Katha Ahura

? සමනල පියාපත් ? 74 වෙනි පියාපත්

5/5 - (1 vote)

74 කොටස

” ඔයා නම් මහ මෝඩයි අක්කා …. මට හිතාගන්න බෑ චතුර අයියා ගලපලා කියන බොරු ඔයා කොහොම විශ්වාස කරනවද කියලා ….. ”

නංගි බැන්නෙ ඇද උඩින් වාඩි වෙලා. අම්මලා ගෙදර හිටියෙ නැති නිසා නංගිගෙ කටේ සද්දෙත් වැඩියි.
මං රෝද පුටුවට වෙලා බිම බලාගෙන කල්පනා කලා .

” දැන් ඇති නංගි ……. මෙයාට අපිටත් වඩා විශ්වාස චතුර අයියවනේ … ”

ඒ නයෝමදූ . මම ඒ දෙන්නම කියන දේවල් අහගෙන හිටියා.

” ඉතිං චතුර අයියා මොකටද මාව රවට්ටන්නේ .. අනික ඉතිං එයා පොලීසියෙ වෙලා මෙහෙම මාව රවට්ටයිද … ”

මං කිව්වම නයෝමදුයි නංගියි මගෙ දිහා බලාගෙන හිටියෙ කේන්තියෙන්.

” තවත් ඔයාට කොහොම තේරුන් කරන්නද අක්කේ …. ඔයාට අපිට වඩා විශ්වාස අර චතුර අයියනේ ”

නංගි ඒ ටික කිව්වෙ නම් හොදටම කේන්තියන්.

මට දැනුනෙ මාව නිකන් ලෝක දෙකක හිර වෙලා වගේ. නංගියි නයෝමදුයි එකක් කියනවා.චතුර අයියා කියන්නෙ වෙනමම කතාවක්. මං මොකද්ද විශ්වාස කරන්න ඕනෙ කියලා දහ අතේ කල්පනා කලා.

” ඔයාට නිකමටවත් මතක නැද්ද අක්කේ ඔයා රවීන් අයියට මොනතරන් ආදරේ කලාද කියලා ……. ”

නංගි නැගිටලා ඇවිල්ලා මගේ දණහිස් දෙක උඩින් අත් දෙක තියලා ඇහුවා. ඒ වෙලාවෙ නම් මගේ පපුව ගැහෙන වේගෙත් ටිකක් වැඩි උනා.

නංගිටයි නයෝමදූටයිත් මේ තරම් මට බොරු කියන්න උවමනාවක් නෑනෙ. මේකෙ මොකක් හරි ඇත්තක් ඇති කියලත් මේ වෙලාවෙ මට නොහිතුනාම නෙවෙයි.

” ඔයාව පැහැර ගන්න වෙලාවෙ රවීන් අයියා ඉදලා තියෙන්නේ රට .. ඔයාගෙන් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නැති නිසයි එයා ලංකාවට ආවෙ… ..එයා ඔයාව හොයාගෙන මුලින්ම ආවෙ මෙහෙට …”

නංගි මේ කතාව මට මේ කියන්නෙ කීවෙනි වතාවටද කියලා මටවත් මතක නෑ.

” රවීන් අයියට අමාරුයිලුද ……. ”

මං නංගිගෙන් ඇහුවේ ඊයෙ එයාට තුවාල උනා කියලා නංගි මං එක්ක කිව්ව නිසා.

” ආයෙමත් ශාන් අයියා කෝල් කලේ නෑ. ….කෝල් කලාම බලමු අපි … ”

නංගි කිව්වා.

” ෂානි ටිකක් තේරුන්ගන්න …. ඔයා මෝඩ කෙල්ලෙක් නෙවෙයි .. ඔයාට මතකය අමතක උනාට ඔයාට කල්පනා කරලා බලන්න පුලුවන් නේ … මේ වෙන දේවල් හරිද වැරදිද කියලා ”

නයෝමදූ එහෙම කිව්වෙ මගෙ ඔලුවත් අතගාලා.

ඇත්තටම මට මං ගැනම පුදුම අසරණකමක් දැනුනේ . මොනවද කරන්න ඕනා කියලා මට හිතාගන්න පුලුවන් උනේ නෑ.

” අක්කා … කල්පනා කරලා ඉක්මනට තීරණයක් ගන්න .. .නැත්තන් ඔයාටමයි දුක් වෙන්න වෙන්නේ …. ”

නංගි කිව්වා.

මං බිම බලාගෙන වේගෙන් හුස්ම ගත්තා .මොන දේ උනත් මට හිතුනෙ මේ හැමෝගෙම ජීවිත වලින් ඈත් වෙලා යන්න.

අතීතයේ මොන දේවල් උනත් මගේ වර්තමානයයි අනාගතයයි දෙකම අදුරුයි. මොකද මම දැන් ඇවිදගන්න බැරි කෙල්ලෙක්. කිසිම වටිනාකමක් නෑ. කිසිම වටිනාකමක් මගේ ජීවිතේට එකතු කරන්නත් බෑ.

ඉතිං මං වෙනුවෙන් කවුරුවත් තමන්ගෙ ජීවිත කැප කරන්න ඕනෙ වෙන්නෙ නෑ කියලා මට හිතුනා.

” නංගි ………. ”

” අක්කා ….. ”

” මං කිසි වටිනාකමක් නැති කෙල්ලෙක් නංගි … මේ වයස කෙල්ලෙක්ගෙ ජීවිතේ ලස්සනම වයස .. ඒත් මගේ … ”

” ඇයි අක්කේ ඔයා එහෙම කියන්නේ …. මොනවද ඔයාට නැති උනේ ”

නංගි එහෙම ඇහුවම මම එයා දිහා බලලා හිනා උනා.

” මට මොනවද ළමයෝ තවත් නැති වෙන්න තියෙන්නේ ……. ”

මං එහෙම ඇහුවම නංගිගෙ ඇස් වල කදුලු පිරුනා.

” ඇයි එහෙම කියන්නෙ ”

නංගි ආයෙමත් මගෙන් ඇහුවා.

” මට මගේ අතීතය මතක නෑ… අනිත් එක මට ඇවිදගන්නත් බෑ … මට තවත් මොනවද නැති වෙන්න තියෙන්නේ …. ”

” අක්කා … ඔයාට ඇවිදින්න පුලුවන් … ඇයි උත්සාහා නොකරන්නේ .. ඔයාට ශොක් එකක් තියෙන්නේ … ”

නංගි කිව්වෙ මගෙ අත් දෙක තද කරලා අල්ලගෙන.

” මගේ හිත හදන්න ඕවා කියන්නෙපා නංගි… චතුර අයියත් මාව එක්කන් යන්න හදන්නෙ මාව සනීප කරන්න හිතාගෙන නේ …….. ඒත් මං නම් හිතන්නෙ නෑ ”

මං කිව්වෙ බිම බලාගෙන.

” තමුසෙ ඉගෙන ගත්ත ඒවත් අපරාදෙ අක්කේ …….ඒ තරම්ම තමුසෙ මහමෝඩ ගහක් …….. ”

නංගි මටත් ඔරවගෙන කාමරෙන් එළියට ගියේ එයාගෙ ඇසවල පිරිලා තිබ්බ කදුලුත් පිහදාන ගමන්. මම නංගි යන දිහාව බලාගෙන හිටිය ඇස් වල කදුලු පුරවගෙන.

