Katha Ahura

? සමනල පියාපත් ? 73 වෙනි පියාපත්

5/5 - (1 vote)

73 කොටස

මං කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තා.කාර් එක ස්ටාට් කරලා මම පාරට දැම්මා. මට ඕනි උනේ පුලුවන් තරන් ඉක්මනට එතනට යන්න.

පොලීසිය නම් නවත්තන්නෙපා … මම හිතින් කිය කිය ගියේ. මේ රෑ හයිස්පීඩ් ගිහින් පොලීසිය එහෙම ඇල්ලුවොත් යන ගමනත් ඉවරයි.

මම කාර් එකේ වේගෙ ටික ටික වැඩි කලා.

ට්ර්ර්ර්ර්ර්ර්ර්…. ට්ර්ර්ර්ර්ර්ර්……

ආයෙමත් මගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා. ඒපාර නම් කතා කලේ අම්මා .කෝල් එක ආන්ස්වර් කරන්නද නැද්ද කියලා මං ටික වෙලාවක් කල්පනා කලා. ඒත් මොනදේ උනත් අම්මගෙ හිත රිද්දන්න මට හිතුනෙ නෑ.මොකද මට මගේ ජීවිතේ මේ තරමක් දුර එන්න ශක්තියක් උනේ මගෙ අම්මා නිසා. ඉතිං මට මගෙ අම්මගෙ හිත රිද්දන්න පුලුවන් උනේ නෑ.

” හෙලෝ අම්මා ………… ”

” කොහෙද පුතේ ඉන්නේ.. කොහෙද ළමයෝ මේ රෑ ගියේ …….. ”

අම්මා අහද්දි මගෙ පපුව පිච්චුනා. ඒ කටහඩ වෙව්ලනවා.

” අම්මා … මං මේ යාලුවෙක් හම්බ වෙන්න ආවෙ…බය වෙන්නෙපා.. මං ඉක්මනට එනවා ”

” මල්ලිත් එක්ක හරි යන්න එපැයි ”

” ඌ ඇවිල්ලා මොනවා කරන්නද අම්මා ..පොඩි එකා ඔන්න ඔහේ ගෙදර හිටියදෙන් ….අම්මා බය නොවී ඉන්න..මං ඉක්මනට එන්නම් …… ”

” පරිස්සමින් මගෙ පුතේ .. ඉක්මනට එන්න ……. බුදුසරණයි ”

අම්මා කිව්වෙ වෙනදා වගේම ආදරෙන්. ඇත්තටම අම්මලා කියන්නෙ මහ පුදුමාකාර හදවත් තියෙන අය. මොන දේ සිද්ද උනත් අම්මලගෙ ආදරේ එක දශමෙකින්වත් අඩු වෙන්නෙ නෑනෙ. මම නටලා ආපු නාඩගමේ හැටියට අම්මට කොච්චර කේන්ති යන්න ඕනෙද මං එක්ක. ඒත් අම්මා වෙනදා වගේම මට ආදරෙන් කතා කලා. ඒ තමයි අම්මගෙ ආදරේ.

මම ෆෝන් එක පැත්තකින් තියලා කාර් එක ඩ්‍රයිව් කලා. බේරුවල හරියට එනකොට වෙලාව නවයටත් කිට්ටුයි .

මට කලුතරට එන්න තවත් විනාඩි විස්සක් විසිපහක් විතර ගියා. මං කෙලින්ම කලුතර පාලමත් පහු කරලා ඉස්සරහට ගිහින් කාර් එක හැරෙව්වේ කැලිඩෝ බීච් එක පැත්තට.ඇත්තටම කලුතර නම් මේ බීච් එක හරි ප්‍රසිද්දයි. හැබැයි මම නම් ඇවිල්ලා තියෙන්නේ එක පාරක් දෙපාරක් වගේ. ඒකත් අවුරුදු ගානකට කලින්.

මූදෙ රැල්ල ගහන සද්දෙ යාන්තමට වගේ ඇහෙද්දි මට ආයෙමත් කෝල් එකක් ආවා.

” හෙලෝ ………. ”

” කොහෙද ඉන්නෙ ”

” බීච් එක කිට්ටුව… ”

” ඔහොම්ම ඉස්සරහට එන්න ….. ”

” හ්ම්ම් …..”

මං ෆෝන් එකත් කනේ තියාගෙන ටිකක් ඉස්සරහට ගියා. බීච් එක මායිමේ උසට වැවිලා තියෙන වැටකෙයියා ගස් ඇරෙන්න ජීවමාන කාවවත් මට හරියට පෙනුනේ නෑ. මං පාරෙ ඉස්සරහට ගියේ කාර් එකේ හෙඩ් ලයිටුත් ඩිම් කරගෙන.

අන්තිම වතාවට මෙහේ එනකොට තිබ්බ ලොකු බීච් එක දැන් නෑ. ඒක නම් හරි අපරාදයක්. ඔක්කොම මූදට හෝදගෙන ගිහිල්ලා. දැන් ගල් වැටි දාලා හදලා තියෙන්නේ.

මං තව ටිකක් ඉස්සරහට ගියා. ඒ යද්දි ලොකු වැටකෙයියා පදුරකට මෙහායින් නවත්තලා තිබ්බ ජීප් එක මම දැක්කා.

” හරි මං දැක්කා ……. ”

මං කිව්වා. මං හිටියෙ ෆෝන් එක කනේ තියාගෙන.

” හරි එහෙනම් බැහැලා වරෙන් ”

මං කාර් එක අයිනට කරලා නවත්තලා හෙමීට කාර් එකෙන් බැස්සා. ගෙදරට ඇදන් හිටිය ශෝටයි ෂර්ට් එකෙනුයි මං හිටියේ.

මූදු හුළගත් එක්ක එන සීතල මගෙ ඇග පුරාවටම වැදෙද්දි මං අඩියට දෙකට ජීප් එක ළගට ගියා.

” එහෙනම් උඹ ආවා නේද ”

චතුර කිව්වෙ ජීප් එකට හේත්තු වෙලා ඉදගෙන.

” කෙනෙක්ට එනවයි කිව්වනම් එන්න එපැයි… නේද ……. ”

” හ්ම්ම්ම් …..ඒක හරි …අපි කෙලින්ම කතාවට බහිමු එහෙනම් ”

චතුර කිව්වෙ මගෙ ළගට ඇවිදගෙන ඇවිල්ලා .

” උඹ ෂානිගෙ නංගිට කිව්වද ෂානිට පරණ ඒවා මතක් කරවන්න කියලා ”

චතුරගෙ තරහෙන් දිලිසෙන ඇස් දෙක මට හොදටම පෙනුනා.

” ඔව් ඉතිං ඒක මගේ යුතුකම නේ ….. ”

” රවීන් …….. උඹ ෂානිගෙ පස්සෙන් එන එක නවත්තන්නෙම නැද්ද ”

” චතුර ….මං නෙවෙයි උඹයි ෂානිගෙ පස්සෙන් යන්නේ ….. මොකද උඹයි ඒ කෙල්ලට මං ගැන බොරු කිය කිය ඒ කෙල්ලගෙ හිත වෙනස් කරන්නෙ … ෂානි ඇත්ත දැනන් හිටියනම් උඹටයි ඒ කෙල්ල පස්සෙන් යන්න වෙන්නෙ …… ”

මං කියද්දි චතුර රවාගෙන මගෙ දිහා බලාගෙන හිටියා.

” රවීන් ….. උඹ කියවනවා වැඩියි …… ”

” හහ් …… චතුර මට උඹ ගැන ලැජ්ජයි බං… උඹ පොලීසියෙ නේද … උඹ මේ රටේ නීතිය රකින්න ඉන්න කෙනෙක් නේද … ලැජ්ජයි බං ලැජ්ජයි .. උඹ මොනවද මේ කරන දෙකයි පනහෙ වැඩ … බලපන් .. මං උඹේ ඔය යුනිෆෝම් එක ගලවනවා … මොකද උඹව ඔය යුනිෆෝම් එක අදින්න සුදුසු කෙනෙක් නෙවෙයි …….. ”

” රවීන් ……. උඹට පුලුවන් දෙයක් කරපන් … හැබැයි …අන්තිමට උඹට උඹවවත් ඉතුරු වෙන්නෙ නෑ ……….. ”

චතුර කිව්වා.

” ඇයි උඹ මාව මරන්නද හදන්නේ …… ”

” ඕනෙ නම් මට ඒකත් කරන්න පුලුවන් ”

” උඹට විතරක් නෙවෙයි … මටත් පුලුවන් උඹව මරලා දාන්න ….. ඒත් බල්ලො මරලා පව් පුරවගන්න මං ආස නෑ බං …. ”

” කවුද යකෝ බල්ලා …… ”

චතුර මගෙ ඇගට කඩන් පැන්නේ අතකුත් මිට මොලවගෙන.

” උඹත් උගත් මනුස්සයෙක්නේ.. තේරෙනවා ඇති නෙ මෙතන බලු වැඩේ කලේ කවුද කියලා ………. ”

මං නක්කලේට හිනා වෙලා කිව්වා . දැන් නම් චතුරට අම්බානෙක නැගලා හිටියේ. මමත් හිටියෙ ඕනෙ එකකට රෙඩි පිට තමයි.මොකද ඌ දැනන් හිටියෙ නෑ රවීන් කියන්නෙ කවුද කියලා.

” අද උඹ ඉවරයි රවීන් … තවත් උඹට දගලන්න දෙන්නෙ නෑ …. ”

චතුර කිව්වෙ කට කොනකින් හිනාවෙලා.

