Katha Ahura

රන් තරු |18 කොටස |නවකතාව

කතාව කොහොමද?

18 වෙනි කොටස

” රනූ ….මං ආදරෙයි මැණික ….

මං නැති වුණ කාලෙක මගේ කෙල්ලට ඒක දැනෙන්නේ නැති වෙන්න එයාව බලා ගන්න පුළුවන් නේද නංගි ඔයාට…..”

” අයියේ ….අ..නේ…මම…මං..කොහොමද දෙයියනේ විශ්වාස කරන්නේ මේ ඇහෙන දේවල් ….

මට ආදරෙයිද ඔයා ….ආදරෙයිද අයියේ …”

” ඔව්.මැණික …තවත් නම් මේ හිතේ තියන් ඉන්න බෑ …”

” අයියේ …අනේ..මට මේ වචන ටිකම ඇති ජීවිත කාලෙම සතුටු වෙන්න …”

හිතුවේ වත් නැති මොහොතක රනූ ඉඳගෙන හිටපු තැනින් නැගිටලා මගේ පය පාමුල දණ ගහලා මට වැන්දා.

” රනූ නැගිටින්න මැණික …ඇයි මේ..”

” ඔයා මගේ වෙනවද අයියේ …මට ආදරෙයි නේද …”

මගේ මූණ අත් දෙකෙන්ම අල්ලාගෙන අඬ අඬම රනූ අහද්දී මට ඇයව තවත් අඬවන්න ඕන උනේ නෑ .

මම ඇයව මගේ පපුවට තුරුල් කරගෙන ඇයගේ හිස අත ගෑවේ හිතේ ඇය වෙනුවෙන් පිරුණු ආදරෙත් එක්කම.

” ආවට කමක් නෑනේ …මෙතන වැඩිහිටියන්ට පමණයි දර්ශන නෑ නේද …”

මල්ලි අපි ඉන්න තැනට ආවේ එහෙම කියාගෙනම .මල්ලිව දැකලා වත් රනූ මගෙන් ඈත් වුණේ නෑ .මටත් ඇයව ඈත් කරන්න ඕන උනේ නෑ .

” කෙල්ල නැගිට්ටද බං කොල්ලො …”

” ඒකි බඩත් පුරවන් සැපට නිදි අයියේ …… තාත්තා ඉන්නවා චූටියා ළඟ …”

” ම්ම්..එහෙනම් දැන්ම නැගිටින එකක් නෑ ….”

” ටික්කි මෙහෙ බලපන් …උඹ අඬනවද …”

මල්ලි රනූව එයාගේ පැත්තට හරව ගත්තේ රනුගෙන් කිසිම සද්දයක් නැති නිසා .මොකද නැත්නම් මේ වෙනකොටත් දෙන්නා යුද්ධයක් පටන් අරන් ඉන්න ඕන .

මල්ලිට තේරෙන්න ඇති රනූගේ වෙනස.රනූ අඬ අඬම මල්ලිගේ පැත්තට හැරුණේ .

” ටික්කි ඇයි බං මේ…”

රනූගේ උරහිසින් අල්ලලා මල්ලි ඇහුවේ වෙනදට මල්ලිත් එක්ක රණ්ඩු වෙන කෙනා අද කවදාවත් නැතුව අඬන නිසා වෙන්න ඇති .

” චතු …..මේ..අයියා …”

එහෙම කියාගෙනම රනූ මගෙන් මිදිලා මල්ලිව බදාගෙන අඬන්න පටන් ගත්තේ මල්ලිවත් හිතපු නැති මොහොතක .

අහිතක් හිතුණේ නෑ මට රනූ ගැනවත් මගෙ මල්ලි ගැනවත් .සමහර ගෑණු ළමයි තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නේ හිනා වෙලා නෙමෙයි .

ඇස් වල කඳුළු පුරවන්.එහෙමත් නැත්නම් හිත සැහැල්ලු වෙනකම් අඬලා.රනූටත් වෙලා තියෙන්නේ ඒ දේමයි කියලා මම දන්නවා .

මල්ලි නොදන්නවා උනාට රනූ මේ අඬන්නේ හිතේ තියෙන සතුට වැඩි කමට.මං එයාට ආදරෙයි කියපු එක එයාට තාමත් විශ්වාස කරන්න බැරි තරම් කියලා මම දන්නවා .

