Katha Ahura

රන් තරු ( 11 කොටස )

5/5 - (1 vote)

11 කොටස

” නිදිද බං රෝස මල…”

කලූ ඇහුවේ උන් දෙන්නටත් මගේ කෙල්ලව නොදැක ඉන්න බැරි නිසා.

” ඔව් බං…සුදුට තුරුල් වෙලා සැපට නිදි…අතට ගන්න විදියක් නෑ මේ ඇඳුම් පිටින් ….”

” කමක් නෑ …උඹට තව සති දෙකක්ම තියේනේ…ඔහොම ඉන්න ඇරපන් කෙල්ලට …”

” ආ…දැන් කියන්න තාත්තේ කතාවේ ඉතිරි ටික…”

මම එහෙම කියලා ආයෙත් රනූ ළඟින්ම වාඩි වුණා .

” ඒත් අන්තිමට අපි හිතපු විදියට නෙමෙයි මෙයාලා දෙන්නම අපිට ලැබුණේ ….

කොල්ලෙක් ඉල්ලපු මාරෙට හම්බ වුණේ චූටි දුවව…එතකොට කෙල්ලෙක් ඉල්ලපු මගේ නෝනට හම්බ් වුණේ අපේ සුද්දව….

අපි ප්ලෑන් කරගෙන හිටියේ ලොකු උනාම ඒ දෙන්නව කසාද බන්දන්න …ඒත් ඉතින් මේ කෙල්ල ඉස්සෙල්ලා හම්බ වුණානේ….

චූටි පුතා හම්බ වුණේ ඊට පැය දෙකකට විතර පස්සේ ….ඒ නිසා අපේ ප්ලෑන් එක වතුරෙ ගියා …

එතනින් එහා අපි ඒ දේවල් හිතුවේ නෑ … යාළුවෝ විදියටම ඉන්න උනා….”

” අපරාදෙ නේද අංකල් ….එහෙනම් මේ රනූ නංගි තමයි අපේ චූටි මල්ලිව බඳින්නේ ….

කොහෙද ඉතින් මේ කෙල්ලට හදිසි වෙලාද කොහෙද ඉක්මනට එළියට ඇවිත් තියෙන්නේ ….”

මනීලා රනූව අල්ලාගෙන ඒ ගැන කිය කිය විහිළු කරා .

” ඒත් ආයෙත් අපිට චූටි බලාපොරොත්තුවක් ඇති වුණා මේ කෙල්ල කියපු දේවල් එක්ක…”

” ඒ මොකක්ද අංකල් ….”

” මෙයා ඉස්සර හැමදාම අපි එහේ ගියාම ලොකූව ඉල්ලනවා …. ලොකූව කසාද බඳින්න ඕන කිය කියම කියන්වා…

ඉස්සර මේ කෙල්ල රණ්ඩු වෙනවා මාත් එක්ක ලොකූව ඉල්ල ඉල්ල ….”

මට පුදුම හිතුණා තාත්තා එහෙම කියනකොට .මොකද මට ඇය ගැන පොඩිහරි මතකයක් වත් නෑ .

” ඉතින් අංකල් රනුදි නංගි අපේ තරුවා දැකලා තියෙද තරූව ඉල්ලුවේ .. ”

” නෑ …නෑ …පුතා…මම එහෙ ගියාම ලොකු පුතා ගැන කියනවනේ මාරෙ එක්ක …

ඒවා අහගෙන ඉඳලා තමයි මෙයාට ලොකූව බඳින්න ඕන කිව්වේ ….”

” ඉතින් අංකල් දැන් හරිනේ…අපි බන්දමුකෝ මේ දෙන්නව….”

” මනී…පිස්සුද උඹට ….කටවහපන් විකාර නොකියා ….”

තාත්තා මනීගේ වචන වලට උත්තරයක් දෙන්න කලින්ම මම මනීට බැනගෙන බැනගෙන ගියා .

” අන්න දැක්කනේ මනීෂ පුතා….මේ කෙල්ලගේ ආසාවට ඉඩ දෙන්න තිබුණා අපේ එකත් කැමති නම්….

ඒත් අපේ උන්නැහේ කෙල්ලොන්ට කැමති නෑනේ ….ඉතින් කොහොමද කසාද බන්දන්නේ …

පස්සේ පස්සේ අපි ඒක ගැන හිතුවේ නෑ ලොකූගේ හැටි දන්න නිසා….

එයාලට කැමති කෙනෙක් තෝර ගන්න අයිතිය දෙන්න ඕනනේ ….

ඒත් මං දන්නවා චූටි දූ තාම ඇත්තේ අපේ ලොකූ ගැන හිතාගෙන කියලා ….”

