Katha Ahura

පිපුණු මල|විසි දෙවන කොටස|නවකතා |කතා අහුර රචක

3/5 - (1 vote)

ආදරණීය අම්මේ,තාත්තේ,

“මෙහෙම ලියුමක් කවදාවත් ලියන්න මං හීනෙකින්වත් හිතුවේ නෑ..මුලින්ම දහස්වාරයක් මට සමාවෙන්න..ඔයාලගේ හිත් වලට දුක් ගින්දර දුන්නට…හැමදේම ඔයාලා ඉස්සරහ කියල හිත නිදහස් කර ගන්න ඕනේ වුණත් කවදාවත් මට සමාවක් ලැබෙන්නේ නෑ කියල මං දැනගෙන හිටියා..

තාත්තා කියන්න වගේ කොල්ලෙක් එක්ක යාලු වෙන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ…තාත්තගේ අනුකම්පාව නොලැබෙනකොට අම්මා ලගට යන්න හිතුනත් කවදාවත් අම්මා තාත්තාගේ තීරණ වලට පිටින් යනවා මං දැකලා නෑ..ඒ නිසා ඒ පැත්තෙනුත් සමාවක් ලැබෙන්නේ නෑ..

සමිත් අයියා අක්කගේ ජීවිතේ එක්ක සෙල්ලමක් කලේ නැහැ ..ඒක වැරදීමක්..ඒ වීඩියෝ එක ශෙයා කරලා තියෙන්නේ එයාගේ යාලුවෙක්..ඒ වගේම ගෙදරට ලියුම එවලා තියෙන්නෙත් ඒ යාලුවම තමයි..අයියා වැරදි නැහැ තාත්තේ..

ලොකු අක්කේ, පුලුවන් නං සමිත් අයියට හැමදේටම සමාව දෙන්න..මොකද ඒ තමයි මගේ ජීවිතේ..එයා මට ලං වුණේ මං ඔයාගේ නංගි බව නොදැන..

මේ ලියුම කියවලා සමිත් අයියා එක්ක පැටලෙන්න යන්න එපා..මගේ ආත්මයටවත් සැනසීමක් නැති වෙයි..

ගෙදරින් කැමැත්තක් නොලැබෙන බව දැන දැනම අපි ගොඩක් ලංවුණා..ආදරේ කලා..මේ ලියුම ලියන මොහොතේ අපේ ආදරේ සංකේතය අපි ලගට ඇවිල්ලා..හුස්ම වැටෙන චූටි පැටියෙක් මගේ බඩේ ඉන්නවා..

හදිස්සියේ ගෙදර ආවේ මේ හැමදේම කතාකරන්න ඕනේ නිසා..ඒත් ගෙදර අයගේ හැසිරීම මට තේරුම් කලා කවදාවත් මට සමාවක් නොලැබෙන බව..

පොඩි අක්කේ,මොනම හරි හේතුවක් නිසා ඔයා සතුටින් ඉන්නවා..ඔය හිනාව හැමදාම තියෙන්න දෙන්න..පුලුවන් නං අන්තිම පාරට මං ලගට ඇවිල්ලා හිනාවෙලා මං දිහා බලන්න..ඔයාගේ සතුට හොයා ගන්න..කවදාවත් මං වගේ මෝඩ වැඩ කරන්න එපා..අම්මටයි තාත්තටයි දැන් ඉන්න එකම සැනසීම ඔයා විතරයි..

තාත්තේ, අම්මා අඩයි..එයාව සනසවන්න…පොඩි අක්කටවත් එයාගේ ජීවිතේ හොයා ගන්න දෙන්න..මගේ එකම ඉල්ලීම ඒක..හැමදෙයක්ම ගෙදරට කියන්න පුලුවන් වුණා නං  සමහරවිට අදටත් මං ඉන්න තිබුණා..

සමිත් අයියා ලගට හැමදේම දාලා ගියා නං තාත්තලා අපෙන් අපි ගන්නවා..මගේ පැටියාට එහෙම දුකක් දෙන්න බෑ..තවත් දරාගෙන ඉන්න තරම් හයියකුත් නෑ..ලෝකේ එලිය නොදැකපු පැටියවත් අරන් මං යන්නම් අම්මේ..මට සමාවෙන්න..අම්මලා මං වෙනුවෙන් විදපු දුක් අමතක කරලා නෙවෙයි මෙහෙම තීරණයක් ගත්තේ..මං තවත් හිටිය නං අම්මල තව දුක් විදියි..තව මාස කීපයකින් මාව හැමෝටම අමතක වෙලා යයි..ඒ නිසා මං යනවා..අන්තිම පාරට අම්මගේ තාත්තගේ කකුල් අල්ලලා වැදලා තමයි මං යන්නේ..ඔයාලට දුකක් දෙන්න ආයෙත් මං එන්නේ නෑ..

