Best of luck… ?????

    1
  2. Hashini Navanjana.

    අනේ හරිම ලස්සන කතාවක්… මේකත් වෙනස්ම විදියේ කතාවක් වෙයි නේද රාස්ස්ස්ස්ස්ස්ස්ස්….. ????
    ඔයා කොහොමත් හැමදාම වෙනස් විදියක අලුත් දෙයක් අරන් එන කෙනෙක්නේ… ඒ හැකියාව නම් මරු… ? ???
    හොල්මන් ? ? ? කතා ලියන්න පුදුම හැකියාවක් තියෙන්නේ ඔයාට නම්.. ???
    මං ඔයාගේ හැම කතාවක්ම ගොඩාක් ආසාවෙන් කියවනවා.. ? ? ? ?
    මේ කතාව කොටස් තුනක් වගේ කිවුවා නේද… ☹️☹️☹️☹️ ඒකට නම් දුකයි හොදේ… ???
    ඒ නිසා මේක ඉවර උන ගමන් තව කතාවක් ඕනී… හාද.. ????
    දිගටම ලියන්න…
    Best of luck… ?????

  3. Hi raz.ehenm ikmnta aawa neda?mnwa unth kthawa nm lssnai.hashini akka kwwa widytma oya lynne wensma kthane.oyage miyduna aya soyan kathawata mn gdaak aasai

  4. Ranmali subasinghe

    ඉක්මනින්ම අනිත් කොටස දාන්න රාස් ???

    ලස්සන හොල්මන් කතාවක් ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.