Katha Ahura

වෙඬි වරුශා ?? | විසිදෙවන කොටස | නවකතා

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසිදෙවන වර්ශාව..
_________________________________________________________________________________________________________________

මගේ ඇස් නිකම්ම පිය වෙලා මාව බිමට ඇදන් වැටුණා..

දරා ගන්න බැරි තරම් ඔලුවේ කැක්කුමක් දැනෙද්දි මං ඇස් ඇරියා.. එක මොහොතකට මට අමතක වෙලා මං කොහෙද ඉන්නේ කියලා..

සුදු පාට සිවිලිම.. මං කොහෙද මේ..

තව පාරක් ඇහි පිහාටු ගහලා වට පිට බැලුවා…

සංතූශ්.. ඔව්.. සංතූශ් මං හිටපු ඇදේ එහා පැත්තට වෙලා ශර්ට් එකත් බාගෙට ගලවන් මං දිහා බලන් ඉන්නවා මහ කෑදර විදියට..

මට ඕන වුණා ටක් ගාලා මෙතනින් ගැලවිලා මේ හිකනලාටත් දෙකක් ඇනලා පැනලා දුවන්න.

ඒත් සනූ උඹේ ග්‍රහයෝ ටික නම් අද හොදම නෑ වගේ.. මේ සංතූශ් කාරයා මාව ඇදට තියලා ගැට ගහලා.. මට හෙලවෙන්නවත් බැරි වෙන්න..

මං අත පය හොලවලා දැගලුවා යම පල්ලගේ අපායෙන් ගැලවෙන්න..

ඒත්.. ඒත් අද සනු හිර වෙලා.. හෙලවෙන්නවත් බැරි වෙන්නම..

“මොකද චණ්ඩි කෙල්ල.. ඔහොම ඉන්න අමාරුයි වගේද..?”

සංතූශ්ගේ කාමුක ඇස් මගේ ඇග පුරාම දුවනවා.. ජීවිතේ කිසිම දාක නොදැනුන බයක් මේ සනූට දැනෙන්න අරං.. දශමෙන් දශමේ ඌ මට ළං වෙනවා..

“බයේ වෙව්ලන පුංචි කිරිල්ලියොන්ට මං හරි ආසයි.. විදේශයෙන්ම උඹ වගේ නපුරු කෙල්ලෙක්ට..”

සංතූශ් මගේ ගාවට ඇවිත්. මං හිතන්නේ මං ගොඩක් හයියෙන් හුස්ම ගන්නවා… මෙහෙම දවසක් මං දැකපු නපුරු හීනයකවත් තිබ්බේ නෑ. මට මාව පාලනය කර ගන්න බැරි තරම් කැලබිලා…

“සංතූශ්.. මට යන්න දීපන්..”

බොහොම අමාරුවෙන් මං වචන ගලප ගත්තා..

“ඕඕඕඕ.. තාම කටේ පවර් එක නම් අඩු වෙලා නෑ..”

සංතූශ් මගේ මූණට පහත් වෙලා මූණට වැටිච්ච කෙස් රොදක් අයින් කරා.. ඒ ඇගිලි මගේ කම්බුල් වල වැදෙද්දි මට දැනුනේ පුදුම අප්‍රියාවක්.. මේ මොන තිරිසනෙක්ද .?

“මොකද උඹට කසනවා වගේද.. ? ”

සංතූශ් එයාගේ මාපට ඇගිල්ලෙන් මගේ තොල් පිහිදැම්මා..

මේ තරම් අසරණ කමක්.. පොඩි කාලේ ඉදන්ම චණ්ඩි නපුරු ගතිගුණ එක්ක හැදුන මට දරා ගන්න බැරි තරම්..

ඒ මදිවට සංතූශ් ගාවින් ආවේ සැර මත් පැන් ගදක්..

අපේ තාත්තට මේ තරම් තිරිසනෙක් ළං කර ගන්න තරම් වැරදුනාද දෙයියනේ..