” පුලුවන් දෙයක් කරපන්කෝ ”

” කොල්ලනේ …….. ”

චතුර ටිකක් සද්දෙට කතා කලා. මමත් ටිකක් ගැස්සිලා ගිහින් වටපිට බැලුවෙ මූ මට එන්න කිව්වෙ තනියමනේද කියලා මතක් කරන ගමන්.

ජීප් එකට පිටි පස්සෙන් තිබ්බ වැටකෙයියා පදුරු අස්සෙන් කඩු පොලු අරගත්තු කොල්ලො දහයක් විතර මතුවෙද්දි මමත් ෆුල් හොල්මන් උනා.

” උඹ කිව්වෙ තනියම එන්න කියලා නේද ”

මං එහෙම ඇහුවම චතුර සද්දෙන් හිනාඋනා.

” මෝඩයා .. උඹ මං කියපු දේ විශ්වාස කලාද ”

මං චතුර දිහා බලාගෙන හිටියේ ඔරවගෙන. මට උගෙ බෙල්ල ගලවන්න හිතුනා මගෙ හිතේ තිබ්බ කේන්තියට.

” මං උඹ කිව්ව ඒවා විශ්වාස කලේ නෑ …කොල්ලනේ උඹලත් එළියට ආවනම් ”

මං එහෙම කියලා බැලුවෙ චතුර දිහා. උගේ මූන වෙනස් උනේ බලාගෙන ඉද්දි.

මගේ කාර් එක නවත්තලා තිබ්බ හරියෙ තිබ්බ වැටකෙයියා පදුරු අස්සෙන් කොල්ලො දහයක් දොළහක් එළියට බැස්සා.උන්ගෙ අතෙත් මං හිතුවට වඩා හොද ආයුධ තිබ්බා.

” චතුර මං ආස නෑ බං කපාගෙන කොටාගෙන බොරුවට මරාගන්න… ඒක නිසා මේක අපි හොදින් බේරගමු.. මොකද අපේ ප්‍රශ්න වලට ගහ මරාගන්නෙ මේ අපේ වටේ ඉන්න උන්…. ”

” ඇයි බය උනාද …….. මේ ඉන්නෙ මගේ කොල්ලෝ ……. උන් කාටවත් බය නෑ .. ”

චතුර එහෙම කිව්වම මං හිනා උනා.

” මොකද උඹ හිනාවෙන්නේ ….”

” චතුර උඹේ කොල්ලො උඹ ළගට ආවෙ සල්ලි නිසා … උඹට වඩා මම කීයක් හරි විසික් කලා නම් උඹේ ඔය ඉන්න පස් හය දෙනෙක් හෙට මං ළග ඉන්නත් පුලුවන් .. හැබැයි මගේ උන් මං ළග ඉන්නෙ සල්ලි වලට නෙවෙයි ……… ”

” එහෙනම් …….. ”

” උන් ඉන්නෙ මනුස්සකමට.. යාලුකමට … සාදාරණේ අසාදාරණේ හොදට අදුරන නිසා.. ඒ නිසා උන්ගෙන් වදින පාරවල් උඹලගෙ පාරවල් වලට වඩා සැර වැඩි වෙන්න පුලුවන් ”

” රවීන් …. උඹ කියවනවා වැඩී .. සුද්දා .. ලොක්කා … මුන්ගෙ සැර ටිකක් අඩු කරපන්…… ”

චතුර එහෙම කිව්වම උස මහත කොල්ලො දෙන්නෙක් මගේ ඉස්සරහට ආවා.

මගේ කොල්ලො ටිකත් මගෙ පිටි පස්සට ආවා.

ඊට පස්සෙ කවුරු කොහොම කොහෙන් ගහගන්න පටන් ගත්තද කියලා මටවත් හිතාගන්න පුලුවන් උනේ නෑ
මං කොහොම හරි ගිහින් කෙලින්ම අල්ලගත්තෙ චතුරව.

මගෙ හිතේ තිබ්බ කේන්තිය කොච්චරද කියනවා නම් ඒ කේන්තිය ඉවරයක් වෙනකන් මං චතුරට ගැහුවා. චතුර එක්ක ගහ ගන්න එකත් ලේසි උනේ නෑ. උස මහත ඇගක් තිබ්බ චතුරත් සෑහෙන්න ගේමක් දුන්නා.

මමත් ඉතිං අතෑරියේ නෑ.

කොල්ලො ටිකත් අහුවෙච්ච අහුවෙච්ච ඒවගෙන් ගහගන්නවා. එක වෙලාවකට මට බයත් හිතුනා චතුරයගෙ සෙට් එකේ මොකෙක් හරි මැරෙයිද කියලා. මොකද අපේ උන් ගැහුවෙ සුපිරිම ගැහිල්ලක්.

චතුරව මම ජීප් එකට තද කරගෙන හිටියෙ මට ඌ එක්ක තිබ්බ කේන්තියෙ උපරිමම මට්ටමේදි.

ඒ වෙලාවෙ මගෙ පිටි පස්සෙන් උගේ එකෙක් එනවා කියලා මම දැක්කෙ නෑ.

” රවීන් අයියේ ……… ”

අපේ කොල්ලෙක් මට කතා කරනවා විතරයි මට ඇහුනේ… මම හැරිලා බලද්දි චතුරයගෙ එකාව බිම පෙරලගෙන අපේ එකෙක් හොදට නෙලනවා.

ඒ තප්පර ගානෙන් ප්‍රයෝජන අරගෙන චතුර ඌ ළග හංගගෙන හිටිය පිහියෙන් එක පාරම මට ඇන්නා…..

” ආඅහ්……………… ….. ”

මම බඩට පල්ලෙහායින් ඉනට කිට්ටුව අත් දෙකෙන්ම බදාගෙන බිම ඉදගත්තේ ඇනපු පිහියත් අත් දෙකෙන්ම තද කරගෙන.

චතුරට අනිත් පැත්තට මගෙ පිහිය ගලවලා ගන්න බැරි උනා. ඌ එක පාරම හිතට ආව ආවේගෙට ඇන්නට ඌත් බය උනා මම බිමට පහත් උනාම.

” රවීන් අයියා ………. ”

කොල්ලො ටික මගෙ ළගට දුවගෙන ආවෙ බය වෙලා.

” අඩෝ … යමන් යමන් …..ගිහින් නැගපන් වාහන වලට …….. ”

චතුර කෑගහලා කියනවා මට යාන්තමට වගේ ඇහුනා.

ඒ එක්කම වාහන දෙකක විතර දොරවල් ඇහෙන වැහෙන් සද්දෙත් එක්කම අපේ උන් සුද්ද සිංහලෙන් කෑගහන සද්දෙත් මට ඇහුනා.

මගෙ ඇස් දෙක මට ඉහළින් තිබ්බ කලු පාට අහස දිහාවට හැරවෙද්දි මම දත් මිටි කාගෙන ඉවසගෙන හිටියෙ පුදුම වේදනාවකින්.

” උස්සලා දාගනින් අයියව වෑන් එකට ”

කොල්ලෙක් කෑගහනවා මට ඇහුනා.

කොල්ලො පස් දෙනෙක් විතර එකතුවෙලා මාව වාහනේට දාගන්නවා මට යාන්තමට දැනුනා.

මං උන් එකා දෙන්නා දිහා බල බල විකාරෙන් වගේ කියෙව්වා.

” අයියේ … අමාරුයි ද අයියේ ”

” එච්චරම නෑ මල්ලි ……….. ”

එහෙම කිව්වට මට හොදටම තේරුනා මම ඉන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක කියලා. මගෙ ඇගම පණ නැති වේගෙන යනවා මට තේරුනා.

” ශාන් …… මල්ලි ……. ”

” අයියේ …….. ”

” මං… ම… මං හිතුවෙ නෑ බං උඹ මට මෙච්චර ෆිට් වෙයි කියලා …… ”

මං කිව්වෙ ශාන් දිහා බලාගෙන. මෙච්චර දවසක් හාල් ගැරඩියා කියලා බැන බැන හිටිය කොල්ලා අන්තිමටම මගේ දකුණු අත වගේ උනා. ෂානිගෙ නංගි ශාන්ගෙන් මට උදව් අරන් දෙන්නම් කියලා කිව්වට මං ඒක එච්චර ෂුවර් කලේ නෑ.ඒත් හවස කොල්ලා මට කෝල් කරද්දි මට පුදුමත් හිතුනා. චතුරව හම්බ වෙන්න කොල්ලො දහයක් දොළහක් ලෑස්ති කරගෙන රෙඩි වෙලා ඉන්නෙ කියලා ශාන් මගෙත් එක්ක කෝල් කරලා කිව්වෙ මාර ගැම්මකින් .

හවසම බීච් එකට ගිහිල්ලා ඔක්කොම සෙට් කරලා උන් හැංගිලා හිටියෙ මං එනකන්. මට පුදුමත් හිතුනා ශාන් ගැන . මට නොසෑහෙන්න බැන්න රණ්ඩුවටම ආපු කොල්ලා අද මගේ සහෝදරයා වගේ වෙලා .

” මමත්..අයියට සෑහෙන්න බැන්නා.. ඒත් මට ෂානිගෙ නංගි හැමදේම තේරුන්කරලා දුන්නා අයියේ ..ඔයා බය වෙන්න එපා ..”

ශාන් කිව්වෙ මගෙ අත් දෙකම අල්ලලා.

