Katha Ahura

සූරියකන්දේ අභිරහස (10. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(10. කොටස)

සහකාර පොලිස් අධිකාරිවරයාගේ පැමිණීම පිළිබඳව විලී මහතා හා ඔහුගේ බිරිඳ සතුටට පත්ව සිටියේය.. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට එදින රාත්‍රී අාහාරය ඔවුන්ගේ නිවසින් පිළියෙල විය.
අකමැත්තෙන් වුවද විලී මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ස.පො.අධිකාරිවරයාගේ හිත ඉඩ දුන්නේ නැත. ඔහු විලී මහතා සමඟ බංගලාවේ මිදුලට වී වතුයායේ තත්වය ගැන කතාබහ කරමින් සිටින අතරතුර චාපා පැමිණියේය.
” දෙන්නත් එක්ක පොඩි කතාවක් දාන්නකො .. තව පොඩ්ඩකින් කෑම ලෑස්තියි…පුතා කාලා යන්න ඉන්න ඕන”
විලී මහතා සිනහවකින් පවසා අදීශගේ පිටට තට්ටුවක් දමමින් බංගලාව තුලට ගියේය.
” ඒකත් මරු නේද? පොඩි වෙලාවයි කතා කලේ …පුතා වුනා”
චාපා සිනාසී පැවසුවේය. අදීශ හොරැහින් ඇයගේ සිනහ මුසු මුහුණ දෙස බලා සිටියේය.. ඇයගේ සිනහවට කාගෙත් සිත ඇඳී ගියේය.
” අදීශ අපි පොඩ්ඩක් ඇවිදින්න යමුද?”
” මේ දැන්?”
” ඔව් …මං ආසයි මේ වෙලාවට ඇවිදින්න යන්න”
තම පියාගේ අවසරය ඇතිව චාපා අදීශ සමඟ පයින්ම වතුයායේ පහල දෙසට පැමිණියේය. කලබලයට ඇය තම ජර්සියද දමා විත් තිබුනු අතර සීතලේ වෙව්ලමින් ගමන් කලේය. වැඩි දුරක් නොයා බංගලාවට පෙනෙන ⁣දුරකින් සිටීම සුදුසු යැයි අදීශගේ හිත කීවේය.
” හදිස්සියට දුවගෙන ආවට ජර්සියවත් දාගෙන ආවේ නෑ නේද?”
” මට මතක් වුනේ නෑ අනේ”
ඇය සීතලේ වෙව්ලමින් සිටිනු දුටු අදීශ තම ජර්සියද ගලවා ඇයගේ ඇඟට දැම්මේය. ඒ මොහොතේ පටන් අදීශ පිළිබඳව ආදරණීය අදහස් ඇයගේ සිතට ගලා එන්නට විය.
” අදීශ මං ඔයාගෙන් දෙයක් අහන්නද?”
” හ්ම්..අහන්න”
” ඔයා කාටහරි ආදරය කරනවද?”
” මං මේ ලෝකෙ හැමෝටම ආදරෙයි..ජීවීතයක වටිනාකමක් දන්න මිනිහා තව කෙනෙක්ගෙ ජීවීතයට ගොඩක් ආදරෙයි චාපා”
” විශේෂ කෙනෙක් නැත්ද ?”
ඇයට අවශ්‍ය වචනය අදීශගෙන් ලබාගත නොහැකි බවක් ඇයට දැනුනි.
