Katha Ahura

? ගිනි කිරිල්ලී | පනස් අටවෙනි කොටස | නවකතා

3.5/5 - (8 votes)

පනස් අට වෙනි පියාපත…

——————————————————————————————————————————————————-

මං සංසුන්ව ඇස් පියාගත්තා..

ශේශ්.. මං එනවා.. මං හොයා ගෙන එනවා..

හැමෝම ගියට පස්සේ දුශ්ඨවතී මං ගාවට ඇවිදගෙන ආවා…

“මගේ ශේශ් කිය කිය මැරෙන්න හැදුවනේ.. දැක්කනේ.. පිරිමින්ට ගෑණු කවුරුත් එකයි..”

“ඒත් තමුසේ හරි ලස්සනයිනේ…”

දුශ්ඨවතී මගේ කම්බුලකට අත තියලා හෙමීට මගේ බෙල්ල දක්වා ඒ ස්පර්ෂය ගෙනාවා..

අමුතු හැඟිමක් දැනෙද්දී මට හිතුනෙම මේ යක්ශණීව මෙතනම මරලා දාන්න..

ඒ තරම් ඒ ස්පර්ෂය හිරිකිතයි මට…

ඒත් මං හෙලවෙන්නේ නැතුව ඔහේ හිටියා..

“තමුසෙත් කැමතියි නේද…??”

පල් හිනාවකුත් එක්ක දුශ්ඨවතී මට කිව්වා..

මං කරේ හිනා වෙච්ච එක විතරයි..

“කොහොමත් හෙටින් පස්සේ බොස්ට තමුසේ ඕන නෑ.. ඊට පස්සේ ඉතින් හම්බෙමුකෝ…”

දුශ්ඨවතී හයියෙන් දොරත් වහ ගෙන යන්න ගියා..

තමුසෙගේ බොස් කවුද කියන්න මං දන්නේ නෑ. හැබැයි එයාට මාව ඕන වෙන්න කලින් මං මෙතනින් පැන ගන්නවා..

මං ඉක්මනට නැඟිටිලා ගිහින් ඇඳ යට බැලුවා.. මං කලබල අස්සේ ඇඳ යටට තල්ලු කරපු ටීවී එකෙන් කැඩිච්ච කෑල්ල තාම තිබුණා..

ඒක ටිකක් හයිය ප්ලාස්ටික් කෑල්ලක්…

මේක තමයි මාව නිදහස් කරන යතුර..

අත් දෙක අතුල්ලලා අතුල්ලලා අත දෙක ගැට ගහලා තිබ්බ ගැටේ ලිහා ගත්තා..

මං මෙච්චර කලක් මේ කාමරේ අස්සට වෙලා ප්ලෑන් කරපු හැමදේම අද මට කරන්න වෙනවා..

කොහොමද ශේශ් ඔයා මට මෙහෙම කරේ…?? ඔයාගේ ගිනීට ඇයි මෙහෙම කරේ.. ???

මට ඔයාගේ ඇස් දිහා බලන් ඒ දේ අහන්න තිබ්බොත් මට ඇති..

උමතුවෙන් හිටියේ මං.. ඔයාගේ ආදරේට උමතු වෙලයි හිටියේ.. ඒත් දැං.. මං වියරු වෙලා ඉන්නේ..

ආදරෙන් වියරු වෙලා ඉන්නේ මං…!!

මං හිතුවේ ඔයා මං නැති නිසා පිස්සුවෙන් ඇති කියලා.. ඒත් ඔයා අද හරි ලස්සනට ගිහින් තොල් රතු යක්ෂනීව කසාද බැන්දා..

කොහොමත් මං මේ කතාව අස්සට එන්නත් කලින් ඉඳන්නේ ඔයා තොල් රතු යක්ෂනීව බඳින්න හිටියේ..

මමයි ඔයාලා මැද්දට ඇවිත් ඔයාලා දෙන්නව අවුල් කරේ..

මං ඉස්සර හිටපු පිස්සි වෙලාම හිටියා නම් අද මේ තරම් බොළඳ කෙල්ලෙක් වගේ ආදරේ හින්දා තැවෙන්න නෑ..

