Katha Ahura

?ඒන්ජල්? | 48 කොටස | නවකතාව

5/5 - (1 vote)

76 කොටස

” ඇයි සුමනම්මා ? ”

” මේ දනිස් අමාරුවත් එක්ක කොහේ ගල් නගින්නද නෝනා…මම මේ ඔයාලා එක්ක ඉන්න ආවෙ..”

සුමනම්මා එහෙම කියලා අපි හිටපු තැනින් වාඩිවුනා.

” කට්ටිය හැමෝම දැන් වෑන් එකට යන්න..”

මංගලා ආන්ටි කෑගහලා කියද්දි අපි ටික වෑන් එකට ආවා.මම ශීට් එකේ ඉදගෙන සෙනූ එනකන් බලන් ඉන්නකොට අවිරු ඇවිත් මගේ එහාපැත්තෙන් වාඩිවුනේ ,

” දැන් ශීට් මාරුවෙන වෙලාව ”

කියාගෙන.මම එයාට රවාගෙන ඉන්නකොට කරකියාගන්න දෙයක් නැතුව සෙනූ ගිහින් අයියා ලග වාඩිවුනා.අපි දිහා හැරිලා බලපු සුමනම්මා හිනාවෙවී ඉස්සරහා බලාගත්තා.අපි ආයෙත් ගමන පටන්ගත්තා .

” ආශී..මොකක්ද අප්පා..මල ගෙදරක යනවා වගෙනෙ..පටන් ගන්නකො ළමයො සිංදුවක්..”

අරවින්ද අංකල් කෑගහලා කියද්දි අනිත් හැමෝමත් පිටිපස්ස හැරුනෙ මගේ ටින් ටින් වොයිස් එකෙන් සිංදුවක් බලාපොරොත්තුවෙන්..මම අවිරු දිහා බැලුවම එයත් , කියන්න කියන්න ගගා මට මොරාල් දුන්නා..

මම සිංදුව කියන්න කට අරිද්දිම අවිරු ,

” ඔව් නෝනාවරුනි ,මහත්වරුනි , බලු කුක්කනි , මීලගට ප්‍රසංග වේදිකාවේ ඔබ හමුවට පැමිණෙන්නේ ආශී දිසානායක…පිළිගන්න ඇයව හොද අත්පොලසන් නාදයකින්….! ”

අවිරු හයියෙන් කෑගහලා එහෙම කියද්දි හැමෝම අත්පුඩි ගහලා මට චියර් කරන්න ගත්තා.මටත් නිකන් ටොයිං වගේ..ලැජ්ජත් එක්ක..ඕන මගුලක් කියල මාත් පටන්ගත්තා..ඉස්සෙල්ලාම සිංදුව නිසා ටිකක් විනීත එකක් වෙන්නත් එපැයි.පස්සෙ බැරිය සනුකගෙ සරාගයේ පටන්ගන්න..

” යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලස්සන සිරි ලංකාවේ…
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ…”

මම සිංදුව පටන්ගත්තම අනිත් හැමෝමත් අත්පුඩි ගහ ගහ එකතුවුනා.ඊටපස්සෙ මම ගානට කට වහගත්තා.ඒත් කොහෙද මේ අවිරුත් එක්කනෙ බැරි..දගල දගල උඩ පැන පැන මාවත් සිංදුවට අල්ලගන්නවා.ඒ අතරෙ සුමනම්මා පැන පැන වඩේ බෙදනවා.අවිරු සිංදුවක් කියන්න කට ඇරියා විතරයි මම එයාගෙ කටේ තඩී වඩයක් එබුවා.නැත්නම් වේලිච්ච තල් අත්ත උඩින් හරක් යනවා වගේ තියේවි..

මාත් ඉතින් සෙනූ යහතින් ඉන්නවද කියල බලන්න පිටිපස්ස හැරුනා.මෙන්න බොලේ ඒකා අයියත් එක්ක කතාකර කර හිනාවෙවී යනවා.මාත් ගානට ඉස්සරහා බලාගත්තා.ඒ අස්සෙ ඩෙවිල් මගේ උකුලෙන් පැනලා වෑන් එක පුරාම ඇවිදිනවා.මමයි අවිරුයි හෙන ගේමක් දීලා ඩෙවිල්ව අල්ලගත්තා..

