Katha Ahura

? සමනල පියාපත් ? 72 වෙනි පියාපත්

5/5 - (1 vote)

72 කොටස

අදුරන්නෙ නැති නම්බර් එකකින් ආව කෝල් එකක් නිසා ඒකට ආන්ස්වර් කරන්න කලින් මං ටික වෙලාවක් බාලගෙන හිටියා.

” ඇයි අයියේ … කාගෙන්ද කෝල් එක ”

මමත් අවුල් වෙලා හිටිය නිසා මල්ලි ඇහුවා.

” දන්නෑ බං ………. මොකා උනාම මොකද ආන්ස්වර් කරලා බලනවා ”

මං එහෙම කියලා කෝල් එක ආන්ස්වර් කලා .මං කතා කරන්නත් කලින්ම එහා පැත්තෙන් කතා කරන්න පටන් ගත්තා.

” ඇයි කෝල් එක ආන්ස්වර් කරන්න එච්චර වෙලා ගියේ …. දැන්ම කොල්ලා බය වෙලා වගේ නේද …….. ”

මට එහා පැත්තෙන් ඇහුනෙ චතුරගෙ කටහඩ.

” තමුසෙට කොහෙන්ද මගෙ නම්බර් එක ”

මං එහෙම ඇහුවම චතුර ටිකක් සද්දෙට හිනා උනා.

” තමුසෙගෙ හැමදේම දැන් මං ළග තියෙන්නේ.. ඉතිං තමුසෙගෙ නම්බර් එක නැති වෙන්න විදිහක් නෑ නේද ”

චතුරගෙ ආඩම්බර කතාව ඇහුනම මට තවත් කේන්ති ගියා.

” හරි දැන් තමුසෙ මට කතා කලේ මොකටද .. ”

” අන්න කොල්ලා ගානට කතාවට බැස්සා ”

” මේ හලෝ … රගන්නෙ නැතුව කියන දෙයක් කෙලින් කියපන් ”

” හරි එහෙනම් මං කෙටියෙන් කියන්නම් … මට තමුසෙව හම්බ වෙන්න ඕනේ ”

චතුර එක පාරම එහෙම කිව්වම මට පුදුම හිතුනා . මෙච්චර දේවල් කරලත් මේ මිනිහට මොකටද මාව හම්බ වෙන්න ඕනෙ .

” ඒ මොකටද ”

” තමුසෙත් එක්ක ටිකක් කතා කරන්න ”

” ඉතිං මෙහෙම කතා කරමු ”

” හෝ … හෝ .. .වීරයා බය වෙලාද … මං හිතුවා උඹ මීට වඩා ෆයිට් එකක් දෙයි කියලා … හරි උඹට බැරි නම් කමක් නෑ ”

චතුර කතා කල විදිහට මට අසූහාරදාහට නැගලා තිබ්බෙ.

” හරි හරි කියපන්කෝ ”

මං ෆෝන් එකත් කනට හිරකරගෙන ටිකක් එහාට ගියා.
මල්ලිත් මගෙ දිහා ඇස් දෙකත් පුංචි කරගෙන බලාගෙන හිටියේ.

චතුරත් එක්ක කතාව ඉවර කරලා මං ආපහු ආවෙ විනාඩි පහකට විතර පස්සේ.

” මොකෝ කියන්නේ අරූ ”

මල්ලි ඇහුවෙ මම කාර් එකට නගිද්දි.

” ඌ මේ බයිලා කියවනවා ……. ”

” හම්බ වෙන්න ඕනා කියලා කතාවක් කිව්වේ ……… ”

මල්ලි ඇහුවෙ මගෙ මූණ දිහා ඕනෙකමින් බලලා.

” නෑ බං .. මං ඒක මග ඇරියා .. ඌව හම්බවෙලා මොනවා කරන්නද … ”

” හ්ම්ම්ම් .. .ඒක නම් ඇත්‍ත ….. කොයි එකටත් උඹ පරිස්සමින් හිටපන් අයියේ ”

අපේ මල්ලි කිව්වා. මං ඌ දිහා හොරාට බලලා වාහනේ ස්ටාට් කලා.

දැන් ඉතිං කොහෙවත් නවත්තන්නෙ නැතුව ගෙදර යන්න නෙ තියෙන්නේ. මමත් චතුර එක්ක කතා කල දේවල් ගැන හිත හිතම ගෙදරට යනකන්ම ගියා.

ඌ මොනවට ලෑස්ති වෙනවද කියලා ලේසියෙන් තේරුන්ගන්න අමාරුයි. ඒත් ඉතිං එහෙමයි කියලා මේක අතාරින්න බෑනෙ. මං කොහොම හරි මගෙ කෙල්ලව මගේ කරගන්න ඕනි. ඒකට ඉතිං චතුරට වඩා මම කපටි වෙන්න ඕනි. බලමුකො මේ පාර ඌට මොකද්ද වෙන්නෙ කියලා .

මං ගෙදර ගියේ දාහක් දේවල් කල්පනා කර කර.

___________________________________

මං හිටියෙ කාමරේට වෙලා කෝල් එකක. මේ වෙලාවෙ මොලේ කල්පනා කරලා මාස්‍ටර් ප්ලෑන් එකක් ගහනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ..

” පුතා මම කාමරේට එන්නද ….. ”

අම්මගෙ කටහඩ ඇහුන ගමන් මං කෝල් එක කට් කලා.

” එන්න අම්මා ……… ”

මං ෆෝන් එක මේසෙ උඩින් තියලා ඇද උඩින් වාඩි උනා. අම්මා තේ එකකුත් අරගෙන කාමරේට ආවා. එයාගෙ අතේ ලියුම් කවරෙකුත් තිබ්බා. මං කල්පනා කලේ ඊළගට මොන විදිහෙ බාල්දියක් පෙරලෙයිද කියලා.

මං නැගිටලා අම්මගෙ අතින් තේ එක ගත්තා.

” මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා පුතා ………. ”

අම්මා මගෙ දිහා බලලා කතාකලේ බැරෑරුම් විදිහට.

” මොකද්ද අම්මා …….. ”

මං එහෙම ඇහුවම අම්මා මගෙ අතට අර ලියුම් කවරෙ දුන්නා. මම තේ එකෙන් උගුරු දෙකක් විතර බීලා ඒක පැත්තකින් තිබ්බා. ඊට පස්සෙ අර කවරෙ ඇරලා බැලුවා.

” මේ මොන පිස්සුවක්ද …….. ”

මගෙයි පවනිගෙයි නම් ගහලා තිබ්බ ඉන්විටේෂන් කාඩ් එක දැක්කම මගෙ ඇගේ ලේ වතුර උනා. කොහොමද දෙයියනේ මෙහෙම දෙයක් වෙන්නේ.

” අම්මා .. මොනවද අම්මා මේ කරන්නේ ”

අම්මගෙන් කිසි සද්දයක් නැති නිසා මං ආයෙමත් ඇහුවා.

” පුතා …. පවනිලගෙ ගෙදරින් වෙඩින් එකට දින දාලා කාඩ් හිටන් ගහලා ඉවරයි දැන්……. අනේ පුතේ ……. ටිකක් අහන්නකෝ කියන දේ …….. ”

ඇත්තටම මම ඒ වෙලාවෙ කල්පනා කලේ මගේ කේන්තිය මම කොහොමද පාලනය කරගන්නෙ කියලා.

මං ඇදෙන් නැගිටලා වෙඩින් කාඩ් එක තුනට හතරට ඉරලා දැම්මා.

” අම්මා ……. මොකද්ද මේ කරන්න හදන විකාරෙ ……. ”

අම්මත් එක්ක රණ්ඩු වෙන්න බැරි නිසා මම වචන පාවිච්චි කලේ අඩුවෙන්. ඒත් මගෙ හිතේ තිබ්බෙ මටම පාලනය කරගන්න බැරි තරමෙ කේන්තියක්.

” පුතේ … මේකට කැමති වෙන්න ළමයෝ.. ඔයාට නරකක් කරන්න නෙවෙයි නෙ මේ හදන්නේ ………. ”

” හරි … අම්මටනෙ බැරි .. මම ම ගිහින් බේරගන්නම්කෝ …… ”

මං ඇද විට්ටමේ දාලා තිබ්බ ෂර්ට් එකත් දාගෙන කාමරෙන් එළියට ගියා. එහෙම්ම මම ගෙදරින් එළියට බැහැලා ගියේ ඊට ගෙවල් දෙක තුනක් එහායින් තියෙන පවනිලගෙ ගෙදරට..

” පුතේ … ඔහොම නවතින්න ….ළමයෝ.. මොනවද ඔය කරන්න හදන්නේ …. ”

අම්මා මගේ පිටි පස්සෙන් කෑගගහා ආවත් මම මග නතර උනේ නෑ. මං කෙලින්ම ගිහින් නතර උනේ පවනිලගෙ ගේ දොරකඩ.මාව දැක්ක ගමන් පවනිගෙ තාත්තා හිනාවේගෙන ඉස්සරහට ආවා.

” පුතේ ….. මොකද මේ හදිස්සියෙම… අර වෙඩින් කාඩ් එකේ මොකක් හරි වෙනසක් කරන්න ඕනෙද ……… ”

” ඔව් මාමෙ …….. ”

” මොකද්ද පුතේ ඒකෙ වෙනස් කරන්න ඕනෙ ”

” නම .. නමයි වෙනස් කරන්න ඕනෙ.. මොකද මං මේකට කැමති නෑ …”

මං එහෙම කිව්වම මාමගෙ මූණ වෙනස් උනා. නැන්දත් ඉස්සරහට ආවෙ කලබලෙන් .අපෙ අම්මත් මගෙ පිටි පස්සෙ හිටගෙන හිටියා.

” මොනවද පුතේ මේ කියන්නෙ … ඔයාලම මේ සම්බන්දෙ පටන් අරගෙන දැන් මොනවද මේ කියවන්නේ ……. ”

නැන්දා ඇහුවා.

” සම්බන්දෙ පටන් ගත්තෙ කොහොමද කියලා පවනිගෙන්ම අහලා දැනගන්නකෝ … කෝ ඉන්නවද එයා ..එන්න කියන්නකෝ ……..”

මං ටිකක් සද්දෙට එහෙම කිව්වම පවනි ඉස්සරහා කාමරේ ඉදන් එළියට ආවෙ හොර පූසියෙක් වගේ.

