Katha Ahura

? ගිනි කිරිල්ලී | අවසනයට පෙර කොටස | නවකතා

5/5 - (1 vote)

අවසානයට පෙර පියාපත.. (ඉගිල්ලෙන්න නියමිතයි)

——————————————————————————————————————————————————-

“මට සමාවෙන්න.. මට සමාවෙන්න ගිනී.. කොහෙද ඉන්නේ ඔයා.. මට ඔයාව හොයා ගන්න ඕන.. ”

මට ඇහුනේ මහ හයියෙන් කෑ ගහලා කියවන ශේශ්ගේ කටහඬ.. පලවෙනි වචනය කනට ඇහෙද්දිම මට අඳුර ගන්න පුළුවන් මගේ ආත්මයම සලිත කරපු ඒ කටහඬ..

මං එහෙම බිම වාඩි වුණා..

මං අර වලව්වෙන් පැනලා මහ රෑ හොයන් ආවේ ශේශ්.. ඒත් දැං මගේ ඉස්සරහ ශේශ් හිටියත් ඒ ඇස් මායිමට යන්න හිතට බෑ වගේ..

ඔයා මට ද්‍රෝහි වුණා ශේශ්.. පපුව පිරෙන්න ආදරේ හිතේ තියා ගෙන ඔයාගේ නමින්ම දුක් ඉවසපු මාව ඔයා අමතක කරලා දාලා..

මේකද අපි දෙන්නගේ ආදරේ..?? නෑ ගිනී කරපු ආදරේ.. ඔව් මං විතරනේ ආදරේ කරේ..

මගේ කල්පනාව බිඳුනේ ශේශ් ආයේම පාරක් කාර් එකේ රෝදයකට ගහපු සද්දෙට..

මුළු ජිවීතේම මගේ ඉස්සරහ නැති වෙලා ගිහින්.. කියන්න සතුටුයි තාමත් මං උමතුවෙන් නෙවෙයි..

මං ඇස් දෙක තද කරලා පියා ගත්තා.. මගේ මනස ඇතුළේ මැවුනේ ශේශ් අලංකාර නිළෙමේ ඇදුමක් ඇඳලා ලස්සන පෝරුවක් උඩ තොල් රතු යක්ෂනීව කසාද බැඳපු හැටි..

මටත් නොදැනිම ඇස් අගින් කඳුලු පේළියක් ගලා ගිහින්..

ශේශ් ඔයා අද මට උත්තර දෙන්න ඕනි..

මං හෙමීට නැඟිටිලා තුවක්කුව අතට ගත්තා..

අඩි සද්දේ ඇහෙන්නම මං කඩේ ඉස්සරහට ඇවිද ගෙන ගියා..

යන්තම් අඳුරෙන් මං මුලින්ම දැක්කේ මගේ දිහාවට කොකා ගස්ස ගෙන ඉන්න ශේශ්ගේ තුවක්කුව..

ඒත් මං ශේශ්ගේ ඉස්සරහටම ගියා..

“ගිනී…”

ශේශ් තුවක්කුව පහළට දාලා මං ගාවට දුවන් ඇවිත් මාව තද කරලා තුරුල් කර ගත්තා..

හැමදාමත් මට රැකවරණය දැනෙන මේ ස්පර්ශය අද මගේ හිතට ගෙනාවේ ලොකූ වේදනාවක්..

“ගිනී… මං ඔයාව හෙව්ව තරමක්.. එදා මට සිහිය එද්දි ඔයා හිටියේ නෑ.. මගේ ළඟ ඔයා හිටියේ නෑ. මං.. මං..”

ශේශ්ට වචනත් පැටලෙනවා..

ඒත් මං නොසැලී මළ මිණියක් වගේ ඔහේ උන්නා..

“ගිනී.. මං ඔයාට ගොඩාක් ආදරෙයි.. හැමදේටම වඩා..”

ඒ වචන පිහි තුඩක් තරම් වේදනාකාරියි…

“තොල් රතු යක්ෂනීටත් වඩා ආදරේයිද ශේශ්..??”

මං මගේ පළවෙනි ප්‍රශ්නයෙන් ශේශ්ට දමලා ගැහුවා..

තාමත් මාව තුරුල් කරන් ඉන්න ශේශ් ගැස්සුනා මගේ ප්‍රශ්නෙට..මට හොඳටම දැනුණා..

“ගිනී.. ඔයා හොඳින් නේද ගිනී.. ?? ඔයාට කරදරයක් වුණේ නෑනේ.. කියන්න ගිනී ඔයා හොඳින් නේද..”