මේකද අම්මේ මං ගෙනාපු දෛවය.. කමක් නෑ.. මට දැං මැරෙන්න බයක් නෑ.. ලොකූ හුස්මක් අරන් තුවක්කුවකින් උන්ඩ දහයක් වුණත් ඔළුවට බස්ස ගන්න තරම් දුකක් හිතේ තියෙන්නේ..

ඒත් ඊට කලින් ශේශ් ඔයා මට උත්තර දෙන්න.. ඔයා වෙනුවෙන් ජීවත් වෙච්ච මේ ගිනීට උත්තර දෙන්න..

මං රෑ වෙනකම් බලන් හිටියා..

හරියටම රෑ නවයට දුශ්ඨවතී කෑම අරන් එනවා..

මං බෙඩ්ශීට් එක අරන් ලොකු ප්ලාස්ටික් කෑල්ල ඉනේ ගහන් දොර ගාවට ගිහින් හිට ගත්තා..

ගිනී.. ඔයා ඉක්මන් වෙන තරමට ඔයාට මෙහෙන් පැන ගන්න පුළුවන්..

හද ගැස්මවත් මට නෑහෙන විදියට මං ගල් වෙලා වගේ හිටියා..

ටිකකින් දුශ්ඨවතී ඇවිද ගෙන එන හඬ ඇහෙන්න ගත්තා.. මේක තමයි වෙලාව..

දුෂ්ඨවතී දොර ඇරලා ඇතුළට එද්දිම මං අතේ තිබ්බේ බෙඩ්ශීට් එක එයාගේ ඔළුවට දාලා ඔළුව මුලින්ම ඇඳගෙන දුශ්ඨවතීව බිත්තියේ ගැහුවා..

එයාගේ අතේ තිබ්බ බෙලෙක් පිඟාන මහ හඬක් එක්ක බිමට වැටුණා.. ඒ තප්පරෙන්ම මං ඉනේ ගහන් හිටපු ප්ලාස්ටික් කෑල්ල අරන් දුශ්ඨවතීගේ බෙල්ල පිටිපස්සෙන් බැස්සුවා..

තවත් තප්පර පහකට පස්සේ දුශ්ඨවතී ලේ විලක් මැද බිමට වැටුණා..

මේ දේ කරගන්න තමුසේ ගොඩක් දැඟලුවා.. දුෂ්ඨවතීගේ ඔළුව තාමත් බෙඩ්ශීට් එකෙන් එතිලා තියෙද්දිම මං එයාගේ ශර්ට් එක උස්සලා එයා ඉනේ ගහන් හිටපු තුවක්කුව අතට ගත්තා..

එළියේ ගාඩ්ස්ලා දෙන්නෙක් ඉන්නවා මං වෙනුවෙන් බලා ගෙන..

ඒ දෙන්නටත් මං සලකන්න එපයි..

දොර ඇරගෙන මං සෝදිසියෙන් අඳුරු පැසේජ් එක දිගේ ඉස්සරහට ගියා..

එකෙක් බිත්තියට හේත්තු වෙලා සිගරට් එකක් බොනවා මං යන්තම් එලියෙන් දැක්කා..

එතකොට කෝ අනිත් එකා..

මං අත් දෙකට තුවක්කුව තද කරලා අල්ල ගෙන ඉලක්ක අරන් ඌට වෙඩි තිබ්බා..

ඒ යකා විලාප තියාගෙන බිමට වැටෙද්දි මගේ හිතත් ගැස්සුණා.. තුවක්කුවේ සද්දෙට..

ඒත් එක්කම මගේ දිහාවට වෙඬි සද්දයක් ආවා..

මගේ ඇඟේ ගෑවී නොගෑවී උණ්ඩයක් බිත්තියේ වැදුණා..

ඕඕඕ ශික්…

මං එහෙමම පහත් වෙලා ටික ටික පස්සට ගියා..