ඊට පස්සෙ කොල්ලා ඌ ඇදන් හිටිය ෂර්ට් එක ගැලෙව්වා.
මං ඇදන් හිටිය ෂර්ට් එක ඉරලා මගෙ ඇගෙන් අයින් කලේ ඒක ලේ වලින් තෙත් වෙලා තිබ්බ නිසා.

ඊට පස්සෙ ශාන් උගේ ෂර්ට් එකෙන් මගෙ ඇග දිගේ ගලාගෙන යන ලේ පිහදැම්මා.

මං බොහොම අමාරුවෙන් දරාගෙන හිටියේ. සිහි නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ශාන් මගෙ තොල් දෙක වතුර වලින් තෙත් කලා.

” බොන්න අයියේ … තව ටිකක් ඉවසන්න ”

ශාන් මගෙ ඔලුව උගේ කකුල් දෙක උඩට අරගෙන හෙමීට වතුර ටික ටික පෙව්වා .

” මල්ලි ……. ශ.. ශාන් ……. ”

මං අමාරුවෙන් ශාන්ගෙ අතක් අල්ලගත්තා.

” අයියේ ……. කියන්න අයියේ ”

මට කියන්න හිතට ගොඩක් දේවල් ආවා. ඒත් මට ඒවා කියාගන්න හයියක් තිබ්බෙ නෑ.
මට මැවිලා පෙනුනෙ ෂානිව.

” ම.. ම.. මල්ලි … ම…මගෙ කෙල්ලව පරිස්සම් කරගන්න මල්ලි …. ”

මං ශාන්ගෙ අත් දෙක අල්ලගෙ කිව්වා. ශාන්ගෙ ඇස් වලට කදුලු ආවෙ මං බලාගෙන ඉද්දිමයි. කොල්ලටත් ඒ වෙලාවෙ මුකුත්ම කියාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

මං අමාරුවෙන් හුස්ම ඉහළ පහළ දැම්මා. තවත් නම් මට දරාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මට දැනුනෙ මගෙ ඇගම පන නැති වෙලා යනවා වගේ. හැමදේම කලුවර වෙලා මගෙ ඇස් දෙක පියවුනේ මටවත් නොදැනිමයි.

” අයියේ ……….. ”

ඇස්පියවෙලා යන අන්තිම මොහොතේ මට ඇහුනෙ ශාන්ගෙ කටහඩ.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
ටීක් … ටීක්… ටීක් ….. ???? මොකද්ද මේ උනේ. රවීන්ට මොකක් හරි කරදරයක් වෙයිද ?????? ???? අන්තිමට කොහොම හරි හාල් ගැරඩියත් රවීන් අයියගේ යාලුවෙක් උනා නේද … ඒත් ඉතිං මොනවා වෙයිද දන්නෙ නෑ රවීන් අයියාට.
ඒක ඉතිං බලන්න වෙන්නෙ ඊළග කොටසින් තමයි. ???? අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

130 thoughts on “? සමනල පියාපත් ? 73 වෙනි පියාපත්”

          1. ? මහිංසා ?

            ස්තුතියි නිරෝ මගේ මැණික..,??????

      1. ? මහිංසා ?

        සමාවෙන්න මගෙ සුදු නෝනේ
        අවසරයි සමුගන්න
        නුඹේ සුදු මහත්තයට….
        මතකයි ඔබ කීවා
        එන්නට එපා කියා
        ඔය ඇස් මානෙට…..
        ඔන්න ඉතින් අද යනවා
        නුඹේ සුදු මහත්තයා
        මේ ලෝකෙන්ම ඈතට..,.
        හමු වෙන්නට මේ ආත්මයේ
        ආයෙත් පින් ලැබේවිද
        නොදනි මගේ සුදු මැණික….
        දෛවය හැමදාමත්
        සරදම් කෙරුවා මට
        හැම ආත්මයේ…..
        අහිතක් නෑ වෙන්වි යන
        මේ අවසන් මොහොතේ
        සතුටින් ඉන්නකෝ
        හිනැහි නුඹ මගෙ සුදු නෝනේ….
        යලි එන්නේ නෑ මං
        මගෙ ආදරෙ සොයලා
        මේ ආත්මෙදි මගේ රත්තරනේ…
        මගේ පණ ඩිංගත්
        මා අත හැර යන්නට
        සැරසෙන මෙ මොහොතේ….
        යළි නො හරින්නට
        පියවූවා මගේ දෙනුවන්
        මගේ සුදු නෝනේ….
        සංසාරේ යලි හමුවෙන්නට
        පැතුමක් නෑ මගේ හිත මානේ
        දුකකින් ඇරඹුණු මේ දිවියම
        පතන්නෙ නෑ මං මතු සංසාරේ….
        පෙරුම් පුරනවා
        මේ භව කතරෙන්
        එතරට යන්නට
        නිවන් සුවයෙන්…..
        දුක් සෝ තැවුල් නැහැ
        වෙන් වී යන මේ මොහොතේ
        පතනවා සතුටින් ඉන්නට
        මගේ සුදු නෝනට
        වෙන් වී යන මේ මොහොතේ….

        රවීන්…..✍️✍️✍️✍️✍️

          1. ? මහිංසා ?

            ස්තූතියි මගේ චමී නංගියා….?????

          1. ? මහිංසා ?

            ස්තූතියි මගේ දුලා නංගියා….?????

          1. ? මහිංසා ?

            ස්තුතියි මගේ එරන්දි නංගියා….?????

        1. ? මහිංසා ?

          අද නම් කතාව පට්ටම දුකයි… අකුරු ටයිප් කර ගන්නත් බෑ… කොහොමත් ලොකු ඉතිං ඔයා අන්තිමට හැම කතාවෙම මැරෙනවානේ ….???????මේකත් සුදු මහත්තයා වගේ ම කතාවේ ප්‍රධාන චරිතය මරලා අපට දෙන්නකෝ ආදර්ශයක්…..??????? ආදර්ශ ගන්න එක කෙසේ වෙතත් කතාව ඉවර වෙද්දී අපිට heart attack නම් ෂුවර්…. අපිට දුකක් දීලා ඔයා ඉන්නකො සතුටින්…..??????????? ඇත්තමයි ළග අහල පහලක හිටියනං හොයං ඇවිත් දෙනවා දෙකක් ඔය මොළේ පෑදෙන්න….. ‍ කතාවේ ප්‍රධාන චරිතය ඔයා වෙලා ඒ චරිතය මරලා දාන එක නම් මං කොහොමත් අනුමත කරන්නේ නෑ… ලොකු ඔයා හිතන විදිහ වෙනස් කරන්න….. රවීන් ඔයා කිය කිය ඔයා මේ කරන වැඩේ නං හරි වැරදි….. ඒ ගැන නම් පට්ටම දුකයි…
          මොනා කරන්නද අපේ ලොකු ට චුට්ටක් පිස්සු නේ මේකත් ඉතිං ඔයාගේ පිස්සු වැඩක් ම තමයි….
          අහුවෙද්දෙන්….කො චතුර යො
          ?️?️?️?️?????????????????⚔️⚔️⚔️⚔️⚔️⚔️?️?️?️?️?️?️ චතුර මහත්තයෝ පරිස්සමින් ඉන්න හොඳේ මේ සේරම ඔයාට….. නීතිය රකින පොලිසියම මෙහෙම කරනකොට හරි කේන්ති….?????????????? කොහොමත් රවීන්ට මුකුත් වෙන්නේ නෑ…. එහෙම වුනොත් ඉතින් අම්මගේ ආශිර්වාදයත් බොරු වෙනවා…. දැන් හැමෝටම නින්ද යයි… අම්මට නං දරාගන්න බැරි වෙයි… ශානිටයි පවනිටයි සැනසීමක් ලැබෙයි….. ඉන්නකම් වද දුන්නනේ රවීන්ට…. ශාන් හාල් ගැරඩියා බලන් යද්දි හරි හොඳයි මොනා කරත් ඉතින් raween ව බේරගන්න කාටවත් බැරි උනා නේ…..????????? චතුරයගෙ වාහනේට බෝම්බයක් තියන්න බැරි උනා නේ ??????….. ශානිටත් හොඳ පාඩම්….මැටි අලෙ….ගොන් වැස්සී…. මොනා උනත් රවීන්ට සනීප වෙන්න ඕන… නැත්තං ඉතිං කතාව වැඩක් නෑ අප්පා…. වීරයා මැරුනට පස්සේ ආයෙ කවුරු හිටියත් මොනවටද…..????????

          කතාව හරි සාර්ථකයි ලොකු ඒකනේ මෙච්චර දුක් අපිට….ඔයා ඉතිං කොහොමත් දක්ෂයිනේ අපි වන අඩවන්න…????? මේ කඳුළු කතාවෙ සාර්ථකත්වය, ඔයාගේ සාර්ථකත්වය …. සමනල පියාපත් උනාට හරි සංකීර්ණ කතාවක්…. ඔයා ඉතින් සීනිබෝල කතා ලියන්නේ නෑ…..නෙ.. මොනා උනත් කතාව එකෙන්ම සුපිරි… ආයෙ වචන දෙකක් නෑ ?????????????හෙට ඉඳන් ශානි නේද කතාව ලියන්නෙ…. ආදෙන්කො ඔය ගොන් වැස්සී.,????