” පේන දේට වඩා අපිට නොපෙනෙන දේවල් වල හැංගිච්ච මොනවම හරි තියෙන්න පුලුවන් ෂානි … ඒක නිසා කාවවත් එක පාර විශ්වාස කරන්න එපා… ඔයාට කිසිම දෙයක් හරියට මතක නැති නිසා කවුරු කියන දේවත් විශ්වාස කරන්න එපා.. විශේෂයෙන් චතුර අයියව.මොකද අපි කවුරුත් ආස නෑ ඔයාට මතකය ආවම ඔයා පසුතැවෙනවා බලන්න …… ”

නයෝමදූ මගේ අත් දෙක අල්ලගෙන කිව්වා. ඒ වචන ටික නම් මගේ හදවතටම දැනුනා.

නයෝමදූත් මාව කාමරේ තනියම තියලා එළියට ගියා.

තනිවෙච්ච මම කාමරේ ඉදන් කල්පනා කරන්න පටන් ගත්තේ මං මොනවද ඉස්සරහට කරන්න ඕනෙ කියලා. ඒත් කිසිම දෙයක් මගෙ හිතට ආවෙ නෑ.

බැරිම තැන මම ඉකි ගගහා අඩන්න පටන් ගත්තේ මට මගේ අතීතය ගැන කිසිම දෙයක් මතකෙට ආවෙ නැති නිසා.

____________________________________

නංගි කේන්තියෙන් ගියාට පස්සෙ ආයෙමත් අපේ ගෙදර ආවෙ නෑ. ඊට පහුවදා මම උදේ ඉදන්ම මග බලාගෙන හිටියෙ නංගි එනකන්.

මං හිටියෙ මිදුලට වෙලා රෝස පාටට මල් පිපිලා තිබ්බ රෝස ගස් ළග.

මගෙ හිතට ආවෙ රවීන් අයියව. ඇත්තටම එයයි මමයි හුගක් ආදරේ කලාද …. ඒ කිසිම දේකට එයා සම්බන්ද නැද්ද ?

මගෙ හිතට ප්‍රශ්න ගොඩක් ආවා. ඒත් මේ හැමදේටම හරස් වෙලා තියෙන මූලිකම ප්‍රශ්නෙ මගෙ මතකය නැති එක කියලා මට හිතෙද්දි මේ හැමදේම මට එපා වෙලා යනවා.

” ෂානි …………. ”

වත්ත පල්ලෙහා ඉදන් මට කවුද කතා කරනවා ඇහුනා.

” ශාන් අයියේ …….. ”

” මොනවද කල්පනා කරන්නේ …….. ”

ශාන් අයියා එහෙම අහගෙනම වත්ත උඩහට ආවා.

” කල්පනා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා …. අයියේ … රවීන් අයියට ගොඩක් තුවාලද ? ”

මං එහෙම ඇහුවම ශාන් අයියා බිම බලාගත්තා. එයා මගේ ඇස් මග ඇරියෙ හිතලම වගේ.

” කියන්නකෝ ශාන් අයියේ …. ”

” එයාට තුවාල උනා කියලා ඔයා කොහොමද දන්නේ …… ”

මං අහපු දේට උත්තර දෙනවා වෙනුවට ශාන් අයියා මගෙන් ආයෙමත් ප්‍රශ්නයක් ඇහුවා.

” මට නංගි කිව්වා …….. කියන්නකෝ අයියේ ”

” අපි ඒ ගැන කතා නොකර ඉමු …. ඔයා කොහොමත් අපි කියන දෙයක් තේරුන්ගන්නෙ නෑනෙ ෂානි …. ඔයා හරිම මුරණ්ඩුයි …. අනික ඔයාට ඔයාගෙ නංගි කියන දේටත් වඩා වැදගත් උනේ අර චතුරව….. ”

ශාන් අයියා කියාගෙන කියාගෙන ගියා. ඒ වෙලාවෙ නම් මට හිතුනෙ මේ සිද්ද වෙන හැමදේටම වගකියන්න ඕනෙ මමයි කියලා. ඊටත් වඩා මට දුක හිතුනේ ශාන් අයියා රවීන් අයියා ගැන කිසිම දෙයක් මට කියන්නෙ නැති එකට.

” ශාන් අයියේ …. මට කිසිම දෙයක් මතක නෑ … මං මොකද්ද කරන්නෙ ඉතිං ”

” ෂානි … ඔයාට කිසිම දෙයක් මතක නෑ කියන එක මං පිළිගන්නවා ..එහෙම මතක තිබ්බනම් ඔයා මං එක්කවත් මෙහෙම කතා කරන්නෙ නෑනෙ …….. ”

ශාන් අයියා එහෙම කිව්වම මම බිම බලාගත්තා. ශාන් අයියත් මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා නංගි මගෙත් එක්ක කිව්වා.

” ෂානි … මමත් ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා…. එහෙම හිටිය මම අද රවීන් අයියගෙ පැත්තට ගිහින් එයාට උදව් කරනවා ….ඇයි මං එහෙම කරන්නේ … මට පිස්සු කියලා හිතනවද … නෑ … නෑ නංගි මට පිස්සු නෑ … ඒ කොල්ලා ඔයාට ආදරේ කරන තරම දැක්කම අපේ ආදරේ මොකද්ද කියලා හිතෙනවා …… ”

ශාන් අයියා කිව්වෙ කේන්තිය එකතු වෙච්ච වේදනාවකින්.

” අනේ මට කියන්නකෝ රවීන් අයියා කොහෙද ඉන්නෙ කියලා ”

” දැන් එයා ගැන හොයලා වැඩක් නෑ …. ඔයාට අපි තේරුන් කරන්න උත්සාහා කලා .. මෙතනින් එහාට ඔයාට තේරුන් කරන්න උත්සාහා කලත් වැඩක් වෙන්නෙ නෑ .. ”

” අනේ ඇයි එහෙම කියන්නේ …… ”

” හ්ම්ම්ම් … අන්න ඔයාගෙ කුමාරයා එනවා …. මං යනවා නංගි … ”

ශාන් අයියා එහෙම කියද්දි මං පල්ලෙහා පාර දිහා බැලුවා. එතකොටයි මං දැක්කෙ චතුර අයියා ජීප් එකෙන් බහිනවා.
ශාන් අයියා තවත් මුකුත් නොකියා පල්ලම බැහැගෙන ගියා.
එයා චතුර අයියා දිහා නිකමටවත් ඔලුව උස්සලා බැලුවෙ නෑ.

චතුර අයියනම් යන්න ගිහිල්ලත් ආයෙම හැරිලා බැලුවා ශාන් අයියා දිහා.

” මොනවද මිනිහා කියන්නෙ …. ”

චතුර අයියා මගෙ ළගට ආවෙ එහෙම අහගෙන.

” රවීන් අයියා ගැන ……. ”

මං එහෙම කිව්වම චතුර අයියා නක්කලේට වගේ හිනා උනා.

” ඔයා තවත් මෙයාලා කියන ඒවා පිළිගන්නවනේ ෂානි ”

” ඇයි මං ඒවා පිළිනොගෙන ඉන්න ඕනා ”

මං එහෙම ඇහුවම චතුර අයියා මගෙ දිහා අමුතු විදිහට බැලුවා.

” ඒවා කිසි පදනමක් නැති සුරංගනා කතා ”

” ඇයි එයාලා ඒ සුරංගනා කතාව එකම විදිහට මට ආයෙ ආයෙ කියන්නේ ”

” ෂානි … එයාලට ඕනෙ ඔයාව මගෙන් ඈත් කරන්න …….. ”

” එයාලා එහෙම කලා කියලා මොනවද එයාලට ලැබෙන්නෙ …… ”

” ඒක අහන්න ඕනෙ රවීන්ගෙන් ”

මං එහෙන් මෙහෙන් අහන ප්‍රශ්න වලට චතුර අයියා දුන්නේ ලිස්සලා යන උත්තර.