” මේ ඉන්නේ … කියනවා බලන්න කොහොමද මේ සම්බන්දෙ පටන් ගත්තෙ කියලා …….. ”

මං කෑගහලා අහද්දි කෙල්ල හොදටම බය වෙලා බලාගෙන හිටියේ.

” තා… තාත්තේ …….. ”

පවනිගෙ කටින් වචන පිට උනේ නෑ. ගොතගැහුනා විතරයි.

” ඇති ඇති… මංම කියන්නම්.. තමුසෙට මං සැලකුවෙ මගෙම නංගියෙක්ට වගේ… කිසිම වෙනසක් කලේ නෑ.. .ඒත් මං ඇක්සිඩන්ට් උනාට පස්සේ මට හැමදේම අමතක උන නිසා තමුසෙ බොරුවට රගපෑවා අපි අතරෙ ඉස්සර ඉදන්ම සම්බන්දයක් තිබ්බා වගේ … මාමෙ ඒක හරිද ………. ”

මං මාමා දිහා බලලා අහද්දි මාමා පවනි දිහාව බැලුවා. කෙල්ල බිම බලාගත්තෙ කියාගන්න මුකුත් නැතුව.

” පුතේ ..ඒ පවනි ඔයාට ආදරේ නිසානෙ.. ඇයි ඔයාට ඒක තේරුන්ගන්න බැරි ”

අපේ අම්මා මගෙ පිටිපස්සෙ ඉදන් කිව්වෙ හැමෝටම ඇහෙන්න .

” ඒත් මම ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවනේ අම්මා ”

මං එහෙම කිව්වම නැන්දගෙයි මාමගෙයි මූණු වෙනස් උනා.

” ඒ උනාට ඒ කෙල්ල ජීවතුන් අතර නෑ මල්ලි දැන් …….. ”

අපෙ අම්මා ආයෙමත් කිව්වා.ඒ මාමට ඇහෙන්න. ඒ වෙලාවෙ නම් මට ටිකක් කේන්ති ගියා. මෙච්චර කියලත් මේ කවුරුත්ම මාව තේරුන්ගන්නෙ නැති උනාම හිතට දැනෙන්නෙ අසරණකමක් එක්ක ලොකු වේදනාවක්.

” නෑ … එයා මැරිලා නෑ … ඒක මං වගේම පවනිත් දන්නවා…. පවනිගෙන්ම අහලා දැනගන්න …….. ”

මං එතනින් එන්න ආවෙ තවත් මට එයාලා එක්ක රණ්ඩු කර කර ඉන්න ඕනෙ නැති උන නිසා.

මං ඇවිල්ලා කෙලින්ම මගෙ කාර් එකට නැග්ගා. දැන් නම් මරාගෙන මැරෙන්න උනත් මම ලෑස්ති පිට හිටියේ.

මම කාර් එක ස්ටාට් කරලා මිදුලෙන් එළියට දානකොටම ඉස්සරහට දුවගෙන ආවෙ අම්මා.

ශටර්ස් ඔක්කොම වහලා තිබ්බ නිසා අම්මා එළියෙ ඉදන් කිව්ව කිසි දෙයක් මට ඇහුනෙ නෑ. මම ලෑල්ලට පාගලා ගාලු පාර ළගට වෙනකන්ම ආවා.

ඇත්තටම මට අම්මා ගැන සෑහෙන්න දුක හිතුනා. ඒත් ඇයි මාව තේරුන්ගන්න උත්සාහා නොකරන්නේ. එතනයි මට දරාගන්න අමාරුම වේදනාවක් දැනුනේ. මං කොච්චර කිව්වද .. ඒත් කවුරුත් මාව තේරුන්ගන්න උත්සාහා ගත්තෙ නෑ.

මම කාර් එක ගාලු පාරට දාලා අයිනකට කරලා නැවැත්තුවා. මගෙ ඇස් දෙකත් බොදවෙලා.

මම ඉස්සරහා වීදුරුවෙන් එළිය බලාගෙන කල්පනා කලා. ලාවට පොද වැස්සක් වැටෙනවා ලයිට් එළියෙන් මට පෙනුනා.නිවි නිවි පත්තු වෙන එළි අතරෙ මගේ ඇස් අතරමං වෙද්දි මට දැනුනෙ මගෙ හිත එක තැනක නෑ කියලා.

ට්ර්ර්ර්ර්ර්ර්ර්……. ට්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්….

මගේ කල්පනාව බිදගෙන මගෙ ෆෝන් එක රින්ග් උනා. මං හිතුවෙම අම්මා වෙන්න ඇති කියලා.
ඒත් කෝල් එක ආවෙ අම්මගෙන් නෙවෙයි.

” හෙලෝ …….. ”

මං ඇස් වලට ඇවිල්ලා තිබ්බ කදුලු පිහදාගෙන කතා කලේ.

” හරි මං එන්නම් …… ඔතනම ඉන්න ”

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
කාත් එක්කද මේ රවීන් කතා කරන්නේ.. ඉස්සරහට මොනවා වෙන්න පුලුවන්ද .. ඔයාලා මොකද හිතන්නේ ???? පවනි පව් කියලත් හිතෙනවා නේද එක වෙලාවකට. ඒත් ඉතිං කෙනෙක්ගෙ ජීවිතේට බලෙන් ඇතුල් වෙන්න හදන එකත් ගොඩක් වැරදි දෙයක්. පේනවනෙ චතුර ෂානිගෙ ජීවිතේට බලෙන් ඇතුල් වෙන්න දගලපු නිසා කරපු වින්නැහිය. ඒ වගේම තමයි පවනිත්. ??? බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ..දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්නකෝ ?❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

159 thoughts on “? සමනල පියාපත් ? 72 වෙනි පියාපත්”

    1. නිෂා සශී ?

      අනේ අක්කි ෆස්ට් වෙලා මදැයි ෆස්ට් වෙන්න දුවගෙන ආවා ????congratulations අක්කි කෙල්ලේ ??????????????????????????????❤️?❤️??❤️?❤️❤️?❤️?❤️?????????????????

    2. ?නොහදුනන්නී ?

      උබට දැනවත් දැනෙන්නෙ නැද්ද
      මැනික
      මෙච්චරටම ආදරෙ කරන මාව
      මන් වගේම මන් තරමටම
      උබට ආදරේ දෙනවද ඔය උබ
      ලගින් ඉන්න එකා
      මන් හිතන්නෙ නෑ මැනික
      මන් තරම් උබට ඌ ආදරේ කරයි කියල
      ඌට ඕනි උබව මිසක් උබෙ ආදරේ නෙමෙයි
      කවද උබ තේරුම් ගනීද දන්නෙ නෑ රත්තරනේ මේව
      ඒත් උබට වරදක් වෙනව බලන්න මේ ඇස් වලට කවදාවත් බෑ සුද්දි
      මොකද උබයි මගෙ හුස්ම
      පේනවද උබට මටත් නොකිය
      හැමෝම මාව වෙන එකෙක්ට දෙන්න හදනව
      උබ හැර වෙන උන් මට මොකටද
      හිත ගිය තැන මාලිගාව උබ උනු කොට
      උබ ලැබෙන්න නැත්නම් ජීවිත කාලෙම තනියෙම ඉන්නම්
      ඒත් වෙන එකෙක් ලගට යන්න තරම්
      මගෙ හිත චපල නෑ බන්
      මගෙ මුලු ආත්මෙම උබ උනු කොට
      වෙන එකෙක් ගැන හිහිතන්නෙවත් මන් කොහොමද
      උබ හිතුවට එහෙම
      වෙලාවකට මාත් උබට හෙන බයිට් එකක් සුදු නෝනා
      මාව සතපහකටවත් මායිම් නොකරන උබ පස්සෙන් මෙච්චරටම එන
      මන් මහ ගොනෙක් බන්
      ඒත් මොනා කරන්නද් මැනික
      අහසෙ තරු කොච්චර තිබුනත් මට ඕනි හද විතරයි
      ඒත් අමාවක දවසට අහසම කලුවරයි කියල මට අමතක උනා රත්තරනේ
      උබව බලෙන් ලබා ගන්න මට ඕනි නෑ මැනික
      කවදහරි දවසක මන් මැරෙන්න මොහොතක් තියා හරි
      ඔය හිතේ පුන්චිම හරි ආදරයක් ඉතිරි වෙලා මගේ ලගට එන්න හිතුනොත් වරෙන් මැනික
      දෙපාරක් නොහිත මන් උබව බාර ගන්නම්
      අද වගේම එදාටත් මේ ආදරෙ දශමයක්වත් අඩු නොවීම……..

      1. ?නොහදුනන්නී ?

        අනේ සමාවෙන්න අයියා…සමාවෙන්න අක්කිලා නංගිලා දවස් 2ක් එන්න බැරි උනා…හොදටම අසනීපෙන් හිටියෙ…දැනුත් එහෙමයි ….මාව හොයල තිබුනා…හැමෝටම ගොඩක් පින්…ආදරෙයි හැමෝටම ….??????

        1. ? මහිංසා ?

          හරි ලස්සනයි මැණික…??????????මගේ නංගි කොහොමද ඉතින් දැන්… පරිස්සමින් ඉන්න… මහන්සි වෙන්න එපා… කල්පනා කරන්න ක් එපා වැඩිය…. ආ…අද ෆස්ට් වෙලා මගේ නංගි…..කන්ග්‍රැචුලෙෂන්ස්… මැණික…???????????????????????

      2. හැමදාම වගේ අක්කිගේ අදහස් හරිම ලස්සනයි… මං සුභ පතනවා අක්කි… දැන් අක්කිට සනීප ද පරෙස්සමින් ඉන්න අක්කියෝ… මතක් කරලා බෙහෙත් බොන්න..
        තෙරුවන් සරණයි අක්කියෝ !…????

        1. ?නොහදුනන්නී ?

          ගොඩක් ස්තූතියි දුලා මැනික …තාමත් සනීප නෑ…බුදු සරනයි දෙවි පිහිටයි !!!☸️☸️?????