” චතු …අනේ මට අඬන්න ඕන ….ගොඩක් අඬන්න ඕන මට අද..  ”

” ඇයි බං මේ…මාව බය නොකර හේතුවක් කියලා අඬපන්කෝ…”

රනූගේ ඔළුව අත ගගාම මල්ලි ඇහුවේ රනූ අඬන හේතුව තාමත් දන්නේ නැති නිසා .

” අයියා ..චතු ..අයියා .එයා ….මට….”

” අයියා …ඉතින් මොකද …අයියා බැන්නද උඹට ….

උඹ අයියට තුරුල් වෙලා ඉඳපු විදියෙන් නම් අයියා උඹට බැන්නා වෙන්න නම් බෑ ටික්කියේ…

කියපන් අගේ නොකර ….”

” අයියා …මට..ආදරෙයිලු….එයා කිව්වා චතු ….එයා මට කිව්වා ආදරෙයි කියලා ….”

” අයියෝ පිස්සී ….ඒකට මේ මාව බදාගෙන අඬලා හරියනවද …

හිනා වෙයන්කෝ බං ඔයා දත් තිස් දෙක පොඩ්ඩක් විරිත්තලා…”

” චතු ….මාව කොනිත්තපන්….බලපන් මං මේ දකින්නේ දවල් හීනයක්ද කියලා …

අනේ මට බයයි බං….”

රනූ කියපු නිසාම මල්ලි රනූගේ අත රතු වෙන්නම කොනිත්තලා ඇහුවේ

” හරිද..හීනයක් නෙමෙයිනේ ….”

” ආ..හ්.වු….රිදුණා බං….”

” ඉතින් බං දැන් මී හරකියෙක් වගේ අඬන්න ඕන ද සතුටු වෙන්න ඕන වෙලාවේ ….

අනිත් එක බලපන් උඹ මේ විදියට මට තුරුල් වෙලා ඉඳලා හරියනවද…..

අයියට ඊරිසියා හිතෙනවනේ මැට්ටියේ ….”

” චතූ…අයියයි උඹයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්…

එයා මගේ ආදරේ..මගෙ මුළු ජීවිතේම ….

එතකොට උඹ ….උඹ මගේ හොඳම යාළුවා…

සමහර වෙලාවට අපේ හැම හැඟීමක්ම ආදරේ කරන කෙනත් එක්ක බෙදා ගන්න බෑ ….

ඒක ළඟින්ම ඉන්න හොඳම යාළුවත් එක්ක බෙදා ගත්තම ඊට වැඩිය හිත සැහැල්ලුයි….

ඉතින් මට අඬන්න ඕන උඹ ළඟ ඉඳගෙන… .. නැතුව අයියව බදාගෙන නෙමෙයි ….

අයියටත් වඩා උඹයි දන්නේ මං ගැන….”

රනු කියන කතාව ඇත්ත.සමහර වෙලාවට ආදරේ කරන කෙනත් එක්ක කියා ගන්න බැරි දේවල් අපි කියන්නේ අපේ හොඳම යාළුවට.

ඒකට ගැහැණු පිරිමි බේදයක් බල පාන්නේ නැහැ .රනූටත් අපේ මල්ලි ගැන ඒ වගේම දැනෙනවා ඇති.

මම මල්ලිට අතින් කිව්වේ රනූව නතර කරන්න එපා කියලා .ඇති වෙනකම් අඬලා එයා හිත සැහැල්ලු කර ගන්න එකයි වටින්නේ .

” මල්ලි උඹෙ මේ මොංගල් කේස් එක නැලවුණාම කාලා ලේස්ති වෙයන් කොල්ලො …

අරුන් දෙන්නත් එනවා කිව්වා අපි එක්ක යන්න ….”

” අයියේ මේ….ඒක නෙමෙයි ….”

යන්න ගියපු මාව ආයෙත් නතර කරගෙන මල්ලි මාත් එක්ක කතා කරේ රනූගේ හිස අත ගාන ගමන්ම .

” මේකිට බලා ගන්න දෙන්න එපා බං අපේ කෙල්ලව….”

” ඇයි කොල්ලො .. .”

