Katha Ahura

පිපුණ මල|විසිහතරවන කොටස|නවකතා|කතා අහුර රචක

4/5 - (1 vote)

අහස්ගේ කැමැත්ත මත සතියක් ඔහුගේ නිවසේ ගත කරන්නට මා නම් ගියේ සතුටින්..තවමත් විසිවන වියේ පසුවන මට විවාහ වීමට තරම් වයසක් නොවුවද මෙය මාගේ බලකිරීම මත සිදු වූ විවාහයකි..

අම්මාගේ ආරක්ෂාව නිසා සමිත්ට ගෙදර ඉන්න අවස්ථාවක් ලැබිලා තිබුණා..ඔහුගේ නිවසේ සිටියේ රැකියාවක් කිරීමට තිබූ අකමැත්ත නිසාමයි..අහස් නම් පෞද්ගලික අංශයේ රැකියාවකට ගියා..බොහෝ වෙලාවට දහවල් කාලයේ අහස්ගේ මවත් මමත් සමිතුත් පමණක් නිවසේ රැදී සිටියා..

සතියකට වඩා කාලයක් ගත වුණද අහස්ගේ කැමැත්ත වුණේ ඔහුගේ නිවසේ රැදී ඉන්නඑක..ඒකට අකමැති වෙන්න තරම් හේතුවක් මට තිබුණේ නැති වුණත් තාත්ත නම් ඒ ගැන කලකිරීමකින් හිටියා..
———————————————————————————-

“නංගි මේ මල්ලිගේ රෙදි එක්ක මගේ රෙදි ටිකත් හෝදලා දානවකෝ..මට හෝදන්න අමතක වුණා..”

“හ්ම්ම්..මං හෝදන්නම්..”

මගේම ගෙදර අයගේ ජීවිත විනාශ කරපු මිනිහගේ රෙදිත් මං අද හෝදනවා..වෙලාවකට ජීවිතෙත් හරි පුදුමාකාරයි..

“නංගිට හොදට උයන්න පුලුවන් නේද අම්මේ..අද කෑම ටික පට්ටම රහයි..”

“කොච්චර දෙයක්ද උයන්න පුලුවන් එක..අද කාලේ ගෑනු දරුවෝ ඕවට වැඩි කැමැත්තක් නැහැනේ..”

අහස්ගේ අම්මගෙන් මට කිසිම වෙන්සකමක් කිසිම දිනක සිදුවී නැහැ..ඇය සැම විටම ප්‍රාර්ථනා කලේ තම දරුවන්ගේ සතුට පමණයි..

දින ගණනක සිටම සමිත් අමුතු ලෙන්ගතුකමකින් මා සමග කතා බහ කරන්නට උත්සහ කරන බව දැණුනත් මම නිශ්ශබදව හිටියේ මට වුවමනා වූයේද ඔහුගේ මේ ලෙන්ගතුකම ඉස්මතු කිරීමටයි..ද්

එහෙත් අහස් නම් නිතරම ඒ පිළිබදව කැමැත්තක් දැක්වූයේ නැහැ..අහස්ට ඕනේ වුණේ මාව ආරක්ෂා කරන්න..ඒත්..මං..මට මොකද්ද ඕනේ වුණේ..නිතරම මං මගේ හිතින්ම ප්‍රශ්න කලා..

හවස අහස් වැඩ ඇරිලා එන වෙලාව නිසා මං මිදුලෙන් පුටුවක් තියන් වාඩි වෙලා පාර දිහා බලන් ලොකු කල්පනාවකට වැටුණා..

“මොකද හලෝ ඔය..ලෝකේ පෙරලන්න වගේ කල්පනා කරන්නේ..”

“එහෙම දෙයක් නෑ අයියේ..තේ එකක් හදන්නද..”

“එපා..එපා..ඇත්තටම නංගී තමුසෙට මාත් එක්ක තරහක් නැද්ද.

“මං ඒ ඔක්කොම අමතක කරලා ඉන්නේ අයියේ..ඕව හිතේ තියන් හිටියා කියලා මොකටද..”

මං එහෙම කිව්වේ බිම බලාගෙන ඇස් අගට ආපු කදුලු හංගගන්න ගමන්..

“මං අමායා එක්ක යාලු වෙලා හිටියට කවදාවත් අමානි එක්ක එහෙම සම්බන්ධයක් පටන් ගන්න හිතුවේ නෑ..ඒත් මං දන්නේ නෑ නංගී ඇයි එයා ලියුමක මාව අල්ලලා එහෙම ලිව්වේ කියලා..කවදාවත් අපි අතරේ මුකුත් තිබ්බේ නෑ..”

සමිත් කියන හැමදේම අහගෙන ඉන්නව ඇරෙන්න දෙන්න උත්තරයක් මං ලග තිබ්බේ නෑ..ඒත් එක්කම වගේ අහස් ගෙදරට ආවේ තරහෙන් මූණ පුරවගෙන..

මගේ දිහාවත් නොබලා කාමරේට ගිය අහස්ගේ පස්සෙන් මං දිව්වේ කවදාවත් අහස් මෙච්චර තරහෙන් ඉන්නව මං දැකලා නැති නිසා..

“ඇයි අයියා මේ..තරහ ගිහිල්ලා වගේ..”

“තරහ ගිහිල්ලා වගේ නෙවෙයි අමාවි…මට තරහ ගිහින් ඉන්නේ..”

ජීව්තේ පලවෙනි වතාවටද කොහෙද අහස් මට නම කියලා කතා කලේ..