බුදු සරණයි..!

දෙයියනේ..මොනවද මේ වෙන්නේ..දෙවනි පාරටත් ඒ තිරිසන් මිනිහා මගේ ගෙදර සතුට නැති කලා..මෙහෙම දෙයක් වෙනවා කියල දන්නව මං කවදාවත් නංගිව කොළඹ යවන්නේ නෑ..ජීවිතේ එකම පවුලට මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද..අපිටම මෙච්චර ගින්දර දෙන්නේ අපි ලොකු පවක් කරලා ඇති..

කාමරේට ආපු තරිනිත් මගේ අතින් ලියුම අරන් කදුලු පුරවන් කියවනවා..කාට වුණත් මේ දේවල් දරා ගන්න අමාරුයි..

“අමාවී…මෙච්චර දෙයක් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ..”

“ඒ කිව්වේ..”

මං තරිනි දිහා බැලුවේ පුදුම වෙලා..

“ඌ දවස් ගානක් මගේ පස්සෙන් ආවා..උඹව යාලු කර ගන්න උදව් කරන්න කියලා..පස්සේ ඌ ගැන හොයල බැලුවම තමයි කවුද කියලා දැන ගත්තේ..”

“මොනවද තරී මේ කියන්නේ..”

“ඔව් කෙල්ලේ..මං දවසක් ඔය මිනිහට බැන්නා හොදටම..එතකොට ඌ කිව්වා උඹෙන් උදව් ගන්ම බැරි වුණාට මං කොහොම හරි ඕක කරනව කියලා..මං අහස්ට මේ හැමදේම කිව්වා බං..එදා ඉදන් අපි දෙන්නම උඹේ පස්සෙන් හිටියේ උඹව ආරක්ෂා කරන්න ඕනේ නිසා…ඒ..ත්..මං හිතුවේ නෑ බං ඌ චූටි නංගිගෙන් ඒ පලිය ගනී කියලා..සත්තයි එහෙම දෙයක් දන්නව නම් කොහොම හරි කරලා චූටිව බේර ගන්නව..”

තරිනි ඉකි ගගහා අඩන්නේ මං තරමටම ඒකිත් චූටිට ආදරේ  නිසා..ලියුම කියවපු අම්මා වේදනාවෙන් කෑ ගහන්නේ චූටිට වෙච්ච දේ දරා ගන්න බැරුව…මගේ මුලු ගෙදරම මලගෙයක් කරපු තිරිසනාගෙන් කවදම හරි දවසක පලි ගන්නවා කියලා නිසොල්මනේ වැතිරිලා ඉන්න නංගිගේ ඔලුවේ අත තියලා මං දිව්රලා පොරොන්දු වුණා..එක ජීවිතයක් නෙවෙයි මගේ අක්කගේ,නංගිගේ  ඒ වගේම ලොකේට එන්න හිටපු පැටියගේ ජීවිතෙත් එකම මිනිහෙක් නිසා නැතිවුන දුකට වඩා තරහක්  මගේ හිත පුරා පැතිරෙමින් තිබුණා..

දවස් හතරක් ගෙදර තියා ගත්ත නංගිගේ සිරුර මේ දැන් මං අවසාන වතාවට බලනවා..ඇස් වලින් එක කදුලක් වැටුනේ නෑ..අම්මා දරා ගන්න බැරුව කලන්තේ දාලා වැටෙනකොට තාත්තා හැගීමක් නැති මූණෙන් බලන් ඉන්නකොට අක්කත් හසිත් අයියට වාරු වෙලා අඩනවා..මගේ හයියට වගේ තරිනි වගේම කවිදු අයියත් මගේ ලගම ඉන්නවා..

අන්තිම පස් පිඩක් වලට වැටෙනවා බලන් ඉදපු මං කලුවර  වැටෙනකම්ම සොහොන ලගට වෙලා හිටියා..නිතරම මැවිලා පේන ඒ අහිංසක මූණ කොච්චර නම් වේදනාවක් දරාගෙන ඉන්න ඇත්ද..

“අමාවී..දැන් ඇති බං..අපි යමු..”