තාමත් ඔයාගෙන් ආදරයම ඉල්ලන මෝඩ හිත ඒ වචන වලට ආයේම ආදරේ කරන්න පටන් අරන්..

“ශේශ්..”

“ඔයා කසාද බැන්ඳද. ??”

ටිකෙන් ටික ශේශ්ගේ ග්‍රහණය මිදුණා..

“ගිනී..”

ශේශ් මගේ මූණට එබිලා මට කතා කරා..

ආයේම ඒ ඇස් අස්සේ අතරමං වෙන්න බැරි හින්දා මං ඇස් පියා ගත්තා..

“ගිනී.. ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනව.. ඒත් ඊට කලින්..”

“ඔයා කසාද බැන්ඳද ශේශ්..?”

මං ඇස් පියා ගෙන ආයේම ඇහුවා..

ඔව්.. මට වෙන කිසිම දෙයක් අහන්න ඕන නෑ..

ශේශ් මුකුත් නොකියම මං දිහා බලන් ඉන්නවා..

තාමත් මගේ කම්බුලක් මත තියෙන ශේශ්ගේ දකුණු අත මගේ අත් දෙකට මැදි කර ගත්තා..

මගේ කෙට්ටු ඇඟිලි වලට අහුවෙන ශේශ්ගේ බර මඟුල් මුද්ද.. මට හිනාවක් යන්න ඇති..

මං දන්නවා ශේශ් මං දිහා බලන් ඇත්තේ..

“ඔයා කසාද බැන්ඳද ශේශ්…???”

ඒ අත අල්ලගෙනම මං ශේශ්ගේ වේදනාව පිරුණු ඇස් දිහා බැලුවා..

ඒකට උත්තරය මට කන් දෙකෙන් අහන්න බෑ.. ඒක ඒ තරම් වේදනාවක්.. ඒත් මේ ජීවීතේ වේදනාව ඇරෙන්න මුකුත්ම මට ඉතුරු වෙලා නෑ..

“ගිනී..”

“ඔව්ද නැද්ද විතරයි ශේශ්..??”

මගේ ජීවීතේ කිසිම දවසක මේ තරම් මං නපුරු වෙලා නැතුව ඇති.. ඒත් මගේ කුරිරු දෛවය මාව නපුරු කරලා..

“ඔව්..”

අන්තිමේ මට උත්තරයක් හම්බුනා..

මගේ අතින් ශේශ්ගේ අත ගිලිහෙද්දි මං අඩියක් පස්සට ගියා..

“ගිනී ඒක..”

“ඇති..”

“එච්චරයි මට අහන්න ඕන වුණේ..”

මං මෙහෙම පාලනය කරගෙන හිටියට මගේ හිතේ තිබ්බේ පුදුම තරම් ආවේගයක්..

තවත් කිසිම දෙයක් නොහිතා මං තුවක්කුව ඔළුවට තියා ගත්තා..

“එහෙනම් හැමදේම ඉවරයි..”

මං තුවක්කුවේ කොකා ගස්සද්දිම මගේ ළඟට පැනපු ශේශ් මගේ අත කරකවලා අරන් තුවක්කුව පාරට විසි කරලා මට රිදෙන්නම මාව තුරුල් කර ගත්තා..

“ආයේ ඔහොම කරන්න හැදුවොත් ඊට කලින් උඹ මට වෙඬි තියපන්..”

ශේශ් වෙව්ලන කේන්තියකින් එහෙම කියලා මාව බලෙන්ම ඇඳලා එයාගේ පපුවට හිර කර ගත්තා..

“මට තමුසෙව වටිනවා.. තේරුම් ගනින්..”

ශේශ් තව වචනයක්වත් කියන්න කලින් ඈතින් ලයිට් එළියක් පේන්න ගත්තා.. ඒක වාහනයක්..

“ගිනී ඔයා හැංගෙන්න..”

“එළියට එන්න එපා..”

ඊළඟ තප්පරේ ශේශ් මාව එයාගේ කාර් එක ඇරලා ඇතුළට දැම්මා..

“ප්ලීස්ස් එළියට එන්න එපා..”

“ඕක ඇරලා ඇතුළට යන්න”

ශේශ් කාර් එකේ සීට් පේලිය ඇරලා මාව ඇතුළට දැම්මා..

ශේශ් කාර් එක වහලා ගිහින් කාර් එක ඉස්සරහට ගියා..

තවත් විනාඩියකින් තවත් කාර් එකකුයි වෑන් එකකුයි ඇවිත් නැවැත්තුවා..