” ෂානි …. මෝඩ වෙන්න එපා .. ඔයාට වෙච්ච සම්පූර්ණ සිද්දිය තමයි මම ඔයාට කිව්වේ ……. ”

චතුර අයියා කිව්වා.

” එහෙනම් ඇයි රවීන් අයියා වෙද ගෙදරින් මාව අරන් නොගියේ …… ”

මං එහෙම ඇහුවම චතුර අයියා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා.

” ෂානි ..මම එයාගෙ ප්ලෑන් මොනවද කියලා දන්නෙ නෑ ළමයෝ …. ප්ලීස් .. විකාර හිතන්නෙපා … අපි මෙහෙන් යන්න ඕනා ඔයාව සනීප කරගන්න …… ”

චතුර අයියා එහෙම කිව්වෙ මගෙ උරහිස් දෙක උඩින් අත් දෙක තියලා.

මගෙ හිත මහ මොකද්දෝ බරකින් පිරිලා ගිහින් තිබ්බා. මම හිටියෙ බිම බලාගෙන.

” ෂානි … මැණික … ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා … ”

චතුර අයියා කිව්වෙ එක දණහිසක් බිමට තියලා මගෙ ඉස්සරහින් පහත් වෙන ගමන්.

” මොකද්ද ”

” ඒක මං කියනවට වඩා ඔයා බලලම සතුටු වෙන්නකෝ …. ”

චතුර අයියා එහෙම කියලා එයාගෙ සාක්කුවෙන් කහ පාට ලියුම් කවරයක් අරන් මගෙ ඔඩොක්කුව උඩින් තිබ්බා.

මම හෙමීට ලියුම් කවරෙ ගත්තෙ ඇරලා බලන්න.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
රවීන් අයියට මොකද්ද උනේ කියන්න නම් මංවත් දන්නෙ නෑ. මෙතනින් එහාට කතාව කියන්නෙ ෂානි .. මං හිතන්නෙ ඔයාල කැමති වෙයි ආයෙමත් එයා කතාවට එකතු උනාට ??? අපි බලමුකො චතුර අයියා මොකද්ද ඊළගට නටන්න හදන නාඩගම කියලා. ලියුම් කවරෙ ඇතුලෙ තිබ්බෙ මොනවද කියලා දැනගන්න වෙන්නෙ ඊළග කොටසින් තමා. ???? දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්නකෝ?❤❤❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

173 thoughts on “? සමනල පියාපත් ? 74 වෙනි පියාපත්”

      1. ? එරන්දි ?

        තැන්කූ මගෙ අක්කියෝ අනා ඔයාගෙ නම හරි ගිහින් නෙද ..???

    1. Chamodya Madusanki

      පව් අපේ රවීන් අයියා එයාට මුකුත් වෙලා නැතිව ඇතිනේද?
      අම්මපා ඔය චතුරයව අහු උනොතින් මරාගෙන මැරෙන්න නෑ මං…?? කෑලි කැලි කරනවා ??? චතුරත් එක්ක එන කේන්තියක් බෝම්බයක් ගහන්න හිතයි ඌට එතනම මැරෙන්න????
      මේ ශානිට මෙච්චර කියලත් තේරුම් ගන්නේ නැති හැටියක්, තාමත් මේ මෝඩි චතුරව විශ්වාස කරනවනේ. මේකිට ගහන්න ඕනි ආයේ මතකේ එන්න අර රවීන් අයියට උනා වගේ..

      ලොකු අයියේ රවීන්ට මොනා හරි කරලා තිබ්බොත් ඔයා ගැන බලාගන්නම් හොදේ, මේ දග පවුලේ හැමෝගෙන්ම ගුටිකන්න තමා වෙන්නේ ඔයාට..

      එක අතකට ශාන් අයියා පව් අප්පා එයාටත් කෙල්ලෙක්ව සෙට් කරලා දෙන්නකෝ අනේ, දැන් එයා අහිංසක වෙලා???
      ??????????
      සැවැන්දරා මල් මිටක් වගේ
      සුවද පිරුණු
      ඔබේ ආදරේ
      සිතට ලං වෙලා සිනහා විසිරුණා
      ජීවිතේම අද
      හීනයක් වෙලා..
      සෝ තැවුල් පිරි
      මාවතින් මිදි
      ඔබේ නමට හිමි
      මගේ හසරැලි
      මැකී නොයන් දෑස් අග රැදි..
      වාසනා ගෙනා ඔබේ
      නෙත් පුරා
      දැවටෙන්න පැතුම්
      පතන්නෙමි මා
      දුරක පාවෙලා නොයන් සැගවිලා
      හඩා වැටෙමි මම
      ඔබේ නමින් සදා…
      ??????????

      කතාවනම් ගොඩාක් ලස්සනයි ඉතින් ආයේ ඒක ගැන කියන්න වචන නෑ මල් හතයි…???
      පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම
      බුදුසරණයි
      ආදරෙයි මගේ අක්කලා අයියලා හැමෝටම ?????

      1. චමෝ නංගා මේ සිංදුවක්ද…??? මං දන් නැ අනේ… ඒකයි.. ඒක ලස්සනයි..
        ???

  1. හිතාගන්න බෑ අප්පා මොනාද වෙන්නෙ කීලා.දැන් අයියට හිතෙන්නෙ නැද්ද බාල්දි පෙරලුවා ඇති වගේ කියලා…..?????????

    1. එයාට එහෙම හිතෙන් නැලූ…?? තව බාල්දි පෙරලන්න ඕනලු මචී… තව ඉස්සරහට ඔයිට වඩා බාල්දි පෙරලයි..

      1. අයියූ අනී දැන්නම් ඉතින් ඔය චතුරයව සුන්නද්දූලි වෙලා යන්න වස් කවියක් වත් අපිට තමා කියන්න වෙන්නෙ ??????

  2. ? මහිංසා ?

    චතුර උලමා ෂානි බැදගන්න හදන්නේ…. වෙඩින් ඉන්විටිටෙෂන් කාඩ් ගහලා ඇති ඔය කපටි හිවලා…..????????? අනේ ඉක්මනින් ශානිට මතක එන්න කියල පතනවා.. තමන්ගේ අය කියන දේවල් විශ්වාස කරන්නැති එකටනම්…. කේන්ති එනවා මේ කෙල්ල ගැන…. කොහොමත් ඉතින් අපි ගොඩක් විශ්වාස කරන්නේ වැරදි කෙනාම තමයි ඒ ඉතිං අපේ හැටි…. හංසයට වගේ දියෙන් කිරි වෙන්කර ගන්න බෑනේ ?????

    රවීන් කොල්ලා හොඳින් ඉන්නව නේද ලොකු…. ඊට කලින් කියන්න කෝ ඔයා හොදින් ඉන්නව නේද…. බේත් ටික බීලා රෙස්ට් කරන්න…. බෙහෙත් ටික අල්ල අල්ල ඉන්නේ ඉන්නැතුව කාල බෙහෙත් බොන්න…. ඔයා ඉතිං බේත් බොන්න හොරයිනෙ…… මාත් ටිකක් අසනීප වෙලා ඉතින් මම නම් බේත් බොනවා විඳවන්න බෑනේ????? ?????
    ෂාන් නම් පට්ට හොඳයිනේ….. නංගි කෙල්ලත් මරු…. නයොමධූ ඇවිල්ලා නෙ අද….

    ලොකු මේ රවීන්ට මුකුත් කරේ නැහැ නේද ඔයා…. එයාට බෙහෙත් කරන්න…. හොඳ ද….. පවනි නම් හරි ළඟට වෙලා ඇති…. රවීන්ගේ කසාදය නං ඇණ හිටියා….????? ෂානිගෙ ඉලව්ව තමා භය….

