Katha Ahura

මරණයේ දොරටුව|පළමු දොරටුව|හොල්මන් කතා

4/5 - (92 votes)

මරණයේ දොරටුව

පළමු දොරටුව

ෂිට්……. මොන මගුලක්ද මන්දා … ආයෙත් මට විකාර හීන පේන්න පටන් අරං … කියලා මම ඇදේ ඉදන්ම වෙලාව බැලුවේ කීයද කියලා .

පාන්දර තුනයි..

ආයේ නිදාගන්න බෑ.. ටිකක් පාඩම් කරනවා කියලා හිතාගෙන මං ඇදෙන් නැගිට්ටා .

මං පුටුව ඇදලා අරං මේසේ ළඟ වාඩිවෙලා පොත් මේසේ දිහා බැලුවේ මොකක්ද පාඩම් කරන සබ්ජෙක්ට් එක කියලා හිත හිත.

එතකොට තමා මගේ ඩයිරි එක මේසේ උඩ තියෙනවා මං දැක්කේ . නිකමට වගේ ඒකේ පිටු පෙරළලා බැලුවේ මං හීනෙන් දකින ඒවාත් මගේ ඩයිරි එකේ ලියන නිසා.

අදට දවස් තුනකට කලින් තමයි මං මේ වගේ හීන දකින්න පටන් අරං තියෙන්නේ . හැමදාම පාන්දර 1.00-4.00ත් අතර වෙලාවක තමා හැම හීනයක්ම දැකලා තියෙන්නේ .

හීන නම් හැම කෙනෙක්ම දකිනවනේ. ඒත් මට පේන්නේ ටිකක් අමුතු හීන. මේ කාලේ නම් මට පේන්න ඕන කෙල්ලෙක්ගේ අතින් අල්ලං කොහේ හරි ඇවිදගෙන යනවා වගේ හීනයක්නේ. ඒත් මං මේ දවස් ටිකේම දැක්කේ ඇක්සිඩන්ට් එකක්. ඒ කවුද කියන්න මූණු පැහැදිලි මදි.

මං කොල්ලෙක් වුණත් හැමදාම හවසට බුදුන් වදිනවා නංගි එක්ක . ඒ අපේ අම්මා පොඩි කාලේ ඉදන්ම අපට පුරුදු කරපු දෙයක් . මං මෙච්චර කල් නින්දෙන් හීන දැක්කට මේ දවස් තුන මාරම විදියට මාව බය කරනවා. අප්සෙට් කරනවා. ඇයිද මන්දා.

පාඩම් කරන්නත් බෑ වගේ. එපා වෙනවා; කියලා මං ආයෙමත් ඇදට පැන්නේ නිදාගන්න කියලා හිතාගෙන .

ඉස්කෝලේ යන්න නැගිටින්නත් තව ටයිම් තියෙනවා කියලා හිත හිත මං ආයෙත් නිදාගත්තා . මං හිම්සර නෙතුෂාන් සමරවික්‍රම . මං ඉගෙන ගන්නේ 12 වසරේ. කහටගොල්ල නවෝද්‍යා පාසලේ. ගමේ ඉදන් පයින් යන දුර. නංගිත් මා එක්කමයි ඉස්කෝලේ යන්නේ.

මගේ අම්මයි, තාත්තයි දෙන්නම කරේ ගොවිතැන . ඇයි මට මේ වගේ විකාර හීන පේන්නේ කියලා හිත හිත ඉද්දිමයි මට නින්ද ගියේ .

අනේ… එපා… මිනුලි… අනේ කතා කරන්න මිනුලි .. ම්ම්…. මං හීනෙන්ම කියෙව්වෙ ආයෙත් මං කලින් දැක්ක ඇක්සිඩන්ට් එකම දැක්ක නිසා .

වෙනසකට තිබුණේ මේ පාර මට මූණ පැහැදිලිව පෙනුණු එක. දෙයියනේ මං දැක්කේ අපේ පංතියේ ළමයි යන බස් එකක් ඇක්සිඩන්ට් වෙනවා . මිනුලි කියන්නේ මං ට්‍රයි කරන ගර්ල් . මං මිනුලිට ගොඩක් ආදරෙයි . ඒත් මං ඒක තාම මිනුලිට කියලා නෑ.

මිනුලි වගේම මැඩම්ලා,සර්ලා, යාලුවො වැටිලා හිටියේ බස් එකේ හැමතැනම. මං වටපිට බලද්දී අපේ යාලුවො සෙට් එකේ සදුන්ව දැක්කේ .

ඒයි මචං සදුන් නැගිටපංකෝ.. අනේ උඹට තුවාලයි… කියලා මං කෑ ගැහුවත් සදුන් ලේ පෙරාගෙන හිටියා මිසක් හෙලවුනේවත් නෑ.

එතකොට තමා මං දැක්කේ බස් එකේ ඉස්සරහ අදුරු චායාවක් එහේ මෙහේ එනවා . මුලු බස් එකෙන්ම සිහිය තිබුණේ මට විතරයි වගේ. මට කිසිම තුවාලෙකුත් නෑ . එකපාරටම අදුරු චායාව මගේ පැත්තට ඇවිත් මගේ බෙල්ල අල්ලගත්තා

කවුද උඹ ? ඇයි මෙහෙම කරදර කරන්නේ ? එ-පා– අතෑරපා—-න් … මං කෑ ගැහුවෙ පුලුවන් තරම් හයියෙන් .