“කොහොමද බං මගේ කෙල්ලව දාලා මං යන්නේ..”

“මෙතන ඉන්න බෑනේ…අම්මා ලගට වෙලා පොඩ්ඩක් ඉන්න කෙල්ලේ..අම්මා උඹව හොයනව..”

අම්මා කෙනෙක් විදියට මං ගැනත් හිතේ බරක් ඇති..දැන් මේ වුණ දේ නිසා බයකුත් ඇති..එහෙම හිත හිතා නැගිට්ටේ ගෙදරට යන්නේ..ගෙදර ඉදලා ටිකක් එහාට වෙන්න තිබුණ අපේම ඉඩමක තමයි නංගිගේ අවසාන කටයුතු කලේ..

ගෙදර එන්න ආපු මගේ ඇස් නතර වුණේ පාරට ටිකක් එහායින් ඉදපු අහස් ලග..තරිනි එක්කම අහස් ලගට ගියපු මං ඒ පපුවට ගුලි වුණේ මෙච්චර වෙලා හංගගෙන හිටිය කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා..

“ඇ..ඇයි..අහස්..ඔයාගේ අයියා එහෙම කලේ..මගේ නංගී අහස් ඒ..මොකද්ද අපි කරපු වැරැද්ද..”

“අඩන්න එපා මැණික…නංගිට සාධාරණයක් වෙයි..මං මලගෙදර එන්න ආවත් ඔයාගේ තාත්තලා එන්න දුන්නේ නෑ..කීයට හරි ඔයා එනකං මං මෙතනට වෙලා හිටියේ..”

“මට මේ දේවල් දරා ගන්න බෑ අයියා..මට එයාව හැමතැනම පේනව..”

“ඉවසමු මැණික..අපිටත් වෙලාවක් එයි නංගි වෙනුවෙන් දෙයක් කරන්න..”

“මං යන්නං අයියේ..අම්මා බලන් ඉන්නවලු මං එනකං..”

“පරිස්සමෙන් සුද්දි…ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ මං..ඒ  එකෙක්ටවත් බෑ ඔයාට ලං වෙන්න මං ඉන්නකම්..අම්මා ලග මේ වෙලාවේ ඔයා ඉන්න ඕනේ..තාත්තා ගැනත් බලන්න..දවල් ගොඩක් ඇඩුවා..උඹ ආවේ මගේ ඉතුරු වෙලා තියෙන පණ ටිකත් අරන් යන්නද කියලා..”

“දෙයියනේ…”

“ඔව් මැණික..ඒ තාත්තගේ පණ මං ආරක්ෂා කරනවා..ඔයාට හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ මං..මං මෙතන බලාගෙන ඉන්නම්..ඔයාලා යන්නංකෝ..”

නළලට ලැබුනු උණුසුම් හාදුවත් එක්කම තරිනි මමයි ගෙදර ආවා..අම්මා මගේ ලගින් හෙල්ලෙන්නේ නෑ..තාත්තා වුණත් නිතරම බල බල එහාට මෙහාට යනවා..

“පුතේ..යං බත් ටිකක් කවන්න..”

“කන්න බෑ අම්මා..අම්මා කන්නකෝ..”

“නෑ..නෑ…මේ ටිකේ ඔයාට කෑමකුත් නෑ..එන්නකෝ..” බලෙන්ම වගේ අම්මා කවපු බත් කටවල් තුන හතරක් කෑවේ අම්මගේ හිත රිද්දන්න බැරිකමට..

145 thoughts on “පිපුණු මල|විසි දෙවන කොටස|නවකතා |කතා අහුර රචක”

    1. සුභ පැතුම් චූටි මැණිකේ ????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Congregation මගේ මැණිකේ ?
      ????????????????????????????????????????????????????????????????????????????????????
      ගොඩක් කන්න එපා ඈ… දත් පනුවෝ කයි මැණිකෙ??❤

      1. Chuuti manike

        බෑ බෑ ඔකෝම කනො…හුම්ම්…මන් දත් මදිනො ???❤️❤️❤️?ටැන්කු ඈ ❤️❤️

    3. සුබ පැතුම් චූටි නංග❤
      ??????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????????????????????????????????

  1. Chuuti manike

    කෝ අනෙ මෙ කස්ටිය ???
    අහ් වැඩ වෙන්නැති බරටම..නොනගතෙනෙ..ඊලගට…මාත් එහෙනම්.යනාම් ????

      1. Chuuti manike

        යන්නොඩ….ඉන්නොද ..???????????
        .