    ඊයෙ ගොඩක් අය අඩුයි… සඳනි ගැන කිසිම ආරංචියක් නෑ අනේ සඳ ඔයා හොඳින්ද….. අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය පතනවා…
    හැමෝගෙම හිත් වල තියෙන නේක ප්‍රශ්න කරදර කම්කටොළු නිමා වෙන්න කියලාත් හදවතින්ම පතනවා….

    අනේ මේ ඇප් එකට වෙච්ච දේ ඉක්මනින් හදන්න කියලා චන්දිම සර්ගෙන් ඉල්ලනවා… profile එක පෙන්නන්නෙ නෑ නේ….. ඒ ගැනත් සලකා බලන්න…. හැමෝටම ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි…..????????

  3. Monada karanna hadanne loku aiye. Ara gon ali chathuraya shaniwa badinnada haanne? Aiyo kadawale me chathurayata mkt wenne nane ammapa.

    Daga set eka demuda oya halapa chathurayata gemak. Ai yako ape me ahinsaka kurulu joduwata inna dennema nane meka.
    Buru gon thadi mi haraka.

    Piyabagena enna hithono luku oyata guti dila yanna. Ape ravin aiya paw ane. Mkt karanna ema epa hodada? Lamaaai yamuda lokula gewal paththe gihin enna. Yana gaman ara mokada chathurayage hobatath animu aya me wage wada nokarnnama.

    Maha loku polocekaraya. Konda pana na appa e miharakage. Ekane me wage dekai 50හෙ වැඩ කරන්නේ. නැද්ද මම අහන්නේ?

    1. අනිවා අක්කි… එහෙනම් බලපිටියේ ට්‍රිප් එක ලැස්ති කරන්ද… ?? අපිව සාධරයෙන් පිලිගන්න බලාගෙන ඉන්න ලොකු අයියේ ??

  4. නයෝ මධූ

    ඇයි රත්තරන් අයියේ රවීන්ට මොකද කළේ ඔයා? අනේ මං දැන් ආවේ අනේ. ඊයෙත් කතාව කියවන්න බැරි වෙලා මට. ඒ ටිකට ඔයා මේ මොකක්ද කරලා තියන්නේ? චතුරනම් මහ මොකෙක්ද මන්දා අනේ. ෂානිට මතකය ආපු දවසට එයා දුක් වෙයි අනේ. එහෙම වුනොත් ෂානි දිහා බලන් ඉන්න තමා වෙන්නේ චතුරට. ශාන් අයියත් පව්. එයා තේරුම් ගත්ත එකනම් ලොකු දෙයක් අනේ රවීන්ව.

    ෂානි කොහොමහරි ඇත්ත තේරුම් ගත්තොත් හොඳයි අනේ. නංගියි නයෝයි පව් අනේ. එයාලා කොච්චර ට්‍රයි කරනවද ෂානිගෙ මතකය ගෙන්න ගන්න. චතුරයා බඳියිද දන්නෑ ෂානිව. ඒකටද ලෑස්ති වෙන්න හදන්නේ?

    අයියේ ඔයා හොඳින් ඉන්නවා නේද? අනිත් හැමෝමත් පරිස්සමෙන් ඉන්නවා නේද? මේ දවස්වල බිසී ටිකක් අනේ. හිතටත් අවුල් ගතටත් අවුල්. ඔක්කොම බැලන්ස් කරගන්නේ බොහොම අමාරුවෙන් මේ දවස්වල. ඒ නිසා පරිස්සමෙන් ඉන්න හොඳේ. බුදු සරණයි.

    1. චතුරයා වෙඩින් එක ගත්තොත්… පොරුවේ චාරිත්‍ර යද්දී මැර ප්‍රහාරයක් දීලා ෂානිව උස්සමු අක්කි… එතකොට හරි.. ???

      1. නයෝ මධූ

        ඒකටනම් මාත් එකඟයි නංගිලා…….. ඕන දේකට රෙඩි පිට ඉමු.

  5. අදනම් මට බැ මොකුත් කියන්න… ???? එච්චරටම දුකයි අප්පා…????? මොනවද මේ කතාවේ වෙන්නේ… දැන් කතාව කියන්නේ ආපහු ෂානි… හිතාගන්න බැ.. ෂානිට වගේම මටත් දැනගන්න ඕන රවීන් අයියාට කොහොමද කියලා… හෙට කොටසෙදිවත් කියනවාද අයියේ…???

    චතුරයා ඒ පාර මොකක් දුන්නද දන් නැ ෂානිට… නංගිට තරහ යන එක සාධාරණයි… පොඩි කාලේ ඉදන් එකටම හිටපු නංගි කියන දේට වඩා මේ එලදෙනට අරු කියන දේ විස්වාසි…?? බූරි…

    ?????????????
    කියාගන්න බැරි දුකක්
    හිතේ ඇත..
    ලෙහා ගන්න බැරි ප්‍රශ්න
    ගොඩක් ඇත…
    අතීත මතකය මා සිත
    තුළ නැත…
    දෙවිදුනි මතකය නැවත ලබා
    දෙනු මැන…
    ?????????????
    ඔහු පවසන දෙය
    වැරදිය පවසයි…
    නොයෙකුත් සිදුවීම් මා
    හට පවසයි…
    කවුරු නිවැරදි ද මා
    සිත විමසයි…
    කුමක් පිළිගම්ද මට නම්
    නොතේරෙයි…
    ?????????????
    යටි සිත නුඹ මගේ
    මතකය දන්නෙ ද…
    සුදු මහත්තයා මගේ
    කවුරු ද දන්නේ ද…
    අමතක මතකය මට
    ඔබ දෙනව ද…
    පවසනු මැන මගේ
    අමතක මතකය…
    ?????????????
    සිත වියවුල් වී මාගේ
    සැම දින…
    අරුණාලෝකය මුව
    සිප ගත්විට…
    අදවත් මතකය දෙනවද
    මා හට…
    විමසයි යටි සිත මාගෙන්
    නිබදව..
    ?????????????
    ජීවිතයම මහ පීඩාවක්
    මට…
    මතකය නොමැතිව දිවි
    ගෙවා කුමට ද…
    මතකය නාවොත් මා
    හට අද හෙට…
    සමුගමි දිවියෙන් මා
    නම් සදහට…
    ?????????????

    – සෂානි –

    කතාව ගොඩාාාාරියක් ලස්සනයි අයියේ… මෙහෙම කතා කියවද්දි ආස හිතෙනවා… හරියට නිකන් අපේ ලගම ඉන්න කෙනෙක්ගේ ඇත්තම කතාවක් වගේ… මාර ලස්සනයි… සුභ පතනවා අයියේ… මේ වගේ කතාවක් අපිවෙනුවෙන් ගෙනාවට අයියාට ගොඩාාාාරියක් ස්තූති…???
    සනීප වෙලා ඉක්මනටම එන්න අයියේ… අයියා ඇවිත් කමෙන්ට් කියවලා සතුටු වෙන්න… හැබැයි ලෙඩ හොද වෙනකන් රිප්ලයි කරන්න එපා… හොදද… පරෙස්සමින් ඉන්න අයියේ… තෙරුවන් සරණයි !…
    ?????

  6. නිෂා සශී ?