ඇයි ඇයි මගේ පුතේ . හීනයක් දැකලා බය වුණා ද?කියලා අම්මා දුවගෙන එද්දී මං දාඩිය දාලා ඇහැරුණේ.

අම්මේ මං හීනයක් දැක්කේ .. කියලා මං අහිංසක විදියට හිනා වුණේ ඕක කියන්න ගියොත් අම්මා බය වෙයි කියලා හිතලා .

හ්ම්… මං කිරි එකක් හදන්නම්.. මයේ පුතා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නකෝ කියලා අම්මා මගේ ඔලුව අතගාලා කාමරෙන් එළියට ගියා .

මට මොනාද මේ පේන්නේ කියලා හිත හිතම ලෑස්ති වෙලා මං ඉස්කෝලේ ගියේ නංගී එක්ක. නංගී 9 වසරේ ඉගෙන ගන්නේ .

මොකද අනේ ගොලුවෙක් වගේ ? කතා කරන්නෙත් නැතුව බර කල්පනාව ?නංගී ඇහුවේ වෙනදා අපි ඉස්කෝලේ යද්දී මොනා හරි ගැන කතා කර කර යන නිසා.

මොනා හරි කියනවකො ඉතිං . තමුසෙගෙ කතා මල්ල ඉවරද? වෙනදටත් ඔයානේ කියවන්නේ කියල මං කිව්වේ හිනාවෙන ගමන් .

මෙච්චර වෙලා මං කිව්වේ මේ පාර ස්කූල් ට්‍රිප් එක කොහේ යයිද දන්නෑ නේද කියලා . ඒත් ඔයා මුකුත්ම කිව්වේ නෑනේ නංගි කිව්වේ ගස්සලා අහක බලාගෙන

අනේ එහෙමද . සොරි පණ්ඩිති.. මට ඇහුණේ නෑ.. මං කිව්වේ නංගිගේ ඔලුව අතගාලා .

මිනුලි අක්කී ගැන නේ කල්පනා කරේ? හී… හී ගාලා මේකී හිනවෙන්න පටන් ගත්තා

පණ්ඩිත ආච්චි .. පිස්සු කියවන්න එපා .. වයසට ගැළපෙන විදියට කතා කරන්න ඉගෙන ගන්නවා කියලා මං ටිකක් සැරෙන් කිව්වා

දන්නෙම නැතුව දෙන්නම ඉස්කෝලේ ඉස්සරහට ඇවිත් . නංගි එයාගේ පංතිය පැත්තට ගියාම මාත් 12 C පංතියට ගියා .

;ගුඩ් මෝනිං හිම්සර.. උදේනක ඇවිත් මාව බදාගත්තා .

මෝනිං.. කෝ බං සදුන් ..? මං ඇහුවේ උදේනකගෙන්.

මොකද අප්පේ අද මිනුලි ගැන හොයන්නේ නැතුව සදුන් ගැන හොයන්නේ? කියලා උදේනක කින්ඩියට හිනා වුණා .

එතකොට තමා මං ගෑණු ළමයි ඉන්න ඩෙස් දිහා බැලුවේ . මිනුලිත් තාම ඇවිත් නෑ. මං කල්පනා කරනවා දැකලා උදේනක ,

මචං ඉකෝන් කරන අය අද නුවර සෙමිනා එකකට යනවා බං.. මිනුලි, සදුන් එහෙමත් යනව කියලා කිව්වා .

මට දාඩිය දාන්න පටන් ගත්තේ තත්පර ගානකින් මුලු ඇගම දාඩියෙන් තෙමෙද්දී .

හිම්සර දැක්ක හීනේ ඇත්තක් වෙයිද? මොකෝ කට්ටිය හිතන්නේ ?-

මේක හොල්මන් කතාවක් නෙවෙයි කියලා ඔයාලට හිතෙන්න පුලුවන් . එච්චරම බය හිතෙන්නෑ ?

නයෝමී නදීරා ධීරසිංහ

20 thoughts on “මරණයේ දොරටුව|පළමු දොරටුව|හොල්මන් කතා”

  1. Chathu indeewaree

    හොල්මන් කතාවක් නොවුණට කමක්නෑ නදියෝ…. ලස්සන කතාවක් දාන්නකෝ…ඒ ඇති.. අම්මෝ ඊළඟ කොටස කියවන්න සතියක් ඉන්න බෑ නේ… ඩේලි දාන්නකෝ ස්වීටි…

    1. nayomi nadeera

      ගොඩක් ස්තූතියි .. ❤ ඩේලි දාන්න අමාරුයි මට.. බබා නිසා .. සොරි හොදේ ?

    1. nayomi nadeera

      ස්තූතියි ? ඉක්මනින් හොල්මන් නෑ ..අවසාන වෙනකල් ඉන්නකෝ ❤

  2. ?සිහින සිත්තරාවී°°KKD?

    මගෙ අක්කියෝ කතාව නම්මරු හොදේ.. හොල්මන් ඕන්නැ අනී .. කතාව හොදයි .. මෙව් දවස් වල මන් කියවන්නෙ හිත නිවන කතානෙබ්..??

  3. Haiyuuu… next episode ek blnn godak dawas inn onine…

    Kathawa lassanai akkiyo…
    All the best…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.