“දැං දාපන් බලන්න උඹ මට කලින් දාපු පාර්ට්.. මතකද උඹ එදා මගේ ඇගිලි ටික කැපුවා… මේ බලපන්.. ඒ කැලැල් තාමත් මැකිලා නෑ. ”

“උඹට ඒවට හුගක් විදවන්න වෙයි.. හුගක්. ”

“මට ඕන කෙල්ලෙක් ඇදට අරන් ඒකිගෙන් ඇති වෙන්න සැප ගන්න විතරයි. මුඩුක්කුවේ අරකිත් ආශ්‍රය කරේ ඕන වෙලාවට යූස් කරන්න. ඒත් ඒකි බඩක් හදාගත්තා..”

“අරූ මාව මුඩුක්කුවේ ගෑණීට බලෙන් බන්දලා දුන්නා.. ඊළගට රිටන් එක හම්බෙන්නේ ඌට.. ”

“එතකොට අර උඹේ රනූ. පට්ට ලස්සන ෆිගර් එකක් තියෙන සුපිරි කෙල්ලෙක්.. ඒකි හොදයි ජීවිත කාලේම එන්ජෝයි කරන්න.. ඒකයි අපේ තාත්තලා ප්‍ර්පෝස් කරාම මං කැමති වුණේ.. ලොකූ දේපලක්නේ..”

සංතූශ් පල් එකට හිනා වුණේ මට නෙවෙයි මගේ තාත්තට..

“අරකිත් මට බොක්කෙන්ම ලව් කරා.. මං උඹට රහසක් කියන්නද.. ?”

“කියපන් හාද..?”

එකපාරටම සංතූශ් මගේ මූණට එබිලා මගේ කට මිරිකුවා..

“කියපන් බැල්ලී..”

ඌ ආයේම හිනා වුණා.. බෝතලයක් අරන් ආයේම ටිකක් කටට හලා ගත්තා..

“මට අර මුඩුක්කු ගෑණි බදින්න වුණේ නැත්නම් එදා මාත් එක්ක මේ රූම් එකේ ඇද බෙදා ගන්න එන්නේ රනූ.. ”

රනූ ගැන ඔහොම කතා කරද්දී ඇත්තමයි මට යකින්න ආවේශ වෙනවා..

“මොකටද රනූ.. ඉන්නවගේ රනූගේ ලස්සන නංගි බබා.. ම්ම්ම්ම්ම්ම් මේකිගේ හුරතලේ..”

සංතූශ් මගේ මූණට පහත් වෙලා මගේ තොල් මට රිදෙන්නම හැපුවා.. තොල් තුවාල වුණ වගේ වේදනාවක් මට දැනුනේ..

දෙවෙනි පාරටත් සංතූශ් මගේ මූණට පහත් වුණා.. මං ඒ මූණට කෙල ගැහුවා..

ඌ කෙලින් වෙලා මූණ පිහිද ගෙන මගේ කම්බුලකට හයියෙන් ගැහුවා..

“වේ# බැල්ලී… ”

තවත් කුණුහරුප ගොඩක් කියලා ඒ යකා ශර්ට් එක ගලවලාම දැම්මා..

උඹ ඉවරයි සනූ..

“හිටපන් මං තොගේ ගෑස් බස්සන්න..”

සංතූශ් මගේ ඇගට පැනලා මාව උමතුවෙන් වගේ ඉබින්න ගත්තා.. මූණ, කම්බුල්, බෙල්ල..

මං දගල දගල කෑ ගැහුවත් වැඩක් වුණේ නෑ.. එක තප්පරේකටවත් ඌ මාව අත ඇරියේ නෑ.. උගේ අත් මගේ ඇග පුරා දුවද්දී මට මාව හිරිකිතයි වගේ..

ඊළඟ තප්පරේ මගේ උගේ කණක් හැපුවා.. ලේ ඇවිත් තුවාල වෙන්නම..

සංතූශ් කන අල්ලගෙන නැගිට්ටා..