        .

        .

        .

        .

        .

        .

        යන්න්ම්නෙ…?
        .

        .

        .

        .

        .

        .

        .

        ….

        ඉන්නම්කො ??

  2. . අනේ මගේ චුට්ටි කෙල්ල… අයියෝ බන් උබට දෙන්න තෑගි නෑ.. සත්තලනේ හැමදාම දිනලා දිනලා මමත් තෑගි දීලා දීලා දෙන්න තෑගි නෑ බන් ??????ok ok සුබපැතුම් හොදේ ??????????????????????????
    ඔයා ඉතින් මගේ බතලිනේ මෙන්න ඔයටමයි තව චුට්ටක් බොල වෙලා එන්නකෝ තුදු..
    ගන්න අනේ සැජ්ජ් වෙන්න එපා කෝ ඉතින් ගන්න අනේ ???

    1. Chuuti manike

      ආනෙ තුදූ..මන් මොකටද සැජ්ජ වෙන්නෙ..ටැන්ක්ස් අනෙ…ගන්ම්ම් ඔක්කොම.?????❤️❤️❤️

  3. චුටි මැණිකේ කෝ අනේ ඇප් එකේ අනිත් අය..? දැන් කට්ටිය වැඩිය එන්නේ නෑ නේද

    1. Chuuti manike

      ඒකනෙ අක්කියෝ …ඒකනෙමෙ අක්කි දැක්කාද දගයා ගෙ සප්‍රයිස් එක ….මායි එයැයි තමා ඉතින් ඉන්නෙ..??????❤️❤️

      1. අපේ නිශූ අක්කි අවි අක්කි රූ අක්කි නිතූ කවුරුත් නද්ද එන්නේ

      1. Chuuti manike

        එන්න අක්කියෝ මෙහෙමයි මන් වචනයක් කියනවා ඒක ඉවරවෙන අකුරෙන් අක්කි වචනයක් කියන්න ඕනි..?????

          1. Chuuti manike

            ඔව්ව් අක්කියෝ දවල් ෆොන් එක ගන්න හදනකොටම වැඩක්..ඊට පස්සෙ ආයෙ ගන්න හදනකොටම වැඩක්…ඊට පස්සෙ ඔක්කොමකරලා දීලා ආවා.??

          2. අයියෝ.. මං නම් සිංදු දාලා තිබ්බෙ .. අද තමයි කස්ටියම ගෙදර . ඉතින් වැඩ තිබුනා .. ෆෝන් එක අල්ලන්න බැරි වුනා

          3. Chuuti manike

            ඔව් අලෙ ..මන් සින්දුවක් දාන්න ගිහින්..සින්දු අහන එක ඩොන් ගාලා දුමක් එක්ක ආවා.පස්සෙ ශෙප් වෙලා ආවා ??