“ශේශ්…”

ඒ තොල් රතු යක්ෂනීගේ කටහඬ.. ඒකි නැති කෝලයක් මවා ගෙන දුවලා ගිහින් ශේශ්ගේ ඇඟේ එල්ලුණා..

“කොහෙද ඩාර්ලින් ගියේ..? මං අන්කල් එක්ක ඔයාව හැමතැනම හෙව්වා.. ”

එතකොට කාර් එකෙන් බැස්සේ අර මිනීමැරුවා.. මගේ තාත්තගේ මිනීමැරුවා..

“ශේශ්.. තමුන් මොකද මෙහේ කරන්නේ..??”

ඒ මිනිහා කෙලින්ම ඇහුවේ ශේශ්ගෙන්.. ශේශ් මුකුත් නොකියම අහක බලා ගත්තා.. මොකක්ද මේ දෙන්නගේ සම්බන්දේ..

“අරකි පැනලා ගිහිල්ලා.. එතකොට බලද්දි ඔයත් නෑ ඩාර්ලින්.. ඊට පස්සේ අපේ වෙඩින් රින්ග් එකෙන් මං ඔයාව හොයා ගත්තා..”

එහෙනම් වෙඩින් රින්ග් එක නිකම්ම රින්ග් එකක් නෙවෙයි..

“තමුසෙලට ඕන දේ මගෙන් කර ගත්තනේ.. දැං මට ඉන්න දෙනවා..”

ශේශ් පාලනය කර ගත්තු හඬකින් කියද්දි මට හොඳටම තේරුණා ශේශ් ඉන්නේ ගොඩක් කලබලයෙන් කියලා..

“අරකි මට ඕන.. ඒකිගෙන් කර ගන්න ඕන වුන වැඩේ තාම කර ගන්න බැරි වුණා..”

මගේ තාත්තා මරලා මගේ හැමදේම උදුර ගත්තු මිනිහට මොකටද දැං මාව ඕන..

“කොහේද ඒකී..?”

“මං දන්නේ නෑ.. මං යනවා..”

ශේශ් එහෙම කියලා හැරිලා එද්දිම යක්ශනි ශේශ්ගේ අතේ එල්ලුණා..

ශේශ් තොල් රතු යක්ෂනී එක්ක මෙහෙම ඉන්නවා දකින තරම් වේදනාවක් තවත් නෑ මට..

ඔව්.. ඊළඟ තප්පරේ මං තීරණයක් ගත්තා..

මගේ සිතුවිල්ල වෙනස් වෙන්න කලින් සීට් එක ඇරන් මං කාර් එක දොර ඇරියා..

මේ දේවල් මෙච්චර දුර ගියා හොඳටම වැඩියි…

“මාවද තමුසෙලා හෙව්වේ..??”

ශේශ්ගේ ඇස් දෙක පුදුමයෙන් පිරෙද්දී අර මිනීමැරුවා මං දිහා බලන් හිටියේ පුදුම තරම් වෛරයකින්..

“තමුසේ නම් පිස්සියෙක්ම තමයි.. නැත්නම් ශේශ්ට ආදරේ කරයිද..??”

තොල් රතු යක්ෂනී ශේශ්ව අත ඇරලා මං ගාවට ආවා..

“මේකිව වෑන් එකට දාගන්න..”

අර මිනීමැරුවා වෑන් එකෙන් ආපු ගාඩ්ස්ලට කියද්දි මගේ ඉස්සරහට ආපු තොල් රතු යක්ෂනී අත දිග ඇරලා මගේ කම්බුලකට ගැහුවා..

චටාස්ස්ස්ස්ස්ස්ස්ස්.. !!!

කම්බුල් පාරට මාව ගිහින් වීසි වුණේ පාරට..

“උඹ රයිනිව මැරුවද බැල්ලියේ..?”

තොල් රතු යක්ෂනී මගේ කොණ්ඩෙන් ඇඳගෙන මාව ඇඳලා ගද්දි මං දැක්කේ අපි දිහාවට කේන්තියෙන් එන ශේශ්..

කම්බුල කොයි තරම් වේදනා දුන්නත් මං ශේශ් එක්ක හිනා වුණා..

මං පපුව කීරි ගැහෙන තරම් වේදනාවන් විඳලා තියෙනවා..

මං දන්නේ නෑ සමහරවිට මට ඕන වුණේ ශේශ්ට රිද්දන්න වෙන්න ඇති.. ඒ හින්දා වෙන්න ඇති තොල් රතු කියන හැමදේටම මං ශේශ් දිහා බලන් හිනා වුණේ..