” නෑ ඉතින් …..

මේකි මේ හැම එකටම හොටු පෙරන් අඬන්න ගත්තම අච්චර හොඳට ඉන්න අපේ චූටි කෙල්ලත් නරක් වෙනෝනේ බං….

බලපන් ඒ කිකිළිට බැන්නත් ඒකි මූණම රතු වෙනකම් හිනා වෙන එකේ මේකිගේ මේ ලෙඩේ බෝ උනොත් ඒකිත් අඬන්න පුරුදු වේවි …..”

මල්ලිට ඕන උනේ මොනවා හරි විහිළුවක් කරලා රනූ අඬන එක නතර කරන්න .

” අනේ හැලයා…උඹ පලයන් යන්න …මට අඬන්න ඕන අද විතරයිනේ ….

අඬන්න දීපන්කෝ හොඳ මල්ලි වගේ…..”

” යකෝ මේ දොඩම් ගෙඩි දෙකක් උස නැති ගස් ඇටකිච්චි මට මල්ලි කියන හැටි….

හා..හා….ආසාවනේ…ඇති වෙනකම් අඬපන්කෝ ….

හැබැයි මගේ ශර්ට් එකේ හොටු ගාන්න නම් එපා බං හිකනලියේ….”

රනූ තාමත් හිනා වෙවීම අඬනවා .මං මල්ලිට අතින් කියලා කාමරේට ආවා .

හදිසි ඌමනාවකට ඇරෙන්න මේ දවස් ටිකේ මම මගේ කාමරේට නොගියේ රනූ හිටපු නිසා .දැන් නම් ඉතින් පරණ විදියටම මට මගේ කාමරේට යන්න පුළුවනි .

කොට්ට පෙළි දෙකකට මැදි වෙලා මගේ රෝස මල සැපට නිදි.මං කාමරේට ආවට පස්සේ තමයි තාත්තා එළියට යන්න හැදුවේ .

” ලොකු …කාලා ඉන්න දරුවෝ …අද කෙල්ල ඉව්වේ…මට එන්න දුන්නේ නෑ ඒ පැත්තට වත්…”

” කන්නම් තාත්තේ තව ටිකකින්…තාත්තා හවසට කෙල්ලව බලා ගන්න ටිකක් ….

මං මල්ලවයි රනූවයි එක්කන් යනවා හොස්පිට්ල් එකට…..

රස්සාව කරන්න කලින් පොඩ්ඩක් එයාලව එහේ බලන්න එක්කන් යන්න ඕන තාත්තේ….”

” ඔව්…ඒක හොඳයි ලොකු පුතා…කෙල්ල පව්….”

තාත්තා මගේ දෝණිගේ ඔළුවත් අත ගාලම තමයි කාමරෙන් එළියට ගියේ .මම පැටියව හෙමීට ඇඳ උඩින් අරගෙන මගේ පපුව උඩින් තියා ගත්තේ ඇඳගෙන හිටපු ටී ශර්ට් එකත් ගලවලා දාලා .

මගේ චූටි කෙල්ල ලාවට ඇස් ඇරලා ආයෙත් ඇස් දෙකත් පියාගෙන සැපට නිදි.හෙට ඉඳන් මාස කීයක් මගේ දෝණිගෙන් ඈත් වෙලා ඉන්න වෙයිද කියලා මම දන්නේ නෑ .

තාමත් මගේ දෝණිට දෙන ආදරේ තරමටම රනූට ළන් වෙන්න තරම් මගේ හිත සැහැල්ලු වෙලා නෑ .මොනවා උනත් රනු මගෙ කෙල්ලට හොඳ අම්මා කෙනෙක් වෙයි.කාලයත් එක්ක මාත් රනූට ළන් වෙයි.

====================================

දවල් අපි එක්ක හොස්පිට්ල් යන්න කලුයි මනියි දෙන්නත් ආවා .අපි කතා වුණේ කට්ටියත් එක්කම වෑන් එකේ යන්න .

” ආ..රනූ නංගි ….කොහොමද ඉතින් සැප සනීප ….”

” හොඳයි කලු අයියේ …ඔයාලට කොහොමද ඉතින් ….”