          1. මාත් හොදින් චූටියෝ … කකුල් දෙක සුට්ටක් සිදෙනවා

          2. Chuuti manike

            කකුල කීවාමයි මතක් උනෙ මගෙ කකුල පිච්චුනානෙ

  4. මං දැන් කෑකෑවේ අනේ … ඔඔයාලා කෑවද .. අත හෝදගෙන එන්නම් හොදද

  5. . හි චූටි මැණික ඔයා දන්නවනේ මන් පොරොන්දු කඩන්නේත් නෑ ඒ වගේම ඔට්ටු කඩලත් නෑ මන් හිතන්නේ..ඔට්ටුනම් හරියටම දන්නේ නැ එත් පොරොන්දු කඩන්නේ නෑ…
    ඉතින් මන් ඔයත් එක්ක ඇල්ලුව ඔට්ටුවත් කොහොම හරි කරා…
    ඔව් මන් අද ගම වටේ දිව්වා.. එකක් ආතල් එකට අනික ඇල්ලුවා ඔට්ටුවට ඊටපස්සේ මන් යන්න හදද්දී අම්මා බැග් එකයි සල්ලියි දුන්න කියහන්කෝ පෙති පාන් ගෙඩියක්‌ ගේන්න කියලා ??. මුලින්ම බැ කිව්වා කොහොම හරි ඊටපස්සේ ආයේ එකත් අරන් ආව ඉතින් මගේ ගමන තව මීටර පනහක් විතර ඩික් වුන නැවතුම් ප්‍රමාණයත් වැඩි වුණා..??
    ඊටපස්සේ කඩේදී මන් දන්න කෙල්ලෙකුයි එයාගේ අම්මයි සෙට් වුණා මන් හති දානවා.. මොකෝ හති කියලා ඇහුව මන් කිව්වා නෑ මේ එනගමන් දුවගෙන කියලා ආවේ…ඊටපස්සේ එයාලත් එක්ක විනාඩි 5ක්‌ විතර කතා කරා,❤️ ඊටපස්සේ කඩෙන් ඇහුව පාන් තියෙනොද කියලා නෑලු ආයේ දිහුව කොහොම හරි කඩවල් 5 කට වගේ ගියා ??ඒ එකකවත් පාන් නෑ.. ඊටපස්සේ ගෙදරට ආව… වැඩේ කියන්නේ මන් පැය කලකින් විනාඩි විස්සකින් වගේ time එකක් ඇතුලත ගෙදර ඇවිල්ල.. මරු ඉතින් ??? ඊටපස්සේ එහෙමම ටිකක් හති ඇරිය මොකද ටිකක් බඩ කොර වෙලත් එක්ක තිබ්බේ ඊටපස්සේ ඉතින් අද අෆි උදේ මිදුලේ ඉස්සර කොටස සුද්ද කරානේ ඉතින් මුළු මිදුලම් අමුතු එළියක් අවිත් ඊටපස්සේ ෆෝන් එක අරන් එහෙට මෙහෙට පෙරලි පෙරලි ෆොටෝ ගගහ හිටිය මොකද ඒ වෙලාවේ අම්මා වොෂ් රූම් එකේ හිටියේ…
    කොහොම හරි ෆොටෝ ගහල පහන තියන්න මල් කඩලා අම්මා ආවම මන් ගියා නාගෙන එන්න ඊටත් පස්සේ ඉතින් ඇවිල්ල හෙට දිනය වෙනුවෙන් අමොක්සිලින් එකයි පැනඩෝල් දෙකයි බිව්වා
    ඊටපස්සේ අවුරුද්දට ගත්තු ටිෂර්ට් එක ඇන්ද එක අවුලක් නෑ.. අෆේ අයියා අවුරුද්දට සරමය් ටීෂර්ට් එකයි ?මන් ටීෂර්ට් එකක් විතරයි මොකද මට එදා අඩුම ගද්දි එතන තිබ්බ සරම් ඇල්ලුවේ නෑ. ඒ රෙද්දවල් අවුරුදු අදින්න විතරක් හොදයි ??? ඔව්වා නිකම් ගෙදරට් ඇදන් ඉද්දි අහල පහළ එවුන් හීන වෙයි.?
    .
    තව ලොකු ආතල් සින් එකක් වුණා එක කිව්වොත් උබලා මාව ආතල් එකකට ගනී ?????
    එක නිසා එක ඕනි නෑ ok තව විනාඩි ගානකින් අපි හැමෝම අපතයෝ වෙන්න නියමිතයි. මොකද නොනගතේ නේ ????

    1. . සිරාවටම ඔයා දන්නවනේ මන් බොරුවට දිවුරන්නේ නෑ කියලා ❤️
      සත්තය්, මන් දිව්වා..
      කොහේද ඉතින් දුවද්දී ෆෝන් එක අරන් යන්න බෑනේ නැත්තම් video එකක් හරි කරනවා ❤️?

      1. Chuuti manike

        ඔව් ඉතින් …❤️??හා.
        හා..මම් නම් ඉතින් ඒක අමතක කල..දිව්වාන්ම් ඉතින් හොදයි…??

  6. මන් දිව්වා බොල එච්චරයි මට කියන්න තියෙන්නේ විශ්වාස කරන නොකරන එක ඔයාගේ වැඩක්…
    ?????

    1. M.M.Shameeka Bhanu

      නොනගතේට වැඩ කරන්න බෑලුනෙ. ඒම කෝමද ඒයි ඉන්නේ. මට කෙසේ වෙතත් මල්ලිට නම් විනාඩියක්වත් ඒම ඉන්න බෑනි. වැඩක් කලන්නේ නැතුව කෝමද ඉන්නේ අප්පා ?? හිතන එකත් වැඩක්නේ එතකොට හිතන්නත් බෑ ද? ? මම මේම අම්මිගෙන් අහලා අසල තිබුන පනාවෙන් ගුටි කනෝ. ? අම්මි කීනෝ ඉදල ඉදලා මමත් මේ එලදෙනක් හදාගත්තනේ කීලා. ?? මම වගේ අහිංසක ලමයෙක් ලබන්න පිං කලන්න ඕනි. ? අපේ අම්මිට තේලෙන්නේ නෑනි මගෙ අහේ.? පව් අසරණ මං. කෝම හලි මට උත්තරේ හම්බුනේ නම් නෑ. කීන්නකෝ ඒයි මට. මට ලෝක ප්‍රශ්නයක් ඒක.???