සිංදු පනහක් විතර කිව්වට පස්සෙ හැමෝටම මහන්සි වගේ වුනු නිසා ඔක්කොමලා නිදියන්න ගත්තා.අයියත් නිදිකිරාගෙන සෙනූගෙ පැත්තට වැටෙද්දි සෙනූත් නිදිකිර කිර අයියගෙ පැත්තට වැටුනා.ඒක මට පෙන්නපු අවිරු ,

” කැමති නැද්ද සෙනූව අපේ නෑනා කරගන්න..? ”

ඇත්තටම ඇයි ඒක මේ වෙනකන් මට නොහිතුනේ..ඒක හොද අදහසක්නේ..අයියත් සෙනූ එක්ක දැන් ටිකක් ශේප් වගේ.සෙනූත් ගොඩක් හොද , ලස්සන කෙනෙක්නෙ..

” අපි කිව්වට බෑනෙ අවිරු ..එයාලගෙත් කැමැත්ත ඕනනෙ..අපි තව බලමුකො ”

” ම්ම්ම්..ඒක හරි..”

මම අනිත්පැත්ත බලාගත්තට පස්සෙ අවිරු ආයෙත් මගේ ලගටම ඇවිත් කන ලගට ලංවෙලා රහසින් වගේ කතාකලා.

” හැමෝම නිදි පැටියෝ..”

” ඉතින්…”

” ඉතින් කියන්නෙ..”

” බෑ බෑ අනේ..කවුරුහරි දැක්කොත් එහෙම…”

” හැමෝම නිදි අනේ..”

” හැමෝම නිදි නෑ .ඩ්‍රයිවර් නිදිනම් අපි මෙහෙම යන්නෙ නෑනෙ..”

” පන්ඩිත ආච්චි..එයා පිටිපස්ස බලන්නෙ නෑනෙ..”

අවිරු එහෙම කියලා මගේ මූන එයාගෙ පැත්තට හරවගත්තා.එයා මගේ කම්මුලට ලංවෙද්දිම පටාස් ගාලා මහ හයියෙන් බ්‍රේක් එකක් ගැහුවා.ඒකට නිදාගෙන හිටපු හැමෝම ඇහැරුනා.මම ඉක්මන්ට අවිරුව එහාට තල්ලු කරලා වීදුරුව පැත්ත බලාගත්තා.ඩෙවිලුත් කින්ඩියට වගේ බව් ගාලා මගේ උකුලෙන් ඔලුව තියාගත්තා.මදැයි කිස් එකක් ගන්න ගියා..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

සෑහෙන්න වෙලාවකින් පස්සෙ අපිට නුවරඑළියට එන්න පුලුවන් වුනා.දැනුනු සීතල නිසා ඔක්කොමලා ශීට් වල තියාගෙන ඉදපු ජර්සි ටික ඇදගනිද්දි මම තව ස්කාෆ් එකකුත් අරගෙන බෙල්ල වටේට ඔතාගත්තා.

” ආ පැටියෝ…සීතලයිනම් මං තුරුල් කරගන්නම් ”

අවිරු එහෙම කියලා ඇහැක් ගහද්දි මම එයාට දිව ඇද්දා.ඩෙවිල්ටනම් පොඩ්ඩක්වත් සීතල ප්‍රශ්නයක් නෑ වගේ.එයා ඇරපු වීදුරුවෙන් ඔලුව එලියට දාලා දිවත් ඇදගෙන හිටියා.ඒත් මම එයාගෙ වටේ පැනල් එකක් එතුවා.

අම්මලගෙ යාලුවගෙ ගෙදර තිබ්බෙ ටවුන් එකට ටිකක් ලග තැනක වුනත් අම්මලාට හරියටම එතෙන්ට යන පාර අමතක වෙලා තිබුනා.ඉතින් අපි එලවලු කඩයක් ලගින් නවත්තලා පාර ඇහුවා.දොර බාගෙට වගේ ඇරපු අම්මා ,

” මල්ලී..අර ඕර්ෂියල් බංගලාවට යන්න හරවන්න ඕන අර ඉස්සරහ පාරෙන් නේද ? ”

” ආ..ඔව් නෝනා..ඊටපස්සෙ තේ වත්ත එක්කම බංගලාවට යන පාර පේනවා..”