“තෝ නම් යක්ශණියක්.. ## බැල්ලී.. තෝව මරනවා මම..”

මේ වගේ වල් සතෙක්ගේ අතින් හපයක් වෙනවට වඩා මැරන එක හොදයි..

සංතූශ් මගේ බෙල්ලට පහත් වෙලා බෙල්ල අත් දෙකෙන්ම මිරිකුවා.. මට කැස්සක් ඇවිත් හුස්ම ගන්නා බැරි වුණා.. පළවෙනි වතාවට මගේ ඇස් වලින් කදුලක් වැටුණා..

ඒත් තප්පරයකින් සංතූශ් මාව අතඇරියා..

“මෙහෙම නෙවෙයි.. තෝව මරන්න වෙන ක්‍රම තියෙනවා..”

සංතූශ් නැගිටිලා මේසේ ගාවට ගියා..

ඇස් වලින් කදුලු ගලද්දි මං ප්‍රාර්ථනා කරේ දේශ්.. අනේ දේශ්… මං ජීවත් වෙන්න ඕන නම් ඔයා ඇවිත් මාව බේර ගන්න..

මගේ හිත මහ හයියෙන් වැලපෙන්න පටන් අරන්..

සංතූශ් මං ගාවට ආවේ මොකක්දෝ සුදු පාට පෙත්තක් අරන්..

“මේක බීපන්..”

“මේ ඇති සංතූශ්.. මට යන්න දෙන්න.. ප්ලීස්ස් ”

“මොකක්ද උඹ කිව්වේ.. ප්ලීස්ස් ”

සංතූශ් මහ වල් විදියට හිනා වුණා..

“කට ඇරලා බීපන්..”

සංතූශ් බලෙන්ම පෙත්ත මගේ කටට දාලා කටයි, නහයයි දෙකම හිර කරා..

අන්තිමේ මට පෙත්ත ගිලුණා..

අමුතු ජරා රසයකින් මගේ මුලු උගුරම පිරිලා යද්දී අමුතු හැගීමකින් මාව අතරමං වෙනවා වගේ දැනුනා..

ඒක මත් පෙත්තක්..

දෙයියනේ මාවත් මත් වෙයිද..?

සංතූශ් හිනා වෙවී මං දිහා බලන් ඉන්නවා.. තප්පරෙන් තප්පරේ මාව මට පාලනයක් නෑ වගේ.. මට සංතූශ්ව පෙනුනෙත් යන්තම් බොද වෙලා..

“උඹේ රස බලන්න මගේ යාලුවෝ සෙට් එකම තව ටිකකින් ඒවී.. අද රෑ ගෙවිලා හෙට එළි වෙද්දී උඹට වෙන්න ඕන ඔක්කොම වෙලා උඹ මිනිය විතරක් ඉතුරු වේවී..”

දේශ්.. මට මතක් වුණේ දේශ්.. මාව බේර ගන්න..

මං අඩනවා.. ඔව්.. සනූ හුග කාලයකට පස්සේ අඩනවා..

“දේශ්.. මාව බේර ගන්න.. දේශ්..”

“ඌට උඹව බේර ගන්න බෑ.. ඌ අන්කල් එක්ක වැඩකට යැව්වා.. ඊළඟට ඌට තමයි ශොට් එක වදින්නේ.. උඹේ තාත්තටත් මහ උළු ගෙදර තපින්න වුණේ අපේ වැඩ වලට මැද්දට පැනපු හින්දා.. අරූටත් එහෙමයි.. උඹලා ඔක්කොම නැටවෙන්නේ අපේ අත් වලින්..”

සංතූශ් තව මොනවදෝ ගොඩක් දේවල් කිව්වා.. ඒවා තේරුම් ගන්න තරම් මනසක් මට නෑ.. මට ඕන දේශ්.. දේශ් විතරමයි..

තවත් මොහොතකින් සංතූශ් මගේ ඇග උඩට පැන්නා..

“දේශ්..”