      1. Chuuti manike

        ඔව්ව් බොල වැඩ කරන්න බෑ…කන්නත් බැයිද මන්දා මන් නම්.ඕවා හොයන්නෙ නෑනෙ….ඕන.එකක් කියලා පාඩුවෙ ඉන්න්වා.

  7. M.M.Shameeka Bhanu

    මේ මම හෙට නුවර යනෝ. ඒ නිසා දොයියන්නලු. පාන්දර යනෝ කියලා. ?

    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න
    ආදරෙයි ගොඩාක් ඔයාලා හැමෝටම ❤️
    ගුඩ් නයිට් ස්වීට් ඩ්‍රීම්ස්

    ❤️❤️❤️❤️❤️?????????

    1. Chuuti manike

      ගුඩ් නයිට් ❤️❤️❤️❤️❤️නන්ගො..
      ආදරෙ යි ගොඩාක් ❤️❤️
      පරිස්සමින් ගිහින් එන්නකො ❤️❤️????

    2. ගුඩ් නයිට් බානු බබී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      හෙට පරිස්සමෙන් ගිහින් එන්න හොදද …

  8. . good night maye බනු චූටි පරිස්සමින් ආ ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා..
    උම්ම්මා.. ?
    .
    ….
    මෙන්ම යකඩෝ අෆේ චුටිය කියනවා එන්න කිව්වේ නැත්ටම් 15 ත් එන්නේ නෑලු අනේ ෆල බන් යන්න.. මට නිකම් ලාවට වගේ මතකයි කවුරු හරි කියනව් අම්බෝ එක දවසක් ආවේ නැතිලු හරියට බත් කෑවෙත් නෑ.. වගේලු…????..
    කවුරු හරි එහෙම එකක් කිව්වා මට මීටර් නැනේ කවුද කිව්වේ කියලා ?????..
    .
    එතකොට මාත් එක්ක තලහයිද තුදු ආ චූටි hummmmm????
    කමක් නෑ…?

    1. Chuuti manike

      ඔව්ව් ඇත්ත මයි ….අනෙ කවුද අනෙ එහෙම කීවෙ….කෑවෙ නෑ වගෙ කීලා . මතක නෑ නෙ ..???
      ඔව්ව් ඔව්ව් තලහයි නෙ….?

    2. Chuuti manike

      නෑ ඉතින් ඔයා එදා කීවානෙ ගියාට කම්ක්නෑ කීලා ඒ හින්දා ම….එන්නෙනැතුව ඉන්නහිටියෙ ?

  9. . ok චූටි එහෙනම් ඔයා දැන් යන්න.. හු.. හු… බෑනේ ?? දැන් ගිහිල්ල… ආයේ 15 ව එන්නෝ ?????????..
    පුළුවන් ද… ආ..
    ???

      1. . නෑ.. නෑ… මෙදා පාරනම් කියන්නේ සිරවටමයි…
        යනවද… ආ ??පුළුවන් ද කරන්න ??

  10. Chuuti manike

    අනෙ කම්මැලි අෆ්ෆා…කොහෙද යන නොනගතෙකුත් ඇවිල්ලා..ඒ.මදිවට ??????

  11. . මෙන්න මැසේජ් කරන්න යද්දී යටින් තිබ්බ පොස්ට් කරන් තැන ඉන්ග්ලිෂ් වක්කය දෙකක්. මගේ ඉන්ග්ලිෂ් නොනේජ් එක කොච්චරයිද කියනවනම් එහෙන්මම ගියා අයියා ගාවට මේ මොකක්ද කියලා අහන්න ???
    මන් යට එකෙට ටික්‌ එක දැම්ම ඔයාලා මොකටද දැම්මේ.. එකේ අහන්නේ මේකට එන මැසේජ් මගේ මේල් එකට එවන්නද නැත්ටම් උඩින් පෙන්නන්නද කියලා..
    එහෙම මොකක්ද එකක් තමයි අෆේ අයියා කිව්වේ හරියට මීටර් නෑ කොහොම හරි මන් මේල් එකක් එන විදිහට නෙමෙයි උඩින් පෙන්නන විදිහේ එකට ටික එක දැම්ම ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.