Katha Ahura

රන් තරු | 14 කොටස | නවකතා

5/5 - (1 vote)

14 කොටස

” බලමු තාත්තේ…මම දැන් දරුවෙක් එක්ක ඉන්නේ …

කෙල්ලගේ හිත ඔහොම ඉඳලා වෙනස් වෙලා යයිනේ….”

” වෙන්න හරි නොවෙන්න හරි කෙල්ලට සැර වැර කරන්න එපා ලොකූ….

ඒකි කොයි වෙලාවෙත් හුරතල් වෙවී හොයන්නේ ආදරේ….

මාරෙ මැරෙනකනුත් අච්චර ලොකු වෙලත් නිවාඩු ආවම කෙල්ල ඉන්නේ උගේ ඔඩොක්කුවේ ….

පව් කෙල්ල පුතේ….”

” බලමු තාත්තේ….”

” පරණ දේවල් තවත් හිතේ තියන් හිටියා කියලා වැඩක් නෑ ලොකූ…වුණ දේවල් වෙලා ඉවරයිනේ….”

” මං ඒවා අමතක කරලා ඉවරයි තාත්තේ….”

” ඔයා ඒවා අමතක කරත් මේ පුංචි කෙල්ලට අම්මෙක් ඕන කියන එකත් ඔයා අමතක කරලා ලොකු …

කෙල්ල කවදම හරි දවසක අම්මා හොයද්දි මොකක්ද ඔයා දෙන උත්තරේ මේ කෙල්ලට …..

ඒ නිසා දරුවා ගැනත් හිතලා වැඩ කරන්න ….”

” තව ටික දවසක් බලමු තාත්තේ…අනික රනූ ඉන්නවනේ දිගටම මෙහේ….

කාලයත් එක්ක වෙන දෙයක් වෙයිනේ….”

මම රෝස මලත් වඩාගෙන කිරි බෝතලෙත් අරගෙන ආවෙ මිදුලේ හදලා තිබුණු පැද්දෙන බංකු ඔන්චිල්ලාවට.

මගේ රෝස මල කැමති තවත් දෙයක් තමයි උකුලෙන් වාඩි වෙලා කිරි එක බොන ගමන් මේ ඔන්චිල්ලාවේ වාඩි වෙලා පැද්දෙන්න.

අපේ මල්ලි කෙල්ලට පුරුදු කරපු කෝලම් තමයි මේ.මං නැති වෙලාවට මල්ලිගේ වැඩ පාඩු වෙනවත් ඇති සමහර විට.ඒත් මල්ලිත් මං වගේම මගෙ කෙල්ලට පණ ඇරලා කියලා මං නොදන්නවා නෙමෙයි .

මගේ කෙල්ලටත් තියෙන්නේ හරි අහිංසක ආසාවල්.මල්ලිත් හිටියේ එළියේ මම එනකොට .

” ආ…රෝස කුමාරි ….නැගිටලා වගේ….දැන් ඉතින් සීයලා බාප්පලා ඕන නෑනේ ….

තාත්තා ඩිංග ආපු නිසා වෙන්න ඇති කෙල්ලගේ ගණන් මෙච්චර ….”

කෙල්ලට බොරුවට බැන බැනම මල්ලිත් ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා .කෙල්ල බිබී හිටපු කිරි බෝතලේ මල්ලි උදුරලා වගේ අර ගත්තේ කෙල්ලව පොඩ්ඩක් තරහ ගස්සන්න හිතාගෙන .

පව් මගේ චූටි කෙල්ල .වෙන පොඩි එකෙක් නම් තරහට හරි අඬනවා .එහෙමත් නැත්නම් දුකට අඬනවා .

ඒත් මගේ මැණික මල්ලිත් එක්ක කම්මුල් දෙකත් රතු කරන් හිනා වෙනවා.පුදුම කෙල්ලෙක් ඇත්තටම .

” අයියේ ….බලනවකෝ මේකිගේ කෝලම් ….”

” පව් බං…..බඩගිනි ඇති…දීපන් කොල්ලො බෝතලේ…”

මල්ලි ආයෙත් බෝතලේ කටට ළන් කරාම චූටි මැණික හිනා වෙවීම කිරි උරන්න ගත්තේ .

” අයියේ …..මේ….