රනූ හිටියේ අසරණ වෙලා වගේ කියලා මට දැනුණා .මොකද මම කැමති නෑ කියලා දන්න නිසා .

ඒත් මං හිතුවේ නෑ කවදාවත් රනූ හොස්පිට්ල් එකේදී එයාගේ ආදරේ ගැන කියද්දි ඒ කෙනා මම වෙයි කියලා .රනූ ඒ ගැන දැනගෙන හිටියෙත් නෑනේ .

” අංකල් බය වෙන්න එපා…අපි තරුවව කැමති කරලා දෙන්නම්කෝ රනූ නංගිට….”

” කලූ කට වහපන් …

උඹලා හොඳටම දන්නවනේ මගේ තත්ත්වය මොකක්ද කියලා දැන්…මං දැන් දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ….

මගේ කෙල්ල වෙනුවෙන් කැප වෙලා මගේ ළඟට ගෑණියෙක් එන්නේ නෑනේ…

ඒ නිසා මේ කෙල්ලගේ ඔළුව අවුල් නොකර හිටපන්…..”

මම එහෙම කියලා කාමරේට ආවේ තව දුරටත් මට එතන ඉන්න තරම් හිත දුන්නේ නැති නිසා .

රනූ කියපු විදියට එයාට මාව බඳින්න ඕන උනා නම් ඒ කෙල්ලට පුළුවන් වෙයිද මගේ රෝස මල වෙනුවෙන් කැප වෙන්න ….

අනික රනූ තාම කැම්පස් එකේ ඉන්නේ .මට දැනටම විසි හයත් ලබලා.කසාදයක් ආදරයක් ගැන හිතනවට වඩා මට මගේ දෝණිව ගොඩක් වටිනවා .

මනීලා දන්නවා මට තරහ ගියාම මං කාමරෙන් එළියට එන්නේ නෑ කියලා .ඒ නිසා උන් ඇවිත් මට කරදර කරන්නේ නෑ මේ වගේ වෙලාවට.

රනූ ගැන බලන්න තාත්තා ඉන්න නිසාම මම ඇවිත් නාගෙන සරමකුත් ඇඳගෙන මල්ලිගේ කාමරේට ආවෙ මගේ රෝස මලව අරන් යන්න මගේ කාමරේට .

ශර්ට් එකක් ඇන්දේ නැත්තේ රෝස මලට මගේ පපුව උඩ තුරුල් වෙලා සනීපෙට නිදා ගන්න ඕන නිසා.

ශර්ට් එකක් ඇඳලා ඉන්න වෙලාවට මගේ දෝණි කැමති නෑ නිදියන්න .සමහර විට පපුවෙන් ඇය සොයන උණුසුම දැනෙන්නේ නැති නිසා වෙන්න ඇති .

ඇයගේ එක පැත්තක තිබුණු කොට්ට පේළිය අයින් කරලා මම රෝස මලට ඇහැරෙන්නේ නැති වෙන්න අරගෙන ආවා මගේ කාමරේට .

ඇයවත් පපුව උඩින් තියාගෙනම මම ඇඳෙන් හාන්සි වුණේ .ලාවට ඇස් පියවිලා තියෙන මේ කිරිකැටි මූණ දිහා මට ඕන තරම් වෙලාවක් බලා ඉන්න පුළුවනි .

මගේ හිතෙව් තියෙන හැම දුකක්ම තරහක්ම එක මොහොතකින් නැති කරලා දාන්න මගේ චූටි කෙල්ලට පුළුවන් .

මගේ පපුවෙ උණුසුමට තව ටිකක් තුරුල් වෙලා මගේ පැටියා සනීපෙට නිදි.

මගෙ චූටි පැටියවත් පපුවට තුරුල් කරගෙනම මම ඇස් පියා ගත්තේ ඊයෙ රෑත් මට හරියකට නින්දක් නැති නිසා.

හා පැටියෙක් වගේ පුංචි මුව පොඩිය මගේ පපුව ඇතුලේ හංගගෙන නිදාගන්න මගෙ කෙල්ල දැක්කම මටම ලෝබ හිතෙනවා.

ඇයට අම්මා කෙනෙක්ගේ උණුසුම දැනුන නම් ඇය මීටත් වඩා හුරතල් වේවි ඇගෙ මවත් එක්ක .ඒත් මගෙ පුංචි කෙල්ලට ඒ වාසනාව උරුම වෙලා නැහැ.

නින්දත් නොනින්දත් අතර හිටපු මට ඇහැරුණේ මනීලගේ කටහඬ මගේ කාමරේ ඇතුලෙන් ඇහෙද්දි.උන් දෙන්නටම අපේ ගෙදර ආවොත් මගේ දෝණි පැටියව බලන්නැතුව ඉන්න බෑ .