      3. Chamodya Madusanki

        ඒක ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ලස්සනයි මගෙ අක්කියෝ

      4. දේවාෂි

        මගේ චූටි අක්කියෝ… ඒක ගොඩාක්ම ගොඩාක් ලස්සනයි මැණික…… ගොඩක් හිතට දැනෙනවා..❤❤❤?
        මගේ චූටි අක්කි පරිස්සමින් ඉන්න…. ඉක්මනට සනීප වෙලා එන්න?? බුදු සරණයි දළදා සමිදු පිහිටයි මැණික ?❤?
        ආදරෙයි අක්කියෝ ගොඩක් ❤❤

        1. ?නොහදුනන්නී ?

          තෑන්ක්ස් මගෙ මැනික …..අනේ අසනීපෙන් හිටියෙ බට්ටි….මාව හොයල තිබුන නේද ඔයා…ගොඩක් පින් මැනික …ආදරෙයි දේවාශි බබා…??????

          1. දේවාෂි

            ඉතින් ඔයා මගේ අක්කියා නේ….හොයනෝ තමයි….???
            ඉක්මනට සනීප වෙයි චූටි අක්කියෝ… පරිස්සමින් ඉන්න… රෙස්ට් කරන්න….??
            ආදරෙයි අක්කියෝ ?❤❤

      5. උක්කූං පුතා(SuMi )

        උණුසුම් සුබපැතුම් නංගීයා ඔයාට

        අමාරුවෙන් ගෙත්තම් කරපු
        ආදරේ අකුරු හතර
        ඔව් මහත්තයෝ මට වැරදුනා
        ඒත් ඒ කොතනද කොහොමද කියන්න
        මංවත් දන්නෙ නෑ
        හුගක් වේදනයි මට
        ඊටත් වඩා මම හරිම අසරනයි අද
        කාත් කවුරුත් නැති
        අනාතයෙක් වගේ
        හුගක් දෙනා ළග හිටියට
        අතීතය අමතක වෙච්ච
        පිස්සියක් වගේ ,,,,
        වෙලාවකට මුලු ඔලුවම කැරකෙනවා
        මතකය හොයාගෙන
        ඈතට දුවන්න
        හදවත වෙහෙසෙනවා
        ඒත් මම දන්නෙ නෑ මහත්තයෝ
        හැමදාම හැම‍රෑම
        දෙයියෝ බුදුන්ට කියලා
        මම අඩනවා ,,,
        මට ඕනෙ පිහිටක්
        මගේ අතීතය දැනගන්න මගක්
        ඇත්තටම ඊට වඩා හොදයි
        මේ පව්කාර අබ්බගාත කෙල්ල
        මැරිලා යනවා

        ඒකට කමක් නෑ nangiya පුළුවන් වෙලාවට එන්නකෝ ඔයාල කොම්මෙන්ට් තමයි මගේ ශක්තිය මගේ සතුට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරිද ලෙඩ වෙලාව නම් වෙලාවට බෙහෙත් බීලා..ඉක්මනටම හොඳ වෙලා එන්න ඕනේ ආයෙත් කොමෙන්ට් කරන්න හරිද මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

          1. ?නොහදුනන්නී ?

            පිස්සියෙක් මේකි නම් ආදරෙයි මැනික …ආයෙමත් හැමදාම එන්නම් මන්…???

        1. දේවාෂි

          නෑ මගේ චූටි අක්කියා පරිස්සමින් බෙහෙත් බීලා හොඳටම හොඳ වෙන්න ඕන ලෙඩ… ඊට පස්සේ එන්න හැමදාම එතකන් පොඩි කොමෙන්ට් එකක් දාලා කියන්න අක්කි හොදින් කියලා…❤❤?

          හී කොහොමත් ඔයාගේ මේ මැටි නංගිට පිස්සු කියලා හැමෝම දන්නෝනේ…❤???

          1. සුභ පැතුම් මගෙ නංගි.
            නිසැදෙස ගොඩාරියක් ලස්සනයි

    1. නිෂා සශී ?

      ලොකු අයියේ කතාව ගැනකියන්න වචන නෑ අප්පා. . මේ ඒක නෙමේ අර ගස් ගෙම්බ කතා කරල එන්න කිව්වම අපේ මෝඩ අලෙත් හා කිව්ව නේද අයියේ… මල්ලිට ඒ වෙලාවෙ බොරුවක් නේද කිව්වේ ???? ලොකු අයියේ ටික දවසක් යද්දි පවනිගෙ තියන අහිංසකකම නැති වෙලා එයාගෙ ඇත්ත මූණ එලියට එයි ඒකරල පවනිත් අර පොලොස් කොට්ටෝරුවත් එක්ක වැඩ කරයි කියල හිතෙන්නෙ මට විතරද අනේ ??? ලොකු අයියේ ඇත්තටම මට ඔතනට යන්න පුලුවන් වුනානන් අර ඇට ගෙම්බට දෙන්නෙ කවදාවත් සිහිය එන්නැති වෙන්න ඊට පස්සෙ අපේ ෂානි ඊරිටත් දෙනව හොඳවයින් ඔලුවට යකඩ පොළු පාරක්. එතකොටවත් රවීන් අයියත් එක්ක ගෙවපු අතීතෙ මතක් වෙයිනේ. ?? අයියේ මල්ලිට නංගිව ජෝඩු කරනවද හිතට දුකයි ??? කමක් නෑ ඉතින් ඔබෙ සැප මගෙ සතුටයි කියල මං දුරින් ඉඳන් එයා දිහා බලන් ඉන්නන් ??? ලොකු අයියේ රවීන් අයියගෙ අම්ම පව් ඒ වුනාට එයා ගැනත් මට කේන්තියි අප්පා…??? ඇයි අනේ එයාල තේරුන් ගන්නැත්තෙ ෂානි ජීවත් වෙනවා කියල. අනික රවීන් අයිය අර කලවැදි පවන්සලාට කැමතිනෑ කියල දැන දැනත් ඒ මගුලම කරවන්න හදන්නේ…???? අයිය කොල්ලෝ අපි අර ගස් උලමව මරල හංගමුද. මං සම්පූර්ණ අවදානම බාරගන්නවා…. අනේ ඕකව දකිද්දි මගෙ ඇඟේ මාළු ගගේ නටනවා. ???? ලොකු අයියේ රවී අයියට මොනාහරි කරල තිබ්බොත් මං බලාගන්නන් ඈ සම්ප්පපූර්ණ රාජ සභාවම මං ගිනි තියනවා…. ???? මං හරි දරුණුයි ඈ ???? ලොකු අයියේ දැන්නන් කතාව තා චුට්ටිත්තක් දික්කලත් කමක් නෑ වගේ පට්ට පට පට කතාව දැනෙනවා ගොඩාරියක් අයියේ හරියට මගේ ජීවිතේටම සම්බන්දයි වගේ අපේ ලොකු අයිය ඉතින් දස්සයානේ ????? ඔයා සනීපෙන් ඉන්නව නේද ලොකු අයියේ අසනීපනන් වෙන්න එපා හොඳේ… බේත් බීලා පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි ලොකු අයියේ… ?????? හෙටත් එන්න ???????????????????????????

      ඈත ඉඳන් ඔබ නෙතු පිය සැලුවාට
      නොහැකිය සිත සනසා ගන්න……
      අරුණළු නැගෙනා සීත අළුයමේ
      පැතුමක් ගෙන මා වෙත එන්න…..
      කප්පරකට සිත පෙම් කරනා වග
      අවැසිය ඔබ හට පවසන්න….
      තුරුළට ගෙන ඔබෙ කොපුල් තලා මට
      සිපගන්නට අවසර දෙන්න……
      ????සුදු මහත්තයා????

      1. ලස්සනයි නිෂා අක්කි…අද නම් නිවාඩු නේ… නැත්නම් මේ දවස් ටිකේම අක්කි බිසිනේ… අපිට නැනේ ජොබ්… නෝ ජොබ් නෝ මනි ෆුල් ෆ්‍රිඩම්… ? ටික දවසයි හැබැයි.. ??

        1. නිෂා සශී ?

          අනේ මැණික මට වැඩ නෑ මේ දවස්වල ගෙදර. අපිට තාම පටන්ගත්තෙ නෑනේ. එහෙ වැඩට වඩා මං ගෙදරදි බිසී සුදූ ගෙදර වැඩ ලබන මාසෙ පටන්ගනී අපිටත් එතකොටනන් ඇප් එකට එබ්න වෙනව අඩුයි ?????????

          1. දවසකට එක සැරයක් එබිලා කිබෝඩ් එක ඔබලා යන්න එන්න අක්කි කෝම හලි හොදේ…
            බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ… මං නෙවේ කිවේ ඕන… කවුද කාටද කිනවා ඇහුනා..
            ???

          2. නිෂා සශී ?

            අනේ මේ කෙල්ලනන්. එනෝ එනෝ මං එබිල යන්න හලි. ????????????

          1. ? මහිංසා ?

            මගේ චූටි…. හරි ලස්සනයි මැණික…..????????????????????????

      2. උක්කූං පුතා(SuMi )

        ඉතින් nangiya කොහොමද ඔයාට දවස් දෙකක් කමෙන්ට් වලට රිප්ලයි නැති වුණාට සමාවෙන්න ඕනේ අරිද… පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද

        කතාව ගැන මේම කියන්නම්කො සමහරක් විට හෙට ඉඳලා කතාව කියන්නේ ශානි.. එක්කෝ අනිද්දා ඉදලා…මේ කතාව සීනිබෝල කතාවක් නෙවෙයි චූටි නංගියෝ මේකෙන් මං ගොඩක් දේවල් දෙන්න හdanawa ඒව හිතට ගන්න එක මගේ දඟ සෙට් එකේ වගකීමක්…

        ගොඩක් වෙලා ෆෝන් එකේ ඉන්න අමාරුයි ආයෙත් ලෙඩේ වැඩි වෙලා වගේ…මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි හැමදාම සතුටින් පරිස්සමෙන් එන්න ඕන තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ඔයාට..

        උණුහුම මදි මට සීත රැයේ අද
        නුඹ නැති පාලුව පවසන්න
        තනියම විදවන හිත ගැන ඩිංගක්
        විමසන්නට ඇවිදින් යන්න
        වත මගෙ මැලවුනු කම්මුල මත ඔබෙ
        සුවද හාදු දී සනසන්න
        හෙටවත් නුඹෙ සුදු නෝනා බලන්නට
        නොවරදාම නුඹ පැමිණෙන්න

        – සුදු නෝනා –

        1. නිෂා සශී ?