“මං කොච්චර නං කියනවද අරූ එක්ක කතාවට යන්න එපා කියලා..ඌ මගේ අයිය වෙන්න ඇති..ඒත් ඌ තිරිසනෙක්..තමුසෙත් නොදන්නවා නෙවෙයිනේ ඒ ගැන..”

“හරි හරි..මං ආයේ කතා නොකර ඉන්නම්කෝ..”

කොච්චර තරහ ගියත් ඒක පොඩ්ඩ වෙලාවයි..අහස්ට බෑ මාත් එක්ක කතා නොකර ඉන්න..වැඩ ඉවර වෙලා ආපු වෙලාවේ ඉදලා එයාගේ රාජකාරිය මං යන යන තැන පස්සෙන් එන එක..

——————————————————————————-

මාස තුනක් නිකම්ම ගෙවිලා ගියේ කිසිම වෙනසක් නොවී..

“මැණික..අද ඇයි මේ තාම නිදි..”

“ඇගට අමාරුයි අයියා..අනික අද ඔයා නිවාඩුනේ..”

“ඇගත් රස්නෙයි වගේනේ සුද්දි..බෙහෙත් ටිකක් ගමුද..”

“එපා අනේ..ඕනේ නෑ…ටිකකින් ඇරිලා යයි..”

දවස් ගානක් තිස්සේ ඇගට දැනෙන අපහසුව මොකක්ද කියලා හිතා ගන්න බෑ…උණ ගන්න වගේ මුලු ඇගම රිදෙනවා..අහස්ගේ බල කිරීමටම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියේ අසනීපේ මොකද්ද බලන්න..

“මිස්ට අහස්…බය වෙන්න තරම් දෙයක් නැහැ..සතුටුදායක ආරංචියක්..ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ..”

ඔව්…ජීවිතේ ගැහැණියකට ලබන්න පුලුවන් උතුම්ම පදවිය…වෙලාසන වැඩි වුණත් මට දැන් අම්මා කෙනෙක් වෙන්න වෙලාව ඇවිල්ලා..

“මට බයයි සුදුනෝනා..ඔයා තාම පොඩියි..දැන්ම බබෙක් හදනවා කියන්නේ ලේසී නෑ..”

“මොකටද අයියා බය වෙන්නේ..ලැබුණු දේ අපි බාර ගමු..”

අහස්ට බය තිබුණේ මං තාමත් නිසි වයසට ඇවිල්ලා නැති නිසා..ඒත් මට නං ඒකේ ගානක් තිබුනේ නෑ..ආරංචිය අහලා අහස්ගේ අම්මා වගේම අපේ අම්මයි තාත්තයිත් ගොඩක් සතුටු වුණා..

———————————————————————————

“පිස්සුද අමාවී…තමුසෙට තාම වැඩි වයසකුත් නෑනේ..අපේ මල්ලිටත් පිස්සුද මන්දා…ඔයාලට තව ටිකක් ලයිෆ් එක එන්ජෝයි කරන්න තිබ්බා..”

ඔව්..සමිත් මං ප්‍රෙග්නන්ට් වුණ එකට ලොකු කැමැත්තක් තිබ්බේ නෑ..එත් එයාගේ කැමැත්ත අකමැත්ත අපිට කොහෙත්ම වැඩක් වුණේ නැහැ…

සතියකට විතර පස්සේ අහස්ගේ අම්මා වන්දනා ගමනක් යන්න කතා කරගෙන තිබ්බේ ගමේම පිරිසක් එක්ක..මාව මේ තත්වෙන් දාලා යන්න අකමැති වුණත් මට ප්‍රශ්නයක් නෑ කියපු නිසා අම්මා යන්න ලෑස්ති වුණා..

“මැණික…අම්මා ගිහින් එනකං අපි ඔයාලගේ ගෙදර යමු..මෙහේ තනියම ඉන්න බෑනේ..”

“එහෙම ඕනේ නෑ අයියා…අනික ඔයාට අපේ ගෙදර ඉදන් වැඩට යන්නත් දුරයිනේ..මට මෙහේ ඉන්න පුලුවන්..”

“ඒත් සුද්දි…අයියා ගෙදරනේ…මට බය ඒකයී…”

“මං පරිස්සම් වෙන්න දන්නව අයියෝ…බය නැතුව ඉන්නකෝ..”

“ශුවර්ද…”

“ඔව්..ඔව්..අනේ…මං ඉන්නම්..”

අම්මා වන්දනාවේ ගියාට පස්සේ දවස් දෙකක් විතර නිවාඩු දාලා අහස් ගෙදර හිටියත් ඊට වඩා නිවාඩු ගන්න එයාට පුලුවන්කමක් තිබුනේ නැහැ…අකමැත්තෙන් වුණත් අහස් වැඩට ගියේ නොයා බැරිකමට..

මේ දවස් වලට ඇගට දැනෙන අපහසුතා නිසාම දවල් වෙලා ඇදෙන් පොඩ්ඩක් හාන්සි වුණේ පොතකුත් කියවන්න ගන්න ගමන්..කියවන්න තියෙන ආසාවට වඩා නිදිමත වැඩි වුන නිසා එහෙම්ම නින්ද ගියා…නින්ද ගිහින් තිබුණ නිසා සමිත් අපේ කාමරේට එනවා සද්දයක්වත් මට ඇහුනේ නෑ…

10 thoughts on “පිපුණ මල|විසිහතරවන කොටස|නවකතා|කතා අහුර රචක”

  1. පැතුම් ට සුබයි ලුනෙ එහෙනම් ඔයාටත් සුබ වෙන්න ඔනිනෙ සුබපැතුම් අක්කි ෆන උම්ම්ම්මා

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.