          ඉතින් ලොකු පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්නව නේද අද නම් මේ පැත්තෙ එන්න එපා… බෙහෙත් බීලා ගෙදරට වෙලා ඉන්න…. මතක් කරලා දොර ජනෙල් වහගන්න.., නැත්නම් බෝම්බ පොල් කෝම්බ එන්න පුලුවන් ඔය පැත්තේ ????
          ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ඔයාටත් දඟ පවුලේ හැමෝටම ක්….???????

      1. ? මහිංසා ?

        . ස්තූතියි ලොකු….?????….මංහිංසා අළුත් කෙනෙක් ද ලොකු…..??????????

          1. ? මහිංසා ?

            හිතෙයි මගේ නංගි.., ස්තූතියි මැණික….????

    1. ?නොහදුනන්නී ?

      සමාවෙන්න මගෙ මැනික
      මට යන්නම වෙනව මගෙ
      රත්තරනේ
      අනේ මං ආසාවෙන් හිටියෙමගෙ මැනික මැරෙන්න මොහොතක් තියා හරි උබෙ ආදරේ ආයෙමත් විදින්න ඔය දෙතොල් කම්මුල් ඉබින්න
      ඒත් මට පින් නෑ රත්තරනේ මේ ආත්මෙ උබේ වෙන්න
      සමාවෙයන් මැනිකේ දසදහස් වාරයක් මට
      උබව රිද්දන්න කවදාවත් ඕනි උනේ නෑ මට
      දයිවය හරස් වෙලා අපිට මොනා කරන්නද සුද්දි උරුම කරුම ගෙවන්නම ඕනි රත්තරනේ
      දැන් උබට සතුටින් ඉන්න,පුලුවන් මැනික
      උබ කැමති කෙනත් එක්කම
      උබ ප්‍රාර්ථනා කරපු විදියටම උබේ ඇස් මානයකටවත් ආයෙමත් එන්නෙ නෑ බන් මම
      සතුටුද උබට,දැන්වත් මැනික
      තේරෙයි උබට දවසක මන් නැති අඩුව මගෙ ආදරේ තරම
      එදාට උබ පරක්කු වැඩි මැනික පසු තැවෙයි උබ
      උබ පේනමානයකවත් නැති නිසා මම
      වදයක් කිවුව උබම මාව මැනිකක් වගේ හොයයි සුදු නෝනා
      ඉන්න,තැනක ඉදන් මන් බලන් ඉන්නව හැර මට කරන්න පුලුවන් දෙයක් නෑ මැනික එදාට
      අන්තිම මොහොතෙත් මතක් වෙන්නෙ උබෙ ඔය අහින්සක හිනාව විතරමයි මැනික
      දාල යන්න ලෝබයි උබව ඒත් යන්නම වෙනව රත්තරන
      මතු ආත්මෙකවත් මෙච්චර වේදනාවක් නැතිව උබ ලගට එන්න පතන්නම් මන්
      ඔන්න උබේ සුදු මහත්තයා
      වදයක් නැතිව උබෙන් අයින් උනා මැනික
      දැන්වත් සතුටින් ඉදපන් මගෙ රත්තරනේ
      මගෙ පැතුමත් ඒක විතරමයි
      මේ බවයේ මේ අවසාන මොහොතේ…….

      1. Chamodya Madusanki

        ඒක ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ලස්සනයි මගේ අක්කා

      2. අනේ අක්කි.. හැමදාම වගේ ගොඩ ගොඩ ගොඩාාාාරියක් ලස්සනයි අක්කි…
        ?????

      3. දේවාෂි

        ඒකට නම් තව දුක හිතුනා චූටි අක්කි.. ඔයා ඉතින් කොහොමත් හදවතට කතා කරන්න දන්නවා නේ… ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤❤?
        ආදරෙයි මැණික ?❤ පරිස්සමින් ඉන්න අක්කියෝ බෙහෙත් බොන්න ඉක්මනට හොඳ වෙන්න…???❤

      4. ? එරන්දි ?

        අනේ නන්ගෝ ඔයානම් ඇත්තමයි ලස්සනම ලස්සනයි ඒක ????????

        1. ?නොහදුනන්නී ?

          හැමෝටම ගොඩක් ස්තූතියි …අනේ තාම හරියට සනීප නෑ මට…හෙට එන්නම් මන්…ආදරෙයි හැමෝටම …බුදු සරනයි දෙවි පිහිටයි !!! ??????

    1. මොකද්ද අයියෙ ඔහොමත් බාල්දි පෙරලනවද අප්පා ??????..රවීන්ට සනීප වෙන අතරෙ ෂානිව අරං යයි අර හෝතඹුවා ??..හාල් ගැරඬියා නම් මාරයිනෙ හිතුවෙවත් නැති විදිහට වෙනස් වෙලා ??…කොහොමහරි චතුරයට හිතේ හැටියට ගහන්න බැරි වුනානෙ ???? අයියත් චතුරයට support නේද හූම්ම්… එතකොට හෙට ඉදන් ෂානිද කතාව කියන්නෙ …ඉක්මනට චතුරටත් return එක දෙන්න අයියෙ නැත්තම් බලාගමු ????????????????????????????

    1. ???????????????????????????????????????????????????????
      ආ… ආ… අක්කි ඉක්මනටම කන්න නැත්නම් තරහෙන්ම පිපිරෙයි…

        1. අනේ තරහ යන් නැද්ද චූටි නංගී මේ ගොන් අලියා රවීන්ට කරපු දේට

    2. ලොකු මට එන තරහා දෙන්න හිතෙනවා හොම්බ කට සමතලා වෙන්න.?????????? ඇයි දෙයියනේ රවීන්ට පිහියෙන් ඇන්නේ. ඔයා ඔාහොමමයි.සුදු මහත්තයාවත් මැරුවා. දැන් රවීන්වත්.ඇත්තටම රවීන්ට මොකුත් උනොත් අපි නරකයි කියන්න එපා.
      අපි ආදරේ කරන ප්‍රධාන චරිතය මරලා සතුටින් ඉන්නකෝ.

      ඇත්තටම මං අහන්නේ හරි ලොක්කා වගේ ගියානේ චතුර ලගට. අනේ දෙයියනේ ඌ ගැන දැන දැනම මෝඩ හරකා වගේ නිකම්ම ගියා. නිකමට ලග හැට්ට කට්ටක්වත් තිබුනේ නැද්ද.ආ ඔයාට බැරි උනාද ඔය චතුරට නෙලපු වෙලාවේ ඌට වැලි අහුරක්වත් මූණ පුරා ඉහින්න. බීච් එකේ නේද හිට්යේ. මොලේ නෑ අප්පා ඒක උඩ ඉදගෙනද මන්දා ඉන්නේ.

      අනේ මං හිටියා නම් චතුරව පුම්බල උඩ යවනවා. පිට්පස්සෙන් ඇවිත් ගහන්නේ පිරිමියෙක් නේද ඌ. ෂිට් පොලිසියේ කියන්නත් ලැජ්ජයි. අනික හැම වෙලේම මොකද රවීන්ටම කරදර කරන්නේ.ඔය චතුර කොට්ටෝරුවාගේ කොන්ද කඩන්න බැරිද ඇදෙන් වට්ටලාවත්. ලොකුත් චතුරගේ පැත්තේ වගේ.

      අනේ ශාන් කොල්ලා හොදයි නේද. අපි හිතුවට වඩා පොරක්නේ. දෙන්න හිතයි උම්මා එකක්. ඇත්තටම ශාන් කොල්ලද ශානිව බලාගන්නේ.

      කතාව නම් දුකයි ප්‍රධාන චරිතේ මරලා දැම්මම ඉතින් එහෙම වෙනවනේ. නපුරු ලොකු
      ඒත් ඉතින් කතාව සුපිරි. අපි කතාව බලලා අඩනවා හිනාවෙනවා තරහ ගන්නවා කියන්නේ ඔයා සාර්ථකයි නේද. ඊලගට මොනාද වෙන්නේ කියලා දැනගන්න නොඉවසිල්ලෙන් ඉන්නේ. රවීන්ව නම් මරන්න එපා හොදද. ඒ දෙන්නව අනිත්මට එකතු කරවන්න. එහෙම උනොත් එදාට දිගම දිගම දිග කමෙන්ට් එකක් දෙනවා.

      ඉතින් අයියේ සතුටින් පරිස්සමින් ඉන්න.වෙලාවට කෑම කාලා බේත් බීලා පරිස්සම් වෙන්න. බුදු සරණයි අයියේ . සුබ රාත්‍රියක්

    1. අද නම් මහ පුදුම දවසක්… අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැ…?? හාල් ගැරඬියා ??? කතාවට ආපහු ආව එකට සතුටු වෙන්නද… රවීන් අයියා ගැන දුක් වෙන්නද… අනේ මන්දා… ⁣මොනාද ලොකූ මේ කරන්නේ… රවීන් අයියාට වෙන කරදර වල ඉවරයක් නැනේ…බාල්දි නෙවේ අයියා පෙරලන්නේ බවුසර් පිටින්.. ??…

      චතුරයා නම් මහ මොකෙද්ද මන්දා… රිලවා.. චිම්පන්සියා… ඔරන්ඔටා… ??රවීන් අයියාට කරදරයක් වුනොත් මං බලාගන්නම්කෝ..??? මහ ලොකු පොලිස් කාරයා… ඌ හිතන් ඉන්නේ ඌ වැඩ්ඩා කියලා වෙන්න ඇති… වැඩිය උඩ පයින්න එපා බිමට වැටෙද්දී දරාගන්න බැරි වෙයි…??
      ගොන් නාම්බා…???????????????????????????