          අනේ ඒක ලස්සනයි ලොකු අයියේ…. ??? අනේ අයේත් ලෙඩ වෙලාද පරිස්සන් වෙන්නකො ලොකු අයියේ.. බේත් ටික වෙලාවට ගන්න රෙස්ට් කරන්න හරිද ලෙඩ වෙන්න එපා බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියට…..????????

    1. මදැයි 1st වෙන්න බලන් හිටියා… හයියෝ සල්ලි.. ?? උදේ 10 ඉදන් සිය සැරේකට වඩා බැලුවා… මොන… ඒත් බැරි වුනා.. ලැබීමනේ…. ??

      මක්කැයි අයියේ කොරන්න හදන්නේ… ඔයැයි රවීන් අයියාට කරදරයක් එහෙම කොරනවා නෙ⁣වෙයි හරි යැ…?? චතුරයා ⁣මොන ගිනි ගෙඩියක් දෙන්න හදනවාද මන්දා… මක්කැයි රවීන් අයියේ මල්ලි කොල්ලාට කෝල් එක ගැන කිවේ නැත්තේ… මල්ලි කොල්ලාට හැමදේම හංගලා වැඩේ චකබ්ලාස් කරගෙන එනවකෝ හරි යැ… දෙන්නේ පයින්… ?

      ලාල… ලල් ලල්… ලාල… ලා… පවන්සලා හොදම වැඩේ…???????? හොදම වැඩේ… හොද වැඩේ… මාර හැපි අනේ… පාටි දාන්න හිතෙනෝ.. මට… මං හිතුවේ කූඩැල්ලි ඔක්කොම තේරුන් අරන් පැත්තකට වුනා කියලා… මොන…. පිස්සු ද… තව ⁣වෙඩින් කාඩුත් ගහලා…. ?? කපටිච්චි… රවීන් අයියා බැදගන්න… බැදගනින් හොද මී හරකෙක්ව…

      කලින් කිවා අපේ හාල් ගැරඬි කොල්ලාට පවන්සලා දෙමු කියලා… ඒක කරන්න බැ… චුට්ටක් දැගලුවාට ???? හොද කොල්ලා… ඒ හින්දා මං ඒ යෝජනාව ඉල්ලා අස්කරගන්නවා… ??? හරි යැ… හොද වැඩේ හොද වැඩේ… පවන්සලාට කසාදයක් කරගන්නම බැරි වෙයි… හරියැ…??

      රවීන් අයියාගේ අම්මා ගැන නම් දුකාාාායි දුකයි…? එයත් අම්මා කෙනෙක්⁣නේ… එයාට වැරද්දක් කියන්න බැ… මොකද එයා දන්නැ නේ ෂානි මැරිලා නැ කියලා… ඒකෙත් වැරැද්ද පවන්ගෙම තමා… ඒකි දන්නවා නේ ෂානි ජිවත් වෙනවා කියලා… වෙඩිම ලැස්ති කරද්දී කියන්න තිබ්බේ නැද්ද ඔය උනහපුලිට… ?? ගොන් එළදෙන… බොරුකාරි… කපටිච්චි.. ?? ඒ හින්දා එක අතකින් අම්මා හරි… අම්මලාගේ බලාපොරොත්තුව දරුවන්ගේ ඉදිරි අනාගතේ සාර්ථක වෙන එකනේ… ??…

      අන්තිමට කතා කරෙත් අර හාල් පාරුවා ⁣නේද.. අර පොලිස් කොට්ටෝරුවා.. ?? ඒ පාර මොන ගිනි විජ්ජුම්බරයක් කරන්න හදනවාද දන්නැ.. රවීන් කොල්ලට කරදරයක් කරොත් බලාගන්නම්කෝ මං…??? චතුරයාව හොයාගෙන ගිහින්… පැණි බොතලයක් ඔළුවේ ඉදන් නාවලා පුටුවක බැදලා කූඹි ගුලක් ළගින් හිට්ටවලා එනවා…??

      කතාව සුපිරි අයියේ.. ඔයාග් දක්ෂතාවයනම් කියලා නිම කරන්න බැ… අපි guess කරන ඒවා ඔයා කරන් නැනේ… හිතාගන්න බැ ඉස්සරහට මොනවා වෙයිද කියලා… රවීන් චතුර එකතු වෙලා රට ගිහින් දෙන්නම ෂානිව බැද ගනිද දන්නැ… ??? හී…. කියන්න බැනේ… අයියනේ කතාව ලියන්නේ… එකගෙයි කෑම… ???? ??

      අයියට කෝමද දැන්… තාම සනීප නැද්ද අයියේ.. පාළුයි..? දඟ පවුලේ කට්ටිය ගොඩක් බිසි වෙලා… මං ගෙදර ඉදන් eggs රැක්කට අනිත් අයට වැඩ ඇතිනේ… ?? දවසට සිය පාරකට වඩා ඇප් එකට එනවා ඇවිත් බලනවා යනවා… දවසක අම්මා මගේ ෆෝන් බබාව ගලක් තියලා තලලා දානවා… ??? මේක නම් පිස්සුවක්… පිස්සුවෙන් වගේ ආදරේ කරන ඇප් එකක්.. ??

      ???????????
      ?නැ කිසිවෙකු මා තේරුන්
      ?ගන්නේ…
      ?ලොවම එරෙහි වි ඇත
      ?මගේ දිවියේ…
      ?පවසන්නේ කෙලසද මේ
      ?දුක මාගේ…
      ?ඔබ නැති දිවියම අඳුරු
      ?වෙලානේ…
      ?
      ?මවගේ සිත රිදවනු මට
      ?බැනේ…
      ?එලෙසම ඔබ නැති
      ?කරගනු බැනේ…
      ?පැහැදිලි කර දෙමි මවට
      ?මෙමාගේ…
      ?ඔබ නැති ලොව දිවි තොර
      ?වෙයි මාගේ…
      ?
      ?රුදුරු දැතක සිර වි
      ?සිටියත්…
      ?ගලවා ගනිනෙමි ඔබ ඒ
      ?දෑතෙන්…
      ?පොරොන්දු වන්නෙමි මා
      ?දිවි ඇති තෙක්…
      ?වරදක් නොකරමි තුන්
      ?සිතකින්වත්…
      ???????????

      – රවීන් අභිමාන් –
      පරෙස්සමින් ඉන්නෝන අයියේ… හැමදාම සතුටින් සනීපෙන් ඉන්න… අයියගේ වගාව සරුවෙන්න කිලා ප්‍රාර්ථනා කරනෝ….
      තෙරුවන් සරණයි !…
      ???????????

        1. නිරෝ අක්කි ,නිෂා අක්කි ,චමෝ නංගා ස්තුතියි ඔයාලා හැමෝටම… ආදරෙයි ගොඩාාාරියක්..
          ????

          1. තැන්කිව් මහී අක්කියෝ… අක්කි අද ටිකක් පලක්කු වෙලා නේ ද… සුභ රාත්‍රීයක් අක්කියෝ ❤️❤️❤️

      1. උක්කූං පුතා(SuMi )

        කොහොමද මගේ නංගියා ඉතින් ඔයාට සතුටින් සනීපෙන් ඉන්නවා නේද දවස් දෙකක් කමෙන්ට් වලට රිප්ලයි නැති වුණාට සමාවෙන්න ඕනේ හරිද…ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ අලි ද ඔව් නංගි admin සර් කිව්වා පොඩි අවුලක් තියෙනවා කියලා ටයිම් එකේ ඒක එයා හdanawa කියලා කිව්වා

        කතාව ගැන මොකුත් කියන්නෙ නෑ මොකද හෙට රවීන්ට ලොකු සෙයින් එකක් යාවි මං හිතන විදිහට.. සමාරක් හෙට අනිද්දා ඉදල කතාව ලියන්නේ ශානි රවීන් නෙවෙයි…බලන්නකෝ මොකද වෙන්නේ කියලා මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ තෙරුවන් සරණයි ඔයාට. සුබ රාත්‍රියක්

        මගේම සිහිනෙක
        මා සිරවීලා
        බැහැ මට ඉන් නම්
        ගැලවෙන්න

        වියෝ දුකක්
        හිත වටාම එතිලා
        බැහැ මට මා
        තේරුන්ගන්න

        සිහිනෙන් හෝ
        පෙර මතකය ආවොත්
        හැකිවෙයි මට
        ඉන් සැනසෙන්න

        ප්‍රේමය ශෝකය
        ලයමත තියාන
        බැහැ තව දුක
        උහුලාගන්න

        දෙවියනි වරකට
        මදෙස බලනු මැන
        මා හට ශෝකෙන්
        ගැලවෙන්න

        පුලුවනි එතකොට
        හිත නිදහස් කර
        මා හට මේ ලෝකෙන්
        යන්න

        1. අද මං ගොඩාාාරියක් හොදින් ඉන්නෝ අයියේ..?? සමාවනම් දෙන් නැ හලිද.. ?? එපා කියද්දී අසනිප පිට රිප්ලයි කරනවාට…
          හී…. කතාව පලක්කු වෙන එකත් එක අතකින් ජොලි අයියේ…??

          රවීන්වත් කිඩ්නැප් කොරන් නැ හරියැ…
          නිසදැස ලාස්සනයි අයියේ… පරෙස්සමින් ඉන්නෝ… සුභ රාත්‍රීයක් අයියේ… තෙරුවන් සරණයි !…

  1. Mnwada aiye kiywanne pawanige koheda Pau ??? seramat danagena hora pusi wage idagena wedding ekata card hitan print krla denna thibbe kana haraha parak ai yako terum gnna barida anunge adarayak kohomda balen laba gnne kiyla mekiwa mm bandanna one chathuraytama tamai ???

    Loku oyge oluwa waduna eka tawa hoda ndda pavani Pau kiynne ??

    Chathuraa e gaman mnwa krnna hdnvada mnda ane aiye kohoma hri shanivai raveen aiyvai ekathu krnna ane katwata lassana awasanayak denna loku

    Parissamin Inna hamoma budusaranai asanipa hoda unu gaman ikmnta ennm oylva blnna

    1. නිෂා සශී ?

      චූටි කවී අම්මෝ කෙල්ල රතුවෙලා තරහට.??? අපි අර පොලොස් කොට්ටෝරුවාටයි කලවැදි පවන්සලාටයි සීනි දාල වෙඩි තියලා එළියෙන් තියමු කූඹි කාල මැරෙන්ඩ ?????????