මට වගේම දෝණි උන් දෙන්නටත් ගොඩක් එකතුයි .මාත් එක්ක මගේ පපුව උඩට වෙලා හුරතල් වෙන කෙල්ල උන් දෙන්නත් එක්ක එහෙම හුරතල් වෙන්නේ නෑ .

උන් දෙන්නා මගෙ කෙල්ලට ඊට වැඩිය කෝලම් පුරුදු කරනවා.උන් දෙන්නා කරන්නේ කෙල්ලව උඩ දාන එක.ඒ වෙලාවට නම් මගෙ සුරංගනාවි ගේ පිරෙන්නම හිනා වෙනවා.

මට සතුටුයි මගේ චූටික්කි ගැන.ඇයට මාව තාත්තා කියලා දැනෙනවා ඇති .ඒකනේ මේ තරම් මගේ පපුවම හොයන්නේ තුරුල් වෙලා ඉන්න .

මම නිදි විදියටම හිටියේ මුන් දෙන්නා මට මොනවා කරනවද බලන්න .

” අනේ…මනි අයියේ ….මේ රෝස බෝනික්කිව මට අරන් දෙන්නකෝ ටිකක්…..”

” මේ නංගියේ…පිස්සු නම් කරන්න එපා බං කෙල්ලේ….

අපි දෙන්නට මේ ගෙදරට එන එකත් නැති කරන්නද හදන්නේ ….”

” අනේ අයියේ අරන් දෙන්නකෝ ටිකක් ….”

” චූටි දූ…දැන් නම් ගන්න එපා මැණික ….අයියා නැගිටපු වෙලාවක ඉල්ල ගන්න එයාගෙන්……”

” අනේ අංකල් මං ආසයිනේ මේ සුදු බෝලෙව වඩා ගන්න ….අරන් දෙන්නකෝ මට…..”

” අනේ බෑ චූටි මැණික ….අයියා කැමති නෑ දරුවා නිදි වෙලාවට එයාගේ පපුව උඩින් කවුරුත් අර ගන්නවට….

අයියට කේන්ති යනවා දූ…..”

මනියි කලුයි විතරක් නෙමෙයි තාත්තත් කාමරේට ඇවිත් .

” නංගි මෙතන කෑ ගහලා තරුවට ඇහැරුණොත් අපි දෙන්නට ගුටි කන්න වෙන්නේ ….

ඒ නිසා හොඳ නංගි වගේ තරුවා නැගිට්ටම රෝස මලීව ඉල්ල ගන්න ….”

” හාකෝ එහෙනම් …..ඔයාලා බය වුණාට මං බය නෑ ඔයාලගෙ මහ ලොකු තරුවට….

ඉන්නකෝ මං හොඳ වැඩක් කරන්න එයාට….”

මම හිනාව තද කරන් හිටියේ බොහොම අමාරුවෙන් .යාළුවෝ දෙන්න වුණත් මට පොඩ්ඩක් හරි බයක් තියෙනවා .

” අප්පට සිරි කලුවෝ…..

බලපන්කෝ මේකිගේ කට…..හොස්පිට්ල් එකේදි නම් මම හිතුවේ අහිංසක නංගි බබෙක් කියලා …”

” මං අහිංසකයි තමයි නේද අංකල් ….”

” ඔව්…ඔව්….මගෙ චූටි මැණික අහිංසකයි තමයි ….

තාත්තා කියනවනේ ඉස්සර නිදාගත්තම විතරයි අහිංසක කියලා ….”

” අනේ අංකල් ඔයත් මෙයාලගේ පැත්ත අරගෙන……”

” අංකල් අපි දෙන්නා යන්නද….තරුවත් නිදිනේ….දැන් ඉන්නවනේ ඉතින් අංකල්ට නල්ල මලේ දුවෙක් හම්බ වෙලා….”

” අංකල් බලන්නකෝ මනී අයියා මට බනිනෝ….හොඳ නෑ ඔයා…..”

” අංකල් ඉන්න නිසා නංගි ගණන් ගිහින් …..

අනේ විහිළුවට නංගි කිව්වේ …පරිස්සමින් ඉන්න හොඳේ ….අපි ගිහින් එන්නම් ….”

” හා අයියේ ……බුදුසරණයි ඔයාලා දෙන්නටම….ගොඩක් පින් මට උදවු කරාට….”

” අංකල් අපි වෙන දවසක එන්නම් …තරූට කියන්න ගියා කියලා ….”

හරි පුතාලා ගිහින් එන්න එහෙනම් ..චූටි පුතත් නිදි තාම…මෙයාව නම් ඇහැරන්න බෑ දැන්….”

ටික වෙලාවකින් කලුයි මනීයි ගියා කියලා මට තේරුණා .