      ඇති යන්තන් මොලේ කල්පනා කරලා වැඩක් කරා… නැත්නම් පරලොව තමා… මියයන්න සූදානම් පැරදුම දරන් සමරන්න එනවාද සුදු මල් අරන් කියලා තමා ෂානිගෙන් අහන්න වෙන්නේ… ගොන් බූරුවා මල්ලිටත් කිවනම් තවත් සේෆ් නේ…? මං හිතුවා ගොන් අලියා වගේ තනියම ගිහින් කියලා… ඒ වගේ හරක් වැඩනේ කරන්නේ…??

      හාල් ගැරඬි??? කොල්ලා රවීන් අයියා එක්ක කියලා දැනගත්තාම නම් මට මාර සතුටක් ආවේ… අතින් කට වහගෙන හොදටම හිනා වුනා… ( තව පෙඩ්ඩෙන් අංගොඩට ටිකට් එක අම්මා හදලා දෙනවා..??) ශාන් කොල්ලා නටන්න වගේම ෆයිට් කරන්නත් දන්නවානේ… ??? මං හිතුවේ ???? විතරයි පුළුවන් කියලා.. ?? හාල් ගැරඬියෝ ඉක්මනටම හොස්පිටල් යං සත්තලං…

      ආහ් මේ … රවීන් අයියාට ඇනපු පිහියේ චතුරයාගේ finger print තියෙනවා නේද… පිහිය කවුරුත් ඇල්ලුවේ නැත්නම් මොකක් හරි කරන්න පුළුවන්… චතුරයාට තරු පේන්න මොකක්ම හරි කරන්න ඕන ලොකූ හොදද…?? නැත්නම් ඉතින්… සූටි නංගිලා ටික යක්ෂනියෝ වෙයි හලිද…?? මොකක්ම හරි කරලා චතුරයාගේ පොලිස් පට්ටම ගැලෙව්වනම හරි… එතකොට අද වෙච්ච දේ.. රවීන් අයියාට චතුර පිහෙන් ඇන්නා කියන එක… කොහොම හරි ෂානිට දැනගන්න තියන්න ඕන…?? එතකොටවත් ඔය බූරුච්චිට මතකේ එයිද බලන්න…

      ???????????
      යන්න අවසරයි ඔබෙන් ගිලිහිලා…
      දුකක් දැනෙනවා ඔබ ගැන සිහි වෙලා…
      කියාගන්න මගේ සිතේ ආදරේ…
      දෙනවද වරමක් දෙවියනි ඔබ මට…
      ආසයි ඉන්නට ඔ⁣බගේ තුරුලේ…
      ලා රතු තොල් සිපගන්නට රිසිසේ…
      ඔබේ ළමැද මත හිස තියන් නිදන්නට…
      සිහිනෙකි මට එය කිසිදා සැබැ නොවන…
      ඔබ හා ගෙව් ඒ අතීත සිදුවීම්…
      දැනෙනවා සතුටක් මතකෙට එනවිට…
      ගත තුළ වේදනා සැනෙකින් වියකෙයි…
      ඔබේ සිනා රැල් නිබදව සිහිවී…
      පෙරුමන් පිරුවා ඔබ හා ඉන්නට…
      නොදනිමි හැකිවේද ඒ ලෙස ඉන්නට…
      ඔබ හා තනි වී දිවිගත කෙරුමට…
      මැරුණොත් නොහැකිය එය මට කෙරුමට…
      මා සමුගත්තොත් දිවියෙන් අද දින…
      සතුටින් ඉන්නට පොරොන්දු වෙනවද…
      කාටත් කලියෙන් මතු සසරෙදි ඔබ…
      මාගේ වෙනවද ඔබ මගේ රන් කද…

      – රවීන් අභිමාන් –
      ???????????

      ඉතින් ඉතින් කොහොමද අයියේ… අල්ල ගන්න තමා මං හිටියේ… එපා… කියද්දි අසනීපෙන් ඉන්නකොට රිප්ලයි කරනවා නේද… සිංහල තෙරියුමා…? ආහ්… මිස්ටර් සුමිත් උෂාන්… දෙන්නේ බැට් එකෙන්… ඔයාගේ රිප්ලයි නැ කියලා අපි කමෙන්ට් නොකර ඉන් නැ හරිය… හැමදාම දෙනවා ඔයාට කමෙන්ට් එකක්… පරෙස්සම් වෙන්න අයියේ… ඔයා නැතුව පාළුයි තමා… ඒත් චුට්ටක් ලෙඩ හොද වුනාම ඇවත් රිප්ලයි කරලා හිටියට වඩා ලෙඩ වුනොත් අපිට ඊට වඩා දුකයි.. හොදද… ඒ හින්දා… ඔයාගේ රිප්ලයි නැ කියලා අපි තලා වෙන් නැ… ?? හලිද… බෙහෙත් බිලා පරෙස්සමින් ඉන්නෝන හරිද…

      ආහ් කතාව ගැන කියන්න බැරි වුනානේ… මොනවද ඉතින් වෙනදා වගේම තමා දුක දිලා අපිව අඩවනවා.. අද සතුටත් ටිකක් දුන්නා නිකන් කන්හැන්දකින් වගේ…?? කතාව සුපිරි අයියේ… මාරම ලස්සනයි… කතාවෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා… කතාව ඉවර වෙන දවසට ඒවා කියන්නම්කෝ… මං ඒවා දන්නේ නැතුව එහෙම නෙමෙයි ඕං… ??

      ඇති නේ… අතත් රිදෙනවා… පරෙස්සමින් ඉන්න අයියේ.. තෙරුවන් සරණයි !…
      ??????

        1. හිතේෂි අක්කි , චමෝ නංගා, කෞෂි නංගා, මගේ මචී.. තැන්කිව් හැමෝටම… ආදරෙයි ගොඩාාාාරියක්..
          ???????

  1. උක්කූං පුතා(SuMi )

    හම්මෝ .. අරහෙත් බනිනවා .. මෙහෙනුත් බනිනවා .. .වටෙන්ම බනිනවා . හතර වටෙන්ම බනිනවා … මට වටකරලා බනිනවා ???? පව් නැද්ද දෙයියනේ මං …. හරිම වේදනයි මට. ?????? කොච්චර දුකයිද කියනවා නම් මං හෙට උදේට කෑවෙත් නෑ තාම දුක වැඩි කමට ???

    මගේ දග සෙට් එක කොහොමද ඔහොම ඔයාලගෙ උක්කුං අයියට බනින්නෙ ?? මට නම් හිතාගන්න බෑ. හරිම වේදනය් .. හරිම වේදනයි ???

    බයට මාව වෙව්ලනවා. කතාවෙ අන්තිම කොටස වෙද්දි අපේ ගෙදරටම ඇවිල්ලා මාව උස්සලා පොලේ ගහයිද දන්නෙ නෑ මේ කෙල්ලො ටික. මට එච්චරට බයයි.

    නෑ නෑ …. ඔයාලා කවුරුත් ඔය තරම්ම බය වෙන්න එපා. දන්නවද පරණ පුස්කොළ පොතක ලියලා තිබ්බා ” ඇසින් දුටුවත් කනින් ඇසුවත් අතට අහුවෙන තුරු කිසිවක් විස්වාස කරන්න එපා ” කියලා ??? මේ කතාවත් එහෙම තමා. දැම්ම කලබල වෙන්න එපා. කලබල වෙන්න තව ගොඩක් තැන් ඉස්සරහට හම්බ වෙනවා. ඒ නිසා ඔය කලබලෙයි කේන්තියයි ඩිංගිත්තක් ඉතුරු කරගන්න. ????

    ඉස්සරහට වෙන්න තියෙන දේවල් මතක් වෙද්දි මට සහලෝලා උණ ගන්න එනවා. බයටම. කොච්චරක් කියලා බැනුම් අහගන්නද දෙයියනේ මේ අහිංසකයා. .?????

    ඒ කොහොම උනත් ඉතිං ඔයාලා ආසම විදිහකට ලස්සනම විදිහක්ට කතාව ඉවර වෙනවා කියලා නම් මට ඔයාලට පොරොන්දු වෙන්න පුලුවන් ???? තව කොටස් කීපයකින් ඔයාලට කතාවෙ අවසානය බලාගන්නත් පුලුවන් . එදාට බලන්නකෝ ඔය බැන්න විදිහටම මගේ ගුණ ගායනා කරන්නෙ නැද්ද කියලා ???

    ඒ කොහොම උනත් ඉස්සරහට එන්න තියෙන කොටස් වලදි නම් මට දුවන්න පාර මදි වෙන සීන එකක් තියෙන්නේ ???

    කමක් නෑ ඒ සප්‍රයිස් වලට ඔයාලා කැමති වෙයි ???

    දග සෙට් එක දුකින් උනත්කියන්න වෙනවා අද ඔයාලගෙ ලස්සන දිග කමෙන්ට් වලට මට රිප්ලයි දාන්න විදිහක් නම් නැති වෙයි. මොකෝ අයියට ටිකක් මහන්සියි . ඒකයි මේ වගේ පොදු කමෙන්ට් එකක් දාන්නෙ. ඔන්න ඒකට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.

    හැබැයි මට හැමදාම කමෙන්ට් කරන මගෙ දග සෙට් එකට නම් මම ආදරෙයි අහස තරන්. ඔයාලගෙ කමෙන්ට් නිසා තමයි මම හුගක් සතුටින් ඉන්නෙ. මට ඒවා ලොකු හයියක්. ඒ හින්දා ඔයාලගෙ කවි නිසදැස් ලස්සන කමෙන්ට් වලට මම හැමදාමත් ගරු කරනවා. හැමදාම අයියගෙ කතා වලට මේ වගේම ලස්සන කමෙන්ට් දාන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.