    2. කවී මැණික… දැන් සනීප ද නංගියෝ…
      තලා ගිහින් තීන තරම්… අයිස් වතුර බාල්දියක් ගේන්න ද මැණික නිවන්න..
      ???

        1. ❤කවී❤

          Oww manika Name eka sinhalen danma oyt name eka modify krla tiyenne neda

          Hodak kiynna na manika tama asanipen inne MN inta ennmko hodatama hoda wela oylat ekka pissuwak natanna hdada

    3. උක්කූං පුතා(SuMi )

      මෙච්චර කේන්ති ගන්න එපා කවී නංගියෝ… මේක කතාවක් විතරයි.. නමුත් මං මේ කතාවේ ගොඩක් දේවල් දෙන්නා දෙනවා ඔයාල ඔක්කොටම.. අද සමාජයේ වෙන දේවල් ආදරය මග අරින දේවල්… අන්තිම වෙනකන් එන්නකො හරිද

      මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි නං ගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඍන්න තෙරුවන් සරණයි ඔයාටත් සුභ රාත්‍රියක්

  2. නිරෝෂා ලක්මාලි

    මං හිතුවා ඔය කතා කරේ චතුරම වෙන්න ඇති කියලා. දැන්නම් වෙන කිසිම දෙයක් හිතාගන්න බෑනේ. මේ අභි ඒ පාර චතුර කෝල් කරලා කියපුවත් හංඟනවා වගේ මල්ලිටත්. ඒක නම් එච්චර හොඳ නෑ නේද. එදා චතුර පස්සේ අයියයි මල්ලියි දෙන්නම ගිහින් අමාරුවේ වැටුණා වගේ මේ පාර තනියෙන් පණ්ඩිත වැඩ කරන්න ගිහින් අභි තවත් කරදරයක වැටේවිද මන්දා.

    මේ අම්මාත් අභිව තේරුම් ගන්නේ නෑනේ. ඔය වගේ වැඩක් මට වුණා නම් හැබැයි ඔයිට වඩා යකා නටනවා. ඇයි දෙයියනේ කැමති නෑ කියලා කියද්දිත් වෙඩින් කාඩ් එකත් හදලා⁣ ගෙනත් දෙනකොට හා හරි කියලා පිළිගන්නද. පවනිව මරන්න තරම් කේන්ති එනවනේ. පවනි නම් මහා ගොන් එළදෙනක් තේරෙන්නේ නැද්ද බලෙන් බැඳගත්තට වැඩක් නෑ කියලා. දැන් ඉතින් ගෙදර මිනිස්සුන්ටවත් මුහුණ දෙන්නේ කොහොමද. එයාලා හිතන් ඉඳලා තියෙන්නේ සම්බන්ධයක් තිබුණා කියලා වෙන්න ඇතිනේ.

    මේ අම්මත් ඇයි අප්පා පවනිවම බන්ඳලා දෙන්න දඟලන්නේ. කෙල්ල ජීවත් වෙනවා කියලත් කිව්වනේ කලිනුත්. පවනිට කැමති නෑ කියලත් කිව්වා. එහෙම තියෙද්දි මෙහෙම කරන එක නම් හොඳ නෑනේ. තමන්ගේ දරුවගේ සතුට ගැන එපැයි මුලින් හිතන්න. පවනි හොඳ වුණත් අභි කැමති නැත්තම් බල කරලා ඕවා කරලා ඇති තේරුමක් නෑනේ.

    අභි ඇයි අම්මා එද්දි එකපාරම කෝල් එක කට් කරේ. ඒ කතා කරේ කවුද චතුරම වෙන්න ඇති නේද. මට හිතෙන විදිහට අභි ලව්වා මොනවාහරි කරවගන්න ව⁣ගේ යන්නේ. අනේ මන්දා කොහෙන් මේ ආදරේ කෙලවර වෙයිද කියලා.

    ඔය කතා කරලා එන්න කියන්නේ චතුර වෙන්න ඇති. කොහොම වුණත් තනියෙන් චතුර ලඟට යන එක නම් භයානකයි. චතුර මොනවා කරන්න හිතන් ඉන්නවද කවුද දන්නේ. පිස්සු වගේ අතරමන් වෙලා ඉන්නේ දැන් මොනවා වෙයිද මොනවා වෙයිද කියලා හිත හිත.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. උක්කූං පුතා(SuMi )

      කොහොමද මගේ නිරෝෂා nangiya… සතුටින් සනීපෙන් ඉන්නවා නේද දවස් දෙකක් comment වලට reply කරන්න බැරි වුණා ඒකට සමාවෙන්න ඕනේ හරිද… ඇත්තටම හරි සතුටුයි නංගි මේම කොමෙන්ට් දකිද්දී

      මෙහෙමයි ඉතින් කතාව ගැන නම් මං මුකුත් කියන්න යන්නේ නැහැ.. ඔයා අනුමාන කරන එකත් හරි යන්න පුළුවන්… මම හිතන විදිහට හෙට නැත්තං අනිද්දා ?? කතාව ලියන්නේ shani raween නෙවෙයි ??.. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මීට වැඩිය නම මං මුකුත් කියන්න යන්නේ නැහැ අවසාන වෙනකම් බලන්නකෝ…

      ඉතින් නංගියා මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරිද තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

      1. නිෂා සශී ?

        අම්මෝ සඳ අක්කිටත් තලා ගිහින්නේ හලි හලි කූල් ඩවුන් ඈ ??????????

    1. සෙසඳි

      ඔව් ඔව් අනේ මට නම් හොඳටම කේන්ති ගිහින් තමයි ඉන්නෙ දැන් නම් මේ කතාවෙ වෙන දේවල් එක්ක… ???????කතාවක් කියලා හිත හදාගන්න හැදුවට බෑ අනේ මොකක්දෝ මංදා දෙයක් නිසා මේ කතාවට මං මාරම විදියට ඇඩික්ට් වෙලා… මේකේ අයට මොනා හරි වෙනවා කියන්නෙ නිකන් මගේ කෙනෙක්ට මොනා හරි වෙනවා වගේ මට නම්… කොහෙද ඉතිං මේ කතාව ගොතන හිතන ලියන අර බූරූ වහන්සේට ඒක තේරෙන්නෙ නෑනේ අනේ… මැටි අලයෙක්.. ගොන් අලියෙක් එහෙම් පිටින්ම…. ශික් මට පුලුවන් උනානම් චතුරට කලින් අර සුමිත් කියන කෙනාව උස්සනවා සුදු වෑන් එකක් දම්මලා මේ තරම් අපෙ දඟ පවුලෙ කෙල්ලන්ව අඬවනවට… කේන්ති ගස්සනවට… ???????? දුලා දුන්න ? කෑවත් මේ කේන්තිය නිවෙන්නෙ නෑ අනේ… නිශා කෙල්ල කියන විදිහට කූල් ඩවුන් වෙන්න පුලුවන්ද අනේ මේ වෙන දේවල් දිහා බැලුවම….????

      අර රවීන් කොල්ලා මේ පාර මොකද්ද කරන්න යන වැඩෙ… මල්ලි කොල්ලට මොකටද හැංඟුවෙ අර චතුර මැට්ටා එන්න කියපු කතාව… මොනා කරන්න යනවද මංදා…?????????? ආයේ ඉල්ලන් කන්නද යන්නෙ… දැවෙන ප්‍රශ්න අප්ප මේවා…. මොලෙන් ගේම ගහන්න ඕනේ තමයි…. ඒත් ඉතිං චතුර රවීන්ට වඩා කපටියි නේදා…. රවීන් මේ පාරවත් ගොන් වැඩක් නම් කරන්න එපා… කොහෙද ඉතිං අපෙ ලොකූගෙ ඩුප්ලිකේට් එකනේ… ඒ ලොකු කමයි පණ්ඩිත කමයි ඉතිං ඇති ඒ විදිහටම… ??? දැන්වත් පොඩ්ඩක් හොඳට හිතලා බලලා හොඳ ගේම් එකක් දෙන්න හොඳද.. ???? මොකද අර මෝඩ උක්කුං බලන් ඉන්නෙ ඉක්මණටම ඔයාව මේ කතාවෙන් සෙත්තපෝච්චි කරලා දාන්න… ????? මං හිතන්නෙ එයාට ඔයාට වඩා වෙන එකෙක් ලොකු වෙලාද කොහෙද… මට නම් ඉතිං හාල් ගැරඬියා ගෙන් පස්සෙ ඔයාව තමයි වටින්නෙ… ????????

      අර චතුරගෙ නම් මහ ලොකු ඔලුව අනේ තියෙන්නෙ… යකූ මූ මේ පොලිසියෙ වෙලා මෙහෙම නම් ජනාධිපතිගෙ පුතා උනොත් කොහොමට තියෙයිද බොල… ??????? බුරන බල්ලා හපා නොකයි කිව්වට දැන් මූ බුරනවත් වැඩී හපනවත් වැඩී…. ? ????????

      ලොකූ මේ මං මානව හිමිකම් යනවා හොඳඳ ඔයා මේ රවීන්ටයි ශානිටයි කරන දේවල් බලා ඉන්න බැරිම උනොත්… ??? පපුවකට ඉවසගන්න පුලුවන්ද අනේ මෙහෙම වෙද්දි… එක්කො ඔන්න ඔයා කියන විදිහට මරලා දාන්න අනේ … එතකොට වත් ඒ ඩබලට සැනසීමේ ඉන්න පුලුවන් වෙයි… ????

      ඇත්ත ජීවිතෙත් කීයක් නම් මෙහෙම ආදර කතා ඇතිද නේද ලොකු … ඔයාට මේ විහිලුවට බනින්නෙ අනේ මං.. ???? ආදරෙයිනෙ ගොඩක්… ????? ඔයා දන්නවනෙ ඉතිං මේ සඳ ගැන ඉක්මණටම කේන්ති අරන් කෑ ගහලා ආයේ ඉක්මණට නිවෙනවා…. ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️ මේ කතාවලින් හරි අපිට මේ සමාජෙ ඉන්න මිනිස්සු ගැන සමාජ යථාර්ථය ගැන කියලා දෙන එකට ගොඩක් පිං ලොකූ…
      ( වචනෙ බරපතළ වැඩිද මංදා ??)