” අංකල් ….”

” ඇයි චූටි දූ….”

” මං චුට්ටක් මේ රෝස කැටේ අල්ලන්නද…..”

මේ ටිකට රනුදි මගෙ කෙල්ලට නම් කීයක් කිව්වද .එයා දැන් ඉන්නේ මගෙ කෙල්ලව අතට ගන්න විදියක් නැතුව කියලා නම් හොඳටම පැහැදිලියි .

” අනේ පුතේ ඔය විදියට නම් කෙල්ලට අතවත් තියන්න එපා මැණික ….

පේනවනේ අයියා වොශ් එකක් දාගෙන ඇවිත් තමයි පැටියව අරන් තියෙන්නේ …..”

” ඇයි අංකල් ඒ….”

” ඔයාලා එළියේ ඉඳලනේ ආවේ පුතේ….එතකොට විෂබීජ යනවනේ චූටියගේ ඇඟට….ඒකයි…..”

” අංකල් එහෙනම් මං වොශ් එකක් දාගෙන ඇවිත් චුට්ටක් එයාව අල්ලන්නද අයියට හොරෙන් ….”

” ම්ම්ම්….චුට්ටයි හොඳේ …..කෙල්ලට ඇහැරවන්න නම් එපා මැණික ….”

මට වෙලාවකට තාත්තා පව් කියලත් හිතෙනවා .මම බනී කියලා වෙන්න ඇති මට හොරෙන් මගේ රෝස මලව අතගාන්න දෙන්නත් එක්ක ප්ලෑන් කරනවා.

” අංකල් ….”

” ඇයි චූටි දූ….”

” මගේ බඩ රිදෙනවනේ….”

” ඔයා ටිකක් දැඟලුවනේ පුතේ…
ඒකයි ඔය…
තුවාලෙ තෙමන්නේ නැතුව වොශ් එකක් දාගෙන ඇවිත් ටිකක් නිදා ගන්න මැණික ….

මෙහෙම නැගිටලා ඉන්න හොඳ නෑ ඔයාට ….”

” ඉතින් මං කොහෙද නිදියන්නේ අංකල් ….”

” ලොකු පුතා මේ කාමරේ දෙන්නම් කිව්වා ඔයාට ….එයා වැඩිය ගෙදර රැඳෙන්නේ නෑනේ …

දැනට මේ ඇඳෙන්ම නිදාගන්න ටිකක් ….අයියා නැගිට්ටම එළියට යාවි පුතේ….”

” අයියා මට බනීවිද අංකල් …..!

” නෑ පුතේ අයියා එහෙම නපුරු කෙනෙක් නෙමෙයි ….පහු ගිය දවස් වල වෙච්ච දේවල් නිසයි එහෙම හැසිරෙන්නේ එයා……”

” අංකල් මටත් හිතෙනවා අයියා නපුරු නෑ කියලා ….හොස්පිට්ල් එකේදි අයියා මට ගොඩක් ආදරෙන් සැලකුවනේ…..”

“ඔව් පුතේ….අයියා නපුරු උනාට එයාගේ ගතිගුණ ඔක්කොම ඇන්ටි වගේමයි …..”

” අංකල් ….අනේ මට අයියව ඕන….”

” අයියා කැමති නැතුව ඔයාට අයියව දෙන්න බෑනේ මැණික ….මාත් කැමතියි එහෙම දෙයක් වෙනවා නම්…..”

මේ කෙල්ල මාවම ඉල්ලන්නේ ඇත්තටද බොරුවටද කියලා මට තාමත් තේරෙන්නේ නෑ .අනේ මන්දා මට පිස්සු හැදෙනවා මේවා අහලා.

මොනවා වුණත් තාත්තත් කැමතියි වගේ මායි රනුයි අතරෙ සම්බන්දයක් තියෙනවනම්…

දැන්ම නම් මේ හිතට කෙල්ලෙක්ට ඉඩ නැති වෙයි.බලමු කාලයට ඉඩ දීලා .

” චූටි මැණික …වොශ් එකක් දාගන්න මේ බාත්රූම් එකෙන්ම…චූටි පුතත් තාම නිදි….

ආවෙ ඔයා කියලා දැනගත්තම මිනිහත් පුදුම වෙයි….”

” අංකල් කමක් නැද්ද ඉතින් මම මේ ඇඳේ නිදා ගත්තට….”

” කමක් නෑ පුතේ…අයියා මොනවත් හිතන්නේ නෑ …”

රනූගේ කට තිබුණට ඒකටත් බයයි වගේ.නැගිට්ටම පොඩ්ඩක් බය කරලා තියන්න ඕන .

” චූටි දූ…..වොශ් එකක් දාගෙන නිදාගන්න.. ….මං පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම් හොඳේ ….”