” ආ..ගොඩක් ස්තූතියි මල්ලි..”

අම්මා එහෙම කියලා වෑන් එකේ දොර වැහුවම මම නිකමට වගේ බැලුවෙ එලවලු කඩේ හිටපු කෙනාගෙ මූන දිහා.අපි එද්දි ඒ කෙනා තවත් ගෑනු කෙනෙක් එක්ක අපේ වෑන් එක පෙන්න පෙන්න මොනාදෝ කිව්වා..හරිම අමුතුයි…

කඩේ කෙනා කිව්වා වගේම පාරෙන් හරවලා ටිකක් දුර ගියාට පස්සෙ ලොකූ තේ වතු ටිකක් එක්ක වලව්ව පේන්න ගත්තා.ටිකවෙලාවකට පස්සෙ අපි වලව්වෙ ඉස්සරහ තිබුනු පත සයිස් ගේට්ටුව ලගට ඇවිත් හෝන් කරන්න ගත්තම ටිකක් වයසක මනුස්සයෙක් දුවගෙන ඇවිත් ගේට්ටුව ඇරලා වෑන් එක වත්තට දාන්න දුන්නා.

හැමෝම බෑග් අරන් බැහැලා එද්දි අර ගේට්ටුව ඇරපු මනුස්සයත් ඇවිත් අපිට බෑග් ඇතුලට අරගෙන යන්න උදව්කලා.ගොඩාක් පරන මෝස්තරයකට හදල තිබුනු වලව්වක් වුනු ඒක ලගදි රෙපෙයාර් කරලා කියලනම් තේරුනා.

අර පරණ වලව් ලගට ගියාම එන අමුතුම තේජාන්විත බව වගේ එකක් මේක ඉස්සරහට ආවමත් මට දැනුනා.සෑහෙන තරම් ලොකු ඒ වලව්ව නිකන් අර අපි ඉස්සර බලපු මහ ගෙදර එකේ වගේ පරම්පරා ගානකට විතර ජීවත්වෙන්න තරම් ඉඩ ඇති කියලා මම එලියෙ ඉදන්ම අනුමාන කලා.එක අතකින් ඩෙවිල්ගෙ ලීෂ් එකත් අල්ලගෙන අනිත් අතින් බෑග් එක අරගෙන මම අනිත් අය පිටිපස්සෙන් වලව්වට ඇතුල් වුනා.

බෑග් ටික සාලෙන්ම තියලා අපි හැමෝම සාලෙ තිබුනු ලොකු කවිච්චි පුටුවලට බරවුනේ දැනුනු පට්ට සීතලත් එක්ක.

” නෝනලා එනවා කියලා මට අපේ අනූෂා නෝනලා කිව්වා.අපි ගොඩක් සතුටුවුනා.මොකද කාලෙකට පස්සෙනෙ අපේ මේ වලව්වට නතරවෙන්න කට්ටියක් ආවෙ.නේද කාන්ති ? ”

ඒ අංකල් එහෙම කියද්දි මම බැලුවෙ කාටද කාන්ති කිව්වෙ කියලා.එතකොට අයිස් කැප් එකක් දාගනිපු ඇන්ටි කෙනෙක් දුම් දදා තිබුනු තේ කෝප්ප වගයක් ට්‍රේ එකක තියාගෙන ආවා.

” මේ ඉන්නෙ කාන්ති.මගේ නෝනා මහත්තයා.”

අර අංකල් ගොඩක් යටහත් පහත්ව වගේ ලුක් එකක් දාලා කියද්දි අර තේ ගෙනාපු ඇන්ටි අපිත් එක්ක හිනාවුනා.ඇත්තම කිව්වොත් ටිකක් හවස්වෙලා වුනත් මේ වලව්ව ඇතුලෙ තිබුනෙ රෑ වෙලා වගේ ලොකු කලුවරක්.සාලෙට දාලා තිබුනු අර ඉස්සර පැලැන්තියේ ගෙවල්වල තිබුනු ටස්ල් කෑලි එක්ක දිගට දිගේ එල්ලෙන ලොකු සයිස් ලයිට් එකෙන් එලියක් විහිදුනත් ඒක නිකන් මලානික එලියක්.