      වේදනා දවන මතක අතරේ
      ගිලි මියැදෙන දිනක් එනකම්
      ඇඟිලි ගනිමින් බලං ඉන්නා
      පෙම්වතා මම නම්….

      ඒ ගින්නෙ දැවෙන මා හා
      අලුව යන්නට පෙරුම් පුරනා
      මතකෙ අමතක කරව ලතවෙන
      පෙම්වතී නුඹ නම්….

      කවුරු ආවද අපේ අතරට
      කුමට මේ ලෙස දුක් විඳින්නට
      යන්න එනවද මාත් එක්කම
      දුකක් නැති වුන අපේ ලෝකෙට…

      – රවීන් –

      1. සෙසඳි

        පරිස්සමෙන් ඉන්න ලොකූ බුදුසරණයි ???????????? අනිත් හැමෝමත් පරිස්සමෙන් ඉන්න … සනීප නැති වෙලා ඉන්න බබාලා ටික ඉක්මණටම සනීප වෙලා එන්න බුදුසරණයි ???????????? ආදරෙයි ගොඩාක් හැමෝටම ?????????????????????

      2. උක්කූං පුතා(SuMi )

        අම්මෝ නංගියා කමෙන්ට් එක. මං හිතන්නෙ කතාවට වඩා දිගයි කමෙන්ට් එක ???? හැබැයි කෙල්ලේ තාම මට හිනා ඒක කියවලා. ඇඩෙනවත් එක්ක. මොකද ඔයා මට ඒ තරම්ම බැනලා. හයියෝ දුකයි දුකයි දුකායි .. ඔහොමත් බනිනවද කෙල්ලේ අයියට .. මැටි අලේලු , ගොන් අලියලු … මං පව් නැද්ද දෙයියනේ ????

        හරි වේදනයි ඉතිං මට ඔහොම බනිද්දී ??? ඕවා දකිද්දි මට පොඩි බයක් එනවා නංගියා. මේකෙ අන්තිම කොටස් වගේ යද්දි ඔයා අපේ ගෙදරට මිසයිලයක් එවයිද කියලා. ???? හෙහේ .. මොකද මේ කතාවෙ අවසානෙ ඒ තරන්ම බැරෑරුම් ????

        අයියගෙ සිහින නිවහන කුඩුපට්ටම් කරන්න මිසයිලයක් එවන්නෙ නෑ නේද නංගියා ?? හෙට කොටස කියවලා මේ කෙල්ල මොනවා කරයිද දන්නෙ නෑ ?????

        මං මොනවා කිව්වත් කතාව කොහොම ලිව්වත් ඒක ඔයා අනිවා කියවනවා කියලා මං දන්නවා නංගියා. අනිත් එක මේ කතාව ඔයාලට මේ තරම් දැනෙන්නෙ අයියා කවදාවත් සීනි බෝල කතා ලියන්නෙ නැති නිසා. මං කතා ලියන්නෙ නංගියා කියවන ඔයාලට මොනවම හරි දෙයක් ජීවිතේට ගන්න.

        කතාව අන්තිම වෙනකන්ම කියෙව්වම ඔයාලට තේරෙයි මේ කතාවෙන් ඔයාලගෙ ජීවිතේට කොයි තරම් දේවල් ගන්න පුලුවන් ද කියලා ???

        කතාව අවසන් කරලා තියෙන්නෙ ඔයාලා කාටවත් හිතාගන්න බැරි විදිහට. හැබැයි ඒ අවසානෙට ඔයාලා ආස වෙ‍යි කියලා මම හිතනවා ??? එතකන් සීතල වතුර විදුරුවක් බීලා ඉවසපන් පපුව කියලා ඩිංගිත්තක් ඉවසන් ඉන්නකෝ …???? ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා කවුදෝ කාටද කියනවා මට ඇහුනා ???

        ඉතිං නංගියා හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි අයියගෙ කතාවට ලස්සන දිග කමෙන්ට් දානවට. ?? ඒවා කියවන්න කියවන්න හරි ආසයි. ඒ කමෙන්ට් ඒ අදමට හුගක් වටිනවා නංගියා .. මට ලොකු හයියක් වෙනවා. ඒ වගේම ඔයාගෙ කවියත් පට්ට ??? හෙටත් මේ වගේ ලස්සන දිග කමෙන්ට් එකක් අයියට ඕනෙ හොදේ .. බැනලා හරි කමක් නෑ ඉතිම් ??

        හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මගෙ නංගියා. බුදුසරණයි … !

        රැදුනු දෙතනක පෙමින් බර සිත්
        කවදා හමුවේවිද නොදන්නේ
        අහස තරමට උහුලනා බර
        අනේ වෙන කවුරුදෝ දන්නේ

        ලස්සනට ගලපාන හැඩකෙරු
        තනුව වෙන තත්සරක වැයුනේ
        ඉතිං හදවත ඉවසපන් තව
        තවම නෑ අවසාන වූයේ

        අහස කලුකර වැටෙන වැස්සෙත්
        ප්‍රේමයයි හැංගිලා තිබුණේ
        සිසිර සීතල හිමෙන් පසුවට
        වසන්තයෙ සතුටයි ඇදෙන්නේ ……..

      3. දේවාෂි

        හී සද අක්කියෝ…. ඔයාට ? එපා නම්…. මට දුන්න්ට කමක් නැතෝ….????

          1. සෙසඳි

            පිස්සුද බං එහෙම එපා වෙනවද ? ????????

  3. නයෝ මධූ

    ආය මොකක්ද මන්දා චතුර මේ නටන්න හදන නාඩගම? මොන එහෙකටද මන්දා ආයේ හම්බෙන්න ඕනේ කිව්වේ? රවීන් මල්ලිට චතුර හම්බෙන්න එන්න කියපු එක ෂේප් කළා කිව්වට මටනම් ඒකේ සැකයක් වගේ දැනුනා. බලමුකෝ හෙට රවීන් කොහෙටද මේ එන්නම් කිව්වේ කියලා. මට හිතෙනවා චතුරයව හම්බවෙන්න යනවාවත්ද කියලා. අනේ මන්දා මොනවා වෙයිද කියන්න.

    පවනිත් පව් තමා නේද? ඒත් අර කිව්වත් වගේ බලෙන් කාගෙවත් හිතකට රිංගන්න බෑනේ නේද? ඒකෙන් වෙන්නේ ජීවිතේ ම සමහර වෙලාවට විනාශ වෙන එක. ෂානිට වෙලා තියන්නේ දැන් ඒකනේ. පව් ඉතිං ෂානිගේ මතකය නැති එක නිසානේ හැමදේම.

    හෙටනම් මොනවා වෙයිද මන්දා අයියේ. ඔයා සතුටින් සනීපෙන් ඉන්නවා නේද? පරිස්සමෙන් හොඳේ අයියේ. බුදු සරණයි. ??????????????????????????????

    1. පවන්සලා පව් නම් අක්කි අපි එයාට පින් දෙමු.. දිලා කීමුඅයින් වෙලා පයින් යන්න කිලා… රවීන් අයියාගේ වාහනේ නැතුව… හොදයි නේ… ???

    2. උක්කූං පුතා(SuMi )

      හා මගෙ කුක්කු බෝලෙ කොහොමද ඉතින්… මොකෝ වෙන්නේ ඉතින් මේ දවස් වල බිසී වගේ හොඳටම…කෑවද බිව්වද හොඳින් ඉන්නව නේද කවද wedding එක..

      කතාව ගැන නම් මං මොකුත්ම කියන්න යන්නෙ නෑ මචෝ මොකද ඉහත ඉඳලා ඕගොල්ලන්ගේ පපුව රිදෙන්න ගන්නවා ඒක මට සුවර් මේ හැම දෙයකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

  4. Chamodya Madusanki

    ඒ පාර මේ චතුර මොකාටද එන්න හදන්නේ, අපේ රවීන් අයියට බාල්දි පෙරලන්න එපා හොදේ.
    රවීන් අයියගේ අම්ම ඇයි තේරුම්ගන්නේ නැත්තේ අයියව,හොද වැඩේ පවනිට ඔහොම වෙලා මදි, අපේ රවීන් අයියවයි ශානිවයි එකතු කරලා පවනිවයි චතුරවයි එකතු එකතු කරන්නකෝ එත්කොට ප්‍රශ්න ඉවරයි නේ.??

    කතාවනම් මාරම ලස්සනයි.
    ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘
    කොපුල් තල මත රැදෙන
    ඔය සුසුම්
    මටම පමණක් උරුම
    නෙතු කැලුම්
    අනෙකුට බෙදා දෙන්නට
    ඔබට නැත වරම්….

    සිත සුසුම්ලන හඩට නෙතු
    කදුලු සලිත වෙයි
    ජීවිතේ පුරා ඔබ
    රුවන් පිලි රූ මැවේ
    දෝතින්ම පිදූ සෙනහස මගේ
    උරුමයයි
    කෙදිනක හෝ මියෙනා තුරු
    ඔබ මගේ විතරමයි….
    ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

    කතාවනම් ගොඩාක් ලස්සනයි.
    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම???

    1. පවනි චතුරයි තනිකඩ කරමු සත්තලං… ඕන් නැ උන් දෙන්නට සහකාරයෝ… අයියා බාල්දි නෙවේ මැණික බැරල් පිටින් පෙරලන්නේ… ???
      ලස්සනයි නංගා පැටියෝ… ???

      1. Chamodya Madusanki

        ඒකත් ඇත්ත තමා උන් දෙන්නට ඕනිනෑ සහකාරයෝ???
        නිකම් බැරලුත් නෙවීනේ කුණු බැරල්නේ පෙරලන්නේ ඒකනේ අවුල
        ස්තූති මගේ අක්කා මැණික ??

    2. උක්කූං පුතා(SuMi )

      කොහොමද මගේ නංගී හොඳින් වෙන්න ඕන නේද දවස් දෙකක් කොමෙන්ට් වලට රිප්ලයි නැති වුණාට සමාවෙන්න ඕන හරිද ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩිය ෆෝන් එකේ ඉන්න හරි අමාරුයි මට..