” හා අංකල් …”

තාත්තා කාමරෙන් ගිය බව මට තේරුණේ දොර වැහුණු නිසා .මම නිදි වගේම හිටියේ ඊළඟට මේ හොල්මන මොන විකාරයක් කරාවිද කියලා බලන්න .

50 thoughts on “රන් තරු ( 11 කොටස )”

  1. Ranmali subasinghe

    හුරේ…… මම ගෙස් කලා හරි නේද මල්ලියෝ… ????

    හුගක්ම හුගක්ම හුගාක් ලස්සනයි?

    කොටස් දෙකටම තෑන්ක්ස් ??

    සුබපැතුම්!!!!

  2. අනේ නියමායී……
    තරූ ඉක්මනට ආදරේ වෙයි කෙල්ලට…මොකද….කෙල්ල රෝස මලට ගොඩා……ක් ආදරෙයිනේ…..

  3. අද නම් මාරම සතුටුයි කොටස් දෙකක් දාලනෙ.????
    ඒකට තෑන්ක්ස් හොදේ..
    කතාව නම් ගොඩක් ගොඩක් ගොඩාරියක් ලස්සනයි.
    ඉක්මනටම තරූත් රනූට ආදරේ කරයි නේද ❤❤❤❤
    රනූ රෝස මලටත් ගොඩාක් ආදරේ කරයි.????
    කතාව මාරම විදිහට හිතට දැනෙනවා.
    නංගියටයි ඔයාටයි සුභ පතනවා අයියේ කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා.??????

  4. තාත්තා කෙනෙක් තමන්ගෙ පිරිමි දරුවොයි ඒ ගෑණු ලමයයි ඉස්සරහ ගෑණු ලමයව බැන්දනම් හොදයි කියලා direct කියන එක එච්චර තාත්වික නෑ වගේ .
    කතාවට ආදරේ කරන අය වගේම වැරදි දකින අයත් ඉන්න එක හොදයි කිව්වට කතාවෙ වැරදි දකිනව නෙවෙයි කතාවට කැමති නිසා පුලුවන් විදිහට කතාවෙ qualityයට අදහසක් දෙනව විතරයි හරිද. අපි කවුරුවත් famous writersලා නෙවෙයි තමා….අපේ writing skill එක වැඩි කරගන්නනෙ අපි හැමෝම මෙතනදි මුණ ගැහෙන්නෙ. ඉතින් වැරදි දකිනව නෙවෙයි දන්න විදිහට ඔයාලගෙ දියුණුවට පුංචි අදහසක් එකතු කරනව විතරයි. මට කොහොමටවත්ම ඕන නෑ කාගෙවත් වැරදි දකින්න ,හරි.
    Wish you all the best

    1. මුලින්ම ස්තූති කරනවා කතාවේ වැරදි පෙන්නලා දෙනවට සමාව ඉල්ලනවා මේ වගේ රිප්ලයි එකක් දාන්න උනාට ඔයා කතාවේ පෙරවදන කියෙව්වා නම් මේ වගේ කොමෙන්ට් එකක් දානේ නෑ කියලා මං ගොඩක් දුරට හිතෙනවා මොකද මේක රණවිරුවෙක් කියන කතාවක් කතාවක් ලියන්න තව කෙනෙකුට බලන්න ආස විදියට අපි මොකද වෘත්තියෙන් කතා ලියන කට්ටිය නෙවෙයි මොකද සැම දෙමාපියෙක්ම එකවගේ නෑ හිතන පතන කරන විදිය වෙනස් ඒකයි මං පෙරවදන දැම්මේ මේක ලියන්නේ අපේ භාෂාවෙන් කියලා ඒකයි ඔයාට ඒ විදියට දැනෙන්නේ ඒකට සමාවෙන්න .. කතාවේ මුල ඉදලා මේ කොටස වෙනකම් කතාවේ වැරදි පෙන්නුව බොහොමත්ම ස්තුතියි අනිවාර්යෙන් මං එහෙකට ඔයාට respect කරනවා අනිත් කොටස් වලත් අඩුපාඩු තිබ්බොත් අනිවාර්යෙන්ම පෙන්නලා දෙන්න බුදුසරණයි ඔයාට ජයවේවා

      1. මම මේකෙ පෙරවදන කියවල තියෙනවා.මම කිව්වෙ තාත්තා කෙනෙක් දරුවො ඉස්සරහ මේ විදිහට හැසිරෙන එක අතාත්විකයි කියලයි. නැතුව හරබර වචන දාන්න කියල නෙවෙයි. (ඔයා පෙරවදනෙ කියල තියෙන විදිහට)

