Katha Ahura

පින්බර නවම් පොහෝ දිනයක් වේවා | 2021 | කතා අහුර ඇඩ්මින් සටහන්

කතාව කොහොමද?

සුබ උදෑසනක් වේව‌ා හැමෝටම ඒ වගේම පින්බර නවම් පෝය දිනයක් වේව‌ා. අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. ඒ වගේම කතා අහුර ඇප් එක අදවන විට පරිශිලකලයන් ලක්ෂය ඉක්මවූ බව සතුටින් ප්‍රකාශ කරනවා.
සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.
ප්‍රථම මහා සංඝ සන්නිපාතය Frist ongregation පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය.
බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.
තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීය.
බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.
මෙවන් වැදගත් සිදුවීම් නවම් පෝය දිනයේදී සිදුවීම නිසා, ඒවා අනුස්මරණය කරමින් බොදු සිරිතට අනුව තම ජීවිත සකස්කර ගන්නට කිසියම් උත්සාහයක් දැරීමට, බොදු සැදැහැතියන් නවම් පෝය දිනයේදී අදිටන් කරගන්නවාට සැකයක් නොමැත. සිරිලක වෙහෙර විහාර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන දිනයකි, නවම් පෝය දිනය. දාන-ශීල-භාවනා-ආදී වටිනා කාර්යයන්හි යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ එකම අදිටන මුළු මනින් බෞද්ධ ප්‍රතිපත්තිවලට මෙදින මුල්තැන දීමයි.

ලංකාවෙන් පිට විදෙස් රටවල ඉන්න කතා අහුර පාඨකයන්ට අපහසුතා ඇති වෙලා තිබුණා කතා අහුර එක්ක සම්බන්ධ වෙනකොට. කිහිප දෙනෙක්ම දැනුවත් කරලා තිබුණා. ඔවුන්ට විසදුම් ලබා දුන්නා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් අවොත් කියන්න මට මැසේජ් එක්ක දාලා.

මෙන්න තවත් විස්තර අද දවස ගැන
නවම් පොහෝදිනයේදී ශාසනික සිදුවීම් සිදුවූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්‍රධාන ය. එයට හේතුව ප්‍රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන්ද, සැරියුත්, මුගලන් දෙනම මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගිවූහ. එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේණාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙනම පිළිවෙලින් දකුණත් සවු සහ වමත්සවු තනතුරුවලට පත්කරන ලදී.
සංඝ ශාසනයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු කීප නමක්ම සිටියදී , ජ්‍යේෂ්ඨත්වයක් නැති සැරියුත්-මුගලන් දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාදීම පිළිබඳ භික්ෂූන් අතර විවිධ කතා ඇති විය. බුදු දහමේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාද ලක්ෂණයක් නම්, කිසියම් සැකයක් ඇතිවූ විටත් ඒ ගැන ප්‍රශ්න කරන්නට ඇති අයිතියයි. බුදුන් වහන්සේ කරුනු පැහැදිලි කරමින් දෙසා වදාළේ.
මහණෙනි, පංචවාර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂුහු තුන් බෑ ජටිල යන හැමදෙනාම විවිධ ප්‍රාර්ථනා සහිතව පින් කළහ. අග සවු පදවි පතමින් පින් කළ දෙදෙනා වූයේ සැරියුත් – මුගලන් දෙනමයි. එමනිසා ඒ දෙනම එකී තනතුරුවලට පත් කළ වග බුදුන්වහන්සේ පැහැදිලි කර දුන් සේක.
සැරියුත් හිමියන් බමුණු මහ සල් කුලයෙහි උපන්නේ මෙයට අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරය. එදා ඔහු ‘සර්දා’ නම් විය.
මුගලන් හිමියන්ද උපන්නේ මහසල් කුලයේ ය. හේ නමින් සිරිවඩ්ඩ නම් විය.
මේ දෙදෙනා අඹ යහළුවෝ වූහ. සර්දා, තම පියාගේ ඇවෑමෙන් ලද ධනය දුගී, මගී, යාචකයන්ට බෙදා දෙමින් මෝක්ෂය සොයා යමින් පැවිදි විය.
එදවස අනෝමදස්සි නමින් බුදු කෙනෙක් පහළ වූහ. උන්වහන්සේගේ අග සව්වන් වූයේ නිසග සහ අනෝම ය. අනෝමදස්සි බුදුන් වහන්සේ සාරද තවුසන් හමුවන්නට වැඩම කළහ. උන්වහන්සේ දහම් දෙසුමට සවන් දුන්නද රහස් ඵලයට පත්නොවිණ. එයට හේතුව, සාරද අනාගතයේ බුදුබව ලබන ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළ බැවින්ය.
ගෞතම බුදුරදුන් පහළ වූ කල මුගලන් තෙරුන් උපත ලැබුවේ කෝලිත බමුණු ගමේය. මොග්ගලී නම් බැමිණියගේ පුත්‍රයාවූ බැවින් ඔහු මොග්ගල්ලාන නමින් ප්‍රසිද්ධ විය. රූපසාරී නම් බැමිනියගේ පුත්‍රයා සාරිපුත්ත නම් විය.
පසුව ධරම සේනාධිපති වූ සැරියුත් මාහිමියෝ ප්‍රඥාව අතින් අග තැන සිටි ශ්‍රාවකයාණෝ වූහ. සෘද්ධිවන්ත භික්ෂූන් අතර ප්‍රමුඛයා වූයේ මුගලන් තෙරුන්ය.
නවම් පුනු පොහෝදා සැරියුත් – මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීමෙන් අනතුරුව, මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය, අප තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළසේක. බුද්ධ ශාසනය ප්‍රථම වසර විස්ස තුළදී ඉතා විනයගරුකව පැවැතිණි. එම නිසා එම කාලය තුළදී තමන්ගේ ගෝලයන් වූ භික්ෂූන් වහන්සේට විනය ශික්ෂාපද පැනවීමක් අවශ්‍ය නොවීය. මේ නිසා ආණාප්‍රතිමෝක්ෂය දේශනා කරන්නට අවශ්‍යතාවක් පැන නැඟුණේ නැත. ආණ, ප්‍රතිමෝක්ෂය ‘අණ කිරීමක්, ලෙස හැඳින්විය හැකිය. ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කොට වදාළේ, නවම් පුණු පොහෝ දිනකදීය.
සැරියුත් – මුගලන් යන අග සවු හිමිවරුන් පිරිනිවන් පෑමෙන් පසුව, ගෞතම බුදුන් වහන්සේ රජගහනුවරින් පිටත්ව ගොස් චාපාල චෛත්‍යය අබියසදී ආනන්ද හිමිපාණන් හමුව සතර ඉර්ධිපාද වැඩු අයකුට අවශ්‍ය නම් කල්පයක් වුවද ජීවත්විය හැකි බව ප්‍රකාශ කළහ.
එහෙත් ආනන්ද හිමියන්ට බුදුරදුන් කරන ලද ඉල්ලීම පැහැදිලි නොවිණි. එබැවින් නවම් පුණු පොහෝ දිනක බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ සේක.
තමාගේ ගැලවුම්කරුවා තමන්ම බවත්, විමුක්තිය උදාකරගත හැකිවන්නේ, තමාගේ උට්ඨාන වීර්යයෙන් බවත් එසේම විමුක්තිය, ලබා ගැනීම දෙවියන්ගේ ආධාරයෙන් කළ නොහැකි බවත්, අප අවධාරණය කළ යුතුය. තමා අපේක්ෂා කරන විමුක්තිය, නිවන පසක් කරගත හැකි වන්නේ තමාගේම ස්වශක්තියෙන් ය. සියලු සත්ත්වයන්ට මෙත් පතුරුවා සමස්ත ලෝ වැස්සන්ට දයාව, කරුණාව, මෛත්‍රිය පැතිරවීමෙන් පමණකි.