    සතුටින් පරිස්සමින් ඉන්න මගෙ දග සෙට් එක. බුදුසරණයි හැමෝටම. පුලුවන් වෙලාවක් ආවගමන් ඔයාලා හැමෝගෙම හැම කමෙන්ට් එකකටම රිප්ලයි දාන්නම්. ??

    ඇරඹුමට වඩා හැමවිටම
    අවසානය වෙනස්
    ආරම්භය කටුක වුවත්
    අවසානය ඉතාමත් සුන්දර
    වස්සනයක් වෙන්න පුලුවන්

    ඒ නිසා විමසිල්ලෙන් ඉන්න
    අපි කාටවත් තවමත්
    අවසානය අනුමාන කරන්න
    බැහැ ,,,,,,,

    රවීන් ෂානි චතුර අතර
    සමනල පියාපත් දෝලනය වෙනවා
    කොතනක ගිහින් නතර වෙයිද
    හිත නිරතුරුවම විමසනවා

    බලන් ඉමු අපි සැවොම එක්ව
    තව ටිකයි අවසානයට
    බලමු මොකද වෙන්නෙ කියලා
    මේ සමනල පියාපත් ආදරේට ,,,,

    එකතුවෙලා ඉන්න
    මගෙ ආදරණීය දග සෙට්එක
    අවසානයක් දකින තුරු
    මේ කතාව

    සැ .යු : මෙම කොමෙන්ට් එක දැකලා මට බනින්නේ නෑ කියලා මම දන්නවා ???

    1. Chamodya Madusanki

      අයියට හෙට උදේට නෙවී අද රෑට කන්න ඕනි වෙන එකකුත් නෑ?? මං හිතන්නේ

      1. ? මහිංසා ?

        හෙට උදේ කන්න …..රෑට කාලා…ඉන්න…. ????ලොකු…උදෙ වුණෙත් නෑ නේද තාම…. ශානිගෙ මැටි මොලේ කන්වර්ට් වුණා ද දැම්ම…..????

    2. ආනේ… හෙට උදේට කැවෙත් නැද්ද අයියේ…බඩගින්නේ ඉන්න එපා දෙයියෝ… මං හිතන්නේ අනිද්දා උදේට කාලාත් නැතුව ඇති… එන්නද පොල්ලකුත් අරන් බලපිටිය පැත්තේ කෑම ටිකක් දෙන්න… ???

      සමාව දෙනවා සමාව… ? දෙන්නේම නැ සමාව… කට කැඩෙනකන් කිවත් අහන් නැනේ… මහන්සි මහන්සි කිය කිය දිගට දිගේ කමෙන්ට් කොටනවා… ??තව ෆෝන් එක දිහා බලං ඉන්නත් හොද නැලු ඒත් කමෙන්ට් කොටනවා… අහක බලාගෙන වෙන්න ඇති කමෙන්ට් කොටන්නේ…??

      කතාව ගැන කියලා දැන්ම බනින් නැ එදිනෙදාට බනින්නත් ඉතුරු තරගන්න එපැයි… ??? තව කොච්චර බනින්න ඇත් ද… නේ… කතාවේ අවසානේ වෙද්දී බනින්න වචන නැති වෙයිද දන්නැ..??

      පරෙස්සමින් ඉන්න ලොකු අයියේ… ඉක්මනටම සනීප වෙලා ඉක්මනටම එන්න… හොදටම සනීප වුනාම එන්න හලිද… බුදුසරණයි අයියේ !…
      ?????????

      සැ.යු -: මං නම් ඕං කමෙන්ට් එක දැක්ක ගමන් බැන්නා හොදේ….

    3. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

      Aiyo baninne adretane ayyeee.mmm kthwt hoda awasanyk thiyanawa kiwwa ekata nm suuuuti sathutak thiyenw…

    4. දේවාෂි

      අනා එහෙමද අයියා බබෝ… කමක් නෑ ඔයා දුකට හෙට රෑට කෑවෙත් නැහැ කියලා අපි දන්නවා අයියේ… කරන්න දෙයක් නැහැ අපි කිව්වා නේ අපේ කොල්ලටයි කෙල්ලටයි පාඩුවේ ඉන්න දෙන්න කියල…?
      රිප්ලයි එපා අයියේ පරිස්සමින් සතුටින් ඉන්න දළදා සමිදු පිහිටයි අයියේ ❤?

    5. ? එරන්දි ?

      අනා අයියේ පව් අප්පා ඔයා මතක් කරලම අද රෑට කාලා ඉන්න හාද පස්සෙ බැරියැයි හෙට උදෙට කන්න.ගුටි දෙන්නේ හලිද ඔයාට සින්හල නෙවෙයිද අප්පා.කියන දෙයක්නම් තෙරෙන්නෙම නෑනේ මහන්සි වෙන්න එපා දෙයියනේ කීවාම අහනවකෝ අයියේ.????සමාවක්නම් දෙන්නේම නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑමයි…එපා කියන ඒවා කරලා තව සමාවත් ඉල්ලනවා

      බැන්නට තරහට නෙවෙයි හොදේ ඉක්මනට සනීප වෙලා එන්න අයියේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….????

        1. නිරෝෂා ලක්මාලි

          ඔන්න ඔහේ ඕන දෙයක් කරලා ලස්සන අවසානයක් දෙන්න අයියේ..
          මට නම් ඔය සමාවෙන්න කියන වචන ඇහෙන්නවත් කියන්න එපා අයියේ..
          මගේ කමෙන්ට් වලට නම් ඔය වචනේ ඇඩ් කරන්න එපා..
          සමාව ඉල්ලනවා කියලා හැමදාම ඔහොම ඉල්ලනවද අප්පා..
          චතුරයට කලින් උක්කූං පුතාට දෙක තුනක් නෙලන්න හිතෙනවා..
          ????????
          කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ..

    6. Madu dilsha

      කලබල තව ඉඉස්සරහට නම් දැන්ම ෆ්‍රෙශර් පෙති ටිකක් ගෙනත් තියා ගන්නම්කො ?? නැත්තන් ඔයා පෙරලන බාල්දි වල හැටියට ෆ්‍රෙශර් වැඩි වෙලා සීනි ලෝ වෙලා කොලෙස්ටරෝල් උච්ච වෙලා හාට් ඇටෑක් එකකුත් හැදෙනවා….සත්තයි????

  2. ? එරන්දි ?

    හම්මෝ අයියේ කමෙන්ට් එකේ දිග බුදු සන්තෝ කතාව වගේම දිගයි.කතාව කියෙව්වෙවත් නෑ තව.හවස එන්නම්කෝ.පරිස්සමින් ඉන්නවා නේද හැමෝම ?අයියේ ඔයාටත් සනීපයි නේද දැන් බුදු සරණයි හැමෝටම ..????

          1. ? එරන්දි ?

            ඔව් නන්ගෝ දැන්නම් හොදයි මැණික පොළොං තඩියෙක් මාව අනුභව කලානේ අප්පා.චුට්ටක් විතර අමාරු උනා දැන් අව්ලක් නෑ ඉතින් ජිවත් වෙන්න වාසනාව තිබිලා කොහොම හරි බේරුනා..

          2. පරෙස්සමින් අක්කියෝ… දන්නැති හින්දා අහන්නේ පොළගා හොදින් ඉන්නවාද අක්කි..?? මැරුන් නැද්ද ඌ…??

          3. ? එරන්දි ?

            අම්මෝ නන්ගෝ ඒ ගැනනම් කියලා වැඩක් නෑ අපේ ගෙදර අය ඌව ස්වර්ගස්ථ කරලනේ.මාත් එක්කම හොස්පිටල් ගිහි ඌ අවසන් ගමන් ගියා මන් ගෙදර ආවා…???

  3. Chamodya Madusanki

    මොකක්ද උනේ දෙයියනේ මේ උනේ,
    අනේ හාල් ගැරඩියා පව් දෙයියනේ, අපේ රවීන් අයියට මොනා වෙන්නේ නැති වෙයි නේද?
    ඔය චතුරයව අහු උනොතින් අම්මපා කෑලි කෑලි කපලා මුහුදේ මාලුන්ට කන්න දානවා අම්මපා????? මහ ලොකු පොලිකාරයා දෙකයි පනහේ වැඩමයි කරනේ???
    ??????????
    මම මහ පොළව වගේ ඉදන්
    ඔබ අහස වගේ ඉදන්
    ඔබෙ ඇස් මායිමෙන්
    මොන තරම් දුර ගියත්
    පේන මායිමක නෙහිටියත්
    පොළොව අහසට ආදරේ කරන තරමට
    මමත් ඔයාට ආදරෙයි
    මගේ රත්තරං…
    නමුදු අද සිට
    ඔබේ අසලින් සිටිය නොහැකි රත්තරං
    සමාවෙයන් මට
    අදින් ඔබගෙන් සමු අරන්
    යන්නම් දුරකට
    නැවත නොඑන්නට
    ??????????
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න
    ආදරෙයි පැලෙන්න?????

  4. කොහොමද ඔයාලට හැමෝම හොදින් ඇති කියලා හිතනවා.
    අයියේ ඔයත් හොදින් නේ දැන්තමා කොටස් තුනම කියෙව්වේ.