    මොනාද අයියෙ මේ වෙන්න යන්නේ අනේ අන්ද පිස්සු වගේ ඇයි අයියෙ ඕම කලන්නෙ මේ සූටි හිත් වලට. ??? ලොකු අයියේ ෂානිට පිස්සුද අනේ එයා ගැනත් මට කේන්තියි අයියේ ??? අනේමන්ද ලොකු අයියේ…. රවීන් අයියට මොකද වුනේ කියල කියන්න අයියා එයාටනන් මුකුත් කලන්න එපා දෙයියෝ. ???? ලොකු අයියේ දැන් සනීපද ඔයාට රෙස්ට් කරන්න වෙලාවට බේත් බොන්න හලිද නැත්තන් අනිනව ?? එකක් හලිය ???? කතාවගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ ලොකු අයියේ ඒක ඒතරම්ම පට්ට. ඊයෙ ආවෙ නැතිවුනාට තලාවෙන්න එපා හලිද. මේ අයියේ ශාන් අයියටනන් මල් තීල වඳින්න ඕනි එයා පට්ට. හොඳම හොඳ කොල්ලෙක්. ලොකු අයියේ ඔයා පරිස්සමට ඉන්න හෙටත් කතාව අරන් එන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියේ ❤️❤️❤️❤️❤️❤️???????????????????

    1. අයියටනම් අක්කි… ????????????? එකක් මදි… ගොඩාාාාරියක් අනින්න වෙයි… නැත්නම් හදන්න බැ…

      1. සෙසඳි

        පව්නේ නිශා මැණික .. ඉන්ජෙක්ෂන් නැතුව බේයි පෙති දෙමු නේද?

  7. ෂානි කතාව කිව්වට මට නභ් තරහයි අප්පා මේ මෝඩ ගහට සාමාන්‍ය දැනීම කියල එකක් නැද්ද මන්දා ??හැමෝම කියන ඇත්තට වඩා අර ගොන් චතුරයා කියන ඒවා තමයි ෂානිත් පිලිගන්නෙ …රවීන්ට මොකද වුනෙ කියලා කීවෙත් නෑනෙ ?….ඉක්මනින් රවීන් සනීප වුනෙ නැත්තම් චතුර ෂානිව උස්සන් යයි ????

    1. ෂානිව උස්සමු අපි ඊට කලින් අක්කි… එතකොට චූටි පුරශ්නයක් නම් එනෝ… කතාව කවුද කියන්නේ කියලා… ඒකටත් අපි විසදුමක් හොයා ගමු… අපි ඡන්දයක් තියල දඟ පවුලෙන් කෙනෙක් කතාවට දාමු…??

      1. කතාව අපි කියමු දුලෝ ???…චතුරයව නැති කරල දාන්න පුලුවන් අපි හිතන විදිහට ලිව්වොත් ?????

        1. ඔව් අක්කි අපි ලියමු… ඉස්සරෝම චතුරයා නැති කරලා දාමු…??

  8. හිතෙෂි මෙත්දරා

    Shani paw aiye . ikmanta mathake aran dennako eyata. Aaa ethakota thawa Ravinwath heta oni hode.

    Parissamin inna aiye. Daga paule hamotama budu saranai parissamin inna

  9. දැන්නම් වෙන දේවල් හිතා ගන්න බෑ මටනම්.චතුර නම් ගානට ගේම ගහනවා.ශානිව මෝඩයා කරලා.අනේ මන්දා පිස්සු වගේ මට දැන්නම්.රවින් අයියට මොකද උනේ.අර ලියුම් කවරේ අයියෝ සාන්ත ප්‍රශ්න ගොඩා….යි.

    හිතනවා හිතනවා හිතා ගන්න බෑ
    දැන් නම් දෙයියනේ මට තේරෙන් නෑ
    කොතනින් හිතුවත් පැටලිලි සහිතයි
    මේවා හිතලම මොලෙත් විකාරයි…

    හිතින් විදවන ප්‍රශ්න කෝටියයි
    විසදුම තියෙන්නේ ශානි ලග තමයි
    තව බකට් එකක් අත ලග වාගෙයි
    කොහෙන් කෙලවරක් වෙයිද නොතේරෙයි …..

    කතාව ගොඩක් ම ගොඩක් ලස්සනයි
    ගන්න තියන ආදර්ශත් බෝමයි
    අයියේ නුබ කොහොමත් දක්ශයි
    නුබෙ ඔය දෑතට දෙවි රැකවරණයි..

    හැමදාමත් නුබ සතුටින් හිදින්න
    ලෙඩ දුක් කරදර සැම දුරුකරන්න
    හිත හොද මිනිසුන් දෙවියන් රකිනවා
    අයියේ නුබ හට තෙරුවන් සරණයි …

    පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ.ඔයාට ජේසු පිහිටයි !!!!!!!
    ??????❤️❤️❤️

          1. හිතෙශි මැණික අනේ මම දැන් මැණික දැක්කෙ කොහොමද ඔයාට .හොදින් නේද ආදරෙයි මැණික .????

    1. ඇවිල්ලා ඇවිල්ලා දුල් අක්කි ඇවිල්ලා…
      අයියා නිවාඩු ආවද අක්කි… ඉක්මනටම යන් නැති වෙයි නේද…
      ???

    2. හිම බෝලේ… සදී අක්කියෝ… ඇප් එක හොල්මන් වෙලා තීනෝ දැකලා මාත් හොල්මන් උනා කියල්ලකෝ…

      අයියා ආවා දුලා ඒත් වැඩි දවසකට නෙමේ පැටියෝ.. සමාවෙන්න කමෙන්ට් නොකලට ඔලුවෙ කැක්කුමක් හැදිලා ඉන්නෙ මැණික ඉවසන්න බෑ…? සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. ඉක්මනින්ම එන්නම් හොදේ..

      1. අනේ අක්කි ගොඩක් අමාරුද ඔළුවේ අමාරුව…ඉක්මනටම සනීප වෙයි අක්කි… ඉන්න දවස් ටිකේ අපි හැමෝම සතුටින් ඉමු අක්කි… බුදුසරණයි අක්කි !…
        ???

  10. හපො….කෝ මේ උක්කුං පුතා….මට අහු උනා නම් ගහනව පොල්…..?????අර හිවල් හිපාටු චතුරයාද මේ කතාවෙ කතා නායක……ඔය චතුරයා ව හප්පලා දාන්න බැරිද ලොකු….
    රවීන් ශානිව මග ඇරලා ඉන්න ද හදන්නේ…..
    අර හිපාටුවා බැදගනිනේ ශානීව…
    කොහෙන් ගියත් ගහ ගැනිලි නම් තියේ චන්ඩි අයියා ගේ….

  11. ..Sandashen..

    ලොකු ඔයා අයේ එනකල් මාත් අයේ කොමන්ට් දන්නෙ නැහැ …..ලොකු ඔයා සනීපෙන් ඉන්නවද ….බුදු සරනයි ලොකු .????

    1. සෙසඳි

      එහෙම කරන්න එපා පැටියෝ … ලොකූ පුලුවන් කමක් තිබ්බා නම් කමෙන්ට් නොකර ඉන්නෙ නෑ… එයා ටිකක් අසනීපෙන් ඇත්තෙ ආයේ… එයා කමෙන්ට් කරේ නැතත් අපි කමෙන්ට් කරමු… මොකද එයා සනීපෙන් හිටියා නම් මේක කමෙන්ට් වලින් පිරිලා… 300 පැනලා… ඒත් එයා නැතිව මේකේ කමෙන්ට් 100 වත් නැ… දුකයි මට නම් ගොඩක්… ඒත් ඔයා දුක් වෙන්න එපා ලොකූ… කමෙන්ට් 100 පන්නනවා අද කොහොම හරි … ඔයා සනීප වෙලා එන්න බුදුසරණයි ????????????