මං ඉන්නේ උමතුවෙන්..

“මේකිව වෑන් එකට දාපන්..”

තොල් රතු යක්ෂනී මාව බිම වැටෙන්නම තල්ලු කරා..

වෑන් එක ගාව හිටපු ගාඩ්ස්ලා ශේශ්ව දෙපැත්තෙන් අල්ල ගෙන… ශේශ් ඉන් දෙන්නෙක්ව දැනටමත් බිම දාලා..

“ගිනීව අත ඇරපන් පර බල්ලෝ.. උඹලට ඕන දේවල් මං කරානේ.. ගිනීට ඉන්න දීපන්..”

“ශේශ් උඹ එනවද මට අණ කරන්න.. යකෝ මං උඹේ තාත්තා.. උඹ ඉපදෙන්නත් කලින් මං මැර වැඩ කරන්න ගත්තේ.. උඹට මේකිව පණ පිටින් ඕන නම් දඟලන්නේ නැතුව හිටපන්..”

එතකොට මගේ තාත්තාගේ මිනීමැරුවා ශේශ්ගේ තාත්තද…?

———————————————————————————————

ශේශ් තරම්ම උඹට ආදරය කරපු මගේ පපුව රිදෙනවා ගිනී.. උඹට සමු දෙන්න මට ගොඩක් ලෝභයි..

ලස්සනයි කියලා නිකම් එක වචනයක් ටයිප් කරන්න නම් හදන්නේ ප්ලීස් මට එපා.. නිකම් ස්ටිකර් එකක් දාන්න නම් හදන්නේ ඒත් එපා.. ගිනී ඔයාලගේ හිත් අවුළපු තරම දැන ගන්න මං ආසයි..

ගිනීව දැනුන විදිය මටත් කියන්න..

ආදරෙයි පැලෙන්න.. තව එක හමුවයි..

අවසන් පියාසැරියෙන් හමුවෙමු..!
බුදු සරණයි..!!

17 thoughts on “? ගිනි කිරිල්ලී | අවසනයට පෙර කොටස | නවකතා”

          1. තැන්කු අක්කෙ.ඔගොල්ලො මට විහිලු කරනවනෙ. මගේ නම විෂාකා.

  1. පටන් ගත්ත දවසෙ ඉදන් කියෙව්ව හරිම ලස්සනයි කතාව. දුකයි ඉවර වෙන්න යනව කිව්වම. අක්කගෙ කතාව හරියට කුතුහලය උපදවන සුලු හැමදාමත් වෙලාවට ටාන් ගාලා ඇවිත් බලන්නෙ කතාව දාලාද කියල.අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා.

  2. අනේ……. මට මොකුත් කියන්න තේරෙන් නැ… මේක ශෝකාන්තයක් වෙයිද… අක්කිගේ මෙච්චර කාලෙකට ශෝකාන්තයකින් ඉවර වෙලා නැ නේද… ඒ හැම එකක්ම සුදාන්ත කතා නේද… හෙට අවසානෙනම්.. හිතට බයක් දැනෙනවා මේක ශෝකාන්තයක් වෙයි කියලා… අනේ මන්දා කතාව සුපිරි අක්කියෝ… බුදුසරණයි !…

  3. හිතෙෂි මෙත්දරා

    Aiyo heta kathawa iwara wenawane akki. Kathawanam godakma lassani akki. Aththatama hadawathata danenna katha liyana kenek oya. Gini godak shakthimath kellek. Adare wenuwen onama deyak karana kellek. Kathawa patan gattu dawase idan mara asawakin kiyeuwe. Oya godak dakshai mage akkiyo. Oyage serama katha godak lassanai. Kathawa athara magadi epa une na poddakwath. Hamadama asawa wadi una oyage katha walata. Mn dan pissek hode oyage katha walata. E nisa madiyoooo katha liyana eka nawaththanna epa. Meka iwara una gaman thawa ekak oni

    Giniwanam kawadawathama amathaka wenne na. Thawa lassana katha liyanna raththaran ath dekata shakthiya labenna oni. Parissamin inna akki. Budu saranai.

    Ane adawath awill comment ekak dala yannako menika

  4. ගිනී ඉවර වෙනවා කියලා කියද්දිත් ගොඩක් දුකයි ???…..හැමදාම ගොඩක් ආසාවෙන් කියවපු කතාවක් ???…දැන් නම් ශේශ් බලන් ඉන්න එකක් නෑ ගිනීව කොහොමහරි බේරගනි …රතු තොල් යක්ෂනිවත් ඉවරයක් කරලා ආපහු ගිනීට ශේශ්ව දෙන්න සුදු මාධියෝ ?????????????????????????????