ඒක දිහා කට ඇරගෙන වගේ බලාගෙන ඉදපු අයියට මම වැලමිටෙන් එකක් ගැහුවා.

” අයියා…මට නිකන් හරිම මාංජවිකයි වගේ..ඔයාටත් එහෙමද ? ”

” ඔව් බන්..අපි ඉදලා ඉදලා ආවෙ මොකකටද කියල මේ මං කල්පනා කලේ ”

අයියා එහෙම කියලා තේ කෝප්පෙ බොන්න ගත්තා විතරයි තූස් ගාලා එයා කට පිහදාන්න වුනා.හොද වැඩේ..තේ එක නිමෙන්න කලින් බීලා කට පුච්චගෙන කියලා මට තේරුනා.ඒත් ඒක එච්චර හයියෙන් වුනේ නැති නිසා ඒක දැක්කෙ මමයි සෙනූයි විතරයි.සෙනූ අතින් කට වහගෙන හිනාවෙන හැටි මම ඩිම් එලියේ දැක්කා.මම කලුවරේම බැලුවෙ අම්මලගෙ මූනු දිහා.ඒ මූනුවල තිබුනු ෆීලින්ග් එක තේරුම් ගන්න මට පට්ට මහන්සියක් ගන්න වුනා.

එයාලත් හොල්මන්ද පොල්කොල වගේ බලාගෙන හිටියෙ මේ වලව්ව දිහා තමයි.

” ආ…නෝනලාට කියන්න බැරිවුනානෙ..මම රාජා..මේ වලව්ව දැනට බලාගන්නෙ මායි මගෙ උන්දැයි තමයි..”

රාජා අංකල් එක එක විස්තර කියද්දි මං වගේම අපි හැමෝම ඒ කියන ඒවා එකක්වත් අහන් ඉන්නෙ නෑ කියලා මට තේරුනා.මම තේ කෝප්පෙ අරගෙන සාලෙ පුරාම ගහලා තිබුනු ලොකු ෆොටෝ වලට ඇස් යැව්වා.

එතන තිබුනු ලොකුම ෆොටෝ එකේ හිටියෙ මුදලි කෙනෙක්ගෙ කිට් එකක් ගහගත්තු මෑන් කෙනෙක්.ඊටපස්සෙ ඔසරි ඇදගත්තු ඇන්ටිලා වගේකුයි.ඊටපස්සෙ තමයි කලර් ෆොටෝ වගයක් තිබ්බෙ.අම්මගෙ වයසෙ විතර කියලා හිතන්න පුලුවන් ඇන්ටි කෙනෙක් එක්ක තව කෙනෙක් හිටපු ෆොටෝ එකක් මම දැක්කා.ඒ අම්මලගෙ යාලුවා වෙන්න ඇති කියලා මම අනුමාන කලා.ඒත් ඒ හිටපු අනිත් කෙනාගෙ මූනනම් පැහැදිලිව මට බලාගන්න බැරිවුනා.මොකද ඒ රූපෙ තිබුනෙ ටිකක් බොදවෙලා වගේ.මං හිතන්නෙ තිබුනු සීතල නිසා ජල වාෂ්ප බැදිලද කොහෙද..

අතට ගත්තු තේ කෝප්පෙ තොල ලගට ලං කරලා උගුරක් බිව්වා විතරයි මට දැනුනෙ ඇඹුල් රහක්.මම එහෙමම කෝප්පෙ ඇතුල බැලුවෙ මට කැවුනෙ මොන ජරාවක්ද කියල බලන්න..

ඇඹුල් රහට මට කැවිලා තිබුනෙ කූඹියෙක්ව.අර තැඹිලි පාටට වගේ ඉන්නෙ කූඹි ජාතියක්..ඇඹලයොද මොක්කුද කියන්නෙ..අන්න උන්..

මම තුහ් තුහ් ගගා කෝප්පෙ ආයෙත් ට්‍රේ එකෙන් තියද්දි මට ලාවට ටිං වුනා අයියටත් වෙන්න ඇත්තෙ ඕකමද කියලා.මම ගානට අතේ තිබ්බ ටිෂූ එකෙන් කට පිහදාගෙන ෂේප් එකේ ආයෙ වාඩිවුනාම අම්මගෙ කටහඩ ඇහුනා.