හිනා වෙනකොට කම්මුල් දෙකම වල ගැහෙනවා හලෝ….ලස්සනයි නේ….”

” මාත් දැක්කා බං….චූටිම දවස් වල දැක්කේ නැති උනාට දැන් ඒක හොඳට පේනවා ….”

” මේකි ලොකු වෙනකොට නම් උඹට රස්සාව අත අරින්න වෙයි අයියේ ….”

” ඒ මොකෝ බං….”

” කොල්ලොන්ගෙන් බේර ගන්න බැරි වෙයි බං මේකිව….

බලනවකෝ මේ දැනටමත් අපිව පිස්සු වට්ටනවා හිනා වෙලාම…

මේකි බැන්නත් හිනා වෙනවනේ…ඉනාවක් දීලද කොහෙද මේකි අපිට….

බලහන් අඬවන්න හිතෙන්නෙම නෑනේ ….”

” කමක් නෑ බං….මං නැති උනත් මගේ කෙල්ල පරිස්සම් කරන්න බාප්පා කෙනෙක් ඉන්නේ …

මට මොකක් හරි උනත් බය නැතුව හිත හදාගෙන ඉන්නේ කෙල්ලට උඹයි තාත්තයි ඉන්න නිසා මල්ලි …..”

” අයියේ ඒක නෙමෙයි කෝ බං අර කෙල්ල …තාත්තා මාර ස්ටෝරි එකක්නේ කිව්වේ ඒකි ගැන….”

” ඔව් බං…ඒ දේවල් අපි කලින් දැනගෙන හිටියා නම් මීට වඩා ගොඩක් දේවල් අපේ ජීවිත වල වෙනස් වෙලා මල්ලි ….”

” අපි දන්නේ නැති උනාට කෙල්ල ඒ හැම දෙයක්ම දන්නවනේ අයියේ …..”

” ඒ උනාට කෙල්ලට අපිව මතකයක් නෑනේ …

බලපන් මට වත් මතකයක් නෑනේ පොඩි කාලේ ඒකි අපිත් එක්ක සෙල්ලම් කරා කියලා වත්….”

” මූණු වලින් අඳුරන්නේ නැති වුණාට අපේ විස්තර වලින් කෙල්ල දන්නවා බං….

මං මේ ඒකි එළියට එනකම් බලන් ඉන්නේ අයියේ ….මගේ කිඹුලි කවුද කියලා බලන්න ඕනනේ ….

කරුමෙට මගේම ෆැකල්ටියේ ඩයල් එකක්ද දන්නෑ නේ…..”

“ඇත්තමයි බන්…..ඒක අහන්නත් බැරි වුණා …..

නැගිට්ටම බලා ගනින්කෝ උඹේ කිඹුලි කවුද කියලා …..”

තාම මාස හතක් නිසා කැඳ ටිකක් ,සුප් වතුර ටිකක් ,චීස් ස්වල්පයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් අපි චූටි දෝණිට දුන්නේ නෑ .

ඒත් තාත්තා නැකැත් බලලා දෝණි ගේ ඉඳුල් කටගාන චාරිත්‍ර කරලා තිබුණේ මල්ලි අමතක වෙලා හරි කෙල්ලට කවයි කියලා .

මගෙ දෝණිට අම්මා කෙනෙක් නැති නිසා පවුල් සෞඛ්‍ය සේවිකාව සතියෙන් සතියට ගෙදරටම ඇවිත් ඇයව බලලයි යන්නේ .

මගේ රෝස මල කිසිම අඩුවක් නැතුව නිරෝගීව වැඩෙනවා.තියෙන එකම අඩුව ඇයට අම්මා කෙනෙක් නැති කම විතරයි .

මගෙ දෝණිගේ හිනාව දැක්කම ඕන කෙනෙක් ඇය දිහා බලන් ඉන්නේ වශී වෙලා වගේ .ඒ රෝස කම්මුල් සිපගෙන වැඩි කමටද කොහෙද පිරිලා ගිහින් .

” අයියේ යමන් ගෙට….අව්ව වැටීගෙන එන්නේ….

අපේ සුදු බෝලෙ කළු වෙයි නැත්නම් ….”

මායි මල්ලියි දෙන්නා ආයෙත් ගේ ඇතුලට ආවේ එළියේ අව්ව වැටීගෙන එන හින්දා .