      ඔව් ඔව් චතුර් එන්නා දන්නෑ හෙට රවීන් මරන්න හදන්නෙ මම ??? කතාව ගැන නම් වෙන මුකුත්ම කියන්න යන්නෑ මම…මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි mage nangiya හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

      සිහිනෙකින් හෝ
      ළගට එන්නෙමි
      තරු දෑස දැකගන්නට
      අහිමි නිල් සද
      එළිය විදගමි
      මදක් මට සැනසෙන්නට
      නොව්දි උණුහුම
      ළයට සගවන්
      මියෙන තුරු මට
      ඉන්නට
      මටත්
      සුදු මහත්තයෝ ඕනා
      මම නුඹේ වෙනු
      දැකුමට ,,,,,,

      1. Chamodya Madusanki

        එකට කමක්නෑ අයියේ ඔයා පරිස්සමින් ඉන්නකෝ, රිප්ලයි නැති උනාට කමක්නෑ අයියා.

        අනේ අපේ රවීන් අයියට මුකුට් කරන්න එපා හරිය.

  5. ඒ නම් චතුරයා වෙන්න ඇති එන්න කිව්වෙ ? …ඒ පාර මොන උගුලක්ද දන්නෑ…රවීනුයි චතුරයි දැන් ටොම් & ජෙරී වගේ ???…පවනි නම් පවු කියල හිතෙන්නෑ..එයා කල රැවටීමට දඩුවම හම්බුනා.චතුරටත් උඩ පැන්නට ඔය ටික ලගදීම වෙනවා හූම්ම් ????කතාව අදත් ගොඩාක් ලස්සනයි අයියෙ..අයියගෙන් දිග rply මට එපා..භේ හැම එකටම rply කරන්න කොච්චර අමාරුයිද ?…ඒ නිසා rply නෑ කියල තලා වෙන්නෑ හොදේ…ඕනම නම් එක ඉමෝජියක් විතරක් දාන්න…එතකොට කොමෙන්ට් එක අයියා දැක්කා කියල දන්නවනෙ ???????

    1. හිමා අක්කියෝ…
      ඒක නම් ඇත්ත… අත රිද්දගෙන කමෙන්ට් කරත් වැඩක නැ අයියේ එතකොට අපිට දුකයි නේ.. නේද අක්කි.. ඒ හින්දා emoji දැම්මා ම ඇති..
      ???

    2. උක්කූං පුතා(SuMi )

      ආ මගේ උම්මා බෝලේ කෝමද ඉතින් ඔයාට… සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද හිමා nangiya ඔව් ඔව් චතුර හෙට හොඳ වැඩක් කරන්න හදන්නේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා… හරිද ඉඳලා ශානි තමයි කතාව කියවන්නේ

      ගොඩක් busy අස්සේ ඇවිල්ලා කොමෙන්ට් කරනවට බොහොමත්ම ස්තුතියි මගේ නංගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක් මගේ නංගියා

        1. උක්කූං පුතා(SuMi )

          Ko ape anith set eka penna nane eyala hodin. Neda leda wela Inna Aya thawama Hoda wela na wage eyalata ekmanata suwa wenna parthana karamu

  6. කෝ කට්ටිය… මහි අක්කි , දේවාෂි මැණික , හිතෙෂි අක්කි ,දිල් අක්කි, ලුවී නංගා, කෞෂි නංගා, සෙව්මි නංගි ( පාඩම් කරනවා ඇති), නයො මධූ අක්කි , උත්පලා මචී , දුල් අක්කි නම් එන්න වෙන් නැ කිවනේ… තව නම් නොකිය වෙච්ච ගොඩක් අය ඇති… ඉක්මනින් එන්න… අසනීප අය ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ඔයාලා නැතුව පාළුයි… පරෙස්සමින් ඉන්නෝ.. හැමෝටම දළදා සමිදු පිහිටයි !..
    ????????????????????????????????????????????????????

    1. උක්කූං පුතා(SuMi )

      ගොඩක් අය බිසී වගේ ගොඩක් අය පාඩම් කරනවා අයියත් ලෙඩ වෙලා අනේ මන්දා.. ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ ඇඳ mage nangiya තෙරුවන් සරණයි ඔයාට

  7. දේවාෂි

    හත්වලාමයි…??? මොකද්ද බන් අයියේ මේ උනේ…??
    ඔයාට ඔච්චරයි රවී කොල්ලව මරන්න ඕන නම් එක පාර ඩිශුම්…ගාලා වෙඩි තියලා දාන්න….?? අර පවී කියන තොරොම්බල් කරත්තෙ බැද ගත්තොත් අපේ කොල්ලගේ ඇටකටුවක් වත් ඉතුරු වෙන එකක් නැහැ අප්පා…. වල දාන්නවත්…. ඌව වාෂ්ප කරයි… ගොන් ගහ…..??
    යකූ මේකිට මෙච්චර කියලත් අපේ එකාව බදින්න යනව නෙ… අම්මපා…. මෙහෙම එව්න්….???
    අයියේ මම හිතන්නේ මේ කූඩැල්ලි ගේ පූර්ණ ලමාවිය සංවර්ධනය වෙලා නැහැ වගේ නේ…??? ඔයාට සංවර්ධන කරන්න අමාරු නම් මම සංවර්ධන කරලා දෙන්නම්…. නොමිලේම දත් දෙක තුනකුත් ගලවනවා… ?? වැඩේ ලාබයි නෙ…??හ්හ්හ්හ්…. අපේ කොල්ලට බොරු කිව්වා මදිවට එනෝ මෙතන බැදගන්න…. ඔච්චරයි අමාරු නම් බැදගන්නෙයි කියන්න ඕන ගොනෙක්ව ගැලපෙනෝ නේ….???

    එතකොට අර කතා කරේ මොකාද…. මම නම් හිතන්නේ අර චතුර කියන ඌරා….???
    අනික මට හිතෙන්නේ රවී කොල්ලා මල්ලිට කිව්වෙ බොරු .. ඌ කතාව මගැරියේ නැහැ……. එන්න කැමති කියන්න ඇති… ඇයි ඉතින් මුට කවුරු හරි ඇවිස්සුවොත් මූ හොඳට ඇවිස්සෙනවා නේ යකෝ?? රවී කොල්ලටත් මූලග්ගින්නට ගිල්ලවන්න ඕන කොහිල කටු පිටින්…..
    මම නම් හිතන්නේ මූ බබා වගේ චතුර කියන නාම්බගේ ඇම ගොනා වගේ ගිල්ලා…? අනේ එහෙම වෙන්න එපෝ….???? කොහෙද හයේ හතරෙ සයිස් එකට හිටියට මොලේ නැහැ නේ අම්මප…. ?? ඒක තමයි සූටියට ඉන්න කියන්නේ…???

    අම්මා නම් පවු… අම්මට බනින්න බැහැ….. මොකද අම්මලා ආස තමන්ගේ දරුවට හොඳක් වෙනවට නේ…. ??
    ශානිත් පවු එයාට මතක නැහැ නේ… අනේ මන්දා…???

    හැබැයි මට වෙලාවකට හිතෙනවා වෙනම ගේම් එකක්ද කියලා… ? මොකද ශානි පස්සේ ඔච්චරයි එන්න… මීට වඩා අනිවා ලොකු හෙතුවක් තියෙන්න ඕන නේ… අනික එයා අරන් හදා ගත්ත ලමයෙක් නෙ… අපි දන්නේ නැහැ නේ කාගෙ කවුද කියලා… බලමුකෝ…??

    කතාව එල.. ලස්සනයි අයියේ ??
    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ??❤❤??

    1. උක්කූං පුතා(SuMi )

      හෙලෝ මගේ චූටික්කි කොහොමද ඉතින් ඔයාට… සතුටෙන් සනීපෙන් ඉන්නවා නේද දේවාසි මගේ නංගියා… දවස් දෙකක් කමෙන්ට් වලට රිප්ලයි නැති වුණාට සමාවෙන්න ඕන හරිද..

      ඇත්තටම සතුටුයි නංගි මේම කොමෙන්ට් කරද්දි කොමෙන්ට් දකිද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ මට මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි

      කතාව ගැන නම් මොකුත් කියන්නෙ නෑ ඔන්න පුංචි අනුමානයක් කරන්නම්.. අනිත් දේ ඉඳලා කතාව කියන්නේ ශානි එතකොට හිතා ගන්න මොකක්ද සීන් එක කියලා.???

      මේ හැම දේකටම බොහොමත්ම ස්තූතියි මගේ නංගියා හැමදාම සතුටින් පරිස්සමෙන් එන්න ඕන තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්

      1. දේවාෂි

        එඒ කියන්නේ අයියන්ඩි හදන්නේ අපේ කොල්ලව එලොවට ට්‍රිප් එකක් යවන්නෙයි…????

      1. Mona kalannada loku aiye. Exam nisa tikak hira wela ane. Ekane me paththe enna bali wenne. Dukai ithin. Eth puluwan weleta awith kathawa balanawa

    1. කලින් හිටපු කෙනෙක් නේද… තලා නැතුව කිනවාද… අක්කියෙක්ද නංගියෙක්ද කිලා… මං නම් 2000… පීස්ස්ස් කියන්නෝ…
      ???

  8. අර චතුරයගෙ හොම්බ තලන්න ඕනි කියලා හිතෙන්නෙ මට විතරයි ද

    1. උක්කූං පුතා(SuMi )

      අම්මෝ හොම්බ තලන්න එපා පව්නෙ චතුර මල්ලි… හෙටින් පස්සේ චතුර තමයි ලොක්කා රවීන් ගෙදර යවන්න හදන්නෙ මම ??? අනේ අනේ ohomath කේන්තියෙන් ඉන්නවද මම අන්න

  9. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

    Komad itin kastiyta….aiyo me mon wikrykd pavanita dannm? ane mt ena kenthiyak denna hithenw udin gihin pudin wenna.wedding ekt dinath dagen methana kapatichchi.ane chathura mina karaida danna ilagata.ane raveenta karadarayk wath karaid.kauda raveenta kath kare…??.kathwa gan itin kiyanna deyak nane.wenada wagem supiri.maru ???

    1. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

      Mata podi prashnayak thiyanwa ane danna kenek innawa nam reply ekk dal ynna plz.mekata kathawak damme nththam tika kalyak yankota ain wenawada.me dawa walm mat reply karanna log wenna baruwa hitiye aluthen log wenna wela.e hatida hamogema ehemada.anith ek pass word ek reset kre nththam ay log wennath bane ane aida e kiyannko danna kenke innawa nm.