අනිත් ගාඩ්.. ඒ යකා ඉඳලා තියෙන්නේ අරූට කිට්ටුව.. ශික් මං දැක්කේ නෑනේ..

එයා ඉස්සහට ඇවිත් බිම වැටුණ ගාඩ්ගේ නාඩි බලනවා..

මං අඳුරේම බිම වාඩි වුණා.. මොකක්ද මං කරන්නේ.. මට ශුවර් මෙයාට මං මෙතන කියලා පේන්නේ නෑ. මේ හරිය ඒ තරම්ම අඳුරුයි..

මගේ අතට අහු වුණේ දිගින් අඩු මහත පොල්ලක්.. අඩියක් විතර දිග..

මේක තමයි අවස්ථාව..

මං ඒ පොල්ලෙන් උගේ ඔළුවට දමලා ගැහුවා.. ඌ ඔලුව අල්ලගෙන පහත් වෙනකොට වෙඬි තිබ්බා.. තුවක්කුවේ උණ්ඩ ඉවර වෙනකම්ම..

ඌත් එතනම බිමට වැටුණා..

දැං නම් මට හුස්ම ගන්නත් අමතක වෙලා.. මං දුවලා ගිහින් ගාඩ්ලා දෙන්නගෙම තුවක්කු දෙක ගත්තා.. එක තුවක්කුවක් අතේ තියන් අනිත් එක සුපුරුදු පරිදි මං හංගගත්තා..

මං පුලුවන් ඉක්මනින් පැසේජ් එක දිගේ දුවලා ගිහින් පඩි පෙළ ගාවට ගියා..

මං ඉන්නේ බිම් මහළක.. මං බොහොම පරිස්සමට පඩි පෙළ නැගලා උඩ තට්ටුවට ගියා..

මං හිතන්නේ මං ඇවිත් තිබ්බේ ගබඩා කාමරයකට.. මං එතනින් එළියට ඇවිත් කොරිඩෝව දිගේ ඉස්සරහට ආවා..

මේක සාලයක්.. ලොකූ සාලයක්.. මං මෙතන දන්නවා.. ඔව්… මෙහෙට තමයි ශේශ් එක පාරක් මාව එක්කන් ආවේ..

එහෙනම් මේ වෙච්ච දේවල් වලට.. නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ..

එකපාරටම මගේ ඇහැ ගියේ සාලේ කොණක ගහලා තිබ්බ මටත් වඩා උස රාමු කරපු පින්තූරයක් ළඟට..

ඒකේ හිටියේ අර මිනීමැරුවා.. මගේ තාත්තව මරපු මිනීමැරුවා.. එහෙනම් ශේශ් එදා මාව මෙයාගේ තැනකට එක්කන් ආවේ ඇයි…?

මොකක්ද මේකේ තේරුම..??

මට හිතෙනවා මං වටේ මේ වෙන කිසිම දෙයක් මං දන්නේ නෑ කියලා.. මං දන්නේ එක දෙයයි.. ශේශ් තොල් රතු යක්ෂනීව බැන්දා කියන එක විතරයි..

මාව මෙහෙම හිර කරන් ඉන්න ඇත්තේ මෙයාගේ ඕඩර්ස් හින්දා වෙන්න ඇති.. දුෂ්ඨවතී කියපු බොස් මේ මිනීමරුවා..

මං ඉක්මනටම ගෙදරින් එළියට ආවා.. හරියටම ඉස්සරහ දොර ළඟදි මගේ ඇඟේ හැප්පිලා වයසක මනුස්සයෙක් වැටුණා..

එදා මාව දැකලා පුදුම වෙලා බලන් හිටිය වයසක අන්කල්..

අදත් මාව දැකලා පුදුමෙන් බලන් ඉන්නවා.. ඒ ගැනවත් කිසිම තැකීමක් නොකර මං ගෙදරින් එළියට දුවන් ආවා..

දුවන්න ඕන කොහේද කියලවත් මට පේන්නේ නෑ.. ලොකූ වත්තක්.. ඒත් ඈත් ලයිට් පේනවා.. ගේට්ටුවක් වෙන්න ඇති..