මගේ පුංචි කෙල්ලට තාම පුරුදු නෑ අව්වේ ඉන්න .සිනිදු හම පිච්චෙයි කියලා මට බය හිතුණා.

” මල්ලි …කෙල්ලව ගනින් ටිකක් …..මං මේ බටු ඇටේව නාවන්න වතුර එක හදලා එන්නම් …”

මල්ලිගේ අතට මගේ රෝස මලව දීලා මුළුතැන්ගෙය ඇතුලට යන්න ලැබුණේ නෑ මට. මල්ලි කෑ ගහන්න ගත්තා .

” අයියේ ….මේ බලපන්කෝ මේ උඹේ මැණික් කැටේ කරපු කැත වැඩේ…

මෙච්චර වෙලා තාත්තගේ උකුලට වෙලා කොමළ කරා හොර පූසි වගේ….

මං ගත්තා විතරයි මේකි නෑව්වනේ මාව ….”

මගේ චූටි කෙල්ල කරපු වැඩේට මට වගේම තාත්තටත් හිනා.

” සුදු බෝලේ….මොකද කරේ….බාප්පි තරහ වෙයි….”

මගෙ මැණික කම්මුල් දෙකත් වල ගැහෙන තරමට රතු කරගෙන මල්ලිගේ මූණ දිහාම බලාගෙන හිනා වෙන්නේ හරියට මල්ලි කියන ඒවා තේරිලා වගේ.

කොයි තරම් මේ විදියට මගේ කෙල්ල මල්ලිවයි තාත්තවයි තෙමන්න ඇද්ද.ඒත් කවදාවත් මගේ කෙල්ලට වචනෙකින් වත් වෙනසක් කරේ නෑ ඒ දෙන්නම.

දෝණිගේ නැපි,ඇඳුම් මාරු කරන්න ,ඇගේ ඇඳුම් හෝදන්න ,ඇයව හෝදන්න නාවන්න මේ හැම දෙයක්ම අපි තුන් දෙනා හරි සතුටින් කරේ.

ගෑණු පරාණයක් නැති ගෙදර පිරිමි තුන් දෙනෙක්ගේ ආදරේ මැද්දේ මගේ කෙල්ල හරි අපූරුවට ලොකු වෙනවා.

” කෙල්ල උඹටලු බං වැඩියෙන් ආදරේ ….ඒකයි මට නොදී උඹටම තෑගි දෙන්නේ …..”

“ඔව්..ඔව්…පේනවා මේකිගේ ආදරේ තරම…

බනින්න වත් හිතෙනවද ඉතින් මේ විදියට මායම්කාරි වගේ රතු  කරගෙන හිනා වෙනකොට …..

වර යන්න චූ කෙල්ල හෝදන්න ….”

මල්ලි කෙල්ලව පද්ද පද්ද එක්කන් යන්න හැදුවේ හෝදන්න .

” ඔහොම තියා ගනින් බං විනාඩියක් …මං දැන් නාවන්න හදන්නේ ….වතුර එක දාලා එන්නම් බේසමට……”

තාත්තා උයන්නේ ගෑස් ලිපේ උනත් එළියේ වෙනම දර ලිපක් බැඳලා නිතරම වගේ කොහොඹ කොලයි වෙනිවැල් ගැටයි දාපු වතුර හට්ටියක් ලිප උඩ රත් වෙවී තියෙනවා.

ඒ මගේ පැටියව නාවන්න ඇඟ හෝදවන්න ඕන නිසාම. මගේ දෝණි මේ තරම් සුදුවට ඉන්නෙත් ඒ නිසාම වෙන්න ඇති .

පැටියව මල්ලිගේ අතේම ඉන්න ඇරලා මම කාමරේට ගියේ බේසමට වතුර හදලා බාත්රූම් එකේම  තියාගෙන දෝණිව නාවන්න ඕන නිසා .

රනූ නම් තාම සැපට නිදි.රෑ තිස්සේ නිදි මරලා දැන් තමයි මහන්සියටම නිදියන්නේ . නැගිට්ටම ඉතින් ආයෙත් කතා පෙට්ටිය දිග ඇර ගනීවි .

වතුර එකත  හදලම මම චූටි දූ එක්කන් ආවේ . එයාව බේසමෙන් වාඩි කරවලා චූටි ප්ලාස්ටික් බෝලයක් අතට දුන්නේ මම එයාව නාවන අතරේ සෙල්ලම් කරන්න .