      1. ඔව් අක්කි.. සදී අක්කි කියන එක ඇත්ත… අයියා පුළුවන්කමක් තියෙනවා නම් අනිවාරෙන්ම කමෙන්ට් කරනවා… එයා ගොඩක් ආසයි දිග කමෙන්ට් තියෙනවාට… එයා හැමදාම කියනවානේ අපේ කමෙන්ට් එයාගේ වත්කම කියලා නේද… ඒ හින්දා අපි කමෙන්ට් කරන්න ඕන… අයියා අසනීපෙන් හිටියත් අපේ මේ කමෙන්ට් එයාට ලොකු ආශිර්වාදයක් අක්කි… ඒ හිනදා අපි පුළුවන් තරම් කමෙන්ට් කරමු… දවසක් අයියම කියලා තිබ්බා එයා ඉද්දි කමෙන්ට් 300 පනිනවා කියලා… ඒත් එදා කමෙන්ට් 64 යි තිබ්බේ කියලා එයා දුක් වුනා පුළුවන් ඉක්මනටම අයියා සනීප වෙලා එයි අක්කි එතකන් අපි දඟ පවුල රැකගෙන ඉන්න ඕන… අයියේ ඉක්මනටම සනීප වෙලා එන්න… අපි බලාගෙන ඉන්නවා… දළදා සමිදු පිහිටයි අයියේ !…

        ( කි⁣යෙව්වා වැඩිද මන්දා ඒත් හිතේ තිබ්බ දේ කියවුනා සමාවෙන්න වැරදි දෙයක් කියවෙලානම්…)

        1. ? එරන්දි ?

          දෙන්නම කීව දේ ඇත්ත.අපෙ උක්කුං පුතා හෙන පෙරෙතයිනේ කමෙන්ට් වලට.අසනීප නිසයි එන්නැතිව ඉන්නේ.නැතිනම් මෙතන බේරන්න හම්බෙන්නෑ එපා කීවත් රිප්ලයි කරනවා අනේ කවුරුවත් අයියා නෑ කියලා එයා රිප්ලයි කරන්නෙ නෑනේ කියලා හිතලා කමෙන්ට් නොකර ඉන්න එපා.මේ දග පවුලේ හැමෝම කමෙන්ට් කරන්න.පොඩි කමෙන්ට් එකක් හරි දාන්න.අසනීප තියාගෙන වැඩ ගොඩක් අස්සෙ මෙහෙම කතා ලියන එක අගය කරන්නම ඕනා.අපි දාන කමෙන්ට් එක එයාලට ශක්තියක් වගේම එයාලගෙ එකම ආත්මතෘප්තිය.ඒ දේ අපි දෙමු අපේ අයියට.අනේ තරහ වෙන්න එපා කවුරුවත්ම අයියා නෑ කියල කමෙන්ට් නොකර ඉන්නත් එපා.අයියා ඉක්මනට එවී සනීප වෙලා ඉස්සර වගේ අපිත් එක්ක ඉන්න.

          ඉක්මනට සනීප වෙලා එන්න අයියේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ..????????

          (වැරදි දෙයක් කීවනම් සමාවෙන්න හැමෝම හොදද)..

          1. උක්කූං පුතා(SuMi )

            සෙසදී නංගියා, දුලා නංගියා, එරන්දි නංගියා….. පින් ඔයාලට ඔය වගේ කොමෙන්ට් දැම්මට ???

    2. උක්කූං පුතා(SuMi )

      Sandashen මගේ නංගියා ඒම කරන්න එපා අයියා පව්නෙ ඔයාලා දාන කොමෙන්ට් තමයි මගේ සතුට මගෙ වත්කම.. ඔයාලා ඔක්කොම දාන කොමෙන්ට් මං දවසට කී පාරක් කියවනවද කොච්චර හිනා වෙනවද…අයියා ටිකක් දුකෙන් ඉන්න ඒකයි ඉක්මනටම එන්නම් හෙට දවස විතරක් දෙන්නකො මට.. තෙරුවන් සරණයි මගේ නංගියා

      1. ..Sandashen..

        මන් එහෙම කිවුව හේතුවක් ඇතුව ලොකු …..මගේ වෙඩේ ඒකෙන් හරි ගියා.මන් කිවුවේ මොකද්ද කියලා ඔයාලාම හිතලා බලන්නකෝ…..

        1. සෙසඳි

          මේකිගෙ කපටිකමට අපිත් අහු උනානේ යකූ… අයියෝ සල්ලි… ???

        2. ? එරන්දි ?

          කපටියා ගානට ඇන්දුවා නේද අපිව.අහු උනා හොදටම…හයියෝ…?????

  12. ? එරන්දි ?

    අනේ අනේ උක්කුං පුතේ ශෝයි හොදේ?දිගටම බාල්දි පෙරල පෙරල ඉන්නකො.හෙනට සතුටුයි අපිට.ගුටි දෙන්නේ මේ කරන දේවල් වලට.ඇයි අප්පා.?????

    ශානිත් මාර ඔලමොට්ටල කෙනෙක් අප්පා රවීන්ටම ගැළපෙන්නෙ ඒකනේ.මොලේ කලදක් නෑ පරණ දේවල් අමතක උනාට හිතට දැනෙනවනේ වැරැද්දක් වෙනවනම්.ඒකවත් තේරුම් ගන්න බෑනේ.චතුරයව විතරයි විශ්වාසය කරන්නේ ගොන් ගහක් නෙවෙයි ගොන් බදින කණුවක්.අර්ර්ර් මට එන තරහක්නම්.සේරම කට්ටිය එකම දේ මන්තරයක් වගේ කියවනකොටවත් තෙරුම් ගන්න බැයිද අප්පා.වෙන එකක් ඕනා නෑ ඒමවත් තෙරුම් ගන්න බෑනේ.ශානියට දෙන්න තියෙන්නෙ දෙකක් සෙරම මතක් වෙන්න.ඒමත් නැතිනම් රෝද පුටුවෙන් පෙරලලා ඔලුව වද්දලා මතකය එන්න වැඩක් කලානම් ඉවරනේ.පව් රවීන් එහෙන් විදවනවා.පොලොස් කොට්ටෝරුවා ගානට ගොනාට අන්දගෙන බදි වගේ ශානිව…

    ශුවර් එකටම වෙඩින් කාර්ඩ් එකද දන්නෑ උස්සගෙන ඇවිත් දන ගාගෙන බඩ ගාගෙන දුන්නේ.හැමදේම ඉක්මනටම වෙනවනේ අයියේ.ඉස්සරහට මොනා වෙයිද මන්දා මටනම් තෙරුම් ගන්නම බෑ මොලේ අව්ල් වෙනව මගෙ.

    අනේ රවීනට මොකක්ද උනේ කියලා කීවේ නෑනේ තවම හොස්පිටල් ඇති නේද අමරුද කියලවත් කීවේ නෑනේ ඉතින්.හම්මෝ අයියේ වෙලාවට ලගක නැත්තේ ඔයා හොදද හිටියනම් ඒම උක්කුං පුතාට ඔලුවක් නැති වෙනවා…

    හැමෝම සනීපෙන් සතුටින් ඉන්නවා නේද….අයියේ සනීපෙන් ඉන්නවා නේද ඔයත්…පරිස්සමින් ඉන්න අනේ මේ ඔන්න කීවා අමරුවෙන් රිප්ලයි කරගෙනනම් එන්න හදන්න එපා හොදද.කමෙන්ට් ඕනා නෑ ඔයා ඉක්මනට සනීප වෙලා එන්න අයියේ අසනීප වැඩි වෙන දේවල් කරන්න එපා.බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….??????