” හොඳයි හොඳයි නංගා ….අපිත් ඉතින් හෙට තරුවත් එක්කම ගම්බිම් අත ඇරලා යන්නයි ඉන්නේ ……”

” ඔයාලත් නිවාඩු ඉවරද අයියේ ….”

” ඔව් නංගා …..අපි දෙන්නත් හෙට උදේම යනවා ….තුවාලෙ කොහොමද දැන්…..”

” දැන් නම් සනීපයි අයියේ …”

මල්ලියි මමයි ලේස්ති වෙලාම සාලෙට ආවේ .රනූ  නම් අපිටත් කලින් ලේස්ති වෙලාමයි හිටියේ .

” තරුවෝ ඒක නෙමෙයි ….

හොස්පිට්ල් එකේ ඇඳන් උඩ ඉන්න අපේ කොල්ලො දැක්කම පුංචි දොස්තර නෝනයි දොස්තර මහත්තයයි අපිවත් දාලා දුවයිද දන්නේ නෑ නේ….”

මනියා විහිළුවෙන් උනත් කිව්වේ ඇත්ත.බෙහෙත් දාපු තුවාල දකින එක ලොකු දෙයක් නෙමෙයි උනත් හදිසියෙන් අරන් එන තුවාල වුණු රණවිරුවෝ දිහා බලන්න තරම් හැමෝගෙම හිත හයිය නෑ .

විශේෂයෙන්ම ගොඩක් සංවේදී අයට.සමහර වෙලාවට රණවිරුවෝ බලන්න එන එයාලගේ පවුල් වල සාමාජිකයන් පවා කලන්තෙ දාලා වැටෙන්නේ ඒ නිසාමයි.

ඒ තරමටම ජීවිතයත් එක්ක සටන් කරන ලේ පෙරා ගත්තු කොල්ලො ඕන තරම් මේ වාට්ටු වල ඉන්නවා .

රනූගේ හිත හයිය වුණත් තුවාල වුණු රණවිරුවෝ දැක්කම එයාගේ රිඇක්ෂන් එක කොහොම වෙයිද කියලා අපි තුන් දෙනාම තාම දන්නේ නෑ .

මගේ මල්ලි උනත් මං වගේ ගල් හිතක් තියෙන කෙනෙක් නෙමෙයි .ඒත් රනූ වගේම මගෙ මල්ලිත් ඒ දෙන්නගේ කැමැත්තෙන්මයි මේ සේවයට යන්න ඉන්නේ .

පොත පතින් ලබන දැනුම වගේම එයාලා ප්‍රායෝගිකව දකින කරන දේවල් වලින් තමයි එයාලගේ දැනුම වැඩි කර ගන්න පුළුවන්

” මනී යමන්….”

මම එහෙම කියාගෙනම වෑන් එකේ ඉස්සරහට ආවේ උන් ටිකට පස්සට යන්න කියලා .

” අයියේ …මං ඩ්‍රයිව් කරන්නම්…”

22 thoughts on “රන් තරු |18 කොටස |නවකතාව”

  1. Priyadarshani

    ලස්සනයි අදත් කතාව..??
    දිගටම ලියන්න යාලු..good luck?
    බුදු සරණයි.

  2. Nirosha Lakmali

    හරිම ලස්සනයි…. තරූ දැන් රනූට ආදරෙයිනෙ. හරිම සතුටුයි….. Wish your all the best..

  3. අද ගොඩාක් සතුටුයි.???
    තරූ රනූට ආදරෙයි කිව්වනෙ.❤️❤️❤️
    කතාව නම් නියමයි.???
    හැබැයි තරූට කරදරයක් කරලා ඒ දෙන්නට බාල්දි පෙරලනවා එහෙම නෙමේ අයියේ.
    එහෙම කලොත් ගුටි දෙනවා.??
    All the best ?????

  4. ඒකත් ජයසිරි මංගලම් කිවුවලු… හි..හි..

    කතාව ගොඩාක් ගොඩක් ගොඩාක් ලස්සනයි…. හෙටත් මේ වගේම ලස්සන කොටසක් අරන් එන්න…
    බුදු සරණයි!!!