සමහර වෙලාවට ඔළුවට වතුර වැටෙනකොට මගේ රෝස මල බය වෙලා මූණ බෙරි කරගන්නේ ඇස් වල වතුර යාවි කියලා .

කොහොමත් පැයක් විතර මගෙ කෙල්ලව වතුරෙ බස්සලා තියා ගන්නවා මං.ලා රස්නෙ තියෙන උණු වතුර නිසා සීතලක් අල්ලන්නේ නෑ මගෙ දෝණිට .

” අයියේ …කෝල් ….”

මල්ලි මගේ ෆෝන් එකත් අරන් කාමරේට ආවේ කෑ ගහගෙනම .එයාට මතක නෑ රනූ නිදි කියලා .මම හිටියෙත් දෝණිව නාවන ගමන් නිසා මට කෑ ගහන්නත් බෑ .

බාත්රූම් එකේ දොර ඇරලා නිසා මට මල්ලිව පේනවා.

” කවුද බං මේ වෙලාවේ …”

” මනී අයියා ….”

” කතා කරලා අහපන් කොල්ලො  ඇයි කියලා …”

මල්ලි දුරකතනට පිළිතුරු දීලා මගේ ළඟට ආවා .

” හවසට මැච් එකට අයියා එනවද අහන්නලු සෙල්ලම් කරන්න …”

” බෑ බං කොල්ලො ….අද එන්න බෑ කියපන් …”

මල්ලි දුරකථනය විසන්ධි කරලා මගේ ළඟින්ම බිම වාඩි වෙලා රෝස මල වතුරෙ ඉද්දිම ඇයට කිති කවන්න ගත්තා .මගෙ කෙල්ල ඇඹරි ඇඹරි හිනා වෙනවා.

” බලපන් අයියේ මේ කිකිළිගේ හිනාව…..හපන්න හිතෙනවා කම්මුලක් රිදෙන්නම ….”

මල්ලිත් එක්කනෙ ඉතින් මගේ මැණික වැඩි පුර ඉන්නේ .බෝඩිමේ නැතුව මල්ලි ෆැකල්ටියේ ඉඳන් ගෙදර එන නිසාම හොඳයි . නැත්නම් තාත්තාට තනියම තමයි ඔක්කොම කරන්න වෙන්නේ…..

මල්ලිම උගන්වන කෝලම් වලට තමයි මගෙ චූටි මැණික පොඩිවට ඉඳගෙන කැකිරි පලන්නේ.

” මල්ලි බලපන් උඹ අඳුරනවද කියලා උඹෙ කිඹුලිව….අර ඉන්නේ නිදාගෙන සැපට …”

” හිටපන් අයියේ බලලා එනකම් අපේ ගෙදරට කඩා වැදුණු එකී කවුද කියලා ….”

මල්ලි ඇඳ ළඟට ගිහින් විනාඩියක් වත් ගියේ නෑ රනූ ගිරිය කඩාගෙන කෑ ගහන්න ගත්තේ .

” වීරෙ අංකල් ….බේර ගන්න ….කවුද මාව මරන්න හදනෝ….අංකල් …

තරූ අයියේ ….බේර ගන්නෝ….තරුවෝ…ඔයා කෝ….”

මගෙ දෝණිත් බය  වුණා රනූගෙ කෑ ගැහිල්ල ඇහිලා .ඒ තරමටම සද්දෙන් තමයි මේ කෙල්ල කෑ ගැහුවේ .

ටික වෙලාවකින් දැණුනා රනූගේ බය නැති වෙලා වගේ .මල්ලිත් එක්ක ලොකු වලියක්.ෂුවර් එකටම මල්ලිගේ ෆැකල්ටියේ ඩයල් එකක් වෙන්න ඕන .

” ඊ..ඊ..ඊර් ර්..ර්.ර්..ඌරු පැටියා…ඇයි යකෝ මාව බය කරේ….”

” නොදකින් …උඹද මගෙ නෑනා වෙන්න දඟලපු පඟර නැට්ටි….”