    මට නම් හිතා ගන්න බැරියෝ මෙච්චර දේවල් වෙලානේ ??
    මම හිතුවෙ මෙහෙම සීන්කෝන් කෑලි තියෙන්නේ දෙමල ෆිල්ම් වල විතරයි කියලනේ ???
    කතාව නම් ඉතින් කියලා වැඩක් නෑ පට්ට සුපිරි එලකිරි පට්ටම ලස්සනයි හොදේ .ශාන් අයියා පව් හාල් ගැරඩියා කිව්ව එකත් පව් අප්පා.

    ඒක තමා කියන්නේ මිනිස්සුන්ව පිට රූපෙන් මූන බලලා කව්ද කියලා අඳුරගන්න අමාරුයි .ඒටික නම් කතාව කියවද්දි පට්ටෙටම තේරුනා.චතුර උනත් කලින් හිතියේ චූටි පූස් පැටියෙ වගේ නේ.බලන් ගියාම මේකා මහ නරියෙක්.හැබැයි ඉතින් නරියා හිතන් හිටියට ඌ කපටියි කියලා නරි කපටි නෑ හරි මෝඩයි.චතුරත් ඒ වගේ තමා.
    රවින් අයියට මොනා වෙයිද හිතාගන්න බෑ.සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි.අයියා ඉතින් වෙනස් නේ.

    සුබ පතනවා හදවතින්ම අයියේ හැමදේම සාර්ථක වෙන්න කියලා.
    හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ගොඩක් ගොඩක් ගොඩක් පරිස්සමෙන් ඉන්න .
    ජේසු පිහිටයි .!!!!!!! ??❤️

    සතුට කෝ අද කොහෙද සැඟවිලා
    දුක හදවතේ කොනක රජ වෙලා
    මගෙ පන නුඹ තාම දන්නේ නෑ
    මේ හැමදේම උබ වෙනුවෙන් බව

    ගෙවෙන ජීවිතේ පුදුමාකාරයි
    කොහෙන් කෙලවරක් වේද දන්නේ නෑ
    මගේ අන්තිම හුස්ම පොද තෙක්
    මගේ ආදරේ උබට විතරමයි

    විටෙක ජීවිතේ හරිම සුන්දරයි
    තවත් විටෙක එය හරිම දුක්බරයි
    හිතාගන්න බෑ මටම නොතේරෙයි
    හැබැයි ජිවිතේ ඇත්තත් මෙයමයි…

    ❤️❤️❤️❤️❤️❤️❤️???????

      1. අක්කියෝ නංගිලා ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ? ???? ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ??????

  5. හිතෙෂි මෙත්දරා

    Oya hari asai neda lokuuuu bucket peralanna. Onna adanam godak duka hithuna hode. Ravin pawne ane. Love nisa kana kattaaaaaaaa. Paw ape kolla. Eyawa maranna epa hode. Oya hari dushtai ane.
    Mole kalpana karala chathuraya hambu wanna giyata adath e balu nakuta issara unane. Mekewath lassana awasanayak dennako ane. Oyage dushtakama wena kathwakata danna dan. Kathawa iwara wenna laga nisa ara dennawa ekathu karanna. Hal garadiyata dannam adare hithenawa.

    Oya parissamin innawa neda loku. Kala bila hodata inna aiye. Budu saranai daga paule hamotama.
    Aaa sorry aiye iye kathawata comment danna bari una. Iye dawasama hospital eke idiye.

  6. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

    Ane mokakda e une.dan nm hithaganna ba mona weida kiyala.ane raveen marenna nam epa…???????ammo garadi aiya hoda wela.ane harii hodai neda eya api bannata.pau appa.shok kolla.? Kauda itin hithuwe eya mechchra hod kenek kiyal.issara shanige passenmaine.kathw godaaaaaaaak lassanai aiyye.ilagta wenne onawada kiyala hitha ganna wth bari wenna liyal thiyanwa.aiyt me wage thw kath liyanna shakthiya dhahiriya labenn kiyala prarthana karanawa.budu saranai ayye.parissami sathuti inna oni.welawwta beheth bonna.bs.

  7. දේවාෂි

    අයියෝ මගේ හදවත දාහතර කඩකට පැලුනා සාන්ත…..???
    ඔබට සතුටුයි දැන්….? මචං අයියේ…. මම මේ දැනුවත් වීම පිනිස අහන්නේ….???? ඔයාට රවීන් කියන නමත් එක්ක අවුලක් තියෙ නේ… අපි මෙහෙම කරමු… අපි කොල්ලගේ උප්පැන්නය වෙනස් කොරලා වෙන නමක් දාමු… ??
    බලන්න ඉතින්…. යකූ මම අර මරාගන්න සීන් එකෙ ආයේ මාරම සතුටින් හිටියේ… මාත් නිකන් මැදට පැනලා අර චතුර කියන හිකනලාට ගහුවා කියලා තමයි හිතුනේ…???????
    ඒ උනාට අයියා වැඩේ කාලම දැම්මා හ්හ්…… මාර දුකයි අප්පා…. ??
    මට හිතිලා තියෙන්නේ ? ලීටර 10ක් 15ක් වගේ කාලා නිදා ගන්න….. ඒ තරම් දුකයි අප්පා…. ඇයි යකූ ගුටි කනවා අකරතැබ්බ වෙනවා කියලා මෙහෙමත් වෙනවද මම අහන්නේ …??
    එතකොට අපේ ශාන් පැටියා ගැන කතා කරොත් බලන්න ඉතින් නේ… කොච්චර සත්තලන් හදවතක්ද තියෙන්නේ… ?? මගේ ශාන් පැටියට මම නම් කවදාවත් බැන්නෙ නැහැ නේ…. මම කිව්වා හැමෝටම මගේ ශාන් බබා හරී හොඳයි කියලා… මී ඇස් දෙක පල්ලා….??????

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වා… යකෝ චතුර…….. උබ චතුර නෙවෙයි වතුර වගේ දිය කරනවා මගේ අතට අහු උනා නම්….හ්හ්හ්හ්හ්???? පොලිස් ඇදුම ගලවන්න ඕන ඕකගේ ඔලුවෙන්… ගල් මූසල ගස් ගෙම්බා…. ?? අම්මපා මට එන තරහක්….. ඕකව අහු උනා නම් චුයින්ගම් එකක් කරනවා…..?? අලවනෝ බිත්තියක…. ඌට වැඩි කල් ඔයා නටන්න දුන්නොත් අය්යේ බලාගමු හොදේ හ්හ්… පරිස්සමින් ඉන්න…?

    කතාව එල අයියේ….. ❤?
    රිප්ලයි එපා අයියේ පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ❤???

    1. ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      කාපන් මයේ අම්මා… ඔය රත් වෙච්ච එක අඩුවෙයි… හැබැයි පෙලේති වගේ කාලා හෙම්බා හැදිලා හෙට නාවොත් මං බලාගන්නම්කෝ වස්තු…
      ????

  8. ? එරන්දි ?

    මොනාද අයියේ මේ කරන්නේ?අනේ ඇත්තමයි ඔයාගේ වෙලාව හොදකමකට ලගක නැත්තේ හිටියනම් ඒම දනී කරන දේ.???තලා ගිහින් ඉන්නේ උපරිම.ඇයි අනේ දැන් ඉන්න එපා මුකුත් දන්නැති ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ කොයි කතාවක් ලිව්වත් අවසානෙට ප්‍රධාන චරිතෙ මරලා දානවා හොදටන දන්නවා එයාව ප්‍රධාන චරිතෙට ඉන්නේ කියලත්.ඕක ආයෙනම් කරන්න එපා අයියේ ඇත්තටම දුකයි එහෙම උනාම.කතාවක් තමයි මනක්කල්පිත දෙයක් බව ඇත්ත.ඒත් අපි ඒක කියවන්නේ ජීවීතේම කරගෙන.ඒකේ ඉන්න චරිත ජීවමානව ඉන්න අය වගේ.එහෙම උනාම ඒ කතාවෙ උනත් කරදරයක් දුකක් වෙනකොට ඒ දේ හදවතටම දැනෙනවා.කියලා වැඩක් නෑනේ ඔලමොට්ටල වැඩමනේ කරන්නේ.කාට කියන්නද ඉතින්.ඇත්තමයි පොල් ටොක්කක් අනින්න ඕනා ඔය මොලේ පෑදෙන්න.
    .???????

    හපොයි මේ මොක්ද මේ උනේ හාල් ගැරඩි පැටියා අභී එක්ක එකතු වෙලා නේද….හිතුව තරම් කොල්ලා නරක නෑ වගේ පව් අප්පා බැන්නෙ කලින්.ඒත් නෑ ඉතින් පෙර වැරදි හෙනටම තිබ්බනේ ගැරඩියගේ.මොනා උනත් ශානිගෙ කට්ටිට රවීන් එක්ක ඉන්න එකනම් වටිනවා.මන් බය උනා අපේ මේ රවීන් ගොන් අලේ තනිවම චතුරව හම්බෙන්න ගිහිනවත්ද කියලා.වෙලාවට මොලේ කියලා චුට්ටක් තිබිලා තියෙනවා තනිවම ගිහින් මේ දේ උනානම් ඒම කාට කියන්නද.අම්මෝ මතක් වෙද්දිත් බය හිතෙනවා.action movie එකක් මැවිලා පෙනුනා මටනම්.රවීනට කදරයක් කලොත් අල්ලගන්නම් අයියේ ඔයාව හරිද?රජ කාලේ දඩුවම් දෙන්නේ.මුකුත් කරන්න එපා අප්පා රවීන් පව්නේ…

    පොලොස් කොට්ටොරුවට අනින්න තිබ්බේ පිහියෙන්.මේ වගෙ අයටනේ ඇත්තට මිනිස්සු රකින්න දීලා තියෙන්නේ.චතුරයාව මරලා දාන්නකො අප්පා රවීන්ටයි ශානිටයි පාඩුවෙ ඉන්න.දැන් හාල් ගැරඩියගෙන් අව්ලකුත් නෑනේ චතුරයා තමයි මේ පැත්තක ඉදන් ඇවිත් පාට් දාන්නේ…ගස් නරියා.
    තියෙන තරහට වචන මතක් වෙන්නෙත් නෑ.ඇයි අප්පා.