” ඇයි රාජා , අනූෂලා මෙහෙන් ගියේ ? ”

” ආ..මේ…බේබිලගෙ වැඩත් එක්ක නෝනලාට යන්න වුනානෙ ”

” අපි දෙන්නා අවුරුදු ගානකට කලින් මෙහෙ ඇවිත් තියෙනවා අනූෂා එක්ක.එතකොට මෙහේ සෑහෙන්න කට්ටිය හිටියනෙ..දැන් ඒ අය කෝ ? ”

” ලොකු මහත්තයයි නෝනයිනම් දැන් ජීවතුන් අතර නෑ නෝනා.අනිත් අයත් පිටරට ගියානෙ ”

” එතකොට අනූෂාගෙ නංගි ? ”

” ආ..මේ…ඒ…ඒ නෝනත් දැන් ඉන්නෙ පිටරටනෙ..”

රාජා අංකල් එහෙම කියද්දිනම් මට අමුත්තක් දැනුනා.මේ අමුතු තැනට ඇවිත් අමුතු දේවල් වෙද්දි හිත ගැස්සෙනවනේ..

” නෝනලා තේ බීලා ඉවරනම් බෑග් ඔහොමම තියෙන්න දීලා උඩ කාමරවලට යන්න.මම බෑග් ටික කාමරවලට ගෙනත් දෙන්නම්..උඩ තට්ටුවෙ අමුත්තන්ට පාවිච්චියට දෙන කාමර දෙකයි තියෙන්නෙ.පහල තුනක් විතර තියෙනවා..”

” එහෙනම් මංගලා මෙහෙම කරමු..ආශියි සෙනූයි උඩ එක කාමරයක ඉන්න.අනිත් එකේ ආශුයි අවිරුයි ඉදීවි..පහල කාමරවල අපි කට්ටිය ඉම්මු..”

” ඒක හොදයි අනූ..”

” පොඩි නෝනලා ටිකයි පොඩි මහත්තුරු දෙන්නයි මගේ පස්සෙන් එන්න මම කාමර පෙන්නන්නම්..”

කාන්ති ඇන්ටි එහෙම කියලා ඉස්සර වුනාම මම ඩෙවිල්වත් වඩාගෙන සෙනූ එක්ක පඩිපෙල නැග්ගා.අයියයි අවිරුයිත් අපේ පස්සෙන් ආවා.රාජා අංකල් අම්මලාට කාමර පෙන්නයි.මම එහෙම හිත හිත පඩිපෙල නගිද්දි ඇහුනු කිරි කිරි සද්දෙන් මේ පඩිපෙලේ වයස මට අනුමාන කරගන්න උත්සාහ කලා.

6 thoughts on “?ඒන්ජල්? | 48 කොටස | නවකතාව”

  1. Ranmali subasinghe

    මොකද හප්පේ වෙන්න යන්නේ… ?? හොල්මන් බන්ගලාවක් වගෙයි මේ ගේ නම්… අම්මෝ ??????

    මොකක්ම හරි රහසක් ඇති මෙතන… කාටවත් කරදරයක් නම් කරන්න එපා චොකෝ…..

    ගුඩ් ලක්!!!

  2. මොනා හරි අභිරහස ක් තියෙනවා වගෙයි අද කොටසෙන් ඉගි කලෙ???????.දැන් ඉතිං ඒ රහස දැන ගන්න උදෙ10 ඉදන් බලාගෙන ඉන්නවා??????.දැන් තවත් ආශාව වැඩි වුණා කතාව කියවන්න.ඇයි ඉතින් කුතුහලය වැඩි වුනාම ඒක දැන් ගන්නකම් නින්ද යන්නේ නෑනේ.
    ……… හෙටත් දිගම දිග කොටසක් අරං ඉක්මනින් එන්න.අද කොටස ලස්සන වගේම කුතුහලය දනවන කතාව කියවන්න ආස හිතෙන කොටසක්.all the best.?‍?‍?‍????????????

  3. මේ බංගලාවෙ අනූශාගෙ නංගි අවිරුගෙ අම්ම වත්ද????? කතාවනම් සුපිරී…….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.