මං ගේට්ටුව ගාවට දිව්වා..

ටික දුරක් දුවලා නිකමට වගේ මට හැරිලා බැලුණා..

මං දැක්කේ ඒ ගෙදර.. ඒ වලව්ව..

දෙයියනේ…!!! මං එදා මගේ තාත්තව මරපු දවසේ මෙහෙම පැනලා දිව්වා.. මට හොඳටම මතකයි මං එදත් දැක්කේ මේ වලව්වමයි.. මේකමයි කියලා..

එහෙනම් මේක තමයි මගේ ගෙදර.. අර මගේ චිත්‍ර පොතත් මට හම්බුණේ මෙහේ තියලා..

ඒ කියන්නේ මං මෙච්චර දවස් හිරකාරියක් වෙලා ඉඳලා තියෙන්නේ මගේම ගෙදර..

තව මං නොදන්න ගොඩක් කතා ඇති..

මං ගේට්ටුව ගාවට දුවන් ගියා.. පුදුමයකට වගේ ගේට්ටුව ගාව කවුරුවත් හිටියේ නෑ..

මං පුළුවන් ඉක්මනින් ගේට්ටුව ඇරන් එහා පැත්තට දිව්වා.. ඇත්තටම මේ පාරේ කොහේ යන්නද කියලා මට හිතා ගන්න බෑ.. ඒත් මං දිගටම දිව්වා..

තේ වතු පහු කරන් කරුවලේ පාර දිගේ මං ගොඩක් දුර දිව්වා..

ඈත් වාහනයක් එනවා පේනවා.. ලයිට් එළියක්… දකුණු පැත්තේ තියෙන්නේ බෑවුමත් එක්ක තේ වත්තක්..

මං පාරෙන් අයින් වෙලා බෑවුමට අඩියට තියලා තේ ගස් අස්සේ පහත් වුණා..

හුඟක් මහන්සී.. හති වැටිලා ඉවර වෙනකම් මං එහෙමම හිටියා.. දැං නම් ලොකූ සීතලක් ටිකෙන් ටික දැනෙන්න අරන්..

යන්නේ කොහෙද කියලා මට හිතා ගන්න බෑ.. හැබැයි මට එක දෙයක් නං දැං හොඳටම තේරෙනවා..

මාව අතීතයයි, වර්තමානයයි අස්සේ හොඳටම පැටලිලා.. ඒත් මගේ හිත රිද්දන තුවාලය ඒක නෙවෙයි..

ශේශ් මාව මෙහෙම අත ඇරපු එක..

සමහරවිට තොල් රතු යක්ෂනී මගේ ෆොටෝස් පෙන්නලා ශේශ්ව බ්ලැක්මේල් කරන්න ඇති..

ඒත් ශේශ් ඔයාට තිබ්බා එහෙම නොකර ඉන්න.. තොල් රතු යක්ෂනීව කසාද නොබැඳ ඉන්න තිබ්බා..

තාමත් මගේ හදවත වැළපෙන්නේ ශේශ් ඔයාගේ නමින්..

ඔයා මොනාද දෙයියනේ මේ මට කරේ..??

මං සීතලට එහෙම ගුලි වෙලා තවත් විනාඩි විස්සක් විතර හිටියා..

තවත් පරක්කු වෙන්න බෑ..

මං ආයෙත් පාර දිගේ ඉස්සරහටම දුවන් ගියා..

මේ ඇස් වලට එකපාරක් ඔයාව පෙනුනොත් මට ඒ ඇති ශේශ්.. එහෙම වුණොත් ආයේ නොඑන්නම සමුගන්න මේ ගිනීට පුලුවන් වෙයි..

අන්තිමේ මං නැවතුනේ පොඩි තේ කඩයක් ළඟ. මට මතකයි එදා ශේශ් මෙතන නවත්වලා තමයි මට තේ අරන් දුන්නේ..

මගේ වෙලාවට කඩේ වහලා.. කවුරුවත් නෑ.. යන්තම් මළානික එලියක් විතරක් තිබ්බා..