  5. Hashini Navanjana.

    ෂා…….. දැන් නම් ආසාවේ බෑ අනේ… ඇයි ඉතිම් තරූ රනූට ආදරෙයි කිවුවනේ…. කවුද අප්පේ ඒ ඩ්‍රයිව් කරන්නම් කිවුවේ…. ?
    රනූ වත්ද… ????
    ඒක හෙට බලමු නේද… ????
    ගොඩාක් ගොඩාක් ලස්සනයී අයියේ… ඔයාගේ නංගිට කියන්න එයාගේ ටැලන්ට් එක නම් සුපර්බ් ???? කියලා… හරිම ලස්සනට වචන ගලපලා තියෙනවා… ???? දැන් ඉතිම් ලවු ස්ටෝරි ❤ එකත් පටන් ගත්ත නිසා කතාව තවත් ගොඩාක් ලස්සනට තියෙයි… ????
    උදේ දාලා තිබුන කොටසේ කියන්න බැරි උන දෙයක් මං කියන්නද… තරූ කියලා තීනවානේ ආදරේ කරන කාලේ වගේ නෙවෙයි,,,, රණවිරුවෙක්ව මැරි කරාට පස්සේ කෙල්ල වෙනස් වෙනවා. මහත්තයා එන්න පරක්කු උනාම වෙන අයගෙන් සතුට හොයන් යනවා කියලා. ඒකට නම් 100%ක් ම මට එකග වෙන්න බෑ හොඳද… ????
    මොකද අපි වගේ කෙල්ලොත් ඕනි තරම් ඉන්නවා. රනුත් ඒ වගේ.. මට නම් පුලුවන් මගෙ අයියා අවුරුද්දක් නෙවෙයි ඊට වැඩි උනත් එයා වෙනුවෙන්ම බලන් ඉන්න. අවංක ආදරේ එහෙමයි අයියේ… හැබැයි ඔයාලා කියලා තිබුන විදියේ වයිෆ් ලා තමයි අද කාලේ වැඩියෙන්ම ඉන්නේ… මොකද මට අයියා කියලා තියනවා එයාගේ යාලුවොන්ගේ වයිෆ්ලා ගොඩක් අය වෙන අයත් එක්ක ගිහිල්ලා කියලා. ඒත් රණවිරුවෙක් ගේ බිරිඳක් හැම දෙයක්ම විද දරාගන්න පුරුදු වෙන්න ඕනි. තමන්ගේ මහත්තයා අත ඇරලා වෙන කෙනෙක් ලගට යන එක නෙවෙයි වෙන්න ඕනි… රට වෙනුවෙන් කැපවෙන රණවිරුවෙක් තමන්ගෙ මහත්තයා උන එක ගැන හදවතින්ම ආඩම්බර වෙන්න ඕනි… මට නම් ඒ ගැන ගොඩක් ආඩම්බරයි… ? ??
    ඒත් ඒ විදියට හැමෝම හිතන්නේ නැති නිසයි මේ වගේ දේවල් වෙන්නේ…. ????
    ඒ දේවල් හැම දෙයක්ම මේ කතාවෙන් පෙන්නලා දෙනවට ගොඩාක් පින් අයියේ ඔයාලා දෙන්නට… බුදු සරණයි… ???
    ?❤?❤?❤?❤

    1. Aniwarenma nangiya mama ekagayi a kathawata oyage thawa ekak ranaviruwange vitharak newe Ada kale normal Aya unath oya wage pita yanwa ewa apita hadanna ba ne neda oya gana adambaryi nangiya elama sathutiyi oyala wage Aya haduna ganna labunu ekata me kathawalin passe ayth api hamuwena ekaka na Eth oyala hamdma mathake innawa eka sure Mata thank you so much nangiya budusaranyi

  6. ආනේ……….මරූ……
    රනූ වගෙ අදහස් තියෙන කෙල්ලෙක් තරුවට ලැබුණේ තරුවගෙ පෙර පිනකට……

  7. Kathawa lassanai aiye wenada wagema e wagema mt sathutui ranuta tharuge adare ikmanata labunu ekata. Ehenm mn digatam oyalge kathawath ekka innawa aiye bs pi Good Luck aiye & nangi

  8. Ruwanthi Lakshani

    Kathawa niyamai ane lassana awasanak ona hodada. Oyage katha aththatama maretama hithata wadinawa thawa thawa lassana katha aran anna kiyala subapathanawa ???

Leave a Comment