Katha Ahura

රන් තරු (10කොටස )

5/5 - (1 vote)

10 කොටස

” වීරෙ අංකල් ඔයා…”

අපේ තාත්තව අමතපු ඇය තාත්තගේ මූණ අත් දෙකෙන්ම අත ගගා අඬන්න ගත්තේ පොඩි එකෙක් වගේ.

” චූටි දූ…මගේ කෙල්ල …”

තාත්තා ඇයව පපුවට තුරුල් කර ගත්තේ ඇස් වල කඳුළු පුරවගෙනම.අපේ තාත්තව තුරුල් කරන් අඬන මේ කෙල්ලව මට තේරුම් ගන්න බැරි වුණා .

අපි රනුදි ව අඳුනන්නෙ නැති වුණත් රනුදියි අපෙ තාත්තයි හොඳටම දන්න කියන දෙන්නෙක් කියලයි මට තේරුණේ .

” තරුවෝ….මේ මොකක්ද බං වෙන්නේ ….

උඹලගෙ තාත්තයි රනු නංගියි අපිට සර්ප්‍රයිස් දෙනවනේ බං….”

” ඒකම තමයි කලුවෝ මාත් බැලුවේ …මේ දෙන්නා බර කාලෙක ඉඳන් අඳුරන දෙන්නෙක් වගේනේ…”

” චූටි දූ…ඇයි මැණික මේ අංකල්ට නොකියම ගමෙන් ගියේ….

දන්නවද අංකල් කොයි තරම් ඔයාව හෙව්වද කියලා ….ඒත් කිසිම විස්තරයක් දැන ගන්න ලැබුණේ නෑ මට….”

” තාත්තිගෙ ෆියුනරල් එකෙන් පස්සේ අම්මට ගමෙන් යන්න ඕන උනා අංකල් …

එයා කැමති වුණේ නෑ අපි කොහේ යනවද කියලා කවුරුත් දැන ගන්නවට….ඔයා දන්නවනේ ඇයි කියලා ….”

” මං ඔයාව ගොඩක් කල් හෙව්වා චූටි දූ…

යාළුවෝ කවුරුත් දැනගෙන හිටියේ නෑ අම්මා ඔයාව කොහේ අරන් ගියාද කියලා ….”

” අම්මි දැනගෙන හිටියා අංකල් ඔයා මාව අරන් යයි කියලා …ඒකයි එයා එහෙම කරේ…”

” කමක් නෑ මැණික ….කොහොම හරි අන්තිමට ඔයා මං ළඟටම ආවනේ….

තාත්තගේ ඉල්ලීම කොහොම හරි ඉෂ්ඨ වුණා එහෙනම් ….යමු ගේ ඇතුලට …

මෙහෙම හිටගෙන ඉන්න හොඳ නෑ ඔයාට….”

” අංකල් මොකක්ද මේ අපි නොදන්න ගනුදෙනුව ඔයාලා දෙන්නටම තියෙන ….

බලපන්කෝ තරුවො අපියි දැන් මේ කෙල්ලව එක්කන් ආවේ ….

දැන් නිකන් අපිව අඳුරන්නේ නැති ගානටනේ මෙයා ඉන්නේ …”

” අනේ නෑ …නෑ ..මනි අයියේ ….මේ තමයි මගෙ දෙවෙනි තාත්තා ….

ඔයාලා දන්නේ නැති වුණාට චූටි කාලෙ ඉඳන්ම මම අංකල් ව දන්නේ ….”

” ආ…නංගි මොකක්ද ඒ කතාවේ තේරුම…”

” මේ මගේ හොඳම යාළුවා මාරගොඩගේ දුව මනීෂ පුතා…

මාරෙගෙ අන්තිම කැමැත්ත වුණේ චූටි දුව මගේ ළඟට එන එක…”

” ඒ කියන්නේ අංකල් …මට තේරුණේ නෑ ….”

” අපේ චූටි පුතයි,චූටු දූයි එක වයසේ පුතා…. ඉපදුනෙත් එකම දවසේ…

මේ දෙන්නගේ අම්මලා ඉස්සර ක්ලිනික් ගියේ එකට…මාරෙට ඕන උනේ කොල්ලෙක් …

එතකොට අපිට ඕන උනේ කෙල්ලෙක් ….මොකද එතකොට අපිට ලොකු පුතා හිටියනේ..”

” රනූ නංගි… කතා කර කරම අපි යමු ඇතුලට ….. ඔයාට හිටගෙන ඉන්න හොඳ නෑනේ ඔහොම ….”

තාත්තා ඉද්දිම මම ඇගේ අතකින් අල්ලගෙන ගේ ඇතුලට එක්කන් ඇවිත් සෝෆා එකෙන් වාඩි කෙරෙව්වා .

මනියි කලුයි තාත්තයි තුන් දෙනත් වාඩි වුණේ කතාව සම්පූර්ණ කරන්න ඕන නිසා .මාත් ගිහින් රනූට පොඩ්ඩක් එහායින්ම වාඩි වුණා .

ඒත් මගේ රෝස මල බලන්නේ නැතුව හිතට හරි නෑ වගේ මට.ඒ නිසාම තාත්තගෙන් ඇහුවේ මගේ රෝස මල ගැන.

” තාත්තෙ කෝ මගෙ කෙල්ල ….”