“එහෙම විශේෂ කෙනෙක් නෑ , කවදා හරි ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවොත් සළකලා බලනවා”
” මං කියන්….
ඇයට ඊළඟ වචන පෙල පැවසීමට ප්‍රථම පරිසරයේ වූ නිහඬතාවය බිඳ දමමින් බියකරු හඬ වතුයාය පුරා ඇසෙන්නට විය. පෙරදින අවන්ති මෙන් ඒ මොහොතේම චාපා තදින්ම අදීශව බඳා ගත්තේය. ⁣බියකරු හඬ වෙනුවට මෙදින තමාට තුරුලු වී හා පැටියෙකු සේ වෙව්ලමින් සිටි ඒ සොඳුරු යුවතිය දෙස ස.පො.අධිකාරිවරයා ඇසිපිය නොහෙලා බලා සිටියේය.
” ඒයි බයගුල්ලි…දැන් සද්දෙ ඉවරයි”
” අනේ මට බයයි අදීශ ”
ඇයගේ හෘදස්පන්දනය ගැහෙන හඬින් ඇය බිය වී සිටින බව අදීශට තදින්ම දැනුනේය. අැයගේ උරහිස වටා අතක් යවමින් ඇයව වත්තම් කරගෙන බංගලාවට ගිය අදීශ දුටුවේ ඔවුන් එන දෙස බලා සිටින විලී මහතාවයි.
” පුතා ඔයාලට කරදරයක් නෑ නේද?”
” නෑ අන්කල් , මෙයා පොඩ්ඩක් බය වුනා. චාපා ඔයා ඇතුලට යන්න”
ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය දුටු විලී පුදුමයට පත්ව බලා සිටියේය.
” මට පුතත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?”
විලී මහතා අදීශ සමීපයට පැමිණ ඇසුවේය.
” කියන්න අන්කල්”
” පුතේ මම කෙලින් කතා කරන මනුස්සයා , මට පේන්නෙ අපේ දූගේ හිතේ පුතා ගැන මොකක් හරි අදහසක් තියෙනවා වගේ”
” මම හිතන්නෙ නෑ අන්කල් , සමහරවිට අන්කල්ට එහෙම හිතෙන්න ඇත්තෙ චාපා බය වෙලා හිටිය නිසා මගෙ අතින් අල්ලන් ආපු නිසා වෙන්නැති”
” නෑ පුතා, චාපා ඊයේ අැන්ටිත් එක්ක ඔයා ගැන කියලා තියෙනවා.මොකද එයා කිසිම⁣ දෙයක් හංගන කෙනෙක් නෙවෙයි.”
රාත්‍රී බෝජන සංග්‍රහයෙන් පසු ස.පො.අධිකාරිවරයා බංගලාවට පැමිණීමට සැරසුනේය.
ඔහු පිටව යාමට සැරසෙත්ම චාපා ඔහුගේ මෝටර් රථයේ ඉදිරිපස අසුන අසලට පැමිණියේ තම මව හා පියා දෙදෙනාම බලා සිටියදීය.
” පරිස්සමෙන් යන්න.. අපි හෙට කොහෙද මීට් වෙන්නෙ?”
” බලමු , ටයිම් එකක් තිබුනොත් මම එන්නම්.. ඒක නෙවෙයි.. රෑ වෙලා තනියම එළියෙ ඉන්න එපා ”
අදීශ ඇසක් ඉඟිමරමින් පවසා ඇයට සමුදුනි..