      1. උක්කූං පුතා(SuMi )

        Ehema wenawa nnagiya ehema una kiyala oyage kathawa ahin wenne na oya app eke mail ekata mail ekak dala visthara ahanna poddi harida ..

        Ithin kohomda nangiya dawas dekam reply Danna Bari una ekata sorry hode kathawa gana Nam mama mukuth kiyanne na hamdatama sathutin parisemn Inna one harida budusaranyi nangiya good night me hamdekatama godak thanks nangiya

        1. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

          Mokatada ayye sry kiyanne.beheth bila ikmanata saneep wenna hidada.aiya reply kre na kiyala apitharaha wenna ayye.ayya parissamin inna .budu saranai ayye.gn…

  10. Solii lamayaaii tika dawasak me paththe enna bari unane. Loku aiye thala na neda? Ada thama oyage kathawa kiyewwe ane. Mona wenawada kiyala hithaganna ba ane

    1. උක්කූං පුතා(SuMi )

      Mama kawadawath mage ayath ekka thara wenne nane meme dakidith godak thanks mage nnagiya hamdatama sathutin parisemn Inna one halida budusaranyi nangiya good night oyata

  11. Chamodya Madusanki

    සුබ රාත්‍රියක් වේවා මගෙ අක්කලා අයියලා හැමෝටම

    බුදුසරණයි
    පරිස්සමින් සතුටින් ඉන්න මැණිකලා??

  12. ? මහිංසා ?

    ඉස්සර මතකය මගේ ඇස් වල මැවිලා
    හද රිද්දනවා අද නෙතු කඳුළින් පිරිලා
    ලඟ උන් හැමදෙන දී සීසීකඩ විසිරීලා
    එක්කල මිතුරන් සැමදෙන වෙන්වීලා

    කතාව ගොඩක් ලස්සනයි ?????හරි කේන්තියක් එනවා… මේ චතුරකාරයා එක්ක ???????? මේකා රවීන්ට ඉන්න දෙන්නෑ නේ… අනේ දෙවියනේ දඩුවම් ලබා දෙන්න මේ චතුරකාරයාට….. පවනිත් සුරුට්ටු පත්තු කරනවා ගෙදර අය එක්කම එකතුවෙලා…..??????? එක් කෝ රවීන්ආපහු රට ගියානම් හොදයි කියල හිතෙනවා. ජොබ් එකවත් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන් එතකොට….. ශානි කියන්නෙත් මැටි අලයක් නෙ….. ඒ මැට්ටි ඕන එකක් කරගන්නේ නැතැයි…, චතුරගේ පොලිස් බලපුළුවන්කාරකම නිසා වෙන්න ඇති රවීන්ගේ හැමදේම හොයන්න කට්ටිය දාලා ඉන්නෙ… වීරයා වගේ කියවන හැටි මට නම් පේන්න බෑ චතුර….. චතුර ට දෙකක් දෙනකම් මට නිවනක් නෑ ලොකු….???? ඇයි අනේ මේ චතුරට ගිය රට ද…. එයාට ඕන විදිහට මේ සේරම වෙන්නේ….. හරි හරි බලමුකෝ අපටත් දවසක ඉර පායයි නෙ… එතකොට රිටන් හම්බෙයි පොලියත් එක්ක ම…. ඔව් අනිවාර්යයෙන්ම….. චතුර තව වැඩි දවසක් නටන එකක් නෑ…. වතුර නටන කං කකුලුවා නටනවා කියල කියන්නේ….

    මේ ලොකු ඔයා අසනීප වෙන්නේ මේ කමෙන්ට් දාලා තමා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගොඩක් වෙලාවට ඔලුව කැක්කුම වැඩි කරනවා ඒ හින්දා චුට්ටක් පරිස්සමෙන් බේත් බොන්නත් කම්මැලියි නේ ඔයා…. මේ ටික බීලා ටික දවසක් රෙස්ට් කරන්න….

    අසනීප වෙලා ඉන්න හැමෝම බෙහෙත් බීලා රෙස්ට් කරලා හොඳටම සනීප වෙලා එන්න….. ඔයාලා හැමෝටම උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳුන් රැකවරණයි… මේ කොරෝනා නිසා මට බෝධිය වඳින්න යන්න විදියකුත් නෑ ඔයාලට ආශිර්වාද කරන්න ඒත් ඉතිං ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපි හැමෝම නිබදවම ආරක්ෂා කරනවා……???????
    හැමෝගෙම නිසදැස් ගොඩක් ලස්සනයි….?????????????????? එක් එක්කෙනාට කියන්න බැරි වෙයි ඒකයි මෙහෙම කිව්වේ… පුංචි කෝල් කලා…. කමෙන්ට් එක ගහ ගන්නත් බැරි උනා… එයා පැයක් විතර කතා කළා ….. මට ඉතින් වෙන්න ඕන වැඩ තමයි ඇප් එකට ආවොත්…???

    හැමෝම පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න… රත්නත්තරේ පිහිටයි හැමෝටම……. සුභ රාත්‍රියක්…..?????????

    1. උක්කූං පුතා(SuMi )

      දැන් තමයි මං කොමෙන්ට් එක දැක්කෙ නං ගියා කෝමද ඉතිං ඔයාට සුභ උදෑසනක් ඔයාට..

      බලන් ඉතින් කොච්චර සතුටුයිද මේම කොමෙන්ට් දකිද්දී මොකෝ වෙන්නේ ඉතින් කෑවද බිව්වද දැන් වැඩ ඇති නේද

      කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ මම හෙට ඉඳලා කතාව ලියන්නෙ ශානි නිසා.. එතකොට හිතාගන්නකො මොකද වෙන්නේ කියලා…

      ඒ කවිය arima ලස්සන නම් ගියා හොයා කොහොමත් කවි නිසදැස් ලියන්න හරි දක්ෂයි නේ ඔහොම ඉන්න එකේ කතාවකුත් ලියලා දාන්න…

      මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි මට නම් දෙයක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ උදෑසනක්

  13. රිදවනා ජීවිතේ හංගන්න කියලා
    කකියනා හදවතින් ආදරේ හෙව්වා
    නොහැගෙනා මගේ ජි්විතේ කෝ කියා
    හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
    එනතුරු නුඹ මග බලන් හිටියා
    තනිවෙනා හිත පරිස්සම් කරලා

    මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
    නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
    හෙමි හෙමින් හිත ඉල්ලනා
    නොනිදනා හුස්මකින් ලග රැදුනා

    මේ තරම් කල් ජි්විතේ උන් පාලුවක් රැදිලා
    ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා
    හෙමි හෙමින් හිත ඉල්ලනා
    නොනිදනා හුස්මකින් ලග රැදුනා

    රිදවනා ජීවිතේ …

    1. උක්කූං පුතා(SuMi )

      අම්මෝ බට්ටි ඒකනම් බොක්කටම වැදුනා.. ඇඹරිලා ගියා තාම හරිගස්ස ගන්න බැරුව ඉන්නෙ

      මොකෝ ඔය පේන්න හිටියේ නැද්ද හොඳින් නේද… දැන් කොමෙන්ට් අඩුවෙලා කතාව බලන කට්ටිය වෙලා මගේ දඟ සෙට් එකේ කට්ටිය අඩු වෙලා යයිද දන්නේ නෑ නේද.. නම් වශයෙන් කියන්නේ නැහැ ඒත් දන්නවනේ කවුද අඩු කියලා..

      මේ හැම දේකටම බොහොමත්ම ස්තූතියි නංගී සුභ උදෑසනක් ඔයාට තෙරුවන් සරණයි සතුටින් සනීපෙන් ඉන්න

      1. අයියේ මං කමෙන්ට් එකක් දාන්නයි ඇප් එකට ආවේ ඔයා රිප්ලයි කරලනේ. අද කොටසටම දිග එකක් දෙන්නම්.

        ඇඹරිලා නම් ලෙහාගන්න අමාරු වෙයි ඔන්න. ???

        හොදින් ලොකු .ගතින් ලෙඩ වෙනකොට හිත සුවපත්. හිත ලෙඩ වෙනකොට ගත සුවපත්. දෙවියෝ ඉතින් මාරුවෙන් මාරුවට ඒ දේ නම් හොදට දෙනවා අපිට. මොනා කරන්නද කරුමය තමයි.

        හුගක් අය අඩුයි නම් තමයි අයියේ. මං හුගාක් දෙනාව නම් දන් නෑ. ඒත් ඉස්සර හිටපු ගොඩාක් අය නෑ.ඒ අයත් වැඩ වලට හිරවෙලා ඇති. ඒත් දැන් ඉන්න අය එනවනේ පුලුවන් වෙලාවට හරි. එයාලා කවුරුත් මේ පවුල දාලා යන එකක් නෑ කියලා විශ්වාස කරමු. දැන් ඉන්න බට්ටිච්චියෝ ටිකත් කොයි තරම් හොදද. හිතුවටත් වඩා එයාලා හොදයි ඇත්තටම.

        ඔයාගේ කතාවට කමෙන්ට් අඩු වෙන් නෑ අයියේ. ඔයා කොහොමත් අපිට මොන අසනීපය තිබ්බත් රිප්ලයි කරනවා. අපිත් කොහොමහරි කමෙන්ට් දාලා ඔයාට ශක්තියක් වෙන්නම්. දුකයි ගොඩාරියක් කමෙන්ට් තිබිලා අඩු වෙද්දි. ඒත් ආය එහෙම වෙන එකක් නෑ. ඔයා රිප්ලයි නොකලත් අපි කමෙන්ට් නොදා ඉන්නේ නෑ. මුලින් ඔයා සනීපෙන් ඉන්න. ඔයා හොදින් ඉද්දි අපිටත් සතුටුයි.

  14. දිල් අක්කි ,මහී අක්කි පලක්කු වෙලා ඇවිල්ලෝ… සා…. සතුටුයි..???? දඟ පවුල දොායියමු සත්තලංලා… සුභම සුභ රාත්‍රීයක් හැමෝටම.. ආදලෙයි ගොඩාාාරියක්…
    ??????????????????????????

  15. සුභ උදෑසනක් හැමෝටම
    සතුටින් පරිස්සමින් ඉන්න
    බුදු සරණයි

    1. උක්කූං පුතා(SuMi )

      සුභ උදෑසනක් මගේ දඟ සෙට් එකේ ඔක්කොටම සුබ දවසක් තෙරුවන් සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.