    ?????????????
    සිත් පුරා විදගන්න
    නෙත් පුරා දැකගන්න
    නුඹේ සුවද විදගන්න
    වරු ගණන් දින ගැන්න
    අයුරු දැන් නැත මතක……
    අසරණයි මා අනේ
    කවුද නිවැරැදි නොතේරේ
    හිතට දැනෙනා එකම දේ
    ඔබම පමණයි මගෙ වස්තුවේ ……
    නුහුරු නුපුරුදු ආල හැගුමන්
    ඔබේ අබියස හුරු පුරුදු වුවත්
    සසරේ පෙර සිට ලගින් උන් ලෙස
    ඔබට ළංව ආදරේ කෙරුවත්
    කෙසේ සිතන්නද ඔබගෙ වරදින්
    මෙලෙස මා අද සිටින බවවත්
    නමුදු නොතේරෙයි මටම දැන්නම්
    දෛවයේ මේ රුදුරු සරදම්……..
    ????????????

        1. Chamodya Madusanki

          ඒක ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ලස්සනයි මගෙ අක්කියෝ

  13. සෙසඳි

    මුලින්ම තැන්කූ චන්දිම අයියේ … ආයේ නම වෙනස් කරපු එකට… අපොයි මගේම නමින් ඇප් එකේ හිටියම ප්‍රශ්න ගොඩයි අනේ… ඇත්තටම මං හිතාගත්තා එහෙම ඒ නමින්ම කමෙන්ට් වැටුනොත් මං 1 කමෙන්ට් 1 වත් දාන්නෙ නෑ කියලා… ?????

    ඒත් ඉතිං මේ අපේ පිස්සු කෝලමට කමෙන්ට් නොකරත් ඉන්න බෑ…. එයා ඉතිං කමෙන්ට් පේරේතයා නේ.. ??

    අයියේ ඇත්තටම කතාවෙ දැන් මොනා උනත් මං හරි ආසයි අනේ… ඒ වගේම මට හරි සතුටුයි මගේ ලව් එක හාල් ගැරඬියා ගැන අනේ… ??????? මිනිස්සු ඇත්ත අඳුරගත්තම කොච්චර නම් වෙනස් වෙනවද නේද? ඒකත් හොඳ පැත්තට වෙනස් වෙද්දි දැනෙන සතුට නම් කියාගන්න බෑ… ලව් යූ මගෙ ගැරඬි කොල්ලට ගොඩක් ?????????????

    ශානි ගැන නම් මට තරහක් නෑ පොඩ්ඩක් වත්… මොකද ශානිට මතකය ආවොත් මේ කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙයි… මේකත් ඉතිං කතාවක්නේ… ??????? හැමකතාවම සුන්දර නෑනේ… ??? අනිත් එක හැමකතාවෙම හැමවෙලාවෙම වීරයා දින්නමත් , ඒ ලව් එකට කිසි බාල්දියක් වැටුනෙ නැත්තං කතාවෙත් කිසි ගතියක් නෑ නේද? ??????? එහෙම උනානම් හැම කතාවම වගේ මේකත් බොලඳ කතාවක් වෙනවනේ… ඒ අතිං නම් ලොකූ ඔයා මෙහෙම අපෙන් බැනුම් අහන්නෙ… ඔයා සාර්ථක නිසා… ඔයා හරියටම අපේ හිතට දැනෙන විදිහට කතාව ලියනවා… නිකන්ම නිකන් බොලඳ ආදර කතාවක් නොවී ජීවීතේට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් එක්ක ඔයා කතාව ලියන නිසා රසවින්දනය විතරක් නෙමේ… ආදර්ශත් ගොඩක් අපි ගන්නවා… මේ ඒක වෙනුවෙන්.. ???????

    චතුරට නම් ඉතිං අපි හැමදාම බනිනවනේ… කොච්චර බැන්නත් මට නම් දැන් එපා වෙන්නෙ නෑ.. ඉස්සර හොලෙන් හොලෙන් ලයිනක් දැම්ම තමයි ඒත් දැන් නම් මට එපාම එපා.. ලව් එකකට ඔච්චර බකට් දාන ගොන් වහන්සෙ කෙනෙක් නම් එපාමයි … ?????? මට හිතුනොත් මං හංඟලා මරලා බොරුවට අඬ අඬ හොයනවා… ?????

    ශානි දැන්වත් කල්පනා කරලා හරි තීරණයක් ගත්තොත් ලොකු දෙයක් අනේ.. ශානිගේ නංගියි, නයොයි , ශාන් කොල්ලයි කියන දේවත් ඇහුවොත් හොඳයි… ?? ඒත් දැන් කතාව කියන්නෙ ශානි නිසා අපි කොහොමද අනේ රවීන් කොල්ලා ගැන හරියටම විස්තරයක් දැන ගන්නෙ…??? පව් රවීන් කොල්ලගෙ අම්මලා මල්ලිලා නංගිලා පවනිලා බය වෙයි මෝඩයො… ඇත්තම කිව්වොත් අපිත් බය වෙලා ඉන්නෙ… ඔයා රවීන්ව සෙත්තපෝච්චි කරනවා කියලනේ හිටියෙත්…

    පරිස්සමෙන් ඉන්න ලොකූ බුදුසරණයි …. ?????????? මං දන්නවා ඔයා හොඳින් නෙමේ කියලා… ඔයාට චුට්ටක් හරි අඩුයිද කියලා කියන්න ප්ලීස් ????????? අනේ ඉක්මණට සනීප වෙලා එන්න … අපිට කමෙන්ට් ඕනේ නෑ…. ඔයා සනීප වෙන්න බුදුසරණයි ???????????? ආදරෙයි ගොඩාක්

    බනින්නෙ නෑ ලොකූ…ඔයාට කවුරුත්… ??????????

    1. සෙසඳි

      මගෙ මහී අක්කි… ඊයේ ඔයාට මාව මතක් උන 1 ගැන සතුටුයි… 4n 1 පිස්සු නැටුවා අනේ.. අද හදාගත්තේ… ලොකූ ඔයාටයි මහී අක්කිටයි ගොඩාක් තැන්කූ මං ගැන බැලුවට… ආදරෙයි මං ගොඩක්… ????

          1. හිතෙෂි මෙත්දරා

            Ane sadi akkiyo mata oyawa amathaka wenawada ane ema. Aye oma kiuwoth tharahai mn hode. Mata duka hithuna ekata ????????

  14. ?නොහදුනන්නී ?

    අයියා අද නම් ලස්සන නිසදැස් දෙන්න බෑ…අසනීපෙන් ඉන්නෙ මන්…අනේ කවුරුත් හිතන්න එපා අයිය රිප්ලයි නොකරන නිසා කමෙන්ට් කරන්නෙ නෑ කියල …දැනුයි හිතට නිදහසක් දැනුනෙ…ඉක්මන්ට එන්නම් මන්…හැමෝගෙම බුදු සරනයි දෙවි පිහිටයි !!!☸️☸️☸️????ආදරෙයි හැමෝටම …???

    1. ? එරන්දි ?

      අනේ ඔයත් අසනීපෙන්ද මැණික සනීප වෙලා ඉක්මනටම එන්න.හොදද ?

      1. සෙසඳි

        ඉක්මණට සනීප වෙලා එන්න මැණික බුදුසරණයි ?????????????????
        ආදරෙයි ගොඩාක්

    2. උක්කූං පුතා(SuMi )

      ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියා තෙරුවන් සරණයි ඔයාට

    3. අක්කිට ගොඩක් අමාරුද??? අක්කිගේ නිසදැස නැති එකනම් පාළුයි… ඒ වුනාට කමක් නැ අක්කි ඉක්මනටම සනීප වෙන්නකෝ… බුදුසරණයි අක්කි !… සුභ රාත්‍රි⁣යක් අක්කියෝ…
      ????