    කොහොමද අයියේ ඔයාට සනීපෙන් ඉන්නවා නේද අනිත් අයත් හොදින් ඉන්නවා නේද?හැමෝම පරිස්සමින් ඉන්න.

    1. යමු ද අක්කි ට්‍රිප් එකක් බලපිටිය පැත්තේ… මාළු ටිකක් අල්ලන් එමු… මහ මාළුවත් බලලා එන්න පුළුවන් නේ.. ??

      1. ? එරන්දි ?

        ආ ඒකනම් මරු නන්ගෝ එකෙන්ම මන්නම් කැමති ඔන්න…..?????

  9. ..Sandashen..

    Aiyooo me ravin man enakan hitiye nehene .thaniyma gihin den oya kara gaththe mama hitiyanam ohoma wenna denne nehe .den wechcha de una ikmanata ravin hoda karamu neda loku .
    Me eka nemei loku oya hadanne ravin kollawa marala ara hal geradiyata shani kellawa dennada.amme loku me hodata inna ahinsaka mawa mini maruwek karaganna epa ravinwa meruwoth man oya hal geradiyawai ara gas gembawai oya eki noki meki okkolomaiiii maranawa hariya…..??????

    Heta idala newatha katawata ravin gennama oniiiii……Harida loku…

    Loku kathawa godak lassanai .oyata kohomda den sanipaida.beheth biuwada parissamen inna .budusaranai .dalada samidu pihitai.gn.sd.??????????

  10. ..Sandashen..

    කොහොමද ලමායි …….පරිස්සමෙන් සනීපෙන් ඉන්නවද …….මාව අමතක වේලාද මගේ ස්විටිලාට….බුදු සරනයි. දලදා සමිදූ පිහිටයි.සුභ රත්‍රියක් .??????????????????

  11. නිරෝෂා ලක්මාලි

    මොනවද කියන්නේ කියලා මං මේ කල්පනා කරේ.. මෙහෙම මහා විශාල හෙනයක් කඩන් පාත් වෙයි කියලා නම් හිතුවේ නෑ. චතුර නම් මහා දෙකයි පනහේ වැඩනේ කරන්නේ.. පොලිස් පට්ටමටත් එක්ක ලැජ්ජයි. මරන්න තරම් කේන්තියි මට නම්.

    අම්මෝ අපේ හාල් ගැරඬි ශාන් අයියා මාරයිනේ බොලේ. එකෙන්ම අභි කොල්ලට හෙල්ප් කරන්න ඇවිත්නේ. වෙලාවට නංගි එහෙම ශාන්ගේ උදව් අරන් දුන්නේ. ශාන් අයියත් හැමදේම තේරුම් ගත්ත එක නම් සහනයක්. මං හිතුවා ඔය චතුරයව විශ්වාස කරන්න බෑ කියලා. කෝ අභිටත් මොළයක් නෑනේ.

    අභිව මරලා නම් අහුවෙන්න එපා අයියේ. එහෙම අයිඩියා එකක් තියේ නම් ඒක අමතක කරලා දාන්න. එක පාරක් ඇක්සිඩන්ට් කරලා අතීතය අමතක කරලා හෙන විකාරයක් කරලා බොහොම අමාරුවෙන් ඔය තත්ත්වයට ආවේ. දැන් ආයෙත් මෙහෙම කලේ ඇයි. සෑහෙන දුකයි අප්පා.
    ????????

    අඬනවා දුක් වෙනවා කියලා මෙහෙත් දුක් වෙන්න පුළුවන් ද. ඇයි අනේ හැම කරදරයක්ම මෙයාලා වටේමනේ කැරකෙන්නේ. කොහෙන් ගියත් අභිට එන කරදරවල නම් ඉවරයක් නෑ වගේ.

    වෙන්න තියන දේ වෙන්න ඇරලා බලන් ඉන්න තමයි තියෙන්නේ. කතාව කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නේ නෑනේ. ඒක දන්නේ අයියම තමයිනේ. ඉතින් අවසානය කොහොම වෙයිද කියලා ඉවසීමෙන් බලන් ඉන්නයි ඕන දැන්.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිහිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. නිරෝෂා ලක්මාලි

      හැමෝගෙම කවි නිසදැස් හරිම ලස්සනයි..
      ??????????
      ❤️?❤️?❤️?❤️?❤️?

  12. අනේ ලොකු අයියේ.
    “කොහොම පටන් ගෙන කොහොම ලියන්නද නෑ මට තේලෙන්නේ.” මොනාද අනේ කලන්න හදන්නෙ ඔයා? අපේ රවීන් අයියට මොකුත් කරන්නේ ඒම නෑ හොදද? අම්මෝ හාර්ට් එක කීන් ගෑවා අයියෝ.

    හාල් හැරඩියත් ගානට ගේම් එකට එන්ටර් උනානේ? පව් දෙයියනේ ඒ කොල්ලා. බලන් ඉන්නෝ මොකද වෙන්නේ කීලා ඒනම් අපි.

    හිත් දෙකක් යා වෙලා
    ආදරේ උතුරනා
    දෑස් හමුවන විටදි අපගේ මතකේ ගිලිහී වෙන් වෙලා මැණික ඔබ මගේ විතරමයි
    දෙන්නේ නෑ නුඹ
    වෙන කාටවත් ❤️❤️❤️

    සුදු මහත්තයා

  13. හැපි එන්ඩින් එකක් දෙන්න බෑ ද..?????
    රවීන් මැරෙනව දකින්න නම් බෑ …..

    නුබෙ හුස්ම
    මගේ පන…
    මතකද කීවා
    මගේ මැනික…
    ඒ පන
    අද යන්නම යනවා
    මැනික නෑ මගෙ ලග ….
    මේ ආත්මෙ හිමි නොවුනත්
    නුබ එනකම් බලාන ඉන්නම්
    රත්තරං …

    ඔයාට වගේ ලස්සනට ලියන්න නම් බෑ අයිය ඒත් ඔයාගෙ ලස්සන කතාව වෙනුවෙන් මගෙ හිතට ආපු වචන ටිකක් මේ….????

  14. සුභ උදෑසනක් හැමෝටම….
    ????
    ඇප් එකේ වෙනසක් වුනා ද… මං නම වෙනස් කරන් නැතුවම වෙනස් වෙලානේ… ???

      1. ? එරන්දි ?

        සුභ උඋදෑසනක් හැමෝටම…????
        අප්පා ඔව්මනේ නම් වෙනස් වෙලා නේද ..

          1. ? එරන්දි ?

            ඒ ඇයි අක්කේ එහෙම මගෙ එක වෙනස් වෙලා නෑනේ අප්පා.

          2. ? මහිංසා ?

            අනේ මන්දා….කොටසක විතරයි..නෙද.මට හිතාගන්න බෑ….මං ආස නෑ ඉංග්‍රීසියෙන් නම් වැටෙනවා ට,…???

  15. ? එරන්දි ?

    හයියෝ මොමොනා වෙලාද මන්දා මගෙ අක්කියෝ ටික වෙලාව්කින් හරියයිද දන්නෑනේ අප්පච්චියෝ අපි සින්හලෙන් හදාගමුකො සුදු ඉතින්

    1. ? මහිංසා ?

      ඔයා නම ගහන ඇත්තේ ඔහොම …..අපි ඩිස්ප්ලේ නම වෙනස් එක ගහලා තිබුනේ සිංහලෙන් ඔය දැන් තියෙන්නෙ name එක ටයිප් කරලා තිබුණු විදිය… ප්‍රොෆයිල් එකත් නෑ හොයාගන්න….

    2. ? මහිංසා ?

      ඔයාට පොළගෙක් කෑවා ද…. මැණික…. අනේ පරිස්සමින් මගේ නංගි…. නිදාගන්න කලින් කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි හොඳට බලන්න…. රූම් එකත්….. පරිස්සමින් ඉන්න මගේ නංගි… බුදු සරණයි මැණික ඔයාට

      1. ? එරන්දි ?

        අනේ එහෙමද අක්කියෝ ඒනම් ඒක තමයි මගෙ නම වෙනස් වෙලා නැත්තේ.සමහරවිට මොකක් හරි අප්ඩේට් එකක් දෙන්න ඇති මගෙ අක්කේ.හරියයි ටික වෙලාවකින් හොදද.
        ඔව්නේ අප්පා පොළගා කෑවනේ අනේ.ගේ ඇතුලින් තමයි කෑවේ.අම්මෝ දැන්නම් හැම තැනම බලනවා අක්කේ සීතල නිසා ගෙට ඇවිත් මට පෑගුනා ඌව.හරි වස්තුවෙ ඔයත් පරිස්සමින් ඉන්න ඒනම්.බුදු සරණයි මගේ අක්කියෝ…?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.