සීතල හොඳටම වැඩිවෙලා.. තව අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි තරම් හති මට..

මං හුඟක් හයියෙන් හුස්ම ගන්නවා වගේ…

මංඅර තේ කඩේ පිටිපස්සට ගිහින් බිමින් වාඩි වුණා..

අනේ ශේශ්…!!

යන්තම් කෙඳිරියක් වගේ මට කියවෙන්නෙත් ශේශ්..

ඇත්තටම දැං නම් මං උමතුවෙන්.. වියරුවෙන් ශේශ්..

සීතලට මං බිම ගුලි වුණා..

හුස්ම ගන්න බැරි තරම් හති තාමත් මට.. මං ඇස් පියා ගෙන ටිකක් වෙලා හිටියා..

ශේශ්ගෙයි , මගෙයි ලස්සන මතක හිත පුරාම මං මවා ගත්තා.. ටිකකින් මගේ ඇස් පිය වුණා..

එකපාරටම ඇහුණ වාහනයක බ්‍රේක් සද්දෙට මං ගැස්සිලා ඇහැරුණා..

දකුණු අතට තද කරලා තුවක්කුව අල්ලා ගත්තා.. සමහරවිට මං පස්සෙන් ඇවිල්ලද..??

ටික වෙලාවකින් වාහනේ දොර අරින හඬක් ඇහුණා.. බැහැපු කෙනා මොනවද කිය කිය එහාට මෙහාට ඇවිදිනවා..

ටෝස්ස්ස්ස්ස්ස්ස්ස්……. ඒ කෙනා හයියෙන් පාරක් කොහෙටහරි ගැහුවා වගේ…

කවුද මේ…?? කවුරු වුණත් මේ රෑ මෙතන මොනවද කරන්නේ…???

මෙයත් අර මිනීමැරුවාගේ කෙනෙක් නම්..

හෙමීට මං හිටපු ඉරියව්ව වෙනස් කරලා තුවක්කුව අතටම තද කරන් නැඟිටින්නයි හැදුවේ…

“මට සමාවෙන්න.. මට සමාවෙන්න ගිනී……..

—————————————————————————————————————————–

අදට ක්‍රියාදාම ඇති..

ගිනී.. ඔයා මට සිය දහස් පාරක් සමාවෙන්න.. මං හුඟක් පරක්කුයි..

හේතු කියන්න ගියොත් ඔයාලටත් මාවත් එපා වෙයි.. ඒත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.. මාත් එක්කම ඉන්න..

ආදරෙයි පැලෙන්න…

ඊළඟ පියාසැරියෙන් හමුවෙමු..
බුදු සරණයි..!!

12 thoughts on “? ගිනි කිරිල්ලී | පනස් අටවෙනි කොටස | නවකතා”

    1. අම්මෝ… අක්කි… අදනම් ගිනි ගොඩාාාරියක් චණ්ඩි වෙලා… මට මතක් වුනේ සහේනාව… පව් ගිනි… හැමදේටම ආදරේනේ… එතකොට අර නුවරඑළියේ බංගලාව ගිනිගේ ගෙදර… එතකොට ශේශ් කවුද… ගිනිගේ සුදු අයියා ශේශ් නේද… ශේශ් ගිනිලාගේ නැදැ කෙනෙක් වෙන්න ඇති…
      කොහොම හරි ගිනි පැනගත්ත එකටනම් මාරම හැපි… බෝතල් පාටියක් දාන්න හිතෙනෝ…?? අන්තිමට ආවේ ශේශ් නේද.. මට නම් හිතෙන්නේ එහෙමයි… බලමුකෝ හෙටත්… කතාව සුපිරි අක්කියෝ ඒත් දුකයි… දැන් ඉවර වෙන්න ලග හින්දා…? ඒත් ඉතින් කරන්න දෙයක් නැනේ ආරම්භ වන හැමදේකම අවසානෙකුත් තියෙනවාමනේ… කමක් නැ ඉතින් අක්කි තව අලුත් කතාවක් අරන් එයිනේ..
      ??…
      පරෙස්සමින් සතුටින් සනීපෙන් ඉන්නෝන අක්කියෝ බුදුසරණයි !…
      ?????????