? ? ?

” කොහෙද අදීශ හිටියෙ?”
අදීශගේ පැමිණීම බලා සිටි වෛද්‍ය අවන්ති ඔහු මෝටර් රථයෙන් බසින අතරතුර ඇසුවේය.
” මට හවස චාපාව මීට් වුනා.. එයාගෙන් පොඩි රික්වෙස්ට් එකක් ආවා ඩිනර් එකට. පස්සෙ විලී අන්කල්ගෙනුත් බේරෙන්න බැරි තැන කාලම ආවා”
” දැන් දෙන්නා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වගේ ”
“ලොකුවටම නෑ… අනික මම ඒ මිනිස්සුත් එක්ක හිතවත් වෙන්න ඕනනේ මේ වැඩේදී.. මොකද එයාලගෙනෙ එස්ටේට් එක ”
” එහෙමද නැත්නම් වෙන දේකටද?”
අවන්ති සිනාසී ඇසුවත් අදීශ එයට පිළිතුරු නොදී සිනාසී බංගලාව තුලට ගියේය..
⚡⚡⚡⚡⚡⚡

දෙසතියක් පමණ ගෙවී ගියේය. සුපුරුදු පරීක්ෂණ කටයුතු වල නියැලෙමින් සිටි මහාචාර්යවරයා හා වෛද්‍යවරියගේ කණ්ඩායමට චාපාද එක් වූයේ ඔවුනට ශක්තියක් වෙමිනි. ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත්ව සිටියදී වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපාධියක්ද හදාරා තිබූ නිසා ඇයට යම් දැනුමක් තිබුනි. ඇතැම් දිනයන්හි ඇය ඔවුන් සමඟ බංගලාවේ රාත්‍රිය ගත කලේය.. අවන්ති සිටි නිසා එයට විලීගේ බලපෑමක් ⁣නොවීය. ඔවුන් දිවා රෑ නොබලා රෝගයට පිළියම් සොයන්නට විය. දිනක් ඔවුන් සියල්ල බංගලාවේ මිදුලට වී විවේකයක නිරත වෙමින් සිටියේය. එකවරම පරිසරය දෙවනත් කරමින් ඇසුනේ ඒ බියකරු හඬයි.
වහා ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරිවරයා තම මෝටර් රථයේ වූ ටී.පනස්හය ගිනි අවියද ගෙන ශබ්දය ඇසෙන දිශාවට දුවන්නට පටන් ගත්තේය.
” අදීශ ඔහොම ඉන්න ”
චාපා නැඟිට ඔහු පසුපසින් යාමට සැරසුනත් සැරයන් විජයරත්න එය වැළැක්වීය.
” කලබල වෙන්න එපා දුව … එයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. අදීශ යකාටවත් බය මිනිහෙක් නෙවෙයි”
විනාඩි කිහිපයකට පසු අදීශ පැමිණියේ තවකෙකු සමඟයි. ඒ කාටත් හුරුපුරුදු මුහුණකි. ඔහු පැමිණි විගස චාපා දුව ගොස් අදීශව බදාගත් අයුරු අවන්ති බලා සිටියේ සියුම් කණගාටුවක්ද සිතේ සනිටුහන් කරගෙනය.
” මේ ඉන්නෙ විජයරත්න මෙච්චර දවසක් එස්ටේට් එකේ හැමෝම බය කරපු හොල්මන”
අදීශ තමා සමඟ පැමිණි පුද්ගලයාගේ ගෙලෙන් අල්ලා පැවසුවේය.

*****************………………………………………………………*************
© කවුරු වෙන්න ඇතිද?

?️නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

12 thoughts on “සූරියකන්දේ අභිරහස (10. කොටස)”

        1. සෙසඳි

          ගුඩ් මෝර්නින්ග් හැමෝටම ….
          රශ් ඇයි කියලද බැලුවෙ…?? මං අල්ලගන්න ඕනේ කිව්වෙ… ඇයි යකූ මෙච්චර කල් කොහෙද අනේ හිටියෙ… කමෙන්ට් වලට රිප්ලයි නෑ … ඒකයි…

          1. රශ්ට අයිති දෙයක් රශ් ලේසියෙන් අතඅරින්නෙ නෑ???

  1. අබිරහස වෙනුවට ආදර හුටපටයක් විසදන්න වෙයි වගේ නේ රශ්… ?? අයියෙක් ද මල්ලියෙක් ද දන්නේ නැහැ නේ ඉතින්…..
    කතාව එල…. අදීශ එල කොල්ලෙක් නේ…. බලමු…??

  2. හොල්මන් සද්දේ දාන්නනේ අර ගොළු මිනිහද දන්නැ බලමුකෝ නේද… අදිශව බෙදාගන්න යුද්ධයක කරන්න වෙයිද… ?? කතාව සුපිරි අයියලා… පරෙස්සමින් ඉන්න..
    තෙරුවන් සරණයි …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.