  15. උක්කූං පුතා(SuMi )

    මගේ දඟ සෙට් එක.. සමාවෙන්න අදත් කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙන්නේ මට… ඔයාලට පොදුවේ කොමෙන්ට් එකක් දාන්න මං ඔන්ලයින් ආවේ මම… නැතිනම් ඔයාලා ගොඩක් දුකෙන් ඉන්නවා කියලා මම දන්නවා.. අනේ මට තව දවසක් දෙන්න ඊට පස්සේ මම පොරොන්දු වෙන්නම් ඔක්කොටම රිප්ලයි කරනවා කියලා…ඔයාලා දාපු නිසදැස් කවි දිගම දිග කොමෙන්ටුවට ගොඩක් ආදරෙයි මගෙ සතුට මගෙ වත්කම මෙච්චරයි මං සතුටින් හිටියොත් ඔයාලට හැමදාම කතා ලියන්න පුළුවන් වේවි..

    මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි මගෙ දඟ සෙට් එක හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට ආදරෙයි පැලෙන්න…

    වේදනාව හංගන් මම
    හිත ඇතුලේ තියාන
    ලෙඩ හංගන් හිනාවුනේ
    රිදුම් දෙන්න බැරි හින්දයි
    මගෙ අම්මේ නුඹට,,,,,
    මවකට බෑ සඟවන්නට
    පුතෙකුගෙ වේදනාව
    මගෙ දුක දැනිලද අම්මේ
    ඇඩුවේ තුන් යම නිදි වරාන ,,,,
    උහුලනු බෑ නුඹේ කදුලු
    මේ පපුවෙ දරාන
    මගෙ අම්මේ අඩන්නෙපා
    ළය මැද ගිනි තියාන ,,,,,,

    1. සෙසඳි

      ආදරෙයි ගොඩක් ලොකූටයි අම්මටයි දෙන්නටම… ????? පුතෙක්ගෙ වේදනාව වැඩියෙන්ම දැනෙන්නෙ අම්මා කෙනෙක්ට … අම්මට දුක හිතෙන්න ඇති පොඩි දැනගත්තම… දැන් හරි නේද? අම්මා තේරුම් ගනී එයාගෙන් හැංඟුවෙ ආදරේට කිය්ලා… ඔය අම්මගෙ ඇස් වලින් කඳුළු වෙවී ගලන්නෙ ඔයාට තියෙන ආදරේ… ඉක්මණට සනීප වෙන්න බුදුසරණයි ????????????

    2. අයියේ……………… ඔයා හරි පණ්ඩිතයි එපා කියන දේමයි කරන්නෙ.. රිප්ලයි කරන්න එපා කියලා අනන්ත කිව්වා ඔයාට හොද නැති නිසා.. ඒත් ඇහුවෙ නෑ.. සමාවෙන්න මටත් කමෙන්ට් කරන්න බෑ මීට වඩා.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි… ඉක්මනින්ම එන්නම් කලින් වගේම

    3. ? එරන්දි ?

      අනේ අයියේ මොනා කියන්නද තෙරෙන්නෑ ඇත්තටම කදුලු ආවා.අම්මට දුක හිතෙන්න ඇති අයියේ දැන ගත්තාම.අනේ ඇයි දෙවියෝ හොද අයටම මෙහෙම කරන්නේ.හන්ගන්නේ දුක් වේවි කියලා තමයි ඒ උනාට ඒව දැනගත්තාම මොන තරම් වේදනාවක් අම්මට දැනෙන්න ඇතිද.අනේ පරිස්සම් වෙන්න අයියේ අසනීප වැඩි වෙන කිසිම දෙයක් කරන්න එපා.කල්පනා කරන්න එපා සතුටින් ඉන්න.අම්මලාගෙ ආදරේ වැඩියෙන්ම පුතාලටනේ ඉතින් අම්මට දුක වැඩි ඇති අයියේ ඒ නිසා.පරිස්සම් වෙන්න අයියේ ඔයා හොදින් ඉන්න එක ඔයා සතුටින් ඉන්න එක තමයි අම්මගෙ එකම පැතුම.ඉකමනටම සනීප වෙන්න මගෙ අයියේ.අනේ වදින්නම් දුක් විද විද රිප්ලයි කරන්න එපා මගෙ අයියේ…. රිප්ලයි එපා .ඔයා කියන දේ අහන්නෑනේ අයියේ කොච්චර කීවත් … දුකින් ඉන්න එපා අම්මා ලගම ඉන්න.බුදු සරණයි අයියේ…????

    4. අපිට රිප්ලයි නැතත් කමක් නැ අයියේ.. එයා ඉක්මනටම සනීප වුනොත් ඒ හොදටම ඇති මගේ අයියේ… අම්මා පව්.. එහෙම තමා අම්මලා දරුවන්ගේ පොඩි වේදනාවක් වුනත් එයාලට ඒක ලොකුවට දැනෙනවා… අපි අසනීපෙන් ඉන්න වෙලාවට අපිට නොදැනෙන්න එයාලා කොච්චර අඩන්න ඇතිද… ඉක්මනටම සනීප වෙමු අයියේ එතකොට නැන්දටත් සතුටින් ඉන්න පුළුවන් එයාගේ පුතාට සනීපයි කියලා… හැමදාම බෙහෙත් බිලා ඉක්මනටම සනීප වෙන්න.. ඔයාට තාම හොදටම හොද නැනේ අයියේ ඒ හින්දා හෙටත් රිප්ලයි ඕනි නැ අපිට… චූටි ඉමෝජි එකක දානන ඔයා හොදින් කියලා දැන ගන්න… ඒ හොදටම ඇති අයියේ… පරෙස්සමින් ඉන්න… දළදා සමිදු පිහිටයි මගේ අයියේ !…

  16. ? එරන්දි ?

    සුභ රාත්‍රියක් මගෙ වස්තුලා හැමෝටම…අසනීප අය ඉක්මනටම සනීප වෙලා එනකන් බලාගෙන ඉන්නවා අපි. සතුටින් ඉන්න හැමෝම.

    අයියේ ඔයාට බණ කියනවා වගෙ හැමදාම කියන්නේ පරිස්සමින් සතුටින් ඉන්න කියලා.ඉක්මනටම සනීප වෙලා එන්න අයියේ.දුකින් ඉන්න එපා බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….???????

  17. සුභ උදෑසනක් මගේ අයියලා අක්කිලා නංගිලා මල්ලිලා ( තාම මල්ලියෙක්නම් දැක්කේ නැ…) හැමෝට… අද දවස හැමෝටම සතුටු ලස්සන අසනීපෙන් ඉන්න අය සුව වෙන දවසක් වේවා…
    තෙරුවන් සරණයි !…
    ????????????

    1. ? එරන්දි ?

      සුභ උදෑසනක් නන්ගෝ.
      සුභ උදෑසනක් මගේ දග පවුලේ හැමෝටමත්.සතුටින් පරිස්සමින් ඉන්න වාසනාවන්ත දවසක් වේවා හැමෝටම .බුදු සරණයි ….?????????

  18. නිරෝෂා ලක්මාලි

    Sorry අයියේ කතාව කියවන්න පරක්කු වුණාට. අභීට මොකද්ද අනේ මේ කලේ. හරිම දුකයි. සෂානිට මේ හැමෝම මෙච්චර කියද්දිවත් අභිව විශ්වාස කරන්න බැරිද. වෙන දේවල් එක්කවත් ඇත්ත නැත්ත තේරුම් ගන්න මොළයක් තියෙන්න එපැයි. දිග කමෙන්ට් කොටන්න බෑ. කොටස් තව 5ක් තියෙනවා අනිත් කතාත් තියෙනවනේ. කියවලා චුටී කමෙන්ට් දාගෙන එන්නම්.

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.