14 thoughts on “පින්බර නවම් පොහෝ දිනයක් වේවා | 2021 | කතා අහුර ඇඩ්මින් සටහන්”

  1. චන්දිම අයියා, මගෙ පොඩී ඇතුලු දඟ පවුලෙ හැමෝටම
    පින්බර නවම් පොහෝ දිනයක් වේවා ????????????????

    පෝය කියලා වෙනසක් නෑ මං නම් වැඩ.. හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

    1. මගේ අක්කියෝ …

      පින්බර පොහොය දිනයක් වේවා මගේ අක්කිට ..
      දළදා සමිදුන්ගේ පිහිටයි
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද

  2. පින්බර නවම් පොහොය දිනයක් වේවා දඟයෝ ඔක්කොටම ???

    ඇත්තටම සර් අද වගේ උතුම් පොහෝ දිනයක ඇති වැදගත්කම මේ විදියට පැහැදිලි කරලා දුන්නට සර්ට ගොඩක් පින් …???

    1. අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

      එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  3. ලොකු අයියා ඇතුළු හැමෝටම පින්බර පෝය දිදිනයක් වේවා …???
    චන්දිම සර්ට ගොඩක් පින් මේ වගේ කතාවක් අපිට කියලා දුන්නට ???

  4. Sleeping beauty

    චන්දිම සර් ඇතුලු හැමෝටම පින්බර නවම් පොහෝ දිනයක් වේවා..??

  5. Sandu (kandy girl)

    ..? ආයුබෝවන් සුබ උඋදෑසනක් වේවා චන්දිම සර්…පින් සිතුවිලි උපදින නවම් පුර පෝය දිනයක් වේවා..!?..

    ?දඟ පව්ලේ හැමෝටමත් ඇප් එකේ පාඨකයෝ හැමෝටමත් සුබ උදෑසනක් වගේම පින් සිතුවිලි උපදින පුන් පෝය දිනයක් වේවා …?

    ?????????????

  6. පින්බර නවම් පොහෝ දිනයක් වේවා හැමෝටම !!!

    ඇත්තටම ගොඩක් වටිනව අද වගේ දවසක වැදගත්කම මේ විදිහට කියල දුන්නට.චන්දිම සර්ට ගොඩක් පින්?

  7. ලොක් අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ ………ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.