මගේ විලාපය මැද්දේ ඒ තිරිසනා මගේ බ්ලවුස් එක ඉරලා බිමට විසී කරා…

උගේ අත් මගේ නිරුවත් ලැම පුරා දුවද්දී ඌ ආයේම මගේ දෙතොල් වලට බර වෙලා මගේ සාරය උරන්න පටන් ගත්තා..

අසරණකමේ අන්තයටම ගිලිලා මැරෙන්න හිතෙන තරම් මගේ දෛවය කුරිරු වෙලා..

සංතූශ්ගේ ග්‍රහනය එන්න එන්නම දරදඩු වෙලා මගේ හුස්ම හිර වෙන්න පටන් ගත්තා..

ඒත් එකපාරටම…

_______________________________________________________________

කෙල්ලෙක් වුණාම දග වුණාට කමක් නෑ.. නපුරු වුණටත් කමක් නෑ.. කටත් තියෙන්න ඕන.. ඒත් අති පණ්ඩිතකමයි, අකීකරු කමයි නම් හොදම නෑ.. ☺️☺️

දේශ්.. ඔයා එනවද..??

ආදරෙයි පැලෙන්න ?❤❤️❤? හැමෝටම

ඊළඟ වර්ශාවෙන් හමුවෙමු
බුදු සරණයි..!!

21 thoughts on “වෙඬි වරුශා ?? | විසිදෙවන කොටස | නවකතා”

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          යේහ් යේහ් රත්ත කීවෙ නැහැ ඉමා මට???.අපෙ අම්ම බැන්න නෙහ් කොල්ලට අනම් මනම් නම් කියන්න එපා කියල????

  1. Sandu 1995 thanamalwila

    …..හ්ම්.. කතාව එලකිරි මාදී..

    දේශ් හරි රනූ හරි එන්නම ඕනී දැන් නම්…

    එයාල් එයි නේද.. ඒම නැත්තන් දේශ්ගෙ සගයෙක්වත්…

    හෙටත් අනිවාරෙන් එන්න මාදියා..

  2. ? මහිංසා ?

    මාධී නංගා ගොඩක් කොටස් කියවන්න තියෙනවා …..??????????????? කියවලා ඉවර වුණා ම දිග කමෙන්ට් එකක් දාන්නම්කෝ මැණික …..පරිස්සමින් ඉන්න ඕන චූටි මැණික මගේ …..තෙරුවන් සරණයි ???????????

    ????????
    ආදරෙයි ?පැලෙන්න

  3. අර සන්තුෂ් වගේ වලත්ත වල් සත්තු ඇත්තටම මේ රටේ ඉන්නවනේ ඕකුන්ව ටික ටික මරන්න ඕනි.
    සන්තුෂ් උබට තව වැඩි වෙලා නටන්න වෙන්නේ නැ තිරිසනා
    උබව මරයි හැබැයි කෑල්ලේන් කැල්ල.
    හැබැයි රයිටො මට අර සන්තුෂ් කාරය මැරෙනවා බලන්න ඕනි.
    හැබැයි උව ටික ටික තමයි මරන්න ඕනි.
    ශික් මේ කෙල්ලටත් මන්යන්නේ
    සන්තුෂ්ව එක දවසින් මරන්න එපා දවස් දෙක තුනක් වදදීලා මරන්න.
    ශික් වල්මුසල සක්කිලි සතා

  4. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    අම්මොහ් ඇයි අක්කියෝ සනූට එච්චර දෙයක් කරනකම්ම කාලුත් එව්වෙ නැත්තෙ එයාව බේර ගන්න ඉම්හි ඉම්හි.මෙහ් සනූට ඒම මොකුත් කරන්න එපා හොදේ එයා විතරයි පොඩ්ඩක් ගැම්මකට ඉන්න කෙල්ලෙකුට ඉන්නෙ ඉතිම්ම්.දෙශෝ ඉන්න තැනකිම් ඇවිත් සනූව බේර ගන්ඩෝ…..කතාවනම් ftt ඉතිම්ම් congratulations???♥️♥️♥️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.