  5. නිරෝෂා ලක්මාලි

    දෙපාරක් කියවලත් ආයෙත් වතාවක් කියවන්න හිතෙන කතාවක්. ඒ තරමට ගිනි කිරිල්ලිට ආදරෙයි. ශේශ්ගේ තාත්තා තමයි හැමදේටම මුල. ඒ වගේම එයාලගේ අවසානය ගැන හෙටම බලමු. මොනවා වුණත් මේ හැමදේම ශේශ් කරේ ගිනීව ආරක්ෂා කරගන්න. ගිනීත් හරිම මුරණ්ඩුයි. ශේශ් අච්චර එපා කියද්දි එළියට ඇවිත් ආයෙත් අර තොල් රතු යක්ෂනී ලඟටම ආවා. ඔය යක්ෂනීට නම් දසවද දීලා මරන්න හිතෙන්න මට. මොනවා වුණත් කතාව සුපිරියි. ආයේ ඉතින් මාධි කෙල්ල කතාවක් ලිව්වා කියන්නේ ඒකේ කිසිම ඇදයක් කුදයක් නෑ කියන එක එකෙන්ම පිළිගන්න එපැයි.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

  6. මන් ගිනී ගෙ පලවෙනි කොටස කියවද්දි ටික වෙලාවකින් මාත් නොදැනිම කතාවට වහ වැටුනා එතන ඉදන් මන් ගිනී කියෙව්වෙ පිස්සුවෙන් වගේ…මන් ගිනීගෙ කතාව බලද්දි කතාවෙ දේවල් චිත්ත රූප මැවෙන්න ගත්ත…ගිනීගෙ පිස්සුව… ශේශ් නාගයගෙ ආදරේ ….තොල් රතු යක්ශනීගෙ නපුරු මූන….මේ හැම දෙයක් මැදින්ම මන් ගිනීගෙ කරදර ඔක්කොම ගිනීත් එක්කම දරා ගත්ත

    මන් මේ ඇප් එකට අලුත් ඉතිම් මන් මුලදි කිසිම කමෙන්ට් එකක් දුන් නෑ…ඒකට සමාවෙන්න ඒත් දැන් නම් කමෙන්ට් එකක් දෙන්නම ඕනී
    ඕනී

    ගිනී…..ඉවර කරන්නයි ඔයා හදන්නෙ…අනේ ප්ලීස් ගිනීට තවත් දුක් දෙන්නෙපා ශේශ්ගෙ ආදරේ ගිනීට දෙන්න …ගිනීගෙ ගින්දර නිවන්න…

    ඔයාගෙ කතාව හරිම ලස්සනයි .. හොඳ ගැලපීමක් එක්ක කතාව පෙල ගස්වලා තියෙයි ….මේ වගේ තවත් ලස්සන …ලස්සන …ලස්සන ….කතා අපිට දෙන්න …ඔයාට පුළුවන් ….මේ වගේම ඉස්සරහට යන්න…සුබ පතනවා මන්…??????????????????????????????

  7. Ane madi akki patiyo apiwa asarana karanna epa ane. Asawen kiyeewwe giniwa. Kathawa iwara wenawa kiwwama marama dukai ane.

    Aththa gini nm umathuwak. Gini nisa apith umathu wela. Adarei ginita hamadama. Shesh + gini dennama chandiyone. Lassanai akkiyo kathawa godaak. Thawa kathawak denna akkiyo apita. Adarei oyata hamadama. Hama pathumakma ishta wenna kyl prarthana karano akkiyo.

  8. නයෝ මධූ

    ඉඅවර කරන්න එපා කියන්න හිතෙනවා අනේ. සමාවෙන්න ඕනේ මං දැන් මේ කතාව කියෙව්වේ. ශේශ්ටත් කරගන්න දෙයක් නැතුව ඇති. ඒක තමා අරකිව බඳින්න ඇත්තේ.

  9. ලස්සනයි අක්කි ගොඩ ගොඩාක් කතාව.හැබැයි ඉතින් ඉවර වෙනව කිව්වහම දුකම දුකයි .මොකද ගිනි කිරිල්ලී හවසට එනකන් අපි බලන් ඉන්න නිසා කියවන්න. මේ කතව ඉවර උනත් තවත් අලුත් ලස්සන කතාවක් අක්ක්කකියා අරන් එනකන් අපි බලන් ඉන්නවා ????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.