” කවුද හිතුවේ උඹ වගේ හාල්පාරුවෙක් මගෙ මස්සිනා වෙයි කියලා …අනික මගෙ කිඹුලත් තෝමනේ…”

” උඹ නම් මගෙ පූරුවෙ කරපු කරුමයක්… ඒකනේ ෆැකල්ටියෙන් නවතින් නැතුව ගෙදරටත් කඩන් පහත් වෙලා ඉන්නේ ……”

ෆැකල්ටියේ විදියටම දෙන්නත් එක්ක රණ්ඩු වෙනවා.රනූගෙ ලෙඩ කොහෙද කියලා වත් ඒකිට මතක නැති පාටයි .

31 thoughts on “රන් තරු | 14 කොටස | නවකතා”

  1. Madushika sewwandi

    Onna adanm palaweni comment eka magen a.. ayye adath kathawanm godaaaaaaariyak lassanay thawath me wage lassanata kathawa liyanna ayye.. kathawa kiyewwata athi wenne nane.. chuttay thiyenne kiyalamay danenne.. all the best ayye.. ?????

  2. Nirosha Lakmali

    අම්මෝ දෙන්න රණ්ඩු වෙනවෝ. හරිම ෂෝයී කතාව. හරිම ආදරණීය කතාවක්. ඉක්මනට තරූ රනුට ආදරේ කරයි. රනු මල්ලිවත් අඳුරනවනෙ. රෝස මලව ආදරෙන් රනු බලා ගනී. කතාවේ ඉතුරු ටික කියවන්න ඉවසිල්ලක් නැතුව දැන් ඉන්නේ. හදවතින්ම සුභ පතනවා.

    ඇඩ්මින් අයියේ ඔයාගෙන් මේ අහන්නේ අපිට අද බෝනස් කොටසක් දෙන්න බෑද?

  3. අනේ ලස්සනයි කතාව… ලගදිම තරූ රනූට ආදරේ කරයි වගේ නේ..හෙටත් දිගම දිග කොටසක් දෙන්න හොදේ..බුදු සරනයි..

  4. කතාව ලස්සනයි ගොඩක්…. ඉක්මනටම රනුයි තරුයි set උනොත් හොදයි… හෙටත් මේ වගේම දිග කොටසක් ඕනි…
    බුදු සරණයි !!!

  5. Hashini Navanjana.

    අදත් ගොඩාක් ලස්සනයී අයියේ කතාව.. ????
    ෂෝයි අනේ දැන් නම් හොඳට තියෙයි. එකම ෆැකල්ටියේ යාලුවෝ දෙන්නෙක් එකතු උනාම වලි බේරලා ඉවරයක් වෙනකන් නෑ තරූට… ???
    රෝස මල විතරක් නෙවෙයි දැන් තව බබෙක් බලා ගන්න වෙලානේ තරූට… ඇයි මේ රනූ… ☺️☺️☺️ එයත් චූටි බබෙක් වගේ දග මල්ලක්නේ… ????
    කොල්ලට නිකන්ම ආදරයක් ❤ ඇති වෙයි ඒ නිසා.. ???? හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඉස්සරහට මොනා වෙයිද කියලා… ඉවසිල්ලක් නෑ ඒ ගැන දැනගන්න.. ????
    දුකයි ඉතිම් ඔයාගේ රිප්ලයි එක නැති වෙන නිසා. ????
    කමක් නෑ… ඒ ඉතිං ඔයා බිසී නිසා නේ… ☹️☹️☹️☹️
    ඒ වැඩ හැම දෙයක්ම සාර්ථකව කර ගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අයියේ… ?????
    හෙටත් මේ වගේ ලස්සන දිගම දිග කොටසක් ගේන්න.. ????
    බුදු සරණයි ඔයාලා දෙන්නටම…….. ???
    ???????

    1. Onna aiyya awa hode sorry nangiya tikak wada thibba ekayi me dawas wala godak busy nangiya ko rose bole mathak karanna budusaranyi nangiya hamdekatma thanks nangiya

  6. ආයේ කියන්න දෙයක් නෑ අයියේ හැමදාම වගේ අදත් සුපිරී …….????
    අනේ ඉතිම් දැන් තරූයි රනූයි ආදර කතාව පටන් ගනීවි..??????♥️♥️??
    මේ…දෙන්නගෙ lv එකට බාල්දි එහෙම පෙරලලා අහු වෙන්නෙ නෑ ඔන්න……?????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.