  5. Hashini Navanjana.

    නියමායීයීයී…. ?????
    ඒ කොටස නම් මල් හතයි ඈ…..???????
    හී… හී… හරිම ලස්සනයී අයියේ…
    ???? කොල්ලා හොලා වගේ ඔක්කොම අහන් ඉන්නවා නේහ්…. පුදුම කපටියෙක් තමයි….. ??????
    රනූ රෝස මලට ? ? ? ගොඩාක් හොඳ අම්මියෙක් වෙයී… එතකොට ඉතිම් තරූගේ හිතෙත් නිකම්ම ඉඩක් එයි රනූට… ❤❤❤❤
    ඊට පස්සේ තුන් දෙනාටම ගොඩාක් ආදරෙන් ඉන්න පුලුවන්…. ?????
    කතාවේ ඊලගට මොනාද වෙන්නේ කියලා දැන ගන්නකල් ඉවසුමක් නෑ අලේ… නිකං පිස්සු වගේ දැන්… ?????
    ඔයා අපිව මෙහෙම පිස්සෝ කරලා සතුටින් ඉන්නකෝ හොදේ…. ????
    කතාව ඉවර උනාම නම් අනිවා පිස්සු හැදෙයී… ????
    ඒ නිසා ඉවර කරන්නේ නැතිව ඉන්න බැරිද දන්නේ නෑ නෙහ්හ්හ්හ්හ්…. ????
    අර ඉන්දියන් මෙගා නාට්‍ය වගේ…… හික්ස්… ???
    විහිලුවක් කලේ හරිද.. කතාවක ඉතිම් අවසානයක් තියෙන්නම එපැයි… මොනා කරන්නද ඒකට…… ????
    මේත් දිග මදි වගේ අනේ… ???? හෙට මීටත් වඩා දිගගග ලස්සන කොටසක් අරන් එන්නකෝ… ?????
    බුදු සරණයි ඔයාලා දෙන්නටම.
    ? ? ? ?

    1. Kawuda ane oyage me comment ekata unlike Dana kena meke kawuru Hari innawa math ekka thara kenk nathi Nam me app ekata gema hadinna Inna kenk Mata eke danenawa hodatama meme unama Katha liyannath epa wenawa eth liyanwa ? unata ehema Nam apita moko ithin balanna me wage diga comment daddi danena sathuta godak thanks nangiya hamdma Enna aluth ekak Aran ekmanatama ennam budusaranyi

      1. Apoyii Ada mage comment okomatama unlike dala kawuda ane Mata echchara adare kena admin aiyye oyata balannath barida danne kawuda kiyala

      2. Hashini Navanjana.

        අයියෝ… මට නම් ගානක් වත් නෑ අයියේ… ????
        බල්ලෙක් බිරුවා කියලා කන්දක් පාත් වෙනවද අනේ… නෑ.. නේ.. නෑනේ… ????
        මේ යන විදියත් එක්ක මට නම් හිතා ගන්න පුලුවන් ඒ කවුද කියලා.. ඔයා සැලෙන්න එපා අයියේ.. දිගටම ලියන්න.

        1. Hashini Navanjana.

          ඒක නෙවෙයි මේ චතූ අක්කි පේන්න නැත්තේ මොකද… ???? බලන්නකෝ අක්කියෝ කවදාවත් නැතිව මේ වගේ ලස්සන කතාවකට මේ වගේ කරන අයත් ඉන්නවනේ..

          1. ඒකනම් ඇත්ත හශියෝ….මටත් හිතා ගන්න පුලුවන් ඒ කවුද කියල…කෙනෙක්ගෙ හිතක් රිදෝලා සතුටක් ලබන්න හදන දුශ්ට මිනිස්සු අපි අතර ඕනි තරම් ඉන්නවා…ඕවට සැලෙන්නේ නෑ අයියයි නන්ගි නේද……????? අයත් ඉන්න්වනී හශියෝ …..??????

          2. Sihansha nangiya aniwarenma mama sathutu wenawa ekata eth Mata dukak mage ewata comment Dana ayage ewata unlike Dana ekata thanks nangiya budusaranyi

          3. Hashini Navanjana.

            අනිවාර්යයෙන්ම සිහන්සා… ???
            ?????

        2. Punchi dukak nathuwa newe moko kathawe ramuwa charutha hariyata Aran nathi nisa ehema karanne eth adu padu mama hadawathinam Pili gannwa a mage vidiya nangiya mage comment walata kathawata unlike karata kamk na eth oyala adaren Dana ewata daddi tikak dukayi

          1. Hashini Navanjana.

            ඔයා දුක් වෙන්න එපා අයියේ.. මං නම් ඒවා ගනන් ගන්නෙම නෑ.. ???