” උදේ නැගිටලා මල්ලිත් එක්ක කෝලම් කර කර ඉඳලා අන්න මල්ලිට තුරුල් වෙලා නිදි….”

” අනේ ඉන්න තාත්තෙ….මං ටිකක් කෙල්ලව බලල එන්නම් ….

ඊට පස්සේ කතාවෙ ඉතිරි ටික කියන්න ….”

මම එහෙම කියලා ගියේ මල්ලිගෙ කාමරේට . ඇඟිල්ලකුත් උරන ගමන් මගෙ මැණික මල්ලිට තුරුල් වෙලා සනීපෙට නිදි.

තාත්තා බයේ වෙන්න ඇති අනිත් පැත්තෙන් කොට්ට පේළියක්ම තියලා.

ඇත්තටම දැන් චූටි දෝණි ටිකක් දඟයි.පෙරලෙනවා එහාට මෙහාට .යන්තමට වාඩි වෙන්නත් හදනවා.

ඒ නිසා ගොඩක් පරිස්සම් කරන්න ඕන එයාව.අතට ගත්තේ නෑ මං මගෙ රෝස මලව.

තාම මං ඉන්නේ හොස්පිට්ල් ගිහින් ආපු ඇඳුම පිටින්නේ.නාගෙනම තමයි එයාව අතට ගන්නේ .ඒ තරමටම මගෙ කෙල්ලව මම පරිස්සම් කරනවා.

මම ඇගේ කොපුලකුත් ලාවට සිපගෙන එළියට ආවෙ තාත්තලා මං එනකම් බලාගෙන ඉන්න නිසා.

23 thoughts on “රන් තරු (10කොටස )”

  1. අනේ අම්මියෝ අද චූට්ටයිනේ අයියේ……..
    අලේ අපි පවු නැද්ද අයියේ මෙහෙම දුක් දෙන්නේ……..
    කොච්චර අමාරුවෙන්ද 3 වෙනකම් ඉවසන් ඉන්නේ ……..ආයේ මේම කරොත්නම්…..?????………..
    ගොඩාක් ලස්සනයි අයියා කතාව සුපිරී …..ඒකයි මේ තරම් ෆීල් වෙන්නෙ….
    අනා දැන්නම් දෙන්න එක ගෙදර ඉද්දි ඉක්මනටම ආදරේ කරයි මට හිතෙන්නෙ….
    දන් ඉතින් අපට තරූ ගැන අදහස අතෑරලා කලු අයියයි මනි අයියායි ගැන හිතන්න කාලෙ වගේ????????????????????

  2. මල්ලි යෙ ඔන්න අදත් වරද්දාගෙන 9වෙනි කොටස් නැතිව 10 කොටස දාලා.එත් කමක් නෑ මං ඔන් comment එකක් දැම්මා.
    ………..මට හිතෙන්නේ පොඩි කාලේ ම රනුව තරූගෙ මල්ලි ට දෙන්නද පොරොන්දු වෙලා තියෙන්නේ?පව් අනෙ තරූ . කතාවෙ හැටියට නම් රන් අයිති තරුව මොකද කතාවෙ නම “රන්තරු” නෙ.
    …………. කතාව ට ගොඩක් ගොඩාරියක් ආදරෙයි ආශාවෙන් කියවනවා හරිම ලස්සනයි.ඉක්මනට දිගම දිග කොටස් දාන්න.all the best.

    1. හෑ ඒකනම් ඇත්ත යාලූ….ආසවට කියෝනව හදිසියේ…ඔයාගෙ ක්මෙන්ට් එකෙන් තමයි ඒක දැන ගත්තෙ…ඒ තරම් ආසාවෙන් ඉන්නේ කතාව දානකම්….

  3. කෝ 9වෙනි කොටස.
    කතාව ගොඩාරියක් ලස්සනයි.
    තරූට රනූව පොඩිකාලෙම කතා කරල ඇත්තෙ.???
    සුභ පතනවා දෙන්නටම හැමදේම සාර්ථක වෙන්න කියලා.????

  4. හයියෝ… 9 දාලා නෑනේ… ඒත් ඉතිම් 10 කියෙවුවා… කතාව ලස්සනයි… ගෙස් කලා හරි වගේ… රනූ අර ආදරේ කරලස් තියෙන්නෙ තරූට තමා… දෙන්නගෙ love story ඉක්මනට පටන්ගනී වගේ දැන්…

  5. Hashini Navanjana.

    අයියෝ …. මේකේ චූට්ටම චුට්ටයි නේ… ????
    කමක් නෑ.. තව කොටසක් දාලා නිසා ඔයා බේරුනා හොඳද… ??
    නැත්නම්ම්ම්ම්ම්…. ගුටි.. ? ????? තමා… ??????
    ඊයේ දාලා තිබුනේ 9 කොටස නේද….??? ඒකෙන් පස්සෙනේ මේ කොටස එන්න ඕනී… ????
    පැටලෙනවා අප්පා…. ????
    දැන් ඉතිම් ෂෝයී ම ෂෝයී… ????
    ඇයි ඉතිම් රනූයි තරූයි එකටමනේ ඉන්නේ.. ????
    රෝස මලටත් ? ? ? ? තාත්තියෙක් වගේම අම්මියෙකුත් ඉන්නවා දැන්… ????
    හරිම ලස්සනයී අයියේ… ???
    දැන් ඉතිම් දුවලා යන්න ඕනි අනිත් කොටස කියවන්න…. ? ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.