  1. නිෂා සශී ?

    අනේ ඇයි මාධි අක්කී ඊයෙ ගිනීව එක්කන් ආවෙ නැත්තේ පාළුවෙන් හිටියෙ අක්කී. අනේ ගිනීගෙ දෛවයනන් මාරයි අප්පා පව් එයා කරදර වල ඉවරයක් නෑ. මට හිතෙනව ඒ ආවෙ ශේශ් කියලා අක්කී ඒක බලන්න හෙටත් එන්නකෝ අක්කී බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ???????????????????????

  2. ශේශ්ගෙ ආදරෙන් උමතු වෙලා හිටපු ගිනී දැන් වියරු වෙලා ?? මොකක්ද මේ වෙන්නෙ …ඒ ආවේ ශේශ් නේද…අනේ ගිනීට දුක් දුන්න ඇති පව් නේ ගිනී….

  3. අද තමයි ගිනීගෙ වැඩ පෙන්නුවෙ කාලෙකින් ???..නියභයි ගිනී ඔහොම්ම ගිහින් රතු තොල් යක්ෂනීටත් පොලු පාරක් දුන්න නම් හරි??…ඒ ආවෙ ශේශ්ද දන් නෑ…ආවෙ කවුරු වුනත් වෙඩි කන්න ලෑස්ති වෙලා එන එක හොදයි ???

  4. සෙසඳි

    අපිටත් සමාවෙන්න ගිනී… ඔයාගෙ ගින්නෙන් අපිත් දැවෙනවා.. ? ????????????? නියමයි ගිනී ඔහොම තමයි ඉන්න ඕනේ… මේ සමාජෙ අහිංසක වෙද්දි මේ සමාජෙම අපිව තව තවත් තලනවා…. අපිත් මේ සමාජෙ එක්ක ඉද්දි යකඩයක් වෙන්න ඕනේ… තැලෙන්න තැලෙන්න තවත් ශක්තිමත් වෙන්න ඕනේ…
    ශේශ් වගේ නපුරෙක්ගෙ වෙන්න ඕනේ අන්න ඒ වගේ කෙනෙක් ගිනී… පිනී වෙලා මේ සමාජෙ බෑ… ගින්නෙන්ම දැවෙන්න ඕනෙ… ඒ ගින්නෙන් දැවුනොත් විතරයි අපිව යටත් කරගන්න හදන අයව පුච්චලා දාන්න පුලුවන් වෙන්නෙ…

    ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ගිනී… කතාවෙ අවසානේ දැන දැනත් තාමත් අපි ආයෙ ආයෙත් මේ කොටස් කියවනව.. ඒ තරමට අපි ඔයාට ආදරෙයි ගිනී… ශේශ්ටත් ආදරෙයි ….

    මාධි කෙල්ලටත් ආදරෙයි …. ඒත් ඒ කෙල්ලට ඒක දැනෙන්නෙ නෑනේ… නිකන්වත් එන්නෙ නෑ… කොහොමද අක්කි කියලා අහලා යන්න… කී දවසක් කතා කරාද දැන්… පව් සමහර විට වැඩ ගොඩක ඇති… ඒත් ඔයා හොඳින් නේද මාධි පැටියෝ ? පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ආදරෙයි ????????????

  5. නිරෝෂා ලක්මාලි

    පව් නේ ගිනී. පිස්සුවෙන් වගේ ⁣ශේශ්ට ආදරේ කරනවා. ශේශ් මේ හැමදේම කරන්නේ තේරුමක් ඇතුව. ඔය ගිනීව හොයන් ආවේ ශේශ් නේද. තොල් රතු යක්ෂනීව නම් මරලම දාන්න ඕන. මේවා විසඳෙන්න සෑහෙන ලඟයිනේ දැන්. ගිනී ශේශ්ට සතුටින් ඉන්න ලැබෙයි ඊට පස්සේ.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.