          2. පළ ඇති රුකටනෙ ගල් ගහන්නෙ.
            ඕව ගනන් ගන්න එපා අයියෙ.
            මේකෙ පරිපූර්ණ ලේඛකයො කවුරුත් නෑනේ.අඩුපාඩු මනුස්සයො අතින් වෙනවා.

  6. මම මේ කතාව කියෙව්වට commentකරන පලවෙනි වතාව . ගියපාර කොටස හුගාක් ලස්සනයි . ඒත් මේ පාර කොටසට මම එච්චර කැමති නැ . තාත්තා කෙනෙකුගේ චරිතයට එච්චර බොලද දේවල් ගැලපෙන්නේ නෑනේ . තාත්තා කෙනෙක් කියන්නේ ලොකු පෞරුෂයක් තියෙන කෙනෙක් . තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ඉස්සරහ මෙහෙම කියන එක ටිකක් තාත්ත්වික මදි නේද .

    Wish you all the best !!!!!

    1. Kathawe kiuwa charutha walata galaoena vidiayta liyala thiyenne eth me adu padu apita godak wadagath thawa kathawak liyanna haduwoth thank you so much adu padu penawala denawata budusaranyi aththatama godakma thanks

      1. Reply එවයි කියලා හිතුවෙ නෑ. ඔයා එවන හැම comment එකකටම reply එවනවා. ඒක හුගාක් හොඳ ගතියක් . හැමෝම එහෙම නෑ .best of luck !!!!

        1. Oyala adaren hadawathinam Dan comment ekata reply karanne nathi Nam mama Katha Dana eken wadak na Ada padu Hoda naraka Dana ewata mama adare moko mage adu padu dakinawa mama aththatama Meka Sithmi nangi liyana kathawak thank you budusaranyi

  7. ලස්සනයි අනේ…. දිගම දිග කොටසක් හෙටත් දෙන්න අයියේ.. අනේ තරුයි රනුයි ඉක්මනටම ආදරේ කරයි වගේ නේ.. ඇඩ්මින් අයියා thank you 10,11 දෙකම දැන්මට. බුදුසරනයි..

  8. Dunasha Gamage

    Halo frd……kohomada ithin?den thmai me pethte awe halo.hemdama kiyanawa wge adath ithin kthawa excellent…??
    Oyage nangiya poth ehema liyanne nedda yalu mama danne nethi nisai ahuwe.asai eyge pothak kiyawanna.eya ehema liyala nethtama liyanna kiyannko.
    Mama eyata wish kala kiyanna me side aken issarahatma ynna lebenna kiyala.
    Anith aka thmai yalu
    “bada walin thora jayagrahanyak nometha.”
    NO CROSS & NO CROWN
    oya meka ahl ethine yalu.oya danwane mama ei meka kiwwe kiyala.wena hemadeyakma ganan ganne nethuwa hoda dewal withrak hithta gthtama ethi yalu akkiyatath kiyanna mama ehema iwwa kiyala.
    Bye……

    1. Aniwarenma yalu mama ekagayi comment ekata mama duk wenne na dukak athi una Nam kattiya dapu comment walata unlike dapu ekata nangi Nam ehema asa kenek newe mama nisayi mekata Danna kamthi une eya amuthu kenk yalu passe kiyannam nangi gana budusaranyi thank you so much

  9. Excellent…. ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි…. හැම කතාවකටම bade rate කරන කවුම හරි ඉන්නවා… ඊරිස්සියාවට වෙන්නැති… නැත්තන් ඉතිං මෙච්චර ලස්සන ලියලා තියෙද්දිත් bade rate කරන්නෙ ඒකනෙ…

    මේ කතාවට තමයි මං හිතන්නේ වැඩි දෙනෙක්ම comment කරපු කතාව… ඇත්තටම සතුටුයි… මං සුභපතනවා…
    බුදු සරණයි..

    1. Ekanam aththa navanjana hama kathawatama bad rats dan yna kenek innawa math katha liuwa ewatath bad rats dala thibba mn hithuwe mage katha walata witharai mehema wenne kiyala mn e nisa katha liyna ekath nawaththuwa. Balan yaddi me kena kauru unath eya me app ekath ekka tharahinda manda inne . ..

      1. HASANI ANE ehema karanna epa oya liyanna api innawa balanna ow me app ekath ekka thara Aya moko ehema unama API Katha liyanna eka nawathinawa ethakota app ekata Ena Aya adu wenawa ekayi wenne admin aiyyage athe gema thiyenne thank you so much

    2. API a gana hithane nathuwa himu yalu moko one thanaka me wage ewa wenawa eka bad ekaka nisa oyala wage adaren Dana comment Mata amathaka karanna ba eka Mata luku sakathiyak aththatama godak thanks math ekka me wage innawata budusaranyi

  10. Ane shok aiye ada kathawa rosa malatanm matat godaak asa hithenawa apeth innawa rosa malak habai tharuge wage ape rosa mala paduwe in na aiye puduma dagai dn chutta chutta katha karnwa podi aya katha karddi shok asa hithenawa aiye. Kohoma hari ada kathawa wenadt wadiya adare hithenawa aiye mn digatam kathawath ekka innawa aiye oya dennatm thawa thawath hodata liynna puluwn wewa kiyl mn prarthna karanawa aiye bs pi ehenm aiye,nangi ???

    1. Ithin mita wada lasana comment koheda aththatama sathutuyi ane aththda math daga rose mala mathak Kara kiyanna hode budusaranyi thank you so much

  11. Eleesha Ishmayel

    මේ වෙනකන් කියෙව්ව හැම කොටසක්ම මාරම ලස්සනයි. හැමදාම ගොඩක් ආසාවෙන් කියෙව්වා.
    කතා අහුර ඇප් එකේ කතාවක් දාන්නේ ගොඩක් අය චූටි හරි තෘප්තියක් ලබන්න. ඒ කතා කියවන අයට තේරෙන්න ඕන මේ ලියන්නේ ලේඛකයො නෙවෙයි කියලා. ගොඩක් වැඩ අස්සේ තමා කතාවක් දාන්නේ. ලේඛකයෙක් නම් පොතක් ලියල විකුණන්න පුළුවන්. ඒත් මේ අය කාලෙ වෙන්කරගෙන අමාරුවෙන් ටයිප් කරලා කතා දාන්නෙ සල්ලි හොයන්න නෙමේනෙ. ඒක නිසා ඒ අයට කරන ගෞරවයක් හැටියට අපි අඩුම තරමින් ගුඩ් රේට් එකක්වත් දාන්න ඕන.

    1. ?? aththatama mama ekagayi wada godak asse mewa danne a wagema Mata adaren comment Dana Aya wenuwen Mama duk wenne na duka une oyala adaren Dana comment unlike karata samarak ewa Dan ahin karala aththatama sathutuyi oyage comment ekata thank you so much budusaranyi

  12. Nirosha Lakmali

    හරිම ලස්සන ආදරණීය කතාවක්. කතාව ඇතුලේ ජීවත් වෙනවා කියවගෙන යද්දී. අයියයි නංගියි හරිම දක්ෂයි. ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. ඒ ගැන හිතලා සතුටු වෙන්න. අනිත් අය කරන පව් යනකොට අරගෙන යයි. ඔයාල දෙන්නට හදවතින්ම සුභ පතනවා. Good Luck….

      1. Nirosha Lakmali

        ඇත්තටම කතාව හරිම ලස්සනයි. හරිම ආසාවෙන් කියවන්නේ හැමදාම. ඔය දෙන්නට ඒ පිනම ඇති. ජිවිතේ තියෙන ප්‍රශ්න ටිකකට හරි අමතක කරලා සතුටින් ඉන්නේ කතා අහුර ඇප් එකට ඔයාල දාන කතා නිසා. ගොඩක් පින් ඔයාලට. හදවතට සැනසීමක් ලැබෙන්නේ ඔයාලා නිසයි. බුදු සරණයි.!

  13. අයියේ ඔයා මොකටද දුක් වෙන්නේ….ඔයාගේ අඩුපාඩු තියෙනවානම් එක අන්ලයික් එකක් විතරක් එන්නේ කෝමද???????
    අපේ ක්මෙන්ට් වලට ත් එහෙමයි ……ඒව ඒ තරම් අතාත්වික නම් ඔයාට තියෙන කමෙන්ට් ,,රේට්,, ඔක්කෝම බෑඩ් වෙන්න එපැයි………එකක් දෙකක් වෙනුවෙන් දුක් වෙන්නෙපා අයියේ….අපි හැමදාම ඔයාගෙ කතා එක්ක ඉන්නවා….මේම කරල තුච්ච සතුටක් ලබනව ඇතී…අපට මොකො අයියේ අපි ඕවා බින්දුවක් තරම් වත් කෙයා කරන්නෙ නෑ අනේ??????

    1. Ane kawadawath Mata Dana unlike bad comment bad ret walata mama duk wenne na eth oyala adaren Dana comment walata unlike dammoth eka. Mata godak redenawa ekayi Mama ehema kiuwe mama ahulen na oyala weneun mamayi nangi ayth thawa ekak liyanwa budusaranyi mita wada sathutak Mata na

  14. Kathawa superb… niyamai ayyooo… dan nm enna ennama lassanai.. kiyawaddi washi wenawa appa…. mata eye me kotasa kiyawanna bari una. Kathawa nm niyamama niyamai.
    Good Luck!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.